"චටාස්..පටාස්..."
එක්වරම ඇසුනේ කස පුපුරන්නාක් බඳු හඩකි.. ඒත් සමඟින් කිසිවකු වේදනාවෙන් මොර දෙන හඩත් පැහැදිලිවම ඇසුනි...
මෙතෙක් වේලා මල්ලිට කිරි පොවමින් ඇදේ වැතිර සිටි අම්මා මල්ලීව පසෙක තබා වහා නැගිට සිටියාය.. පිරිමින්ට වඩා ගැහැණුන්ට ඉව තිබෙන්නා සේය.. මා හට හිතා ගත නොහැකි තරමේ වේගයෙන් ඇය ක්‍රියාත්මක වූවාය...
"මල්ලි බලාගන්න පුතේ"
අම්මා කීවේ එපමණකි... මෙසය මත තිබූ යමක් අතට ගෙන ඇය එළියට දිව ගියාය...
තත්පර කිහිපයකින් කෑකෝ ගසන හඩවල් කිහිපයක්ද පෙරට වඩා උස් හඩකින් ලතෝනි දෙන හඩක්ද නැගුණි... සියල්ල සිදුවීමට මිනිත්තුවකට හෝ දෙකකට වඩා ගියේ නැත...
"දඩාං..."
යන මහ හඩින් නිවසේ ඉදිරිපස දොර වැසුනි...
තාත්තා වේදනාවෙන් මිරිකෙමින් ඇතුළු කෑල්ලට පැමිණි අතර අම්මා ඔහු පිටුපසින් පැමිණියේය...
"ආයෙත් එයිද දන්නේ නැහැ.."
"නැහැ ආයේ එයි කියලා හිතන්න බැහැ...ඒත් කෝකටත් ඇහැරලා ඉමු"
එසේ කී අම්මා මා නිදි කරවන ලදි... එයින් එහාට මට සිදු වූවක් මතක නැත.. මා දන්නේ පසුවදා එළිවනවා පමණි... එහෙත් පහුවදා උදේ වන විට නිවසට යන එන අය බොහෝ වූ අතර ඔවුන් කතා බස් කල දේ හරහා කතාව පැහැදිලි විය...
සවස් යාමයේ මාගේ වදන් කන වැකුණු ගැහැණිය අඩා වැලපෙමින් සිය නිවසට ගොස් ඇත්තේ "තොපි වගේ දරුවෝ හදං මට අහන්න වෙලා තියෙන කතා" යැයි කියමිනි... නිවසට ගොසින්ද වැලපෙන්නට වූ ඇගේ වදනින් විමසිලිමත් වූ දරුවන් කතාවේ අග මුල අසා දැනගෙන පිස්සු බල්ලන් සේ වියරු වැටී ඇත... එවෙලේම අප නිවසට එන්නට කැති පොලු අරගෙන සූදානම් වූවද එක් අයකු විසින් සැලසුම වෙනස් කරවා ඇත...
"ඔහොම කරලා හරියන්නේ නැහැ හොඳ පාඩමක් උගන්නමු...අරූට ගහලා ගෑනි උස්සමු..."
සැලැස්මට අනුව සූදානම් වූ සහෝදරයින් අතරින් සිව් දෙනෙකු හෝ එයට වැඩි පිරිසකුත් යහළු නඩයෙන් කිහිප දෙනෙක්ද ඇතුළුව අට දෙනෙකුගේ පමණ නඩයක් රාත්‍රී වන විට අප නිවස ආසන්නයට ආවේ කුලියට ගත් පරණ කාර් කබලක්ද ඇතිවය... කාරය නිවසට ඉහලින් පාරේ නවතා එතැන දෙදෙනකු මුර කරනා අතරේ.. තවත් දෙදෙනෙකු ගේ පහලින් පාර රැක ඇත.. ප්‍රධාන කටයුත්තට පැමිණියේ සිව් දෙනෙකි...
