06 June 2012

තලල්ලේ හිමියන්ගේ වගතුග...

"කවුද වකුගඩු උපාලිද..?"

ලොකු හාමුදුරුවන් සිනාසී විමසා එහිමියන් ගැන දන්නා විස්තර කියන්නට විණි...

-------------------------------

ඒ ප්‍රේමදාස ජනපතිවරයාගේ කාලයයි...රටේ එක් පසෙක කොටි ත්‍රස්ථයිනුත්.. අනික් පසින් ජේවීපී ත්‍රස්ථයිනුත් වැඩ අල්ලා තිබූ කාලයයි... මේ දෙකොණ දැවෙන විලක්කුව මැද සිටියදී පවා ප්‍රේමදාස ජනපතිගේ විවිධාකාර වැඩ සටහන් ක්‍රියාත්මකව තිබිණි... එයින් එක් වැඩසටහනක් වූයේ සාසනයට නවක භික්ෂූන් එකතු කරලීමේ වැඩ සටහනයි... ඒ අනුව ඔහු‍ගේ උපන්දිනයක් වැනි දෙයකට සමගාමීව සියක් නමක් පැවිදි කරවීමේ මහා පුණ්‍යොත්සවයක් පැවතිණි.

සියක් නමක් පැවිදි කරවීම යනු කියනා තරම්ම පහසු කාරණයක් නොවන වග සාමාන්‍ය දැනීම ඇති අය දනිති. සසර කලකිරීම හෝ... පැවිදි බව යනු කුමක්දැයි අත්දැකීම් ගැනීමට හෝ... තාවකාලිකව පැවිදිව එම වතාවත් පුහුණුවට රිසියෙන් හෝ එකතු වන අය අඩු වකවානුවක එක වර සියයක් පැවිදි කරවීම යනු ලෙහෙසි කරුණක් නොවේ.

එහෙත් ප්‍රේමදාසත් ලේසියෙන් යමක් අත හරින අයකු නොවේ... සීයයක්නං සීයයක්ම පැවිදි කරවීම ඔහුගේ උවමනාවයි... ඒ අනුව කොහෙන් හෝ අල්ලා සියයක් පැවිදි කරවීම ඔහුගේ අතින් සිදු විය..මෙවැනි කටයුතු කවදත් කරට ගෙන කරනුයේ ඔහුගේ හිතවත් අග්‍ර පුරෝහිත තැන්පත් සිරිසේන කුරේ ආමාත්‍යවරයාය.. ඒ අනුව කෙසේ හෝ අදාල දිනයේදී 100ක් නමක් පැවිදි කරවන ලදි...

තලල්ලේ උපාලි මෙම පිරිසට හසුවන්නේ කොළඹ මහ නගර සභාවේ සිටය... ඒ වන විට නගර සභාවේ වැඩ පරීක්ෂකයකු වන ඔහු උපත ලැබූවේත්, හැදී වැඩුනේත්, කොළඹ ජනාකීර්ණ පෙදෙසක් වූ කොම්පඤ්ඤ වීදීයේය... ඒද සාමාන්‍ය සිංහල පරිසරයක් තුල නොව අති මහත් මුස්ලිම් බහුතරයක් මැදය... ඔහු උපතේ සිට මැදිවිය දක්වාම ඇසුරු කලේ මුස්ලිම් ජනයාය.. කතා කලේ දෙමළ බසය... කෑවේ බිවේ ඔවුන් සමඟය... ඉගෙන ගත්තේ ඔවුන් ඇසුරේය... කොටින්ම උපතින් හැර අන් සෑම අයුරින්ම ඔහු මුස්ලිම් ජාතිකයකු විය. ඒ වන විට විවහා වී දරුවන් දෙදෙනෙකුද සිටි උපාලිව මෙම පැවිදි කරවන ගොඩට කෙසේ හෝ අයත් විය.

