"මොකද දැන් වෙන්න ඕන..? මොකද අඩන්නේ..? මොකක්ද මට කරන්න කියන්නේ..?"
ප්‍රශ්නයක් අහන අහන වාරයක් ගණනේ ගැහැණියගේ අතින් කිස් කන පහරක් කොලුවාගේ ගාත් පිටු පසට වදියි..එහෙත් කිසිදු පැනයකට හරි හමන් පිළිතුරක් නොදෙන කොළුවා තව තවත් හයියෙන් බෑගිරි ගසා හඩයි.. දෑත් සොලවමින් කුමක්දෝ පෙන්වන්නට මෙන් තැතනූවද ඒ පෙන්වන දෙස බැලූවත් අවට සිටි අප හටද පැහැදිලි යමක් පෙනුනේ නැත... අප කොලුවාගේ දෑත් දික්වන අත බැළුවත් ප්‍රශ්න අසමින් පහර දෙනවාට වඩා යමක් ඇයගෙන් නොවිණි. ඒ කොලුවා කියන දේ ඇය දැන සිටින මුත් ඒ කියනා දෙය කල නොහැකි බව දන්නා නිසා විය හැක...
..................................
පෙර පෝස්ටුවෙන් කෝච්චිය ගැන කියන්නට පටන් ගත්තේ මෙවැනි සිදුවීම් දෙක තුනක් දුටු බැවිනි... පසුගිය සතියේ දිනක නැවතත් කෝච්චියේ කෙටි ගමනක් යාමට සිදු විය..එනම් වේයන්ගොඩ සිට කොටුවටත්..කොටුවේ සිට වේයන්ගොඩටත් ආදී වශයෙනි.. පොහොය දිනයේ ගමනක් යෙදුණු අතරම නිට්ටඹුවට වූ වැසිබර කාලගුණය නිසා බයිසිකලයේ ගමන නොයා දුම්රියේ යෑම තෝරා ගන්නට සිදු විය. පොහෝ දිනය හෙයින් වෙනදා මෙන් කිසිදු තද බදයක් යන විට හෝ එන විට කෝච්චියේ නොවිණි. රුපියල් 35ක් ගෙවා ලබාගත් තුන්වැනි පන්තියේ අවසර පතත් රැගෙන කොටුව පැත්තට යාමට අද්දමින් තිබූ කෝච්චියේ එල්ලී හොඳින් හරි බරි ගැහී වාඩි වී ගමනට පිටත් වූ මාත් තවත් කිහිප දෙනෙකුත් ඇර වැඩි පිරිසක් එහි නොවිණි. කෙසේ හෝ සෑම දුම්රිය ස්ථානයකම නවත්වන්නට යෙදුණ කෝච්චියට ස්ටේෂන් දෙක තුනක් පසු කරද්දී සාමාන්‍ය තරමේ පිරිසක් එකතු වී සිටියහ... මා සිටි පෙට්ටියෙහිද ඒ වන විට විස්සක් විසි පහක් පමණ පිරිසක් ගමන් ගනිමින් තිබිණි. එහෙත් බොහෝ ආසන හිස්ය... පලමු වැන්නා කෝච්චියට ගොඩ වූයේ මෙවැනි තත්වයක් පවතිද්දීය...
හේ උසින් අඩි පහ මාරක් පමණ විය හැක... කාල වර්ණ සමත්... හොඳින් වැඩුනු සිරුරත් බාහිර වශයෙන් කිසිදු අඩු පාඩුවක් පෙනෙන්නට සැලසූවේ නැත... කෝච්චි පෙට්ටියේ කෙලවරක සිට ඔහු තම රාජකාරිය පටන් ගත්තේය... කිසිදු සිනහවකින් හෝ කතාවකින් තොරව වාඩි වී සිටි මඟින්ගේ අතට යම් කිසි පත්‍රිකාවක් සහ කුඩා පොත් පිංචක් බෙදමින් යන ලදි...ඇතමකු ඔහු දෙස නොබලා ඉවත බලාගෙන සිටියද ඔහුගේ ඔඩොක්කුව මතට හෝ එම පත්‍රිකාව හා පොත් පිංච දමමින් ඔහු ඉදිරියට ඇදුනි... සාමාන්‍යයෙන් කෝච්චියේ නොව කොහේ ගියත් මිනිසුන්ගේ හැසීරීම් බලා සිටීම පුරුද්දක් කරගත් මා හට මොහු කෝච්චියට ගොඩ වූ මොහොතේ සිටම ඔහු දෙස බලා සිටි නිසාම මෙම කරගෙන එන දේ ගැන තරමක් නොරිස්සුමක් විය... කතා දෙකක් නැතිවම මේ හිඟා කෑමකි.. එසේ නැතිව කියනවානම් ආධාර එකතු කිරීමකි. එහෙත් ඔහු දෙස නොබලා සිටින අයගේ ඇගේ පවා පෙර කී පත්‍රිකා දමන්නට ඔහුට ඇති ඇයිතිය කුමක්ද..? දවසකට දහස් ගණනකගේ අතට ගොස් නැවත එන කලු ගැසී ඇති පත්‍රිකා කෙරෙහි අපුලක් ඇති නොවන්නේ කා හටද..? කිසි සේත්ම අනිත් අයගේ කැමැත්ත හෝ අකමැත්ත නොවිමසා ඔහු සිය කාරිය කරගෙන යාම එතරම්ම ප්‍රසන්න ක්‍රියාවක් නොවුණි.
