15 June 2012

වැල කතාවක්... පින්තූර සහිතවම...


මේ බ්ලොග් එක බලන ඕන එහෙකුට තේරෙනවා මේකේ නැති රෙද්දක් නැහැ කියලා... ඔය පැත්තකින් තියෙන ලේබල් ටික බැළුවනං ඒ වගෙ තේරෙයි.. ඒත් මේකේ එක අඩුවක් තියෙනවා... හොඳට කල්පනා කලොත් ඒක තේරෙයි...

ඉතිං සමහර දේවල් ලියන්න කලින් ඒ ගැන හිතන්න එපෑ..ඒ හින්දා මං මේ කතාව ලියන්න කලිනුත් ටිකක් කල්පනා කලා... හුග දෙනෙක් මේකට එන්නේ එහෙම කතා අහන්න නොවෙන්න පුළුවන්..සමහර විට ඒ අය මං මේ කතාව ලිව්වාම මාත් එක්ක අමනාප වෙලා යන්නත් පුළුවන්... ඒත් ඉතිං ලියන්න හිතුනොත් ඕන කෙහුරක් ලියන්නනේ මං හුරු වෙලා ඉන්නේ..ඔන්න ඕ හින්දා අද ප්‍රථම වතාවට මං මගේ බ්ලොග් එකේ වැල කතාවක් ලියන්නයි යන්නේ...

-----------------------------------------
මේක සිද්ධ උන දවසේ ටිකක් විතර වැහි බීරිම තිබුනා... ඒත් වරින් වර හොඳින් අව් රස්මියත් නොතිබුනාම නෙවෙයි...ඒත් දවසේ වැඩි හරිය අඳුරු ගතියක් තිබුනා... මං මේ කියන දවස වෙනකොට ගමේ ගෙදරින් ටිකක් ඈතකට වෙන්න රස්සාව කරගෙන නැවතිලා හිටියේ.. ගෙදර යනවා අඩුයි.. ඒත් මේ කියන දවසේනං මම ගෙදර ගියා..ඇත්තටම මේක සිද්ධ උනේ එදා තමා...

අපේ ගෙදර හතර වටේටම ඒ හැටි ගෙවල් තිබුනේ නැහැ ඒ දවස්වලනං..ඒත් පස්සෙන් පහු කාලෙක ඉඩං වෙන්දේසී වෙන්න ගත්තයින් හුගාක් පිට අය ගමට ආවා..ගෙවල් හැදුනා..අපිට අසල්වැසියන්ව ලැබුනා.. ඒ ආව අය අතරේ ලස්සන ගෑනු ළමයි හිටිය පවුල් කිහිපයකුත් තිබුනා... මුල්ම කාලේනං අපි එහෙම ආව පවුල්වලට බොහෝම ලෙංගතු උනා... ඒත් කල් යද්දී ගෑනු ළමයි හතර වටේ වැහි වැහැලා වගේ උනාම අගයක් නැතිව ගියා... ඒත් ඒ අතරේ මගේ හිත ගිය අය නොහිටියාම නෙවෙයි.. ඒත්...

ඒත් මේ කතන්දරය ඒ අය ගැන නෙවෙයි...

මේ කතන්දරය උනේ අද වගේ දවසක මං ගෙදර ගියාමයි... ඒ ගියේ වෙන එහෙකට නෙවෙයි මල්ලිගේ ලොරි රථය විකුණලා වෑන් එකක් ගන්න ඕන කියලා මෑන් ඊයේ හවහ මට කිව්වා.. පොරට කොම්පැණියක හයර් එකක් සෙට් වෙලා..ඉතිං ඒකට දුවන්න දාන්න තමා වෑන් එකක් ඕන වෙලා තියෙන්නේ..ඉතිං දැන් බුවා ලෑස්තිය ලොරිය විකුණලා වෑන් එහෙකට බහින්න.. ඉතිං ඌට මේක විකුණන්න පත්තරේට දාන්න ඕන කියලා ඒකට පොටෝ එකක් අරං දෙන්න කිව්වා ලොරියේ.. මං ගෙදර ගියේ ආන්න ඒකට තමා...

