කොහොම හරි මන්නාරමටත් ගියයි කියමුකෝ... කල් වේලාසනම නවතින්න තැන බුක් කොරලා ගියපු හින්දා නවාතැන් පහසුකං ගැනනං බය වෙන්ට කාරියක් තිබුනේ නැහැ...
මන්නාරම ටවුමේ ඉදන් තව කිලෝ මීටර් 8ක් විතර තලෙයි මන්නාරම පාරේ ඉස්සරහට යද්දී හම්බවෙන එරුක්කිලම්පිඩ්ඩි හරස් මාර්ගයෙන් වම් පැත්තට හැරිලා මීටර් තුන්සීයක් විතර ගියාම හම්බ වෙනවා පැරණි දුම්රිය පොලක්.. ආන්න ඒ දුම්රිය පොල අසලම තියෙන Fourtees Rest එකේ තමා මගේ නවාතැන්... බොහෝම හොඳ තැනක් වගේම බොහෝම හොඳ පාලකයෙක් තමා ඒකේ ඉන්නේ... A.ලෝරන්ස් මහත්මා.. ද්‍රවිඩ ජාතිකයෙක් බොහෝම හොඳ මනුස්සයෙක්... හැබැයි යාළුවට සිංහල බැහැ..ඒත් කැඩිච්ච ඉංගිරිසි ටිකක් තිබ්බම ඇති එයත් එක්ක කතා කරන්න...
මේ නවාතැන් පොල ගැන කියනවනං කියන්න තියෙන්නේ බොහෝම හොඳ තැනක් කියලා තමා... වැඩි විස්තර ඕනනං මෙන්න මේ අඩවිය හරහා දැන ගතෑකි...
තව දුරටත් මෙතැන විස්තර කියනවනං ඇදන් 3නේ සහ ඇඳන් 4රේ කාමර තමා තියෙන්නේ..ඒසී නොකරපු ඇඳන් 3නේ කාමරයක් රුපියල් 1500කුත් ඇඳන් 4රේ කාමරයක් රුපියල් 2000කුත් වගේ වෙනවා.. ඒ වගේම ඒසී කරපු ඇඳන් 4රේ කාමරයකුත් මෙතන තිබුනා..ඒක රුපියල් 3000ක් වෙනවා...
කෑම බීම ගැන කියනවනං එතනින්ම කෑම ගන්නත් පුළුවන් කම තියෙනවා... සාමාන්‍යයෙන් කෑම වේලකට රුපියල් 150 හේ ඉඳන් 300ක් වගේ වෙනවා... මට උදේ කෑමට රුපියල් 150කුත් දවල් හා රාත්‍රී කෑමට වේලකට 250 ගානෙත් වගේ වැටිලා තිබුනා... කෑමත් නරක නැහැ රසට තියෙනවා..ඒ වගේම ඕන දෙයක් කියලා හදව ගන්නත් පුළුවන්...
කවුරු හරි යනවනං බය නැතිව කතා කරලා කාමර වෙන් කරවගෙන යන්න... බොහෝම මිත්‍රශීලී අහිංසක හිත හොඳ මනුස්සයෙක් තමා ලෝරන්ස් කියන්නේ... ඒ ගැන සීයට දෙසීයක් සහතික වෙන්න පුළුවන්...
---------------------
ඊ ළගට අපි බලමු මන්නාරමේ මොනවද බලන්න තියෙන්නේ කියලා...
පැරණි මන්නාරම් කොටුව හා පැරණි පාලම...
බයෝ බැබ් ගස(අලි ගස)...
විනාශ වූ මන්නාරම දුම්රිය ස්ථානය හා දුම්රිය පාලම...
තලෙයි මන්නාරම් ජැටිය සහ නාවික හමුදාවෙන් කරගෙන යන වැලි පර(ආදම්ගේ පාලම) නැරඹීමේ බෝට්ටු චාරිකාව...
මන්නාරම් බූරුවෝ...
වල් අස්සයෝ...
කුරුළු විශේෂ...
මේ දේවල් සෑම එකක්ම බලන්න පුළුවන් කම තියෙනවා... හැබැයි මේ කාලේ ටිකක් විතර කුරුල්ලන් විශේෂ අඩුයි..ඒත් නැතිවම නෙවෙයි...