ඇතැම් විට ඔහු ගොලුවකු විය හැක.. එහෙත් සිනහවක්වත් අඩුම තරමින් මිත්‍රශීලී ස්වරූපයක්වත් නැතිකම... අනිත් එකාගේ කැමැත්ත අකමැත්ත ගැනවත් උනන්දු නොවීම...
මා සිටියේ කෝච්චි පෙට්ටිය මැදට වන්නටය... මා අසලට ඔහු පැමිණෙත්ම අත ඔසවා "එපා" යැයි කියන්නට මා දෙවරක් කල්පනා කලේ නැත. මෙතෙක් වේලා සිය කැමැත්තට අනුව හැමෝටම බෙදාගෙන ගිය පත්‍රිකාව මා ගත්තේ නැත.. මා හට එය දීමට පෙරම විරුද්ධත්වය පා එස වූ අත දෙස විමතියකින් තත්පර කිහිපයක් ඔහු බලා සිටි අතර මෙතෙක් වේලා කිසිදු හැඟීමක් නැතිව මෙන ආ ඔහුගේ මුහුනෙහි කෝපයක හැඟීම් පහසුවෙන්ම දැක ගත් හැකි විය... රවන්නට හැකි එකාට හිනා වෙන්නට බැරි වෙන්න විදියක් තියෙයිද..? මට රැවුවාට වඩා තදින් බැල්මක් ඔහු වෙත හෙලනවාත් සමඟින්ම ඔහු මා අතැර ඊ ළග එකා වෙත කොලය බෙදන්නට විය... අවසානයේදී දුම්රිය මැදිරිය තුල සිටි සියල්ලන්ටම කොල බෙසා අවසන් විය.. ඔහුගෙන් කොල හා පොත් පිංච නොලද අය වූයේ දෙදෙනෙක් පමණී..එකෙක් මා බව කිව යුතු නොවේ.. අනිකා කෝච්චි පෙට්ටියේ සිටි වයස්ගත අයෙකි. ඔහුද රැවුල වවා පොට්ටනියක් කිසිලි ගන්වාගෙන යන අයෙකි... මෙතැන නැතත් කොහේ හෝ යදින්නෙකු බව කිව හැකි පෙනුමක් තිබිණි.. පෙර කී තරුණායා මෙම මහළු අය හට සිය පත්‍රිකාව නොදුන් හෙයින් එම මහළු පුද්ගලයා විසින් තමා අසල වාඩි වී සිටි අයකුගෙන් එකී පත්‍රිකාව ඉල්වාගෙන කියවනවාත් මා සිටියෙමි...
නැවතත් කෝච්චි පෙට්ටියේ මුලට ගිය තරුණයා පොත් හා පත්‍රිකා එකතු කරන්නට විය...ඇතැම්හූ පොත හා පත්‍රිකාව සමඟින් මුදල්ද ඔහුට දෙන බව පෙනෙන්නට විය...එහෙත් එතරම්ම සරුවට නොවේ... මාරු කාසි හා ඉඳ හිට දහයේ කොලයක් වැනි මුදලක් ලැබිණි.. මා හොඳින් බලා සිටි නිසා යම් තරමක ඔහුගේ මෙම කෝච්චි පෙට්ටියේ ආදායම තීරණය කරන්නට මට හැකි විය... එය රුපියල් පණහකට සුළු වශයෙන් අඩු වැඩි මුදලක් විය...
පිළිවෙලට පොත් පත්‍රිකා එකතු කරගත් තරුණයා ඊ ළග පෙට්ටියට ගමන් කරනා ලදි...
......................................
සයිබර් යායේ බුද්ධි..එහෙම නැත්තං කෙසෙල් කොටුවේ චූටි මහත්තයා... ඔබ පියවි ඇසින් දැක නැතිවා වෙන්නට පිළිවන.. එහෙත් මා ඔහුව දැක ඇත... අඩි හයකට ආසන්න උසකින් යුතු..උසේ තරමටම මහත ඇති... අත පය හොඳින් වැඩී ඇති... මාංශ පේශීන් ඉල්පුන සිරුර ක්‍රිඩාශීලී ගති ලක්ෂණ මැනවින් විදහා පායි...