ඉතිං ගෙදර ගෙහුන් පොටෝ ටිකක් අරං ..ලැප් එකට දාලා කපලා කොටලා හදාගෙන ඒක පෙන් එහෙකට දාගෙන කඩවතට මංගච්ඡලා සීඩී එහෙකටත් ගහලා.. තව ගෙදර උන්දලා ටිකව පොටෝ ගහපු ඒවා ටිකක් ප්‍රින්ට් කරගෙන ආවා.. මෙන්න ඒ ආවාට පස්සේ තමා ඔය කියන වැල කතාව සෙට් උනේ...

පොටෝ ටික ප්‍රින්ට් කරං ආව ගමන් අම්ම ඇහුවා බත් කනවද කියලා..වෙලාව දෙකටත් කිට්ටුයි..නොකා කොහොමද..මං කන්න ලෑස්ති උනා.. මෙන්න බොලේ අම්මා කොත ගහලා බත් එකක් බෙදපි... දෙල් මාළුවයි.. හාල් මැස්සන් බැඳූමයි... අගුණකොල සම්බෝලෙයි.. මාත් කොටා බෑවා මදි නොකියන්න..අද උයලා තියෙන්නේ අපේ නංගි..බලං ගියාම ඒකිටත් හොඳ රහට උයන්න ඇහැකි...

කාලා පිඟානත් අරං කුස්සියට යද්දී මෙන්න ඉන්නවා කුස්සියේ බැබලි බැබලි අළුත්ම කෑල්ලක්... දැක්ක ගමන්ම කලබල වෙලා මං ඇහුවා මේ මොකක්ද කියලා... ඒ ඇහුව ගමන් අම්මා කියපි ඕක ඔයාට කියලා... අම්ම කියලා කට ගන්න උනේ නැහැ මං පිඟාන හෝදලා වතුර උගුරක් බොන පරක්කුවට දුන්නා වැඩේ... අම්මයි නංගියි දෙන්නම වැඩේට ලොකු හෙල්ප් එකක් දුන්නා... මේක දෙපැත්තට ඇදලා දාන්න... මට තිබ්බේ නෙලාගෙන යන්න විතරයි...
ඕක කාලා ඉවර වෙලා මිදුලේ මං ඒ දවස්වල හිටෝපු රඹුටන් ගස්දෙකේම ගෙඩි බල්බ් දැම්මා වගේ තියෙන හින්දා එයිනුත් දෙක තුනක් ගිලලා මං ආපහු ආවා...

ඔන්න අද වැල කතාව ඉවරයි... රසයි නෙහ්..? :D

69 comments:

  1. Replies
    1. හුරේ..... අද ඩුබායි වලට එක වැටුනා....! ෂික් විතර්ක්..... ඒත් වැල කතාවකටනේ.....!

      Delete
    2. වැල කොතනද... නෑ එක්කෝ ඕනේ නෑ

      Delete
    3. අනේ ඇහැව්වට තරහ වෙන්න එපා. ඉතුරු හරිය වැටුනේ කොහාටද?

      Delete
    4. මන් මේ බ්ලොගයට පණ දාගෙන කථාවක් ලිය ලියා නේ හිටියේ නැත්නම් එක දාගන්න තිබුනා..අපිට නම් එකවල් නැත..නමුත් අපිත් වැල නොවන කථා ලියති..

      Delete
  2. සැක් විතරක්... බලන්න ආපු එක නෙමෙයිනේ

    ReplyDelete
    Replies
    1. නොදකිං... වලත්තයා...

      Delete
  3. ඉතිං අපිට පාංද?
    වැල කිවාම ඔයි වැල තමා අපිත් බලන්නෙ..
    තව රෙදි වැලුත් තියෙනවා.. ඕකෙ මහ දෙයක් තියෙද? මාතෘකා නැද්ද වෙන ලියන්න?
    මාකටින්..
    :P

    ReplyDelete
    Replies
    1. ඒකනේ bunny වැලයක් කන්ඩවත් සිහියක් මාරයාට තියනවද, මු වැල කනකොට බැරියැ. මංහිතූවේ වැඩකරන තැනක වැල ගහකට බඩගාලා කියලා.අනේ මේකයි මායි කන වැල.

