ඔන්න මං කතන්දර දෙකක් කියන්න හදන්නේ..මේ දෙකම එකකට එකක් සම්බන්ධයි..මෙයින් පැරණි කතාවනං හුග දෙනෙක් අහලත් ඇති.. ඒත් අළුත් එකනං හුග දෙනෙක් දන්නේ නැහැ... ඒත් ඔය පැරණි දේවල් අපිට කොයිතරනං වැදගත් වෙනවද කියලා තේරුං ගන්න මේක හොඳ අවස්ථාවක්...
පැරණි කතාව...
ඔන්න එකමත් එක ගමක හිටියා ටිකක් විතර මැදි වයස පැනගෙන යන උපාසක උන්නැහේ කෙනෙක්.. උන්දෑ ඉතිං ගමේ කොයි දේටත් කර ගහලා වැඩ කරන කෙනා වෙච්චි... ගමන් බිමන් බහුලයි...
දන්නවනේ ඉතිං ඔය පැරණි උදවිය ගාව තියෙනවනේ එක එක පුරුදු.. ගති ලක්ෂණ.. ආන්න ඒ වගේ මේ උන්නැහේ ගාවත් එකක් පුරුද්දක් තිබුනා යන යන තැන කුඩයක් ඇන්න යන්ට...( දැන් උනත් එහෙම නැතිවා නෙවෙයි... එහෙම කෙනෙක් ගැන හිතා ගන්ට බැරිනං මයේ කලින් ලිපිය බලන්ටකෝ)
තමුන්නැහේලා දන්නවා නෙව අර පරණ කපු මහත්තුරු එහෙම අරං යන දිග කලු කුඩ..ආන්න එයින් එකක්...මේක නැතිව අපේ මේ උපාසක උන්නැහේ ගෙයින් එළියට බහින්නේ නැහැ කොටින්ම කියනවනං...
ඒත් එක වංගියක් මේ උපාසකට ලොකු අකරතැබ්බක් උනා... ඒ කියන්නේ කුඩේ නැති උනා... මෑන් කොහේ හරි මේක දාලා ඇවිත්..ඒත් කරුමේට ඒ කොහේද කියලා සිහි කල්පනාවට එන්නේම නැහැ... දැන් ඉතිං උන්දෑ නයා මැරිච්ච පණික්කියා වගේ දුක සේ තමා ගමන බිමන... මොන දේ කලත් කල්පනාව තමුන්ගේ නැති උන කුඩේ ගැන...එයිට එහා කරදරේ උනේ යන යන තැන දකින දකින එකා අහන්නෙත් කුඩේ ගැනමයි..ඇයි ඉතිං කුඩේ නැතිව උපාසක ගමන් යන එන එක ගමට අරුමයක් නෙව...
කොහොමින් කොහොමින් හරි එක දවසක් හරි අපූරු වැඩක් උනා...
ගමේ පන්සලේ පින්කමක්... රෑ වෙන්ට ඔන්න මෙන්න තියලා බණකුත් කියන්ටයි සූදානම..උපාසකත් ඉතිං කුඩේ නැතිවම හරි මේකට ගියා... කොහොමින් කොහොමින් හරි ඔන්න දැන් බනට වෙලාව හරි... පන්සලේ ලොකු හාමුදුරුවෝ ධර්මාසනයේ වැඩ ඉන්නවා... උපාසක ඇත්තන් බණ මඩුවෙයි..පන්සල් වත්තෙයි තැනින් තැන තැන්පත් වෙලා බණ අහන්ට සූදානම..අපේ මේ උපාසකත් වෙනදා පුරුද්දටම හාමුදුරුවෝ අහලින්ම වාඩි වෙලා දොහොත් මුදුන් තියාගෙන උන්නා...
ඔන්න දැන් හාමුදුරුවෝ කට්ටියට නමස්කාරය එහෙම තුන්වතාවක් කියලා පන්සිල් දෙන්ට තියා ගත්තා...
පාණාතිපාතා...වේරමණී...සික්ඛා..පදං සමාදියාමි..........
අදින්නා දානා....වේරමණී...සික්ඛා..පදං සමාදියාමි..........
කාමේසු....මිච්ඡා චාරා...........
සාධු සාධු...සාධු.... හිටි හැටියේ සාධුකාරයක් නැගුනා...
