09 July 2012

ප්‍රතික්ෂේපිත...

පුළුන් කෑල්ලක තැවරු මොනවද මංදා ස්ප්‍රීතු වගයකින් දකුණු අතේ මැදගිල්ල දෙතුන් වතාවක් පිහ දාලා රිදී පැහැයෙන් දිලිසෙන ලෝහ පතුරු කෑල්ලක අඟ තියෙන තීන්ත පෑන් තලයක් වැනි උලෙන් දමලා ඇන්නා ලේ පනින්නම... ඊට පස්සේ ඇඟිල්ල මිරික මිරික පුංචි ලේ බිංදුවක් ඒ සිදුරු කල තැනින් මතු වෙන්න ඇරලා කුඩා කඩදාසි පටියකට අර ලේ බින්දුවෙන් සටහනක් ගත්තා.. එකක් නෙවෙයි දෙකක්ම... ඊට පස්සේ අර කලින් ඇඟිල්ල පිහ දාපු ස්ප්‍රීතු තැවරූ පුළුන් කෑල්ල දුන්නා ඇඟිල්ලේ ඇති ලේ පිහ දාගන්න...

මම ඒක අරං ලේ පිහ දානකොට කඩදාසි තීරුවට මගෙන් ගත්ත ලේ පැල්ලම් දෙක තවත් පොඩි කාඩ් එහෙකට තිය තිය මිසී ලොකු පරීක්ෂාවක... හිනාවක් ලාවට තැවරිලා තිබුණ මූණේ අඳුරු වළාවක් යාන්තමට මතු වේගන එනවා දැක්කම මට හිතුනා අදත් බඩුම තමා කියලා...

ඔව් බඩුම තමා... අදත් ප්‍රතික්ෂේපිතයි...

"හිමොග්ලොබින් රේට් එක මදි වගේනේ... යන්තං 11ක් වගේ තියෙන්නේ..12කට වැඩි වෙන්න ඕන.. මේ බලන්න..."

එහෙම කියලා තමුන් මෙච්චර වෙලා බල බල හිටිය කාඩ් එකයි කඩදාසි තීරුවයි මට පෙන්නුවා... ඇත්ත තමා ලේවල පාට මදි... ඒක ගැලපෙන්නේ කාඩ් පතේ අංක 10 යනුවෙන් සඳහන් කරලා තිබුන කොටුවේ පාටට තමා..හැබැයි එයිට වඩා යන්තං වගේ තද පාටක් තිබුනත් එයිට උඩින් තිබුණ 12 කියන අංකයේ සඳහන් තද වර්ණයට එම පැහැය සමාන නැහැ... ඒ කියන්නේ 10ත් 12ත් අතර..11 තමා ඉතිං...

"ඇයි එහෙම වෙන්න හේතුව...?" පැනය මගෙන්...

"හුඟක් මහන්සි වෙනවනං..එතකොට නිදි මරනවනං ඔහොම වෙනවා..." මිසී කියනවා.. ඒත් එක්කම එතැන හිටිය උපස්ථායක උන්නැහේ තව එකක් කිව්වා...

"ළගකදී පනු බෙහෙත් බිව්වේ නැතත් ඔහොම වෙන්න පුළුවන්"

හරිනේ... මහන්සි වෙන එකනං ඒ හැටි නැති උනත් නින්ද ටිකක් අඩුයි තමා... ඒත් එයිටත් එහා කාලෙකින් පනු බෙහෙත් බිව්වෙත් නැහැනේ...

"කෝකටත් පලා වර්ග..ඇට වර්ග එහෙම ටිකක් වැඩි පුර කාලා ආයේ සති දෙකකින් විතර එන්නකෝ බලන්න" මිසීටත් හිතට අමාරුයි වගේ... නිකං ගන්න තිබුන ලේ ටික නෙව...

