12 July 2012

උගුල් ඇටවීම...


අභිමානවත් ජාතියක් වෙච්ච යෙළු යක් පරපුරේ අපට ඕක ඉතිං මොන කජ්ජක්ද නේද..?

පටන් ගැන්මේ ඉඳන්ම මොනවා නැතත් අපි ඔය උගුල් ඇටවිල්ලට දස්සයෝ... හැබැයි ඉතිං ඔය අටවන උගුල් වලට ඒක අටෝපු එකාම අහු වෙන වෙලාවලුත් නැතිවාම නෙවෙයි.. ආන්න එහෙම වෙලාවට ඉතිං "රෙදි නැහැ සෝමෝ" කියන්ට තමා වෙන්නේ... බලන් ඉන්න උන් "හයියෝ ෂල්ලි" කියන්ටත් ඉඩ තියෙනවා... සිංහයොත් බලු වෙන්නේ ආන්න එහෙම වෙලාවට තමා...

කොහොම උනත් මේ පහු ගිය ටිකේම ඔය උගුල් ඇටවිලි.. මේ සයිබර් අවකාශය පුරාම යසට කෙරුනා... හැමදාම ඕවා බලං ඉඳලා විතරක් හරියන්නේ නැහැනේ කියලා මාත් තීරණය කලා කල් යල් බලලා උගුලක් අටවන්ට... සයිබරයේ උන් අටවන උගුල් දිහා බලං හිටලා ඔන්න ඉතිං මාත් මගේ ක්‍රමේට ඇටෙව්වා උගුලක්.. ආයේ ඉතිං හතර වටේ උන් අහුවෙන්ට කියලා හිතලා...








පැහැදිලියි නේද මොකක්ද මේ ෂින් එක කියලා... පහුගිය දවස්වල බ්ලොග් බැළුව අය..අන්තර්ජාලයේ සැරිසරපු අයනං දන්නවා මේ කතාව මොකක්ද කියලා...

ඔය ඔක්කෝමත් කරලා අද උදේ බලද්දී ඕකට අහු උන උන් හිටියද කියලා බලද්දී මම මොනවද දැක්කේ..?

60 comments:

  1. Replies
    1. කෝඳුරුවෝ රැසක් සමඟ බාගෙට පැසෙමින් තිබූ ඇල්කොහොල් බඳුණක්.......

      Delete
  2. මොනවද බං දැක්කේ?

    ReplyDelete
  3. මදුරුවෝ පවුල් පිටින් දොයියං හිටියද ඇතුලේ?

    නැත්තන් ගහලා මරලා ඇතුලට දාන්න උනාද? :-)

    ReplyDelete
    Replies
    1. සැපවේවා රාජ සම්පත් ළැබේවා !!! බැනුම් ඇහුවට පස්සෙ වැඩේ අත ඇරියද.

      Delete
    2. මෙයාද මන්දා බැනලා තියෙන්නේ... :-)

      අමතක උනානේ...

      Delete
    3. අපෝ නෑ. මම කවදාවත් පිටිපස්සෙන් ඇවිත් ගහන කෙනෙක් නෙවෙයි. ඔයාට තිබ්බ අනන්‍යතාව තමයි ඒ වැකිය. ඒක නැති වුනාම මටත් ඇති වුනේ දුකක්.

      Delete
  4. කූඹි පිරිල ඉන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නැත්නම් මිදිමරගාතෙ නැගිටල ඔහේම අහු උනාද?

      Delete
  5. අයියෝ බියර්............................:D

    ReplyDelete
  6. අවුරුද්දකට දෙකකට විතර උඩදි මමත් මේකෙන් තුන හතරක්ම හදලා උගුල් අටවලා බැළුවා.... අන්තිමට හිටියේ කෝඳුරුවොයි, වෙන වෙන මැසි ජාතියි කූඹියි විතරයි. ආසවට එක මදුරුක්වත් අහුවෙලා හිටියේ නෑ....!

    ReplyDelete
  7. ෂුවර් එකට ඇතුලෙට ගිහින් වලකජ්ජ ගහපු හූනෙක්...

    ReplyDelete
  8. ශික් අහින්සක සත්තු....... මැස්සෙක්ට මදුරුවෙක් ට ජීවත් වෙන්ඩ නැති හැටි.......සෝචනීයයි !