සාමාන්‍යයෙන් පිරිස සාධුකාර දෙන්නේ පන්සිල් දීලා ඉවර උනාම උනත් දැන් මෙන්න තුන්වැනි සිල්පදේ මගක් යනකොටම සාධුකාරයක් එනවා..බණ අහන උදවිය වගේම බණ කියන ලොකු හාමුදුරුවොත් ටිකක් කලබල වෙලා බැළුවා කොහෙන්ද මේ සාධුකාරය නැගෙන්නේ කියලා... මෙන්න ඉන්නවා හාමුදුරුවෝ ඉස්සරහා දණ ඔබාගෙන වැඳගෙන අපේ උපාසක..උන්දෑ තමා මේ සාධුකාරේ දීලා තියෙන්නේ... සාධුකාරය දීලා මිනිහා නිකං හිටියේ නැහැ...
"පින්සිද්ධ වේවා ලොකු හාමුදුරුවනේ මං මේ එලෝ මෙලෝ නැතිව හිටියේ මගේ කුඩේ කොහේද දාලා ආවේ කියලා..ඔබ වහන්සේට පින්සිද්ධ වෙන්ට ඒක මතක් උනා"
කියලා උපාසක වැඳලා කරලා නැගිටලා තකහනි ගමනෙන් පිටත් උනා...
එයින් පස්සේ පහුවදා ඉඳන් ඔන්න ආයෙමත් උපාසක සහ කුඩේ එකට ගමනේ යනවා...
පැහැදිලියි නේද කතාව... පැහැදිලි නැත්තං චෝක් එකට කොසු මිටෙන් ඇනලා බලන්ට..එහෙමත් නැත්තං ඉස්ටාටරේ එහෙට මෙහෙට කරකෝලා බලන්ට...
.........................................
හරි මෙන්න දෙවැනි කතාව...
අපි කවුරුත් හඳුනන්නේ නැති..බ්ලොග් ලියන්නේ නැති... සිංහල බ්ලොග් අවකාසයේ පරණම කකුලක් නොවන..දැවැන්ත බ්ලොග් කරුවකු නොවන කෙනෙක් ගැන තමා මේක...
ඔන්න අර උපාසකට වගේ මේ උන්නැහේටත් පොඩි අකරතැබ්බක් වෙලා... උන්දැගේ ජීවිතකාලය පුරාවටම එකතු කරගත්ත සහතික ටික... (වැඩි හරියක් හොර කච්චේරිවලින් කොපිය රුපියල් දෙසීය ගානේ ගත්තුවා උනත් මොකද තමුන්ගේ දේ තමන්ට වටිනවා නෙව) ඉතිං මෑන්ගේ මේ සහතික තිබුන ෆයිල් එක අස්ථානගත වෙලා... මෑන් මේ ඊයේ පෙරේදා ලංකාවේ හිටලා ආපහු කලින් සේවය කොර කොර හිටිය ඔටු දේසෙටම ආයෙම ගියා විතරයි... ඉතිං කොහොම හරි කලබල වෙච්ච හාදයා ඉක්මනටම කතා කරලා තමුන්ගේ ඇඹේණියට මේක කිව්ව ගමන් කවදත් පුතණ්ඩියගේ හැටි සොබාව දන්න ගෙදර ඇත්ති කියලා තියෙන්නේ ඔය ගිය තැනක දාලා ඇවිත් ඇති කියලා තමා... ගෙදර උන්දැනේ ඉතිං කොහොමත් ඔය ගතිගුණ ගැන වැඩිය දන්නේ.. හා නැද්ද මං අහන්නේ..?
ඉතිං අපේ යාළුවත් කල්පනා කරලා කරලා බැරිම තැන මෑන්ගේ දුක කිව්වා මෙන්න මෙහෙම...
"මගේ සර්ටිෆිකේට්ස් ඔක්කෝම තිබුනු ෆයිල් එක නැති වී ඇත.පවුල කියන්නේ මම ගිය තැනක අමතක කර එන්න ඇති කියාය.අයියෝ මට ඒක හොයා ගන්න උදව් කරන්නෝ. . . !!!"
දුක හිතෙනවනේ පින්වතුනි..නේද..?
ඉතිං මේක දැක්ක ගමන් මගේ හිතත් උනු උනා...අපි ඉතිං අනුන්ගේ දුක් ගන්නේ නැති එක හැබෑව..එහෙත් එහෙම එකෙක්ට මෙහෙවු වෙලාවක උදව් නොකරනවනං ඒක අපි මේ පැවත එන හෙළ රාවණ යක් පරපුරටත් එක්කම කරන මහා නවනිංගිරාවක්..හා හොඳයි නැද්ද...?
