03 July 2012

වර්ගපූර්ණිකාවටත් කෙලිය හෙළයින්ට වින කටින ඇමරිකානු සී අයි ඒ...



ඇත්තටම මේ ආරංචිය දැන් දැන ගත්තේ.. මගේ හෙළු ලේ කකියන්ට උනා... ඇයි මෙහෙම උනේ... අභිමානවත් හෙළු යක් (නක පුති) පරපුරේ උරුමය හීන් සීරුවට පාදන්න ගත්තා විතරයි... වර්ග පූර්ණිකාව නම් වූ අපගේ සිංහල බ්ලොග් අවකාශයේ තිබූ පරමාදර්ශීය බ්ලොගය පර සුද්දන් විසින් වනසා ඇත. එපමණක්ද..? නැත... එදා මෙදා තුර සිංහල බ්ලොග් අවකාෂය තුල බිහිවූ මහා ලේඛකයාණන් වූ "මීවනපලානේ ජයරතන" නම් වූ ඒ අසාහය හෙල බ්ලොග් කරුවාව සුදු ප්ලේන් එකක් මගින් පැහැරගෙන මේ වන විට ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ඇති ඒරියා 51 වෙත ගෙන ගොස් ඇති බව දැන ගන්නට ඇත.

දැන් අප කුමක් කරමුද..?

සියළු හෙළු යකුන් එකතු විය යුතු මොහොතකි මෙය...එන්න හෙට හවස 5ට ලිප්ටන් වට රවුමට... අපි උද්ගෝෂණය කරමු...

අපේ ජයා නිදහස් කරනු...!
වර්ගපූර්ණිකාවට අත නොතබනු..!
හෙළු යකුන්ගේ උරුමය නැවත දෙනු..!
ආණ්ඩුව පෙරලමු...!

අභිමානවත් හෙළු ලේ ඇති හෙළ යකුනි... (නක පුති) මේ ඔබේ දෑස් විවර කල යුතු මොහොතයි.. අද ජයාට.. හෙට ඔබට.. එන්න එක්වන්න... සී අයි ඒ දුර්දාන්ත ඒකාධිපති පාලනය පරදවමු... හෙළුවන් දිනවමු...!

සී අයි ඒ භංග වේවා..!
සුදු ප්ලේන් භංග වේවා..!
සුද්දන් වැනසේවා..!
ආණ්ඩුවත් ඔන්න ඔහේ පෙරලේවා..!

77 comments:

  1. Replies
    1. මගෙත් ඒ ලේ ජාතිය කකියන්න පටන් ගත්ත විතරයි..
      චික් විතරක් මේ සී.අයි.ඒ කාරයො නං...

      Delete
    2. වර්ගපූර්ණිකාව ගැන එලටම පැහැදිළි කරල තියෙන කොමෙන්‍ටු ටික මෙන්න. මේ ටික වර්ගපූර්ණිකාව ගැන තියෙන අනිත් බ්ලොග් වලටත් copy කරපල්ල, නැත්නම් හිතල නොබලන උන් අමාරුවෙ වැටේවි.

      අසoකJuly 3, 2012 7:08 PM
      මට නම් හිතෙන්නේ වර්තමානයේ නොයෙකුත් විකාර රූපි මුලාශ්‍රර හා වචන පෙරලි කරමින්,රාවනා රජු,බුදුදහම හා ලංකාවේ ඉතිහාසය හිතාමතා දුශනය කිරීමට,විරුද්දව උපහාසාත්මකව පහර දීමට ගත් උත්සහයක් ලෙසයි,බොහෝ දුරට එම ලිපි වලට පාදක වෙලා තිබුනේ ඔය රාවනා සෙට් එකේම බ්ලොග් වල දාලා තිබුනු ලිපි.
      මෙම බ්ලොග් එක අවකාශයට පිවිසීමත් එහි ලිපි ගලා යාමත්, අවසනයත් බොහොම සිත්ගන්නා සුලු විදියට කලා,
      අනික් විශේශම කාරනාව යලිදු බ්ලොග් එක පටන්ගන්නේ නම් එයද බොහොම ලස්සනට පටන් ගත හෑකි අයුරිනුයි මොහො මෙම අවසානය දුන්නේ....

