06 July 2012

කාමර තිබේ...අගක් මුලක් නැති කතා සමඟින්...

කෝච්චිය... පොඩි කාලේ අහලා තිබුනට මුලින්ම ඕකක් දැක්කේ මට මතක හැටියට ගම්පහදි වෙන්න ඕන... දැක්කට මොකද එකේ යන්න උනේ නැහැ.. ඒකට හේතුව උනේ අපි ගියේ කෝච්චියක යන්න නොවෙන හින්දයි.. චිත්තරපටියක් බලන්න එක්ක ගිය ගමන් ගම්පහ රේල් පාරට උඩින් තියෙන පාලම උඩට එක්ක ගිහින් කෝච්චියක් පෙන්නුවා කියලා මතකයක් තියෙනවා...

එයින් පස්සේ පහේ විභාගේ පාස් වෙලා කොළඹ යන්න එන්න ගත්තට පස්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ගාවයි.. දෙමටගොඩ රේල්පාරයි ගාවින් කොච්චි යන එනවා ඇති පදං බලන්න හම්බ උනා... ඒත් ඒ වෙනකොටත් මං කෝච්චියක ගිහින් නැහැ...

අන්තිමට හා හා පුරා කියලා කෝච්චියක ගියේ මට මතක හැටියට මරදානේ ඉඳන් කොටුවටද කොහේද..? ඒ ස්කූල් කට් කරලා එහෙ මෙහෙ යන එන කාලේ... 9යේ පන්තියේ වගේ... එයින් පස්සේ වතාවක් දෙවතාවක් එහෙ මෙහෙ යන්න හම්බ උනාට මං දිග ගමනකට කියලා කෝච්චියෙන් ගමනක් මුලින්ම ගියේ කුරුළු හමුදාවේ ඉද්දී... ඒකත් අහම්බෙන් වැදුන චාන්ස් එකක්...

දෙයිය‍න්ගේ ලෙඩ..එහෙම නැත්තං පැපොල හැදුන වෙලේ මාව රෑ කෝච්චියේ පටෝලා දියතලාවේ ඉදන් ගෙදර එව්වා... ඒ තමා මං දිග ගමනක් ගිය පලමු වතාව.. හැබැයි කට්ට කරුවලයි.. ඒ මදිවට අනිත් අයට බෝ වෙයි කියලා හිතලා පෙට්ටියක් ඇතුලට ගිහින් වාඩි වෙන්නේ නැතිව එක දිගටම පුට් බෝඩ් එකේ වාඩි වෙලා ආවේ.. කට්ට කරුවලේ අවට සිරි අසිරි මොනවත් පේන්නේ නැහැ.. හීතල හුලග එක දිගට... නිදිමත... විඩාව... එහෙං එද්දී කිසිම අමාරුවක් නැතිව ආව මං ගම්පහින් බහිද්දී මැරිලා වගේ හිටියේ... පුදුම අමාරුවෙන් ගෙදරට ආවේ... ඒ හින්දා ඒ කෝච්චි ගමනත් ඒ හැටි හිතට ඇල්ලව එකක් නෙවෙයි...

අන්තිමේදී මං කෝච්චියක හිතේ හැටියට ඔහේ ගියේ මහණ වෙලා ඉද්දී...

ඒ එක පාරක් මට ඇවිඳින්න හිතිලා දාන මාන දවස් කිහිපයකට නවත්තලා පන්සල බලාගන්නත් කිහිප දෙනෙකුට පවරලා ආව දවසක.. කොටුවට ඇවිත් උදේ 8 ට විතර නැග්ගා කෝච්චියක..අනුරාධපුරේට යන්න හිතං... උදේ 8ට ආව කෝච්චිය අනුරාධපුරේට එනකොට හවස 5ට විතර ඇති... මං දන්නවෑ කෝචිචි ගැන... ඒක මේ බඩුත් අරං හිමිං කොට කොට එන එකක්.. ඉස්සරහට විතරක් නෙවෙයි සමහර තැන් වලදී ආපස්සටත් යනවා එනවා... දවසම කෝච්චියේ... වැඩි සෙනගක් නැති හින්දා අපහසුවක් නැහැ... ඒත් සිවුරක් එක්ක ගමන් යද්දී තියෙන සුපුරුදු කරදරය... කෑමක් බීමක් හිතේ හැටියකට ගන්න නැතිකම...

