මම රැවටුනා අයියේ... මං හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා... මං ඉස්සරහට අඩිය තිබ්බේ උඹ ගැන විස්වාස කරලා..දාහක් බලාපොරොත්තු හිතේ තියාගෙන... මම ප්‍රාර්ථනා කලේ සැප පහසු ලස්සන ගමනක්..ඒත්...
අන්තිමට මට උරුම උනේ කටු කැලෑ මැදින් යැවෙන පාරක බොහෝම දුෂ්කර ගමනක්... ඇයි මෙහෙම උනේ... මං හිතුවේ මේ වෙනකොට අයියා මට යන්න පාර කපලා කියලා..ඒත් මම හීනෙකින්වත් නොහිතුව විදියට ඒක එහෙම වෙලා තිබුනේ නැහැ..ඇත්තටම මට හිතාගන්නත් බැරි උනා මේ මොකද උනේ කියලා... කොටින්ම මාව උස්සලා පොලොවේ ගැහුවා වගේ... ඇත්තටම උස්සලා පොලොවේ ගැහුවා නෙවෙයි..උස්ස උස්ස පොලොවේ ගගහා ගියා වගේ.. ඒ තරමට වේදනාවයි බං අයියේ...
එක අතකින් අයියටම වැරදි කියන්නත් බැහැ..මේ වෙච්ච දේට හුග දෙනෙක් වගකියන්න ඕන... අපේ උන් දෙන තරමක් දෙන්නේ ලනු උනාට මේ කාරණාවෙදි මං හිතන්නේ නැහැ උන් මට ලනු දුන්නා කියලා...කොටින්ම අපේ මල්ලි පවා මට කිව්වේ
"ආ බය වෙන්න දෙයක් නැහැ පාර පැහැදිලියි..ටිප් ටොප්" කියලා...
ඌත් කිව්වම මං විස්වාස කලා... තව කීදෙනෙක් කිව්වද ඔය යන පාර පැහැදිලියි කියලා... ඒත් මට පස්සේ තමා තේරුනේ... මුං එකෙක්වත් හරියට දැනගෙන කියපු කතා නෙවෙයි එක එකාගෙන් අහපු කතා කිව්වේ කියලා..එහෙමත් නැත්තං උන්ට මං අහපු දේ හරියට තේරුනේ නැහැ..එහෙම බලනකොට වැරදි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය...
ලංකා සිතියම හරියකට නොදැකපු උන් ඉන්න රටක් අයියේ මේක... ඉගෙන ගන්න කාලේ අපිට තොග පිටින් අර ප්‍රමේය මේ ප්‍රමේය..අර වගුව මේ වගුව කිය කියා හැට හුට හමාරක් උගන්නවා.. අර සූත්තරේ මේ සූත්තරේ උගන්නවා.. ඒත් ඒ දේවල් වලින් සීයට දහයක්වත් ජීවිතේට පාවිච්චි කරන්න වෙන්නේ නැති සීයට අනූවක් මිනිස්සු ඉන්න රටක් මේක... ඒත් සීයට සීයක්ම නැතත් අනූනවයකට විතර මුළු ජීවිත කාලෙන් වැඩි හරියකට උවමනා වෙන ප්‍රජනනය හා ලිංගික අධ්‍යාපනය කියන පාඩම උඩින් පල්ලෙන් පැය බාගෙන් උගන්න රට මේක... එහෙව් රටේ උන්ට ලංකාවේ සිතියම ගැන අවබෝධයක් නැති එකේ වරද තමා මට මේ ගෙවන්න උනේ...
උඹට මඤ්ඤං වගේ ඇති නේද මේ මොකක්ද මූ කියන්නේ කියලා.. බොලං මහින්ද අයියේ... බොලා රට වටේම පාරවල් හද හද යන හින්දා මං හිතුවා පුත්තලමේ ඉදන් මන්නාරමට මුහුද අයිනෙන් වැටිලා තියෙන පාරත් හදලා ඉවර ඇති කියලා... ඒ විතරක්යෑ ඕක ගැන අහන අහන උන් කිව්වේ
"අපොයි ඒක දැන් හදලා ටොප් එකට" කියලා...
කීදෙනෙක්නං කිව්වද..? අනේ මාත් ගිය සතියේ උඩදාගෙන මන්නාරං ගියා අයියේ හැම එකාම කියන ඔය අළුත් පාරේ හැත්තෑවට අසූවට තියලා පාගලායන්න..(එයිට වඩා වේගෙන් යන්න මගේ බයිසිමොටෝ එකේ බැහැ බං...)
කෙලලා තියෙන්නේ තාප්පෙට...පුත්තලම පැන්නා කියමුකෝ..එතනට යනකල් අවුලක් තිබුනේ නැහැ..
මෙන්න පුත්තලමෙන් මන්නාරං පාර පටන් ගත්තා.. හපොයි ඒක කැඩුන තාර පාරක්... ඉස්සරහට හම්බ උන හාදයෙක්ගෙන් මම ඇහුවා
"දිගටම පාර මෙහෙම කැඩිලද..?"
ඒ මනුස්සයත් කිව්වා..
"ආ නැහැ මේ ටික ඔහොම උනාට ඉස්සරහා හදලා තියෙන්නේ"
හරිනේ ඔන්න මාත් දාහක් බලාපොරොත්තු තියාගෙන ගියා..ගියා...ගියා...අනේ අයියේ මට ඇඩුනා යකෝ..අර කැඩිච්ච පාරේ පුත්තලමේ ඉදන් එළුවන්කුලමට යනකල් කිලෝ මීටර් 24 ක් විතර ගෑටුවට පස්සේ මෙන්න හම්බ උනා මාර්ග බාධකයක්... හත් ඉලව්වේ එතැන ඉදන් නිකංම නිකං ඩෝසර් කරපු පරණ පාරක් විතරයි... ඉතිං අර බාධකේ හිටිය උන්නැහේ කෙනෙක්ගෙන් ඇහුවම කොච්චර විතර මෙහෙම පාර අබලන්ද කියලා...
