ටිකක් පරක්කු උනත් ඉතිරි හරියත් කියලම ඉවර කරන්ට එපෑ...
යද්දි ගැස්සි ගැස්සි ගිය හින්දයි..ගිය පාරෙම ආපහු එනවට වඩා වෙනසක් ගන්ටත් එක්කලා ඔන්න ආපහු එන්ට පිටත් උනේ විල් පත්තුව අතෑරලා මන්නාරම මැද වච්චිය පාරෙන් තමා.. අර කලින් ලිපියෙදී අපේ ඩිලාන් ඒ පාර ගැන කියලත් තිබ්බා නෙව..මං ඉතිං එතනදී සද්ද නැතිව හිටියේ මේ ලිපියෙන්ම ඒ වග කියන්ට බැරියෑ කියලා හිතං..
කොහොම හරි මං හිතං හිටියේ දවස් දෙකක් මන්නාරමේ නැවතිලා ඉන්ට උනත් දෙවැනි දවසෙත් මන්නාරමේ රෑ ගත කරන එකේ තේරුමක් නැහැ කියලා හිතුවේ දෙවැනි දවසේ දහවල් වෙද්දී බලන්ට තියෙන සෑහෙන හරියක් බලලා අහවර කරපු හින්දයි.. ඒ පාර නවාතැන් පොලෙන් දවාලට කෑම බීමත් අරං ගනන් හිලවු එහෙමත් පියවලා හවස් අතේ අනුරාධ පූරේ පැත්තට එන්ට කියලා පිටත් උනා...
ඒ එන අතර මගදී මන්නාරමේ ඉඳන් කිලෝ මීටර් 18ක් විතර එනකොට මාර්ගයේ වම් පැත්තෙන් පිහිටිය යෝධ වැව බලන්ටත් ගියා..
හැබැයි මේ වෙනකොට යෝධ වැව බොහෝම දුප්පත් වෙලා තිබුනේ...වතුර මට්ටම බොහෝම දුක්ඛිත තත්වයක තමා තිබුනේ..ඒ පැත්තට තදින් පෑවිල්ල නෙව... ඒත් හිතා ගන්නට බැරි තරං යෝධ වැව විශාලයි... අර කවුද කලින් කියලත් තිබුනා වගේ මේ යෝධ වැවේ වැව් කන්ද සෑහෙන්න දිගයි.. මෙයිට කලින් මම කවුඩුල්ල වැව බලන්න ගිහින් තිබුන හින්දා මිස නැත්තං මේක තමා දැකපු දිගම වැව් කන්ද කියලා උනත් කියන්න හැකියාව තිබුනා.. ඒත් මං හිතන්නේ කවුඩුල්ලත් මෙයිට දෙවැනි නැහැ... අනික තමා කවුඩුල්ල ඇත්තටම මෙයිට වඩා ලස්සන වගේම බොහෝම පෝසත් වැවවක්.. ඒත් මේකත් වතුර පිරිලා තිබුනනං අර වගේම තැනක් වෙන්ට තිබුනා...
එයින් පස්සේ හම්බ උනේ මඩු පාර... ඒත් මං මඩු පල්ලිය බලන්ට ගියේ නැහැ.. මොකද ඒ වෙනකොට ටිකක් හවස් වෙලා තිබුන හින්දත්... කෝවිල් පල්ලි බලන්ට යන්න වගේම පැරණී දේවල් බලන්ට නැතිනං අළුත් පන්නේ පන්සල් බලන්ටවත් මං ගමන් වලදී කාලය වෙන් කරනවා අඩුයි... ඒ හින්දා කෙලින්ම ආවා මැදවච්චි දිහාවට.. ඒ එනකොට මග දිගටම දැකපු විශේෂම දේ තමා අළුතින් හදාගෙන යන රේල් පාර.. මං හිතන්නේ තව වැඩි කලක් නොයා කතෝලික බැතිමතුන්ට මඩු වන්දනාවේ රේල්ලුවෙන් යන්ට හැකියාව ලැබෙයි වගේ.. ඒතරම් වේගයෙන් වැඩ කටයුතු කෙරෙන විත්තිය පේන්ට තිබුනා... පාරේ වම් පැත්තෙන් සංවර්ධනයේ ලක්ෂණය බොහෝම හොඳින් පේන අතරේ දකුණු පැත්තේ එක තැනකදී තරමක් නරක ලක්ෂණයකුත් පේන්ට තිබුනා.. ඒ තමා තවමත් පිරිස රඳවා සිටින බව පේන්නට තිබුණ සරණාගත කඳවුර...මට මතක විඳියට "මැණික් ෆාම්"... ඒ කඳවුර තාම තියෙනවා... ආ ගිය ගමන් වලදී දැකපු එකම තැන... ඒකත් ඉක්මනටම අහක් වෙලා ඒ මිනිස්සු ටිකත් පදිංචි කරවලා ඉවර උනානං ලොකු දෙයක්.. ඒ ඇරුනාම නං දැනට ඒ පැත්තේ තත්වය සෑහෙන දුරට හොඳයි යුද්ධයක් තිස් අවුරුදු යුද්ධයකට පස්සේ...
