24 June 2012

කෙලින් කරගන්න මංකඩේ ගිය වැල අයියා...කල හොඳ පෂ්ෂෙන් එලෝනෝ...

"මල්ලියේ මේ කැලෑ පාරේ යද්දි හුගක් බයිසිකලේ ගැස්සෙනවා නේද..?"


"ඔව් අයියේ ඇයි අමාරුද වාඩි වෙලා යන්න..?"



"ඔව් බං මල්ලියේ..ටිකක් විතර කොන්දට අමාරුයි.. මේක මේ හුග කාලයක් ඉඳන් තියෙන කොන්ද අමාරුවක්..වැල ගහකින් වැටිලා ඒ දවස්වල..බෙහෙත් කලාට මොකද තාමත් විටින් විට මතු වෙනවා.."



"ඒ මොනවා කරන්න ගිහින්ද බං වැල ගහෙන් වැටුනේ..?"



"මේ වැලක් බලන්න ගිහින් සෝමේ...අහ් නැහැ වැල කන්න ගිහින් සෝමේ අයියා කියලා කෙනෙක් බැන්නා ගහෙන් බැහැපිය කියලා... හදිසියට පැන්න පාර වැටුනා ගහ පල්ලේ... ඒ අමාරුව තමා මේ... කොහොමටත් එයිට කලිනුත් කජු ගහක ඉඳන් සරම අල්ලගන්න වැටුන පාර කොන්ද ඇමැට්ටි වෙච්ච එකත් තියෙද්දිනේ අරෙහෙම උනේ..ඉතිං අමාරුයි..කාලෙක් කාලෙට වැඩි වෙනවා.."



"ඕකට අයියේ හොඳට තෙල් සාත්තුවක් කෙරුනනං හරියනවා..කලේ නැද්ද හරි හමන් වෙදකමක්..."


"කලා මල්ලියේ සැරින් සැරේ ඒත් කෝ ගුණයක් නැහැනේ...ඒක නෙවෙයි නැද්ද මේ පැත්තේ හොඳ සිංහල වෙද මහත්තුරු ඔය වගේ ඒවට..?"

"ආයේ නැතිව මොකද..? අයියට පේනවනේ මේ පැත්ත පට්ට කැලේ කියලා.. දැන් අපි ඔය ආව මලගෙදර කොල්ලා කිව්වට මේක හෙන ටවුම කියලා බලහංකෝ කොයි තරංනං කැලේටද අපි මේ රිංගුවේ කියලා.. ඉතිං මේ වගේ කැලෑ පැතිවල නැද්ද වෙද්දු..ඔය වගේ අද වෙච්ච කොන්දවල් නෙවෙයි ඕන එකක් කෙලින් කරලා දෙයි..එහෙම වැඩ කාරයෝ ඉන්නවා මේ කැලෑ පැතිවල.."

"අනේ මල්ලියේ ඔය ඇත්තමද..? මටත් මේක කෙලින් කොර ගන්න බැරිව තමා මං මේ කාලයක් තිස්සේ කල්පනා කරන්නේ..දැන් වයසත් එක්කනේ මල්ලියේ... ඉස්සර වගේ නැහැ...ඉස්සරනං ඔය අඹ දෙන්න කියලා කතා කරලා නංගිලා ආවම වැඩේ නිකංම කෙරෙනවා..දැන් එහෙම නැහැනේ.. මං කොයි තරංනං ඕකට හරියයි කියලා හිතෙන තැන් තැන්වල ගියාද..? බම්බල පිටිය පුරාම..සුපර්මාකට් පුරාම... හොඳයි කියලා හිතෙන තැන් හැම එකටම යනවා..කෝ..කිසිම වෙනසක් නැහැ.. ඇත්තටම මල්ලියේ කොහොමද ඔය කියන වෙද මහත්තුරු ඕක කරන්නේ..ගුලි වලින්ද..? නැත්තං තෙල් වලින්ද..?"

"නැහැ අයියේ තනිකරම තෙල් වලිනුයි තැවිල්ලෙනුයි..පත්තුවෙනුයි..."

"ඇහ් මාරයිනේ..අනේ මල්ලියේ මේ අහලක තියෙන එහෙම තැනක් කියහංකෝ.."