වැඩි කලක් සිවුරේ සිටිය යුතු නොවේ.. අදාල දිනයට කෙසේ හෝ සියක් නම පෙන්නුවාට පසු සිවුර තබා ගෙදර ගියත් ලොක්කාටවත් එය කරවන්නාටවත් ගැටළුවක් නොවේ.. අද වන විට සෑම දේශපාලක නායකයකු හා පක්ෂයක් විසින්ම කරනු ලබන කසිප්පු/සල්ලි හා බත් පැකට්ටුවට මැයි දිනයට සෙනග ගෙන ආ ක්‍රමය ආරම්භ කල අයට මෙම පැවිදි කිරීමත් ශාසනයේ උන්තිය නොව තම අංක සම්පූර්ණ කිරීමක් පමණක්ම විය.

කෙසේ හෝ අවසානයේ උපාලිත් මහණ විය... ඒ කොම්පඤ්ඤවීදියේ උපාලි ලෙසින් නොව එයට පරම්පරා දෙකකට පෙරදී සිය මුත්තකු විසින් හැරදා ආ ගම වූ තලල්ල නාමය මුලට තබාගෙනය.. සැබවින්ම කියතහොත් ඔහු තලල්ල කලුද සුදුද යන්නවත් නොදනී... ඔහු තබා ඔහුගේ පියාවත් තලල්ල දැක ඇද්දයි විස්වාස නැත.. එහෙත් කෙසේ හෝ පරම්පරා උරුමයක් මත හෙතෙම අවසනදී තලල්ලේ උපාලි නම් විය...

උත්සවාකාරයෙන් පැවිදි වූ අය දිනෙන් දින සිවුරු හැර පිටව යද්දි ඒ අතර සිටි කිහිප දෙනෙකු සාසනයේ රැඳිණි.. අද වන විට ඇතැම් විට එම සියයෙන් අනූනවයක්ම ආපසු ගොස් ඇතුවා වන්නටත් පුළුවන .. එහෙත් උපාලි හිමියන් මෙම ජීවිතයට හුරු විය. එයට හේතුව හරියටම මේ යැයි කිව නොහැක. ඇත්තෙන්ම ඔහුට සාසනයට විනාසයක් කිරීමේ උවමනාවක් ඇති බවක් දකින්නට නැත. එසේම සාසනයේ වැඩක් කරන්නටද උවමනාවක්ද නැත.. ඔහු මා හට හමු වූයේ 2004 වසරේදී පමණය.. ඒ වන විට ඔහු වසර 15කට ආසන්න කාලයක් සිවුරේ සිට ඇත. එම කාලය පුරාවටම ඔහුට පන්සිල් දීම වැනි සුළුම සාසනික සේවාවක්වත් පිහිටා නැත. අඩුම තරමේ දෙමළ ඌරුව නැතිව මිනිසුන් සමඟ කතා කිරීමටවත් නොහැක. සිංහලෙන් බැරිනං දෙමළින්වත් බණක් කියනවා තබා සිතීමටවත් බැරිය.. ඔහුගේ සාසන දිවිය සිවුරටත්.. කොස්සට හා ඉඳලටත් සීමා විණි.

කුමන පන්සලේ සිටියද දවසට දෙතුන් වතාවක් ආවාසය අතු පතු ගෑමත්.. උදේ වරුවේ සහ සවස්වරුවේ මිදුල් ඇමදීමත් ඉතා උනන්දුවෙන් කරනු ලබයි. දාන ඇත්නම් සොය සොයා හෝ යයි. පිරිත් දේශනාවන්ටත් කැමැත්තෙන්ම සහභාගී වෙයි.. මණ්ඩපයට ගොස් එළිවෙනකල් ඉන්නට කිවූවත් එය එසේම කරයි. එළිවන විට මණ්ඩපයේ තබා ඇති චතුමධුර පීරිසි සියල්ල හිස් කරයි... කැඳ කෝප්ප හතරක් පහක්ම අවසන් කරයි... පිරිත් පොතේ එක වචනයක්වත් නොකිවුවත් එලිවෙනතුරා පැත්තක වාඩි වී කට හොල්ල හොල්ලා ඉඳී... එහෙත් ශබ්ද නොනගයි..

