20 July 2012

අපේ කතාව මෙයින් නිමා විය...

මෙතෙක් කල් වරින් වර මා විසින් ගෙන ආ අපේ කතාව මෙයින් නිම කිරීමට සිතා සිටිමි... සැබැවින්ම එය නිම කල හැකි කතාවක් නොවේ..ඒ අද වන තුරුත් අප ජීවත් වන බැවිනි... එනම් අපේ කතාව අදටත් ලියැවෙමින් පවතී...

දින ගණනාවක රිමාන්ඩ් බන්ධනාගාරගත වීමකින් පසුව තාත්තා ඇප පිට නිදහස්ව ගෙදර පැමිණියේය. බන්ධනාගාරගත වූ තාත්තාට ඇප ලබා දීම තරමක් ප්‍රමාද වීමට හේතු වූයේ පිහි ඇනුම් කෑ දෙදෙනාගෙන් එක් අයකු මාරාන්තික අවස්ථාවේ සිටීම නිසාය. ඒ කැඩුනු පිහි තල කෑල්ල මුත්‍රා බොක්කට ආසන්නයේ රැඳී තිබූ කෙනාය... ඔහුගේ මාරාන්තික තත්වය යහපත් අතට හැරුණු පසුව තාත්තාට ඇප ලැබිණි.. නමුත් තවත් මාස ගණනාවක්ම පෙර කී ඇනුම් කෑ අය රෝහල්ගතව සිට ඇත.

එතැනින් පසුව තිබුනේ උසාවි සමයකි.. මාස කිහිපයකට වරක් තාත්තා ලිපි ගොනුවක්ද රැගෙන උදෑසනින් ගොස් සවස් අතේ ගෙදර එන්නේ

"අදත් කල් ගියා" කියමිනි...

නඩු කීමට වියදම් කිරීම හරහාත් තාත්තා බන්ධනාගාරගත වීම නිසා කඩා වැටුන වෙළඳාම නැවත පෙර තත්වයට සකස් කර ගැනීම අපහසු වූ නිසාත්... රටේ ආර්ථික තත්වයත් එන්න එන්නම අපහසු වීමත් මත අප පවුල පත්ව සිටියේ බරපතල අවුලකටය... අවසානයේ නිවස පිහිටි ඉඩම තාත්තා විසින් ගම්පහ හඳුනන අයකුට උගස් තබා යම් මුදලක් ගැනීමට යෙදුණි...

ජීවන බරට තවත් බරක් එකතු කරමින් ණය ගෙවීමත් පොලී ගෙවීමත් කරන්නට සිදු උනි.. ඈත මෑත කොහේ බැලුවත් සහනයක් නොවුණි...

අවසන අම්මාත් තාත්තාත් වරින් වර කොහේ හෝ හැඳ පැළඳ පිටත්ව ගියේ පුංචි අම්මාට එනම් අපගේ මවගේ බාල නැගණියට අප දෙදෙනා බලා ගැනීමට බාර දීමෙන් පසුය.. මෙසේ දින කිහිපයක ගමනින් පසුව දිනක් රාත්‍රී කාලයේ අම්මා හොඳින් හැඳ පැළඳ ගත් අතර සූදානම් කල ඇදුම් බෑගයකුත් රැගෙන අපවත් වෑන් රථයක නංවාගෙන යන ලදි...

ඒ අම්මා ගේ ප්‍රථම විදේශ ගමනයි... ගුවන්තොටේදී තාත්තා අතට මල්ලීව දී ඇය පිටත්ව ගියාය.. ඉන් පසුව අපි ගෙදර පැමිනියෙමු... කාලය ගත විය...

එයින් මාස කිහිපයකට පසුව මාගේ පාසල් ගමන ඇරඹුනි..මා හා හා පුරා කියා පාසල් යනවා බැලීමට අම්මා නොවුනි.. තාත්තාට වැඳ.. අනතුරුව බිත්තියේ වූ අම්මාගේ පොටෝවකට වැඳ මගේ පාසල් ගමන ආරම්භ කෙරුනේ පුංචි අම්මාගේ අනුදැනුම මතය...