මම "හා" කියලා ආපහු ආවා.. එන ගමන් ෆාමසියට ගොඩ වෙලා පණු පෙත්තකුත් උස්සං ආවේ අද රෑට ඒක බොන්න කියලා... ආයේ ඉදිං අමුතුවෙන් මොන කොල කන්නද මං...මේ වැඩේ හින්දම පහුගිය සතියට මං කවුපි ජාති දෙකම උයලා කෑවා.. මුං ඇට කෑවා.. ඒ විතරක්ද ඇට කිව්වම කොයි ඇටෙත් එකයිනේ කියලා කොස් ඇටත් කෑවනේ... ආයේ ඉතිං තියෙන්නේ පනු බෙහෙත්වත් බීල බලන්න තමා...

මේ ඔහොම උන පළවෙනි පාර නෙවෙයි..ඔයිට කලින් වංගියකත් ඔහොමම උනා... ඒ වෙලාවෙත් කිව්වේ කොල කන්න ඇට කන්න කියලා තමා.. එයින් මාසෙකට පස්සේ මං කොල ගෝනි ගානක් කාලා... ආයේ ගියාම අවුලක් නැතිව ලේ දෙන්න ඇහැකි උනා...

දැන් මේ පාරත් ආයෙම ප්‍රතික්ෂේප උනා... බලමු ආයෙත් උත්සහ කරලා... මං අතාරියිද එහෙමත් ලේසියට...අද අද එයි මරු පිං කරගන්නේ කිව්වළු...

48 comments:

  1. Replies
    1. ලේ දන් දෙන එක ලොකු පිනක්. ඒ වගේම ලේ දීම ශරීර සෞඛ්‍යයට හොඳයි.
      1. හෘද රෝග අඩු වීම,
      2. රතු රුධිරාණු නිෂ්පාදයන වැඩි වීම,
      3. ලේ වල යකඩ වැඩි වීම (hemochromitosis) නැවතීම,
      4. ශරීරයේ කැලරි දහනය කිරීම
      වගේ ප්‍රතිඵල ලැබෙනව. එසේම නොමිලයේ ලේ පරීක්ෂාවක් කරගන්නත් පුළුවන්. වැදගත්ම දේනම් හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න වයසක අය ලේ දන් දුන්නොත් ප්‍රාණවත් වෙනව...!

      හැබැයි ලේ දන් දීමෙන් ශරීරයේ බර ටිකක් වැඩි වෙනව. බර පන්ති නියෝජනය කරමින් ක්‍රීඩා ඉසව් වලට එහෙම මාරයා පෙනී ඉන්න බලාපොරොත්තු වෙනවනම් ලේ දෙන එක ඇඟට ගුණ නැත.

      අඩු වයස් වල අය ලේ දන් දීමේදී ඉඳ හිට පහත දැක්වෙන ආකාරයේ සංකූලතා පෙන්නුම් කරනව. (මාරයට මේක අදාල නෑ)
      1. සිහිමෘජාව සහ කලන්තය
      2. හිරිගඩු පිපීම සහ ශරීරය සීතල වීම
      3. අස්ථි බද්ධ වීම
      4. ආතතිය
      5. ඔක්කාරය වමනය වලිප්පුව
      6. තොල් ඇදුම් කෑම
      ඒ හින්දා පොඩි එවුන් ලේ දෙන්න පරිස්සමෙන්.

      Delete
    2. හා .... හොඳා ඩොක්ටර්. ඔය ආචාර්ය පට්ටම දුන්නෙ රාවණා ද?

      Delete
  2. අඩේ මාරයියේ දැන් එතකොට ඔය හිමොග්ලොබින් අඩු වුනාම මොකද වෙන්නේ?? සෑහෙන්න බයානකද?? මාත් ලේ දෙන්න ආසයි තාම එකපාරක්වත් දීලා නෑනේ.මගෙ යාළුවො ගාව තියෙන කාඩ් එකක් ගන්න තමා මමත් බලන් ඉන්නේ.ආයේ බනිස් එකකුයි කිරි එකකුයිත් දෙනවලු....