      AnonymousJuly 4, 2012 5:30 AM
      හරියටම හරි. බ්ලොග් කියවන, ලියන මහා පණ්ඩිතයන්ට උපහාසය, ව්‍යංගාර්ථය, උත්ප්‍රාසය වගේ දේවල් තේරෙන්නෙ නැති එක බේදජනකයි. බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියන මීවනපලානේ ගොයියාගේ නමත්, ජයරත්න අඟමලේගේ නමත් එකට ඈඳා ඔහු කරගෙන ගියේ එවන් බේගල්කරුවන් උපහාසයට ලක් කිරීමයි. නමුත් ඒ බව තේරුම් ගත නොහැකි මෝඩයන් ඉන්නා තරමට, තව තවත් මීවනපලානේලා, ජයරත්නලා, සිරිවර්ධනලා, සමන්තභද්‍රලා මෙන්ම රාජපක්ෂලාද බිහිව රටක් මුලාවට පත් කිරීම සිදු නොවන්නේ ද?

      AnonymousJuly 4, 2012 11:28 AM
      සිංහල වචනයක් තියෙනවා "සාකැසම්" කියලා...
      තේරුම හොයාගෙන ඉගෙන ගනිං.
      කමෙන්ට දාලා විහිලු සපයපු අයට ආඩම්බර වෙන්න පුලුහං "කොහොමද මගෙ ටිකිරි මොලේ" කියලා..
      පහුගිය දවස් කීපයේ බුකියෙයි, සිංහල දේශප්‍රේමි වෙබ් අඩවි ටිකයි කැම්පේන් කරා නෙව මේ බ්ලොග් එක රිපෝට් කරන්න කියලා.. ඕන්න උඹලා ඉල්ලන පරක්කුවෙන් දීලා.. හැක හැක..

      සුරේන් විජේතිලකJuly 4, 2012 1:50 PM
      ජාව ස්ක්‍රිප්ට් එක හොයා ගත්ත කියල කෑ ගහන බුවාලාට නොතේරෙන දෙයක් තියෙනව. උන් හිතන්නේ ජාව ස්ක්‍රිප්ට් එක බ්ලොග් එකේ body එකට (බ්ලොග් එකේ අගට) දාල මීවනකාරය චාටර් වුණා කියලයි. මොකද එහෙම දාපු හින්දා බ්ලොග් එක ටිකක් ලෝඩ් වුණාට පස්සෙ තමයි අර CIA පින්තූරය වැටෙන්නෙ.
      නමුත් ජාව ස්ක්‍රිප්ට් එක බ්ලොග් එකේ head එකට (බ්ලොග් එකේ මුලට) දැම්මනම් බ්ලොග් එක ලෝඩ් වෙන්නේ නැතිව කෙළින්ම අර CIA පින්තූරය වැටෙනව. එසේම ඔවුන් තර්ක කරන විදියට ජාව ස්ක්‍රිප්ට් එකක් නොමැතිව සාමාන්‍ය HTML වලින් පින්තූරෙ දැම්මනම්, ජාවස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා බ්ලොග් එක කීයටවත් බලන්න බෑ.
      නමුත් මේකයි කතාව, මට හිතෙන විදියට අර විදියට ජාවස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා බ්ලොග් එක කියවන්න පුළුවන් විදියට දාල තියෙන්නෙ මීවන කාරයාගේ මේ මාකටිං පාර එක හින්දා වර්ගපූර්ණිකාව ගැන අළුතෙන් දැනගත්ත අයට කියවීමට අවස්ථාව ලබා දීමට විය යුතුයි. මීට කලිනුත් ඔය වගේ හැකිං සෙල්ලම් බ්ලොග් අවකාශයේ අපි දැකල තිබුණත් ඒ වගේ බ්‍රිලියන්ට් අයිඩියා එකක් දැක්කෙ නෑ නේද?
      "ඔය ටික නොතෙරෙන උදවියත් අපි අතරේ සිටීම තවත් ආතල් එකකි..."