කලකට පසුව අපගේ ඉඩමට යාබදව පිහිටි බාප්පාගේ ඉඩම විකුණන්නට යනවා යැයි ආරංචිය ලද තාත්තා ඒ වග අම්මාට කියා යවන ලදි... අම්මා විසින් කෙසේ හෝ එම ඉඩම ගැනීමට වසරක කාලයක් දෙන මෙන් ඉල්ලා සිටියද බාප්පා තාත්තාගේ ඉල්ලීමට කන් දුන්නේ නැත..ඔහුට කුමක් හෝ මුදල් හදිසියක් තිබුණා වන්නට හැක... එවර තාත්තා විසින් ඉඩමට ගැණුම් කරුවකු සොයා දී ඒ මිලදී ගත් අයගෙන් මුදල් ගෙවා ගේ අයිනෙන්ම වූ පර්චස් 8ක කැබැල්ලක් මිලදී ගත්තේ ඒ මොහොතේ එයට වඩා යමක් අපට කල නොහැකි වූ නිසාවෙනි.

තාත්තා විසින් අප දෙදෙනාවත් බලා කියාගෙන හැකි පරිදි තේ කඩයක් හා සිල්ලර කඩයක්ද දමාගෙන ජීවත් විය... කඩය ඇර තබන කාලවලට වඩා වසා දමන කාල වැඩිය... ඒ ණය කරුවන් නිසාය... අම්මා කීයක් හෝ එවා කඩයට බඩු දැම්මෙව්වද තාත්තාගෙන් කනි පින්දම් කියා ණයට බඩු රැගෙන යන අය පසුව වෙන කඩවලින් ගණු දෙනු කරන ලදි.. සැමදා පාඩු වූ කඩ කෙරුවාව කලකදී නැත්තටම නැතිව යන ලදි...

පලමු වර ජෝර්දානයේ සිට අම්මා එන විට මල්ලීට වයස අවුරුදු 5ක් පමණ විය... මමත් තාත්තාත් කුස්සිය පැත්තේ බිම සුද්ද කරමින් සිටි අතර එක් වරම මල්ලී හඩාගෙන දිව ආවේය...

"තාත්තේ තාත්තේ...කවුද ගෑණියෙක් ඇවිත් මට පුතේ කිව්වා..මාව අල්ල ගන්න හැදුවා..." යැයි බෙරිහන් දෙමින් හඩන්නට විය... තාත්තා උදැල්ල පසෙකින් තබා ගෙයි ඉදිරියට අපත් සමඟ යන විට අම්මා මිදුලේ සිටිනු දක්නට ලැබුනි...
------------------------------------------------------
ජෝර්දානයේ වසර දෙකක් ගත කොට පැමිණි අම්මා නැවත ටික කලක් නිවසේ සිංගප්පූරුවට පිටත්ව යන ලදි..එතැන් පටන් වසර දෙක තුනකට වරක් සති කිහිපයකට පැමිණ නැවත පිටත්ව යමින් මා හට වයස 16ක් පමණ වන තෙක්ම ඇයගේ විදෙස්ගත වීම හමාර වූයේ නැත.
-------------------------------------------------------
ඒ තාවකාලිකව නිමා වූයේ අපේ කතාවයි...

මෙම කතාව කීමට මා පෙළඹවූ බනී මලයාට මාගේ විශේෂ ස්තූතිය.. බනී මල්ලියේ මේ දවසක් උඹ උඹේ කැමරා සිහිනය ගැන කිව්ව කතාවකින් පටන් ගත්ත කතාවක්... මට මේ ටික අකුරු කරන්නට උඹ දුන් ශක්තියට පින් සිද්ධ වේවා..! උඹේ අරමුණ වූ කැමරාව අරං දෙන්නට නුඹේ පියාට හැකියාව ලැබේවා...! ස්තූතියි...

47 comments:

  1. Replies
    1. ඒ ගැටළු මැද්දේ ජීවිතේ කාලකන්නි කර ගන්නේ නැතිව, අද මනුස්සයෙක් හැටියට ජීවිතේ ගොඩ නගා ගත්ත එක, අර වෙනි අයියා කලින් පොස්ට් එකේ කියල තිබුන වගේ ජීවිතේ සතුටින් ඉන්න එක, අයියගේ දෙමාපියන්ට කරන ලොකුම උපහාරයක්.

      "තාත්තේ තාත්තේ...කවුද ගෑණියෙක් ඇවිත් මට පුතේ කිව්වා..මාව අල්ල ගන්න හැදුවා..." මේක සංවේදී අවස්තාවක් කියල අමුතුවෙන් කියන්න ඕනි නැහැ. එත් ඒ වෙලාවේ අම්මට, තාත්තට දැනුන හැගීම් ??? වෙන විකල්පයක් නැති නිසා රට ගියත්, අම්මට මොන තරම් දුකක් දැනෙන්න ඇතිද .. ඒ එක්කම දරුවෝ දැකල ලොකු සතුටකුත්..

