
(මේකත් ගූගල් දෙයියන්ගෙන්)
පතරොමක..එහෙම නැත්නම් ඇමෝ එකක්(ammunition ඔන්න හරි වචනේ ඈ..ඕකත් හොයා ගත්තෙත් ගූගල් දෙයියට පින් සිද්ධ වෙන්න) එක පාරට පත්තු වෙන්නේ නැහැ..ඒකට වැඩ දෙකක් කෙරෙන්න ඕන... මුලින්ම ෆයරින් පින් එක වැදිලා පතුරම මුලම වගේ තියෙන කුටීරයේ තියෙන වහා ගිනි අවිලෙන සුළු වෙඩි බෙහෙත්වලට ගිනි ඇවිලුනාම (ඔය ගිනිකූරුවල තියෙන වෙඩි බෙහෙත් වගේ ඒවා ඒකේ තියෙන්නේ පීඩනයට ලක් උන ගමන් ඇවිලෙනවා) ඒ ගින්දර එයිට ඉස්සරහින් ඇති කුටීරයට ඇතුළු වෙලා ඒකේ තියෙන දිවීතීයික වෙඩි බෙහෙත්වලට ඇවිලෙනවා..ආන්න එතකොට තමා ක්ෂණික පිපිරුමක් ඇති වෙන්නේ... ඒ කියන්නේ ලොකු පීඩනයක්..ආන්න ඒ පීඩනයට තමා පතරොමේ අග තියෙන උල් හැඩැති කොටස වේගයෙන් ගැලවිලා ඉවතට විසි වෙන්නේ... ඔන්න ඔහොමයි පතරොමක වැඩේ සිද්ධ වෙන්නේ... ඒ ගැන ඔයිට වඩා විස්තරයක් තියෙනවා උනත් මේකට ඔය ටික ඇති...
මගේ කතාත් වැඩි හරියක් එළියට ඇදෙන්නේ ඔය පතරොමක සිද්ධාන්තෙට සමානව.. ඒ කියන්නේ කොටස් දෙකකින් වගේ... ඒ කියන්නේ ඔය පරණ කතා ලියන්න වෙන්නේ මොනවා හරි වර්ථමාන සිදුවීමක් උනහම... ඒ කියන්නේ වෙඩිල්ල පුපුරන්නනං මොනවා හරි මූලික උත්තේජනයක් ලැබෙන්න ඕන... හරියට අර පලවෙනි කුටියට ගිනි ඇවිලුනාම දෙවැනි කුටිය ඇතුලේ පිපුරුමක් එනවා වගේ... එහෙම නැතිව පරණ කතා පොත ඇවිස්සෙනවා හොරයි... හොඳම උදාහරණේ පන්සල් කතා ටික...
ඔය හුගක් අතීත කතා ඇදෙන්න ඒකට මොනවා හරි ගින්දර කොනක් අහු වෙන්න ඕන... හරියට ඇවිලුනාම කොහෙන් හරි පත්තු වෙලා උණ්ඩේ පිට වෙනවා වගේ අන්තිමට ඒක බ්ලොග් පෝස්ට් එකක් හරහා පිට වෙනවා...
මල කෙලියයි.. මං මේකට අර පතරොමේ පින්තූරයක් හොයන්න වාත වෙච්ච වෙලාවේ මේ ලියන්න ආවේ මොකක් ගැනද කියලා අමතක උනානේ... හත් ඉලව්වයි...
ඒකට ප්‍රවේශය ආවේ අද අමිලගේ බ්ලොග් එකේ තිබුන ලිපියකට මං දාපු කමෙන්ටුවකට දිනේශ් දාලා තිබුන රිප්ලයි එහෙකින් තමා... ඒත් මං අල්ලන්න ගියේ කොතනින්ද කියලා මටම අමතක උනා... ඔන්න මට වෙන කෙලි... අන්තිමේදී පින්වතුනි ඒක පුස් වෙඩිල්ලක් උනා කියලවත් කියමු... නිකං ලිව්ව වචන ටික අහක දාන්න ඕනයෑ..ආයේ මතක් උනාම සමරහ විට ලියන්න වෙයි.. එහෙම උනොත් ඒ මේකේ දෙවැනි කොටස කියලවත් ලියමු.. ඔන්න මේකට දැම්මා නම පුස් වෙඩි කියලා..ඕන එකක් ප්‍රීති වෙසක් කියලා එබුවා පබිලිස්ගේ මෙව්වා එක...
