13 June 2012

ඉන්දියාවේ උන් ලොවනවා..අපි නෙලනවා...

ඔන්න දවසක් දා කරූ ජයසූරියගේ ගෙදර කෑමකට සෙට් උනා ඉන්දියානු උසස් නිලධාරියෙක්..මට මතක හැටියටනං ශිව ශංකර් මෙනන් වෙන්න ඕන... උන්දෑ ඒ කාලේ ඉන්දියානු ආරක්ෂක ලේකම් හරි ඔය වගේ ලොකු පෝස්ට් එකක් දැරුවේ... එයිට කාලෙකට කලින් ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා හැටියටත් හිටියද කොහේද.. ඒ හිටපු කාලේ ඇති වෙච්ච ෆිට් එකට තමා මොනවා හරි කේස් එහෙකට ආයෙම ලංකාවට ආව වෙලේ කෑම ටිකක් කන්න කරූගේ ගෙදරට මෑන් සෙට් උනේ...

කරූ උන්නහෙත් ඉතිං හොඳ මනුස්සයා වෙච්චි..(නෑ නෑ දේසපාලන උලව්වක් නෙවෙයි... උන්දෑ සාමාන්‍ය ජීවිතේදී බොහෝම ප්‍රිය මනාප මනුස්සකං දන්න ගොයියෙක්... ඒ ටික කිව්වේ අත්දැකීමෙන්..දැන් අහන්න එපා ඒ කොහොමද දන්නේ කියලා..එහෙම කාලෙකුත් තිබුනා...:D) ඉතිං තමුන්ව බලන්න ආව මේ ඉන්දියානු යාළුවට හොඳ සැලකිල්ලෙන් කෑම බීම ටික පිළියෙල කරවලා දුන්නා...

ඉතිං අපේ ඉන්දියානු ගොයියත් බොහෝම ආසාවෙන් කෑම කනවා දැන්... කරූ තමුන්ගේ ඇඹේණියත් එක්ක කතා බස් කරලා ලංකාවේ කෑම බීමම තමා මේ හාදයට කෑමට සූදානම් කරලා තිබුනේ..මොකද උන්දෑ ලංකාවේ කෑම වලට බොහෝම ප්‍රිය මනාපයි කියලා කරූ උන්නැහේ දැනං හිටිය හින්දා... එහෙම වෙන්න හේතුව ඉතිං ඔය ගොයියා ලංකාවේ කාලයක් හිටිය හින්දා තමා... කාල රහ වැටිලා...

අර කාලයක් පප්පායි රජීව් ගොයියයි ගහපු ගිවිසුමෙන් පස්සේ ලංකාවට ආව ඉන්දියානු හමුදාවේ උන්දලා පොල් තෙල් වගේම ෂැම්පු පැකට් බොන්නයි..සන්ලයිට් සබන් කන්නයි ගත්ත තියනවනේ..ඉතිං මේ යෝධයත් ඒ පරපුරේම හාදයා වෙච්චි මෙච්චර හොඳට කන්න දෙන කොට නිකා හිටීවියෑ..හොඳට අඹරනවා....

කරූ උන්නැහෙත් ලගට වෙලා උන්නැහේට ආවතේව කොරනවා..බත් බෙදනවා..හොඳි බෙදනවා..උයලා තියෙන එක එක කෑම ජාති ගැන විස්තර කරනවා...අරුන්දැත් අහ අහ නෙලනවා.. ඔය අතරේ කෑම මෙසේ තිබුණා ගොටුකොල සම්බෝලයක්... හැබැයි ඒකේ බැළු බැල්මටම පුංචි වෙනසක් තිබුනා.. ඒ තමා අපි ගොටුකොල සම්බෝල හදනකොට අමු මිරිස් හරි කොච්චි කරල් හරී හීනියට ලියලා දානවා උනත් මේ ගොටු කොල සම්බෝලෙට අමු මිරිස් දාලා තිබුනේ වෙනස් විදියකට..ඒ කියන්නේ කරල දෙකට පලලා...

අර ඉන්දියානු හාදයා මේක දැකලා කරූගෙන් අහනවා

"මේ මොකද අමුමිරිස් දෙකට පලලා දාලා..?"

සාමාන්‍යයෙන් ගොටුකොල සම්බෝලෙට අමු මිරිස් හීනයට ලියනවා නේද කියලා..ආන්න ඒ වෙලේ කරූ උන්නැහේ කියනවා මෙහෙම..

"ඔව් අපි කද්දිනං ගොටුකොල සම්බෝලේ හදන්නේ අමු මිරිස් හීනියට ලියලා..ඒත් ඔබතුමාට අමු මිරිස් සැර උහුලන්න බැරි උනොත් කියලා අපි කතා වෙලා අමුමිරිස් දෙකට පලලා දැම්මා..එතකොට හොදට ‍පේනවනේ..කැමතිනං කෑ හැකි..අකමැතිනං අහක් කරලා කෑහැකි..."