      Delete
  4. මාරයිය නම් අර වෙනී අයිය වගේ වැල කන්න ගිහින් වැඩේ වැල කරගන්න නැතුව ඇති මගේ හිතේ.

    ReplyDelete
  5. මදැයි වැල බලන්න ආවා..... :/
    ඒ උනාට මේ වැල


    යි ද මන්දා.... :-)

    ReplyDelete
    Replies
    1. නොදකිං... වලත්තයා...

      Delete
  6. මට නම් වැල අප්පිරියයි.. වරකා කන්න තමයි ආසා..

    ReplyDelete
  7. හප්පා... වැල කිව්වම මාත් හිතුවේ 18 ප්ල්ස් එකක් කියලා... ඔය තියෙන්නෙ වැල මදුලු පිටින්ම...

    ReplyDelete
  8. වැඩ අස්සෙම හොරෙන් හොරෙන් බැලුවා මාර වැල. හොදයි හොදයි නරකම නැහැ. ගඳ තමයි උහුලන්න බැරි.

    ReplyDelete
  9. මෙන්න වැල පින්තුරයක්.

    වැල මධූ

    ReplyDelete
  10. වෙන මොනව හරි බලාපුරුතුවෙන් කියවන්න ආවනම් වැලේ වැල් නැති වෙන්න තිබ්බා. වෙලාවට මං එහෙම දෙයක් බලාපුරුතුවෙන් නෙවෙයි කියවන්න පටන් ගත්තේ.

    ReplyDelete
  11. NAKI GAMA RALAGE KATIN LOLO HANDA NAGEE,

    ReplyDelete
  12. වැල වලට වඩා වරකා රහයි කියලා තමා දන්න කියන උන්දැලැ කියන්නෙ...............

    ReplyDelete
  13. මදැයි කොලා
    සැහ්... රෙදි වැලක්වත් නෑ එල්ලෙන්න..ලැජ්ජවට

    ReplyDelete
    Replies
    1. දාපං පහක්... මදි නම් ඇට පහක්...

      Delete
    2. ඌප්ස්... H එක හැලිලා... හැට පහක් වෙන්න ඕන..

      Delete
  14. අපි බැලුවනේ මේ ටිකේ පෙන්න නැත්තේ මොකෝ කියල බලනකොට වැල කන්න ගිහින් :P

    ReplyDelete
  15. කුස්සියේ තියෙනවා. දෙන්නම් ජම්බු :D

    ReplyDelete
  16. දැන් ෆුඩ් සිටි එහෙම යනවා නෙමෙයි.. ඇට නැත කියලා වැදුනොත් ඕන් අපි නෑ...

    ReplyDelete
  17. වැල කෑව වගේ නෙවේ මචෝ.. උදේට බඩ බුරුල් උනාම...!

    ReplyDelete
  18. මේ ලඟදි ගෙදර උන්දෑ අපූරුවට ඉඳිල තිබ්බ වරක මදුලු ටික කුණු බාස්කට් එකට හැලුවනේ මම කාල වතුර ටික බීල එන ටිකට... ඒක මම කන එකක් නෑ කියල හිතලලු විසි කලේ... සංසාරේ කියල හිතුණා.. වැල වගේ ද වරකා...

    ReplyDelete
    Replies
    1. අප්පුච්චීයේ අපේ ගෑණිගේ නංගීද කොහෙද

      Delete
  19. අනේ ඉතින් මාරයියාට ලෝක විනාශවෙන්නෙ උල්කාපාතයක් වැටෙද්දි කවුරුහරි බත් එකක් බෙදලා දුන්නත් ඒකත් කයි සද්ද නැතුව

    ReplyDelete
  20. ඔහොම හරි වැල කතාවක් ලියපු එක හොදයි ,ඇත්තටම මාරයා වැල ඇදලා තියෙන්නෙත් මේ වගේමද ?