ගෙවත්තට ඇතුළු වූ සිව් දෙනාගෙන් එක් අයකු දොරට ගසා ඇත.. තාත්තා දොර අසලට පැමිණෙන විට සෙමින් කතා කොට ගිනි පෙට්ටියක් ගැනීමට යැයි කියා දොර විවෘත කරවාගෙන ඇත... දොර විවෘත කරනවාත් සමඟින් වහා ක්‍රියාත්මක වූ පිරිස තාත්තාගේ අත පය සොලවන්නටවත් බැරි ලෙසින් අල්ලාගෙන මිදුලට ඇදගෙන එකෙකුගේ බඳ පටියක් ගලවා එයින් තාත්තා හට කසයකින් මෙන් තලා ඇත... එතැන සිටි වැඩි දෙනා නෑදෑ කමින් තාත්තාට වූයේ ඥාති පුත්‍රයින්ය... එසේ වූ නෑදෑ පුතුන් කිසිදු අනුකම්පාවකින් තොරව එවකට හතලිස් හතක පමණ වයස් වූ අඩි පහයි අගල් දෙකක් උසැති කාටවත් ගහනවා තබා ලේසියෙන් බනින්නටවත් නොයන තාත්තාට පහර දෙන විට උසුලාගත නොහැකි වේදනාවට කෑ ගැසුනු හඩත් එක දිගට කස පුපුරන්නා වැනි වූ බඳ පටිය තාත්තාගේ ඇඟ පුරා වැදෙන ශබ්දයත් ඇසූ පමණින් සිදු වන දේ ගැන තේරුම් ගත් අම්මා එළියට දුවා තුබුනේ හිස් අතින් නොවේ...
ඇයගේ අතට හසු වී තිබුනු එකම අවිය වූ මේසය මත වූ පාන් කපන පිහියත් රැගෙනය... එම පිහිය අප නිවසට ලැබී තිබුනේද ඊට දින කිහිපයකට පෙරදීය.. ඒ විදෙස්ගතව සිට පැමිණි අම්මාගේ නැඟණියක විසින් දුන් ත්‍යාගයක් ලෙසින්ය... එය තලය අගල් අටක් පමණ වූ සාමාන්‍ය තරමේ පිහියකි...
මිදුලට බසිද්දීම ඇයව දුටු එකෙක්
"මුගෙන් වැඩක් නැහැ ඔය එන්නේ අපිට ඕන කෙනා අල්ලලා දාගං කාර් එකට" යැයි කියා ඇය වෙත එක පිම්මේ පැන ඇත.. එහෙත් ඔවුන් සිතුවා වැරදිය... අහිංසකයෙකුට තලා ඔහුගේ අඹුව උස්සාගෙන යාමට පැමිණි ඔවුන් සිතූ තරමට එය පහසු වූයේ නැත...
තමා ඉදිරිපිටම සිය සැමියාට පහර දෙන අධමයින් රැල දුටු ඇය වියරු වැටුනාය... පළමුව තමා ඉදිරියට පැන්න එකාගේ ඇළපත හරහා පළමු පිහි පහර එල්ල විය... ක්ෂණිකවම දෙවන පහරත් ඒ සමඟින්ම එල්ල විය... සිදු වූ දෙය සිතා ගත නොහැකි වූ නරුමයා විලාප දෙද්දී දෙවැනියාත් ඇයට ලං විය... පලමු වැන්නාට වූ දෙය කුමක්දැයි ඔහුට සිතාගත නොහැකි විය... ඔහුටත් පෙර සන්තෑසියමය... අගල් අටක් දිගැති පිහිතලය සිය උදර පෙදෙසට ඇතුළු වනවාත් සමඟින් ඔහුද විලාප දෙන්නට විය... අම්මා දෙවැනි වතාවටත් පහර දීමට පිහිය ඇද්දද අතට ආවේ පිහියෙන් කොටසක් පමණි... පිහිතලය කැඩී තිබුණි... එහි කැබැල්ල ඇනුම් කෑ එකාගේ සිරුරේ තිබියදීම අතැති පිහි කොටයෙන් අනිත් උන්ට ඇනීමට උන් පස්සේ එලවන්නට විය..පිහි ඇනුම් කෑ උන් දෙදෙනාත් අනිත් උනුත් හිස් ලුලූ අත දිව ගොස් තිබිණි.. අම්මා වහාම ආපසු හැරී තාත්තාවත් ගෙට දමාගෙන දොර වසා දමන ලදි...
