අනුරාධ පුරයේ ඉඳන් නිට්ටඹුවට එන්න ලේසි පාරවල් දෙකක් තියෙනවා.. එකක් තමා දඹුල්ල කුරුණෑගල හරහා...
අනික තලාව පාර..ඒ කියන්නේ තඹුත්තේගම හරහා පාදෙණිය හන්දියටත් එතනින් වාරියපොලටත් ඇවිත් කුරුණෑගලට එන්න තියෙන පාර...
මම ඔය පාරවල් දෙකින් වැඩිය කැමති තලාව පාරට..මොකද පාර කෙටියි.. හොඳයි... ට්‍රැෆික් නැහැ... දඹුල්ල හරහා එනකනං ඕනෙම නැහැ..දුරයි..පාරත් තැනින් තැන සවුත්තුයි... ට්‍රැෆික් වැඩියි...
තලාව පාරෙන් ආවමත් මං පුරුදු වෙලා තියෙන්නේ කුරුණෑගලට යන්නේ නැතිව වාරිය පොලින් කලු ගමුව හරහා නාරම්මල ගිරි උල්ල හරහා ආපහු එන්න...

ඒ කියන්නේ ඔන්න ඔය පාරේ...ඒත් ඔය පාරට අමතරව තව පාරක් තියෙනවා ඒ තමා කලුගමුව පැත්තෙන් නොයා හලාවත පාරේ ගිහින් රඹෑව හන්දියෙන් වමට හැරිලා කටුපොත/කඩහපොල හරහා නාරම්මලට එන පාර..

ඒ කිව්වේ ඔන්න ඔය පාර... ඕක ගූගල් මැප්වලින් දැකලාතිබුනට මං ඕකේ ඇවිත් නැහැ කවදාවත් ඉතිං මන්නාරං ගිහින් ආපහු එන අතරවාරයේ මට හිතුනා කෝකටත් හොඳයි පාර බලාගන්නත් එක්ක ඒ පාරෙන් එන එක කියලා... ඉතිං වැඩිය හිතන්නේ නැතිව මං හැරෙවුවා හලාවත පාරට...
අර අභීත කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලදී කියපු දේම මටත් උනා... ඒ කියන්නේ රඹෑව හන්දිය මග ඇරුනා..මං කෙලින්ම ගියා... ටික දුරක් යද්දී මට තේරුනා දැන්නං උවමනාවටත් වඩා ඉස්සරහට ඇවිත් තමා කියන එක... ඒත් තව ඩිංගක් යමු කියලා හිතලා ගියා.. එහෙම ගිහින් මං නැවතුනේ කොහේද..?

දෙයියනේ පඬුවස් නුවර...
පොතේ පතේ දැකලා තිබුනට මං කවදාවත් පඬුවස් නුවර තියෙන්නේ කොතනද කියලා දැනං හිටියෙත් නැහැ... හොයන්න වෙලාවක් අහු උනෙත් නැහැ.. එක පාරට පාරේ දකුණු පැත්තේ තිබුන පැරණී නටඹුන් ස්ථානයක්
දැක්ක හින්දා කෝකටත් ගෙහුන් එතන බලද්දී තමා වැඩේ අහු උනේ.. ඒකට පින් සිද්ද වෙන්න ඕන ඒ වෙලාවේ එතැන සුද්ධ පවිත්‍ර කරමින් හිටිය මනුස්සයට.. උන්දැගෙන් ඇහුවම මේ කොහේද කියලා ඔන්න කියපි මේ තමා පඬුවස්නුවර.. මෙතැන විතරක් නෙවෙයි අර පේන සෙන්ට්‍රල් එක ලඟින් හැරිලා ගියාම තව නටඹුන් හුඟාක් බැලියැකි කියලා...
මයි කාර්.. ඔහ් නැහැ.. මයි බයික් මයි පැට්‍රෝල් කිව්වළු.. පාර වැරදුනත් මොකද කවුරු දකින්නද කවුරු බලන්නද.. ඒ පාර තීරණේ ගෙදර යන එක කල් දාලා පඬුවස් නුවර නටඹුන් බැලීම...
කියලා වැඩක් නැහැ..පලවෙනි පරාක්‍රම බාහු රජු විසින් තනාපු සුවිශාල රජ මාළිඟය..
අර පොලොන්නරුවේ තිබුන වෛජන්ති ප්‍රසාදයේ නිවුන් සහෝදරයා වගේ ඇති... ඒ අස්සේම අපේ සෙල් ලිපි යාළුවා... නැහැ නැහැ වර්ග පූර්ණිකාවේ ජයරත්න නෙවෙයි... නිශ්ශංක මල්ල රජ්ජුරුවෝ..ආන්න උන්දැ විසින් මෙතනට ඇවිත් මෙතනත් තියලා ගිය උන්දැගේ හඳුනාගැනීමේ සලකුණ..සෙල් ලිපිය..