"ඇයි අයියේ යන්නකෝ මංකඩේ වෙද මහත්තයා ලගට..මේ කැලෑවෙන් එපිට කැලෑවේ...එහෙම නැත්තං කිරිනැලියේ වෙද මහත්තයත් හොදයි... ඒකනං හැබැයි කැලෑවෙම නෙවෙයි කෑලෙන් එලියේ අර මං වැඩ කරපු ඩිපෝව තියෙන ටවුමේ..පරණ ඩිපෝ එක ඉස්සරහමයි... ඔය කොතැනත් හොඳයි.."

"අනේ මල්ලියේ මං අද හෙටම යනවා..උඹට බොහෝම පිං මේ ඔත්තුව දුන්නට.."

----------------------------------------------
ටික දිනකට පසු....
----------------------------------------------

"හලෝ මේ මාරයාද කතා කරන්නේ..?"

"ආ ඔව් ඔව් මේ කවුද..?"

"ආ තෝද පරයා...%^$%$$%$$^%^^$%^$^% %^$%^& @$@@%$@%&*$%$@"

"ඇහ් මේ මොකද මේ කුණු හරප වැලක් කියාගෙන යන්නේ..?"

"ඈ යකෝ තෝ මට එදා කිව්වා නේද අර කෙලින් කරන වැඩේට මංකඩ වෙද මහත්තයා හොඳයි කියලා... නොදකින් පරයා... තව පොඩ්ඩෙන් මේක පොට්ටනියෙන් තවලා තෙල් ගාලා ඇදලා පත්තුව දාන්න ගිහින් මට ලොකු චූවෙක් ගන්න ගිහින් තියෙන කොස් ඇටෙත් දාලා පිච්චිලා යනවා.."

"ඇහ් මේ ** අයියා නේද..? යකෝ මොකක්ද ඒ ලොකු චූවගේ කතාව..තෝ මගෙන් අහුවේ කොන්ද කෙලින් කරගන්නනේ..ඉතිං ගියාද මංකඩේ වෙද මහත්තයා ලගට..?"

"ගියාද..? හුහ්..මං කියන්නේ නැහැ.."
--------------------------------------
ඇමතුම විසන්ධිවන ලදි...අර බයිසිකලේ යද්දී අඹ ගන්න ආව නංගිලයි..සුපර්මාකට්වල දර්ශනයි ගැන කිව්ව කතා ඒ වෙලාවේ මං ඒ හැටි කල්පනා නොකලට ඔන්න දැන් තමා මීටර් උනේ...
--------------------------------------

පසු සටහන...
_____________
දැන් යන ක්‍රමයට අනුවම කියතහොත් මෙම සිද්ධියට කිසිදු බ්ලොග්කරුවකු සම්බන්ධ නැත..කොටින්ම කිව්වොත් කොන්ද කෙලින් කරගන්න වෙදෙක් ඇහුවම ඒකට හරියන කෙනෙක් ගැන කිව්වම තමුන්ට තියෙන වෙන වෙන දේවල් කොදු කෙලින් කරන ක්‍රමයටම කෙලින් කරගන්න ගිහින් කෙලවගෙන ඒ කේන්තියට බ්ලොග් පෝස්ට් වලින් මඩ ගහන කෙනෙක් ගැනනං මේ ලිපියේ ලියාම නැත. මේක මේ කල හොඳ පස්සෙන් එලවීම ගැන පමණක්ම ලිවුව එකකි.

60 comments:

  1. Replies
    1. බලාගෙන අක්කේ... 1කේ අයිතිකාරයින්ගෙනුයි... 1ක ප්‍රශ්නයක් කරගත්ත ඇනෝ නංගිලගෙනුයි...:D:D:D

      Delete
    2. මම දහවැනියා විතර වෙන්න ඕනේ නෙහ් - කෝ අපේ මේ හොඳට දන්න යාලුවො ? :)

      Delete
    3. මං හිතන්නේ යාළුවා අද ගම් පලාතේ ගොහිං...

      Delete
  2. අරක තරම් මඩ සැර නෑ.

    ReplyDelete
  3. මම දෙක..මම හිතුව ඒත් මාරයියත් කෙලින් කරගන්න බෙහෙත් ගන්න ගිහින් වත් ද කියල..