හිටි හැටියේ බුද්ධිගේ හැඩ රුව කියන්නට යෙදුනේ ඇයිදැයි කිසිවකු කල්පනා කල හැක... එයට හේතු වූයේ දෙවැන්නා ගැන කීමට සිදු වීමයි.. දෙවැන්නා මට හමු වූයේ හවස ආපසු එන කෝච්චියේදීය... හිටි හැටියේ උස් හඩකින් ගැයෙන ගීතයකින් කෝච්චි පෙට්ටිය පිරී යන්නට විය.. ඒ මා සිටි අන්තයට ප්‍රතිවිරුද්ධ දිශාවෙනි.. කොටුවට යන කොට කෝච්චි පෙට්ටියේ මැද වාඩි වී ගිය මා ආපසු එන විට එක් කෙලවරක වාඩි වී ආ නිසා අනිත් එම පෙට්ටියේ අනිත් කෙලවර පිහිටියේ මට වඩා සෑහෙන දුරකිනි...
කෙසේ හෝ ශබ්දය ආ දෙසට හිස යොමු කර බැලූ විට මා හට එක්වරම සිහියට ආවේ කෙහෙල් කොටුවේ එකාවය... කලු පැහැති ටී ෂර්ටයක් ඇඟ ලා ගත් හැඩි දැඩි තරුණයකු ගීයක් ගයමින් ඉදිරියට ඇදෙයි... බුද්ධිගේම රූප කාය... ඒ ඇඟ පතනින් පමණක් නොව කොණ්ඩා මෝස්තරය පවා එහෙං පිටින්ම බුද්ධිමය... මට හිනා ගියේ මේක බුද්ධියාට කියන්නේ කොහොමද කියා සිතූ විටය... කැමරාව බෑගය තුල වූවත් එය පිටතට ගෙන මිනිසුන්ගේ ඡායාරූප ගැනීම තරමක් අනතුරු වලට අත වැනීමක් විය හැකි බැවින් මා එයට උත්සහ කලේවත් නැත.
බුද්ධි වැනි වූ තරුණයා මහ හඩින් සින්දුව කිවූවත් එහි තාලයක් නැත.. එහෙත් හිටි හැටියේ ඔහුගේ අතේ කීයක් හෝ කවුරුන් හෝ විසින් තැබූවිට ගීතය නවතා දමා කරනු ලබන පින් වාක්‍ය කිවීම නම් ගීතයට වඩා ගීතවත්ය... එය ඉතා හොඳින් කිරීමේ හැකියාව තරුණයා සතුය... පින් වාක්‍ය කියනා ගමන්ම එක් අතකින් තමාට ලැබුන මුදල පරීක්ෂා කර බලයි...ඒ ඔහුට ඇස් නොපෙනෙන නිසා වෙන්ය...එක් අතකින් සුදු සැරයටියත් අනිත් අතින් කාන්තාවකුත් අල්වාගෙන ඔහු කෝච්චි පෙට්ටියේ හිමි හිමින් ගමනක යෙදෙයි... හවස කෝච්චියේ යන විට සිටියාට වඩා පිරිස වැඩිය.. එසේම ඔහුගේ අන්ධ භාවයටත්..ඔහුගේ අත අල්වාගෙන ඉදිරියට යන අනිත් කාන්තාවත් ඔහුව අල්වාගෙන සිටින අතින් නොව අනෙක් අතින් තවත්සුදු සැරයටියක් දරනා නිසාවෙනුත්..අන්ධ යුවලට ලැබෙන ආධාරය ඉතාමත් සතුටු දායකය...ගීතයේ පද දෙකක් කියන විටම කවුරුන් හෝ කීයක් හෝ අත තබන නිසා ගීතයේ පදවලට වඩා පින් දීම කෙරෙයි...
එක් විටම තරුණයා සිටි පැත්තෙන් නොව අනිත් පැත්තෙන් ගැහැණු කෙනෙක් කීයක්දෝ දෙන්නට අත දිගු කරනවා මා බලාගෙනය... එතෙක් වේලා අන්ධ ආකාරයෙන්ම පැමිණි කාන්තාව එක් වරම එක ඇසක් හොඳින් විවර කර එදෙස බලා අර දිගු කල මුදල ගන්නවා දුටු විට මට සිනහ නැඟිණි... කොල්ලා කොහොම උනත් ගෑණු මනුස්සයට ඇස් පෙනෙනවා... ඒත් දෙන්නම සුදු සැරයටි අරගෙන කරන්නේ මොකක්ද..? රැවටීම... හොඳ ගණනක් කෝච්චි පෙට්ටියෙන් සොයා ගත් ඔවුන් දෙදෙනා කෝච්චි පෙට්ටියෙන් අනිත් පෙට්ටියට මාරු විය යුතු කපොල්ල අසලට ආ සැණින්ම අන්ධ තරුණයාගෙත් ඇස් පෙරට වඩා විවෘත වූ ආකාරය කොනේම සිටි මට පැහැදිලිව පෙනුණි... වහ වහා අතේ තිබූ මුදල් නවා කරේ එල්වාගෙන සිටි බෑගයට දමා නැවතත් සුපුරුදු අවසන් නොවන ගීතය කියමින් ඔහු ඊ ලග පෙට්ටියට මාරු විය...