මන්නාරමට ඇතුළු උන ගමන්ම දකුණු අත පැත්තේ තියෙන්නේ..
ඒත් ඒක පැහැදිලව ඒ අවටට පේනවා... මම ඒක ලගට යන්න ගියාම ගිහින් නැවතුනේ පැරණි දුම්රිය ස්ථානයේ.. එතන ඉදන් පයින් රේල් පාර දිගේ ගියානං පාලම ගාවට යන්නත් පුළුවන්...
තලෙයි මන්නාරම් ජැටියට ගියාම මට පුළුවන් උනා එතැන තියෙන නාවික හමුදා කඳවුරෙන් පවත්වාගෙන යන බෝට්ටු සේවය මගින් වැලි පර බලන්න යන්න අවස්ථාව උදා කරගන්න...
ඒ බෝට්ටු සේවාව ගැන කියනවනං මෙහෙමයි...
උදේ හත හමාරේ ඉඳන් හවස හතර විතර වෙනකල් එම බෝට්ටු සේවාව ඔවුන් පවත්වාගෙන යනවා..ඒත් හවස් අතේ සුළං වැඩි වීමත් එක්ක මුහුද බොහෝම කරච්චල් හින්දා වේලපහ යන එක තමා හොද... ඒ වගේම හුගක් මුහුද අවුල්නං එයාලම හවස ගමන් අතෑරලා දානවා...
බෝට්ටුවේ යන්න එකකෙනෙක්ට රුපියල් 600යි..හැබැයි 6 දෙනෙක් ඉන්න ඕන... ඒ කියන්නේ බෝට්ටුවේ ගාන 3600යි එහෙම කට්ටිය නැත්තං තනියම 3600ක් දීලා උනත් යන්න බැරි කමක් නැහැ... මේ සේවාව නාවික හමුදාවෙන් බොහෝම හොඳට කරගෙන යනවා.. සෑම මගියෙකුටම පුංචි ආහාර මල්ලකුත් ලබා දෙනවා ඒකේ පොඩි ස්නැක් පැකට් එකක්.. චොකලට් එකක් වගේම මයිලෝ කිරි පැකට් එකක් අඩංගුයි. සම්පූර්ණ ගමන කිලෝ මීටර් 20ක් විතර වෙනවා.. ඒ කියන්නේ යන්න 10යි..එන්න 10යි.. අපිව එයාලා බෝට්ටුවෙන් එකක් යනවා වැලි පරයේ තියෙන දෙවන දූපත දක්වා... එතැන පැය බාගයක් විතර ඔහේ නිදහසේ ඇවිදලා ආයේම එන්න පුළුවන්...
මතක තියා ගන්න මේ ගමන පොඩි ළමයින්ට යන්න දෙන්නේ නැහැ..අවම උස අඩි 3ක්වත් තියෙන්න ඕන... ඒ නැතත් එහෙම යන්න ලේසිත් නැහැ..බෝට්ටුව යනවා හිටු කියලා... ඒ යන වේගෙට රල වල හැපෙන හැපිල්ලට හෘදය වස්තුව කඩං වැටෙනවා... ඒක ලේසි ගමනක්නං නෙවෙයි.. ඒත් ආතල් එක උපරිමයි... කැමැත්තෝ යත්වා...
මන්නාරං පෝනියෝ මම යනකොට දැක්කට පස්සේ පොටෝ ගහන්න හිතං ගියා..ඒත් ආයෙම එනකොට උන් පාර අයිනේ හිටියේනැහැ..ඈත විල්ලුවේ හිටියා... හැබැයි උන් අර මං කලින් ගිය ඩෙල්ෆ්වල උන්ට වඩා හොඳ සරුසාරයි..ලස්සනයි... ඉතිං මේ හැම දේම බලන්නනං එක පාරක් හරි මන්නාරං යන්නම ඕන... ඉපදිලා මැරිලා යන අතරේ ජීවත් වෙන කාල සීමාවේ දවස් දෙකක් හොයා ගන්න බැරිනං මෙහෙම ගමනක් යන්න මොකට ජීවත් වෙනවද නේද..? ආන්න ඒ හින්දා ඔය කරන් කියන රැකි රක්ෂා..විභාග අභාග පැත්තකට දාලා ජීවිතෙන් සුළු වේලාවක් මෙහෙම දේකටත් වෙන් කරන්න... කවදා හරි මතක තියං සතුටු වෙන්න පුළුවන් අපි කරපු පිනුයි මේ වගේ සුන්දර ගමනුයි තමා.. එහෙම නැතිව මං වැඩට ගියා..ගෙදර ආවා..වැඩට ගියා ගෙදර ආවා..පඩි ගත්තා ගෙදරට දුන්නා කියලා හිතලානං නෙවෙයි...එහෙමනං අදට මේ විස්තර ඇති...