හොඳයිනේ උත්තරේ..ඇත්තටම හොඳට කල්පනා කරලා කරපු වැඩක්... අර ගොයියත් මේකට සතුටු වෙලා ඒකට ස්තූති කරන ගමන් තමුන් ලංකාවේ කෑමවලට හුගක් ආස විත්තියත් ඒකට හේතුවත් කිව්වා.. ඒ තමා පොල්...

මෑන් කියන හැටියට ලංකාවේ කෑම හුගකට පොල් යොදාගන්නවා..පොල් යෙදූ කොයි කෑමත් හරි රසයි කියලයි ලොක්කා කියලා තියෙන්නේ...තමුන් පොල් දාපු කෑම බීම වලට හුගක් ආසයි..ඒත් ඒවා කන්න මෙහෙම එන්න එපෑ කියලා...

ඉතිං මේක අහපු කරූ උන්නහේ අහලා තියෙනවා ඇයි ඉන්දියාවේ පොල් නැතිවයෑ.. එහෙදි පොල් කන්නේ නැද්ද කියලා...

ආන්න පින්වතුනි මේ කතාවේ වැදගත් තැන...අහං ඉන්න දුකයි... ‍අමතක කරන්න එපා මේ කතා කරන්නේ ඉන්දියානු රාජ්‍ය සේවයේ ඉහලම බඩුවක්... ආයේ සෙල්ලං භාණ්ඩයක් නෙවෙයි... හැට කෝටියක් ජනතාවගේ... නායකයෙක්..පාලකයෙක්...ලෝකයේ විශාලම රටක ලොක්කෙක්...

අනේ උන්දෑ කියනවා..

"ඔව් ඉන්දි‍යාවේ පොල් තියෙනවා... හැබැයි වැඩි හරියක් කේරලය පැත්තේ..දිල්ලිය පැත්තට ටිකක් අඩුයි පොල්..ඒ නැතත් සමස්ථ ඉන්දියාවට සෑහෙන තරමට තාමත් අපිට පොල් නැහැ.. ඒ හින්දා අපි පොල් කෑමට ගන්නේ නැහැ... ඒකට ජනතාව හුරු කරවන්නෙත් නැහැ..එහෙම කලොත් අපිට අපේ පොල් නිෂ්පාදනය මදි වෙනවා.. ඒ හින්දා අපි රටක් හැටියටම පොල් භාවිතයට ඒ හැටි යොමු වෙන්නේ නැහැ"

කියලා..

දුක හිතෙනවා නේද..? අපේ රටේ මොකාද ඔහොම උත්තරයක් දෙන්නේ... උඩ ඉන්න පකිස් බූරුවෝ ටිකේ හිටන්..යට ඉන්න මං වගේ මීහරක්ට එනකල්ම පුරුදු වෙලා තියෙන්නේ ඇතා නැතා අපිට ඕන දේ මොන ලෝකෙන් හරි ගෙනත් කන්නනේ..පාවිච්චි කරන්නනේ.. එහෙම නැත්තං අපිට එපා කියලා උඩ උන් හරි කනවනේ... එහෙවු රටක්නේ මේක... ඒත් අර ගොයියා ලංකාවේ හිගන්නෙකුටත් අන්ත අසරණ තාලෙට පොල් කන්න ලංකාවට එනකල්ම බලං ඉන්නවා..තමුන්ගේ බලය හෝ මුදල් යොදවලා ඒකට උත්සහ නොකර..අපිනං කොරයිද...?

විවෘත ආර්ථිකේ අපිට දීලා තියෙන දේවල් තමා...ඇතුවත් බැහැ.. නැතුවත් බැහැ...
-----------------------------------

හෙට උදේ බත් එකට ගෙනියන්න ගොටුකොල සම්බලයක් හදන්න කියලා ගෙනාව ගොටු කොල මිටිය ශුද්ධ කරන කොට මතක් වෙච්ච පරණ ප්‍රවෘත්තියක්... ඕක ඒ හැටි පරණ ෂීන් කෝන් එහෙකුත් නෙවෙයි..ඒත් හුග දෙනෙකුට මතක හිටින ප්‍රවෘත්තියක් නෙවෙයිනේ...

දවසකට පොල් බෑයක් විතර පාවිච්චි කරන මංතුමා අවුරුද්දකට වැඩියම නැතත් පොල් ගෙඩි 100ත් 150ත් අතරේ පාවිච්චි කරනවා කියලයි නිකමට වගේ ගණන් හදලා බැළුවම මට තේරුනේ... එහෙම බැළුවම අපිත් ලේසි පාසු පොරවල් නෙවෙයි නේද..?උන් ලොවනවා..අපි නෙලනවා... කාටද ආඩම්බර...

(ඔව්වට කියන්නේ සිඟිති ආතල් කියලා..:D)

64 comments:

  1. මං එකද මන්දා ..........!