      Delete
    2. රාම මටත් ඕකම වෙලා තියනවා. ඒ අපේ තාත්තා ආපු වෙලාවක අපේ මලය මට ඕකම කිව්වා. ඕවා ඔහොම තමයි ජීවිතේ හැටි.

      Delete
  2. කතාවම කියෙව්ව අයියේ.......මොනව කියන්නද කියල තේරෙන් නෑ.....

    ReplyDelete
  3. මුල ඉඳන්ම කියෙව්ව.ඕකම නැතත් ඔය ලඟින් යන සිද්දි අපේ ජිවිතවලත් එමටයි.හැබැයි මෙහෙම මතක් කළොත් ඇරෙන්න මතකෙට එනව අඩුයි.ඒත් වේලක් කකා හරි ඒකාලේම ඉන්න තිබ්බනම් කියලයි ඒවේලාවට හිතෙන්නෙ.

    ReplyDelete
  4. මගේ වුවත් කතාව මෙයිට දෙවනි නැහැ. එකම වෙනස අපේ පියා විදේශ ගත වීමයි. අපි කවුරුත් එකයි. රිදී හැන්ද කටේ ගහගෙන ආව නම් අපි අද මෙතන නැහැ. එහෙනම් අර කාළකණ්නි සෙට් එකත් එක්ක ක්ලබ් ගානේ. කවදක හෝ මේ කතා අපේ දරුවන්ට මඟ පෙන්නාවි.

    ReplyDelete
  5. ගමේ ඉඳන් සතයක්වත් නැතිව කොළඹට ඇවිත් තනියෙන් ජීවත් වෙන්න පට්ට සටනක් කරලා කසාදයක් කරගෙන දැන් අතපය දිගඇරගෙන ඉන්න මගේ ජීවිතේත් ඔය හා සමානවම තියෙන එක කථාවක් තියෙනවා මචන්.. හිත හයිය වෙච්ච වෙලාවක ඒකත් ලියලා දාන්න ඕන..

    ReplyDelete
  6. විමුක්ති කියල තියෙනව වගේ ඔච්චරම බරපතලට හෝ නැතුව කාගෙ ජීවිතවලත් ඔය වගේ කතාවක් තියෙනව. සමහර අය ඒව පිටට කියන්න කැමති නැති වෙන්න පුලුවං. නමුත් උඹ මේක අකුරු කරපු එක හොඳයි.

    ReplyDelete
  7. මොකෝ ඉවර කරන්න හදිස්සි උනේ....?

    ReplyDelete
  8. මල්ලි අර කථාව කිව්වේ නොතේරුම් කමට කියන එක ගැන කථා දෙකක් නෑ. හැබැයි අපි තේරෙන කාලෙත් කොච්චර අපේම මිනුස්සුන්ව නාඳුනන ගාණට වැඩ කරනවද? අපිට ආදරය කරණ අයට වඩා අපි ආදරය කරණ ඒත් අපිට ආදරය නොකරණ අය වෙනුවෙන් කැප කිරීම කරනවද?....

    මාරයියගේ මම කියවපු ලිපි වලින් වඩාත්ම සිත් ගත් ලිපිය! අව්‍යාජ ආත්මකථනයක්!

    ReplyDelete
  9. රතු සහෝදරවරුන්ගේ සෝවියටි සාහිත්‍යයට වඩා යථාර්තය මේ යැයි කිවහැකි වටිනා කථාවක්. සමාජවාදී ක්‍රමය ගැන කියා පොත් ගනන් ගෙන හැර පාන උන්ට පිලිතුරුදෙන්ට මේ කථාව හරිම ප්‍රයෝජනවත් වේවි මට. සමාජයේ සැබෑ පැතිකඩ කීපයක් පෙන්නා දීම ගැන තුති.

    ReplyDelete
  10. සුළු සුළු වෙනස්කම් තිබුණත් "අපේ කතාව" ත් ඕකම තමයි.
    අපේ පොඩි එකාටත් සෑහෙන කාලයක් යනකල් මාව අදුන ගන්න බැරිවුනා.