රජ මාළිඟාවත් අවට රාජකීය උයනත් වට කොට බැඳි ප්‍රාකාරය..එයිට පිටින් වූ දිය අගල... තනිකරම සීගිරීයේ දිය අගලත් පිටත ප්‍රාකාරයත් සිහියට නඟනවා..සීගිරියටත් වඩා හොදින් දිය අගල හා ප්‍රාකාරය වටා සම්පූර්ණයෙන්ම වටයක් යන්න ඇහැකි... එයින් පිටත තවත් පුරාවිද්‍යා භූමියක ඉපැරණි වෙහෙර විහාර නටඹුන්...
ඒ ටික සෑහෙන වෙලාවක් බලලා අන්තිමට ගියා හොයාගෙන වටිනම දේ බලන්න..උන්මාද චිත්රාවන්ගේ එක්ටැම් ගේ බලන්න...
කලින් ස්ථාන වගේ නෙවෙයි එතැනට යන්න තියෙන්නේ පන්සල් භූමියක් හරහා..හැබැයි කිසිම කරදරයක් නැතිව ගියෑකි... ගිහින් බැළුවම මෙන්න තියෙනවා පොට් එක...කියලා වැඩක් නැහැ හෙන විසාල තැනක්...
හැබැයි මෙහෙම බෝඩ් එහෙකුත් එක්ක...
ඉතිං අන්තිමේදී පාර වැරදුනත් දෙයියනේ කියලා ඔරුවේ පෙරළුන පිට ෂෝක් කියලා හිතං මං පැය ගානක් පඬුවස් නුවර නටඹුන් එහෙමත් හිතේ හැටියට බලලා කොරලා හවස් වෙන්න වගේ ගෙදරට පත බෑ උනා... කොළඹ අවට ඉන්න උදවියට දවසින් ගෙහුන් එන්ට ඇහැකි බොහෝම අපූරු තැනක් තමා ඒ... පාර වැරදුනාම මොකද ඔහොමනං නේද..? මන්නාරනුත් ගිහින් පඬුවස් නුවරත් බලං ආවා කියන්නේ ආන්න එහෙම ගමන්වලට තමා...
ඉතිං ඔන්න ඔය විදියට අති සාර්ථකව මගේ මන්නාරං ගමනත් නිමා උනා.. ගියේ මේ පාරේ..

ආවේ මේ පාරේ...

හොඳම වැඩේ ඒක නෙවෙයි.. ඔච්චර දුර ගෙහුන් දෙයියනේ කියලා ඇවිත් මං පහුවදා උදේ වැඩට ගියා.. එයිටත් පස්සේ දවසේ මං ගෙදර එන්න බලද්දී මෙන්න බොලේ බයික් එකේ පිටිපස්සේ රෝදේ හුළං නැහැ...බැලින්නං කම්බියක් ඇනිලා පැච් එකක්... දෙයියනේ කියලා ලගම තිබුන ටයර් කඩෙන් ඒක හදා ගෙන ගෙදර ආවා... කොහොමද විල්පත්තුව මැදදී ඕක උනානං තියෙන ෂනීපේ කියලා හිත හිත...
අහ් එහෙමයි එතකොට උනේ ඈ..
ReplyDeleteඅපූරු චාරිකාව නොවැ අයියේ. උඹ ගැන ඉරිසියාවයි බොලන්.
ReplyDeleteමේකට රාවණාගෙ මුකුත් කනෙක්ෂන් එකක් නැද්ද?
ReplyDelete:D
මොකෝ නැත්තෙ, ඇයි "චක්රවාලය".
Deleteශ්‍රී රාවණ සිද්ධම්.
අඩේ මරු තැනක්නෙ බොල. ඉරිසියයි කියන්නෙ පට්ට ඉරිසියයි :D
ReplyDeleteහ්ම් ... මාරයට අද ටිකක් රෑ වෙල.
ReplyDeleteසිකේ.. මන් නම් හිතුවෙම...පැන්නවත්ද ...මටත් හිතයි අප්පා ළඟදිම දවසක.. ඔළුව හැරුනු හැරුනු අතේ ගිහින් ආපහු එන්න..දවසඉන් ගිහින් එන්න පුලුවන් නිසා යන්නත් පුලුවන් උන්මාද චිත්‍රාව බලලා එන්න..ඒත් මේ විස්තරේ කියවලා ෆොටෝ ටික බැලුවහම, ගිහින් ආවා වගෙයි...
ReplyDeleteහූ........ හූ..... මෙයාට කලින් මම පඬුවස්නුවර ගියා.