මෙයට අමතරව ඔහු හට ආවේණික තවත් පුරුදු කිහිපයක් ඇත.. එයින් එකක් නම් දුම් ඉරීමයි... නිතර තම ගමන් මල්ලේ දුම් වැටි පැකට්ටුවක් තබා ගනී. ඕනෑම කඩයකට ගොස් අන් පාරිභෝගිකයින්ට නොදැනෙන්නට එය මිලදී ගැන්ම ඔහුට එතරම් අපහසු නැත. දිනකට දුම්වැටි සෑහෙන ප්‍රමාණයක් අවසන් කරන අතර දානවලට ගොස් ලැබෙන පිරිකර එයටම යොදවයි. ඒ හැර සෑම දිනකම ප්‍රවෘත්ති පත්‍රය මිලදී ගැන්මත් සූරන ලොතරැයි කිහිපයක් ගැනීමත් අඛණ්ඩව සිදු කරනු ලබයි. සූරන ලොතරැයි පිළිබඳව ඔහු හා සම්බන්ධ ප්‍රසිද්ධ කතාවක් වෙයි..

ඒ පළාතේ තරමක් ප්‍රසිද්ධ නගරයකි.. සිව් මංසල අයිනේ ඇති ලොතරැයි කූඩුවක් ඉදිරියේ කුඩයක් කිහිල්ලේ ගසා ගත් හිමිනමක් ලොතරැයි සූරති... ලොතරැයි කවුළුවේ සිටි කාන්තාව අතින් කට වසාගෙන සිනා සෙන්නීය...මොනවා හෝ නමුත් අමුතු දෙයක් වන බව දැනී අසල ත්‍රීරෝද ගාලේ සිටි රියදුරකු දෙදෙනෙක් එදෙසට කිට්ටු වෙති...

"ඒ උ**ත් නෙහෙ.."
"ඒ උ**ත් නෙහෙ..." (ඔහුගේ උ යනු අපගේ හු යන්නයි)

යනුවෙන් හඩ නගමින් හිමි නම ලොතරැයි සූරයි... ලොතරැයි සීරිමට විනා අවට පරිසරය ගැන හැඟීමක් නැති හිමියන් ස්වීප් ටිකට් බර ගානක් සූරා ඉවත දමමින් ඒවායේ දිනුම් නැතැයි කියන්නේ ඒ ආකාරයටය... ටික වේලාවකින්ම තත්වය තේරුම් ගත් එක් රියදුරකු තරමක් තදින් හිමියන්ට කතා කොට

"මොනවද හාමුදුරුවනේ මෙතන කරන්නේ යං යං යන්න"

යැයි කියමින් බලහත්කාරයෙන්ම එක්කගෙන ගොස් තම ත්‍රීවීලරයේ නංවාගෙන ගොස් අසල වූ පන්සලට බාර දෙනු ලබයි. හිමියන්ගේ වෙලාව හොඳ කමට පන්සලේ සිටි නායක හිමි නම මෙම භික්ෂුව හඳුනයි... ඔව් ඒ අපේ මිත්‍ර "තලල්ලේ" හිමියන්ය...

ත්‍රීවීලර් රියදුරා විසින් කියන ලද විස්තරය අසා අවසන ඔහුව පැත්තකට ගෙන ගොස් උපාලි හිමියන්ගේ වගතුග කියූ පසුව ඔහුත් සිනාසී පිටත්ව යන ලදි... අදාල රියදුරාද නායක හිමියන්ද මගේත් හිතවතුන් වෙති. ඔවුන් දෙදෙනාම පසු කාලයකදී මෙම කතාව මා හට කියා ඇත... ටික දිනකින් අවට පන්සල් කිහිපයකම පැතිර ගිය මෙම සිද්ධියෙන් පසුව උපාලි හිමියන් දකින විටම "මොකද උපාලි ඒකෙත් නැද්ද..?" යනුවෙන් අසන්නට ලොකු කුඩා හිමිවරුන් පුරුදු වී සිටියහ... ඒවාට සිනාසී මග හරිනවා විනා උත්තර දෙන්නේ උපාලි හිමියන් නම් නොවේ...

දුම්වැටි ඉරීමත්.. කොහේ හිටියත් උදේට පන්සල අතුපතු ගා ස්නානය කොට අසල කඩයකට හෝ නගරයකට පයින්ම හෝ ගොස් පත්‍රය මිලදී ගැනීමත්.. හැකි සෑම විටකදීම ලොතරැයි සීරීමත් විනා එයිට එහා ගිය කරදර ඔහුගෙන් නැත. එහෙත් උපාලි හිමියන් සම්බන්ධ රසවත් සිද්ධි තව බොහෝමයක් ඇත... ඉදිරියේදී එයින් කිහිපයක් හෝ කියන්නට හැකි පරිද්දෙන් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි...