"කිලෝ මීටර් 40 ක් යනකල් මෙහෙම තමා..එයිට පස්සේ සිලාවතුරේ ඉඳන් පාර හොඳයි"
හරි අයියේ ඉවසන දනා අර මොකටද ජය කොඩිය කියලා මාත් ගියා... අයියේ පෂ්ෂ පැත්ත හිරි වැටෙනවා බං..ඩෝසර් කරපු පාරේ ගැස්සි ගැස්සි ගිහිල්ලා...ඒ මදිවට තැනින් තැන වැලි ගොඩවල්..කොයි වෙලේ ලිස්සලා ගිහින් පෙරලෙයිද දන්නේ නැහැ... මාත් ඉතිං පෝක් අතක් ගිලපු එකා වගේ හැන්ඩ්ල් එක හිර කරලා අල්ලගෙන පාර දිගේම ඇස් දෙක අලවගෙන ගියා... අහක බැලුවොත් ලොක්කා බිම...
ඔය යන අතරේ ලස්සන තැන්නං තිබුනා තමයි..ඒත් පාරේ තියෙන අවුල හින්දා වට පිට බලන්නනං ඉතිං නවතින්නම වෙනවා...
එහෙමත් ගියා කියමුකෝ ඔය යන අතරවාරයේ ඔන්න හම්බ උනා "කුවේනි මාළිගාවට" යන පාර... බලහංකෝ අයියේ එතන හිටිය නේවි එකේ පෝරිසාදයෙක් කිව්වනේ ඒ පැත්තට යන්න තහනං කියලා... යනවනං වනජීවී එකෙන් අවසර අරං.. අර රෝද 4ම ඇන්ජිමෙන් කරකවන්න ඇහැකි වාහනයකුත් එහෙංම අල්ලගෙන යන්න ඕන කියලා...
යකෝ අයියේ අපි දුප්පත් මිනිස්සු..යන්තං පැස්ටෝල් ටිකක් ගහගෙන මේ බයිසි මොටෝ එකේ එහෙ මෙහෙ යන්නේ ඇවිදින්න තියෙන ආසාවට මිසක් එක එකාට පුදන්න සල්ලි තියෙන කමට නෙවෙයි.. එහෙවු එකේ තව ඔව්වට ගෙවන්න කොහේද තියෙන්නේ... බලංහං අයියේ ලංකාවේ උපන්න අපටම ලංකාවේ හතර මායිං බලන්න ගෙවන්න වෙන හැටි... ඔන්න කුවේණි මාළිගාවත් අර සත්තු වත්ත වගේ ආණ්ඩුවේ වියදමින් හැදුව එකක්නං කීයක් හරි දීලා ගියත් කමක් නැහැ..යකෝ ඒක හැදුවේ කුවේණිගේ කවුරු කවුරු හරි වෙන්න එපෑ... ඒකට මොකටද වන ජීවී එකට ගෙවන්නේ...? ඒ කියන්නේ දුප්පත් අපිට එව්වා බලන්න අකැපයි...
හරි අයියේ ඒක අතෑරලා දාමුකෝ.. එතනනං ඔන්න අර නේවි එකේ පොයින්ට් එකක් තිබුන හින්දා මං අල්ලලා දාලා ගියා... එයිට මීටර් දෙසීයක් යනකොට ඔන්න ආයේ තියෙනවා කැලෑ පාරක් විජය කුමාරයා ගොඩ බැහැපු තම්බපණ්ණි වෙරළට යන්න... තහනම ගියාවේ බල්ලට කියලා මං හැරෙවුවා අයියේ... ඒත් අමාරුවෙන් කිලෝ මීටර් දෙකක් විතර ගියාට පස්සේ පාර තනිකරම වැලි ගොඩ... ඒකේ ගියානං මං අනාථ වෙනවා..ඒ ගමන ඒ බැලිල්ලත් පැත්තකට දාලා මං ආපහු හරවං ආවා... කුවේණිටත් සොරි ඩොට් කොම්..විජයටත් එමම ඩොට් කොම් කියලා...
ඉතිං අයියේ කොහොම හරි බයිසිකලේ කෑලි ටිකයි..මගේ කෑලි ටිකයි කොටස් කොටස් වශයෙන් ගැහි ගැහි යාන්තං සිලාවතුර මුර පොලට ආවා..කිලෝ මීටර් 40ක් දුර ගෙවාගෙන...එතනදී නං ගං ලියලා ඉස්සරහට යන්න හදන ගමන් මං ඇහුවා හිටිය හාදයෙකුගෙන්..
"ඉස්සරහට පාර හොඳයි නේද..?"
ඒ හාදයා මට නක්කලේට හිනා උනා අයියේ.. හිනා වෙලා කිව්වා...
"මොන හොඳක්ද..? ඔය ආවා වගේම තව කිලෝ මීටර් 30 ක් තියෙනවා"
අයියේ උඹම කියහං ඇඩෙන්නේ නැද්ද හා..?
ඒත් ඉතිං දැන් ආපහු යන්නයෑ..මං ඒ 30ත් ගියා දෙදර දෙදර... අන්තිමට කොහොම හරි මන්නාරම පෙනී පෙනී තමා යන්තං පාර හොඳ උනේ... ඒ වෙනකොට මං සිලාවතුර පහු කරලා ඇවිත් අර ෆෙඩ්රික් නෝත් ආණ්ඩු කාරයා අරිප්පුවල මුහුද අයිනේම හදලා තියෙන ලොකු මාළිගාව වගේ එක බැළුවා...