ඒක තරමක් අපහසු දෙයක්... වඩේ කාරයෝ.. රටකජු කාරයෝ කෝච්චි පෙට්ටි පුරා යනවා එනවා.. මං බලං ඉන්නවා..අන්තිමට රට කජු උරයක් අරං හිමිං "වළඳ වළඳ" ආවා... වෙන මොනවා කරන්නද..? දවල්ට කන්නත් නැතිකොට.. ඒත් ඒ ගමන නරකම නැහැ... එදා අනුරාධ පුරේ ඇවිත් නවාතැනක් එහෙමත් හොයං පහුවදා උදේ ගියා බස් එහෙක නැගලා තන්තිරි මලේ.. එහෙ ගෙහුං දවස් දෙක තුනක් එහෙ නැවතිලා හිටියා පන්සලේ... තන්තිරිමලේ චන්දරතන ලොකු හාමුදුරුවෝ බොහෝම හොඳ ආගන්තුක සත්කාර දන්න හිමි නමක්... එහෙ හිටිය දවස්වල මං හිටියෙම බෝධීන් වහන්සේ ගාව බිම වාඩි වෙලා... ලංකාවේ කොහේ ගියත් එතන තරමට හිතට සැහැල්ලුවක් දුන්න තැනක් මට මේ වෙනකල් හම්බ වෙලා නැහැ... මහ විශාල බෝධියක් නොවුනට එතන තියෙනවා පුදුම සනීපයක්... දින කිහිපයක් එහෙ ඉඳලා ආපහු ආවේ බස් එකේ... ඒ යනකොට ගිය කෝච්චි ගමන මට එපාම උන හින්දා...

එයින් කාලෙකට පස්සේ මට උදේ හවහා කෝච්චියේ යන්න කාලයක් උදා උනා.. ඒ සිවුරු ඇරලා ආවට පස්සේ...

පන්සලෙන් එන්න කලින් සිළුමිණ පත්තරේ දැන්වීමක් බලලා මං නවාතැනක් හොයා ගත්තා.. ඒ නවාතැනේ අයිතිකාරයට කතා කරලා බැංකු ගිණුමට සල්ලි යවලා මං කාමරයක් එහෙමත් වෙන් කරගත්තා... නවාතැන තිබුනේ දුම්රිය ස්ථානයක් ගාවමයි... මගේ කාමරේ ඉඳන් දුම්රිය මාර්ගයට මීටර් 30ක් විතර දුරක් තමා තිබුනේ.. මුලින් මුලින් මහ රෑට උඩ ගිහින් ඇහැරෙනවා‍... ඒත් පස්සේ පස්සේ ඒ ඒ වෙලාවට කෝච්චිය නොගියොත් තමා ඇහැරෙන්නේ.. ඒ තරමට ඒකට හුරු උනා...

නවාතැන වගේම මං පන්සලෙන් ආවේ රස්සාවකුත් හොයාගෙනමයි.. ඒ හැම දේම සිද්ධ උනේ දුරකථනය හරහාමයි... රැකියාව සඳහා පත්තරේ දැන්වීම දාලා තිබුනේ ත්‍රීරෝද රථයක් පදවන ගමන් සුළු සුළු පරිගණක වැඩ කිරීම සඳහා නිවසකට කෙනෙකු සොයයි කියලා.. මාත් පන්සලෙන් ගිය දවසට පහුවදාම ලිපිනය හොයාගෙන ගියා... පළාතේ ප්‍රධාන නගරයක් පේන දුරේ..බැලින්නං ඒක ගෙයක් නෙවෙයි නවාතැන් පොලක්...

