02 June 2012

එක්තරා පැවිද්දෙක්...

පැවිදි නාමය...:- තලල්ලේ උපාලි

ආචාර්යයන්..:- සිරිසේන කුරේ

උපාධ්‍යායය..:- රණසිංහ ප්‍රේමදාස (ශ්‍රීමත්)

මෙහෙම හාමුදුරුවරු ඉන්න ඇහැකිද..? එහෙමනං මෙන්න ඒ කතාව..කතාව කිව්වට සමහර විට මේක කතා කිහිපයක් වෙන්නත් ඇහැකි...

පන්සල් කතා ගොන්නේ තියෙන්න ඕන චරිතයක් තමා මේ තලල්ලේ උපාලි හිමියන්ගේ කතාවත්... ඒත් මේක නිකං ගින්දරත් එක්ක කරන සෙල්ලමක් වගේ හින්දා බොහෝම ප්‍රවේශමට කරන්න ඕන දෙයක්... අපි බලමු...

--------------------------------------
මැනවින් මුඩු කල හිසත්.. නිතර කිහිල්ලේ ගහ ගත් ලී මිට සහිත කලු පැහැති කුඩයක්..උරහිසේ ගුරු පැහැති උර මල්ලත්... කසට පැහැති දළ රෙද්දෙන් කල සිවුරත් යන අංගයන්ගෙන් සැරසුන මෙම හිමියන් මා හට හමු වූයේ මාගේ පැවිදි වීමෙන් ටික දිනකට පසුය...

දිනක් මා උදෑසන පන්සල් බිම අමඳින අතර තුරේ ඉමත කී දේවල්වලින් සැරසුන ආගන්තුක භික්ෂුවක් කන්ද නැඟ පන්සලට ගොඩ විය... දණ හිසින් අගල් දෙක තුනක් පහතට සිටින සේ කෙටිව හැඳි සිවුරෙනුත් දඩි බිඩි ගමන් රටාවෙනුත් පල වූයේ එතරම් පිළිවෙලක් ඇති අයකු නොවන බවයි...

මා සිටියේ විහාර මළුවේ කොනකට වන්නට වූ නිසා පන්සලට වැඩම කල ආගන්තුක හිමි නමට මා දරුෂනය නොවූවත් හා සිටි තැනට උන්වහන්සේගේ පැමිණීම මනාව දිස් විණි... කිසිදු හැල හොල්මනක් නැතිව ඉඳලත් පසෙකට කොට මා එහිමියන් දෙස විමසිල්ලෙන් බලා සිටි අතර..ආවාසය ඉදිරියටම පැමිණ උගුර පාදා කැඩුනු සිංහලෙන්...

"කෝ කවුරුවත් නෙද්ද..?" අසන ලදි..එවිට මා සිටි තැනින් ඉදිරියට ගොස්

"මේ හාමුදුරුවෝ කවුරුන්දැ..?" අසමින්ම ඉඳල පසෙකින් තබා උන්වහන්සේ ඉදිරියට ගොස් පෙනුමින් වයස්ගත ආකාරයක් පෙනුන බැවින් වඳින්නට සැරසුනෙමි...

"හා හා යෙපා යෙපා... ආමුදුරුවෝ..වඳින්න යෙපා.." යි කියමින් මගේ දෑතින් අල්ලා එම වැඳුම නවතන ලදි...

එම විරෝධයෙන් මා සිතුවේ උන්වහන්සේ අද ඊයෙක මහණ වූ අයකු වන්නට ඇතැයි කියාය... එසේ සාසනයට නවකයෙකු නම් සඟ මහළු පිළිවෙල සොයා බලා වැඳීම කල යුතුය..කෙසේ හෝ උන්වහන්සේව ආවාසය තුලට කැඳවාගෙන ගොස් ගිලන්පසද සකසා දුන් අතර ඉතා පලපුරුදු ආකාරයෙන් උන්වහන්සේ ආවාසය තුල එහෙ මෙහෙ යන ආකාරයෙන්ම මේ උන්වහන්සේ මෙහි පැමිණි පළමු වතාව නොවන වග අවබෝධ උනි.