    ReplyDelete
    Replies
    1. me kathawa meeta kalin kohe hari thibuna mata matakai kopiyak ehema nemei neda maarayo

      Delete
    2. තියෙන්න ඕන නේන්නං..ඇයි උලව්වේ මේක ගොතපු එකක්යෑ..වෙච්ච දෙයක්නේ...හත් ඉලව්වේ...

      Delete
  2. අපෝ ඉන්දියාවේ එවුන්ගේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ මාරයියේ උන්නං උපන්ගෙයිම ලෝබයෝ...:D
    ඇත්තටම උඹත් බලන ගියාම එසේ මෙසේ පොරක් නෙවේනේ බං .... පොල් ගෙඩි 150 ක් .....:P

    ReplyDelete
    Replies
    1. උපන්ගෙයිම ලෝබයෝ : :) :D දැන් කොරගන්ට දෙයක් නෑනේ බොල උන් ගොබ්බයෝ වුනාට අපිට වඩා....

      Delete
    2. මකුළුවෝ මම අත්දැකීමෙන් කියන්නේ මොකද මම ඉන්න තැන ලංකාවෙන් මම විතරයි ඉන්නේ අනිත් 50 ක් විතර ඉන්දියාවෙන් එතනිනුත් වැඩිම ප්‍රමාණය මලබාරියෝ...

      වීක්‌ එන්ඩ් එකට බියර් එකක් ගහන්න පොඩ්ඩක් රවුමක් යන්න හොඳ හෝටලයකට කන්න යන්න එක බල්ලෙක් එන්නේ නැහැ තනියෙන් තමා ඔක්කොම වැඩිපුරම.

      Delete
  3. කලෙකින් දාපු කොමෙන්ටුව ......... , ඉන්දියාවේ නායක ඇත්තො එහෙම හිතුවට අපේ ඇත්තො එහෙම හිතන්නෙ නැති බව ලංකාවට ගෙන්නන දේවල්වලින්ම් පේනවා නේ........ වෙන එකක් තියා කංකුන් ගේනවා කීවාම ..........

    ReplyDelete
  4. මගුලක් කතා කරනවා....! ඉන්දියාවෙ පොල් නැත්තන් මලයෝ මෙලහකටත් වඳ වෙලා....! උන් ඇවිල්ල තනිකරම පහුගිය ආත්මයක පොල් පණුවො වෙලා ඉපදිලා, ඊට පස්සෙ චීන්නු උන්ව මරාගෙන කාලා, දැන් චීන්නුත් එක්ක බද්ධ වෛරයෙන් ඉන්න ජාතියක්.

    ඩුබායි වලට එන තරමක් පොල් එන්නේ කේරලෙන්....! ඔය තියෙන්නෙ සුපර් මර්කෙට් පිරෙන්න...! පොල් නැත්නම් මලයෝ බඩගින්නෙ මැරිලා....! උන් පොල් ගහේ කන්නෙ නැත්තෙ හනස්ස විතරයි....!

    ReplyDelete
    Replies
    1. මාර අයියේ මෙන්න දීපන්කෝ උත්තර දුමී අයියාට.. :)

      Delete
  5. උන් පොල් නෙවෙයි කෝකත් ලෙවකනවා... තේ එකට කිරි දාන්නේ පාට වෙනස් කරගන විතරයි, සුවර් එකත්ටම පිටි පැකට් එකක් මාස තුනක්වත් බොනවා(මෙහෙනම් බොන්නෙ දියර කිරි ඈ ).... සැහ් විතරක් මෙහෙම කංජූස් (කුම්මැහි ) කාලකන්නි හැත්තක්...

    ඉතින් අරූට පොල් කන්න ඕනෙනම් කෙරලේට හරි තමිල්නාඩුවට හරි මැඩ්‍රාස් වලට හරි ගියානම් ඉවරනේ ඉන්දියාවෙ එවුන් මූ කන හැටි බලා ඉන්න එකක් යෑ.. පොල කන්න පුරුදුවෙන්න.. මොන රෙද්දටද අපේ පොල් කන්න එන්නේ

    ReplyDelete
  6. කංකුං නම් මොකක්ද රට වටේම මුහුද තියන් ලුණුත් ගේනවලු, මාලුත් ගේනවලු..

    ඔය මෙනන් ගොයියගේ පොර ටෝක් එකක්. ඉන්දියන් කාරයො කොහොමත් බක පන්ඩිතයො.. උන්ගෙ ලොකු කම පෙන්නන්න තමා හැමතැනම දගලන්නෙ. ඇත්ත තමා උන් පොල් පාවිච්චිකරලා රහට උයන්න දන්නෙ නෑ.. කේරලේ පොල් තියනවා අම්බානකට.. ඒත් උනුත් පොල් කන්නෑ.. ඒ මේ උන්ගේ රජයෙන් උනන්දු නොකොරෝන හින්දද ?