ආ තව එකක් කියන්න බැරි උනා නේද...? ඒ තමා මන්නාරං බූරුවෝ...අවුලක් නැහැ බූරුවොනං හැම තැනම...මෙහෙ වගේම තමා...
ආ මෙන්න දැනට බුකියේ ඇති ඇල්බම් වලට පාරවල්...
අද කවුද 1
ReplyDeleteට්‍රයි කරන්න කියල තියෙන්නෙ ඕකට තමයි.
Deleteආ මල්ලිත් අර කෙම කරලද කොහේද..?
Deleteඅය්යෝ! :D
Deleteඅද නම් අක්කා පරාදයි වගේ...... මොනා වුනත් අන්තිමට කියපු කථාවනම් ඇත්ත. තව තව ගමන් යන්න ශක්තිය ලැබෙන්න ඕනා...
ReplyDeleteජය වේවා!!!!!
වගකීම් කියන්නෙ මහ එපා කරපු දේවල් මාරයො..
ReplyDeleteඋඹ අර අන්තිමට කියලා තියෙන කතාව සම්පූර්නෙන් ඇත්ත ඒත්....................................::(
// වගකීම් කියන්නෙ මහ එපා කරපු දේවල් මාරයො.. //
Deleteලැයික්.. !
ඇයි මම, මාත් එහෙම්මමයි
Deleteමාර අයියේ තනියම ගිය උබ ගත්තේ ඇදන් කීයේ කාමරයක් ද?
ReplyDeleteදැන් ඔය තනියම ගිය විත්තිය සඳහන් වෙන්නෙ කොතනද.. ? :D
Deleteඇ ගියපාර ලියනකොට බයික් එකේ දෙන්නෙක් ගියා ද්?
Deleteඑල කිරි. අපි උනත් උතුරෙ යන්න කලින් අනිවාර්යෙන් මාර චාරිකා කියවල ගියානම් අතරමන් නොවී පිලිවලට සේරම බලාගෙන එන්න පුලුවන්..
ReplyDeleteමන්නාරම කියන්නේ මනු ආ රම නේද? ඒ කියන්නේ අපේ හෙළයේ මුල්ම රජු වන මහා සම්මත මනු , ආපු තැන කියලයි අරිසෙන් අහුබුදුවන් පවසන්නෙ.
ReplyDeleteවසවර්ති රජතුමාගේ නෑයෙක් වන මාරයා මීට සම්බන්ධ වීම දෛවයේ සරදමක්.
රාවන වංශිකයෙක් වීම අභිමානයකි.
පලි: හැම පෝස්ට් එකක් අගටම බූරුවෙක්ව දාන එක මාත් කරන්න ඕනැ
චතුෂ තුෂර කුමාරගේ මාර සංචාරය
ReplyDeleteඋත්කෘෂ්ටයි :)
එතකොට මාරෙ අයියේ ගෙදර ආවෙ ගියපු පාරෙන්මද......?
ReplyDeleteපට්ට ට්‍රිප එකක් නේ ගිහින් තියෙන්නේ.අරවෑලි පරේ පොටෝ නේද තිබුනේ..