අපි කවුරුත් දන්න විදියටනං ගෙස්ට් හවුස් එකක්... කාමර තිස් ගානක් තියෙනවා... නගරය ආසන්නයේ හින්දා ගණුදෙනුකාරයින්ගෙන් අඩුවක් නැහැ... එක එක ආකාරයේ ජෝඩු යනවා එනවා... පංති යන්න කියලා ගෙදරින් එන යන්තං ජම්බු ගහෙන් වැටුන ළමයින්ගේ පටන් අවුරුදු හැටකට ආසන්න වයස්වල ගැහැණුත් ඒ ඒ අයට ගැලපෙන හෝ නොගැලපෙන වයස්වල පිරිමිත් එක්ක ආවා ගියා... හැබැයි කිසිම වෙලාවක මං 18ට අඩු කොල්ලෙක් එතනට එනවා දැක්කේ නැහැ.. හැබැයි අවුරුදු 70වේ වයසේ පිරිමිනං එනවා යනවා... පැය කිහිපයකට මුදලට ගත්ත සේවා දායිකාවක් එක්ක එන අය වගේම සතියට වරක් අනිවාර්යයෙන්ම එන පෙම්වතුන්...ආදියත් අඩුවක් නැහැ...

මගේ රස්සාව කොටස් දෙකක්... එකක් නවාතැන් පොලේ තුන්වීලය පැදවීම... ඒක හුගක් වෙලාවට කරන්න වෙන්නේ නවාතැනට ආව යුවළකට ආපහු යන්න වාහනයක් ඕන උනාම සහ කලින් දුරකථන අංකය අරං ගිය අය අසල නගරයට විත් එයාලට මෙතනට එන්න වාහනේ එවන්න කිව්වොත් විතරයි...

ඇත්තටම ඒ සේවාව නවාතැන් අයිතිකාරයා විසින් කරගෙන ගියේ සේවාවක් විදියට මිසක් ආදායමක් හොයන්නම නෙවෙයි... නවාතැනේ ඉඳන් නගරයට එක්ක යන්න වගේම නගරයේ ඉඳන් නවාතැනට යුවලක් ගෙන එන්නත් ගත්තේ රුපියල් 50යි... ඒක ඒ හැටි මුදලක් නෙවෙයි... එත් ඒ හරහා අයිතිකාරයට වාසියක් තිබුනා... මොකද පිටස්තර තුන්වීලයකින් යුවළක් ආවොත් ඒ යුවළ රැගෙන එන තුන්වීලයේ රියදුරාටත් නවාතැන මගින් රුපියල් 150ක් අනිවාර්යයෙන්ම ගෙවනවා... ඒ එහි පැමිණි යුවළගෙන් රියදුරා අය කරන මුදලට අමතරවයි.. ඒක ඇත්තටම පගාවක්... වැඩියෙන් ටිප් එක දෙන නවාතැන්වලට තමා රියදුරන් කට්ටිය සෙට් කරන්නේ... එහෙම නැති උනොත් බිස්නස් පිට යනවා...

ඒ දවස්වල එතැන කාමරයකට අය කලේ දහවල් වරුවටම රුපියල් 500ක් වගේ මුදලක්.. රෑකටනම් 600යි... පැය 24කට නං 750ක් වගේ.. බොහෝම සාධාරණ මිල ගණන්.. ඉතිං ඒ ගන්න 500නුත් 150ක් තුන්වීල රියදුරාට දුන්නම අයිතිකාරයට තියෙන්නේ 350ක් වගේ ගානක්... ඉතිං ආයතනයේම තුන්වීලය මගින් යනවා එනවනං මෑන්ට අර 150 ඉතිරියි.. හැබැයි මෑන් එච්චරටම ලෝභත් නැහැ... අළුතින් ආව යුවලක් නැවත එයි වගේ කියලා හිතෙනවනං යන්න කලින් දුරකථන අංකය සහිත කාඩ් එකක් නිකුත් කරනවා.. නගරයට ඇවිත් කතා කරන්න අපි ඇවිත් ගන්නං කියලා... ඒ විතරක් නෙවෙයි එහෙම කතා කරලා අපේම තුන්වීලයෙන් එන අයට කාමරයකට ගත්තේ රුපියල් 450යි.. සුළු අඩු කිරීමක්... ඒක දෙපැත්තටම වාසියි...