එයින් පසුව සිදු වූ දේ බොහෝය.. මෙතෙක් වූ දේ කියූ ආකාරයටම ඒ කතාද අනිවාර්යයෙන්ම කියන්නට සිතා සිටිමි. කෙසේ වෙතත් එදා රැය අපගේ ජීවිත වෙනස්ම මඟකට ගෙන ගිය බව කිව යුතුමය... එහෙත් ඒ සියල්ලට මුල් වූ මාගේ වචන කිහිපය ගැන.. එනම් අර කී ගැහැණියට කී ඇයගේ පුතුන් අපගේ කුකුළන් කෑ කතාවට අද මේ වන තෙක්ම අම්මාවත් තාත්තාවත් මා හට දොසක් වචනයක් කියා නැත... පසු කාලීනව ඔවුන් එය සිහි කලේ සිනහා වෙමින් මිස කිසිඳු ආකාරයක චෝදනාත්මක ස්වරූපයකින්ද නොවේ...
එමෙන්ම එදා රාත්‍රියේ තත්පර ගානක් ඇතුලතදී ක්‍රියාත්මක වී අතට හසු වූ ආයුධයෙන් විදුලියක වේගයෙන් එහෙ මෙහෙ පැන දෙදෙනෙකු හට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කොට තාත්තාවත්.. අපවත් ඇයවත් බේරා ගත් අම්මා ගැන කෙසේ විස්තර කරන්නදැයි මා දන්නේ නැත... කෙසේ වෙතත් ගැහැණියක සතුව ඇති විවිධ ස්වරූපයන් අතරින් කාලි අම්මාගේ ස්වරූපයත් එකක් යැයි මා හොඳින්ම දන්නේ ඇය එදා ක්‍රියා කල ආකාරය දන්නා නිසාය...
සත්‍යය ප්‍රබන්ධයට වඩා අපූරුය යන්න මා අදහමි...
අපූරු බාප්පාගේ කෙරුවාව මී ළගට...
මාරයි මාරයෝ.. වෙන මොනවා කියන්නද මට හිතාගන්න බෑ...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහයියෝ රාමා...
Delete:D උපක්‍රමශීලී පසුබැහීමක්.
Deleteඇයි රාමා මං එක කියලා කිව්වද? :)
Deleteඅන්න ඉගෙන ගන්නවනං පාඩං...
Delete(මූ හොඳ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් වෙන්න)
මේ බ්ලොග් එකේ නිතරම දෙවැනි කමෙන්ට් එක ඩිලීට් වෙනව. මාරයියෙ පොඩ්ඩක් බලන්න, මොකක් හරි අවුලක් තියෙනව.
Delete(ඔය කිව්වට මටත් ඔය සන්තෑසිය වෙන්න බැරි නෑ)
බැලුවා මල්ලි
ReplyDeleteඅහිංසක දරුපවුලකට පූරුවේ පවක් පටිසන් දීලා විතරක් කියලා නවතින්නම්...
නියමම කාන්තාවක් අයියෙ. වෙන කියන්න දෙයක් නැත.
ReplyDeleteමොනවද දැන් කියන්නේ කියලා හිතනවා... මොනවා හරි මතක් වුනොත් කියලා යන්නම්...
ReplyDeleteත්‍රාසය, භීතිය, කුතුහලය තව මොන මොනව තියෙයිද දන්නෑ ඉස්සරහට.
ReplyDeleteවැරදි කරන උන්ට කරන්න හොඳයි. ඒ ගැන කාටවත් කථා කරන්න හොඳ නැහැ. මාරයියගේ පවුලේ අයගේ කතාවත් වෙනස් වුන බව ඇත්ත. ඒත් අරුන්ට දිය යුතු දඬුවමත් ලැබුනා.
ReplyDelete// එතැන සිටි වැඩි දෙනා නෑදෑ කමින් තාත්තාට වූයේ ඥාති පුත්‍රයින්ය...//
ReplyDeleteතුහ් නොදකිං ඔයවගේ නෑයො.
ඔය දේ මට උනා නං ප්‍රතිපලය වෙනස් වෙන්නෙ නැහැ. නියම ගැහැනියක් නුඹෙ අම්මා.
අන්න හරි... මටත් හිතුනේ මේ දේමයි කියලා දැන් තමයි හිතෙන්නේ... ඒ අම්මාට මගේ ප්‍රණාමය
Deleteහිතාගන්ඩ බෑ නේන්නම්....! මම දැනුවත්තත් ඒ කාලේ පෙම්වතාට ගහන්න ආ පිරිසකගේ කකුල් මැල්ලුම් කරපු අක්කා කෙනෙක් හිටියා.
ReplyDeleteහපොයි . . ඒ අක්කව බැදපු අයිය පවු !