    ReplyDelete
    Replies
    1. නැත්තටම නැතිවෙලා ගිහින්.. පිටෙන් තටු දෙකක් ඇවිත්.. තව අඬු ඇවිත්.. මූණ ඉස්සරහින් වයිපර් දෙකක් ඇවිත් ,,, කැරපොත්තෙක් වෙනවා

      Delete
    2. අම්මටසිරි මාරයියේ පරිස්සමෙං මට මැවිලා පෙනුනා මාරයියව මී ගොඩයා කියපු විදියට... හපෝයි

      Delete
  3. ඔච්චර ඇට කන්න එපෝ.......හිරවෙයි. :-) :-)

    ReplyDelete
  4. මාර පරික්ෂාව ප්‍රතික්ෂේප වූ එක ගැන මගේ කනගාටුව. හැබැයි මාර ලේ එහෙමද මන්ද? පොඩි මුපක්‍රමයක් කියන්නම්. ඒක ඊයකින් එවන්නම්. මොකද විද්‍යුත් මාධ්‍යයෙන් බෙහෙත් කීම හොද වැඩක් නොවන නිසා. මාසෙකින් ආයිත් වෙනස් නොවෙන්නම හදාල දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. උපක්‍රමයක් "ප්‍රින්ටින්" මිස්ටේක්, ගනන් ගන්න එපා.

      Delete
    2. වෙදනා තහනම් උත්තේජක දෙන්න වගේ යන්නෙ මාර‍යට :-)

      Delete
  5. Try & Try one Day you can fly.....

    ReplyDelete
  6. පින් අතේ වැඩක් මාරයටවත් කරන්න බැහැ...ඒ කියන්නෙ.
    මම නම් 7පාරක්ම ඔය පින්කමට දායක වුනා.
    පොඩ්ඩක් ඇල්කොහොල් ගතිය වැඩී කීවා වෙන නම් අවුලක් නැහැලු.

    ReplyDelete
  7. මාරයටත් මාරය එනවනම් අපි ගැන කවර කතාද...

    මමනම් හතර පස් පාරක්ම දුන්නා. හැබැයි එක දවසක් අහන්ඩ හම්බුනා ඔහොම දෙන ලේ හරියට ගබඩා නොකොර තිබිලා විශාල තොගයක් විනාශ කළා කියලා.. කාගෙද වරද ?

    ඊයෙ මෙහෙ ඔෆිස් එකේ එකෙක් ඇවිත් ඇහුවා ලේදෙන්ඩ පුලුවන්ද කියලා.. මම හා කිව්වා.. කාලෙකට පස්සෙ.. රට යන්ඩ කලින් දුන්නට පස්සෙ දීලම නෑ.. මොකද ලංකාවට ඇවිල්ලත් අවුරුද්දක් යනකම් ගන්නෙ නෑනෙ..

    ReplyDelete
  8. අර බෙහෙත දැන් ඉන්න පණුවන්ට පත්තියන් වෙලාලු...

    ReplyDelete
  9. අයියා කොස් ඇට අග්ගලා කාලා තියේද???? අපිට අල්ලපු කාමරේ අය හදලා දුන්නා. මං නම් එදාමයි කෑවේ. රහයි.

    බොරු ඕනි නෑනේ මං අඩුම තරමේ මගේ ලේ පරීස්සා කොරන්න කියලවත් ලේ දුන්නැති කෙනා නොවැ. මං බයෝ........ කටු විදිනවට නර්ස් ඇන්ටිලා......