------------------------------------------
ගැහැණිය මගේ අවධානය ලබා ගත්තේ දරුවාගේ හැඩීම හරහාය... ඇය කෝච්චි පෙට්ටියට පැමිණෙනු හෝ කෝච්චි පෙට්ටියේ බාගයක් දුරට එනවාවත් මා නොදිටිමි.. එහෙත් දරුවකුගේ හැඩීම නිසා හිස එදෙසට හැරුනු විට මම ගැහැණිය දුටිමි. ඇය වයස හතලිහක පමණ ගැහැණියකි. තරමක් අපිරිසිදු ඇඳුම් හැඳ සිටි ඇය දරුවා පාමින් මොනවා හෝ කියමින් සිඟමන් යදිමින් ඉදිරියට ආ අතර සාමාන්‍ය තරමින් අයටද ආධාර හිමි වෙමින් තිබුණි.. එහෙත් ඒ සමඟම දරුවාගේ හැඩුම අධික වන්නට විය... සුළු වේලාවක් යන තෙක් එය එතරම් අමුත්තක් නොවූවද කෝච්චි පෙට්ටියේ අවසානයට එද්දී එය මහා විලාපයක් වී තිබූ අතර සිඟන ගැහැණියට සිඟමන් ඉල්වීම පැත්තක තබා දරුවා නැලවීමට සිදුව තිබිණි...
එතෙක් වේලා ලබා තීබූ මුදල් උර මල්ලට දමා සිඟමන් යැදීම නවතා දමා ඇය දරුවාත් සමඟින් හිස් අසුනක වාඩි වූවාය.. ඒ මා සිටි තැනට ප්‍රති විරුද්ධ දිශාවෙන් මා හට ඉදිරියෙන්ම වාගේය.. එතෙක් වේලා එම තැන සුව පහසුවෙන් වාඩි වි සිටි තරුණයාත් මැදි විය ගැහැණියත් සිය කතාව නවතා දමා අසුනේ එක් පැත්තකට ඇදිණි.. ඒ අර දරුවාගේ පාපහරින් බේරෙන්නටය... කොලුවා හූ තියමින් අත පය විසිකරමින් හඩයි... ගැහැණිය දරුවාට තලමින් ප්‍රශ්න නඟයි... මෙය කෙලවරක් නැතිව සෑහෙන වේලාවක් කෙරුණි... අසල වාඩි වී සිටි බොහෝ දෙනෙක් එම ස්ථානයෙන් නැගිට වෙන වෙන තැන්වලට ඇදුණි...
දරුවාට ගහන ගමන්ම ගැහැණිය නොයෙකුත් දේ කියනු ලබයි...
"ඇයි මෙහෙම වද දෙන්නේ..? දැන් හවස ඇඟ සෝදලා නේද ආවේ..දැන් ආයේ කුණු ගාගන්නද හදන්නේ..? "
එසේ කියනා අතර හිටි හැටියේ මොනවාදෝ කල්පනා වූ ආකාරයක් පෙන්වමින්...
"හා නාඩා ඉදින් ආ ආ කිරි බීහං" කියමින් ඇය හැඳ සිටි ටී ෂර්ටයෙන් සිය තනයක් පිටතට ගෙන දරුවාට කිරි දෙන්නට මෙන් සූදානම් විය... එහෙත් දරුවා එයටද මෙල්ල නොවීය... ඔහු වගේ වගක් නැතිව මොර දෙයි... මේ වන විට අවට සිටි අප සියල්ලන්ටම මෙය මහා කරදරයක් වී තිබුණු අතර ගැහැණියද අවට අයට තමා හා දරුවාගෙන් වන හිරිහැරය නොදන්නවා සේ එතැනට වී දරුවාට තලමින් සිටින්නට විය...
කෙසේ හෝ දෙමටගොඩින් ආරම්භ වූ මෙම කරදරය අවසන් වූයේ රාගමිනි.. රාගමදී ගැහැණිය පරාද වූවාය... දරුවාත් රැගෙන කෝච්චියෙන් බිමට බැසීමට ගියාත් සමඟින්ම දරුවාගේ හැඩීම නතර විණි... මෙතෙක් වේලා දරුවාට උවමනා වී ඇත්තේ කෝච්චියෙන් බැසීමට විනා අන් යමක් නොවේ... සමහර විට දවස තිස්සේම කෝච්චියේ ගැහැණියගේ ඇගේ එල්ලී ගොස් කොලුවාට එපා වී තිබුණා විය හැක...
ඔවුන් දෙදෙනා පැස යනවාත් සමඟින්ම ඉස්සරහා අසුනේ සිටි මැදිවියේ කාන්තාව එතැන සිටි තරුණයා දෙසට හැරී...
"ඔහොම ළමයින් මරලා දාන්න වටින්නේ..ඒ ගෑනිට හිඟා කන්නවත් නිදහසක් දෙන්නේ නැති හැටි"
එය ඇසුන තරුණයා මා දෙස බලා ලැජ්ජාවෙන් මෙන් සිනා සී බිම බලා ගති...