Deleteඇයි පව්! අක්කා ගේ ඇතුගෙ තිබ්බ පොරව අරගෙන කකුල් වලට කොටාගෙන කොටාගෙන ගිහිල්ලා....:)
Deleteඒ මොකද පව් කියන්නෙ. හොඳට මැල්ලුං හදල කන්න දෙනව ඇති මහත්තයට හරියට අර මාරයගෙ මැල්ලුං වගෙ
Deleteමට මතක් උනේ මගෙ අම්මව මචෝ. මගෙ අම්මත් ඔයිට කිට්ටුවෙන් වගේ යන සිදුවීම් දෙකකදි, එක වතාවක් අපේ මාම කෙනෙක්ට ගැහුව නිට්ටඹුවෙ පොලීසියෙදි සිහි නැතුව වැටෙන්න, අනික් වතාවෙ බාප්පගෙ උඩ ඇන්දෙ ඉස්සරහම දත ගැලවෙන්න ගැහුව
ReplyDeleteඔන්න ගැහැණු!!!!!
ReplyDeleteහ්ම්ම්ම් සත්‍යය ප්‍රබන්ධයට වඩා අපූරු තමා..................
ReplyDeleteපුදුමයි බොට ලියන් යනකොට බඩේ අමාරුවක් වත් නොහැදුනා
උන්ට ඔච්චර තදවුනේ ඇයි? හොරකං කරලා තියෙන්නෙ උන් නෙමෙද?
ReplyDeleteඋන්ම තමා...
Deleteඅම්මෙක්ගේ කඳුළුවලට හරි වැරැද්ද පේන්නෙ නෑ හරි.. කොච්චර නපුරු නරක එපා කරන එකෙක් උනත් අම්මාගෙ කඳුළු දකින්න කැමති නැ.. (හැබැයි ඒ කඳුළුවල නියම උරුමක්කාරයා තමන් ය කියන දේ හිතන්න මොළේ නෑ..)
Deleteවීර මාතාවක්....! හරියට ෆිල්ම් එකක් බැළුවා වගේ තමයි මට නම් තේරුනේ.....!
ReplyDeleteසත්‍යය ප්‍රබන්ධයට වඩා අපූරුය
ReplyDeleteඅම්මලගේ කැපකිරීම් මෙතෙකැයි කියන්න බෑ.ඒ සිද්දියෙන් පස්සේ උන්ගෙන් කරදර වෙන්න නැතුව ඇති .
ReplyDeleteආන්න ගැනු....
ReplyDeleteශක්තිමත් අම්මකෙනෙක්.
ReplyDeleteආන්න අම්මල....
ReplyDeleteඇස් දෙකට කඳුලු ආවා මාරෙ..මේ වගේ වෙලාවට ගිරිය කඩාගෙන බෙරිහන් දීලා උතුර දකුණ මාරු කරගන්නෙ නැතිව සිහිබුද්ධියෙන් කටයුතු කරපු උඹගෙ අම්මානම් නියම අම්මා කෙනෙක්. ඔය වගේ වෙලාවට අහල පහලින් උදව් එන්නෙත් පෙරහර ගියාට පස්සෙනෙ.. තමුන්ගෙ ආරක්ෂාව තමුන් සලසගන්න එක තමයි හොඳම දේ..
ReplyDeleteඅම්මට මගේ ප්‍රණාමය...
ReplyDeleteමාර සීන් එකක්නේ... ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ....
ReplyDeleteමාරය අය්යගෙ අම්මා ඇත්තටම යකඩ ගැහැනියක්!!!!
යකඩෝ කොටියම කන්න එපැයි.ඕවගෙ වෙලාවට අනිත් නෑයෝ ගන්නෙ හරිපැත්ත නෙමේ,බලය වැඩි පැත්ත.