මට තුන්වීලය පැදවීමට අමතරව තිබුනේ කැෂියර් එකේ වැඩ... ඒකත් උදේ වරුවේ විතරයි... හවස් වෙනකොට අයිතිකාරයගේ පුතා ඉස්කෝලේ ඇරිලා ආවම මට වැඩ අඩුයි... පුත්තරයා ඒ වැඩ බලා ගන්නවා... මං හිතන්නේ කොල්ලට ඒ වෙද්දී වයස 16ක් නැත්තං 17 විතර ඇති.. හොඳ පළපුරුදු කාරයා.. වැරදිලාවත් නරක වචනයක්වත් නොකියන බොහෝම සංවර කොල්ලෙක්... ඒත් ව්‍යාපාරයට හොඳ පලපුරුද්දක් තිබුනා... යන එන අයව සුහදව කතා කරලා හොඳින් තියා ගන්න වගේම ඔවුන්ට උවමනා දේ හොයා බලා කටයුතු කරන්නත් දක්ෂයි.තමුන්ගේ ඉස්සරහා ඉන්නේ අවුරුදු හැටේ හැත්තෑවේ ආච්චිලා සීයලා උනත් හොදින් කතා කරලා ඔවුන්ට උපත්පාලන කොපු අවශ්‍යද කියලා අහලා බලලා ඒවා නිකුත් කරන අන්දම මට උනත් ඉගෙන ගන්න උනේ මෑන්ගෙන්... ඔහු ඒක දක්ෂ විදියට කරනවා.. ඉගෙන ගන්නත් දක්ෂ ළමයෙක්...

ආ කියන්න බැරි උනා..උපත් පාලන කොපු වලිනුත් අමතර ආදායමක් මෙතනට එනවා.. සාමාන්‍යයෙන් උපත් පාලන කොපු පැකට්ටුවක කොපු තුනක් අඩංගු උනත් මෙතනදී රුපියල් 50ක මුදලකට දෙන්නේ කොපු දෙකක් සහිත පැකට්ටුවක්.. සෑම විටම එහි තුන් වැනි කොපුව අඩංගු කවරය ඉවත් කර එසේ ඉවත් කර ගත් කවර දෙකක් නැවත එකතු කර වෙනත් කවරයක දමා විකිනීම හරහා තමා ඒ ලාභය උපදින්නේ...

මං කතාව පටන් ගත්තේ කෝච්චිය ගැන කියන්න ගිහින්නේ.. ඒත් අන්තිමට නැවතුනේ මෙච්චර දවසක් නොකියපු තවත් මගේ රැකියාවක තොරතුරු කියන්න පටන් අරං... ඇත්තටම මං මෙතන ඒ හැටි කාලයක් හිටියේ නැහැ.. ඒත් හිටිය ටික කාලෙට සෑහෙන දේවල් මං ඇහුවා දැක්කා... ඒ හැම එකක්ම බ්ලොග් එහෙකින් කියන්න ඇහැකි දේවල්ම නොවෙන හින්දා වැඩි විස්තරයක් කියන්න විදියක් නැහැ.

කොහොම උනත් ආන්න ඒ දවස්වල මං ඇති පදං කෝච්චියේ ආවා ගියා.. මොකද නවාතැන් පොල තිබුනෙත් දුම්රිය ස්ථානයක් අසල.. මං හිටියෙත් දුම්රිය ස්ථානයක් අසල.. ඉතිං වැඩට ආවේ ගියේ කෝච්චියේම තමා... මේ ලිපිය ලියන්න ගත්තේ ඒ දවස්වල ඉදන් මං විනෝදාංශයක් හැටියට කරපු දෙයක් ගැන ලියන්න.. ඒත් දැන් මේක දිල වැඩි වේගන එන හින්දා ඊ ළග ලිපියකින්වත් ඒ ගැන කියමු.. දැනට ඔය ඇති...

73 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ මම එක කියලා.. ඒ නිසයි කොමෙන්ට් එක මැකුවෙ..:D
      මාරයත් ඒ කාලෙ හරි හරි වැඩනෙ කරල තියෙන්නෙ..

      Delete
    2. ලැජ්ජා නැද්ද මනුස්සයෝ කමෙන්ට් මකන්න... හූ හූ....

      Delete
    3. කට වහගන හිටපන් බුද්ධියො..
      කොමෙන්ට් එක තිබ්බනං ඊට වඩා වස ලැජ්ජාවක් වෙන්නෙ.. :D:D

      Delete
    4. ලකී අසරණ උන වෙලාවේ ඔහොම කරන එක නරකයි බුද්ධියෝ..කොහොමටත් අද තව කෙනෙකුගෙන් හූ අහගන්න තියෙනත් එකේ...