ReplyDeleteඅගෙයි . ඒත් ටිකක් හදිස්සියෙන් වගේ ලියල තියෙන්නේ. :)
ReplyDeleteමේ කොටුවේ බලන්න ගොඩක් දේ තියෙනවා...ඕලන්ද කාලේ ගල් පුවරුවක කොටපු අකුරු..උඩට නගින්නත් පුළුවන් ....මමත් යුද්දේ ඉවර වෙච්ච ගමන් වගේ... ගියා......... පරණ station එකට ,ජැටියට, ඊට පස්සේ බෝට්ටු සවාරි..පට්ට බයෙන් තමා ගියේ...
ReplyDeleteමාර විස්තරයක් තමයි මේක. නියමෙට තියෙනවා.
ReplyDeleteඇත්තටම ඇයි මේ අන්තිමට බූරුවෙක් ?
උස අඩි 3ක් වෙන්න ඕනෙ මොකෝ?
ReplyDeleteමරු ගමන.වැලි පර වල පොටෝස් එහෙම ගත්තේ නැද්ද?
ReplyDeleteතමන් ලැබපු සැපතක් තවත් කෙනෙක්ට ලබා ගන්න උදව් ඊම මහා පිනක්. ඔබ ඒ පින අද සපුරාගෙන ඇති බවයි පෙනෙන්නේ. නැහැනේ... කලිනුත් ඒ පින ලැබුවා. ඒකනේ මම කන්නෙලි ගියේ. එහෙනං තවතවත් පිංම ලැබේවා.
ReplyDeleteමෙවා දකිද්දී යන්නනම් ආසයි ඒත් මේ බෝට්ටු ගමන් වලට මගේ වැඩි මනාපයක් නෑ, නාගදීපේ ගිහිල්ලා මට සංසාරෙම ඒපා උනා යනකන් එනකන් වමනෙ දැම්මා , මම නිසාම අපේ කට්ටියටට ඩෙල්ෆ් යන්නත් බැරි උනා,
ReplyDeleteඑල photo ටික.
ReplyDeleteතනිකඩය කාලේ ඔවුවා ඔක්කොම බලාගන්න එක හොඳයි මලේ.. බැන්ද දාට ඉතින් ඔවුව හොයන්න වෙන්නේ නැහැනේ.. එතකොට බුරුවෙක් බලන්න ඕන නම් කන්නාඩියක් ලඟට ගියාම ඇති.. මන්නාරම් යන්න ඕන නැහැ..
ReplyDeleteමම හිතුවේ වැලිපර පහකට හයකට වත් බෝට්ටු සංචාරය යනවා ඇති කියල.
ReplyDelete"ඉපදිලා මැරිලා යන අතරේ ජීවත් වෙන කාල සීමාවේ දවස් දෙකක් හොයා ගන්න බැරිනං මෙහෙම ගමනක් යන්න මොකට ජීවත් වෙනවද නේද..?"
මෙන්න මේ කොටසට තමයි මේ ලිපියේ මම වැඩියෙම කැමති.
මම මන්නාරම බලලා තියෙන නිසා මට මේ විස්තරේ අරුමයක් නෙමෙයි..... ඒත් පොඩි එක අරුමයක් තියෙනවා....
ReplyDeleteඋඹ දාලා තියෙන කෑම ෆොටෝ එකේ මම හිතන්නේ තියෙන්නේ උදේ කෑම... එතන ඔම්ලට් දෙකක් තියෙනවා... ඉතින් මාරයා උදේට බිත්තර දෙකක් කන එක පුරුද්දක් විදිහට කරනවද? එහෙම නැත්නම් හම්බුන වෙලාවට දෙකක් කාලා දානවද?
අන්න අභීත සියුම් නිරීක්ෂනයක් කලා... ලැයික්..
Delete// ඉතින් මාරයා උදේට බිත්තර දෙකක් කන එක පුරුද්දක් විදිහට කරනවද? එහෙම නැත්නම් හම්බුන වෙලාවට දෙකක් කාලා දානවද? // පට්ට ලැයික්...
වෙන්දා වගේම අතිවිශිෂ්ටයි..!තව තවත්..චාරිකා යන්න ලැබේවා..!