..................................................
කෝච්චි කතා මාලාව ආරම්භ වූ වගයි. [බ්ලොග් අවකාශයේ බොහෝ තැන්වල :D ]
ReplyDeleteඑහෙම එකක්වත් ආරම්භ වෙනවනං කොයි තරං දෙයක්ද මලයා... අනිත් උන්ගේ බ්ලොග් වහන්න දඟලන්නේ නැතිව...
Deleteමං හිතන්නේ මලයටත් ඇහිකි වෙයි මේකට සැට් වෙන්න... ඇයි යකෝ සුද්දා ලංකාවට කෝච්චි පාරවල් හදන කාලේ කතා එහෙමත් නැතෑ බරට ඔය ඉතිහාස මෙව්වා වල...
මාරෙ අයියා ++++
DeleteHmm...
Deleteමාරයා & සාතන් (කොහොමත් නෑදෑයොනෙ) +++++++++++
DeleteHasitha
ReplyDeleteඅනිවා ඒක තමයි වෙන්නේ, මමත් එකක් ලියන්නං උඹත් එකක් ලියපන්, අද Hasitha 1ක මම 2ක,
දැන් ගානට බෙදා ගත්තද..?
Deletegon hasithaya... chik... mama 2
ReplyDeletechik mama 3
Delete1ට 2ට වඩා 3 නරකයෑ...
Delete@ තරිඳු
Deleteඑක වෙන්න හිතාගෙන නැතුව ඔහේ කමෙන්ට් එකක් දැම්මා. අන්තිමට බැලින් නම් එකත් වෙලා. ඒක කමක් නැහැය කියමුකෝ. බැනුම් අහන්නත් වෙලානේ :(
හුරේ තව කතාවක්.බස් වල කෝච්චි වල හිඟමන් යන අය ගැන නම් කතා කරලා වැඩක් නෑ.දවසක් මනුස්සයෙක් මට කවියෙන් බැන්නා සල්ලි දුන්නෙ නෑ කියලා.
ReplyDeleteඔය මිනිස්සු තමන්ට ලැපෙන දේත් නැති කරගන්නේ ඔය බැනිල්ලෙන් තමා...
Deleteප්‍රිය මාරය සබඳ, නැවතත් ඒමට රාවණ රජතුමාගෙන් වරම් ලදිමි.
ReplyDeleteකෝච්චි ගැන කියන නිසා අපේ හෙළ තාක්ෂණය ගැනත් දැක්වීම සුදුසු යැයි සිතේ. කෝච්චිය යනුත් රාවණ රජතුමාගේ නිර්මාණයකි.
යුරෝපීයයන් විසින් කෝච්චිය හඳුවන්නේ "Coach" යන නමින් වන අතර එය හැදුනේ "කෝච්චිය" යන හෙළ වචනයෙන්ම බව සිතාගැනීමට නොහැකිද? ඒ අනුව කෝච්චි තිබුණේ හෙළයින්ට බවත් පැහැදිළි වෙයි.
අතීතයේ තිබූ හෙළ පුස්කොලපොත් වලින් සුද්දන් එම තාක්ෂණය පැහැරගෙන ඇත. අදටත් ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළ පුස්කොළපොත් වල රාවණා රජතුමාට තිබූ කෝච්චි තාක්ෂණය ගැන පැහැදිළි කරයි. ඕනැනම් ගොස් බලන්න.
කිසිදු පුරාවිද්‍යාත්මක කැණීමකින් රේල් පීලි වල නටඹුන් හමු නොවී තිබීමෙන්, අතීතයේදී රාවණ රජතුමාගේ කෝච්චි ගොස් ඇත්තේ රේල් පීලි වල නොවන බව පැහැදිළි වෙයි. ඒ අනුව රාවණ රජතුමාගේ කෝච්චි වල තාක්ෂණය අද පවත්නා සුද්දන්ගේ මෝඩ රේල් පීලි තාක්ෂණයට වඩා ඉතාමත් දියුණුය.
කොච්චිකඩේ තිබී හමුවූ සෙල් ලිපියක දැක්වුණේ "ශ ර රා අදු සි" යන්නයි. එහි හෙළ නිරුක්තිය වනාහී, "ශ්‍රී රාවණ රාජා අනුස්මරණ දුම්රිය ස්ථානය ඉදිරියෙනි". හෙළයෙක් වීම ආඩම්බරයක් නොවේද?
දැන් එම සෙල් ලිපිය හමුවූ "කොච්චිකඩේ" යන නමේ නිරුක්තිය බලන්න. කොච්චිකඩේ හැදී තිබෙන්නේ "කෝච්චිකඩේ" යන නමිනි. එනම් රාවණ රජතුමාගේ කාලයේදී කෝච්චි පෙට්ටියක පවත්වාගෙන ගොස් තිබූ කඩේයක් ඔය ප්‍රදේශයේ තිබී ඇත.