      Delete
  2. යන්තං ජම්බු ගහෙන් වැටුන ළමයෙක්ගේ කේස් එකක් වැටිලා පොලිසියෙන් පැන්න නම් මාරයත් රිමාන්ඩ්...
    එහෙනම් "මම මහා උළු ගෙදර හිටි කාලේ" කියල කතා පෙලකුත් ලියන්න තිබ්බා... :P

    ReplyDelete
    Replies
    1. මගේ තාමත් ඉටු නොවුන කැමති කරුණු 3න් එකක්...

      Delete
    2. හිරේ යන්ඩනං හිතන්ඩ එපා මාරයෝ.ඔය එස් බී ලා, එස් එෆ් ලා හිටපු තැං වගේ ආතල් නෑලු.ගිය එකෙක් කිව්වේ ටොයිලට් එකට උදේම ගිය එකා දිනුංලු.පස්සෙ පස්සෙ යන උන්ට දණිස් බාගෙට නමංලු අදාල කර්තව්‍ය කොරන්ඩ වෙන්නේ.එච්චරට ගොඩ ගැහෙනවලු.

      Delete
    3. ඉතුරු තැන දෙකෙන් එකක් පිස්සන්කොටුවද?අනිත් එක මොකක්ද?

      Delete
  3. 50ට කොපු දෙකය්කියන්නෙ නං සහතික ඇත්ත. (මම දන්නෙ යාළුවෙක් කිව්ව හින්ද! :))

    ReplyDelete
    Replies
    1. හරි හරි රාජ්..අපි ඉතිං නෑ කිව්වද..? යාළුවෙක්ම තමා කියන්න ඇත්තේ..ඔන්න අපි පිළි ගත්තා...

      Delete
  4. අපේ ගෙවල් පැත්තේ රේල් පාර තිබුණත් අවුරුදු තිස් ගානකින් කෝච්චියක් ගිහින් නෑ. දැන් සාමාන්‍ය වාහන යන පාරක්. අවිස්සාවේල්ල ඕපනායක රේල් පාර.

    "ත්‍රීරෝද රථයක් පදවන ගමන් සුළු සුළු පරිගණක වැඩ කිරීම" - ලැප්ටොප් එකකින් වෙන්න ඇති වැඩ කලේ . :)

    රාමා..

    ReplyDelete
    Replies
    1. කොහොමද බං ඒකේ ආයේ කෝච්චියක් යන්නේ..උඹලා එකේ පීලිත් ගලෝලා විකුණං අහවර උන කොට...

      Delete
    2. අපි ඉපදෙන්නත් කලින් රේල් පීලි ගලවාගෙන ගිහින් තියෙන්නේ.. :)

      Delete
  5. අපි නම් පොඩි කාලෙ ඉඳලම ඉස්කෝලෙ නිවාඩු කාලෙට කෝච්චියෙ දිග ගමන් ගියා. ඒ අපේ තාත්තා රජයෙ සේවකයෙක් නිසා නොමිලෙ යන්න අවුරුද්දට වොරන්ට් තුනක්ම තිබුණ. තව මම ඉස්කෝලෙ දෙක වසරෙ ඉද්දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙයි ප්‍රා.ලේ. කාර්යාලවලයි හිටපු සියළුම රජයෙ සේවකයො විශේෂ දුම්රියක් වෙන්කරන් අනුරාධපුරේ ගියා මතකයි පොසොන් පෝයට. එහේදි ඇවිදින්න ලංගම බස් වෙන්කරල තිබුණ.

    මාරයියගෙ රස්සාවනම් ටිකක් ජොලි වගේ. ඒත් ඉතින් සිවුරු ඇරපු ගමන් ඔය වගේ තැනක වැඩකරන එක නිකන් උස්සල පොළොවෙ ගැහුව වගේ වැඩක්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිටි හැටියේ එක අන්තයකින් අනිත් අන්තියට මාරු වෙන්න උනාම මාත් කරකෝලා අතෑරලා වගේ උනා.. ඒත් මොනවා උනත් ජීවත් වෙන්න රස්සාවක් එපෑ... ආව ගමන් දමලා ගහලා යන්න බැහැනේ කියලා හිටියා දවසක් දෙකක්...