    ReplyDelete
  9. ප්‍රමාණය හකුළුවාලූ පුෂ්පක යානය කාර්මික දෝෂයක් නිසාවත් උගුලට වැටිලද ?

    ReplyDelete
  10. මමත් දැක්ක මේ ගැන මූණු පොතේ . හ්ම්...කමෙන්ට් කියවපුවමනම් මේක කෝඳුරු උගුලක් බවයි පේන්නෙ..:D

    ReplyDelete
  11. ගමේ බඩු නේද?

    ReplyDelete
  12. අයියෝ සල්ලි

    ReplyDelete
  13. ගෙදර හිටිය බල්ලා එකට කකුලක් උස්සලා තිබුනාද ?

    ReplyDelete
  14. බීලා වෙරිවෙච්චි මදුරුවෝ හතරගාතේ දාලා වැටිලා ඉන්නවා.... :D

    ReplyDelete
    Replies
    1. මාරයා උගුළ අටවනකල් ඉදලා උඹ උගුල අරන් මාරු උනා නේ?

      Delete
  15. අනිවාර්යෙන් මදුරු කීටයො ඉන්න ඇති.

    ReplyDelete
  16. රා බීගෙන වැනෙන මීයො ඕකට වැටෙන්නෙ නැද්ද? හක..හක..හක.......

    ReplyDelete
    Replies
    1. කිරිල්ලිව දැක්ක කල්. ඇයි ලිව්වෙ නැත්තෙ කාලෙකිං? අපේ කොමෙන්ට්ස් වත් අනුමත කරල එලියට දාල නැහැ නෙව. ලියමු ආයෙත්.

      මමත් ඕකක් ඇටෙව්වා ගිය අවුරුද්දෙ. නමුත් මොකෙක් වත් ආවෙ නැහැ. ඊටපස්සෙ ඇදුරුතුමා හැම ජනේලෙටම දොරටම තව සෙට් එක ගානෙ ඇලුමිනියම් දැල්දොර ජනෙල් දැම්මා. දැං අපි මදුරු මැසි කරදරෙන් නිදහස්.

      Delete
    2. අක්කෙ මම කලින් මගෙ සමහර යාලුවන්ට කිව්ව මට 30 ඉඳල දවස් 15 ක් නිවාඩු කියල...ඒත් හදිසියෙම ගමනක් යන්න උනා....මම ආවෙ ඊයෙ හවස...සොරි අනේ,කොමෙන්ට්ස් හැටගානක් තියනව හෙමින් බලලා පල කරන්නම්..තෑන්ක්ස් ඔයාගෙ කොමෙන්ට්ස් වලට..:)

      Delete
    3. ඇලුමිනියම් දැල්දොර ජනෙල්? ඒ මොනවද? එව්වලින් මදුරුවො එන්නෙනැත්තෙ කොහොමද?

      Delete
    4. http://www.felixshopping.com/130-screen-mesh.html
      මුලින් මෙව්වගේ ප්ලාස්ටික් දැල දැම්මා දැල ඉරෙනවා. පස්සෙ ඇලුමිනියම් දැල දැම්මා

      Delete
    5. ටෙලිසීන් මාකටිං එකේ යන ඒකද දන්නෑ මේ කියන්නේ

      Delete
    6. ඒක නොවෙයි. ඇලුමිනියම් බාස් උන්නැහැ කෙනෙක් හැදුවෙ

      Delete
    7. මේං ඇවිල්ලා............ රාජ සම්පත!!!!

      Delete
  17. පව් සහෝ!.....

    ReplyDelete
  18. හික්ස් ... මදුරුවොන්ගෙ මාරයා.

    ඕක වැඩකරන මඟුලක් නෙවි. හදපු හැම එකාම කියන්නෙ අයියෝ ෂල්ලි කියල.

    ReplyDelete
  19. කූඹි පිරිලා ඉන්නැති නේද?

    මීට කාලෙකට කලින් 2001 දි විතර මදුරු උගුලක් හදන්න ඉස්කෝලෙදි අපට කියාදුන්නා.. වැඩි වැඩ නෑ.. මාරයියා බෝතලයෙන් හදපු කෑල්ල තියෙන්නෙ.. ඒ කිව්වෙ බෝතලේ උඩ කපලා ගහලා තියෙන්නෙ ඒ ටික විතරයි ඕනා.. මෙහෙමයි හදන්නෙ..හැබැයි බෝතලේ ඔය වගේ ගැටි ගැටි නැති එකක් වෙන්න ඕනෙ..සාමාන්‍ය මෙගා එකක් හොඳයි..