ඉතිං මාත් පටන් ගත්තා මේ සහතික මෙහෙයුම..ආන්න ඒ වෙලාවේ තමා පින්වතුනි මට අර පරණ කතාව සිහියට ආවේ... මොනවා උනත් ඔය වගේ කතා අපේ පැරණ්ණෝ කට කහනවට කිව්වා වෙන්ට බැහැනේ..ඉතිං මාත් ඒ අනුවම ගමන් කලා...
ඔන්න මං දැන් ඒ ආකාරයට මේක හොයමු කියලා..පන්සිල් පද මතක් කරනවා... මෑනුත් දැක්කා නොදැක්කා වගේ උනත් ඒ ගැන අවධානයෙන් ඉන්නවා...මාත් කිව්වා...
පාණාතිපාතා.....
ම්හූ..නෝ ආන්සර්...
අදින්නාදානා..........
ඒත් සද්දයක් නැහැ...
එහෙමනං ඉතිං උපසකගේම කෙරුවාව තමා කියලා හිතලා මං කිව්වා තුන්වැනි පදෙත්...
කාමේසුමිච්ඡා චාරා....
මල කෙලියයි මෙන්න මේකා කියනවා
"නැහැ බං නැහැ"කියලා...
ඒ පාර ඉතිං මොනවා කරන්නද මං ඊළග එකත් කිව්වා...
මුසාවාදා............
ඒත් නැහැනේ ........
මොනවා කරන්නද ඔන්න අන්තිම එක කිව්වා...
සුරාමේරය...මජ්ජපමා දට්ඨානා.......
------------------------------
එතැනින් කතාව ඉවරයි... ඒක අවසානයක් නැති කතාවක් නේද..? ඔව් ඒත් ඒකට මෙහෙම කෑල්ලක් එකතු උනොත් කොහොමද...?
අතන පස්වැනි සිල්පදෙත් අහගෙන සද්ද නැතිව හිටිය අපේ මෑන් පට ගාලා නැගිටලා කෝල් එකක් ගන්නවා.. ඒ තමුන්ගේ යාළුවෙකුට..යාළුවා ඉන්නේ දැන් ලංකාවේ නිවාඩුවකට ඇවිල්ලා...
"මචං උඹ කවදද ආපහු එන්නේ...?"
යාළුවා ඉතිං කියනවා
"ලබන මාසේ 13 දිහාවේ තමා ඇයි බං..උඹට මොනවා හරි ගේන්න ඕනද මෙහෙන්..?"
"නැහැ නැහැ උඹ ආපහු ආවනං මට ඒ ඇති"
යාළුවා ටිකක් කල්පනා කරනවා.. ඇයි යකෝ ළමයා ගමනක් ගියාම අම්මා ගේ දොරකඩට වෙලා බලන් ඉන්නැහේ මූ මොකටද මං ආපහු එනකල් බලං ඉන්නේ... වැඩි සෙනේ ගුණ නැත කියලා...ඒත් ඉතිං ඒක එක පාරට කියන එක හරි නැහැනේ.. ලංකාවේ ඉන්න යාළුවා කියනවා
"හරි හරි උඹ බය නැතිව හිටිං අපි පරිස්සමට එන්නං..ඔච්චර අපි ගැන හිතන්න ඕන නැහැ බං.."
"මගුලක් කියනවා උඹලා කොහොම ආවත් මට කමක් නැහැ..ඒත් ඉක්මනට වරෙවු..මට උඹලගේ ගෙදර දොර ඇරගන්න ඕන..."
"ඇහ්..උඹට මොකටද අපේ ගෙදර දොර ඇරගන්න තියෙන උවමනාව.."
"නැහැ බං අර උඹලගේ සැටිය යට මගේ ෆයිල් එකක් තියෙනවා ඒක ගන්න.."
හනේ සංසාරේ මේ මෑතකදී අපේ මෑන් අර යාළුවගේ ගෙදර ගිහින් ලිමිට් පැනලා සැටිය උඩ වැටිලා හිටිය පොටෝ එහෙම කොහේවත් තියෙනවා අපි දැක්කේ නැහැ...
කතාව ඉවරයි.... ඔන්න බලන්න පැරණී කතා වලින් අදටත් ගත හැකි පරයෝජන..නේද හා..?