____________________________

හුදෙක් මෙම කතා ඔබ වෙත ගෙන එන්නේ කියවා රස විඳිමටත් ලෝකයේ සිදුවන දේ මේ ආකාරයයි දැන ගැනීමටත් විනා එක් පුද්ගලයකුගේ ජීවන රටාව හෝ ගති සිරිත් නිසා සමස්ථ සාසනයට අවනම්බු කිරීමටවත් ඔබලා කිසි දිනකවත් විහිළුවටවත් ඇතුලු වී නැතිව පිටත සිට දැක ඇති සාසනය විවේචනය කරලීමට ඔබට අවස්ථාවක් සලසා දීමටවත් නොවන වග සිහි තබා ගන්න...

59 comments:

  1. 1 1 1 1 1 1ම ම ම මම එ එ එ එක!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මොකද ඔයාටත් අර අනුන්ගේ බ්ලොග්වල අනිත් අය දාන කමෙන්ට් හරබර වැදගත් ඒවා වෙන්න ඕන කියලා හිතං ඉන්න බ්ලොග්වල පොල්මඃකාරයින්ගෙන් කන්න හිතිලාද ඇනෝ ප්‍රහාරයක්..:D:D:D

      Delete
  2. තාන්ට අයියා තාන්ට යෙක්කොම කතා තාන්ට අප්පා..

    මට *රි 'ස' යන්නෙ හිටපු මුස්ලිම් පොර මතක් වුනා..මතකද ?

    ReplyDelete
    Replies
    1. හි ... හි ... පවු අප්ප වික්ටර්.

      Delete
    2. බොලාටත් එවුවන් මතක් වෙයි කොවුවා නැතත්...

      Delete
  3. රහයි කථාව - ඊලඟ කොටස එනකල්

    [කලබොලෙන්දෑ ලියන්නේ? වෙනදා නොවන අකුරු එහා මෙහා වීම් ඇත]

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් බං අයියේ..අද පාන්දර 3නේ ඉඳන් ඩියුටියක් වැටිලා තිබ්බා..ඒ හින්දා ටිකක් කලින් නිදා ගන්න හිතලා දඩ බඩ ගාලා ලියලා මාරු උනා..මේ අකුරු හොය හොය හදන ගමන්...

      Delete
  4. දේශපාලකයෙක් අත ගැහුවොත් ඒකත් ඉවරයි, හැම තැනතම දාන තියරිය ශාසනේටත් දානවා.

    ReplyDelete
  5. වකුගඩු කතාව මොකක්ද කියල දැනගන්න තව පෝස්ට් කීයක් විතර යයිද?

    ReplyDelete
  6. අන්තිමට අර දාලා තියෙන සිහිකැඳවීම මාර වටිනවා මාරයියේ.... මම හීනෙකිංවත් හිතුවේ නෑ මේ සිංහල මනුස්සයෙක් කියලා.තලල්ලේ නම ආපු හැටිත් අහන්න ගිහින් ආයේ මම කරලා හිතුවා උපන් ගමේ නම දානවා ඇති ජාතිය මොකක් වුනත් කියලා...

    මේ ජනාධිපතිවරයවම නේද අර කන්‍යාවියන් සෙට් එකක් කිරි කලවලින් නෑව්වා කියන්නේ.එතන එකියක් නිසා වැඩේ දෙල්වුනා කියලත් තියෙනවනේ.මේකත් ඒ වගේ කේස් එකක්නේ....

