04 July 2012

ඔබේ ව්‍යාපාරයටත් ගැලපෙන නමක් උවමනාද..?



ඇත්තටම මේ පෝස්ට් එක දාන එක කලින් පෝස්ට් එකට ලොකු අෂාධාර නයක් උනත්... මේකත් ඉක්මනට නොදා බැහැ කියලා මට හිතුනා...

කවුරුත් මේ වෙනකොට දන්න විදියට මම කලින් බබාට නමක් දැමීම ගැනත් ලිපියක් දාලා තියෙන්නේ.. ඒත් මේක එයිට වඩා ටිකක් වෙනස් ලිපියක්...

ඔය නම් දැමිල්ල ගැන ප්‍රසිද්ධම හාදයා තමා අර ආශුබෝධයන්... උන්දෑ කොයි තරන්නං මේ "නං" දැමිල්ල සාර්ථකව කලාද.. නං වික්කද කියල කියනවනං ඕනම ලබ්බේ වචනයකට අරුතක් හොයන්න දැන් අපේ ඕන එකෙක් දන්නවා... ඒක අන්තිමට වසංගතයක් වගේ වෙන්න ගත්තේ වාරියපොලින් පටන්ගෙන කෙහේවත් නැති එංගලන්තේ සිංහලන්තේ වෙනකම්ම අරුත් සෙවීමෙන් තමා.. එව්වා ඉතිං හිනා වෙවී ඉන්න හොඳ විහිළු තමා.. ඒත් මේ කියන්න යන්නේ එහෙම දෙයක් නෙවෙයි...

ඇත්තටම ඔබ අපි අතරේ නොයෙකුත් ව්‍යාපාර කරන අය ඉන්න පුළුවන්... ඒ වගේම ඒ ඒ ව්‍යාපාරවලට එක එක ආකාරයේ නම් එහෙමත් දාලා තියෙන්න පුළුවන්...ඒත් මොහොතකට හිතන්න ඒ සෑම නමක්ම ව්‍යාපාරයට ගැලපෙනවද කියලා..?

ඔව් හොඳින් හිතා බැළුවම ඔබටම පැහැදිලි වෙයි ඒවා ඔබගේ ව්‍යාපාරයට සුදුසු සරිලන නම් නොවන වග... මං ඉතිං දැන් මෙතනදී කැමති නැහැ ඒ නං හින්දාම ඔබේ ව්‍යාපාරයට වස් වැදිලා ඇති කියලා බය කරවලා ආයේ මට කියලා නමක් තියවගන්න මට්ටමට ඔබව භීතියට ලක්කරවලා ගානක් කපා ගන්න.. මොකද මගේ නම් තැබීමේ හැකියාව කලින් ලිපියෙන් මං විස්තර කරලා දීලා තියෙන හින්දා... ඒත් වස් වැදීම කෙසේ වෙතත් තමුන් වියාපාරෙට දාන නං වලින් නියම විදියට වියාපාරෙන් වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරිනං ඒ නමෙන් ඇති වැඩක් තියේද..?

ආන්න ඒ හින්දා අද ඉඳන් මම මේ දෙන උදාහරනේ හිතට අරං..තම තමුන්ගේ වියාපාරවලට ගැලපෙන නමක් තියා ගන්න කවුරුත් උත්සහ කරන්න... මෙන්න මේ වගේ...

33 comments:

  1. හරිම ලොල් සහගතයැ..

    ReplyDelete
  2. පට්ට නම නේ....

    කෙස් කට්.. නිකන් මස්කට් වගේ :-)

    ReplyDelete
  3. හරිනේ.!
    සැලොන් එකේ 'කෙස් කට්' නැතුව අතු කඳු බානවයෑ? :D

    ReplyDelete
  4. කාලෙකට කලින් රත්නපුර තිබිල තියෙනවා "දේවමනී" (Deva Money) කියල ව්‍යාපාරයක්...

    ReplyDelete
  5. ඕක මං හිතන්නේ ක්‍රෙස්කැට් වගේ නමක් දාන්න ගිහින් වෙච්චි අකරතැබ්බක්......