      Delete
  6. හරි තව කතා සීරීස් එකක් ඉතිරි වෙලා තියනවා එහෙනම් අහන්න.... මරු මරු

    ReplyDelete
    Replies
    1. හැම සීරීස් එක වගේම මුල අල්ලලා තියමු...

      Delete
  7. මන් මේ කල්පනා කෙරුවෙ මාරෙ අයියට නැත්තේ ජීවිතය ගැන මොන වගේ අත්දැකීම්ද කියලා.ජීවිත කාලෙ වගේ දෙතුන්ගුණෙක අත්දැකීම් තියෙනවා කියලා හිතෙනව බ්ලොග් එක බලද්දි.

    ReplyDelete
    Replies
    1. හිර ගෙදර..
      පිස්සන් කොටුවේ...

      Delete
    2. නැහ් ඒවයෙත් ඉඳලා තියෙනවද? අම්මෝ අයියා මාරයෙක්ම තමා :D

      Delete
  8. ඔය කියන කාලෙ මාරයාගේ අල්ලේ රේබා එහෙම ඉතුරු වෙලා තිබුනැයි....

    ReplyDelete
    Replies
    1. අල්ලේ රේඛාවලට හානියක් කරන්න ඕන නැහැ උවමනාව ඇත්තං

      Delete
  9. පැවදි දිවිය අතඇරලා අලුතින් ලැබුනු රැකියාව කරගෙන යද්දි ඔබට දැනුනෙ මොනවගෙ සිතුවිල්ලක් ද කියලා දැන ගන්න කැමතියි....?

    ReplyDelete
    Replies
    1. අමුතු සිතිවිල්ලක් නැහැ බං... අර ඊ ළග කෑම එක හම්බ වෙනකල් ඔහේ යන අතක යන බල්ලා වගේ තමා... කාගෙන්වත් හිඟමනේ නොයා තුන් වේල කන්න රස්සාවක උවමනාව විතරයි එවෙලේ මට වැඩියම උවමනා වෙලා ති‍බුනේ... ඒ හින්දා වැඩිය දේවල් හිතන්න ගියේ නැහැ. හැකි ඉක්මනට වෙන එහෙකට පනින්න ඕන එතකං රැකෙන්න ඕන කියලා හිටියා...

      Delete
  10. සිවුරු දාගෙන ගමන් යන එක ගැන නම් කියල වැඩක් නෑ.. මහණ වෙච්ච අලුත මම බයේ හිටියෙ පරන පුරුද්දට යන බස් එක පස්සෙ දුවල ගිහින් එල්ලෙයිද කියල

    ReplyDelete
    Replies
    1. ඕකේ අනිකම ‍උනා මගේ යාළුවෙක්ට තරිඳු.. මෑන් සිවුර ඇරලා ගිහිල්ලත් පරණ පුරුද්දට ගිහින් ඉස්සරහ සීට් එක ගාව හිට ගත්තා...

      Delete
    2. හියැක් හියැක්..

      Delete
  11. හම්මේ ඇති වෙන්න කෝච්චියේ ගිහින් තියෙනවා ඒ වුනාට දැන් යන්නැත්තේ කෝච්චිය නවත්තන්න කලින් කෝච්චියට නගින්න ගිහිල්ලා ෆුට් බෝඩ් එකෙන් වැටුනට පස්සේ....

    මේ කතාවේ අතුරු කතාව ගැන කතා කරන්න දුකයි.මේකට හේතු ගොඩක් ඇති.එක හේතුවක් විදියට මම දකින්නේ මල් වත්තට වුනත් 89පස්සේ ඉපදුණු කට්ටියව නොදානවා වගේ වැඩ....

    දැන් නම් කෝච්චි කියද්දි අර ළඟදි මැරුණු කොල්ලව මතක් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හුගක්ම හේතුව ළමයින්ට යන්න තැනක් නැති වීම... මල්වත්තට යන්න දෙන නොදෙන එකේ කතා දෙකක් තියෙනවා..මොකද පොඩි උන්ව අරං අම්මලා තාත්තලත් ඔහේ යන හින්දා අම්මලාට ළමයි අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න විදියක් තියෙන්නත් එපෑ.. ඒත් එහෙමයි කියලා කොල්ලන්ට කෙල්ලන්ට යන්න අතක් නැති වීම ලොකු ප්‍රශ්න ජාලයක මුල.. එක පාරක් ඇස් බීද කොහේද උන්ට තැන් හඳනවා කිව්වමත් අපේ උන් ටිකක් රෙදි කරේ තියං ගියානේ...