    ඒක නෙමේ මාරයියේ ලංකාවේ තාවකාලික පැවිදි භාවය ලබාගන්න පුළුවන්ද?? තායිලන්තේද කොහෙද එහෙම පැවිදි සමයක් ගත කිරීම අනිවාර්යයි කියලා කතාවක් මම අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සොරි මගෙන් අහපු එකක් නෙමෙයි. දන්නා හින්ද කියන්නම්
      බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් එහෙම එකක් කරනවා දැන් කාලයක් තිස්සේ
      මෙතන කොටලා බලන්න. මැදට වෙන්න ඇති.
      http://www.buddhistcc.net/about-us.asp

      සිංහලෙන් ඕනේ නම් මෙතෙන්න්ට යන්න
      http://www.divaina.com/2012/01/01/feature04.html

      Delete
    2. ස්තූතියි ටිරාජ්..මං හිතන්නේ ගැමියා මල්ලිට උත්තරේ ලැබෙන්න ඇති... කිරම හාමුදුරුවෝ ඇරුනම තව මට මතක විදියට සපුගස්කන්ද පැත්තේ විහාරයකත් හොරණ පැත්තේ ආරණ්‍යයකත් ඔය දේ කෙරෙනවා... එයිට අමතරව ඉස්සර උපාලි හාමුදුරුවෝ ඉන්න දවස්වල කඳු‍බොඩ භාවනා මධ්‍යස්ථානයෙත් ඔය දේ පෞද්ගලිකව කතා කරලා කර ගන්න පුළුවන් කම තිබුනා.

      Delete
    3. ඇයි දැන් කඳු‍බොඩ ඒ වැඩේ කෙ‍රෙන්නේ නැද්ද.?? මම ඒ කාලෙ කරන්න හිතාගෙන හිටිය එක දෙයක් තමා ඔය, තාවකාලික පැවිද්ද.. ඒත් ඉතිං ගෙදරින් ජල්බරි දැම්මනේ.. :)

      Delete
    4. බොහෝම තැංකූ ටිරාජ් අයියේ.... උත්තරේ ලැබුනෝ මාරයියේ... මටත් ඔහොම ආසාවක් නම් තියෙනවා අලේ මන්දා බූරා අයියේ

      Delete
  7. එදයි අදයි වෙනසක් නෑ. කොයි කවුරුත් එකම සෙක්කුවේ තමයි මාරයියෙ කැරකෙන්නෙ. අපි තමයි ඉතින් මේ සෙක්කු මඟේ ගිහින් දවසක අළුත් සරු බිමකට යයි කියලා හිතන්නෙ. ඒත් සෙක්කුව කැරකෙන්නෙ එකම වටේට විතරයි.

    මුන්ගෙ බල තණ්හාවට ජාතිය ආගම ඔක්කොම බයිට් තමයි.
    අර වකුගඩු සීන් එක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඒ සීන් එකත් ලග එනවා...

      Delete
  8. මුලපෝස්ට් වලදි හිතිච්ච තරම් නරක හාමුදුරු කෙනෙක් නෙවෙයි උපාලි හාමුදුරුවෝ..
    මාරය ආයියගෙ සිහි කැඳවීම හින්ද අනිත් ටික ලිව්වෙ නෑ ඕං

    ReplyDelete
    Replies
    1. ඕනම චරිතයක හොඳ නරක දෙකම තියෙනවා මල්ලි... ඒත් අපි කැමති නරක පැත්තම අල්ල ගන්න නෙව...

      Delete
  9. කෝ ... අනේ වකුගඩු කතන්දරේ.

    ෂික්, ඒ උ**ත් නෙහෙ..

    ReplyDelete
  10. හෙහේ ..අනිත්වාත් දැම්මා නම්..

    ReplyDelete
  11. අන්තිමට දාපු වාක්‍ය සෙට් එක නම් පංකාදුයි අයියේ. නැත්නම් එක එකා එක එක කතා කියනවනේ. පන්සල් ගැන හාමුදුරුවෝ ගැන හරියට දන්නේ පන්සල පැත්තේ යන හාමුදුරුවරු ආශ්‍රය කරන එකා මිසක් කොහෙන් හරි කෑල්ලක් දැකලා පුප්පන කෑ ගහන එකා නෙමෙයි

    ReplyDelete
    Replies
    1. මලයත් ඉතිං අවාස ඇතුලේ කරක් ගහන හාදයා නෙව..කොයි දේත් දෙපැත්ත බලලා තේරුං ගන්න ඇහැකි එහෙම අයට තමා..හැබැයි මොලේ ඩිංගකුත් ඕන...