    1.ඔය විදිහට බෝතලේ උඩ කෑල්ල කපාගන්න..

    2. බෝතලේ මූඩිය හයි කරන තැන රත්කරලා අඩුවකින් පොඩ්ඩක් කටේ පලල අඩු කරන්න ඕනෙ..

    3.ඊටපස්සෙ ඔය විදිහටම අනිත් පැත්තට ගහලා ඇල්වතුර දාන්න විතරයි තියෙන්නෙ..පිරෙන්නම නෙමෙයි කපපු කෑල්ලෙන් ටිකක් උඩට එනකම්..

    4.කාලෙන් කාලෙට වතුර අඩුවෙද්ද් දාන්නයි තියෙන්නෙ...

    මේකෙ පරමාර්ථය මදුරුවන් මැරීම නෙමෙයි.. ඉපදීම අඩු කිරීම.. කියපු විදිහට නම් බිත්තර දාන්න තැනක් නැති මදුරුවා මේ බෝතලේ බිත්තර දානවා..බිත්තර ටික අර මූඩියේ හිලෙන් බෝතලේ පතුලට වැටෙනවා..ටික කලක් යද්දි මදුරු පණුවො ඉපදුනත් උන් චලනය වෙන්නෙ අක් වක් විදිහට නිසා අර චූටි හිලෙන් එන්න බෑ කියන එකයි තර්කෙ..

    කැමති කෙනෙක් කොරලා බලන්න..

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ... උඹ කියන්නෙ ගස්යන වැඩක්නේ බං. දැන් ඔය ඩෙංගුවලට චෙක්කරන්න එන එවුවොන්ට මදුරු පිලව් එක්ක ඕක අහුවුනොත්, මදුරු උගුලක් කිව්වට පිළිගන්නකං නෑ, ඒ මාත්තුරු. (කොහොමටත් ඔය චෙක්කරන්න එන අයට පුදුම දැනුමක් තියෙන්නෙ, මනුස්සයෙක් කියන ඒව පිළිගන්නෙ නෑ එයාල) අපිටත් පුළුවන් නිකන්ම දඩ ගෙවල ආණ්ඩුව පෝසත් කරන්න. :)

      Delete
    2. එහෙනම් DDT ටිකක්වත් ඉහලා බලමු :)

      Delete
    3. පිස්සුද මල්ලි. හිතන්නවත් එපා. ඩීඩීටී යූස් කොරන්න තහනම්.

      Delete
  20. අයියෝ ෂල්ලි , සම්පුර්ණයෙන්ම අසාර්ථක ප්‍රොජෙක්ටුවක් :)

    ReplyDelete
  21. මදුරැවන්ට අහුවුනොත් උඹව තෑගිවලින් නාවයි මචං...

    ReplyDelete
  22. උඹත් එහෙනම් උගුල් අටවන්න ගත්තා නේද...:D

    ReplyDelete
  23. උගුලට අහුවෙච්ච කට්ටිය ගැනත් එහෙනම් ඉක්මනටම කියන්නකෝ.. මොකද මමත් ටික දවසකට කලින් අවශ්‍ය උපකරණ ටික එහෙම ගෙනත් තියාගෙන ඉන්නවා මේ උගුල අටවන්න කියල තාම වෙලාවක් ලැබුනේ නැහැ ඒකට. උගුල අටවනවද නැද්ද කියල තීරණය කරන්න මාරය අය්යාගේ ඊළඟ පොස්ට් එක එනකල් බලාගෙන ඉන්නවා hehe :D :D

    ReplyDelete
  24. කැරපොත්තෙක් වැටිලා තැම්බිලා ඉන්න ඇති නේ? එහෙම නැත්නම් කූඹි ටොනික් එකක් හැදිලා තියෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. එකෙක් නං නෙවෙයි..දෙන්නෙක්ම‍‍‍....