ඒකට කියන්නේ "ඩොරික් හවුස්ය" කියලා කියන්නේ..හේතුව ඒ ගෘහ නිර්මාණ ක්‍රමයළු..මං දන්නවෑ ඔව්වා..
කොහොම හරි ඒ ඩොරික් හවුස් එකයි එතනම තියෙන අර මුහුදු යන උන්දලාට සලකුණක් විදියට හදලා තියෙන උස කණුවයි බැළුවා..
එතන හෙන හුළං අයියේ... ගහගෙන නොයා බේරුනේ බොහෝම අමාරුවෙන්... ඔය අහල පහල මුහුදේ ඉස්සර සරුවටම මුතු තිබුනළු නෙව.. ඒවා ගොඩ දාන එක ඇහැ ගහගෙන ඉන්න තමා කියන්නේ ෆෙඩ්රික් කාරයා ඔය මාළිගාව හදාගත්තේ.. ඇත්ත අයියේ හතර වටේම පේනවා ටොප් එකට.. මං උඩටත් නැගලා බැළුව නෙව.. ටොප් ප්ලේස් එක.. දැන්නං මං හිතන්නේ බෙහෙතකට මුතු කැටයක් නැතිව ඇති ඒ හරියේ...
ඉතිං ඒකත් බලලා එතැනින් කිලෝ මීටර් බාගයක් විතර යද්දි හම්බ වෙන අරිප්පු කොටුවත් බලා කියා ගත්තා..
ඒකනං කොටුවක් කිව්වට නිකං පොඩි පොට් එකක්... ඒත් ඉතිං බලන්න ගිය එකක් හින්දා ඒකත් බැළුවා...
ඒ ටික බලලා ඉවර වෙලා කොහොම හරි ටික දුරක් යද්දි යන්තං ඔන්න ආයෙම තාර පාරක් අහු උනා...
අයියට කියන්න අයියේ.. කොළොම්බස් ගොයියට ඇමරිකාව හම්බ උන වෙලාවේ උන්දැට ඇති වෙච්ච සතුටට වඩා මට අර තාර පාර දැක්කම ඇති උන සතුට වැඩියි කියලා බයක් හැකක් නැතිව කිව්වැකි. ඒ තරමට සනීපයක් හිතට ආවේ.. කොහොම හරි අයියේ යාන්තං ඒ තාර පාර දිගේ මං ඉස්සරයට ගියා.. කෙලලා තියෙන්නේ අයියේ... මාර විදියට හුළං සැරයිනේ.. ඒ විතරක්යෑ.. දෙපැත්තේම කලපුව වගේ තිබුන හරිය වේලිලා කරකුට්ටං වෙලා... තනිකරම කාන්තාර.. හීනි වැල්ලයි.. ලුණු කුඩුයි... අර හුළං පාරට කුණාටු වගේ ඇවිස්සිලා පාර හරහා යනවා...
වෙච්ච දේවල්වල හැටියට මට තව වෙන්න විපතක් තිබුනේ නැති හින්දා ඒ වැල්ලත් කාගෙනම ගියා ඉස්සරහට... කටෙන් එකයි අයියා වැලි... චිරි චිරි ගාලා හැපෙනවා... මං ඉතිං ඔය කොයිකටත් හිත හදාගන්න එකානේ.. මං හිතුවා වැලි කියන්නේ ඛනිජයක්නේ.. ලුණු කියන්නේ ලවණනේ.. ඔන්න ඔහේ කනවා... ඇගට හොඳයිනේ කියලා.. ඇයි අපිට කියා දීලා තිබුනනේ ඉස්සර සෞඛ්‍ය පාඩං වලට ඛනිජ ලවණ ඇගට ඕන කියලා... කොහොම හරි අවුරුදු ගානකට ඇති වෙන්න ඛනිජ ලවන මගේ කටේ...
කොහොම හරි එහෙම ගිහින් අන්තිමට මන්නාරම ඔන්න මෙන්න කියලා දැවැන්ත කාපට් පාරකුයි... දෙපැත්තේ ලස්සන කලපු තීරයකුයි අහු උනා... අන්න අයියේ දෙයියෙක් දැක්කා වගේ සංතෝසෙන් මං මන්නාරමට ඇතුළු උනා...
ඒත් අයියේ ඒ වෙනකොට මං පැය ගානක් ඇතුලත විඳින්න තියෙන හුගාක් කරදර විඳලයි තිබුනේ... අයියට කියන්න උදේ අට හමාරට විතර නිට්ටඹුවෙන් ගිය මට මිනුවන්ගොඩ කටාන හරහා දළුවකොටුව හන්දියෙන් මීගමු පාරට දාලා පුත්තලමට යන්න ගියේ පැය තුනක් විතර... ඒ අතර මග නැවතිලා කලා බීලා එහෙම... ඒත් පුත්තලමේ ටිකක් නැවතිලා දොලහට මන්නාරං පාරට දාපු මං මන්නාරමට යද්දී හවස හයට කිට්ටුයි... අයියේ ගෙදර ඉදන් පුත්තලමට තිබුන කිලෝ මීටර් 167 පැය තුනෙන් ආව මට ඉතිං කිලෝ මීටර් 122 යන්න පැය හයක් ගියා... අර කිව්ව ඩොරික් හවුස් එකයි..අරිප්පු කොටුවයි..ආ තව මන්නාරං පාරට පුත්තලමෙන් දාලා කිලෝ මීටර් 15ක් විතර එද්දි එක පාරටම දැක්ක "මල්විල නටඹුන්" කියන බෝඩ් එක හින්දා
හරවං ගිහින් ඒ නටඹුන් බලන්නත් එක්කම අර කිව්ව පැය හයෙන් පැය දෙකක් යන්න ඇති...