    :D

    ReplyDelete
  6. ඔය විදිහට නම් දාන්න ඉගෙන ගෙන තියෙන්නේ අපේ මාර මල්ලිගේ බ්ලොග් එක දැකලයි. එකේ හැම එකම මාර අහවල් එක කියල ලියල තියෙනවානේ. ඔන්න මාරයාගේ පුසාට තියන නම මාර කැට්..

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චි නම් මාරකැට් කියලා යන්නෙ පොළට

      Delete
  7. කෙස් කට්! හෙහ් හේ.....ඇයි පෝන් සොප් ඇන් කොමිනිකේසන්!

    ReplyDelete
  8. ආශුබෝධයන් මහ අමුතු නම් තමා දාන්නෙ. එයා නම දාපු ලොකු ෂොප් එකක් තියනව ලංකාවෙ ප්‍රධාන නගරයක. නම ‘සැවුනෝ‘. හොඳ ගානක් ගත්ත කියල මම අහල තියනව නම් දීමට. අර කඩෙත් අඩි 20 - 30 ක් උස තඩි පුවරුවක පසුබිමින් ආශුබෝධයන්ගෙ අත් අකුරින් ලියපු කවියකුත් එක්ක, එතුමගෙ අත්අකුරින්ම තමා සැවුනෝ කියල ලියල තියෙන්නෙත්. මමනම් සිංහල වැඩිය දන්නෙ නැති නිසා ඒකෙ තේරුම දන්නෙ නෑ. කාගෙන්හරි අහගන්න ඕන කියල හිටියට බැරිවුනා. දන්න කෙනෙක් ඉන්වනම් ඒකෙ තේරුම කියන්න.

    ReplyDelete
    Replies
    1. @ DDT

      දම්‍රෝ, සලාකා වගේ නම් දැම්මාය කියන්නේත් ආශුබෝධයන්ම තමා

      Delete
  9. ඔන්න නම්.ළමයින්ටත් ඔය වගේ නම් දාන්ඩ පුළුවන්නං මරු.
    උදා:- මාරයාගේ පුතා = මාරපුත්‍ර

    ReplyDelete
  10. හොද නමක් නොවැ ...

    ReplyDelete
  11. මම පොඩි ව්‍යාපාරයක් මටන් ගත්තා 1996දි. අපේ තාත්තා ඔය නම් ගැන අකුරු ගැන හරි උනන්දුයි ඉති වෙලාවල් බලන්න අරවා මෙව්වා හෙන ගොඩයි. පටන් ගන්න වෙලා වල් බල බල ඉන්න ගියොත් වැඩෙ කෙරෙන්නේ නැ අපි හිටපු ගොඩනැගිල්ලෙ අංකය අරගෙන ව්‍යාපාරයට නම දැම්මා.

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  12. මාරයියා කඩයක් පටන්ගත්තොත් දාන්න බැරියෑ "මාර කඩේ" කියලා! :D

    ReplyDelete
  13. මෙතනට හියොත් තව ඔයවගේ නම් බලාගත්තෑකි...
    http://typoincolombo.tumblr.com/page/2

    ReplyDelete
  14. ඔය වගේ සැලෝන් නිය කට් එහෙමත් ඇති මං හිතන්නෙ.

    ReplyDelete
  15. ව්‍යාපාරයට සුදුසුම නම දාලා නොවැ

    ReplyDelete
  16. කෙස් කට්...නියමෙටම ගැලපෙන නම.....

    ReplyDelete
  17. -----කෙස් කට්-------
    (කෙස් කට්ටටම කට් තමා)
    ---->>>>>ලෝකෙටම 1යි

    ReplyDelete
  18. මේ කොළඹ හතේ තියෙනවා හිස්K කියලා තැනක් මන් හිතන්නෙ කොණ්ඩ සකසන තැනක් විය යුතුයි..

    ReplyDelete
  19. හිකිස්‌
    :ඩී

    ReplyDelete
  20. මරයියත් කොහෙන් හොයා ගන්නවද මන්දා මේවා.. :)

    ReplyDelete
  21. මාරයියා ජිම් එකක් පටන් ගත්තලු..ඒකෙ නම,
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මාර බොඩි! :D

    ReplyDelete
  22. මේක තිබුණාය කියන්නේ හොරණ පැත්තේ නේද :)

    ReplyDelete