ඉහත සෙල් ලිපිය තවදුරටත් පැහැදිළි කළහොත්
Delete"ශ ර රා අදු සි"
ශ = ශ්‍රී
ර = රාවණ
රා = රාජා
අදු = අනුස්මරන දුම්රිය
සි = ස්+ඉ = ස්ථානය ඉදිරියෙනි
එසේම වාරියපොළ යන නම නිසාම එය දඬුමොණර ගුවන් තොටුපොළක් ලෙස සැලකීමට හැකිනම්, මම දක්වා ඇති ඊට වඩා වැඩි සාක්ෂි අනුව කොච්චිකඩේ රාවණ රජතුමාගේ දුම්රියක මැදිරියක් යොදාගෙන කඩයක් තිබූ බව ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය. ප්‍රතික්ෂේප කරන්නන් එහි කෝච්චියක කඩයක් නොතිබූ බවට ඇති සෙල් ලිපියක් පෙන්වන ලෙස මා අභියෝග කරමි.
මීගමුවෙත් කොළඹත් කොච්චිකඩ දෙකක් තියෙනවානෙ.. ඔය කියන්නෙ කොයිකද?
Deleteපුරා විද්‍යා කැනීම් වලදී ප්රාග් එයිතිහාසික රාවණ යුගයට අයත් කිසිදු දුරකථන කුළුණක් හෝ රැහැන් පද්ධති හමු නොවීමෙන් පැහැදිලි වන්නේ , එකල පැවති දියුණු ශිෂ්ටාචාරයේ රැහැන් රහිත චන්ද්‍රිකා දුරකතනම භාවිතයේ පැවති බවයි. එකල අභ්‍යවකාශ ගත කරන ලද ඒ චන්ද්‍රිකාවන් සියල්ල , අපගේ දියුණු තාක්ෂනය අද්යයනය කිරීම සඳහා පිටසක්වල ජීවින් විසින් රැගෙන ගොස් තිබෙනවා....... අයියෝ සල්ලි!
Deleteසෑබෑවක්මය ප්‍රිය මිතුරු හෙළු මීවනයෙනි... කෝච්චි නම් හෙල යෙදුමකි.. කොච්චිකඩේ යන නාමයෙන්ම එය මනාව පැහැදිලි වේ..වෙනකක් තබා එය එසේ නොවේ යැයි කියන්නට හැකි සාධක සහිත කිසිදු සෙල් ලිපියක් තබා පුස් කොල පොත් කැබැල්ලක්වත් තවමත් නැති හෙයින් එය එසේමය...
Deleteමේ පිළිබඳව තව දුරටත් කුණ්ඩලීනී යෝගයට සම වැදි බැළු කල්හී මා හට පෙනී ගියේ කොච්චි කඩේ යනු හුදෙක් කෝච්චි නැවතුම් පලක් පමණක් නොවූ බවය..එනම් එකල මුළු ලෝකයටම කෝච්චි තැනු වේත්..විකිණීම කලෙත් අප හෙළුවන් විසින් යන බවයි. කොච්චි කඩේ යනු එකල තිබූ එම කෝච්චි අලවි සැලයි... තවද අලවිය සීග්‍රයෙන් වැඩි වීම නිසා අලවි කටයුතු වල පහසුවට කොච්චිකඩ කිහිපයක්ම හෙළු දිවයිනෙහි තැන් තැන් හී පිහිටුවා තිබූ බවත් පැහැදිලි විය... එයින් ප්‍රධාන අලවි සැල වූයේ අප අද මීගමුව අසල කොච්චි කඩය ලෙසින් වහරනු ලබන ස්ථානයට වන අතර කොලඹ කොච්චි කඩය යනු එහි අනු ශාකාවකි. තවද මෙවැනිම වූ කොච්චි කඩ කිහිපයක්ම තැනින් තැන තිබුනද අද වන විට ඒවා තිබූ තැන් අප්‍රකටය... ඉදිරියේදී එම තැන් නැවත සොයා බලා ලාවට හෙලි කිරීම තොබට බාරය... එපමණක් නොව එකල කෝච්චි කඩවල වෙළඳ සේවකයින් ලෙසින් කටයුතු කල කොච්චි මිනිසුන්ද අදත් ලංකාව පුරා විසිරි ජීවත් වන බවද කිව යුතුමය...
හළෝ ජයරත්නයානෙනි,හළෝ මාරයානෙනි,
Deleteඇත්තෙන්ම කොච්චිකඩේ කෝච්චි ස්ටේශන් එක මට හුරු පුරුදු තැනකි,එතන රාවණාගේ කෝච්චිය යැයි අනුමාන කළ හැකි කෝච්චි පෙට්ටි කීපයක්ම සෑහෙන කාලෙක සිට එතන දක්නට ලැබේ.
රාවනා රජ දවස, කෝච්චියට දුම් රිය ලෙස කියා අති බවක් පෙනෙන්නේ.