ReplyDeleteඇත්තෙන්ම අම්මෙකුගේ චිත්ත ධෛර්යය කොතරම්ද කියන එක අපිට කවදාවත් තේරුම් ගන්න බැරි තරම්. මට හිතෙනවා දරු සෙනෙහස, පති භක්තිය, ආත්ම ගෞරවය, වෙනුවෙන් අම්මෙකුට යුද්ධ හමුදාවක් එක්ක වුනත් සටන් කරන්න තරම් හිතේ හයිය තියනවා. අම්මලා අපි වෙනුවෙන් කොතරම් දහදුක් වින්දත් කවදාවත් ඒ සෙනෙහස අඩු නොවීම තමයි මේ ලෝකේ තියන ලොකුම ආශ්චර්යය. ඔබේ මව වැනි තවත් අම්මලා වෙනුවෙන් කිසිම ඇගයීමක් නොකරන සමාජයකයි අපි ඉන්නේ. අද මේ කතාව කියවන තාත්තලා කීදෙනෙක් මේක තමන්ගේ අම්මට හෝ බිරිඳට පෙන්වනු ඇද්ද යන්නත් ප්‍රශ්නයක්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මෙ වගෙ දෙවතාවකදි අපෙ අම්මත් වක් කැත්තක් පාවිච්චි කරා මතකයි. හැබැයි වාසනාවට දෙවතාවෙදිම කැති පාරවල් කන්න කලින් කට්ටිය පල්ලම් බැස්ස.
ReplyDeleteඔය වෙලාවලට පිරිමි හිත හිත ඉද්දි ගෑනු නෙලල තමයි පස්ස බලන්නෙ.
අනතුරක් වෙන්ඩ යනකොට එන ඉව හැම අම්මාටම තියෙනවද මන්දා !
ReplyDeleteදරුණු තත්වයක්. හිතන තරම් ලේසි දෙයක් නොවෙයි මේක!
ReplyDeleteඅම්ම කෙනෙකුට පවුල ගැන තියන කැක්කුම මේකෙන් හොදටම තේරෙනවා. මාරයියගේ අම්මා මාරයිනෙ....බය කියල දෙයක් ඇත්තෙම නැති හැඩයි.
ReplyDeleteඅම්මලට ඉව තියෙන බව නම් සිරා...
ReplyDeleteපුදුම ශක්තිවන්ත අම්මා කෙනෙක්.... මල් තියලා වඳින්න වටිනවා.එදා අම්මා ඔහොම නොකලනම් මාරයියලගේ පවුලට තව මොන සන්තෑසි වෙයිද කියලා කවුද දන්නේ.... නියම වැඩේ කරලා තියෙන්නේ...
ReplyDeleteමගේ ළමයින්ටත් මේ වගේ මාර අම්ම කෙනෙක් ලැබුනොත් මරු..
ReplyDeleteමාරයා,
ReplyDeleteඋඹලගේ ජීවිතය හිටි හැටියෙ වෙන පැත්තකට හැරිල ගලාගෙන යන්න උනාම ඇතිවෙන දුක,වේදනාව,ගොඩනගාගත්තු ජීවිතය කඩා වැටීම,තව මෙකී නොකී බොහෝ දේවල්, උඹ එදා කොහොම දරා ගත්තද කියල අදහගන්නත් අමාරුයි. උඹ ගොඩක් හිතේ හංගගෙන අපිටත් ලොකු දුකක් නොදැනෙන්න ටිකක් ලියනවද කියලත් හිතෙනව. කොහොම උනත් පුරුදු ප්‍රාර්ථනාව.
මාරයාට ජයවේවා.
මේ වගේ දෙයක් මාත් අත් දැකල තියෙනව, සමහර විට කාන්තාවන්ට පුදුම ආත්ම ශක්තියක් තියෙන්නෙ. ඒක සහජයෙන් එක දෙයක් විය හැකියි, තම දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් අම්ම කෙනෙක් නොකරන දෙයක් නෑ.
ReplyDeleteආඩම්බරෙන් කතා කරන්න පුළුවන් අම්ම කෙනෙක් .
ReplyDeleteඅම්මලා තමන්ගේ දරු පවුල් වෙනුවෙන් ඕනම දෙයක් කරයි....
ReplyDeleteකාන්තාවගේ දරා ගැනීමේ ශක්තිය පිරිමි අපිට වඩා වැඩියි. මට මතක් වුනේ "යකඩ පිහාටු". එවැනි මවක් ලැබූ ඔබ කෙතරම් භාග්‍යවන්තද?
ReplyDeleteමේ කතාව රස විඳින්න විතරක් බලාගෙන කියවනවා නම් තුන් පාරක් කියවන්න.. පළවෙනි පාර ඔය තියෙන විදියටම මාරයාට ආරූඬ වී... ඊලඟ පාර තාත්තාට ආරුඬ වී... අන්තිමට අම්මාට ආරූඬ වී... මේ ඡේද දෙක තුනට වඩා හෙන දිග කතාවක් තියෙන බව එතකොට පෙනේවි...