    ReplyDelete
  7. :D රාජ්‍ය තාන්ත්‍රික සබදතා තියෙන පොරක් නොවැ මාරයා අයියත්

    ReplyDelete
  8. hmm kathawa nam ettha hebei lankawa a thenata genna ganna nam ape goiyange mola tika makala hadanna venawa

    ReplyDelete
  9. අඩේ අමතක උනා.. අවුරුද්දකට පොල් 150ක් :O

    ඉදපන් ආදායම් බදු එකට පෙස්සමක් යවන්න

    ReplyDelete
  10. මාරයෝ ඔපෙරාවල තියන සීංහල අවුල ‍මොකක්ද ‍මෙ ‍කොටලා ති‍යෙන්නේ ඔපෙරා වලින් තමයි.
    පිස්සු කෙලිනකොට CAPS LOCK ඔබපං මම කොලේ එහෙම තමයි.
    ඔබාගන ‍‍කොටන කොට අවුලක් නැ

    ReplyDelete
  11. ඒ කාලයේත් කෑම මේසය අසළම කාලය ගත කල බව පැහැදිලියි

    ReplyDelete
  12. කතාවෙන් ගත යුතු දේ: තියනවානම් කනවා...නැත්නම් තියන දෙයක් කනවා :-)

    ReplyDelete
  13. කොහොමත් උන් කාලාත් අත ලොවිනවා

    ReplyDelete
  14. මෙහෙම හිටියට මාර අයියටත් මාර කනෙක්ෂන් තියන පොරක්නේ.. :)
    වැදගත්ම දේ තමා අපේ රටේ මොකාද ඔය වගේ කතාවක් කියන්නේ..හ්ම්...

    ReplyDelete
  15. අඩේ දවසට එකෙක්ට පොල් බෑයක් නම් දෙන්නා තුන්දෙනා වෙලා හතරදෙනා වුනාම මාරයියට බඩු පැකට්නේ... එහෙම වෙච්චි දාකටනම් ඉතින් පොල් ගහක් දිහාවත් ඇහැක් ඇරලා බලයිද දන්නෑ....

    ReplyDelete
  16. අනේ මන්ද. ඉන්දියන්කාරයොත් මහ පුදුම ජාතියක් තමා. ඇත්තටම ඉන්දියන්කාරයො ලංකාවෙන් කන්න ආසයි තමා. අර රජීව් ගාන්ධිත් කෑවෙ ලංකාවෙ එකෙක්ගෙන්. මගේ හිතේ මිහිහ ජේ. ආර්. පප්පට කතාකරල කියන්න ඇති “කෑම නම් අතිවිශිෂ්ඨයි සර්“ කියල.

    ReplyDelete
  17. මම හිතුවේ ඉන්දියාවේ අය පොල් පාවිච්චි කරන එක වැඩියි කියලා

    ReplyDelete
  18. ලංකාවේ පොල් කිව්වාම ඉතින් කීයක් ජාතිද ?? පොල්වලින් පොල් අරක්කු පවා හදනවානේ. ඇයි පොල් බූරුවෝ :D

    ReplyDelete
  19. මන් දැක්කා කොම්පඤ්ඤ වීදියෙ හරියෙ කඩයක පොල් ගාල දෙනවා..ලේඩීස්ලා පෝලිමට ඉන්නවා එක්කෙනෙක් පොල් ගානවා අර ඉලෙක්ට්‍රික් එකකින්..
    කොටන්න ආපු කමෙන්ටුව ඒක නෙවෙයි..අපිට කොහොමත් අසීමිත අවශ්‍යතා සීමිත සම්පත් සීන් එකේ ඔය සම්පත් වැඩි කර ගන්නම දඟලනවා මිසක් එක මොහොතක් හෝ අසීමිත අවශ්‍යතා පාලනය කර ගන්න දඟලන්නෙ නැති එක නිසා වැඩිවෙන බඩු මිල ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ..මම කොරන්නෙත් නැති එකේ වෙන එකෙක් කොරයිද ඕක..කෝමද සිඟිති ආතල් එක ?

    ReplyDelete
  20. හම්මේ උන්ගේ කෑම මට එපා උනේ, උන් හැම දේටම දානවා අමු කොත්තමල්ලි කොළ. උන් කියන්නේ 'ධනියා' ද මොකක්ද කියලා. මම ටික කලක් හිටියා යුද හමුදා පුහුණුවකට ගිහින් මධ්‍ය ප්‍රදේශ් වල. එහෙත් පොල් නැහැ. අපි කුණු හරපෙන් බැන බැන තමයි කෑවේ, දවසක් අපෙන් ඇහුවා (ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ගිය පිරිසෙන්) විශේෂ මොනවත් ඕනෙද කියලා. අපි වෙලාව බලලා දුන්නා වැඩේ. අපි කිව්වා අපි දිනපතාම මුහුදෙන් ඇල්ලු හැටියේ මාළු කන්නේ කියලා. අනේ උන් විශේෂ ගුවන් යානයකින් මුම්බායි වලින් මාළු ගෙන්නුවා අපිට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  21. මෙහෙ ආව පලවෙනි වතාවද මංදා. අපූරු කතාවක් හරහා පුංචි පනිවිඩයක් දීලා තියනවා නොවැ. පොල් ගෙඩි 150 කතාව ඇඩ් එකක් නෙමෙයි වෙන්ටෑ. හිකිස්... ජය...!