ගිලන්පස වළඳනාතුරේදී කතා බස් කොට ටිකෙන් ටික කරුණු හෙළි කරගත් අතර උන්වහන්සේ මෙයට පෙර කලක් මෙහි මාස කිහිපයක් වැඩ සිට තිබුණි. එහෙත් එසේ සිට මෙයින් යන්නට වූ කාරණාව ගැන එතරම් පැහැදිලි තොරතුරක් එම කතාවෙන් මට ලැබුනේ නැත...

කෙසේ හෝ උන්වහන්සේගේ අරමුණ වී තිබුණේ ‍නැවත මෙහි රැඳී සිටීමට යන වග නිතර නිතර දැනෙන ලෙසින් කතා කරන්නට විය.

"මේ ගමේ මිනිෂ්ෂු අරී ආදරෙයි මට... එයාලා මට නිතරම යෙන්න කීනවා..."

"මං මෙහෙ ඔඳට බලාගෙන ඉටියේ යේ දවෂ්වල...කවුරුත් මට ආදරෙයි.."

"උපාලි ආමුදුරුවෝ දිගටම මේ පන්ෂලේ යින්න යින්න කියනවා මිනිෂ්ෂු"

මේ ආදී වශයෙන් දිගින් දිගටම මුට්ටිය දමන්නට වූ අතර හරියට සිංහලවත් කතා කරගන්න බැරි කඩියා කෑවා සේ ඒ මේ අත දුවන හිමියන්ට මාගෙන් උවමනා වූ වචනය නොදී සිටීමට මා තීරණය කලේ කෝකටත් ගුරු හිමියන්ගෙන් නොඅසා මෙවැනි අයකු නතර කර ගැනීම ප්‍රශ්නයක් විය හැකි බැවිනි... පැය කිහිපයක් ඒ මේ අත කැරකෙමින් සිට අවසානයේ බැරිම තැන උන්වහන්සේ කෙලින්ම ප්‍රශ්නය යොමු කරන ලදි...

"ඈ ආමුදුරුවෝ..මං මෙහේ නවතින්න එන්නද..?"


45 comments:

  1. Replies
    1. බලාගෙනයි... පිල්ලි..අවතාර..හොල්මං අවට පිරිලා...:D:D:D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. අය්යො, කතාව බාගයයිනෙ.

    ReplyDelete
    Replies
    1. වැරදියි...බාගයක් නැහැ මෙතන...

      Delete
  3. අර ආචාර්යයන් හා උපාධ්‍යායයන් දෙනම ගැන නම් මීට පෙර අසා ඇත.

    ReplyDelete
    Replies
    1. මොකද අෆ්ෆා මේ ආප්ප බාන්න වගේ පොස්ට් දාන්නෙ, ඒකත් කතාව බාගෙට. මොකද හදිස්සිය. කෝච්චියක්වත් අල්ලන්න තියනව ද?

      Delete
    2. මං හිතුවා ඒ දෙනම දැන් කට්ටියට අමතක වෙලාදෝ කියලා..?

      ඕක එක පාරින් මාගල වගේ ලිව්වම කස්ටිය බයිනවා දිග වැඩී කියලා...

      Delete
  4. කතාව කොටයි.... හොඳයි, එඩිට් කරල ඉතිරිය ............... (නෑ ඕනි නැහැ, ඉක්මනට දෙවෙනි කොටස දාන්න..

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් කියන්න ඕනද..? දිගට ලිව්වොත් මෙනව ලියවෙයිද කවුද දන්නේ..?:D

      Delete
  5. ඉතින් ඊට පෂ්ෂෙ

    ReplyDelete
    Replies
    1. ඊට පෂ්ෂෙ මොකද උනේ දන්නවද උයා...?