ReplyDeleteමේ කතාව බලලා කොහොම කමෙන්ට් කරන්නද කියලා හිතාගන්න බැරුව මන් කලින් ඒවට කමෙන්ට් කලේ නැහැ.ඇත්තටම මාර කතාවක් මේක.බය නැතුව මේ කතාව මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න මාරෙ අයියට මාර ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනි කියලයි මට හිතෙන්නෙ.සත්‍ය කතා හැමවෙලාවෙම ප්‍රබන්ධ කතාවලට වඩා රසවත් වගේම ගැඹුරුයි.මාරෙ අයියගෙ අම්මා නියම කොන්ද පණ තියෙන අම්මා කෙනෙක්.කලින් පෝස්ට් එකකදි මාරෙ අයියා කියලා තිබ්බා වෘශ්චික ලග්නෙ කාන්තාවො පුදුමාකාර දේවල් වලට ජීවිතේදි මුහුණ දෙනවා කියලා.මන් ඒ කතාවට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා.අපේ අම්මත් වෘශ්චික ලග්නෙ.අම්මා පුදුමාකාර දේවල් වලට තනියම මූණ දීපු කෙනෙක්.ඇත්තටම අපි අද මේ තැන ඉන්නෙ අම්මාගෙ පුදුමාකාර ආත්ම විශ්වාසය නිසා.
ReplyDeleteමාරයෝ උඹ කූම්භ ලග්න කාරයෙක්ද
Deleteපිළිතූරක් බලා පොරොත්තු වෙමි
මතක විදිහට මේෂ ලග්නකාරයෙකි. . .
Deleteඇත්තට වීර කාන්තාවක්....
ReplyDeleteගැහැනිය ඇතුලේ දේවතාවිය වගේම යක්ෂණිය සැඟවිලා ඉන්නවා :D
ReplyDeleteඅම්මලාගෙ ශක්තිය ගැන කියන්න වචන නැහැ...මම හිතන්නෙ තාත්තලාට වඩා අම්මල ශක්තිමත්...අපේ අම්මත් හරිම ශක්තිමත් දිරිය ගැහැනියක්..මේ පෙන්නෙ නැද්ද මම..:D_D:D:D
ReplyDeleteමමත් අපේ අම්මාගේ කාලි අම්මා ස්වරූපය දැක ඇත්තෙමි..
ReplyDeleteඅම්මෝ ගෑනුන්ට එච්චර ශක්තියක් එක පාරටම දෙනවා ඇත්තේ සිරාවටම කාලි අම්මා වෙන්නැති..
උතුම් ගැහැණියක්...හොඳ වැඩේ අර කුකුල් හොරු ටිකට
ReplyDeleteමාරයාගේ පසුගිය පොස්ට් සදහා කමන්ටු නොදැම්මත් මෙය සදහා කම්න්ටුවක් නොදමා ගියහොත් එය "සිංහල බ්ලොග් අවකාශයට" මා කරනා අසාදාරණයකි ,
ReplyDelete"අත්දැකීම මිනිසා පරිපුර්ණ කරනබව" මාද තරයේ අදහමි .ඔබගේ මෙම ලිපිය අනර්ගයි .........
නියම කතාව..!
ReplyDeleteමම කලින් දාන්න හදපු කමෙන්ට් එක වැටිලා නෑනෙ. වෙන කාගෙ හරි බ්ලොග් එකක වැටුනද මන්දා. කොහොම හරි අයියෙ මම කිවුවෙ, කාන්තාවකට අවස්ථාවකට අනුව ඔනාම වේශයක් ගන්න පුළුවන්. කාට හරි මතකද අයි ටී එන් එකේ ගිය "සත් පත්තිනි" ටෙලි නාට්‍ය්‍යට නන්දා මාලනී මහත්මිය ගයපු ගීතය? ඒකෙන් කියන්නෙත් ඒ වගේම අර්ථයක් නේද?
ReplyDeleteනුමාට වඩා සබෝර් දරුණු වෙනවලුනේ අනතුරක් දැක්කම.ඒ වගේ වීර අම්මා කෙනෙක් ලැබිච්ච එකට සතුටු වෙයන් මාරයෝ.........