ReplyDeleteනාවික හමුදාවයි මන්නාරමේ මිනිස්සු එක්කයි ටිකක් කතා කලානම් තවත් රසවත් විස්තර ගොඩක් ගන්න තිබුනා. ඔබ දකින්න ඇතිනේ මන්නාරමේ දුපතට යන පාලමේ මෙගොඩ තියන හමුදා කඳවුරට යන පාර පටන් ගන්න තැන. යුද්ද කාලේ එතන තමයි මහා රෑ හෙලිකොටර් බස්සවන්නේ නිවාඩු යන එන අය සහ තුවාලකරුවන්, රෝගීන් සහ සටනේදී මියගිය අයගේ සිරුරු රැගෙන යාමට. එමෙන්ම ආහාර ද්‍රව්‍ය සැපයීමට. ඔය පරණ පාලමේ එගොඩ සහ මෙගොඩ අතර වෙඩි හුවමාරු වෙනවා රෑ එළිවෙනතුරු. තවත් දෙයක්, මන්නාරමට ලංකාවේ කිසිම ටී වී චැනල් එකක් හරියට පෙනෙන්නේ නැහැ. (සැටලයිට් නැතුව) රේඩියෝ චැනල් එකක් ඇහෙන්නේ නැහැ. ඒ මිනිස්සු ටී වී සහ රේඩියෝ ඔක්කොම දකුණු ඉන්දියාවේ ඒවා විතරයි බලන්නේ අහන්නේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ජීවිතය විඳින මාරයෙක් මේ දැක්කමයි. ඉරිසියයිත් එක්ක
ReplyDeleteමාර ට්‍රිප් එක නෙව... තැන්ක් යූ කිව්වා බෙදා හදා ගත්තාට. ගිය අවුරුද්දේ මාර්තු වල ගියා මන්නාරම බලන්න. තලේමන්නරමේ නේවි කෑම්ප් එක ඇතුලේ තියන ස්ටේෂන් එකයි ජැටියයි දැක්කාම පුදුම කණගාටුවක් දැනෙනවා.
ReplyDeleteපරණ සිංදුවක් තියනවා "මන්නාරම් දුම් රියේ නැගලා....." කියලා. අහලා තියනවාද?
මරු
ReplyDeleteඑල එල නියම තැන් ටිකක් නේ මාරයියට බලන්න ලැබිල තියෙන්නේ ට්‍රයි කරලා බලන්න ඕනේ යන්න
ReplyDeleteඉපදිලා මැරිලා යන අතරේ ජීවත් වෙන කාල සීමාවේ දවස් දෙකක් හොයා ගන්න බැරිනං මෙහෙම ගමනක් යන්න මොකට ජීවත් වෙනවද නේද..?
ReplyDeleteනියම කතාව..
මාරයා අයියා මහින්ද මාමට අයියා අයියා කියන්ට ගිහින් අර එක පාරක් වගේ නාමල් bebita මල පනියි ඈ.
ReplyDelete"ඉපදිලා මැරිලා යන අතරේ ජීවත් වෙන කාල සීමාවේ දවස් දෙකක් හොයා ගන්න බැරිනං මෙහෙම ගමනක් යන්න මොකට ජීවත් වෙනවද නේද..?"
ReplyDeleteමමත් මේ වගන්තියට එකඟයි.
තිරුකේෂ්වරම් කෝවිලට ගියේ නැතිද.
එතන නාන්න හොද වැවකුත් තියෙනවා.
මටත් යන්න ඕන මන්නාරමට.......!
ReplyDeleteආනේ අන්තිමට ඔයා ෆොටෝ එකකුත් දාලා නේද? මාරයිනෙ. කවුද ඒ ෆොටෝ එක ගත්තෙ?
ReplyDelete(ඒ ඇත්තට කියපු ටික.)
(මෙන්න දැන් බොරුවට කියන ටික)
ඇත්ත්මයි නියමයි අයියෙ. ඔයා වාසනාවන්තයි මේ වගේ යන්න හිතෙන එකත්
අදත් නියම චාරිකා සටහනක්.. බුකියේ ඇල්බම් ටික හෙමීට බලමි..
ReplyDeleteඅපූරුය. කියන්නට වචන නැත. පට්ටම ඉරිසියාවකුත් හිතේය.