--------------------------------
මේ කතාව තේරෙන්නනං ඉතිං මේ සයිබර් ලෝකේ සිද්ධ වෙන කොයි කොයි දේ ගැනත් ටිකක් හරි අවධානයෙන් ඉඳලා තියෙන්නම ඕන... එහෙම නැතිනං ඉතිං චෝක් එකට කොසු වලින් නෙවෙයි රාත්තල් පහේ කුළු ගෙඩියෙන් ගැහුවත් ගොඩ යෑමක්නං නැහැ...
---------------------------
මන් එක..
ReplyDelete:D
Deleteදෙකත් මම..
ReplyDelete:D:D
Deleteතුනත් මම..
ReplyDelete:D:D:D
Deleteඉතුරුව බොලාට..
ReplyDelete:D
Deleteඅපරාදේ..අද වාසනාව 5ස් වැනියට...
මම පස්වෙනියා . . .
ReplyDeleteපොස්ට් එක කියෙව්වට පස්සේ සම්පුර්ණයෙන් පහ වෙයි.. හෙහ් හෙහ් හේ..
Deleteඅපරාදේ අයියා..අයියා මෙහෙම පස්සට යන්න නෙවෙයි එකට එන්න තිබුන කෙනෙක්...
Deleteඅයියෝ නැහැ මල්ලී, ඔයා තමයි පලමු ම වෙනියා..........අර වැටිල හිටිය හැටි දැක්කම විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැහැ.
Deleteචරිත ඝාතනය අයිති පලමු සික පදේටද?
ReplyDeleteනැහැ මං මේක කිරලා මැනලා නීතියේ හිල් වලින් රිංගලා කරපු වැඩක්...
Deleteපොදු ප්‍රශ්ණයක් ඇහැව්වේ. මේ කතාව ගැන සුවිශේෂීව නොවේ!
Deleteමං හිතන්නේ අර පිසුනාවාචා වේරමනී, පරුසාවාචා වේරමනී, සම්ප්‍රප්පලාපා, වගේ එකක් වෙන්න ඇති නේද?
This comment has been removed by the author.
ReplyDeleteහතනේ ඉතිං කකා සීයා ඇවිත් ගිහින්නේ......
Deleteහාවි කොමෙන්ට් එකක් මකලෝ...
Deleteහය කියලා කියපු එක මං මැකුවා.........
Deleteඉස්සර නම් අයින් කරන්නම පුලුවන් සම්පූර්ණයෙන්.
:D
Deleteදුකා....යි!!!
ReplyDeleteමේකනං ඉවසං ඉන්න හොඳ තත්වයක් නෙවෙයි.. මේ මාරය අය්යා මඩ ව්‍යාපාරය බහුජාතික සමාගමක් කරලා නිශ්පාදන දේශ දේශාන්තර වල ප්‍රචලිත කොරන්න හදන්නේ...
මේ මඩ ටිකනම් දොරකොඩටම වැටිලා
මටත් දුකා....යි...
DeleteHutaa....
ReplyDeleteDuka..........
අද ලකී නං අඩ ගහනවා වගේ...
Delete(දවසේ තුන්වැනි පෝස්ට් එකත් ලියනවද නැද්ද කියා සිතමින්..)
ලැයික්...
Delete:D
Deletepoddak thattu karanda una chok ekata elaaa
ReplyDelete-
කොහොම හරි පත්තු උනානං එච්චරයි..:D
Deleteමේ වෙන දේවල්වල හැටියට කාගෙ කාගෙත් ෆයිල් පරිස්සම් කර ගත්තොත් හොද වගෙයි. ඇයි අප්පේ කිල්ලෝටවල හුනු විතරක් නෙමේ තව තව දේවල්....
ReplyDeleteඅනේ අපිනං ඉතිං ඇල්වතුරත් නිවලා...
Deleteආ මං අහන්නමයි හිටියේ... අයියා දන්නේ නැද්ද අර කලින් එකේ අයියට හොඳ පත්තුවක් දාන හැටි..?
පත්තුවක් දාමු. හැබැයි තුවක්කුවක් වගේ වෙයිද දන්නෙ නැහැ. ඒත් මිස් ෆයර් කර ගන්නෙ නැතුව පාවිච්චි කරන්නත් වෙයි.
Deleteඕක දැම්මම පෙනුම කොහොමට තියෙයිද කියලා බුද්ධිගෙන් අහන්ට ඕන..?
Deleteඅද දවස මඩෙන්ම ගොඩ යයි වගේ...
ReplyDeleteමඩ...?
Deleteචී චී..එහෙම කරන නරක ළමයි හෙම නොවේ අපි...