    ReplyDelete
  10. උඹ කනවයි කියල බුකියෙ දාන ෆොටෝ ටික පෙන්නුවනං කවදාවත් ඒ මිනිස්සු ලේ ගන්න එකක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. කට්ටිය ඒවා බලලා කෙල ගිලලා ඒක‍ය් කේස් එක... :D

      Delete
  11. යාලුවෙක්ගෙ තාත්තා හදිස්සියෙ ලෙඩ උන වෙලාවක ලේ දෙන්න ගියා.ආපහු එන්න උනා.එමමයි ලෙඩේ.හිමොග්ලොබින්.අපි නම් කඩෙන්මනෙ කන්නෙ.හයියූ. මාර අයියා කන විදියට නම් අනේ මන්ද ඔහොම උනේ කෝමද අෆ්ෆා.

    ReplyDelete
  12. මූණු පොතේ පණිවිඩයක් දැම්මෝ. බලන්න

    ReplyDelete
  13. ඊගාව සැරේ දෙමු....

    ReplyDelete
  14. පිං අතේ වැඩ ඔන්න.
    මාරයාගේ ලේ වර්ගය දුර්ලබ ජාතියේ එකක්ද හැබෑට ?
    වෙන්න එපායෑ.... මාර ලේ නොවැ.

    ReplyDelete
  15. වෙලාවට නොකා නොබී එහෙ මෙහෙ රවුම් ගහනකොට ඔහොම වෙනවා... යන දිහාක හොඳට කාලා බීලා හිටියානං :-)

    ReplyDelete
  16. දුක තමා ඈ ........... ඊගාව සැරේ දෙමු....පහුගාය සතියෙම කවුපි ජාති දෙකම උයලා කෑවාලු නේද ......ඒවා කෑවම අනිත් උංගේ හිමෝග්ලොබින් වැඩි උනාට මාරයාගේ අඩුවෙනවද දන්නැ මාරයානේ ...............

    ReplyDelete
  17. ලේ දුන්නම මහත් වෙනවලුනෙ :/

    ReplyDelete
    Replies
    1. පික්ෂුදබං,
      දුන්නමද,ගත්තාමද?

      Delete
    2. ලේ දුන්නම බර වැඩි වෙනවා.මන් දෙපාරයි ලේ දීල තියෙන්නෙ.ඒ දෙපාරට සෑහෙන්න බර වැඩි වුනා.ඒක අඩු කරගන්නත් අමාරුයි.හැබැයි ඉතින් ලේ දෙන එක පින් වැඩක්.

      Delete
  18. එළුවෝ හරක් ගාව එහෙම හිමෝග්ලොබින් නාන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. හිකිස්..! නියම ප්‍රශ්නේ..!

      Delete
  19. ලේ දෙන්නද ට්‍රයි එක ?? කලින් දීලම නැද්ද ??

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ දැන් හතර පස් වතාවක්ද දීලා තියෙනවා..එහෙං මෙහෙං හම්බ උන පොත්ම 3ක් තියෙනවා

      Delete
    2. සාදු සාදු එහෙම නම් හොඳයි නොවැ

      Delete
    3. ආහ් දැන් ලේ පොත් දෙන්නේ නැහැ අයියේ, කාඩ් එකක් දෙන්නේ......

      Delete
  20. හිමොග්ලොබින් අඩු කම රෝග ලක්ෂණයක් මිසක් රෝගයක් නෙමෙයි. එහෙම වෙන්න හුඟක් හේතු තියෙන නිසා පරීක්ෂාවක් කරලා හේතුව හොයා ගත්තොත් හොඳ නැද්ද?

    ReplyDelete
  21. තේ බොන එක වැඩිද මාරයෝ.කෑම කෑවට පස්සේ තේ බිව්වොත් යකඩ අවශෝෂණය අඩු වෙලා හිමොග්ලොබින් අඩු වෙන්ඩ පුළුවං.මස් මාළු බිත්තර වගේ ජාතිත් වැඩියෙං කෑවට කමක් නෑ.මොකද ඒවයේ තියෙන හීම් යකඩ ඇඟට උරා ගන්න පහසුයි.

    ලේ දෙද්දි පුරවන්ඩ දෙන කොලේ අරගොල්ලො මේ ගොල්ලො ඇසුරු කරලා තියෙනවද කියන ඒවට මොකක්ද මාරයා දෙන උත්තරේ???