ඒත් අයියේ පැය හතරක් කියන්නේ මට පැයට කිලෝ මීටර් 30ක වේගෙන්වත් එන්න වෙලා නැහැ...
අනේ අළුතෙන් හදපු කාපට් පාරක අසූවට අනූවට ඇරලා එන්න හිතපු මට වෙච්ච දේ... බොට මෙච්චර කල් ගියේ ඇයි මේක හදලා ඉවර කරන්න... මං යන එන දිගට හිතුවේ එහෙම... උඹ හරි නරකයි අයියේ..උඹට වගේම නරකයි මට ඔය පාර හදලා තියෙන්නේ කියලා කිව්ව උන් ටික... උන් දන්න පාරවල් කිවිල්ල...
හරි අයියේ ඔන්න හිතේ දුක යන්න මේ ටික කිව්වා.. ගමනේ ඉතිරි කොටහ බොට කියලා වැඩක් ඇතෑ.. මං ඒක අනිත් උන්ට කියඤ්ඤං...
(උන්ට ඇති වැඩකුත් නැහැ තමා..මොකද ඔය කොහොම කිව්වත් ගමනක් බිමනක් යන උන්යෑ... ගේ හතර මායිමේම කැරකි කැරකි වැට ඉනි තද කොරනවා මිසක්..)
(උන්ට ඇති වැඩකුත් නැහැ තමා..මොකද ඔය කොහොම කිව්වත් ගමනක් බිමනක් යන උන්යෑ... ගේ හතර මායිමේම කැරකි කැරකි වැට ඉනි තද කොරනවා මිසක්..)
මං එක. :D
ReplyDelete:D
Deleteඅනේ අක්කා ඔයා මාරයියගෙ බ්ලොග් එකේ පදිංචි වෙලාද ඉන්නෙ. මම එක වෙන්න හිතාගෙන හිටියෙ මේ පාරවත්. ෂික් .... :)
Deleteමං හිතන්නේ එයා මොනවා හරි එළාම් එකක් හයි කරලා තියෙන්නේ..මෙහෙං මම පබ්ලිෂ් කරනකොටම එහෙන් ඔය කමෙන්ට් එක ඔටෝ වැටෙන්න හදලා තියෙන්නේ..:D:D:D
Delete2
ReplyDelete@නලිනි චන්දිමා
ReplyDeleteMonada ban akke me Gon part. 'මං එක' 'මං එක' ganne hama post ekakama panala,
Kochchara serious post ekak dammada, oyala patan gannema eka joke karala.
maarayata nam kamak na ithin, mu promote wenna hadannema oya wage gon part walin hinda,
මල්ලි හෝ නංගි හෝ ඒ දෙන්නම හෝ වෙන්න ඇහැකි කෙනාට...
Deleteනලිනි තමුන්ගේ ප්‍රොෆයිල් එකෙන්ම ඇවිත් ඔය කියන්න තියෙන දෙයක් කියලා යනවා වගේ ඔය දන්න කියන කෙනත් එහෙමම ඇවිත් කියන්නකෝ කියන දෙයක්... අනික දැන් ඔයාගේ මේ කමෙන්ට් එකෙත් "මං එක"ට වඩා දෙයක් තියෙනවද..?
බයිල නේද මෙයා..?කුණුහරප නැතිව කවුරු මොනවා ලිව්වත් ඇයි ඔයාලා කලබල වෙන්නේ..?
හොඳට දන්නා අඳුනන කොලුවෝ, ඒ ඇත්තිට ඕනේ දෙයක් , ඕන තැනක දා ගත්ත දෙන් බං. එක එක ඇත්තෝ සතුටු වෙන ක්‍රමේ වෙනස් නේ බොලං. මේ අමනුස්සයෙක්ට තේරෙන දේ වත් තොට තේරෙන්නේ නැහැ නේ. !
Deleteඩී ඩී ටි කොලුවෝ , නලිනි අක්ක මිනිට්ටු පහෙන් පහට මාරයාගේ හෝරාව රිෆ්‍රෙශ් කර කර ඉන්නේ. නිදන්නේත් නැහැ. උන්ද වෙදකන් කරන ලෙඩ්ඩු ඇදන් එන්න අපායේ වෙනම ඇක්ස්ප්රස් ලෙන් එකකුත් තියෙන්නා. උන්දැයි මාරයයි අතෙරේ තියෙන ගනුදෙනුව ඕක තමයි . මං යකා වෙච්චි, ඔය සේරෝම දන්නා ... (විහිළුවට ඈ)
3
ReplyDeleteපින්තූර ටික මාරයි අය්යේ. ඔයා මාර ගමන්නේ යන්නේ. ඉරිසියාවේ බෑ අප්පා. මාත් බයිසිමොටෝ එකේ හොඳහැටි ගමන් ගිහින් තියෙනවා. ඒවා ඉස්සරහට මගේ බ්ලොග් එකේ දාන්නම්.
ReplyDeleteතැන්කූ වේවා මල්ලි... දාන්න දාන්න..එව්වත් දාන්න බලන්න
Deletepera gaman karuwangen ahanna epayi..? thaniyama gehun ena gaththe! ela gamana boss!
ReplyDeleteකොහේද මං අනිත් එව්වා ඇහුවට ඒක අමතක උනානේ..ඇයි ඉතිං කල් ඇතිවම කට්ටිය මාව දැනුවත් කරලනේ තිබුනේ පාර හොඳයි කියලා...:D
Deleteඋඹ විතරක් නෙමේ යකෝ අපි ඔක්කොම රැවටිලා ඉන්නෙ..
ReplyDeleteඅයියලගෙ කරපිටින් යන්න බලං ඉන්න මල්ලිලට හොඳ වැඩේ.