    ReplyDelete
  22. මාරයාගෙ මාර කථාව පොල් ගැන නිසා මට කුතුහලයක් ඇති වෙලා තිබුනේ අන්තිම හරියෙදි හරි පොල් අරක්කු බෝතලයක් මල්ලෙන් එළියට පනීද කියලා....... හික් හික්

    කාමරේ පැත්තෙ ඇවිල්ලා යන්න එන්න...

    ReplyDelete
  23. ඇයි අප්පා මේ '''පින්වතුනි '' කියන්නේ.. :D

    පුහ් මාර අයියා කරු උන්දැ වත් දන්නවා කියන්නේ..
    පුහ් මාර අයියා පොඩ් ගෙඩි 150 ක් පාවිච්චිය කියන්නේ..

    අද කැවේ ගොටුකොල ද ..මම ආසම මැල්ලුමක් අප්පා..

    ReplyDelete
  24. අමල් බිසෝJune 14, 2012 at 1:45 AM

    :) :) අපේ රටේ අයට පාන් වෙනුවට බත් කන්න හුරු කරවීමේ මහා ව්‍යායාමය මේ ලිපිය කියවද්දී මතක් උනේ..

    ReplyDelete
  25. අනේ ඔය කුම්මැහියො කන කෑම....

    මුරුංග ටිකයි වට්ටක්ක ටිකයි සියඹලා තලියකුයි දාල සාම්බාරුවක් හදාගන්නව.. පොල් ලුනු මොකුත් නැති චපාති රොටිත් එක්ක අඹරනව... උන්ට රජ බොජුන් ඒව....

    ReplyDelete
  26. අවුරුද්දට පොල් ගෙඩිම 150ක් කියන්නේ අයියේ උඹ හෙන සල්ලි කාරයෙක්නේ බලන් යද්දි... :)

    ReplyDelete
  27. රටක ආවේනික කෑම බීම ඒ පැත්තේ ස්වාභාවිකව වැවෙන දේවල් වලින් තමයි තීරණය වෙන්නේ. (ඉන්දියාව රටවල් විසි පහක්!)

    පොල් නැති පැතිවල පොල් කෑමක් නෑ තමයි උදේ හවා. මට බෙංගෝල් (කල්කටා) පවුලක් මුණ ගැසුණා උං පොල් කෑමක් නෑ. හැබැයි කේරලයෙක් නං කොහේ ගියත් පොල් හොයයි අපි වගේ.

    ඔටු මස්, අශ්ව මස්, කැන්ගරූ මස් කෑමක් ලංකාවේ නැත්තේත් ඒ නිසායි.

    මේක සල්ලි ප්‍රශ්ණයක් නෙමේ. බිල් ගේට්ස් හරි ෂුකර්බර්ග් හරි වුනත් ඉන්දුනීසියන් කඩේකට ගියොත් ලක්සා එකක් කයි, එච්චරයි පොල් කෑම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බන් , මෙතන ඉන්දියන් කාරයෝ ගැන කතා කරන 99% දෙනා අර අලියාගේ හැඩේ කිව්ව අන්ධයෝ වගේ තම තමන් දන්න ඉන්දියන් කාරයෝ දිහා බලල මුළු ඉන්දියාවම ඒ වගේ කියල තමයි හිතන්නේ.
      :D

      Delete
  28. පොල් නැතුව කොහොම කනවද කියලා මටනම් හිතා ගන්නවත් බෑ . අපි එතරම්ම පොල් වලට හුරු වෙලා . ගොටු කොළ නම් මගෙත් ප්‍රියතම කෑමක් .

    ReplyDelete
  29. පොල් නැත්තං මැගී පිටිකළ පොල්කිරි පැකට් ටිකක් හරි අරන් යන්න තිබුණනෙ.

    ReplyDelete
  30. දුමී කියන එක හරි. ඉන්දියාවේ පොල් තමයි වැඩි හරියක් මැද පෙරදිගට යන්නේ. අපේ පොල් ගස් ටිකට කෙලිය හින්දා අපිට කන්නත් පොල් මදිවෙන කාල තියෙනවානේ.. හැබැයි පොල්වලට තියෙන ආණ්ඩුවේ ආයතන ගැන නම් බොහොම සැරයි .. මන් ඉන්දියාවේ අවුරුදු දෙකක් හිටි හින්දා දන්නවා. ඒ රටේ පොල් නොකන්නේ ඔය කියපු එක හින්දා නෙවෙයි.. ඒ මිනිස්සු උයන්න පොල් නොදා එල කිරිත් දානවා.නැත්නම් කඩල පිටි වගේ තව ජාති.. එතකොට තෙල්.. . පොල් දානකොට දාන්නේ අඹරලා. අපේ රටේ කෑම රස වෙන්නේ අපේ පොල් රස නිසා.. රස නෙවෙයි අති රස නිසා. ඉන්දියාවේ පොල් කිසිම රසක් නැහැ.. මෙහෙ පොලුත් එහෙමයි.. අපේ පොල් සම්බෝලේ කොච්චර රසද ? ඒ රස ගන්න බැහැ මෙහෙ පොල් වලින්.. අපි පොල් රොටි හදලා බන බන් කන්නේ. ලංකාවේ ඇවිත් පොල් රොටියක් කන්න බලන් ඉන්නේ හරියට රාජ භෝජනේ කන්න වගෙයි..
    අපේ රටේ කොයි දේත් රසයි.. රස නැත්තේ මල මගුල් දේශපාලනේ විතරයි ඕන්..

