රැය එළඹිණ... වේලාව කීයට ඇද්දයි මා නොදනිමි...
ඒ වන විට තාත්තා සිටියේ නිවසේ ඉදිරි කොටසේය..මමත් මල්ලීත් අම්මාත් සුපුරුදු ලෙසින් ගෙයි දෙවන කොටසේ සිටියේ... තාත්තා ඒ වන විට නිවසේ ඉදිරි කොටස වූ කඩ කාමරයේ බිම පැදුරක් එළාගෙන කාඩ් බඩු සකස් කරමින් සිටියේය... දල්වන ලද ඉටිපන්දමක් හිස් කිරිපිටි ටින් එකක් උඩින් සවිකර කියත් පටියකට සිර කොට අල්වාගත් සෙලෝෆේන් කවර සීල් තබමින් කසාය පැකට් සකස් කිරීමක් හෝ කුළු බඩු පැකට් කිරිමක් හෝ සිදු කෙරිණි.
මා නින්දත් අඩ නින්දත් අතරේ පසු වෙමින් අප සිව් දෙනාගේම පොදු සිරි යහන වූ නිවසේ තිබූ එකම ඇඳ මත වැටී උන් අතර අම්මා සිටියේ ඇඳේම වැතිරී මට කතන්දරයක් කියා දෙන අතරේම මල්ලීට කිරි දෙමිනි... සියල්ල ඉතා සාමකාමීව පැවතිණි...
එක්වරම දොරට ගසන ශබ්දයක් ඇසිනි... එය එතරම්ම නුපුරුදු කාරණයක් නොවේ.. මක් නිසාද යත් වේල පහින් ගන්නට බැරි වූ කුමක් හෝ දෙයක් මිලදී ගැනීමට හිටි හැටියේ එන ගම් වැසියන් මෙසේ රාත්රී කාලයේ දොරට ගසමින් කරදර කිරීම ඒ වන විට අපට හුරු වී තිබුණු නිසාය... මා සිතුවේත් මේ එවැනි කවුරුන් හෝ යැයි කියාය...
සුපුරුදු පරිදි එසේ දොරට ගැසූ ශබ්දයෙන් පසුව තාත්තාගේ කට හඩ නික්මිණි...
"කවුද..?"
පිළිතුරක් නැගුණි..ඒත් එය එතරම්ම පැහැදිලිව අපට අසුනේ නැත.. එහෙත් තාත්තා සිටි තැනින් නැගිට ගොස් දොර අරින හඩ අපට ඇසිණි... තත්පර කිහිපයක් ගෙවී යන්නට විය...තත්පර මිනිත්තුවක් බවට හැරෙන්නට විය...දොර හරින හඩින් පසුව කිසිදු ශබ්දයක් නොවූ නිසා අපගේ අවධානය ඒ දෙසට යොමු වූයේ නිරායාසයෙන්මය...
වෙනදා නම් මෙසේ දොර ඇරිය පසුව ගන්නට ආ බඩුවල මිල ගණන්..ප්රමාණ ආදිය දෙපාර්ශවයෙන්ම කියැවෙනවා ඇසෙයි..එහෙත් අද සියල්ල නිශ්ශබ්දය... සිදු වන්නේ කුමක්ද...?
හිටි හිටියේම ශබ්ද නැගෙන්නට විය...
(නිදිමතයි... අනිත් ටික හෙට...සමාව බාජනේට...)
1 ද?
ReplyDeleteමට නූලෙන් මිස් උනේ
Deleteමොන බම්බුවක් ද? නිදිමතයි කියල හරියන්නෑ. මේක රබර්වගේ අදින් නැතුව ලියන්ඩකෝ අෆ්ෆා .....
Delete@ අවතාර්,
Deleteඒකනේ මල්ලී .... අපායට යතත් ඉස්සෙල්ල. :)
මෙන්න බය හිතෙන කතාවක්!
Deleteඑදා බොහොම කළුවර රාත්තිරියක්. රැහැයියන්ගේ මහා මූසල ගෝසාවෙන් කණ් අඩි පැලෙන්න වගේ, ඒ අස්සේ බකමූණෝ හූම් හූම් ගානකොට ඇඟේ ලේ වතුර වෙලා යනව. එකපාරටම ලයිට් ගියා. මම හෙමිං ගිහින් ජනේලේ ගාවට ගිහිං ඒක වහන්න හදද්දී සුදු පාට උල් දත් දෙක විලිස්සාගෙන ආපු මා වලුලෙක් මගේ බෙල්ලේ ගෑවීගෙන කරණමක් ගහල අහකට ඉගිලං ගියා, ඒ වෙලාවේ මගේ ඇඟේ මවිල් කෙලින් හිටගත්ත. කකුල් දෙක සට සට ගාල ගැහෙනකොට මම හෙමින්ම ඇඳ ගාවට ගාටලා ඇඳේ හාන්සි වුණා. මුළු ඇඟම සීතල වෙලා, රෙද්ද තදට පොරෝගෙන බුදියගන්න ඇස් දෙක පියාගන්න හදනකොටම එකපාටම කාමරේ දොර ඇරුණා. ඒ දොරෙන් ආවෙ අවුල් වෙච්ච කොණ්ඩෙ කඩා ගත්ත ගෑණියෙක්. එකපාට්ටම..... "පුතා පුතා පියුස් එක ගිහින් වගේ, දාල දෙන්නකො..."