ReplyDeletehttp://lokayekonaka.blogspot.com/2012/04/blog-post_17.html
මම මේ කියන්න ගියා විතරයි සිඳූ අක්කාත් ඒ පැත්තේ ගියා කියලා. ඔයාම ඒක කිව්ව එක හොඳයි :)
Deleteපළවන පරාක්‍රමබාහු රජතුමා රටවල් 7කට අධිපති වුණාද? ඒක දැනගත්ත එකත් මදැයි
ReplyDeleteඇත්තටම මාරයා බයික් එකකින් ඔයවගේ ගමනක් ගියාකීවමත් පුදුමයි බොලේ..!!
ReplyDeleteඔය නිශ්ශංකමල්ල රජුරුවො කියන්නෙ මාරම මාර කෙනෙක්. උන්දැ මොකක් හරි ප්‍රතිසංස්කරණය කළානම් ඒක හැදුවෙ උන්දැ කියල ගලක කොටනව. අද කාලේ දේසපාලුවන්ට උන්දැ දෙවැනි නෑ.
ReplyDeleteචක්රවාලය කියන්නෙ මං අහල තියෙන විදියටනම් චක්‍ර+වහලය කියන එකෙන් හැදුන වචනයක්. ඒ අනුව ඔය ගොඩනැගිල්ලේ වහල වෘත්තාකාරයි. [නමුත් ඉතින් දන්නවනෙ අහුබුදු මගෙහි යන අපේ රාවණගවේශකයින්ට අනුව කිසිදු සැකයකින් තොරව මෙහෙම නිගමනයකට එන්න පුළුවන්. චක්‍රවර්තී (චක්‍ර) දසිස් රාවණ රජතුම රටවල් 7ක් වහල් (වාලය) කමට තියාගෙන හිටපු හින්දා එතුමාව අභිෂේක කරපු තැන චක්රවාලය වුණයි කියල. ශ්‍රී රාවණ සිද්ධම්]
කොහොම නමුත් මාරයාගේ මේ ලිපි පෙළ කියවගෙන යද්දී ජැක්සන් ඇන්තනීගේ "මහා සංචාරේ" මතක් වෙනවා.
පොඩි යෝජනා දෙකක්, මාරයා දුර බැහැර යද්දී බයික් එකට අමතර ටයර් එකකුත් පුළුවන්නම් එල්ලගෙන යන්න. ඒ අතර GPS ෆෝන් එකකුත් ගෙනියන්න පුළුවන්නම් වැඩේ ගොඩක් ලේසියි. (මං හිතන්නෙ දැන් GPS ෆෝන් නීතියෙන් තහනම් නෑ)
ඒ ගමනත් ඉතින් අහවරයි කියමුකෝ.............
ReplyDeleteඇති ඔයින් ගියා....
ReplyDeleteපඬුවස්නුවර බැලිය යුතු ස්ථානයක්...මාරයා මල්ලිට දවසෙන් යන්න තව තැනක් තියනවා ලඟ පාත....දඹදෙනිය...ගිහින තියනවාද????
ඒක තමයි මම ඔයාට කියුවේ දවසකූත්.
ReplyDelete270සයිස් ටයර් එකකට , 250 ටියුබ් එකක් බස්සා පදින්න පුළුවන් අව්ලක් නැතූව.
ඔය බයික් එකට එන්නේ 270 සහ 250නේ,
මමත් තියාගන ඉන්නවා පිටිපස්සේ පෙට්ටියේ ටියුබ් එකක්.
ඔයත් පැත්තේ පෙට්ටියකට ටියුබ් එකක් තියාගන්න
මම පස්සටත් 250 සයිස් එකක් දැම්මා,(බයික් එක පොඩි හින්දා අව්ලක් නැ)
තව ගන්න ඉන්නේ පොඩි පොම්පක්,බැට්රියට ගහන්ඩ පූළුවන් එව්වා තියනවා
ඔයත් ගන්න පොම්පයක් සහ අමතර ටියුබ් එකක්.
කොහේ නතර උනත් අව්ලක් නැ.
හයිය මේස හැදි දෙකකින් සුටුස් ගාලා පන්නන්න පුලුවන් ටයර් එක
Mama 15
ReplyDeleteඑහෙනම් මග වැරදුනා කියලා පාඩුවක් නෑ.. එකෙනුත් ප්‍රයෝජනයක් තියෙන්නේ.. තවත් මාර චාරිකාවක් එසේ නිමා උන වගයි..
ReplyDeleteයනවා යනවා..ඉවරයක් නැහැ..නරකද දැන් ඉතින් පිට රට සංචාරයක් ගියා නම්...?
ReplyDeleteපඬුවස් නුවර අහලා තිබුනා විතරයි නේ.........
ReplyDeleteඕන් ටිකක් බැලුවා.....
බ්ලොගේ ඇදුම ජුන්ඩක් වෙනස් වෙලා වගේ.....
ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවන, එහෙත් අනිවාර්යයෙන් නැරඹිය යුතු රාජධානියක් පඬුවස් නුවර. විදේශීය සංචාරකයන්ගේ පැමිණීමත් බොහොම අඩුයි. වයඹ පළාත් සභාව මේ අගනා පුරාවිද්‍යාත්මක භූමිය කොට්ටෙට තියාගෙන බුදි. සංස්කෘතික චතුරශ්රයක් හදනවා කියලා අර 'ටොයිලට් එකේ මොනවද හිරවෙන ඇමතිගේ' අයට විතරක් අනියම් පදනමෙන් රැකියා දීලා. ප්‍රොක්සි මගින් බලන්න. www.paparasinews.com මගේ ලඟත් ඡායාරූප විශාල ප්‍රමාණයක් තිබෙනවා පඬුවස්නුවර රාජධානියේ, මා විසින්ම ගත්ත.
ReplyDeleteඔබ ඔය කියන අනුරාධ පුර යන එන පාර නොදන්නා අයත් ඉන්නවා. ඔබ කලේ බොහොමයක් රියදුරන්ට උපකාරයක්. කුරුණෑගල හරහා යාම හරිම අමාරු (වාහන තදබදය) අනවශ්‍ය ගමනක්.
මේ ප්රශ්නය වෙනම එකක්. ඔබ විශ්වාස කරනවද බත්මුලක් බැඳගෙන උදේ අනුරාධපුරයෙන් පිටත්වූ මිනිහෙක් පයින්ම ගමන්කර දවල් කෑම වෙලාවට අද නිට්ටඹුවටත් ටිකක් එහා තියන අත්තනගල්ලට ආවා කියලා. මමනම් විශ්වාස කරන්නේ අත්තනගල්ල කියන්නේ ගල්ගමුවට එහා තියන හත්තිකුච්චි විහාරය කියලයි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
හත්තිකුච්චි විහාරෙට පේන වැටෙන්න තියන ගල නම් නියමයි... කව්රුහරි දැම්මොත් නරකද ඔය ගැන විස්තරයක්,,
Deleteඔබ සඳහන් කරන වෙබ් එක ප්‍රොක්සි මගින් බලන්න විදිය කියන්න පුළුවන්ද?
Deleteහොට්ස්පොට් ශීල්ඩ් ඉන්ස්ටෝල් කරගන්න.
Deleteස්තුතියි
Deleteඒකත් උනේ එහෙමලු එහෙනං.
ReplyDeleteඋඹේ බයිසිකලේ ටයර් ටියුබ්ලස් දෙමෙයිද? ටියුබ්ලස් ඒවයෙ මොකක්හරි ඇනුන්ත් ඇනුන එක ගලවනකං හුලං බහින්නෙ නෑ. ඒක තියාගන ඕන තරං දුර පැද්දහැකි.
මම පඬුවස්නුවර ගිහින් තියෙනවා මීට අවුරුදු ගානකට කලින්
ReplyDeleteඇත්තටම පඩුවස්නුවර කියන්නේ බලන්න ලස්සන පැත්තක්,,අර කිවුවා වගේ එනගමන් දඹදෙණියටත් ඔලුව දාන්න තිබුනා,,,ආ ගිරිඋල්ල කියද්දී මතක් උනේ යකා බැදි ඇල්ල
ReplyDeleteමාරයි ආ...!!!
ReplyDeleteමදැයි කොල්ලට වෙච්චි දේ..
ReplyDeleteඅපිට ටිකක් ලඟයි පඬුවස් නුවර මාත් ගිහින් තියනව. හැබැයි ගොඩක් විස්තර ගැඹුරට දැනගන්න විදියක් නෑ පඬුවස් නුවර ගැන.:(
ReplyDeleteඇයි ඔය මොටෝ බයිසිකලේ ස්පෙයාර් වීල එකක් නැද්ද?
ReplyDeleteලිපිය පංකාදු පහයි. බලන කොට අර ජයරත්න ගොයිය කියන්නෙ බොරුමත් නෙවේ.
ReplyDeleteමටත් ඔය බයිසිකල් උණ තිබුණ. හැබැයි කෝටියක් දෙනව කිව්වත් බයිසිමොටෝ එකක නම් යන්නේ නෑ ඔච්චර දුර මම.
ඒ කියන්නේ ඔයත් කට්ට කාලා තියෙනවා එහෙනන්..එල...
Deleteවෙළෙන්දටයි මාරයටයි පාර වරදින්නෑ කියනවනේ..
ReplyDeleteමෙච්චර නාකි වෙලත් මට තවම පඬුවස් නුවර යන්න බැරි උනා.
ReplyDeleteඉතිං පාර වැරදුනු වෙලාවක ගිරිතලේ පැත්තෙත් එමුකෝ මලේ ..!