      Delete
  25. ඊයේ රෑ දෙකක් දාල ඇවිත් වෙරි පිට මේකට එක්කෝ කෙල ගහල නැත්නම් පයින් ගහල. තව වැඩක් තියෙනවා මෙතන අඩු පාඩු. මේකේ බෝඩ් එකක් ගහන්න ඕනෙ "මදුරවන්ට මෙහි නෑම තහනම්" කියලා.

    ReplyDelete
  26. සාර්ථක අසාර්ථක භාවයත් කියන්නකෝ බලන්න මාත් මේක ට්‍රයි කොරන්ඩයි හිටියේ...

    ReplyDelete
  27. රෑට ටොයිලට් නොයා ඇඳේ ඉඳන් චූ කරන්න කියාපු 'උපකරණයක්'..... :-)

    ReplyDelete
  28. උගුල දැකල හිනාවෙලා පනගිය මදුරුවො ටික වටේට වැටිලා හිටියද ?

    ReplyDelete
  29. රෑට හදිස්සියක් උනොත් මෙන්න බඩු///// ලාභයි පහසුයි පිරිමැසුම්දායකයි , ෆෝටබල් කොමඩ් එකක්

    ReplyDelete
  30. වැඩේ හරි ගියාද ?
    හරි ගියේ නැත්තම් හොඳ පිළියමක් දිනෙල්කයා දාලා තියෙනවා නෙහ්

    ReplyDelete
  31. මාර උගුල... :)

    ReplyDelete
  32. මම හිතුවා මාරයා පෞද්ගලික ස්කාගාරයක් පටන් ගන්න යනවද කියලා..

    ReplyDelete
  33. උදේ පටන් මේ වන තුරු උගුල ගැන කතා බහ කරපු අදහස් දක්වපු හාමෝටම බොහෝමත්ම ස්තූතියි.. අද ටිකක් වැඩ වැඩි දවසක් හින්දා මේවාට වෙන වෙනම උත්තර ලියන්න වෙලාවක් ලැබුනේ නැහැ..කොහොම උනත් වෙච්ච වැඩේ හරියටම කිව්වේ සිඳූ තමා..මං අද උදේ බලද්දී කැරපොත්තෝ දෙන්නෙක්නං මේකට අහු වෙලා හිටියා..ආසාවට එක මදුරුවෙක් නැහැ..අපරාදේ ෂීනී ග්‍රෑම් පනහයි ඪස් ටිකයි... හෙට උදේ ගෙදර ගියාමවත් බලමු එකෙක්වත් අහු වෙලා හිටීද කියලා..එහෙම නැති උනොත් ංම මේකට දානවා නම කැරපොතු උගුල කියලා..සරලයි..පහසුයි...:D:D:D

    ReplyDelete
  34. ඔයින් ගියා මදැයි අතක් පයක් කඩා ගන්නෙ නැතුව !

    ReplyDelete
  35. අයියේ දැන් ඉතින් හිත හදාගෙන ඔය ටික බීලා බැලුවා නම්?

    ReplyDelete
    Replies
    1. කැරපොතු ටොනික් ?
      :o

      Delete
  36. මේකත් මරු වැඩේ වගේ නේ

    ReplyDelete
  37. මම හිතුවේ ඒ ටිකට ඇතුලේ කීටයෝ හැදිලද කියලා... :D

    ReplyDelete
  38. පොඩ්ඩක් පරක්කු වුනා එන්න. ඒ පොඩ්ඩට කැරපොත්තො දෙන්නෙක් අහුවෙලානෙ? ඉතින් ඕක වාසියක් නෙවයිද?
    henryblogwalker the Dude

    ReplyDelete
  39. ඕක ටිකක් ලොකුවට හැදුවානං මීයෝ අල්ලන්ඩ තිබ්බා

    ReplyDelete
  40. ලෝකේ බොහෝ දේවල් හොයාගෙන තියෙන්නේ අහම්බෙන්. ජෝන් ලොගී බෙයාඩ් ටිවි එක හොයා ගත්තෙත් එහෙමළු. හොයන්න ගිහින් තියෙන්නේ වෙන දෙයක් නමුත් තවත් හොඳ දේකට මූලාරම්භයක් වෙලා. ඉතිං කවුද දන්නේ මේකත් ඒ වගේ එකක් වෙයිද කියලා. අද කාලේ කැරපොත්තනුත් සෑහෙන ලොකු උවදුරක් තමයි.

    ReplyDelete