      Delete
    2. ඒකත් ඇත්තම තමා අයියේ.... තැනක් හදලත් බෑ නොහදත් බෑ.... අවිනීතව හැසිරෙන අයට දඩ ගහනවා කියලා කරන්නේ අත් අල්ලන් ගහක් යට හිටියත් දඩ ගහන්න එන එකනේ....

      Delete
  12. කෝච්චි ගමන ආස හිතෙන්නෙ ඉන්ටර්සිටි ට්‍රේන් වල. හැම ස්ටේෂන් එකකම නවත්ත නවත්ත කොට කොට යන ට්‍රේන් නම් අපෝ වහ.

    ReplyDelete
    Replies
    1. පොලොන්නරුවේ ඉඳන් ඇවිත් ගිහින් අත්දැකීම් උඩම ලිය වෙච්ච එකක් නේද..?

      Delete
  13. ම්ම්ම්... මේ තියෙන්නේ..

    ReplyDelete
  14. හොද ලිපියකි...

    ReplyDelete
  15. කෝච්චිය බිං ගෙයක් ඇතුලෙන් යන සීන් දැකලා තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. එතකොට නෝසීන් නෙ. පට්ට කලුවරයි...

      Delete
  16. දැන් ඉතිං කෝච්චිය වගේ මේ කතාවත් ඇදගෙන යං.

    ReplyDelete
  17. මූ විනෝදාංසයක් හැටියට හිස් කොපු වත් එකතු කලාද ඒ කාලේ :-D

    ReplyDelete
  18. ඊලඟ ලිපියෙන් කියන්න හදන විනෝදාංශය කෝච්චි ටිකට් එකතු කිරීමද? ඉස්කෝලෙ යන දවස් වල මගෙත් හොඳ ටිකට් එකතුවක් තිබ්බ. මම කැම්පස් එකේ නැවතිල ඉන්න දවස්වල ගෙදර කට්ටිය කාමරය අස්කරනව කියල මගේ වස්තු සම්භාරයෙන් සෑහෙන කොටසක් කුණු වලට දාල තිබ්බ. ටිකට් ටිකත් ඒ අතර.

    ReplyDelete
  19. මගේ පළවෙනි කෝච්චි අද්දැකීම ගැනනම් කියලා වැඩක් නෑ තාමත් මතක් වෙද්දි මැරෙන්න හිනා මම ඒ ගැන පෙස්ටුවකුත් දැම්මා

    ReplyDelete
  20. මාරයාගේ හෝරාවFebruary 18, 2011 5:48 PM

    සුභ පතලා විතරක් මදි වගේ බං...
    ස්තූතියි..ආයේ කොමෙන්ට් කොරන්න ඔන නැහැනේ..200 ලිව්ව දවසකට කියහං..ඊ ලග කොමෙන්ට් එක එදාට දාන්න...

    තොපේ 100ම කියෝපු අපිට ගහන්න ඕන මඩු වල්ගෙන්...
    ඒ මදිවට ඒවට තව කොමෙන්ට් දාන්නත් ගියා..නොදකිං..මං වගේ මෝඩයෙක්..

    හා දැන් පටන් ගනිං මඩ ගහන්න.

    ( එළ අභියෝ...ඔහොමම යං...)

    අන්න ලියුවා මචන්.... :D

    ReplyDelete
  21. කෝච්චි ගමන හරි ආතල්.බස් එකේ වගේ නෙමෙයි.ඇඟට අමාරු නැහැ.පොතක් උනත් කියවන්ඩ පුළුවන් ඔලුව විකාර නොවී.මමත් කෝච්චිය එක්කම තමා හැදුනෙ වැඩුනෙ.

    ReplyDelete
  22. කතාවත් බඩු කෝච්චියක් වගේ .... සෑහෙන්ට දිගයි... ඉස්සරහට යනවා, පස්සට යනවා.. නවතිනවා..බඩ ගානවා...:-)

    ReplyDelete
  23. අන්තිම බිස්නස් මෙතඩ් එක තමයි එලම

    ReplyDelete
  24. එකත් එකටම ඇයි 18 ට අඩු කොල්ලෝ එන්නේ නැත්තේ?