      Asanka Udayanga
      ජයරත්න ලොක්කා වෑඩ කාරයා,මිනිහා බ්ලොග් එක නෑවෑත්තුවේ තවත් කතාවකට මුලපුරලා,ඇත්තටම බ්ලොග් එකේ හොද ගලා යාමක් තිබුනා,හරියට නිකන් නාට්‍යක් වගේ,රාවනා රජු,බුදුදහම,ලංකාවේ ඉතිහාසය තමන්ට කෑමති අන්දමින් වෙනස් කරමින් ස්ව‍යන්වින්දනයේ යෙදුනු උගතුන් කියාගත් අදබාලයින්ට හාස්‍යත්,උපහාසයත් මුසුව ලබාදුන් සාර්තකම පිලිතුර ජයරත්න මහත්ත්යා දුන්නා කියලා මම හිතන්නේ....

      Delete
    3. චතුෂ තුෂර කුමාර
      මට පේන විදියට රාවණා රජුට ලොකුම අපහාසය කෙරුනේ ඔහුගේ උරුමය අයිටී කාරයින්ට සහ ග්‍රැෆික් බුවාල අතට ගියායින් පස්සේ... කොම්පීටරගේ මොනිටරයෙන් එහාට ලෝකයක් නොදකින කට්ටිය තමන්ගේ හීන ලෝකෙට රාවණා දමා ගැනිමත් සමඟම ඔහුවත් තවත් එක සුපර් මෑන් කෙනෙකු කරන්නට යාම හරහා බිහි වූ නිර්මාණ හරහා රාවණා පීචං කලේ උන්ය...
      ජයරත්නයන් කලේ ඔවුන් කරන අඳ බාල වැඩ ගැන ඔබට හිතන්නට අවස්ථාවක් ලබා දීමයි.. එහෙත් ඒ අස්සෙත් අපේ උන් කතාව තේරුම් නොගෙන තමන් දන්නා ජාවා ස්ක්‍රිප්ට් ගැන සොයමින් කාලය කති.
      මොනවා කරන්නද නානත්ත කායා..නානත්ත සංඥා... :D

      චතුෂ තුෂර කුමාර
      ඔය හුගක් ලිපි ජයරත්නගේ එව්වා නෙවෙයි..බොහෝ විට රාවණ කරට අරං හීන කතන්දර දෙඩෙව්ව බුවාලගේ ඒවා...අර රන්දිව පත්තරේ ලිපි එහෙම තවා වැඩි හරියක්.. ඒත් ජයරත්න ඒ ලිපි ගැන අපිට නියම විදියට බලන්න අවස්ථාව දුන්නා.. ඒත් ඒකත් අපේ අය තේරුං ගත්තේ නැහැ..මොකද තාමත් අර රාවණ හීනේ හිතෙන් ගිහින් නැති හින්දා... ඔය ලිපිය උනත් කවුරුවත් එව්වා කියලා දැම්මට ටිකක් හිතලා බලන්න එහෙම එව්වා කියලා ලිපියක් දැමීම හරහාත් කලේ සාර්ථක නිර්මාණයක් නෙවෙයිද කියලා..

      Asanka Udayanga
      මාහාචාර්‍ය‍ය මිරෑන්ඩොයි,ආචාර්‍ය සුරිය ගුනසේකරයි කියපු කතා තමයි බහුතරයක් වර්ගචුර්නිකාවේ ගියේ,ප්‍රශ්නය තියෙන්නේ මේ දෙන්නා ගේන තර්ක මහ ලාමක පදනමක් මත පදනම් වෙලා තියෙන්නේ,එක්කෝ ලොවෙත් නෑති පුස්කොල පොතක් කියයි,නෑතිනම් කඩලා දාපු සෙල් ලිපියක් කියයි,
      නිකමට හිතලාබෑලුවොත් ඔච්චර දිවුනු තාක්ශනයක් තිබුනු කාලයක මේ තරම් ප්‍රාතමික ලේකන කලාවක් තිබුනේ ඇයි,
      මට නම් හ්තෙන විදියට මේ දෙන්නම තමන්ගේ පෑවෑත්මට මේ විකාර දොඩවනවා කියලා.

      Sujeewa Kokawala
      මී ජයා නොලියු එහෙත් එවැනිම අනෙක් කතා (රන්දිවේ යන ඒවා, සූරියාගේ ඒවා) ඇත්ත වෙන්නත් මී ජයා ලියූ ඒවා බොරු වෙන්නත් හේතුව කුමක්ද? ඒවා ඔක්කොම එකම විදිහට හදලා තියෙන්නේ.