    ReplyDelete
    Replies
    1. ආ තුන.. දෙක බැරි නම් තුනම තමයි

      Delete
    2. පොඩ්ඩ එහෙ මෙ‍හෙ උනානං පැන්ඩට තුනත් නැති වෙනවා...

      Delete
  4. දැන් ඉතින් ගූගල් සර්ච් කරපන්කෝ කොන්දෙ අමාරුව තිබ්බ බ්ලොග් කරුව කව්ද කියලා...

    ReplyDelete
    Replies
    1. මං කිව්වනේ මේකට එහෙම කවුරුවත් ගෑවිලා නැහැ කියලා...
      (වැල කියලා ගහලා බලහං)

      Delete
    2. හොයන්න දෙයක් නෑ.. උබ ඔය විස්තරේ කියල තියෙන්නේ... ඇට නැති හින්දා කෙලින් නූනනද මන්දා

      මේ ක්‍රමෙත් හොඳයි නෑ නෑ කිය කිය මඩ ගහන එක

      Delete
    3. හැබෑට ඒකට ඇට නැතිවීමත් බලපාන්න ඇහැකි නේද..?

      Delete
    4. ඇයි වැටුන දෙක තිබ්බේ පහුගිය දොහේ බුකියේ??

      Delete
  5. ලාවටද මන්දා ගැහුවේ... :)

    ReplyDelete
    Replies
    1. චී චී අපි එහෙම කාටවත් ගහන්නේ නැහැ...

      Delete
  6. අර කිව්ව බ්ලොග් එකටත් ලින්ක් එත් ඔය කොහාට හරි රිංගවල දාන්න අයියා :D

    ReplyDelete
    Replies
    1. මං කිව්වනේ එහෙම නැහැ කියලා..තියෙනවනං මං වැනි වැනි ඉන්නවද වැල් කෑල්ල වගේ...

      Delete
    2. අර කිව්වත් වගේ කොන්දෙ අමාරුව හැදුනෙ කාටද කියල එක google search එකයි දැම්මෙ (last week option එක වටින්නෙ ඒ වෙලාවට ;D)

      Delete
    3. අම්මපා එහෙම දැම්මම බඩු වැඩ නේන්නං...

      Delete
  7. පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එක පැත්තෙ ඉන්නවලු අක්කලා ටිකක්... රෑ 9න් පස්සෙ ඒගොල්ලොත් කෙලින් කරන්න බැරි ඒවා කෙලින් කරගන්න උදව් කරනවලු....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේ දවස්වල හපන අක්කලා ඉන්නවා කියලා අයියා ඒ සුපුරුදු සබ්ජෙක්ට් එක අතෑරලලු මේ ටිකේ...

      Delete
  8. හයියෝ ලියන එක ලියලා ලියන්නැති වෙන්නම්. අනේ මන්ද? මේක මඩ කිව්වට...... නැහැ බොහෝම ටිකයි.

    ReplyDelete
    Replies
    1. හොඳයි ටිකයිනේ අයියා...
      (අයියා ගිහිං ආරංචිය කනේ තියලා තියෙනවා දැක්කා..ඒත් අද පොතේ හැටියට අදාල බුවා නෙට් නැහැ... ඒකයි බය නැතිව දැම්මේ... ඒත් කතාවට අදාල කැලෑ කොල්ලානං බුකියේ හිටියා නොහිතුව විදියට..ඒත් ඌට මේක මීටර් වෙලා නැහැ...

      Delete
  9. මෙහෙමත් මඩ ගහන සිරිතක් තියෙනවද?මේක තමයි නියම ක්‍රමේ දැන් ඉතිං කට්ටිය හොයනවනේ කවුද මේ කෙලිං කරගන්ඩ බැරි එක්කෙනා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව්වා පොරසිද්ධ රහස්...

      Delete
  10. / / තව පොඩ්ඩෙන් මේක පොට්ටනියෙන් තවලා තෙල් ගාලා ඇදලා පත්තුව දාන්න ගිහින් / /

    පරණ මයිනර් වලට ජෙට් ඇන්ජින් හයි කරන්න බැරි බව දන්නෙ නැද්ද ඔය අයිය...