ඔන්න මාරයියා කරපු දේ පපුව පත්තු වේගෙන ආවා විතරයි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteIwasannam heta wenakam..
ReplyDeleteකව්ද??????????
ReplyDeleteමාරයෝ අදිනවා වැඩියි නෙව?
ReplyDeleteමේ ටිකත් හෙටම දැම්මනම් ඉවරයිනේ අෆ්ෆා.
ReplyDeleteමාරයා නම් නිදාගනියි. කුතුහලේට අපිට නින්ද නැති කරල. කැතයි හොදේ...
ReplyDeleteහෆූඌඌඌඌ ගිහින් එක පාරම ඩොයියගන්න නේ ටිබ්බෙ මියා උයාට...උෆ්ෆ්ෆ් ග්රර්රර් %$?^@]*°#!!!
ReplyDeleteතනිකම ආත්මය කරගත්.. වින්දනීය මනසක උරුමය ඇතුව උපන්.. තවත් එක කරුමක්කාරයෙක්...
ReplyDeleteහෙහ් හෙහ් ... අවසර අරන්ද ඕක කොපි කරේ.
Deleteකරුමක්කාර මාරයෙක් !
මටත් නිදිමතයි...කොමෙන්ට් හෙට ..සමාව භාජනේට :D
ReplyDeleteකුතුහලය රඳවගන්න නිදිමත හදාගත්ත නේද?
ReplyDeleteමෙගා සීරියල් අධ්යක්ෂණයකට පුරුදුවෙනවද?
ReplyDeleteබැරිවෙන එකක් නෑ.. හරි තැනින් 'මතු සම්බන්ධයි..' කියලා තියෙනවා. :D
කතාව පටන් ගත්තා විතරයිනේ.... ඉක්මනට හෙට වෙන්ඩෝ...
ReplyDeleteආ තව චුට්ටක් ඇවිත් නේ
ReplyDeleteඅප්පට සිරි මෙයාගෙ තියන ගනන් දැන්..හරි හරී... මොකෝ ලොකු පැලැන්තියෙ ගෑනුලමයි බටහිර රටවල ඉන්න ගෑනුලමයි ආශ්රය කරන නිසාද?
ReplyDeleteඒ වගේ. ඒ මදිවට යළි නැගිටින රාවණාගේ ළඟම ගෝලයෙක්... දැන්මම හරි ගණන්.
Deleteඕකනේ ඉතින් කියන්නේ.. අපි නිදිමරාගෙන කියෙවුවා.. මෙයාට ලියන්න බෑ... :)
ReplyDeleteමෙගා නාට්ටිය
ReplyDeleteමොනාද හලෝ මේක ඇදෙනවා වැඩියි වගේ...............!!!!
ReplyDeleteනිකන් දෙන එකේ දත් මොකට ගනිනවද ?
ReplyDeleteඔය හොඳා .... :)
හ්ම්ම් ඔහොම යමුකො .
ReplyDeleteමොනවද බං ජරා වැඩ කරන්නේ
ReplyDelete"අද සියල්ල නිශ්ශබ්දය... සිදු වන්නේ කුමක්ද...?"
ReplyDeleteඇත්තටම මේ සිදුවන්නේ කුමක්ද ???? :D
දැන් නැගිටහං.
ReplyDeleteතාම නිදිද මන්දා.
ReplyDeleteඉතුරු කෑල්ල එනකොට...
ReplyDeleteසමාව දාන්න තිබ්බ භජනේ වෙනුවට බැරල් එකක් තියන්න වෙයිද මන්ද.....
හරි බලමුකෝ ඉතුරු එකත් :-) :-)
ReplyDeleteකවුද ඔව්වට වග කියන්නේ....... :D
ReplyDeleteමොනවා කරනවද මන්දා?? බාගෙට කතා ලියනවා. :P
ReplyDeleteමදැයි ඉවසුවා.. කෝ ගනිල්ලා කඩු කෙටේරි ටික..ඇයි යකඩෝ මේම ඉවසන් ඉන්න හැකිය ?
ReplyDeleteමොන බම්බුවක්ද යකෝ....:DDD
ReplyDeleteනිදිමත නම් නිදාගනින්....:D
කෝ ඉතින් මේක ඉතුරු හරිය.. :P
ReplyDeleteඇත්තම කියන්නද.. මට උඹ අහුවෙන තැනක හිටියානම් ... අයි යකෝ මෙහෙමත් කතාවල් හිටෝනවද හිටි හැටියේම ?
ReplyDeleteකථාව අතර ඇඩ් එකක්. . .
ReplyDeleteමේ චුට්ටත් හෙටම දැම්මනම් ඉවරයි. බලන්න කී දෙනෙක්ගේ ආතල් එක කැඩිද කියලා ?
ReplyDeleteවිරූපවාහිනියේ ලෙඩ බෝ වෙලාද...... ???? :-)
ReplyDeleteමටත් නිදි මතයි බං.... නැගිටලාම කියවන්නම්....!
ReplyDeleteඅඩේ මේක බලන උං කවුරුහරි එකෙක් මට පොඩි උදව්වක් කරපල්ලා. මේකා මේක ලියලා ඉවර වෙච්ච දවසක මගෙ බ්ලොගේ කමෙන්ට් එකක් දාපල්ලා. එතකොට මට ඇවිත් ඔක්කොම කෑලි ටික එක දවසෙන් බලලා ගියෑකි ලේ පුච්චා ගන්නෙ නැතුව.
ReplyDeletehenryblogwalker the Dude