      Delete
  2. හෆ්ෆෙ. මාරෙ අයිය වැඩේට බැහැලා වගේ.

    ReplyDelete
  3. හී...ඔන්න පලවෙනි වතාවට මාර ගේමක් දීල එක උනෝ... :D

    ReplyDelete
  4. හෙළු රකුස් ජයරතනයන් වහා නිදහස් කරනු !!!
    හෙල ගවේෂනයට ඉඩ දෙනු !!

    ReplyDelete
    Replies
    1. හෙළු රකුසන්ට අතතියන්න ගිහින් තමයි ඇමරිකාව වරද්දගන්නේ මේ පාර.
      සැවොම එක්වෙමු
      එක්ව නැගිටිමු
      (ඉතුරු ටික මතක නෑ)

      Delete
    2. මහා බලයක් විහිදුවාලමු
      අපේ රට හෙට එකම එක සුරපුරයක්
      (කෝ ඔය කියන හෙට?)

      Delete
    3. සෝක නොගන්න සොයුර.රාවණ රජතුමා අවදි වූ සැනින් අප හැමදාම ජප කරන හෙට දිනය උදා වනු නොඅනුමානය සබඳ..

      Delete
  5. මට තේරෙන්නෙ නැත්තෙ අර පොඩියට දාල තියෙන ආණ්ඩුව පෙරළන කතාව මොකක්ද කියල.. පැන්නද අනිත් පැත්තට ;)

    ReplyDelete
    Replies
    1. පිස්සුද යකෝ රාවණ රජතුමා ඡන්දේ ඉල්ලුවත් මූ නම් අනික් පැත්ත ගහන්නේ නැහැ


      ප.ලි - ඔන්න දැන් තමා කෙලවෙච්ච බව දැක්කේ

      Delete
    2. හැබෑට මාරය මොකද (ඇමරිකන්) ආණ්ඩුව පෙරලමු...! කියල පොඩියට දාල තියෙන්නෙ.

      Delete
  6. අනේ මන්ද මට නම් ඔය මොකක්ද පූර්ණිකාව හොඳට පේනවා තාම ඇයි කෙලියාය කියන්නේ ?

    ReplyDelete
  7. හනේ මගේ හිත වාවන්නෙම නෑ. :( :( :ඩී

    ReplyDelete
  8. වර්ගපූර්ණිකාව මම ආපු ගිහිපු තැනක් නෙවෙයි. ඒ නිසා වුනේ මොකද කියල මම දන්නෙත් නෑ. අද හවස කකාගෙ බ්ලොග් එකේ සුමිත් අයිය ඔය ගැන කමෙන්ට්කරල තියනව දැක්ක. කකානම් ලින්ක් එකකින් උත්තර දීල තිබුණ. කකාගෙ උත්තරෙත් එක්ක ඒක බැලුවනම් හොඳයි කියල මට හිතෙනව. වෙච්ච සන්තෑසිය ගැන මටත් අදහසක් ආවෙ කකාගෙ ලින්ක් එකෙන් ගිහින් කියව්වම.

    ReplyDelete
    Replies
    1. java script----> disable කොලහම ටක් ගාල යනව.

      Delete
  9. හෙලුවෙන්ද එන්න ඕනෙ ???

    ReplyDelete
    Replies
    1. එන්නම අවශ්‍ය නැහැ ඉන්න අහක ඉඳන් හෙලුවෙන් වැනීම ප්‍රමාණවත් !

      Delete
    2. ඕනමැන්ටල් අයියා. හෙළුවෙන් වන වන ඒම යෙහෙකි.

      Delete
    3. ඕනයා ..මොකද වැඩිය පේන්න නැත්තේ දැන් . වැඩ වැඩිද

      Delete
    4. ඕනේ අයියා.. පට්ට පට පට.. ++++++++

      Delete
  10. මාරයියට සුවර්ද සුදු ප්ලේන් එකක් කියල... මං හිතන්නෙ ඔය සුදු පාට දඬුමොණරෙක් කියල...