    ReplyDelete
  21. අපි රැවටෙයි ඕවට.... ගමේ ගියා කියලා ආරංචියටයි අවේ...

    ReplyDelete
  22. සරම උස්සන් ඇමරිකාවට බැන්නට යටින් ඇදන් ඉන්න ඇමරිකන් කොඩිය සහිත ෂෝට් එක එලියට පේනවලු.අන්න ඒ වගේ වැල කතාවක් කියලා තිබ්බ තැන ෆොටෝ එකත් වැටුනා ඉතින් මම හිතාගත්තා මේක නම් වැල කතාවක්ම තමා කියලා කොහොමද මගේ ටිකිරි මොලේ :P

    ReplyDelete
  23. මම නම් සිරාවටම අහු වුණා. මොකද මේකාගෙ ඉතිහාසෙ භුගෝලෙත් හොඳයිනෙ. අනික මූ කොහොමත් වැල මාමා නෙ. (වැල මාමාට කෙටි නම “ටාසන්“ද?)

    ReplyDelete
  24. ඊයා කුනුහරුප කතා...
    මගේ පුද්ගලික අදහස නම් මේ වහේ අසික්කිත කතා බ්ලොග් වහේ වයස් බේදයක් නොමැතිව ප්‍රවේශ වෙන්න පුළුවන් මාධ්‍යයකට මුදා හරින්න ඉස්සෙල්ලා මොලේ කලඳක් හරි තියේ නම් තව පොඩ්ඩක් හිතලා බලන්න තිබුනා. මේක පුද්ගලික අවකාශය නෙවෙයි මේක ප්‍රසිද්ධ වෙන්නෙ පොදු අවකාශයක. ඒ කියන්නෙ මේ කතාව නොමේරූ මනසකට කාවැදුනොත් එහෙම ලොකු අනාගත විකෘතිතාවයක් ඇති වෙන්න පුළුවන්.
    ඊටත් වඩා පොඩ්ඩක් මනැස යොමු කරලා බැලුවොත් මේ කා දමන්නෙ බුද්ධිමත් පාඨකයාගේ කාලය, විදුලි බිල සහ අන්තර්ජාල බිල. මේ වගේ නරක ආදර්ශ නිර්මානය කරලා සමාජයට මුදා හරින එක වහාම නවත්තන්න ඕනි. බුද්ධිමත් පාඨකයො විදිහට මන් නම් කියන්නෙ අපි මේ වගේ මාතෘකා වලින් පටන් අරන් ලියලා තියෙන ග්‍රාම්‍ය , අසික්කිත, අස්ලීල කතා වර්ජනය කල යුතුයි. මේ වගේ බ්ලොග් පෝස්ට් එකක් දැක්කහම ඒ බ්ලොග් එකට එන එක, මාගල් වගේ කමෙන්ට් ලියලා ඒ වගේ පෝස්ට් ලියන අයව ධෛර්යය කරන එක නවත්තන්න ඕනි. එතකොට ඒ අය අධෛර්‍යයට පත් වෙලා මේ වගේ වල් කතා ලියන එක නවත්තයි කියලා මන් හිතනවා.. නිකමට බලන්න හර බර වචන දාලා කමෙන්ට් ලියන සුලුතරයකගෙ ප්‍රොෆයිල් එකට ගිහින් ඒ අය ලියන බ්ලොග් මොන තරම් සාරගර්භ, ලිපි වලින් යුක්තද කියලා බලන්න.. ආන්න ආදර්ශමත් බ්ලොග්..
    (කාටත් හොරෙන් - හිකිස්...)

    ReplyDelete
    Replies
    1. Weni අයියේ
      අනේද කියන්නේ මහත්තයෝ මේ නසරාණියෝ ලියන එව්වා බලලා ලියන්ඩ එන එවුන්ගේ එව්වායෙත් තියෙන්නේ මෙව්වා මමත්
      (කාටත් හොරෙන් - හිකිස්...)