ReplyDeleteකොහොම උනත් හොඳා. යන ගමනක් අපිත් එක්කත් බෙදා හදා ගන්න එක.
පුත්තලම - මන්නාරම ... ඊගාවට... හැබෑට පාරවල් සවුත්තුයිද ඔය කියන තරම්ම... ?
ReplyDeleteහොඳට තියෙන පාරවල් ඔලම ගමං යන එකේ ඇති ආතල් එක මොකක්ද බං.... ඔහොම ගමන් තමා මතක හිටින්නෙ...
ReplyDelete// ඔන්න කුවේණි මාළිගාවත් ආණ්ඩුවේ වියදමින් හැදුව එකක්නං කීයක් හරි දීලා ගියත් කමක් නැහැ.. //
මේකෙ පොඩි irony එකක් තියෙනව... හරියට හිතල බැලුවොත් කුවේනිගෙ මාලිගාව හදන්න ඇත්තෙ ඒ කාලෙ ලංකාණ්ඩුවෙන් තමා...
සෑහෙන යමක් දැන ගත්තා. ඔබට ස්තුතියි!!
ReplyDeleteඉතාමත් වටිනා විස්තරයක්. සුපුරුදු වියත් බවින් උපහාසය මුසුකොට ලියා ඇති අන්දම ඉතාම වටිනවා.
අන්තිම පින්තූරෙනම් පට්ට ආ
ReplyDeleteදුශ්කරතා මැද්දේ ගිය ට්‍රිප් එකක් වගේ .
ReplyDeleteවිස්තර ටිකටත් පින්තූර වලටත් ස්තූතියි .
eturu tikath kiapan aeyeeeee apita ahandaaa
ReplyDeleteමාරයියේ බොලා පාර වරද්දගෙන,,සුපිරි පාරක මන්නාරම් යන්න තිබුනු චාන්ස් එක බොලා විනාශ කරගෙන තියෙන්නේ,,,බොලාට තිබුනේ මඩු වලට ගිහින් මන්නාරමට යන්න..
ReplyDeleteපුත්තලම්-අනුරාධපුරේ පාරේ,,නොච්චියාගම ටවුම පහු කරද්දිම දැයට කිරුල ඔයාමඩුවට යන්න පාරක් හදලා සුපිරියටම,,ටවුම පහු කරද්දිම වමට හැරෙන්න තියෙන්නේ,,තොරනකුත් ගහලම,,ඒ පාර යන්නේ ඔයාමඩුව හරහා තන්තිරිමලේ පන්සල ඉස්සරහින්,,ඒක ගිහින් වැටෙන්නේ සෙට්ටිකුලමට,,ඒ කියන්නේ මඩු රෝඩ් එකට,,එතනින් මඩු ගිහින් අපූරුවට මන්නාරමට යන්න තිබුනා බබා වගේ, අලුත්ම කාපට් කරපු පාරවල් ඔය සේරම,ඔයාමඩුවේ දැයට කිරුල කාන්තරෙත් බලන්න තිබුනා,තන්තිරිමලේ පන්සලත් බලන්න තිබුනා,,තව පොඩි පොඩි කේස් ගොඩක් තිබුනා, ඔය පාර අනුරාධපුරේ මැදවච්චියට වැටෙන්නේ නෑ කිලෝමීටර් 40ක් අඩුයි මඩු යන්න ඔය පාර නිසා. මන්නාරමට පොඩි දුරයි නේ,,මල්වතු ඔයෙන් නා ගන්නත් තිබුනා,,අපරාදේ ඔය පාරේ ගිහින් බයිසිමොටෝ අබලන් වෙන එකයි වෙන්නේ..
ඇයි මාරෙ අයියගෙ පස්සත් සවුත්තු වෙනවා..!
Deleteඔව් මයි වෙනී අයියේ මේ වෙද්දිත් කරගැට එහෙම ඇවිත් ඇති,,පුටුවක ඉදගෙන ඇඹරි ඇඹරි ඇති අනිවා
Deleteඔය පාර ඔහොම තියන එකම තමා පුදුමේ. මොකොද ඕක හදද්දී ඕකට සැහෙන කේස් වැටුනා.මොකද ඔය පාර යන්නේ විල්පත්තුව හරහා. විල්පත්තුව හරහා කාපට් පාරවල් හදන්න බැනේ.
ReplyDeleteපාරවල් හැදීම දෙශපාලනයට අයිති දෙයක්ද? එහෙනම් මට අදාල නෑ පාරවල් වල විස්තර...
ReplyDeleteකුවේණි මාලිගාව බලන්නත් සල්ලි ගන්නවද? ඒකනම් පට්ට අසාධාරනයි... ලාංකිකයො විදියට අපිට උරුමයක් තියනවනම් ඕවයෙ නොමිලේ දැක බලාගන්න පුළුවන් වෙන්න එපැයි.. මං හිතන්නේ ඒකට ලාංකා උරුමය + දේශපාලන උරුමයක් තියෙන්න ඕන ඇති... සැහ් එතකොට ඒකටත් දෙසපාලනේ .. ඒහෙනම් එකත් මට අදාල නෑ...
අර දාල තිබ්බ බල කොටු නම් මරු ... ඒවයෙත් ඉතින් දේශපාලනේනේ... ඉතින් ඒකත් වැඩක් නෑ...
මාරය අය්යේ මේ පෝස්ට් එකෙන් මට ගන්න දෙයක් නෑ බන්... ඉක්මනට ඉතුරු ටික දාහං....
ඔන්න දේශපාලනේ ගාවන්නෙ නැතුව හැබැයි
(හික්ස්ස් දෙශපාලනේ නැතුව වාතයක්වත් පිට කොරන්න බැරි රටේ බලමු මාරය අය්ය ලියයිද කියල )
ඔව් මචං මටත් ඒවගේ..!