කොහොම හරි ඔන්න ඔහොම ඇවිත් මැද වච්චියට නොයා එයිට අතර මගින් දකුණු පැත්තට තිබුන තන්තිරිමලේ පාර දිගේ මං ආවා..හප්පට හුඩු ඒකත් දැන් කාපට් කරලා... හැබැයි වැඩේ හොඳට නොකෙරුන තැනුත් තියෙන ගති තැනින් තැන පේන්ට තිබුනා... මං හිතන්නේ ඔයා මඩුව දැයට කිරුළ වෙනුවෙන් හදපු දඩි බිඩි පාරක්... ඩඩ්ලි උන්නැහේට කුඹුරු කියලා මාන යායවල් පෙන්නපු.. ප්‍රේමදාස ගොයියට පාරවල් අළුතින් තාර දැම්මා කියලා පේන්න උණු තාර වලින් පාරවල් පාට කරපු උන් ඉන්න රටේ ඕක ඔහොමම තමා... කොහොම උනත් තන්තිරිමලේ පන්සල හරියට එනකොටනං පාර හොඳටම හොඳයි..ඒ පාර දිගේ ඇවිත් මං කෙලින්ම අනුරාධ පුරේට ඇවිත් රෑ නැවතුනා දුම්රිය නැවතුම් පලේ විවේක කාමරයක.. ඒ පහුවදා උදේ ආපහු එන බලාපොරොත්තුවෙන්... හොඳම වැඩේ උනේ පහුවදා තමා ඉතිං...
ඇත්තම කිව්වොත් මට එදා පාර වැරදුනා...
සාමාන්‍යයෙන් මං ගමන් යද්දී ගූගල් දෙයියගේ සිතියං පොජ්ජ හොඳට මංදෝ කරලයි යන්නේ.. එතකොට ඉතිං ආයේ අම්මේ මුත්තේ කිව්වත් මට පාරක් වරදිනවා බොරු..ඒත් මේ පාර මං ගියේ මේ පැත්තෙන් එන්න හිතං නෙවෙයිනේ...
කොහොම හරි උසේ හයාමාරට විතර අනුරාජපුරෙන් පිටත් උන මංතුමා අතර මගදී නැවතිලා පැය බාගයක් විතර කලා ඔය ගාව නැවතිලා කුරුල්ලන්ව පොටෝ ගගහා හිටියා..
ඒ කරලා තව තැනක නැවතිලා බඩ ඉරිඟු කාලාත් ආවා... ආ එයිට කලින් අනුරාධ පුරෙන්ම කිරි කෝපි පාරකුත් දාලයි ආවේ..ඔය ඔක්කෝම කරලත් උදේ අට හමාර වෙද්දි මං වාරිය පොලට ආවා... ඒ කියන්නේ හරියට බැළුවොත් තව පැය එක හමාරක් ඇතුලත (උදේ 10 වෙද්දී) කොල්ලා ගෙදරට එන්න ඕන..ඒත් එදා මං ගෙදර එද්දී හවස දෙකයි කාලයි... ඒ අතරතුර කාලය තුලදී කොල්ලට මොකද උනේ..? අන්න ගැටළුව...
1
ReplyDeleteමඩු පල්ලියට කලින් තියෙනවා කත්තර පල්ලිය කියල පල්ලියක්. ගොඩාක් හාස්කම් තියෙන පල්ලියක්. අපිත් මන්නාරමට ගියා.