    "වෙනිවැල්"ගැට ටිකක් වත් ත්ම්බල බොන්ට වෙයි..

    ReplyDelete
    Replies
    1. මේකනේ සපා වැඩේ...ඔය අයියා කොහොමත් අළුත් අළුත් ගැජමැටික්වලට කැමතියි... නිතරම ඒ වගේ දේවල් වලට උනන්දුයි..පොර ‍හිතන්න ඇති මේකත් එහෙම ගොඩ දාගන්න...

      Delete
    2. ""වෙනිවැල්"ගැට ටිකක් වත් ත්ම්බල බොන්ට වෙයි.."

      "දැන් යන ක්‍රමයට අනුවම කියතහොත් මෙම සිද්ධියට කිසිදු බ්ලොග්කරුවකු සම්බන්ධ නැත.."

      මල මගුලයි . . .

      Delete
    3. එහෙමනේ බං මේ දවස්වල කියන්නේ..හාවෝ හැදුව උනුත් නැහැ..උඳුපියලිය මැල්ලුං කෑව උනුත් නැහැ... බයික් පදින බ්ලොග් ලියන උනුත් නැහැ... ආන්න ඒ වගේ කෙලින් කරගන්න පත්තු බඳින උනුත් නැහැ මේ බ්ලොග් අවකාසේ...

      Delete
  11. යකෝ අර මනුස්සයගේ මෙව්ව එක තව පොඩ්ඩෙන් . . මනුස්සයෙක් යමක් කියද්දී සිහිකල්පනාවෙන් අහලා උපදෙස් දීපන් . . හික් හික් හික් පොරට උඹව අහු උනා නම් එහෙම උබේ මෙව්ව එක ආයි පොරෝජනයක් ගන්න බැරි එකක් කොරලා තමයි පස්ස බලන්නේ උඹ දුන්නු උපදෙස් නිසා . . .

    ReplyDelete
    Replies
    1. කවුද බං හිතන්නේ කොන්දෙ අමාරුව ගැන කියලා වෙන එහෙකට බෙහෙත් කරන්න යයි කියලා.. නිකමට වගේ හිතලා බලහංකෝ පොර අරකට තෙල් සාත්තුව දෙන හැටි කොහොමද කියලා.. උණු පොට්ටනියෙන් තවලා...තෙල් ගාලා..පත්තුව ගාලා රෙදි කඩකින් ඔතලා...:D:D:D

      Delete
    2. දැන් මාරය අය්යේ උබ කිය්න්නේම එදා අර බෙහෙත ගත්තේත් රාජ අය්යට නෙවෙයි...

      Delete
    3. ඔන්න බොලාගෙ කැත හිත. බ්ලොග්වලට සම්බන්ධ කෙනෙක් ගැන නෙවෙයි කිව්වමත් මේ රාජ අයියට බෙහෙත් ගන්න ගිහිපු සීන් එකක් කියවනව. කැතයි හොඳේ ...

      Delete
    4. කියලා වැඩක් නැහැ බං..එක්කෝ මුංට හිංගල තේරෙන්නේ නැහැ..එක්කෝ මට තේරෙන්නේ නැහැ...

      Delete
  12. යකෝ ඒ පාර වටෙන්ම එක තැනකට මඩ වදින්න අරගෙන නේ,,අයියෝ කාතාවෙන් උනත් හරි නිවිච්ච මනුස්පයා,,ලොකු හොම්බක් තියන කැමරාවක් තිබුනට,,, එහෙව් කෙනා ඕවා කෙලින් කරන්න යයිද?

    ReplyDelete
    Replies
    1. ඔහොම වෙනවා මල්ලි වටේටම නෙලාගෙන යන්න ගියාම... හැමදාම ඒ කෙටිලි හරියන්නේ නැහැ..කෙහෙල් ගසුත් අහු වෙනවා..

      Delete
  13. සික් අර නිවිච්ච තැන්පත් මනුස්සයට නේද මේ වට කරන් වටෙන්ම මඩ ගහන්නේ ඒ පාර. හොම්බ දිග කැමරාවක් එල්ලන් උන්නට මිනිහා හොද මුනියා,,ඕවා කෙලින් කර ගන්න ඔය තරම් අමාරුවකුත් පෙනුනේ නෑ

    ReplyDelete
    Replies
    1. කතාවෙන් නිවිච්ච උනාට මල්ලි කෙරුවාවෙන්නං පත්තු කරගන්න සූදානං වෙච්ච ගමන්නේ...