    ReplyDelete
  22. මාර පනුවන්ට නිවන් සැප ලැබේවා !

    ReplyDelete
  23. ලේ දෙන්න උඹට තවත් දෛර්්‍ය ශක්තිය ලැබේවා..!!!!

    ReplyDelete
  24. අම්මෝ ... මට නම් ‘ලේ‘ මතක් කලත් කලන්තෙ.

    ReplyDelete
  25. බොලේ අර කන දේවල් එක්ක බැළුවම ඔය ලේ නැති කතාව පිළිගන්නත් බෑ..

    ReplyDelete
  26. සුරතල් සත්තු හදනවනම් , සෙරෙප්පු පාවිච්චිය අඩු නම් , පලා ජාති වැඩිපුර කනවනම් මාස තුනෙන් තුනට වගේ පනුබේත් බොන එක අත්‍යවශ්‍යයි. නැත්තම් අපරාදේ, කන ඒවායින් බාගයක් අනුන්ට :)

    ReplyDelete
  27. කලිනුත් ඔහොම උනා කියන්නෙ මායිමේ ඉන්නෙ. බන්දුල මහත්තයගෙ කතා අමතක කරල දැන්වත් ඇඟට අල්ලන්න කන්ඩ.

    ReplyDelete
  28. ගණන් ගන්න එපා. මට ගිය සතියෙත් 9.6 යි... 11 කියන්නෙ හොඳ ගානක්. කිසි අවුලක් නැතුව මාත් මේ ඉන්නෙ :D

    ReplyDelete
  29. උඹ මේ දවස්වල මොහොකට හරි බයේද ඉන්නෙ මාරෙ මල්ලි? ඇ‍ඟේ ලේ වතුර වෙලා තියෙන්නෙ?
    henryblogwalker the Dude

    ReplyDelete
  30. මලේ මාත් ලේ දන් දෙන්න දෙතුන් පාරක් ට්‍රයි කළා තාම බැරි උනා. කාලෙකට ඉස්සර වයිෆ් ඔපරේෂන් කරලා ඉන්න වෙලාවක ලේ දෙන්න ගිහිල්ලා මම වනජීවියෙක් කිව්වහම මගෙන් ඇහුවා මැලේරියාව හැදිලා තියෙනවාද කියලා. හත් අට පාරක් හැදිලා තියෙනවා කිව්වහම මාව එලව ගත්තා පැත්ත පලාතෙ එන්න එපා කියලා.

    මේ ලඟදි ඔ‍ෆිස් එකේ ලේ දන් දීමක් තිබිලා දෙන්න ගියහම ප්‍රෙෂර් එක වැඩියි කියලා ගත්තෙ නෑ.

    ඔ‍ෆිස් එකේ කෙල්ලෙක් බර මදියි කියලා ගත්තේ නෑ. කොල්ලො ඒකිට කාඩ් එකක් ගැහුවා ආපු කට්ටිය ඒකිට 'අපි ලේ විතරයි ගන්නෙ .. ඇටක‍ටු ගන්නේ නෑ .. ' කිව්වා කියලා.

    ReplyDelete
  31. මම දවස් 4ක් දුන්නා . දවස් දෙකක් එලවා ගත්තා,

    ඇත්තටම ඒකද දන් නැ කාරනාව

    ගිය එක දවසක කලින් දවසේ රහමෙර පානය කරලා හිටියේ

    අනිත් දවසේ දවස් දෙකකට කලින් දවසක රහමෙර පානය කරලා

    ReplyDelete
  32. හිතවත් මාරය මල්ලී....
    මමත් වැඩකරන්නේ ලේ බැංකුවේ.. කෑම විස්තරේ අනුව ලේ අඩුවීමට වෙන හේතුවක් තියන හැඩයි. පොඩි චෙකප් එකක් කරගත්තොත් හොඳයි

    ReplyDelete