මම 1ක් ය
ReplyDeleteමකපිය ඕක..
Deleteපැහැදිලිවම...
Deleteමන් එක..
ReplyDeleteසොරිම තමා..:)
Deletehttp://jangun.wordpress.com/ පතරොම් ගැන වැඩි විස්තර ඔන්න ඔතන ..........., හුහ් කාලෙකින් එක උනා .....
ReplyDeleteඕක බොහෝම හොඳ බ්ලොග් එකක්..මං මේ පබ්ලිසිටියක් දෙන්න කියලා හිත හිත හිටියේ ඕකටයි තව දෙක තුනකටයි...
Deleteසෙල්ලං නෑ බ්ලොග් ලෝකෙ ට ලියන ජේශ්ඨතම හමුදා නිලදාරියා....... අඩුම තරමේ බ්‍රිගේඩියර් කෙනෙක්....
Deleteඔව් ඒ වගේමයි සරල සාමාන්‍ය විදියට ලියනවා...
Deleteමෙන්න විචාරක මහත්මයාගෙ පතරොං කතා දෙක..
Deletehttp://jangun.wordpress.com/2012/03/30/%E0%B6%B4%E0%B6%AD%E0%B6%BB%E0%B7%9C%E0%B6%B8%E0%B6%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80/
ස්තූතියි හරී.. මට ඕක හොයන්න කම්මැලි කමේ හිටියේ... දැන් හරි...
Deleteශේහ්..
ReplyDeleteකාලෙ අවකාශෙ...
යකෝ..කලින්එක දාන්න කලින් තව එකක් උඩින් වැටිලනේ
Deleteපුස් වෙඩි..:)
Deleteඒ කියන්නේ මාරයා අයියගෙන් අලුත් පෝස්ට් එකක් ගන්න ඕනේ නම් "ෆයරිං පින්" එකක් අරන් ඇවිත් අනින්න ඕනේද?
ReplyDeleteආදර්ශය :-
මාරයාගෙන් අලුත් පෝස්ට් එකක් ලබා ගැනීමට සැම විටම "ෆයරින් පින්" එකකින් අනින්න..
ඇනලා බලකෝ..කොහෙන් පත්තු වෙයිද කියලා බලන්න..හුහ්..ආවා මෙතන අනින්න...
Deleteමේ තවත් පුස් වෙඩිල්ලක්.
ReplyDeleteඒකනං පුස්ම තමා කියලා කව්ද මංදා කිව්වා මූණු පොතේත්...
Deleteහැබෑමයි. මං බැලුව මොකක්ද කියන්න හදන්නෙ කියල. බැලුවම පුස්වෙඩිල්ලක්.
ReplyDeleteඔය ඇමෝඑකේ මූනට තද පහරක් දීල පුපුරවන්න පුළුවන්ද?
ඒ කියන්නෙ මේවත් නිකං ජාතක කතා වගේ ෂීන් එකක්ද.?? වර්තමාන කතාව හා නිධාන කතාව..
ReplyDelete"තවද එක්සමයෙක්හි මාරාභිධාන වූ පස්මරුන් බිඳ ජයගත් හෙයින් මාරජී නම් වූ මාරපුත්‍ර තෙම දිවාවිහරනයෙන් මාරභවනේ පසුවන කල්හි එක්තරා නොසන්ඩාල කෙළෙඹි පුත්‍රයෙක් අරභයා මේ ජාතකය වදාළ සේක. ඒ කෙසේද යත්......"