    ReplyDelete
  11. මේ ජයරතනයා වෙස් වලා ගත් CIA ඒජන්තයෙකි.හෙළයට රිංගා ගත් ට්‍රෝජන් අශ්වයෙකි. ඔහුගේ ඊනියා ප්‍රතිරූපය නංවාලීමට CIA උපදෙස් මත විහින් අතුරුදහන් වී ඇත. මේ ලඟදි අර පළා බබියෙකුත් අතුරුදහන් වුනේ.

    රාමා

    ReplyDelete
  12. කවුද බොලන් මේ.. ඇහුවෙත් අදමයි....මොනව වුනත් cia කාරයගෙ අගය කරන්ඩ ඕනා එක දෙයක් තමයි උස්සලා කොහාටද ගෙනිච්චෙ කියලත් දාලා තියනව... කැමති කෙනෙකුට් ඕනනම් ගිහින් බේරගන එනඩ පුලුවන්.. ඉන්නවද වීරයො එහෙම.. අත් දෙකෙන්ම එක පාර ඩිශුම් ඩිශුම් ගාල වෙඩි තියන්ඩ පුලුවන් ..

    ReplyDelete
    Replies
    1. බේරගෙන එන්න, ඒරියා 51 ට ගිහින්? ඉතින් ඇයි කවුරුත් බර්මියුඩා ත්‍රිකෝණෙට නිවාඩුවක් ගතකරන්න යන්නෙ නැත්තෙ.

      Delete
    2. මම හිතන්නෙ මේ කියන කෙනා එහෙට නිවාඩුවකට ගිහින් වගේ තමා.. එහෙට ගියාම මෝලේ කොලොප්පන් වෙනවලු..

      Delete
  13. උබ බොරුවට බෙරිහන් නොදී ඉදින් මාරය අය්යේ ... ජයරත්ත්න උන්නැහේ ගාව හෙන රාජතෛලය තියෙනවා.. උන්දැව අල්ලගෙන හිර කොරන්ට කාටවත් බැරුවා..

    ReplyDelete
  14. අපිවත් උස්සයිද දන්නේ නැහැ

    ReplyDelete
  15. ජයරත්නට පක්ෂව කමෙන්ට් කරන එවුන්වත් ඊළඟට උස්සයිද :D

    ReplyDelete
  16. ඔය ඇමරිකාවත් ලංකාවේ යටත් විජිතයක් ලු නෙව, ඒ කාලේ. වර්ග පූර්නිකාවෙයි, තව අටුවා ග්‍රන්ථ වලයි එහෙම කියල තිබුණ. කරුමෙට අද ඒ පොත් හොයා ගන්ඩ බැහැ. විදේශ ආක්‍රමණිකයෝ ගිනි තියල.

    ReplyDelete
  17. හෙළෝ මාරයා... හෙළයෙක් ලෙස මම ඔබතුමාගේ මේ ක්‍රියාවට සහභාගි වෙනවා!!! හෙළයෙක් ලෙස,,මේ ඇමරිකාව නැතො භංගස්තාන කරන්න අපි රාවණ රජතුමා ආවහම එකතු වෙන්නත් ඕනා. ඔය ඇමරිකන් කාරයෝ කළු ගලක් එක්ක ඔළුව හප්ප ගත්තා වගේ වැඩක් ජයාව උස්සලා කර ගත්තේ,,රාවණා ආවහම ඕවට බැස්ටිය ලැබෙයි..
    ශ්‍රී රාවණ සිද්ධම්!!!

    ReplyDelete
  18. යකුන්ට එන්නලු නේද? අනේ මට එන්න වෙන්නෙ නෑනෙ එහෙනම්.

    ReplyDelete
  19. මගේ බ්ලොග් එකේ තිබ්බ කොපිරයිට් නැතේ කියලා තිබ්බ පොඩි ජේද කෑල්ලත් ඔය මීවලපලවුවේ ජයතිලක මහත්තයා වර්ගචූර්නිකාවේ අලවාගෙන තිබ්බා ඒක දැකලා ඇමරිකාවෙන් මාවත් කුදලාගෙන යාවිද මන්දා ?

    ReplyDelete
    Replies
    1. ඉතින් හොඳයිනෙ බන්.. කට්ටිය ග්‍රීන් කාඩ් ගන්ඩ පොරකනවා. උඹ එක්කන් යයිද කියලා බයෙන් ඉන්නවා.. බයවෙන්ඩ එපා බන් උන් ගෙනියන තැන කියලයි ගෙනියන්නෙ..