      Delete
    2. බුද්ධියෝ... මෙන්නෝ.....

      Delete
    3. වෙනි අයියේ .... කමෝන් ..... අපෙත් විරුද්ධත්වය අපිව මුලාවේ දැම්මට....:D

      Delete
    4. ඇට නැති වෙනියා

      Delete
  25. පොලෝසියට කියලා මෙක බෑන් කොරන්න ඕනෙ.එච්චරට වැල

    ReplyDelete
  26. ආහ්.... මේ බාපු වැලක් නේ !!!!

    ReplyDelete
  27. පැණි රහ වැලක් දැක්කාමයි :D

    ReplyDelete
  28. ''කපුටෝ වැල කති..කෝඳුරුවෝ පන දෙති'' කවුදෝ මෙහෙම කතාවක් කියල තියනව නේද මාරයියෙ??:D

    ReplyDelete
  29. ඔක්කොමත් හරි අර කෑවයි කිවුව බත් එකට ඉරිසියා හිතුනා..

    ReplyDelete
  30. බලාපොරොත්තු බිඳ වැටුණි... :D :D :P

    ReplyDelete
  31. මෙහෙමත් වැලක්........ මාරයා මල්ලි වැල කෑ පබිලා වගෙ ඉන්නැති!

    ReplyDelete
  32. වරක තරං වැල කොලිටි නෑ බං.

    ReplyDelete
  33. හෑ මේ මදුලු වැලනෙ මාර අය්යෙ!
    මදැයි මාරයා වැල පෙන්නුව හැටි,බලාපොස්තු සුනේ සුං!
    මේ වැල අප්පිරියාවයි මට නං..
    අනිත් වැල ;)

    ReplyDelete
  34. WENI GE KATHAWATA MAMATH 100 TA % K EKAGAI

    ReplyDelete
  35. මම නම් දැනගත්තා මුන්දෑ අනිවා තඩි වැලයක් ෆොටෝ ගහලා ඇති කියලා... නිකන් යෑ මාරයා කියන්නේ !!!

    ReplyDelete
  36. බ්ලොගර්ගෙ තම්නේල් පින්තූරෙ හන්දා මාරයගෙ ආසාව ඉශ්ට කරගන්න බැරිවුනා. ඒ ගැන මගේ කනගා‍ටුව. පොල්තෙල් ටිකක් ගාලා කැමරාවෙ කොහොල්ල ටික යවා ගං.

    henryblogwalker the Dude

    ReplyDelete
  37. හලේ හලි සෝයි මෙයා දැන් ඇනොනිමස් කමෙන්ට් දාන්න පුලුවන් විදියට හඩලා...

    ReplyDelete
  38. නියමයි එහෙනම් අපි මේකෙ ඇනෝ කමෙන්ට් හිතේ හැටියට දමමු !

    ReplyDelete
  39. පිස්සුද බන් මේ මඟුලේ මොනවා කියලා ලියන්නද ?

    ReplyDelete
  40. ඇනෝ කමෙන්ට් දමන්න පූසට එන්ඩ කියමු ! ටොයිං

    ReplyDelete
  41. මාරයාම තමයි මේ ඇනෝ කමෙන්ට් දමන්නෙ.

    ReplyDelete
  42. ඔව් ඔව් මාරයා අයීයා ඒ වගේ සිඟිති ආතල් ගන්නවා

    ReplyDelete
  43. අඩෝ අර ටැබුවත් හැක් කරපු එකේ අපිවත් මාට්ටු වෙයිද ?

    ReplyDelete
  44. මාට්ටු උනා කියලා මක් කරන්නද ? අපිට වැල කව්වන්ඩද ?

    ReplyDelete
  45. මම නම් හෙඩිම දැක්ක ගමන් දැනගත්තා.

    ReplyDelete
  46. mara maraya PPP

    ReplyDelete
  47. හම්මෝ අර බත් එක ගැන විස්තරේ කියෙව්වා විතරයි, පට්ට බඩගින්නක් ආවේ.

    ReplyDelete