Deleteඅදු = අනුස්මරන දුම්රිය
දැන් එතකොට "රා" කියන්නේ රජු නම්,
දැන් රා බොනවා කියන්නේ මොකටද?
මහින්ද රා දැනගත්තොත් වැඩ වරදී
එහෙනම් මේකයි මේ බුද්ධිය හිටපු ගමන් අතුරුදහන් වෙන්නෙ, "අද ඇඩිමින් ගමනක් ගිහින් " කිය කිය...
ReplyDeleteමාරයට බොරු කරන්ඩ බැරි බව බුද්ධියට නොතේරෙන හැටි :-)
අනිවා ඩෙෆා.. අද බඩු මාට්ටු.. :D
Deleteහා දැන් කවුද ඒ ජවනිකාව චිත්තරයට නඟන්නේ..?
Deleteහෙහ් හේ....... මුන්ගෙන් පාරවල් අහගෙන යන එකේ විපාක තමා..... කව්ද හිතුවෙ ගූගල් මැප් එක දිලා ඒ පස්සෙ පන්නාවිය කියලා.... හය්යෝ ශල්ලි.....
Deleteකෝච්චි කතා එක්ක රාවණාත් නැවත කරළියට.මරු මරු මරු.....
ReplyDeleteකෝච්චියයි රාවණයි යනු ගහයි පොත්තයි.. ආ නැහැ කෝච්චියයි ෆ්ලැට් ෆෝමයයි වගේනේ...
Deleteනන්දසේන රත්නපාල මහාචාර්යවරයා ලංකාවේ හිඟන්නෝ ගැන ලියපු පොත කියවලා තියනවද? කියවලා නැත්නම් කොහොම හරි කියවන්ට.
ReplyDeleteකියවා ඇත...
Deleteකෝච්චි වල බස් වල හිඟමන් යදින එක තහනම් නේද දැන් ?
ReplyDeleteබුද්ධි ගේ පාට් ටයිම් රස්සාවත් ඉවරයි :)
තහනම් කිව්වට ඔය යස අගේට කෙරෙන්නේ තාමත්...
Deleteඅයියෝ මේ මාරය කෝච්චියක ගිහිල්ල බුද්ධිය කරන රස්සාවත් චා කරලනෙ. දැන් ඉතිං ඌ තුන්වේල කාල ජීවත්වෙන්නෙ කොහොමද?
ReplyDeleteඔය කොල බෙදන වැඩේනං මටත් එපා කරපු වැඩක් තමයි.
බුද්ධියා මේක දැක්ක වෙලාවට බලා ගතෑකි යුද්ධේ...
Deleteමම දැක්කා... දැක්කා නෙමේ පෙන්නුවා.... ප්‍රසා තකහනිය කතා කරලා පෙන්නුවා ආං යාලුවන්ගෙ වැඩ කියලා....
Deleteහික්....
Deleteනොදකින් මෙහෙමත් උන්...
Deleteහොද සමාජ සමීක්ෂ්නයක්. මමත් කැන්ඩියන්ගේ කතාව අනුමත කරනවා. රත්නපාල මහැදුරුතුමාගේ පොත් ටික කියවීමෙන් මල්ලීට සෑහෙන යම ගත හැකියි. එතකොට මේ සමීක්ෂන නිරීක්ෂණ තවත් හොදට කරන්න ඉඩ හසර ලැබෙයි. ජය.
ReplyDeleteඒක නෙමේ මේ බුද්ධිය හිටුකො. කාගෙන් බේරුනත් මාරයගෙන් බේරෙන්න බැහැ කියන්නේ ඕකට තමයි.
රතනපාල මහත්මයගේ පොත් කිහිපයක්ම මට කියවන්න ලැබිලා තියෙනවා අයියේ.. ඒත් එච්චර ඉවසීමකින් පැහැදිලිව ලියන්න තරං හැකියාවක් මට ඇත්තේ නැහැ නෙව...
Delete(බුද්ධියා ගැනනං මං මොනවත්ම නොකියමි..නිකං මොකටද ඉල්ලං කන්නේ)
වෙද මහත්තයෝ ඕකට කේස් එක මේකයි.
Deletehttp://www.cyberyaya.blogspot.com/2012/02/05.html
මම දැනගතිමි, මම සැක කලෙමි, රාවණා,.... රාවණා...
Deleteඑහෙනං අපි කෝච්චි වල ගිහිල්ලත් ඉවරයි... ඒකෙත් මාරයා.. :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජා මොකට කෝච්චිවල ගාටනවද..?
Deleteනයි කයිද රෝස් පාන් .... අර මුල කෑල්ල කියෙව්වම මම හිතුවෙ මේක ‘ෆෙම්ඩොම්‘ ස්ටෝරියක්ය කියල. ;)
ReplyDelete"නයි කයිද රෝස් පාන් "
Deleteහුහ්..චූටි චූටි කෑලි වලට කඩලා කිරිවල පොඟොලා දෙමුකෝ "නයි නොකයිද රෝස් පාන්" කියලා බලන්නත් එක්ක..:D
අන්තිමට අර ගෑණු කෙනෙක් කියල තියෙන කතාව නම් මරේ මරු... ;)
ReplyDeleteකෝ මේ චූටි මහත්තය :)
හා හා..අහක යන නයි අවුස්සගන්න එපා... ඌ ඔහේ මේක නොදැක්කා වගේ හිටියදෙං...