ReplyDeleteමාරයා අයියා ලස්සනට මන්නාරම ගැන විග්රහ කරලා තියෙනවා. මම මන්නාරමට යන එන කාලේ වගේ නෙමෙයි දැන් මෙි පේන දේවල් එක්ක. ඉස්සර මන්නාරම ටවුමෙ උනත් මිනිස්සු හෙන බයෙන් ජිවත් උනේ. දමිල උනාට මොකද, සමහර මිනිස්සු ලග නැති මනුස්සකමි ඔය පැත්තේ ඉන්න මිනිස්සුන්ට තියෙනවයි කියන එක මම අත්දැකිමෙන් දන්නා දෙයක්.
ReplyDeleteමාරයා අයියා, යක්තුඩුව (Devil Point) එහෙමෙ බලන්නත් යන්න ඇතියි කියලා හිතෙනවා. හැබැයි ඒකටනමි ගොඩාක් දුර යන්න ඔින මන්නාරමෙ ඉදලා. ස්තුතියි මෙි තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට..!!!
අගේ ඇති චාරිකාව මචං...
ReplyDeleteලංකාවට ගොඩ බැස්සට තාමත් හරිහමන් ට්‍රිප් එකක් යන්න බැරි උනානේ.
අර හැමෝම කිව්වා වගේ එක එක වගකීම් එක්ක තමයි මුකුත් කරන්න බැරි... :(
මාරේ මල්ලි අර අන්තිම කෑල්ල නම් සහතික ඇත්ත. ඔන්න අපි නම් ඒ කැටිගරියට නැතෝ. අපිනම් ආපු වෙලේ ඉඳලා පාරෙමයි.
ReplyDeletehenryblogwalker the Dude
නියමයි...
ReplyDeleteජයවේවා ඈ..
මන්නාරම් පිටිවැල්ලේ ..කුන්ඩුමනි දැක්කේ නැද්ද . එතන ගොහිල්ලත් බුරුවෙක්ව තමා දැකල තියෙන්නේ ...D . බොහොම ස්තුතියි ඉතින් මෙව්වා අපිට බෙදා දෙනවට . .මාත් යන්න ඕන දවසක . අර අන්තිමට කිව්ව කෑල්ල ට අපිත් මනාපයි . ඒ වගේම අර බුරු පැටියත් ලස්සනයි . දොන් පීටර් පියතුමා ලියු ''ඩිංකි'' මතක් වුණා. කියව නැත්නම් කියවන්න . ඔය පළාතෙන් කොළඹ ආපු බුරුවෙක් ගැන කියවෙන්නේ .
ReplyDelete//කවදා හරි මතක තියං සතුටු වෙන්න පුළුවන් අපි කරපු පිනුයි මේ වගේ සුන්දර ගමනුයි තමා.. එහෙම නැතිව මං වැඩට ගියා..ගෙදර ආවා..වැඩට ගියා ගෙදර ආවා..පඩි ගත්තා ගෙදරට දුන්නා කියලා හිතලානං නෙවෙයි..//
ReplyDeleteමේ කෑල්ලට මම අත් දෙකම උස්සලා හරි කියනවා. මමත් මන්නාරමට පය ගැහුවා යාපනේ ඉඳන් සංගුපිටිය පාළම හරහා ඇවිත් අලුත හදන පාර දිගේ. මට දැනුනේ කෙන්යාවේ චාරිකාවක් යනව වගේ. මම කෙන්යාවේ ගිහින් නැති වුනත් ඉතිං ඩිස්කවරි/නැෂනල ජෝග්‍රැෆික් තියෙනවනේ. ඊලඟට යන්න හිතා ගත්තා මන්නාරමේ.
මාරයෝ උඹ කවදාවත් කසාද බදින්ඩ එපා
ReplyDeleteමාත් කවද හරි දවසක මන්නාරම් යන්න ඕනා කියල හිතාගත්තා :D
ReplyDeleteපට්ට විස්තරයක් ලස්සන පින්තූර ටිකක්...
විභාග අභාග පැත්තක දාල පලයල්ලකො ඉතිං මන්නාරං.අපොයි මහපොලක සල්ලි යන ගමනක් නොවැ.කාමරේටයි, කන්ඩ බොන්ඩයි, බෝට්ටුවටයි.