    ReplyDelete
  11. ඇස් දෙකට කඳුලු ඉනුවා...බොළඳ කම නිසා නොවෙයි.මවකගේ උනුසුම නොමැතිව විතරක් නොවෙයි පියාගේ රැකවරනයත් නැතුව හැ‍දුන පොඩි එකෙක්ගෙ ජීවිතය මටත් උරුම වෙලා තිබුන නිසා ඒ දුක හද පතුලේ තැන්පත් වෙලා තියෙනවා....ඔබ මේ ලෝකෙට වටිනා මනුස්සයෙක්....

    ReplyDelete
  12. මේක කලිනුත් දාපු කොමෙන්ටුවක්... ඒත් මේකමයි ආයිත් කියන්න තියෙන්නෙ..

    // මල්ලි, වානේ පන්නරය ලබන්නෙ ගින්නෙන් ගිනියම් වෙලා බොර වතුරෙනුත් නෑවිලා... ඒත් අමු යකඩෙට වඩ පදම්වෙච්ච වානේ වල හයිය බොහොම ඉහලයි... //


    .....................

    පොඩි උන්ට දෙමාපියන් නොමැතිව හැදෙන්නට වීම දෙගොල්ලන්න්ටම දුකක්...මම දැන් කොල්ලයි ගෙදර උන්දැයි මෙහෙට එක්ක ඇවිත් මාස හයකට වැඩියි... ඒත් උදේට නැගිටිනකොට ඇඳේ කොනේ මම ඉන්නව දැක්කම කොල්ලට යකා වැහෙනව...

    ReplyDelete
  13. බනියාට කැමරාවක් ලැබේවා.

    ප.ලි.

    සීරියස් කොමෙන්ට් දාන්න ගිහින් මොකටද නිකං කතා අහගන්නෙ..:D

    ReplyDelete
    Replies
    1. එතකොට ඒක එක්ක හම්බ වෙන ටීවී එක ???

      Delete
  14. a kathawe thawath kotas etthatama nedda aiye, godak dukai.eth den aiya sathutin kiyala nam dannawa :)

    ReplyDelete
  15. මාරයෝ හොඳට පන්නරය ලැබෙන්නනං ගානට රත් කරලා ඉන්ඩ ඕනේ.මම හිතන්නේ මාරයා හොඳට පන්නරය ලබලා ඇති.පාවෙල් කෝර්චාගින් ලැබුවා වගේ.

    ReplyDelete
  16. දවසක් මම ඒත් ඇහුවා ඇයි දෙයියනෙ අම්මා රට ගියේ තාත්තවයි අච්චර කුඩා දරුවො දෙන්නෙකුයි දාලා කියලා. දැනුයි නොවෑ පින්තූරෙ හොඳටම දැක්කෙ. ලිව්වට ස්තූතියි.

    (ඔව් - මෙදාපාර අම්මා බලන්න යන්න තිබ්බා, ඒත් ඒ ආසාව ආවෙ දැන්නෙ. ඊලඟ පාර.)

    ReplyDelete
  17. බොහොම සංවේදීයි. සුවඳැති රෝස මල් න‍ටු වල විසකුරු ක‍ටුත්, විසකුරු ක‍ටු අතු වල අග සුවඳැති මලුත් තියෙනව.

    ReplyDelete
  18. මාරයා මල්ලි, උඹ මට වඩා වයසින් බාල වුනත් අත්දැකීම් වලින් නම් උඹත් එක්ක බලන කොට මම අත දරුවෙක්. ඔය තරම් දේවල් වෙලාත්, වැරදි පාරෙ යන්න ඔය තරම් ඉඩ තිබිච්ච උඹ අද ඉන්නවා වගෙ මනුස්සයෙක් වෙලා ඉන්න එක ගැන අප්‍රමාන සතුටක් තියෙන්නෙ බං.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ++හෙන්රි... ඒ වගේම ඒ වැරදි පාරෙ ගිහින් බොහොම පහසුවෙන් සමාජයට වැරැද්ද පටවන්නත් තිබුණ බොහොම පහසුවෙන්..