Deleteඇති යන්තන් දැන්වත් තේරිලා...... :-)
ReplyDeleteඔහොම කට්ටක් නොකා ට්‍රිපක් ගීන් වැඩක් තියේයැ ? අන්තිමට දාලා තියෙන මාරය මල්ලිගෙ ෆොටෝ එක නම් ටොප්..ඔය පැත්තෙ යන අයට කියන්න ඕනි මාරයා මල්ලි ගිය පාරෙ නොගොහින් ඩිලා මල්ලි කීව පාරෙම යන්ඩයි කියලා..
ReplyDeleteසිලාවතුර කියන්නෙ නිකංම නිකං 'වතුර වලක්', ඉතිං එහාට යන්ට මොටද බං කාපට් පාරවල්..!!?? අනික මට පේන විදියට උඹ පාරවල් අහලා තියෙන්නෙත් අර අන්තිම පිංතූරෙ ඉන්නවා වගෙ බුවාලගෙන්ද කොහෙදෑ.. :)
ReplyDeleteයකෝ මහින්ද අයියට වෙන වැඩ තියෙනව බං උඹල වගේ කැලෑවල් වල රිංගන්නෙ නැතිවට.
ReplyDeleteඔය වගේ පාරක් ඉතුරු කරන්නෙ නැතිව ලංකාවෙ පාරවල් ටික ඔක්කොම කාපට් කලොත් අනාගත පරම්පරාවට ලංකාවෙ පාරක් කියල පෙන්නන්නෙ මොකක්ද.
කොහොම උනත් මරු ගමනක් වගෙයි.
පාලකයො පාරවල් හදන්නේ ඒ උත්තමයන්ට ඕනෙ විදිහට.මාරයා මොනවද දන්නේ ඒ උත්තමයංගේ මොළේ වැඩ කරන හැටි ගැන.ඒ ඈයො ඔක්කොම කරන්නේ අපේ හොඳටනෙ.අපිට තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලං ඉන්ඩ.
ReplyDeleteමාරයා මල්ලි...හුලං මෝල් කොයි පලාතෙද තියෙන්නේ????
ReplyDeleteපාර හොඳට තිබුනනං ඔය පලාත් විනාශ වෙලා හුඟක් කල්. එක අතකිං පාරවල් ඔහොම තියෙන එක හොඳයි....
පාර හදලා තිබුනානම් කතාව රසවත් නොවන්නට ඉඩ තිබුනා දැන් ඉතින් ඔය ආසාවෙන්ම කියෙව්වේ මරු ගමන.
ReplyDeleteපොඩ්ඩක් ඉවසන් හිටපන් මලයො මේදවස් වල අපේ ජුලම්පිටියෙ අමරෙය පොඩ්ඩක් පාර වරද්දගෙන උබ දන්නවනෙ හොද එකා එක නිසා මෙදවස් වල ටිකක් බිසී.
ReplyDeleteටයිටල් එක දැක්කහම හිතුවෙ උබත් පාර වරද්දගෙන කියල මම අපේ මලෙයට කියන්න හැදුවෙ උබගැන හොයල බලපන් කියල ඒත් පෝස්ට් එක කියෙව්වම තේරුනා උබට එහැටි අවුලක් නැහැ කියල.
පොඩ්ඩක් හිටපන්කෝ මම ඕක ඉක්කමනට හදල දාන්න . අනිත් එක උබවගෙ එකෙකුට බැහැකියන්න පුලුවන්ද.
ඇත්ත කියන කතාවනම්!
ReplyDeleteඒත් මාර අයියෙ අපි ගේ වටේ කැරකි කැරකි ඉන්නෙ ආසාවකට නෙමෙයිනේ.අපිත් ආසයි මාර ගමන් යන්න.ඔයා තනියම ගිහිල්ල මෙතන හෙහ්!
මාත් කවදහරි හුචක්කුවක් ගත්තාම යනව තනියම :D
බයිසිමොටෝ එක තාමත් යහතින්ද? ඇණ මුරිච්චි ඔක්කොම තියෙනවද ? මාරය මොකද තාම අපේ පැත්තෙ නාවෙ?
ReplyDeleteathi yantham parakin hari rajata mattu una.
ReplyDeleteමහින්ද මාමා වගේ යන තැනක ප්ලේන් එකේ පලයන් අයියා !
ReplyDeleteමම කීවා යන අහක කියන්න කියල..යකෝ..සිංහල තේරෙන්නේ නැද්ද? සිලාවතුරට යද්දී හැරෙන වංගුව ලග තියෙන මහජන බැංකුවේ ඉදල ඔක්කොම පට්ටන්දරේ මම කියන්නම්.ඩොරික් කුලුන ලගට ගිහාම එතන එහා පැත්තේ තියෙන දුරකථන කුළුණු දෙක දැක්කේ නැතෙයි? ඉතිරි ටික හිතා ගනින් නොකීවට...