(අයියේ අයියා අර ඔටුවන්ට පුන්නක්කු කැව්ව කතාවත් මේත් එක්කම ලියමුද..?)
ෂා පට්ට උපාසකයා.....
ReplyDeleteඇයි උපාසක විතරද..? අපේ කොල්ලා..?
Deleteපළවෙනි කතාව නොලියන්ඩ කිසිදෙයක් තේරුම් යන්නැ..... අර පුටුවේ වැටිලා හිටපු පොටොයි, සහතික ඉල්ලා කන්නලව් කරපු ස්ටේටසුයි කලින්ම දැකලා තිබුනු නිසා වැඩේ ගොඩ..... එතකොට සුරාමේරේ වැඩිවෙලා සහතික ටික ටීපෝය යට ඈ.....හෙහ් හේ...
ReplyDeleteබුද්ධ්ට ෆයර් වුනා දුකා පරිස්සමින්.
Deleteපල "වෙනියත්" පරිස්සං වෙන්ට එපෑ...මේ දෙවැනියනේ...
Deleteචීයා අනේ....වෙද මහත්තයා කියන කතා...දුකා අයිය ගැන කියද්දි මට ෆයර් වෙන්නෑ.....:p
Deleteමේවා ඇහෙනකොටත් 'දුකා'යි යකුනේ... :D
ReplyDeleteමටත් දුකායි...
Deleteදුකයි සීන් එකක් !!!
ReplyDeleteදුක් ෂීන්..:D
Deleteඅනිච්චේ දුක්කේ කිව්වලු!
ReplyDeleteඔහොම උනාම අන්තිමට "අනාත්මේ" වෙනවා...
Deleteහෙහ් හෙහ්.. අර ටෙඩියෙක් බදාගෙන, තාරාවෙක් මිරිකන පික්චැර් එක බුකියෙ කොහෙදි හරි දැකලා තිබුණ හින්දා, "සුටුස්" ගාලා පත්තු වුනා!
ReplyDelete'දුකා'යි නේන්නම්. :D
ආන්න ඒ පොටෝ එහෙක දැක්කේ නැද්ද කොනකවත් ඔය කියන ෆයිල් එක එහෙම තිබුනා කියලා..?
Deleteඅපෝ මෙහෙ මඩ ගද........ :) :)
ReplyDeleteමානෙල් සුවඳමය...කුඩ මසු පිළී..නෑ එක්කෝ ඕන නැහැ...
Deleteහිකිස්..මට නම් දුක නෑ...අර හිටපු විදියට සර්ටිෆිකෙට් සුවර්..ඒ කැමරාවෙ තව ෆොටෝ ඇති රෙදි නැතුවත්..මගෙ නම් ඊයෙ (23) ලොකු මාරකයක් පැන්නා මෙහෙ පෙරහැරක් තිබ්බ හින්දා..ඒත් තාම බයයි...
ReplyDeleteඒත් ඔන්න එක්කෙනෙක් කිව්වා වෙනී අයියා පෙරහැරක ගියා කියලත්... හැබැයි හොඩේ වන වන ගිය කතාවක් කිව්වේ මොකක්ද කියලයි මට තේරුනේ නැත්තේ..?
Deleteමුල් කතාව තේරේ දෙවැනි කතාවත් තේරේ චූදිතයා නොතේරේ....
ReplyDeleteඑහෙමනං ඉතිං දුකයි කියලා තමා කියන්න වෙන්නේ
Deleteහයියෝ සන්සාරේ
Deleteපලවෙනි කතාව නම් මරු එයත් මාරයියා වගේන උපාසකයෙක් නොවැ බලන් ගියාම :D
ReplyDeleteමුල් කතන්දරේ වගේ එකක් නම් කොහේදි හරි කියෙව්ව මතකයි, නැතිවුනු සෙරෙප්පු කුට්ටමක් ගැනද කොහේද ලියල තිබුණු. අනික නම් ඇහැව්වෙ අදමයි. ඒත් හිතාගත්තෑකි වෙච්චි හරිය.
ReplyDeletehonda welaawata pas weni ekatama giye..... Thun weni eken nawathunaa nam ehema......