ReplyDeleteමන්නාරම යන්න කලින් ලිපිය බලල යන්න ඕන. සංචාරයට මාත් බොහොම මනාප නිසා . මේ ලිපි පෙළ මට හරිම වැදගත් . බොහොම පින් ඇ .
ReplyDeleteමාත් ලගදි මන්න්නාරමේ ගියා, ටුවර් එකක්. ඒ ගිය ගමන අතරතුරදී මට ලැබුන අත්දැකීම් ටිකක් මේ.
ReplyDeleteමන්නාරමේ යන්න ලෙසිම, හොදම පාර කොලඹ - මීගමුව - හලාවත - පුත්තලම - නොච්චියාගම - අනුරාධපුර - රබෑව - මැදවච්චිය - මඩු - මන්නාරම. සුපිරි පාර දිගටම කාපට්.
තවත් පාරක් තියෙනවා ඔයිට වඩා ටිකක් ලග. ඒ නොච්චියාගමින් වමට හරවලා ඔයාමඩුවට ගිහිල්ලා එතනින් කෙලින්ම තියෙන පාරෙන් ආවම වැටෙන්නේ මැදවච්චිය - මන්නාරම පාරට. ඒත් මැදවච්චිය පාරට 10-15km විතර මන්නාරම පැත්තට වෙන්න,මට මතක හැටියට. මේ පාර ලගදි තිබ්බ "දැයට කිරුළ" ප්‍රදර්ශනයට හැදුවේ. නියම කාපට් පාර.
ඔය පාරේ යනකොට මන්නාරම කිට්ටුව හම්බවෙනවා ලොකු වැවක් "යෝධ වැව" කියලා. බලන්න හරිම ලස්සන තැන. වැව් බැම්ම උඩින් තමයි පාර යන්නේ. වැව් බැම්ම පාස් කරන්න 50-60Kmph විතර වේගයකින් ගිය අපේ වාහනයට විනාඩි 10කට වඩා ගියා. ඒකෙන්ම හිතා ගත්ත හැකිනේ වැව කොච්චර විශාලද කියලා.
සුප්‍රසිද්ද මඩු පල්ලිය තියෙන්නේ මාන්නාරමට නුදුරින්. මං හිතන්නේ මාරයාට එහේ යන එක මග හැරිලා වගේ.
ජීවිතේ පලවෙනි වතාවට "පලු" කියන පලතුර මං කැවේ මන්නාරමෙ යන ගමන්. මැද ඇටයක් තියෙන කහපාට පොඩි ගෙඩි ජාතියක්. හරිම රහයි. මග දිගට පාර දෙපැත්තේ ගස් වල මේ දවස් වල පලු තියෙනවා ඕනේ තරම්. පලු කන්න ගිහිල්ල හරි අපූරු සිදුවීමක් උනා අපිට.
අපි දැක්කා පාර අයිනේ තියෙන පලු ගහකට නැගලා ගෙඩි කඩන පොඩි ලමයි කිහිප දෙනෙක්. අපිට ඒ වෙලාවේ ගස් නගින්න බැරි නිසා අපි ඒ ලමයින්ට කිව්ව අපිටත් ටිකක් දෙන්න කියලා. අනේ ඒ ලමයි ඒ වෙලාවෙම අතු පිටින්ම කඩලා අපිට දුන්නා. ඊට පස්සේ අපේ වාහනේ හිටපු ගැණු කෙනෙක් රුපියල් 50ක්ද කොහේද දෙන්න හැදුවා ඒ ලමයින්ට. එහෙම කලේ ඒ ලමයින්ව හෑල්ලු කරන්න නෙමෙයි. අර ලමයි ටික සල්ලි එපාම කිව්වා. පස්සේ අර ගැණු කෙනා කිව්වා
' කමක් නැහැ පුතාලා මේක තියාගෙන බීම පැකට් කන්න' කියලා
ඒ වෙලාවේ එතන හිටපු එක ලමයෙක් කියපු දෙයක් මගේ හිතට තදින්ම කා වැදුනා
' සල්ලි එපා නැන්දේ, මේවා අපි වතුර දාලා හදපු ගස් නෙමයිනේ'
අපූරුම අපූරුයි පින්තුර පෙළ!
ReplyDelete