Deleteනියම ට්‍රිපක් මාරයියේ...
යහළු මාරය, එය කදිම විස්තරයකි. අවසානයේදී වාරියපොළට පැමිණීමත් දෛවයේ සරදමකි, ඒ අන් කිසිවක් නිසා නොව ඔබ ගරු කරන රාවණා රජතුමගේ වාත+රිය+පොළ හෙවත් දඬුමොණර එයාර්පෝට් එක එහි තිබුණ බැවිනි.
Deleteමම 2 මන්දා
ReplyDeleteඔව්ව් ඔව්ව් :පි
Deleteඅයියෝ පාර වැරදිම් නම් මටත් වෙලා තියෙනවා අනුරාධපුරේ මුලින්ම යන ඔන කෙනෙකුට පාර වර දින්න ගොඩක් වෙලාවට පුලුවන් මොකද ලංකාවේ වට රමුම් වැඩිම ගානක් තියේන්නේ අනුරාධපුරේ නිසා
Deleteඔයා ලියලා තියෙන්නේ මොකක්ද කියලා බලන්නේත් නැතුව තමයි මම එක කියලා දැම්මේ ඒත් මම ලියපු එක කියවලා තමයි දෙක උනේ
ReplyDeleteබලමු කොල්ලාට මොකෑ වුනේ කියලා. අනේ මද මේ ගමන් ගැන නම් මට ඊරිසියයි. උබහැ අපි වගේ නෙමෙයිනෙ. අපිට වගේ කුටුම්භ පෝෂණය කිරීමේ පාපය නැතිකම.
ReplyDeleteඅනුරාධපුරේ පාරවල් තියෙන්නෙ කොටු රූල් පොතේ විදියට,,, අනිවා වරදිනව
ReplyDeleteඒ අතරතුර කාලය ඔය කොහේ හරි රිංගන්න ඇති.
ReplyDeleteඅනේ අර පිංතූර ටිකනම් හරිම ලස්සනයි . ඔන්න අම්පාරට පස්සේ මේ පැත්තෙ යන්න හිතා ගත්ත . මේ විස්තර ටික හරි වටිනවා .
ReplyDeleteඅම්පාරේ යනවනම් රජගලත් නගින්න
Deleteසංවර්දන කටයුත්තකට යොදාගත්තාවත්ද?අනුරාධපුරේ....
ReplyDeleteපැන්නා නේද කොටුවක්????? :) :)
ReplyDeleteනැත්තං මෙච්චර වෙලා මොකක් කලාද?
මාරයාට පාර වැරදිලා කොහේ හරි අතරමං වෙන්න ඇති
ReplyDeleteඔයාට වෙන මොකුත් උනේ නෑ... වාරියපොලින් හලාවත පාරට දාලා කටුපොත පාරට හරවන්නේ නැතුව කෙලින්ම ගියා.. ඊට පස්සේ කුලියාපිටිය පැත්තේ චාටරේ කාලා ආවා.. තත්ත්වය වඩා දරුනු වෙන්නේ කෙලින්ම හලාවත පැත්තට ගිහින් තිබුනනම්....
ReplyDeleteමට හිතෙන්නේ එහෙමයි...
මාරයින්ටත් පාර වරදී !!!!!
ReplyDeleteඕ .... මාරය මංමුලාවෙලා.
ReplyDelete"මං මුලාවී පාර සොයාගෙන..."
ReplyDeleteමොකෝ මරයියේ උනේ... :)
අපි දන්නවැයි..ඔය මාර ගමන්,...හි..හි..!
ReplyDeleteබලමුකෝ කොල්ලට මොකෑ වුනේ කියලා.
ReplyDeleteකොල්ලට (අන්කල්ට ) මොකද වුනේ :D
ReplyDeleteඅනුරාජ්පුරේ ගැටිස්සියකට සෙත්ත පෝච්චියක් මන්ද කෙරෙව්වද?
ReplyDeleteඔය තියෙන්නේ ලස්සනට :)
ReplyDelete"මට මතක විඳියට "මැණික් ෆාම්"...