    ReplyDelete
    Replies
    1. //අපේ රටේ කොයි දේත් රසයි.. රස නැත්තේ මල මගුල් දේශපාලනේ විතරයි ඕන්..//

      1000% ඇත්ත !!!

      Delete
  31. ආදර්ශමත් කතාවක්. මේදය, පැණි රස, දියලුනු මේ ජාති තුනෙන් ප්‍රවේසම කොයි කාටත් හොදයි.

    ReplyDelete
  32. ඔය ඉන්දියන්කාරයෝ ගැන කථා කරන්න මම කැමති නැතෝ....

    ReplyDelete
  33. මැද රටවල රැකියා කරන ජනයාගෙන් තමා ඉන්දියන් කාරයන්ගේ නියම වගතුග දැනගන්න පුලුවන් වෙන්නෙ.... අර දුමියා අබ්දුල් කලාම් මහත්තයා ගැන කිව්වා වගේ....!

    ReplyDelete
  34. නේපාලෙ කට්ටිය දාන්නෙ එළු කිරිලු

    ReplyDelete
  35. "ඒ නැතත් සමස්ථ ඉන්දියාවට සෑහෙන තරමට තාමත් අපිට පොල් නැහැ.. ඒ හින්දා අපි පොල් කෑමට ගන්නේ නැහැ... ඒකට ජනතාව හුරු කරවන්නෙත් නැහැ..එහෙම කලොත් අපිට අපේ පොල් නිෂ්පාදනය මදි වෙනවා.."

    මම නම් යෝජනා කරන්නේ ලංකාවේ සහල් නිෂ්පාදනය, කිරි නිෂපාදනය ඇතුලු සියලු ආහාර නිෂ්පාදනය සමස්ත රටේ පරිභෝජනයට ඇති තරම් කෙරෙන්නේ නැති නිසා පත්වෙන ඕනෑම රජයක් ආහාර නිෂ්පාදනය ඉහල දමන්න ක්‍රියා මාර්ග ගන්නවා වෙනුවට මහජනයා ආහාර පරිභෝජනයෙන් ඉවත් කරලා වතුර විතරක් පරිභෝජනයට ගන්න හුරු කරවන්න ඕන කියලයි . . .

    මොකෝ මාරයා කියන්නේ . . .

    බැරිද ලොක්කට පනිවිඩයක් යවන්න ඒ ගැන කියලා . .:D

    ReplyDelete
    Replies
    1. @ දුකා,

      // මහජනයා ආහාර පරිභෝජනයෙන් ඉවත් කරලා වතුර විතරක් පරිභෝජනයට ගන්න හුරු කරවන්න ඕන //

      ඉතින් අයියා වැඩේ දැනටමත් කෙරෙනවනේ. පහුගිය කාලෙ පත්වෙච්ච සියළුම රජයන් අඩු වැඩි ප්‍රමාණවලින් ඔය කර්තව්‍ය සාක්‍ෂාත් කරගන්න සෑහෙන වැඩ කොටසක් කළා. විශේෂයෙන් මේ රජයේ අතිගරු ... තුමාගේ දූරදර්ෂී වැඩ පිළිවෙල යටතේ තව ටික කාලෙකින් අපේ රටේ මිනිස්සු නිකන්ම ඒ තත්ත්වෙට පත්වෙයි.

      Delete
  36. ලංකාව වගේ දූපතක හැම තැනම පොල් තිබුනට , ඉන්දියාව වගේ විශාල රටක හැම තැනකම පොල් තියෙන්න විදිහක් නැ . ඉතින් ඒ මිනිස්සුන්ට අවුරුදු දාස් ගානක් තිස්සේ කැම උයලා පුරුදු ඇත්තේ පොල් නැතුව තමා . කොටින්ම බුදු හාමුදුරන්ට දානේ පිලියෙල කරන්න අනේපිඩු සිටුතුමාවත් පොල් යොදා ගන්න නැතුව ඇති . ඒ සල්ලි නැති කමක් නිසා නෙවෙයි ඒ පැත්තෙ පොල් වැවෙන්නේ නැති නිසා .පොල් නොදා කැම හදලා පුරුදු උන් පොල් අමුතුවෙන් වවන්න ට්‍රයි කරන්නේ නැ වගේම තමා අපේ රටේ වැවෙන්නෙ නැති හෝ බහුලව ආහර පිසින්න භාවිතා නොකරන දෙයක් අමුතු වෙන් වවාගන්න අපි ට්‍රයි කරන්නෙත් නැ . ඒ නිසා අපි නම් කොරයිද සහ විවෘත ආර්ථිකේ කථා කිසිම අදාලත්වයක් නැති කථා . අපි දුක් වෙන්න ඕනි මෙච්චර පොල් හැදෙන රටටත් කේරලයෙන් පොල් ගෙන්වන්න වෙන තැනට වැඩ කටයුතු සිද්ධ වීම ගැන