      Delete
  6. මාර වැඩේ අපේ පන්සලේ හාමුදුරුවොත් ශිහාරි කියනවට කියන්නේ සිහාරි කියලා.තව හුගක් එහෙම ඒවා කියනවා දැන් මතක නෑ

    ReplyDelete
  7. මාරේ මුනියා උපාලි ෂාමිට මුකද වුනා ?? මාර ෂාමි දීපු උත්තරේ මුකක්දෝ ?

    ReplyDelete
  8. මේ අර ආචාර්‍ය උන්නාන්සෙගෙයි උපාධ්‍යායය උන්නාන්සෙගෙයි අනුමැතියට කටයුතු කරලා සමාජයෙං වහං වෙන්ඩ පැවිදි වෙස් ගත්තු උත්තමයෙක් ද??

    ReplyDelete
  9. ඉස්සර සිංහල මුස්ලිම් කෝළහල කාලෙක මුස්ලිම් මිනිස්සු තට්ටේ ගාලා හාමුදුරුවො වගේ සිවුරු දාගෙන යනවලු.මට්ට පෙනුම හින්ද සිංහල මිනිස්සුන්ට සැක හිතිල කතාවට අල්ල ගෙන අහනවලු.
    "හාමුදුරුවෝ කොහේද වඩින්නේ"
    "ආ...උපාෂක මාත්තියා... අපි මේ මාලිගාකන්දෙ පනට වෙඩිනවා.."

    මේ ටික ඇහුනට පස්සේ ඉතින් කට්ටිය නෙලන්නේ සිවුර ගලවල

    ReplyDelete
    Replies
    1. දැන් මේ කතාවට හිනාවෙන්නද? අඬන්නද?

      Delete
  10. Man eka newey appaa... Man eka wechcha eka yata karanda karapu kumanthranayak..man nadu dhaanawaa... :-)

    ReplyDelete
    Replies
    1. :D මට ගොඩ දවසකින් මිස් වුණානෙ. වෙනි දැන් ඉංග්‍රීසියෙන්මයි කතාව නෙහ්. :D

      Delete
  11. මාරයියෙ, මේව ඔට්‍ටු නෑ හරිද, බාගෙට නම් දාන්නෙ, මුලින්ම කියන්න ඕන මීට පස්සෙ. ඇයි අප්පා, අපි මේ ඇස් ලොකු කරගෙන, කට ඇරගෙන කතාව අහන්න පටන් ගන්නකොටම , මෙයා අපිට කියන්නෙත් නැතුව යන්න ගිහින්. ඉතුරු ටික අහගන්න ආයෙ දවසක් දෙකක් ඉන්න වෙනව

    ReplyDelete
  12. ශෙරි ශෙරි අපි පලාගෙන යින්නම්කො

    ReplyDelete
  13. කෝ මාරයෝ ඉතුරු ටික?

    ReplyDelete
  14. මාලිගාවත්තෙන් තම්බි හාමුදුරුකෙනෙක්වත්ද????

    ඇඟපත කෙඩෙත්තුව හොඳවෙලා වගේ!

    ReplyDelete
  15. හපොයි ආතල් ඔක්කොම කැඩුන ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවරයෙක් බ්රේක් ගහනවා වගේ දඩාස් ගාල එක පාරටම කතාව නැවතුනහම .... අසනීප සුවයි වගේ ... බොහොම අගෙයි ... :)

    ReplyDelete
  16. තාම උණ විකාරයෙන්ද

    ReplyDelete
  17. අදනම් ටික තේරුණේ තේරුණේ නෑ වගේ.. අව්ලක් නෑ.. 600 හෙට දානකම් බලාගෙන ඉන්නවා... :)

    ReplyDelete
  18. මුලින් චරිත විස්තර කර පසුව කතාවට පිවිසීම හොඳ ක්‍රමයක්. කලින් වතාවකත් කලේ අර හාමුදුරුවන් ගේ ඥාතියා ගැන කතාවේ.