ReplyDeleteමාරයෝ ගිහින් බලපන්කො මුලතිව්, පුඩුකුඩුඉරිප්පු පැත්ත. එහෙ අඩියක් ගානෙ බිම් බෝම්බ, මර උගුල්, පුපුරා නොගිය යුධ උපකරණ. ඒවා සුද්ද කරනකම් මිනිස්සුන්ව ආපහු යවන්න අමාරුයි. දැනටම සැහෙන යවල තියෙන්නේ. ඒත් සුද්ද කරන්නම අමාරුම හරියක් තමා දැන් තියෙන්නේ.
(මෙහෙ යන්න අවසර ගන්න ඕන මොකද බලන්න ඕන දේවල් සැහෙන තියෙන්නේ හමුදා කදවුරු ඇතුලේ නිසා. ඒ වගේම තමා clear කරලා නැති නිසා තනියම යන්න දෙන්නේ නෑ)
25
ReplyDeleteමග හොඳට තිබේනම්
ReplyDeleteයන්න දෑසත් පෙනේනම්
කිම බැදි වල යන්නේ
මං මුලාවූ එකෙකු සේ?
උඹට කිව්වා නෙවෙයි මාරෙ මල්ලි,
මේ පවුල් සංවිධාන සංගමේ සින්දුවක් මතක් වුනා. :)
henryblogwalker the Dude
වාරියපොල හන්දිය කියන්නේ පාරවල් 5ක් එකතු වෙන තැනක්. (කොල්ලා ???) කොහේ මකබෑ උනාද?????
ReplyDeleteබොහොම අපූරු ගමනක් සහෝදරයා..කෙනෙක් චාරිකාවක යෙදෙනකොට ඒ කෙනාට ඒ චාරිකාව දැනෙන හැටි නොඑසේනම් “චාරිකා සටහන්“ කියවන්න මම හරි කැමතියි..ඒකට මම ඇබ්බැහි වුනේ අවුරුදු 11 දී රොබට් නොක්ස්ගේ “එදා හෙලදිව“ සහ “මහ කැලයේ යාම“ පොත් කියෙව්වට පස්සේ..ඒක නිසා මේ ලිපි පෙලටත් මම හරි කැමතියි
ReplyDeleteඅනුරාදපුරේ දුම් රිය පොලේ විවේක කාමරේ ගැන කියනවද මචන්. ගාන කියද
ReplyDeleteපහසුකම් කොහොමද? රෑට නිදා ගන්න පුළුවන්ද කෝච්චි සද්දෙත් එක්ක
කොහෙන්ද බුක් කරන්නේ. පහසුක්ම වල තත්වේ කොහොමද?
අනුරාධපුරේ විවේක කාමර ගැන...
ReplyDeleteඅනිත් තැන්වල නැති උනාට මෙහෙ සිංගල් රූම් තියෙනවා..ඒත් ගන්න එපා..ඒවට වෙනම බාත් රූම් නැත.මිල රුපියල් 860 ක් හෝ 960කි. අද මං ගාව බිල නැහැ ගෙදර ගිය දවසක ඕනනං හරියටම කියන්නං. මේ ටිකේ දීර්ඝ ඩියුටියක පැටලී ඇත. ආයෙ නං ඩබල් රූම් එකක් අර ගන්නවා මිසක් සිංගල් රූම් වැරදිලාවත් ගන්නේ නැත.
ඩබල් රූම් එකක් 1120
තව 5 දෙනෙකුට විතර ඉන්න පුළුවන් කාමරත් තියේ..ගාන මට හරියටම මතක නැහැ. ඒත් 3000කට අඩුයි.
ඩබල් රූම් සහ අනිත් ලොකු කාමර කිසි අවුලක් නැත පහසුකම්හී වරදක්ද නැත. කෝච්චි සද්ද උඩට ඇහෙනවා අඩුයි..ඒත් නැත්තෙමත් නැහැ..මටනං ඉතිං ඒවා ගානක් නැත...
කලින් බුක් කරන්නනං දුම්රිය සේවයේ කවුරු හරි උවමනයි. නැත්තං එහෙට ගිහින්ම කතා කරලා ගතෑකි. ඒකට වෙන කිසිවක් උවමනා නැහැ. හැදුනුම්පත තිබුනම ඇති.
පින්සිද්ද වේවා :-)
ReplyDelete