ReplyDeleteඅනික දැන් එද්දී මොන පාරෙන්ද ආවේ? මන්නාරම් - මැදවච්චි පාරෙන් එද්දී හම්බවෙන මුරුන්කන් ටවුමෙන් එලා ගත්ත සතා සීපාවෙක්ගෙන් සප්පායම් වෙලාම එන්න තිබුණු චාන්ස් එකනේ කොල්ලෝ මිස් කොරේ
ReplyDeletebyk සුපිරි බයික් එකක් හන්ද අව්ලක් නැ,
ReplyDeleteඑළකිරි බයික් එකක් මටත් තියනවා
අමතර රෝදයක් අරගන ගියානම් හොදා මාරයෝ ඔය පාරවල්වල යනකොට
ෂා...පොඩ්ඩක් කෑලි එහෙ මෙහෙ වුනත් මොකෝ මෙව්වගෙ ගමනක් ගිහින් . මටත් පේන්න බැහැ අපේ රටේ විතරක් නෙමේ ඕනෑම රටක ඕන කෙහෙල්මලක් බලන්න සල්ලි දෙන්න ඕන . මොකෝ කුවේණිගේ මාලිගය නඩත්තු කරනවය මේගොල්ල . නියම පෝස්ට් එක . මටත් ආසයි ඔහොම කෙළවරක් නොදන්නා පාරක් දිගේ යන්න . මන් ඕක කිව්වම අපේ ගෙදර අය කියන්නේ අරාබිය පැත්තේ නම් එහෙම පුළුවන්ලු . ජැක්සන් ගොය්ය ඔය පළාතේ ගිහින් ලිපි වගයක් ලිව්වා නේද
ReplyDeleteහූ හූ ඇද්ද මහින්ද අයියාට කත් ඇද්දට ලැබුන තෑගී :D
ReplyDeleteඅඩේ පින්තූරු කෑලි ටික දැක්කම ආස්ස්....සාවේ බෑ. !!!
ReplyDeleteදවසක ඔය යහා ගිහින් එන්ඩ හිතුනා !!!
ම්ම්ම් ලස්සනයි පින්තූර ඒ වා දැක්කම යන්නමයි හිතෙන්නේ ඒත් ඉතින් ඔයා මේ විඳලා තියෙන දුක කියෙව්වම යන්න හිතෙනවද නෑනේ
ReplyDeleteඅහම්බෙන් වගේ ජැක්සන් ඇන්තනිගේ මහා සංචාරේ බලපු දවසක මේ පැත්තේ ඔයා ගිය නටබුන් ටිකටම තමා එයාත් ගියේ. ජැක්සන් ඇන්තනිලා යද්දී අවුලක් නැහැ ඕන තැනකට යන්න පුලුවන්නේ. ඒක නිසා ඔක්කොම තැන් ටික පෙන්නුවා :D
ReplyDeleteකුවේණිගේ මාළිගේ පිහිටලා තියෙන්නේ විල්පත්තු වනෝද්‍යානය ඇතුලේ.
ReplyDeleteකැලේ මැද්දෙන් සැළකිය යුතු දුරක් යන්න තියෙනවා.
ලංකාවේ තියෙන නීතිය අනුව වනෝද්‍යානයක් තුලට වාහනයකින් මිසක් බයිසිකලේකින් යන්න බැහැ.
ඒකට හේතුව කියල මම හිතන්නේ යන අයගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් නිසා වෙන්න ඕනේ.
ඒ ඇරෙන්න ඒ ස්ථානය කුවේණිගේ මාළිගය නිසා මුදල් අය කිරීමක් සිදු කරන්නේ නැහැ, මුදල් අය කරන්නේ වනෝද්‍යානය බලන්න යන එකට.
මටත් ඕක හිතුනා . අනිත් එක 4x4 එහෙකින් යන්න නියම කරලා ඇත්තේ තරහට නොවෙයි. යන කෙනාගේම ආරක්ෂාවට වෙන්න ඕනේ. එරෙන වැලි ඇති පාරේ . වනෝද්‍යානය මැදින් තියෙන පාර ඔය විදියටම තියෙනවා නම් තමයි මගේ මනාපේ.
Deleteහොඳ ගමන් විස්තරයක්. :)
Lassana Pinthura Tika Yaluu!! :)
ReplyDeleteමාරයා, ඔය පාර ගැන මට කියන්න තියන කරුණු මේවායි. මම ඔය පාර වහගෙන හිටියේ 1989 දී. ඔබ පසුකර යන්න ඇති එළුවන්කුලම කියන ප්‍රදේශය. එතන තියන යුද හමුදා කඳවුරේ තමයි මම ඒ කාලේ සේවය කලේ. ඒ කාලයේ එහාට විදුලි බලය නැහැ. එළුවන්කුලමෙන් එහාට පාර සම්පූර්ණයෙන් කැලයෙන් වැහිලා තිබුනේ. අපි පාමුර සංචාරයේ යෙදුන කීප වතාවකම එල්.ටී.ටී.ඊ. කාරයන් සමග වෙඩි හුවමාරු සිදුවුනා. ඒ කඳවුර අල්ලාගන්න ඔවුන් සෑහෙන්න උත්සාහ කළා. අපි ඒ කඳවුරේ බලු දුක් වින්දා. කමෙන්ට් එක දික්වන නිසා ලියන්නේ නැහැ. ඔය වනාන්තරයේ (විල්පත්තු) බොහෝ තැන්වල මම ඇවිදලා තියනවා. ස්වභාව සෞන්දර්යය විඳලා තියනවා යුද්ධයේ කටුක බව අමතක වනතුරු. එළුවන්කුලමට උතුරෙන් පිහිටි කඳවුරු වලත් මා සේවය කළා. මම කියන්නේ මෙයයි. ඔය පාර හැදුවොත් විල්පත්තුව ඉවරයි. දේශපාලුවෝ සහ උන්ගේ හෙන්චයියලා ඔය මුළු වනාන්තරේම විනාශ කරනවා. පුලුවන්නම් විලච්චිය පැත්තෙන් ගිහින් බලන්න වෙලා තියනදේ. මම කියන්නේ කලයුත්තේ මෙයයි. එළුවන්කුලමේ සිට මන්නාරම දක්වා උස කොන්ක්‍රීට් කණු මත දිවෙන අධි වේගී මාර්ගයක් සහ එයට සමාන්තර දුම්රිය මගක් ඉදිකළ යුතුයි. ඒ මාර්ග දෙකම මන්නාරමෙන් නොනැවතී, මන්නාරමේ සිට පූනරින් හරහා යාපනය දක්වා ගොඩබිම දිගේ (කොන්ක්‍රීට් කණු අවශ්‍ය නැහැ. හොඳ පාලම් කීපයක් අවශ්‍ය වෙනවා) යාපනය දක්වා දීර්ඝ කල යුතුයි එවිට කොළඹ සිට පැය 4 කින් පමණ යාපනයට යා හැකියි. (උපරිම වේගය පුත්තලමෙන් එහාට 120 කල යුතුයි) එළුවන්කුලමේ පිවිසුම් මධ්‍යස්ථානයක් සකසා යාල බලන්න යන ආකාරයට ගුරු පාරවල් දිගේ (වැසි කාලයට බැහැ. යාලත් එහෙම තමයි) ෆෝ වීල් වාහන වලින් (තමන් සතුව එවැනි වාහනයක් නැත්නම් එතනින් කුලියට ගැනීමට පහසුකම් සැලැස්විය යුතුයි) පරිසරය නැරඹීමට ඉඩදිය යුතුයි. එවිට ඉතා සුන්දර අත්දැකීමක් විඳිය හැකියි. බලන්න තව අවුරුදු පහකින් ඒ අමිල වනාන්තරයට වන්නේ කුමක්ද කියා මේ යන විදිහට ගියොත්. දැනට ඒ කැලය කන දේශපාලුවන්ගේ නම් මම දන්නවා. නමුත් බලය උන්ගේ අතේනේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක සහ 1000% එකඟයි. ඔබේ යෝජනාවත් හරියටම හරි. මේවයි කළ යුත්තේ. ඔබගේ අත්දැකීම අනුව මේ කියන දේ හරියටම ගැලපෙන බව මට හොදින්ම වැටහුනා.