    ReplyDelete
  25. හූ හූ......... මෙයාට කලින් මම කෝච්චි ගැනත් ලිවුවා.

    //ඒත් හිටිය ටික කාලෙට සෑහෙන දේවල් මං ඇහුවා දැක්කා... ඒ හැම එකක්ම බ්ලොග් එහෙකින් කියන්න ඇහැකි දේවල්ම නොවෙන හින්දා වැඩි විස්තරයක් කියන්න විදියක් නැහැ.//

    අයියෙ ඒ වුණත් බ්ලොග් එකේ ලියන්න පුළුවන් විදියෙ අත්දැකීම් ලියනවා නම් හොඳයි කියල මට හිතෙනව. බලාගෙන යද්දි අපි කාටවත් නැති විදියෙ අත්දැකීම ගොඩාක් තියන කෙනෙක් ඔයා. දවසින් දවසම ඒවට තවත් අලුත් අත්දැකීම හොයාගෙන යනව ඔයා. නියමයි !!

    ReplyDelete
    Replies
    1. ඒකට නම් මාත් එකඟයි.

      Delete
  26. හිහ්... කොච්චි ගමන තරම් එපා කරපු ගමනක් තවත් නෑ...බිස්නස් කන්සෙප්ට් එක නම් මරේ මරු.
    සිදූ විතරක් නෙවේ නොටියත් කොච්චි ගැන ලීවා..ඔන්න බලන්ට කෝච්චිය

    ReplyDelete
  27. කාලෙකින් කෝච්චියක ගියෙත් නෑ.. කාමරේකට ගියෙත් නෑ.. දෙකම මතක් කරලා දුන්නට ස්තූතියි මාරයා මල්ලිට...

    ReplyDelete
  28. කෝච්චියේ නම් කීපාරක් ගිහින් ඇද්ද ඒත් කාමරේකට නම් තාම එක පාරක් වත් ගිහින් නැහැ :( :P

    ReplyDelete
  29. ඔය කියන්නෙ අඹ සෙවන ගැනද? :D

    ReplyDelete
  30. මාරයෝ නිසානයෝ මමත් කාමරයකට ගිහිල්ලා නැ

    ReplyDelete
  31. මේක කියවනකොට මට මතක් වුනේ මැක්සිම් ගොර්කිව . [ළමාවිය , මිනිසුන් අතර , මගේ සරසවි ....]

    ජිවන සරසවියේදී අපි හැමෝම වගේ මාරයට වඩා පහල පන්ති වල .

    ReplyDelete
  32. එතන ඉන්නකොට දැක්ක දේවල් සැර බාල කරලා හරි ලියන්න.ගොඩක් වැදගත් වේවි අනිත් අයට..
    මේ පොස්ට් වලින් ඉගෙන ගන්න තියෙන දේවල් නම් අනන්තයි.

    ReplyDelete
  33. කුචු කුචුස් කුචු කුචුස් හූ......... :D

    ReplyDelete
  34. කෝච්චි කතාවක් ඕං මාත් ලියල ඇති....!
    http://vpokura.blogspot.com/2012/07/blog-post.

    ReplyDelete
  35. මොන වෙඩිමක්ද මේක ලග ලග බලපු දෙකේම කොපු කතා,,ඒ පාර කොපු රැල්ලක්ද මේ,,මම හිතුවා අර රැකියා ගොන්නේ මේ රැකියාවත් ඇති කියලා

    ReplyDelete
  36. කිව්වත් වගේ මාරයාගේ අත්දැකීම් එක්ක බලද්දි අපි තාම හෝඩියේ පන්තියෙද කොහෙද?

    ReplyDelete
  37. ඔහෙගෙ ගමට පොඩ්ඩක් එහයිං අපේ ගම. ඒක නිසා කෝච්චි ගමන් නම් වමරන්නත් පුලුවං දැං. හැබැයි ඉතිං කෝච්චියෙ ගමන නම් එපා වෙන්නෙ නෑ කවදාවත්.

    ReplyDelete