    ReplyDelete
    Replies
    1. ප.ලි - විවෘත ආර්ථිකේ අපිට දීපුවය කියන්නේ ඉන්දියාවේ තියෙන්නේ විවෘත ආර්ථිකේ නෙවෙයිද?

      Delete
    2. බුවා,

      අපි දුක් වෙන්න ඕනි මෙච්චර පොල් හැදෙන රටටත් කේරලයෙන් පොල් ගෙන්වන්න වෙන තැනට වැඩ කටයුතු සිද්ධ වීම ගැන/// ඔය මොන කතා කිව්වත් අපි බඩඉරිඟු වලින් ස්වංපෝෂිතයිනේ....:P

      Delete
    3. නමට නම් තියෙනවා. එත් ඉන්දියාවේ හදන දෙයක් (ඉන්දියාවේ නොහදන දේ මොනවාද) පිටින් ගෙන්නන්න ගියාම බලන්න ඕන විවුර්ත ගතිය.

      Delete
    4. //ඉන්දියාවේ නොහදන දේ මොනවාද//
      හොඳ ප්‍රශ්නයක් ,හැබැයි ඒ හදන දේවල් බහුතරයක් ඉන්දියානුවන්ගේ නිෂ්පාදන නෙවෙයි ලාබ ශ්‍රමය සහ දැවැන්ත වෙලඳ පොල නිසා ඉන්දියාවට ආපු වෙනත් සමාගම් වල නිශ්පාදන . විවෘත ආර්ථිකය නොතිබුනා නම් තාමත් ඇම්බැසඩර් කාර් එකයි ටාටා බස් එකයි තමා , විවෘත ආර්ථිකය නිසා තමයි ඇමරිකානු , යුරෝපා සමාගම් බිපිඕ දාන්න තොරතුරු තාක්ෂන සේවා ගන්න ඉන්දියාවට ආවේ .

      උදා - ඉන්දියාවේ හදන මයික්‍රොමැක්සුයි , ෆින්ලන්තේ නොකියයි , ජපනගේ සෝනියි , ඇමරිකාවේ ඇපලුයි , කැනඩාවේ බැල්ක්බෙර්යි , කොරියාවේ සැම්සුන්ග්යි ඔක්කොම ඉන්දියානු වෙලඳ පොලේ එකට තරඟ කරනවා ,එහෙම තියෙන්නේ ඉන්දියාවේ හදන බඩු පිටින් ගේන්න ගියාම සැහෙන්න අමාරු නිසාද? ඔය කිව්ව ලිස්ට් එකේ සමාගම් වල මුල තියෙන්නෙ අදාල රටවල උනත් බහුතරයක් නිශ්පාදන කටයුතු තියෙන්නේ චීනේ (ඉන්දියාවෙත් සමහරක් ඒවා තියෙයි ) , රටවල් දෙක තුනක පුරවැසියන් අතට තිබුනු ලාභයන් පවා ලෝකේ පුරා විසිරුනේ විවෘත ආර්ථිකය නිසා , කොටින්ම චීනය සමාජවාදය බදාගෙන ආර්ථික ප්‍රතිස\ස්කරණ නොකර හිටියා නම් අදටත් දුප්පත් රටක් වැරැද්ද තියෙන්නේ විවෘත ආර්ථිකයේ නෙවෙයි ලංකාවේ දේශපාලුවේ ඒක යොදා ගත්ත විදිහේ .

      Delete
  37. බොරුනෙ කියල තියෙන්නෙ. කේරලයෙන් ලංකාවට ගෙනාපු පොල් ටිකනෙ මඟදි නරක් උනේ. ඒ කියන්නෙ ඉන්දියන් කාරය ‍කන්න නැතත් පොල් අපනයනය කරනව.

    හැබැයි මේකෙන් ගන්න ඕන වැදගත් ආදර්ශයක් තියනව. ශිව ශංකර් මෙනන් වගේ කෙනෙකුට පොල් කන්න ලැබෙන්නෙ නෑ කියන්නෙ එහේ පාලකයො මෙහේ ඉන්න පකිස් බූරුවන්ට වඩා නං හොඳයි. මොකද ලංකාවෙ නං රටේ හැම අස්සකම මුල්ලකම තියන හොඳම දේවල් දේසපාලුවන්ට ලැබෙනවනේ.