ReplyDelete// නුමා, සබෝර් //
Deleteආඃ .... මම ආසකරන කතන්දරයක වචන දෙකක්. උඹ ඔහොම කිව්වම ටාර්සන් නොකියවපු කෙනෙක් බලයි මේ මොක්කුද කියල. කේ. ජී. කරුණාතිලක මහත්තයත් ටාර්සන් පොත්වලත් හුඟක් තැන්වල ඒක පරිවර්තනය කරන්නෙ ‘සබෝර් හෙවත් සිංහ ධේනුව‘ කියල. නැත්නම් අතරින් පතර සිංහිය කියල ලියල තියෙනව.
ආදී කල්පිය වානරයන්ගේ ශබ්ද කෝෂයෙන් ....
Deleteවෙන කොහෙද ඔව්වා :)
අම්මප කපන්න තිබුනේ උන්ගේ ඇත පය ඔක්කොම.
ReplyDeleteමාරයි
ReplyDeleteඇය ඒ වෙලාවේ එහෙම නොකරන්න අරුන් තාත්තව මරා දාන්න වුනත් තිබුන . ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතියක් නෑයෝ කියන්නේ . කොස් ගෙඩියට පොල් ගෙඩියට සේරම නෑකම් අමතකයි. හැකි තරම් ඈතින් ඉන්න එකයි හොඳ . ප්‍රශ්න අඩුයි . අගේ වැඩියි. මාරයාගේ පවුලට ඉන් පස්සේ ලේසි වෙන්න නැතුව ඇති. පොලිසි ගානේ රස්තියාදු වෙන්න..ඇයි ඊට පස්සේ රට්ටු කියන නානාප්‍රකාර කතන්දර . ගම් වල හැටි දන්නවනේ . අම්ම නම් අදහන්න වටිනා ගැහැනියක් . ගැහැණියකගේ ශක්තිය අවතක්තෙස්රු කරන්න නරකයි කවදාවත් . විශේෂයෙන්ම පවුලට කරදරයක් වෙද්දී සැපින්නක් වගේ වෙන්න ඇයට පුළුවන් .
ReplyDeleteThis comment has been removed by the author.
Delete++++++++
Deleteසහතික ඇත්ත. . .
වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. කළ යුතුදේ තමයි අම්මා කළේ.
ReplyDeleteඅපේ අම්මගෙ කාලි අම්මා ස්වරූපය මම දැක්කෙ මට තලන කොටයි.
අපේ අම්මත් ඔයවගේ බං.
ReplyDeleteඒත් අපේ අම්මගේ සමහරක් දේවල් වලට මම කැමති නැ.
උඹේ ජාන තාත්තාට වඩා අම්මට සමාන ඇති.
මාරයාගේ බ්ලොග් එකෙන් විතරයි මෙව්වා
ඒ යකඩ ගැහැණියට මාගේ ආචාරය !
ReplyDeleteනෑයෝ නම් වේයන්ටත් හපන්ය කියලා කතාවක් තියෙන්නේ නිකන් නෙවෙයි එහෙනම්..
ReplyDeleteමොනව කියන්නද මන්දා. අයියගෙ අම්ම අවශ්‍ය තැන අවශ්‍ය විදියට ක්‍රියාත්මක වෙල තියෙනව. ඊට පස්සෙ උන්ට කෙටුවය කියල ආයිත් ප්‍රශ්නයක් ඇදුනෙ නැත් ද?
ReplyDeleteදිරිය මවක්,,තාමත් කතාව ඉවර උනේ නෑ නේ
ReplyDeleteතොටිල්ල පදවන අත ලොව පාලනය කරයිලුනේ. . .
ReplyDeleteඅනික ඉතින් අහන්නත් දෙයක්ද මාරයාගේ අම්ම නෙව :D
මැණියන්දෑට නිදුක් නිරෝගි බව දිර්ඝායුෂ ලැබේවා
දැන් හුරේ දැම්මට , කතාවේ ඉතිරි කොටසත් බලලම තමයි සාධාරණයක් උනාද කියල කියන්න පුළුවන්. නිතිය සහ යුක්තිය සෑම වෙලාවෙම තියෙන්නේ අසාධාරණයට පත්වෙච්ච් අයට උදවු වෙන විදියට නෙවෙයි නේ
ReplyDeleteඔබ ලියන්න පටන්ගත් මුල් කලයෙ සිටම ඔබගේ ලිපි කියෙව්වත් යමක් ලියන්නෙ අදයි.
ReplyDeleteඒ ධීර ගැහනියට උපහාරයක් වේවා.මම හිතන්නෙ මෙකයි නියම ගැහැනු කම.