Deleteඔය කියන පාර හදන්න නේද හැදුවෙ
Deleteනමුත් මම දන්නා විදිහට උනේ පාර හදනවා කියලා ගස් ටික කපපු එක විතරයි.
පාරිසරික සංවිධාන වල විරෝධතා නිසා කියලා නවත්තල දැම්මද කොහෙද.
ගස් ටික කපාගෙන ඉවර වෙලා
ඒ අළුතෙන් කපපු පාර කැපුවේ දැනට තියෙන පාරට සමාන්තරව. ඇත්තටම බැලුවොත් අනවශ්‍ය ව්‍යාපෘතියක්.
Deleteපාරිසරික සංවිධාන වල විරෝධතාවය හමුවේ (පාර සෑදීම නතර කරන ලෙස උසාවි නියෝගයක් ලැබුණු බවක්ද මතකයේ ඇත) මාර්ගයේ ඉදි කිරීම් කටයුතු නතර කිරීමට සිද්ධ උනා.
..................................................................
කුවේණිගේ මාළිගේ බලන්න යන්න අවශ්‍ය ජීප් රථ කුළියට ගැනීම සහ ටිකට් ගැනීම සිදු කරන්න පුළුවන් විල්පත්තු වනෝද්‍යානයේ ඇතුල්වීමේ දොරටුවෙන්.
ඊට අමතරව විපත්තු හරහා යන මාර්ගයෙන් වනෝද්‍යානයට ඇතුළු වීමට අවසර ලබා දෙන පරිදි කටයුතු සැළසීමට දැනට හමුදා මුරපොළ පිහිටා ඇති ස්ථානයේ කාර්යාල පහසුකම්, වාහන නතර කිරීමට ඉඩකඩ, එහි යාමට පැමිණෙන මිනිසුන්ට නවාතැන් පහසුකම්(අවශ්‍ය අයට) සහ බඩු භාණ්ඩ මිළදී ගැනීමට හැකි කඩමණ්ඩියක් වැනි දෑ පවා ඉදි කිරීමට සිදුවන නිසා පරිසරයට තවත් හානි සිදුවිය හැකි බව තමයි මගේ මතය.
එම දොරටුවෙන් ඇතුළු වූ පසුව කිසි අවහිරයකින් තොරව මුළු වනෝද්‍යානයම නැරඹීමට හැකි නිසා තවත් පිවිසුම් දොරටුවක් අවශ්‍යතාවයක් මමනම් දකින්නේ නැහැ.
//අයියා මට යන්න පාර කපලා කියලා..//
ReplyDeleteපාර නෙවෙයි බොල අයියේ.... කැපුවේ වල....
මොක උනත් ශෝයි පින්තූර ටික
ඔය අන්තිමට දාලා තියෙන්නෙ මාමට මනාප දීපු එක්කෙනෙගෙ පින්තූරයක් වෙන්ටෑ..
ReplyDeleteඌ ඉන්නේ මාමා ඒ පැත්තේ එනකම් බලාගෙන වෙන්ටෑ.
Deleteහපෝ වෙලාවට ..
ReplyDeleteමමත් ඔය පාරේ මන්නාරම් යන්න ආසාවෙන් හිටියෙ.
අහපු අහපු කෙනා කිව්වෙත් පාර හොඳට හදලා කියලා තමා. ගියා නම් ඉතින් සුන් තමා
එල ගමනක් ගිහින් වගේ.
ReplyDeletehttps://www.facebook.com/photo.php?fbid=10150274684525677&set=a.10150274669930677.327648.711605676&type=3&theater
ReplyDeleteමේ තියෙන්නේ කුවේනිගේ මාලිගේ....
මහන්සි වෙලා වුනත් නියම ගමනක් නොවැ ගිහින් තියෙන්නෙ.
ReplyDeleteඉස්සර නම් හැම පෝය දවසකම කොහේ හරි කැලයක් හරි කන්දක් හරි පීරපු එක තමා කොලේ හැම අවූරුද්දකටම ට්‍රිප් 12 ක් දැන් කොහෙද අප්පා එහෙම සැපක්
ReplyDelete