      Delete
  12. සජිත් පුතා තාත්තාව විකුණගෙන කැවට ප්‍රේමයා කොරපු වැඩි හරියක් වැඩවල ඔපය විතරයි හරයක් නෑ ,(හොඳ වැඩ දෙක තුනක් නැතුවාම නොවෙයි ) හැබැයි ගම්වල ඉන්න ගොන් බය්යො ටික නම් අදටත් ප්‍රේමදාස නමට ඇන්දිලා ඉන්නේ , ඒ තත්වේ ඉතින් ප්‍රේමදාසට විතරක්ම නෙවෙයි වලංගු !

    හොඳ හොඳ කථා තිබුනත් මාරයගේ වෝනින් එක නිසා කට පියාගෙන ඉන්නවා , සාසනේ වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. ඒක හොඳා... එහෙම කතාවං බුවාට වඩා ඕන තරං මං දෙන්නං..ඒත් ඒ වගේම අනිත් පැත්තට යන කතාත් ඒ වගේම තියේ...

      Delete
    2. බුවා,

      ඒකාලේ ගොසිප් සයිට් තිබ්බෙ නෑ නොවැ......!:D

      Delete
  13. මම 16.

    රසවින්දෙමි. ස්තූතියි.

    ReplyDelete
  14. අමතක වුනා.. ඇයි වකුගඩු උපාලි කිව්වෙ ?

    ReplyDelete
    Replies
    1. ඒකත් කියනවා ලගදිම...

      Delete
    2. 16 නම් 16 මල්ලි 17 බෑ ආ...!

      Delete
  15. වින්දෙමි..බලමු අනිකත්..

    ReplyDelete
  16. "හිමියන්ගේ වෙලාව හොඳ කමට පන්සලේ සිටි නායක හිමි නම මෙම භික්ෂුව හඳුනයි... ඔව් ඒ අපේ මිත්‍ර "තලල්ලේ" හිමියන්ය..."

    ඒ කිව්වෙ අපේ තලල්ලේ චන්දකිත්ති හාමුදුරුවෝ ද ?

    ReplyDelete
  17. අපිත් ඇවිත් බලල ගියා කියල සටහන් කර ගන්ට :D

    ReplyDelete
  18. ඇත්තටම ඔය තලල්ලේ හිමියන්ට ටිකට් එකක් ඇදිල නැද්ද?
    තලල්ලෙ හිමි ප්‍රේමදාස එක්ක සම්බන්ධ හින්ද එයා සෙවන ටිකට් වෙන්න ඇති සූරන්න ඇත්තෙ. මොකද ඒකයි ප්‍රේමදාසගෙ ගම් උදාවයි අතර සම්බන්ධයක් තිබුණද කොහෙද.

    ReplyDelete
  19. http://www.dailynews.lk/2003/07/21/spo10.html

    මේක බොහොම පරන පත්තර කැල්ලක්. මේ එයාද වෙන කෙනෙක්ද?

    ReplyDelete
  20. මේ කතා උඹම දාන හන්දා හොඳා වෙන එකෙක් දානවට වඩා.

    ReplyDelete
  21. වකුගඩු උපාලි උන කතාව මේකේ නෑනේ අයියේ.. අමතක උනාවත්ද?

    ReplyDelete
  22. නිකන්ම කන්න බොන්න ලැබෙන එකේ සිවුරු හරින එක අපරාදෙ කියලා හිතන්න ඇති..:D