Deleteහැමදාම එමි.. කොමෙන්ටුත් දමමි.. එහෙත් නැත මාරයා තවමත් කාමරයට එබුනේ...
ReplyDeleteමේක මම විතරක් නෙමයි ඕං... විදෙස් සිත්තරාටත් කිව්වා කියවන්න කියලා.
ReplyDeleteසිගා කැමත් දැන් නිකම් කරන්න බෑනේ. එකත් තරගකාරියි. ඉතින් නිර්මාණශීලි වෙන්න වෙනවා. ඒ අතින් බලද්දි මුලින්ම ඉන්නෙ අර කඩවසම් තරුණයා, ඊට පස්සෙ පොඩි කොල්ලගේ අම්මා. අන්තිමයා පොත් කොලුවා...
අපේ පැත්තෙ ඉන්නවා වෝටර් මෑන් කියලා පොරක්. කෙලින්ම ලගට ඇවිල්ලා ඉංගිරිසියෙන් කතා කරන්නෙ.... පස්සෙ බ්‍රෙක්ෆස්ට් එකටය කියලා ගෙඩිපිටින් විස්ස තිහ එකපාර කඩාගන්නවා කියහංකෝ.....
දැන් උඹ විදෙස් සිත්තරා ලවා ඇඳවන්නෙ හිඟාකන සෙට් එකද නැත්තං ඒ දිහා කට ඇරං ඕපදූප හොයන මාරයව ද?
Deleteප්‍රසා,
Deleteඑළබෙන සතිය විදෙස් සිත්තරාට වැඩ අධික කාලයක්.... සතියම බුක් වෙලා තියෙන්නෙ :p
ඊලගට සතිය වෙද්දි මේකෙ ප්රවෘත්තිමය වටිනාකම මෙව්වා වෙලා නෙව. එක හන්දා ඔත්තු සේවා උපයෝගි කරගෙන මාරයාගෙ වෙනම මගඩියක් හෙලි කරන්නයි කල්පනාව.... හෙහ් හේ
ඔය කොළුවා දෙන්නෙ බෝධි වන්දනා පොතයි - කොළ කෑල්ලයි නේද ?
ReplyDeleteඅපිට මොටද "බෝධි" වන්දනා පොත්...? ඔන්න බෝධිරත්නගෙ හරි බෝධිපාලගේ හරි ළඹයින්ටනම් කමක් නෑ.
සින්දුවක් කියලා කීයක් හරි ඉල්ලන එකෙක්ට ඇරෙන්න මමනම් කවදාවත් සල්ලි නැහැ ඔය බස්වලට කොච්චිවලට නගින උන්ට ..
ReplyDeleteඑකි නෙකට වෙනස් සිදුවීම් පෙලක්.. අර බුද්ධි අයියා ගැන කියද්දි මතක් උනේ ගිය අවුරුද්දේ සයිබර් ෆෙස්ටිවල් එකේ කළු ශර්ට් එක ඇදන් කඹ අදින ෆොටෝ එක... :)
ReplyDeleteමම නම් හිතන්නේ ඔය බුද්දියම තමා
ReplyDeleteහපොයි එපා වෙනවා....... ඒත් ඉතිං අපි යන කෝච්චි වලට හැමදාම එකම අය වගයක් නඟින්නේ.
ReplyDeleteමොකක් නමුත් ලොකු තරහක් තියෙනවා මූ බුද්ධිය එක්ක....
ReplyDeleteනැතුව ඔහොම මඩක් නෙලයිද?
ඒක නෙමෙයි මන් මේ කම්පනා කොලේ මුගෙත් ඕපේ තරම....
කෝච්චියත් කතා සරිත් සාගරයක් තමයි.. උදේ හවහ කෝච්චියෙම ගමන නිසා මේ වගේ අත්දැකීම් එමටයි... ඒත් මේ විදියට බ්ලොග් එකකින් දුම්රියේ ජවනිකා දකිද්දි වෙනස් විදියකට ඒ ගැන හිතන්න පුළුවන්...
ReplyDeleteඉතිං ඔය වගේම අන්ධ තරුණ හිගන්නෙක් නුවරට එන 5.30 කෝච්චියේ නැගලා හිඟමන් යදලා යදලා අන්තිමට පිළිමතලාවේ ස්ටේෂන් එකේ බැහැලා දුවනවා මම බලාගෙන. ඌ යන්නෙත් සුදු සරැටියෙන්. හැබැයි පිළිමතලාවේ ස්ටේෂමට යනකම් විතරයි.
ReplyDelete