A woman is like a tea bag- you never know how strong she is until she gets in hot water.
ReplyDeleteකාන්තාවක් හරියට තේ බෑග් එකක් වගේ- ඈ උනුසුම් ජලයට වැටෙනතුරු ඔබ දන්නෙ නෑ ඈ කොතරම් තද ද කියා .
අම්මයි අම්මගේ ආදරෙයි පවුල රැක ගන්න කරපු දේ.......
ReplyDeleteහ්ම්ම්ම්.......
යකඩ ගැහැණියක්.
ReplyDelete//සත්‍යය ප්‍රබන්ධයට වඩා අපූරුය යන්න මා අදහමි...//
ReplyDeleteඒක නම් ඇත්ත
මාරයා අයියා ගේ කථාව මාරයි
ReplyDeleteඅම්මා මාරම මාරයි
(නිතර මේ පැත්තේ ආවට ඔන්න අද තමා කමෙන්ට් කලේ)
කම්පනය පොඩ්ඩක් අඩුවුනාම මොනව හරි කියන්නම්.උඹට මාරයා කියන්නෙ ඇයි කියලා නම් දැන් තේරෙනවා.
ReplyDeletehenryblogwalker the Dude
සමහර විට තාත්තට ගහන්නේ නැතුව අම්මව අරන් යන්න විතරක් හැදුවනම් අම්ම ඔච්චර නිර්භීත වෙන එකක් නෑ.
ReplyDeleteඇත්ත! තමන්ගේ පවුල වෙනුවෙන් ගොඩක් අම්මලා කාලි අම්මලා වෙනවා.
ඇයට මාගේ උපහාරය!
ගෑණියෙක් ඇතුලේ ඉන්න කෙනා වෙලාවකට පිරිමියටත් වඩා ප්‍රබලයිලු
ReplyDeleteසෑහෙන කාලයක ඉඳන් කියෙව්වත්, මේ කමෙන්ට් කෙරුවාව අත් හැරලා හිටියේ. ඒත්... මේ කතාව කියෙවුවාට පස්සේ අම්මා වෙනුවෙන් උපන් මහා ආදරයක්,ගෞරවයක් හා භක්තියක් නිසා මේ විධියට නො ලියාම ඉන්න බැරි වුණා.හැමතැනකම වෙනවා වගේ පහුවදා පොලිසියෙන් ඇවිත් ප්‍රශ්න කරද්දි පිහියෙන් ඇන්න අම්මා වෙනුවට තාත්තාව පොලිසියට කුදලා ගෙන යන්න ඇති.මම නම් කියන්නේ එතැනදී අම්මාවත්, තාත්තා වත් කිසිවකු දඬුවම් ලැබිය යුත්තෝ නො වෙයි. තමුන්ගේ ගෙදරට ඇවිත් මැරකම් කරද්දි නිශ්ශබ්දව ඉන්න පුළුවන්ද..?
ReplyDeleteබට්ටි-අන්තිම පේළිය
හැම අම්ම කෙනෙක්ම,හැම බිරිදක්ම ආදර්ශයට ගන්ඩ ඕන චරිතයක්නේ මාර අම්මා..!!!
ReplyDeleteබය හිතෙනවා. නමුත් පුදුම චරිතයක් නේ මාරයාගේ මෑණියෝ. පුදුම ආත්මශක්තියක් නෙ තිබිලා තියෙන්නේ.
ReplyDeleteඅමුතු කාථාවක්.. ඇත්තටම ආදර්ශයට ගන්න ඕන අම්ම කෙනෙක්..
ReplyDeleteමාර සහෝදරයාගෙ අම්මාට මාගේ උත්තමාචාරය..... හැබැයි මගේ අම්මානම් ඉස්සර කාලිඅම්මා වෙන්නේ වාරවිභාගයට ලකුනු අඩුනම්, අක්කා එක්ක රන්ඩුවුනහම, ඉස්කොලෙදි කොල්ලො එක්ක එකතුවෙලා වෙන ඉස්කොල එක්ක රන්ඩු වුනහම ඉතින් එදාට ගෙදර "මහා කාලි කෝවිල" .....හි හ් හි....:)
ReplyDeleteඊට පස්සේ මොකද වුනේ? උන් ආයේ ආවේ නැද්ද පහුවෙනිදා?
ReplyDeleteමෙන්න ඇනෝ මල්ලිගේ අලුත්ම ආතල් මඩ පාර
ReplyDelete