    ReplyDelete
  19. මේ පන්සල් කතා කියවන හැම වේලෙකම මගේ මතකයට එන්නෙ "අරලිය මල් ආරාමය" සහ රාහුල ථෙරනුවන්ව.

    නම උපාලි වුනාට සිංහල නමක් නොවෙයි වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ පොතේ මුල් කොටස “පිච්ච මල“. ඒ චරිත විකාශය වුණු පොත් 4 ක් නැත්නම් 5 ක් තියනව. ඒත් හොඳම කතාව දෙවැනි පොත, "අරලිය මල් ආරාමය". ජයසේන ජයකොඩි මහත්තයගෙ පොත්වලින් මම හුඟක් ආසකරන පොතක්.

      Delete
    2. 5ක් නෙමේ DDT 8ක්ම තියනවා. මා ගාව පොත් 8ම තියනවා. ඒගැන විස්තරයක් තියනවා සෑමාගේ පොසොන් කලාපයේ ජයසේන ජයකොඩි මහතා ගැන දීල තියන ලින්ක් එකේ.

      Delete
    3. @ Senna,
      මම සෑම්ගෙ ලිපිය කියෙව්වට ලින්ක්වලට ගියේ නෑ. මම ඒ පොත්වලින් කියවල තියෙන්නෙ මුල හතර විතරයි. ඒකත් හුඟ කාලයකට කලින්, මම හිතන්නෙ අවුරුදු 10 කටවත් කලින්. ඒ කතාවෙ තව පොත් තියන බව මම දැනගෙන හිටියෙ නෑ. මොකද මම දැන් වැඩිපුරම බලන්නෙ පරිවර්තන විතරයි. සැප්තැම්බර්වල බී.එම්.අයි.සී.එච්. බුක් ෆෙයා එකෙන් අරගෙන බලන්න ඕන. ස්තූතියි ඔබට, ඒ ගැන දැනුවත් කළාට.

      Delete
    4. @ DDT

      මට මතක විදිහට පොත් සෙට් එක මෙහෙමයි...

      පිච්ච මල
      අරලිය මල් ආරාමය
      මහමෙර
      උපේකා
      පින් කෙත
      සිල් සුවඳ
      සුදු නෙළුම
      තෙර තරණය

      Delete
  20. හරිම චුට්ටයිනේ . උන විකාරෙන් වගේ තාම ..D

    ReplyDelete
  21. යිතිරි ටිකට මොකද තමා වුණා ?

    ReplyDelete
  22. අපගේ බලවත් විරෝධය.

    ReplyDelete
  23. මගින් නවත්තලා නිසා කතාව එච්චර තේරුනේ නැහැ ,ඉතිරි ටිකත් බලලාම ඉමු..

    ReplyDelete
  24. තේරුනේ නැද්ද මන්දා... කමක් නෑ.. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  25. ඔහොම යං ඔහොම යං...

    ReplyDelete
  26. අපිට කිට්ටුව පාත නේ මේ හාමුදුරුවෝ බැලුවහම..ඉතුරු ටිකක් දාමුකෝ බලන්න.

    ReplyDelete
  27. නෙවතුනාද..පන්ෂලේ..!

    ReplyDelete
  28. 600ට මේකෙ ඉතුරු ටික ඕන...හරිදෝ

    ReplyDelete
  29. ලියමු බලන්න ඉතුරු ටිකත්! :)

    ReplyDelete
  30. ආසාවෙන් කියවන්න ගත්තෙමි....ආසාව ලත් තැනම ලොප් විය.කතාව නැත කුතුහලය ඇවිස්සේ මේ නම් මුස්ලිම් භාෂා විලාසයක්...

    ReplyDelete
  31. ඔහොම අපේ ආතල් කඩන්නෙපෝ!!!

    henryblogwalker the Dude

    ReplyDelete