      Delete
  19. මගින් නවත්තලා. තාවකාලික නිමාවක් හින්දා කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ආයි පටන් ගනියි.. බනියාට කැමරාවක් ලැබේවා ... :)

      Delete
    2. බනියාට කැමරාවක් ලැබේවා! (කියන්න බෑනෙ, අපි සේරම මෙහෙම ප්‍රාර්තනා කරනකොට විශ්ව ශක්තිය එක් තැන් වෙලා, ශබ්ද රසය අර්ථ රසයෙන් කුළු ගැන්වෙලා, අහවල් එකක් වෙලා, ඒ ප්‍රාර්තනාව හරි යන්න ඉඩ තියෙනවා. :D )

      Delete
  20. බනියගෙ කැමරාව දැං කාලයෙක ඉදල බුකියෙ තියෙනවා..මුංගෙ තාත්ත බුකියෙ ඉන්නවද දන් නෑ...

    ReplyDelete
  21. me ube kathawe awasane nemeyine ayiye?

    ReplyDelete
  22. මම මුල්ම කොටස් නම් කියවාලා නෑ. ඒත් මේ ළඟදි දාපු සටහන් අස්සේ මාරයාගේ ජීවිත කතාව කියෙව්වා.
    අම්මලා කොහෙත් එකයි බලාගෙන ගියාම.
    බෙහ් ඒ උනාට ඉතින් මාරයා එක්ක බැලුවම අපි තාම කිරි බොන පොඩි එවුන්ද කොහෙද?

    ReplyDelete
  23. හ්ම්ම්ම්...........

    ආයේ ඉතිං කවදා ලියයිද......

    ReplyDelete
  24. නෑයෝ කියන්නේ වේයන්ටත් හපන් ජාතියක් කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. ළගින් තියාගන්ටත් බෑ කොස්සෙන් ගහල පන්නන්ටත් බෑ.

    බොහොම ආදරෙන් හැමෝවම එකතු කරන්න කියලා ලොකු වැඩක් කරන්න හදපු මටත් කට්ටියම එකතු වෙලා දුන්න තෑග්ග හින්දා තමයි ජීවිතෙන් අවුරැදු 2ක් නිකම්ම ගෙවිලා ගියේ. ඒ මදිවට ජීවිත කාලෙම දුක් විදින්න සිද්ධ උනේ.

    මට හැමදාම හිතෙන දෙයක් තමා ළග පාත ඉන්න නෑයන්ට වඩා දුර ඈත ඉන්න නෑයෝ හොදයි කියලා....

    අම්මලා ගැන කියන්න තියෙන දේවල් වලට වඩා හිතන්න දේවල් ගොඩක් තියෙනවා.....

    දවස් දෙක තුනක් කිස්සේ කතාව කියෙව්වට අද තමයි කොමන්ට් එකක් දා ගන්න පුලුවන් උනේ. ඒ තරම් ‌මොලේ මලකඩ කාලා.....

    කතාවට බොහොම ස්තූතියි.

    ReplyDelete
  25. ඒ වුනාට තව දිගට ලිව්වනම් හොඳයි..!

    ReplyDelete
  26. මේකට මට දෙන්න කමෙන්ට් එකක් නෑ මාර අයියේ..
    සොරි වෙන්ඩ ඕනා..

    ReplyDelete
  27. සිත් පීඩා කරන ප්‍රස්ණයක් ආපු හැටියෙ මට මතක් වෙන්නෙ, සසර ගමන දුකක් කියන දේ! මෙතරම් හැලහැප්පලි වුනු උඔ සසර ගමන කෙටි කරන මාර්ගයට ගිහින් ආපහු හැරුනේ ඇයි..?

    ReplyDelete
    Replies
    1. මමත් කැමතියි මේ ප්‍රශ්ණම අහන්න

      Delete
    2. මොන කර්මේද ?? ගෑනු .. ගෑවිච්ච තැන විනාසයි !!

      Delete
  28. හ්ම්ම් ඇත්ත කතාවක් නිසා අපිටත් ඔකේ වේදනාව දැනෙනවා අයියේ.

    ReplyDelete
  29. අපි හුඟක් දෙනෙක්ට තිත්ත අත්දැකීම් තියෙනවා . තිත්ත බේත් වල තිත්ත රසය ආයේ මතක් කරන්න අපි කැමති නැහැ . මාරයා එයට වඩා වෙනස් . අනේ මට ඉතින් දුක අසරණ පොඩි උන් දෙන්න අම්ම නැතුව මොනතරම් දුක විඳින්න ඇත්ද

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  30. ඊලඟ නිවාඩුවේදී වත් එන්නම් බොලා එක්ක අඩිය ගහලා අපේ ජීවිත වල තියෙන සමානකම් ගැන කයියක් ගහන්න . .. .