      Delete
    2. හළෝ සදරු, හෙළයෙක් විදිහට උබ ආඩම්භර වෙන්න ඕනා දෙයක් ඒ, ශ්‍රී රාවණ සිද්ධම්!!!

      Delete
    3. සඳරුවො මම ඔය ගැන කියලා දාපු කොමෙන්ට් එකක් මේ රාවණා කාරය පබ්ලිශ් කොළේ නැහැනෙ බොල.....

      Delete
    4. ඒකනේ බං කියන්නේ ඔය ජයරත්නට ගහන්න ඕනේ හනුමන්තගේ වල්ගෙන්

      Delete
  20. මාරයා මල්ලිටත් බ්ලොග් කට්ට වහගන්ට (නවත්තගන්ට) හිතිලද? කෝකටත් ඔය CIA.jpg ෆයිල් එක කොහෙ හරි save කරලා තියාගන්තොත් හොඳ නැද්ද??? :-)

    ReplyDelete
  21. රංග කීව වගේ,, මේක රාවණාගෙ මාකටිං ප්‍රේසන්ටේෂන් එකක් වගේ...
    හඃ හඃ වසරේ විහිළුව,,

    ReplyDelete
  22. පව් අඩේ හෙලයා... :)

    ReplyDelete
  23. Menna original eka: http://megaupload.com

    ReplyDelete
  24. හෙළු ලේ පරික්ෂාවක් කරගන්න වෙයි නේද එන්න කලින්.

    ReplyDelete
  25. හෙළ යකුනි අවදිවව්. මේ අප ගමන් කරන්නේ රාවන යුගයටයි. හෙළ යකුන ට විරුද්ධව comment කොටන උන් පරිස්සන් වෙයල්ලා.

    ReplyDelete
  26. දේශහිතෛශි දේශමාමක බලවේග එකට එකතු වෙමු...

    ( අකුරු හරිද මන්දා ලිවුවා )

    ReplyDelete
  27. ආන්ඩුව පෙරලේවා කියලා තිබ්බද කොහෙද ඔන්න ඔහේ එහෙනම් මාත් එනවා

    ReplyDelete
  28. මේ පැත්තට ආවෙත් අදමයි,.,ආපු ගමන් මගෙ රැඩිකල් හැගීම් අවුස්සනවද මන්දා ,.,එල එල අර ආන්ඩුව පෙරලේව කියන එකනන් එලම එල ඈ

    ReplyDelete
  29. පව් සී අයි ඒ එක 'Esc key' එක ගැන දන්නේ නැහැ වගේ. :D

    ReplyDelete
  30. හෙට උද්ඝෝසනයට මාත් එනවා...

    ReplyDelete
  31. වර්ගජ සමීකරණ විසඳන්න පුලුවන් නේද වර්ගපූර්ණයෙන් ?

    ---ජයශ්‍රී----

    ReplyDelete
  32. මොන පිස්සුද! සීඅයිඒ කාරයන්ට පුළුවන්ද හෙළයන් හැක් කරන්න. මේ සෙල්ලං රාවනා අනෙක් ඇලයට හැරෙනකල් විතරයි. ඒ වගේම ජයරත්න මහත්තය චිත්ත බලයෙන් උන්ගෙන් බේරෙනව සිකුරුයි.

    ReplyDelete
  33. ඔන්න ඔහේ මාත් එනෝ.....

    ReplyDelete
  34. නැක පුති කෙනෙක් විදියට මාත් ඕකට එක්වෙන්නම්.

    හැබැයි අර පොඩියට දාල තියෙන එකනං මරු ඈ.

    ReplyDelete
  35. ආණ්ඩුව පෙරලෙන එකනම් සුටි අකුරින් නේද?...

    ReplyDelete
    Replies
    1. චැහ් ... ඒක මාරයගෙ වරදක් නෙවි බං. මේ ගූගල්වල අවුලක්. ආණ්ඩු පෙරලන්න ලියන ඒවයි ෆොන්ට් සයිස්එක ඔටෝ අඩුවෙනව. බොරු නම් මාරයියගෙන් අහල බලපන්.

      Delete
    2. ඕක නාමල්ගෙ නිල් බළකායෙ වැඩක්...