පුස් ඇමෝ පත්තුකරනවා ට්‍රේනිං කරනකොට.... හොඳ ඇමෝ පත්තුකරනවා රියල් ඇක්ෂන් වලදී....
ReplyDeleteමැගසින් එක රීලෝඩ් කරලා වැඩේ කරගෙන ගියොත් නාකද????
හැම ඇමෝ එකක්ම ඇතුලෙන් ක්‍රියා කරන්නේ එක හා සමනාවද?
ReplyDeleteපුස් වෙඩි නම් අවුරුදු කාලේට අපේ ගමේ කඩවල් වල ඕනෑතරම් තියෙනවා :)
පතරොමක් දාපු හින්දා මාර හෝරාවත් රාජ උදහසට ලක් වෙයිද දන්නෑ
ReplyDeleteමෙන්න එහෙනං පුස් කමෙන්ට් එකක්!
ReplyDeletehenryblogwalker the Dude
අනේ මන්ද .... මට අද 1 වෙන්නත් බැරිවුන එකේ ඔන්න අද ‘මම අන්තිමය‘ කියල කියන්නම්.
ReplyDeleteඔබ ammunition කියන වචනයට වඩා cartridge කියන වචනය යෙදුවානම් වඩාත් නිවැරදි බවයි මගේ හැඟීම. මේ පිළිබඳව මා ලියා ඇති ලිපි වල සබැඳියාව හරී විසින් ඔබට ලබාදී තිබෙනවා. මා ලියා තිබෙන්නේ සංක්ෂිප්ත ලිපියක්. කියවා බලන්න.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
බොලේ අර ෂොට්ගන්වල එන ජාතියෙ එකක් තිබ්බනං මරු.අපිට එක පාරක් පත්තු කොරලා බලං ඉන්ඩ තිබ්බා මාරයාගෙ මූනිස්සං ඔක්කොම සට සට ගාලා විසිවෙන හැටි.
ReplyDeleteපුස්.
ReplyDelete\\මගේ කතාත් වැඩි හරියක් එළියට ඇදෙන්නේ ඔය පතරොමක සිද්ධාන්තෙට සමානව.. ඒ කියන්නේ කොටස් දෙකකින් වගේ...\\
ReplyDeleteමටත් එසේමය. ඔය ඇමෝ කිව්වහම මට මතක් වුනේ ඇනෝව.
චමින්ද පුස් වෙඩිල්ලද???
ReplyDeleteනියම ලිපියක්......ට්‍රෙනින් මිෂන් වලදි දෙන පතරොම් වල මුනිස්සමක් නැහැ, මුනිස්සම තියෙන තැන තබ තහඩුව කේතුවක ආකාරයට එකතු කරලයි තියෙන්නේ, මේ වර්ගයේ බුලට් එකක් ෆයර් කලොත් වෙඩි බෙහෙත් වලට ගිනි ඇවිලි ඇතුලත කාබන් ඩයොක්සයිඩ් වායු පිඩනය වැඩිවීමෙන් කේතුවක ආකාරයේ ඇති ප්‍රදේශය විවරවි එහි සිරවිඇති වාතය ශබ්ධයත් සමගින් පිටවේ, තුවක්කුව ඉදිරි පස සිටින කිසිවකුටත් හානි සිදු නොවේ... නමුත් මුනිස්සම් සහිත පතරොම් වලදි පතරොමේ ඉදිරිපස සිරකර ඇති මුනිස්සම පතරොමෙන් මිදි වේගයෙන් තුවක්කු බටය දිගේ එලියට ගමන් කරයි
ReplyDeleteනාකිත් තරිකිට තෙයි - කාටත් ඔය ටික වෙයි :D
ReplyDeleteපුස් මත් නැ
ReplyDeleteMoral of the story - මාරයාගෙන් කතාවක් ඇසීමට ඔහුගේ පිටුපසට ෆයරිං පින් එකක් තබා තද කළ යුතුය :D :D
ReplyDelete