ReplyDeleteදත් ගලවන්නන් සහ මඩයන් අනිවාර්ය නිවාඩු යවමින් මාරයා පිටියට පිවිසුනු වගයි.......( මඩ නම් මාරයා..... මාරයා නම් මඩ )
ReplyDeleteමාරයා ඇසුරැ කිරිම භයානකයි
ReplyDeleteදුකා අයියා ගැන නම් වෙන්ට බෑ.... :D
ReplyDeleteදැං ඉතිං මාරයට ගැලවීමක් නැතිවෙයි ඡන්ද කිට්ටුවෙනකොට.ෆොන්සේකා ලොක්කට ගැහුවා වගේ 'මඩ කොල' ගහන්න එක්කගෙන යයි.හැබැයි තියෙන දස්සතාවෙං හම්බකරගෙන කෑවට මොකෝ නේද??
ReplyDeleteහෆොයි!!
ReplyDelete[[එහෙම එකෙක්ට මෙහෙවු වෙලාවක උදව් නොකරනවනං ඒක අපි මේ පැවත එන හෙළ රාවණ යක් පරපුරටත් එක්කම කරන මහා නවනිංගිරාවක්..හා හොඳයි නැද්ද...?]]
ReplyDeleteනැතිව නැතිව.
දෙවැනි කතාවට වඩා පළවෙනි කතාවනම් නියමයි, හැබැයි සිද්ධිය තේරුම් ගන්න තත්පර කීපයක් මටත් හිතන්න වුණා.
දුකේ බෑ!
ReplyDeleteඅයියෝ සල්ලී . . . හෙ හෙ හේ . . . යකෝ ගුරුවරු ඔහොම බොනව කියලා මේ ඇහුවමයි . . හික් හික් හික් දුකේ බෑ!
henryblogwalker the Dude
හෙහ්ය... :-)
Deleteගුරුවරු ???? ඔය කියපු බුවා ගුරුතුමෙක් උනානං . . ළමයින්ට අපසරනයි !
Deleteහෙහ් හෙහ් මීටර් නෑ වගෙ. උය කියපු බුවා ගුරුවරයෙකුට දාපු කමෙන්ට් එක මිස් වෙලාවගේ ඕනයාට. :)
Deletehenryblogwalker the Dude
ඔය දිලා තියෙන්නේ දුක වෙන්නම. දැන් අර කෙහෙල් ගාලේ හාදයාටත් වැඩ තියෙයි ගජරාමෙට.
ReplyDeleteඅයියෝ සල්ලි!!!
මඩ සෝදා ගත් කළ මාරයා .............. සුදුසුයි ???
ReplyDeleteනොද්දකින් හිපාටුවා....! සැනසිල්ලෙ නිවාඩුවක්වත් ගතකරන්න බැරි හැටි මේ මළ ඉලව් හැත්ත නිසා.....! මටත් අමතක වෙලා ඕකට ගෙදර යතුර දීලා ආවනේ.....! මල හතිලව්වයි, හයියෝ මගේ විස්කි කබඩ් එක.......!
ReplyDeleteපන්සිල් බලයෙන් ෆයිල් එක රිට්රීව් උනා....:-)
ReplyDeleteහොද වෙලාවට අර කට් වෙලා හිටි ෆොටො එක බුකියේ දැක්කේ.. ඒනිසා කවුද කියලා හිතා ගත්තා.. :)
ReplyDeleteහොද වෙලාවට කතා 2ම තේරුනා නැත්නම් අද දවසම කල්පනා කරනවා මේ ගැන :D
ReplyDeleteපලවෙනි එක සෙරෙප්පු දෙකක් ගැන අපි අහල තිබුනේ . දෙවනි එක ....අපිටත් දුක තමයි ඒ ගැන .
ReplyDeleteහොඳ වෙලාවට සිල් පද පහක් තිබුණෙ.
ReplyDeleteඒ ගමන මේක කෙහෙල්කොට්ටුව වගේ බ්ලොග් එකෙන් ගේම් දෙන්න පටන් අරන්ද?
අයියෝ දුක සීන් එක..
ReplyDeleteනෙද්දකින්... මගෙත් කෝල් කිහිපයක්ම වැය වුනා මේ වැඩේට..... :D
ReplyDeleteඅහෝ "දුක'කි
ReplyDeleteඅහෝ දුකකි! ඉරකි! තිතකි!
ReplyDeleteසිර කතා සෙට් එක බන්.
ReplyDeleteඅර නරියා කිවුව එක තමයි කියන්න වෙන්නේ...++++ ත් ඉස්සර පත්තරේ වැටිලානේ..
ReplyDeleteනියම කතාව.අද කාලේ අපේ කොල්ලන්ට කියපු කතාව......
ReplyDelete