      Delete
  36. සී අයි ඒ භංග වේවා..!
    සුදු ප්ලේන් භංග වේවා..!
    සුද්දන් වැනසේවා..! (Big Fonts)

    ආණ්ඩුවත් ඔන්න ඔහේ පෙරලේවා..!(Small Fonts)
    කොහොමද මාරයගෙ ටිකිරි මොලේ.

    මාර‍යා වුනාත් ඇමරිකාවට බයය්.. යකෝ මාර කෙළියක්නෙ.

    ReplyDelete
  37. අපිට කෙල වුනු සෙයක් පෙන්නුම් කරයි. (එදා වගේම.....)

    දැන් ජයා පස්සෙ කෑගහගෙන එයි, ඔන්න මම සීඅයි ඒ කාරයින්ටත් කෙලියා කියාගෙන... අනේ ඒ දවස ඉක්මනට එන්නෙ නැනේ.... අනේ මං හිටියේ බයික්කෙට රසදිය ඇංජිමක් හයිකොරාගෙන අඩුවියදමින් ගමන් යන්ඩ..... ඊටත් වඩා භයානක අර නැප්චූන් පහුකරගෙන කෙලගෙන එනවලු නේද සතුරු ඒලියන්ස් ලා වගයක් නිල්ගල පැත්තට...... අනේ යුග විනාසෙට කලින් ජයරන්න මහත්තයෝ එන්ඩකෝ අපිව බේරාගන්ඩ....

    ReplyDelete
  38. හත්වලාමයි... හෙළයන්ට මෙහෙම සලකන එක කොහොම ඉවස ගන්නද?

    සී අයි ඒ භංග වේවා..!
    සුදු ප්ලේන් භංග වේවා..!
    සුද්දන් වැනසේවා..!

    :D :D :D

    ReplyDelete
  39. මමත් හෙළුවෙන් මේ සටනට එක්වෙනවා..!! ජයරත්න භංග වේවා!! (ඒ කිව්වේ ආණ්ඩුවට ඈ..) හෙළයන්ට ජය වේවා!! යන දිල්ලියක් කියලා යන හින්දා ඇවිත් ගෙනියපල්ලා ඈ..

    ReplyDelete
  40. ආණ්ඩුවත් ඔන්න ඔහේ පෙරලේවා..!
    මොකා ආවත් එකයි අන්තිමට

    ReplyDelete
  41. ජයරත්න තවටික දවසකින් ආපහු ඒවි area 51 ඒක ඇතුලේ දාපු වැඩකිඩ ටිකත් එක්කම අලුත්ම කතාසෙට් එකක් එක්ක එතකන් ඉවසලා ඉමු ....

    ReplyDelete
  42. වර්ගපූර්විකාව නැතිව ඉන්න අමාරුයි වගේ

    ReplyDelete
  43. නායක : කපා කපා
    සෙස්සෝ : කෑලි කපා
    නායක : අප වළකනු
    සෙස්සෝ : සිතනු එපා
    නායක : ලේ හැලුණත්
    සෙස්සෝ : පාර දිගේ
    නායක : අපේ හෙළුව
    සෙස්සෝ : පෙන්නනවා

    ReplyDelete
    Replies
    1. නායක : යායුතු මග
      සෙස්සෝ : අපි යනවා
      නායක : නිවැරදි මග
      සෙස්සෝ : අපි යනවා

      Delete
    2. මේක කැම්පස් එකෙදි නම් කියන්නෙ වෙන විදියකට. ඕකෙ වර්ශන් ගොඩක් තියේ නෙ?

      Delete
  44. මදෑ මං කියවන්න හැදුව විතරයි සික්........

    දිනූක

    අයියා/ මල්ලි ඕක කැම්පස් ජීවිතේ ජාතික ගීය වගේ. ඕක අපේ කෙනෙක් පරිවර්තනය කලා නේ කටින් කටින් පීසස් කටින් කියලා.......

    ReplyDelete
  45. මේකේ කොමෙන්ට් කොල..නන් අයුරින් සහය දැක්වූ සියළුම යකුන්ටත්..යක්ෂණියන්ටත් රාවණගේ පිහිටයි ආරස්සාවයි ඕං...

    ReplyDelete