    ReplyDelete
  38. පොල් නැත්තන් කාලත් හමාරයි.

    ReplyDelete
  39. කේරලයේ පොල් ඉන්දියාවටම මදි බව නම් ඇත්ත. එකත් එකටම උන් තියන පොල් ටිකත් මලයාලම් ගුරුකම් වලට ගන්නව ඇති. ඉතින් කොහෙද බොල කන්න පොල්.

    උන් මිනිස්සුන්ට පොල් කන්න හුරු නොකරන බව වෙන්න පුලුවන්. ඒත් මේ හාදය පොල් කේරලයෙන් ගෙන්නලා කෑවොත් මිනිස්සු පාරට බහි ඈ...ෂුවර් එකටම පොල් එහෙ ගිනි ගණන් ඇති.

    ඉන්දියන් කාරයො කුණු ලෝබයො කතාව නම් මම ටක්කෙටම දන්නවා. අර ඒ දවස්වල දයාසිරි ගොයියා පාරවල් ගානේ කිව්ව, 'ඉස්තිරික්කේ තියල රොටි පුච්ච්පු කතාව' ත් බොරුවක් එහෙම නෙමේ.

    ReplyDelete
  40. පොල් ගහන තරමට කන්න පොල් කොයි ???

    ReplyDelete
  41. අපිට පොලුත් එපා.. දේශපාලුවොත් එපා... :-))

    ReplyDelete
  42. පින් අයිති වෙනවා බිස්නස් එකක් අල්ලලා දුන්නට,අද ඉඳන් දේවාලෙ ගාව ‍රැකලා ඉඳලා ගහන පොල් ටික එකතු කරන් ඉන්දියාවට පටවනවා.

    ReplyDelete
  43. නියමයි...හිහ් හි හ්........ ඔය ඉංදියන් කාරයො හරිම මොඩයෝ, මගෙ තාත්තා හමුදාවේ ඉන්නකොට නිවාඩු ආවහම මට කියනව ඉස්සර 87 කාලෙදි ආව ඉංදියන් ගුර්කා බලකායෙ හමුදාවේ අය සන්සිල්ක් ෂැම්පු එකේ තියන බිත්තර පොටො එක දැකලා බිත්තර කියල හිතලා යාපනේ කඩවලට පැනලා ෂැම්පෝ පැකට් බීලා ඉන්දියන් කුඩාරම් වටේටම බඩ බුරුල්වෙලා :) දානවලු, පස්සේ අපේ හමුදාවයි, නෙවි එකයි තමයි එගොල්ලන්ට බෙහෙත් කරලා හොඳ කරල තියෙන්නේ. තව ඉන්දියන් හමුදාවේ අය පොල්තෙල්,තල තෙල් නිකම්ම බීගෙන බීගෙන යනවලු..... ඊයා... තව නාන්නෙත් නැහැලු............ හරිම ගඳයිලු.... අපේ හමුදාවේ අය ඉන්දියන් හමුදාවේ අයට කියන්නේ "සක්කිලි හමුදාව"කියලලු එතරම්ම අපිරිසිඳුයිලු

    ReplyDelete
  44. මේ අද කේරලේ පොරක් මට කිව්වා කේරලේ කවුරුවත් ගොවිතැන් කරන්නෑලු. ඔක්කොම කරන්නෙ සුදු කරපටි රස්සාවල්ලු. කේරලේ සාක්ෂරතාවය 100%ක් නිසා. මම පු‍ටුව ඉඳගෙන හිටපු නිසා ඌ දැක්කෙ නෑ මම අර පැත්තෙන් හිනාවෙනවා.

    උන්ට කේරළේ කියන්නෙ වෙනම රටක්!


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. http://en.wikipedia.org/wiki/Kerala

      මේක පෙන්නලා අහපන් මේ විස්තර තියෙන්නේ වෙන මොකක් හරි කෙහෙල් අලයක් ගැනද කියලා , කොහොම වුනත් සාක්ෂරතාව ඉන්දියාවේ හැටියට හොඳයි මම හිතන්නේ

      Delete
    2. // කේරළේ කියන්නෙ වෙනම රටක්! //

      බුදු අම්මෝ ... මේ ගුරුවරු කියන කතා ද? මේක තනිකරම ප්‍රජාතන්ත්‍ර විරෝධී, බෙදුම්වාදී, ත්‍රස්තවාදී, කුමන්ත්‍රණකාරී ප්‍රකාශයක්.
      ඔන්න ඉන්දීය රජය ජාතික ආරක්‍ෂක උපදේශක ප්‍රමුඛ විශේෂ ත්‍රි පුද්ගල කමිටුවකුත් පත්කරල මේ ප්‍රකාශය ගැන විශේෂ පරීක්‍ෂණයක් පවත්වන්න. (කේරලේ නම් Dude දිනේවා කියල පෙළපාලිත් යනවළු)

      Delete
  45. ඕකුන් පොල් ගහන තරමට කන්න ඉතුරු වේවිය???

    ReplyDelete