    හ්හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  31. හ්හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. *
    JR ගේ සිට ගමේ සිටි කුකුල් හොරුන් දක්වා සියල්ලන්ගෙන් බැට කත්දීත්, සමාජයට වයිර කිරීම වෙනුවට ලෝක ස්වභාවය තමා දරුවන්ට කියාදුන්, තමන් මුහුණ පෑ අසාධාරනකම් නිදහසට කාරනා කරගනිමින් වෙනෙකෙකු අගතියට පත් කරනු වෙනුවට තමා දහදිය මහන්සියෙන් ජීවන සටන ගෙනගිය ඒ උතුම් බුද්ධිමත් මනුෂ්‍යයන් දෙපලට මගේ ප්‍රණාමය

    ReplyDelete
  34. අදත් එහෙමයි බං අකුරු විතරයි වෙනස්.එතන සිට ගමේ කුකුල් හොරුන් දක්වා සියල්ලන්ගෙන්ම අපි බැට කනව. පේනව නේද මාරයා තව කොච්චර මිනිසුසු ඉන්නවද එකට වැටිල එකට ඉන්න. ඒවා දකිද්දි හිත හදාගන්න පුළුවන් වේවි. වෙනද ප්‍රාර්ථනාව වෙනස් කරනව.
    උඹට ජය වේවා.

    ReplyDelete
  35. හ්ම්.... අම්මා රට ගියෙ ඒකයි එහෙනම්.

    //"තාත්තේ තාත්තේ...කවුද ගෑණියෙක් ඇවිත් මට පුතේ කිව්වා..මාව අල්ල ගන්න හැදුවා..."// මේක ඇහුවාම අම්මට කොච්චර දුක හිතෙන්න ඇද්ද.

    මේ කතාව කියන්න ඔයාට හිතුන එක ගැන සතුටුයි.අපි හැමෝටම ඔය වගේ නෑයො ඉන්නවානෙ.

    ReplyDelete
  36. සමහර වෙලාවට උඹට මේ කොමෙන්ටුව ඇහැගැහෙන එකක් නෑ... ඒත් දැන් ටික දවසක ඉඳලා ඉඩ ලැබෙන වෙලාවට මම උඹේ බ්ලොගේ පරණ ලිපි කියනවා. උඹේ අපේ කතාව ලිපි ටික දැන් කියවලා ඉවර කලා. කලින් කවුද කියලා තිබ්බා වගේ උඹ වානේ පන්නරය ලැබූ එකෙක්. තනිකමයි කරුමක්කාරකම ගැනයි හිතල, මං හිතන්න කැමතියි මටයි උඹටයි පොදු දෙවල් තියනවා කියලා, ඒත් උඹේ ජීවන අත්දැකීම් එක්ක මට හැරෙන්නවත් බෑ.

    මේ වගේ අත්දැකීම් එක්ක ගොඩක් මිනිස්සු වානේ වෙනවා... උන්ට ජීවිතයට මුහුණදෙන්න ලොකු ශක්තියක් ලැබෙනවා. ඒත් උන්ට සංවේදී වෙන්න, තමන් ගැන ස්වයං විවේචයනක යෙදෙන්න හැකියාවක් නෑ. මොකද උන්ගේ සමාජ අත්දැකීමෙන්, සමාජය කෙරෙහි සංවේදී වෙන එක වලක්වනවා.

    මේ වගේ අත්දැකීමක් ගැන, සමජ විරෝධී, පුද්ගල විරෝධී මනසකින් තොරව ලියන්න පුළුවන් එවුන් බිහිවෙන්න බොහොම කලාතුරකින්. ඒ කියන්නෙ උඹ තමන්ගේ අත්දැකීමෙන් ඔබ්බට ඇවිත් තියනවා. වැඩිය වහෙන් ඔරෝ නැතුව කිව්වොත් උඹ වගේ එවුන් හරි දුර්ලභයි. පුලුවන් නම් පොතක් ලියපන්. උඹේ ලිවීමේ හැකියාවත් බොහොම ඉහලයි. බොහොම සංවේදී, සංකීර්ණ කාරණා ගැන උඹ ලියන විදිහෙන්ම ඔඹේ හැකියාව ගැන හිතාගන්න පුලුවන්.

    මේ විදිහට හරි උඹව දැනගන්න ලැබීම ගැන අවංකවම සතුටු වෙනවා.

    ReplyDelete