    ReplyDelete
  23. අපේ ගමේ තියනවා රජ මහා විහාරයක්.මේ කියන හාමුදුරුවො ඔය කියන විදියෙ ජනසවි තෙරුන්නාන්සෙ කෙනෙක් නම් නෙවෙයි.ජපන් ආධාර අරගෙන ගමට වැඩ කරන්න බොහොම උනන්දු වුනා.කොහොම වුනත් මෙයා ජීවත් වුනේ පන්සල ඇතුලෙම වෙනම ආවාසයක් හදාගෙන බොහොම සැප පහසුවටම තමයි ජිවත් වුනේ.ස්ත්‍රී සැපත් හරියට බුත්ති වින්දා.මේ කියන කාලෙ 2001 ජන සංගණනෙ පැවැත්වෙනවා.පන්සලට ගිහින් මේ සුඛෝපභෝගී ආවාසෙටත් ගියේ ඉන්න අය ගනන් කර ගන්න.ඒ සැරේ අන්තිම දවසෙ ගිහින් දෑහින් දැකලම ඉන්න ගාන ගණන් තියා ගන්න නියම කරලා තිබුනනෙ.තේරුන විදියට තනියම ඉන්න හාමුදුරුවන්ට අමතරව පූජාව පවත්වන්න ආපු ලලනාවකුත් ඉන්න බව දැනිලා මං ඇහුවා මෙහෙම වැඩ කලම පවු නැද්ද කියලා.මට හම්බ වුන උත්තරේ තමයි"නිකන් ගෙවෙන **න් වැඩක් ගත්තම මොකෝ බන් වෙන්නෙ,පරාක්‍රමබාහු රජ්ජුරුවොත් කියලා තියෙන්නෙ,උඹලගෙ ඉරිසියාව" .ඔහොමයි අපේ සමහර උන්න්නාන්සෙලගෙ වැඩ.මේක ලිව්වෙ අපේ සිල්වත් හාමුදුරුවන්නට අපහාසෙකටනම් නෙවෙයි ඕන්.මේ කියන ගනින්නාන්සෙ මේ වෙද්දි ජපානෙට හොරෙන්ම පැනල ගිහින්.

    ReplyDelete
  24. දැන් කොටස් තුනක්ම බැලුවා ඒත් තාම නෑ එයා වකුගඩු උපාලි උනේ කොහොමද කියලා

    ReplyDelete
  25. ප්‍රේමදාස ජනදිපතිට අපේ සමහරු එක රැයින් ගම් හිටන් හදලා පෙන්නලා තියෙනවා නොවැ ,තාමත් මේ චරිතය සාසනයේ ඉන්නවද ?

    ReplyDelete
  26. කොච්චර හොඳ පුරුද්දක්ද...උදෙන්ම නැගිටලා මිදුල අමදින එක..!, නරකයි කියන අයගෙත් හොඳ කොච්චර තියෙනවද...?

    ReplyDelete
  27. එල එල... ඉතුරු ටිකත් දාපන් ඉක්මනට.

    ReplyDelete
  28. එච්චර කාලයක් සිවුරේ හිටපු එකත් ලොකු දෙයක් නෙව!

    ReplyDelete
  29. කන්ඩ දෙනව නම්, බොන්ඩ දෙනව නම්, මොන උ**තෙ හිටියත් එකයි... ඒකද කොහෙද මුගෙ තියරිය...

    ReplyDelete
  30. "මාරයාගේ හෝරාව"

    ReplyDelete
  31. හික් හික් මමත් ඇවිත් ඔලුව දාලා යනවා බ්ලොග් එක පැත්තේ....

    ReplyDelete
  32. අපූරු අමුතු චරිතයක් ගැන අමුතු කතාවක්. එක අතකට අනිත් හාමුදුරුගොල්ල කරන වැඩ එක්ක බැලුවම උපාලි හාමුදුරුවෝ හොඳයි කියලාත් හිතෙනවා.

    ReplyDelete
  33. මාර චරිතයක් නේ, ඉතුරු ටිකත් දාන්නකෝ

    ReplyDelete
  34. හැම උxxxම නැති උනාම තද නොවෙන්නේ කාටද.... ;)

    ReplyDelete
  35. හැමො‍ටම යන්ඩ බැරි තැනක මමත් කාලයක් හිටියනේ. ඒතෙන් තමයි මමත් දැනගත්තෙ ඇතුලෙ වෙන්නෙ වෙන දෙයක්. එලියට පෙන්නේ වෙන දෙයක් කියලා.....! හෙහ් හේ........ දැනටත් ටීවී වල පත්තර වල යන දේවල් බලාගෙන කෙස් පැලෙන තර්ක ගෙනල්ලා විවාද කරන උන්දැලැ දැන්නම මට තනියෙන් හිනා...!

    ReplyDelete
  36. ඒ දර්ශනයෙත් වැරද්දක් නැහැ නේද??? කාටවත් වැරැද්දක් නැතුව... කරන කෙහෙල්මලකුත් නැතුව.... ආයු වදාරන එක... :)

    ReplyDelete