      Delete
  14. ඇද වෙච්ච පැත්තට ගිය ඕනැ කොන්දක් කෙලින් කරන්න අපේ හෙළ වෙදුන්ට පුළුවන්. ඒත් දැන් ඉන්න ගොඩක් උන් බොරු කාරයො.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... හෙළයින්ට ඔව්වා වැඩ නෙවෙයි...

      Delete
  15. ඉතින් කෙලින් කලා ද ?

    ReplyDelete
    Replies
    1. කෙලින් නොවුන වේදනාවට තමා අර බ්ලොග් එකෙන්..අහ් නැහැ නැහැ එහෙම මුකුත් ලියලා තිබුනේ නැහැ..:D

      Delete
  16. තූ විතරක් මන් නැති දවසෙම කාටදෝ අහිංසකයකුට මඩ ගහලා ඒ පෝස්ට් එක වහලත් එක්ක..මට පේන්නෙ නැති වෙයි කියලා..පව් ඩෝ..මාත් දන්නවා ඔය කියන මනුස්සයා..කාටවත් මඩක් ගහන මනුස්සෙකුට නම් මඩ ගැහුවට කමක් නෑ..අර අච්චර මූනු පොතෙත් මඩ ගහන්න ඕනි තරම් ෆොටෝ යද්දි දැක්කෙ නෑ..ඇහුනෙ නෑ වගේ ඉන්න මනුස්සෙකුට නේද මෙහෙම මඩ ගහලා තියෙන්නෙ..චික් පව් වැඩ ඔව්වා නම්..

    ReplyDelete
    Replies
    1. ආ වෙනී අයියා..අද කොහේ හරි ගියාද..?
      ආයේ කොහේ හරි යනවනං ටිකක් කියල පලයං ඈ...

      මේවට අයියා කලබල වෙන්න කාරි නැහැ..මේ හාදයා වැරදි කෙනාට ගලක් විසි කලා නෙව...:D

      (මේ ඒක නෙවෙයි අර තැන හොයා ගත්තද?)

      Delete
  17. ඩිපෝ එකනම් එතන දැන් නැහැ... හැබැයි කිරිනැලියේ වෙද මහත්තයානම් තාම එතන ඉන්නවා... ( මාරයත් උන්නැහේගේ පරණ කස්ටමර් කෙනෙක් වගේ) ( උදුපියලිය ගලවන්න ගිහින් කොන්දෙ අමාරුවක් හැදිලා නැතෙයි......!)

    ReplyDelete
  18. :D :D :D
    කව්ද අප්පේ ඒ වාසනාවන්තයා?? :p

    ReplyDelete
  19. පලවෙනි අයියත් ඇවිත් නේ? පලවෙනි අයියා දෙල්කඳ පොලෙත් නෑ කිව්වේ වෙනිවැල් ද මන්දා බේතට?

    (ඉරට්ටක්‌ වත් ගැටගහන්න වෙයිද මන්දා)

    ReplyDelete
  20. මාරය දාල තියෙන විදියට නමට අකුරු දෙකයිනෙ තියෙන්න ඕන.

    ReplyDelete
  21. මාරයා වෙදකමටත් බැහැල වගේ.. පටන් අරන් තියෙන්නේ බ්‍රෝකර් වැඩෙන්.. හැබැයි ඉතින් අර ගොයියාව වෙදෙක් ලඟට නොයවා වේද හාමිනේ කෙනෙක් ලඟට යැවුවා නම් ඒ කොන්දත් කෙලින් කර ගන්න තිබුනා.

    ReplyDelete
  22. ලංකාප්‍රියගේ කතාව මමත් අනුමත කරමි.

    ReplyDelete
  23. වෙනිවැල්පිටිය අය්යට නේද ඕක උනේ.

    ReplyDelete
  24. අනේ මන්දා මේවා......

    ReplyDelete
  25. ඔය අයියට මෙහෙමත් කෙලිං කරගන්න පුලුවං

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. මූ දැන් මඩ ගහන්නේ හීනියට.

    ReplyDelete