22 July 2012

ඇඩ් වලින් හම්බ කරමුද..? එන්න පාර කියා දෙන්න...

ඔබත් රැකියා විරහිත තරුණයෙක්ද/තරුණියක්ද? එසේනම් එකතු වන්න අප හා... කෑම බීම ඉඳුම් හිටුම් සමඟින් ආර්ෂණීය වැටුපක්... අමතන්න අදම...

.................................................................









ඕක මහ අමුතු දැන්වීමක් නෙවෙයිනේ.. හුග දෙනෙක් ඔහොම ඒවා දැකලා ඇති ඕන තරං... රස්සාවල් නැතිව ගෙදර ඉන්නකොට.. හෝ ගාලා රස්සා හොයනකොට..අහල පහල උන්..යාළු මිත්තරයෝ කොහොම කොහොම හරි මොන මොනවට හරි පැන ගන්නකොට... මුලින් මුලින් නැතත් ටික දවසකින් අම්මගෙන් පටන් අරං ගෙදර හැම එකාම කං කෙදිරි ගාන කොට අතට අහුවෙන ඕන මගුලක් කරනවා කියලා හිතීගෙන එද්දි කරන්න තියෙන හොඳ වැඩක් තමා පත්තරේ දැන්වීමක්වත් බලලා රස්සාවක් හොයන එක...

පත්තර කිව්වට ඉතිං ඕවටත් හරියන එක එක පත්තර තියෙනවා.. ඉංගිරිසි පත්තර ගන්න අය කොහොම උනත් සිංහල පත්තර ගන්න අයනං ඔතනදී වැඩි නැඹුරුව "සිළුමිණ" පත්තරේට තමා... ඇත්තටම ඉතිං හුග දෙනෙක් සිළුමිණ ගන්නෙත්..අදටත් සිළුමිණ ලංකාවේ හොඳින් අලවි වන්නෙත් ඔන්න ඔය දැන්වීම් වලට සිළුමිණේ ඇති ප්‍රසිද්ධියම තමයි... කොල්ලට රස්සාවක්..කෙල්ලට කසාඳයක්.. අම්මට පරණ මැෂිමක්..තාත්තට ලොරි කට්ටක්..ඔය ඕන එහෙකට උත්තර සිළුමිණේ තියෙනවා... කොටින්ම දැන්වීම් ඇරුනම එකේ වෙන ඇති කෙං ගෙඩියක් නැති තරං...අනිත් පත්තරවල ඉටු පිට ලහි පිට කියලා කොච්චර ලුහුඬු දැන්වීම් ගැහුවත් අදටත් සිළුමිණේ දැන්වීම් නැගලා යනවා.

ආ දැන්වීම් කිව්වම මතක් උනේ මාත් ඉස්සර සිළුමිණෙන් හම්බ කලා... පත්තරේකින් හම්බ කරන්න නං ඉතිං එක්කෝ පත්තරේට ලියන්න ඕන... නැත්තං පත්තර කන්තෝරුවේ මොකක් හරි රස්සාවක් කරන්න ඕන..එහෙමවත් නැත්තං පත්තර විකුණන්න ඕන.. ඒත් මං සිළුමිණෙන් හම්බ කලේ එහෙම නෙවෙයි... මං හම්බ කලේ දැන්වී‍ම් කියවීමෙන්...

ගූගල් ඇඩ් සෙන්ස්... කවුරුත් අහලා ඇතිනේ... මුලින්ම මේ බ්ලොග් කියවන්න ආපු කාලේනං මේ ඉසවු වලත් ඔය ඇඩ් සෙන්ස් පිස්සුව හෙනට තිබුනා... සෑහෙන කට්ටියක් අපිට ගෙදරටම වෙලා හම්බකරලා දෙන්න කතා කර කර මේවායේ අස්සක් මුල්ලක් නෑර හිටියා.. පස්සේනං උන් ටික මක බෑ උනාද කොහේද.. මං හිතන්නේ උන් ඒවයින් හම්බ කරලා දැන් කෝටිපතියෝ වෙලා ඇති.. ඒකයි සද්ද නැත්තේ... මට ඉතිං ඒ කාලේ ඔය ඇඩ් සෙන්ස් වලින් හම්බ කරන හැටි කිව්ව ගමන් මතක් වෙන්නේ මමත් ඇඩ් වලින් හම්බ කරපු හැටි.

එතකොට මං සාමාන්‍ය පෙල ආසන්නයේ හිටිය කාලේ... ඒ කියන්නේ මං ඒ වෙන කොට කීය කීය හරි හොයන එකා... අතට අහුවෙන්නේ මොකක්ද..? හොරකමක් නෙවෙයිනං ඒක කලා ගාන ගත්තා... ඒක අත්උදව් දීමක්ද.. මජං වැඩක්ද.. කුලියට ගොයං කැපිල්ලක්ද.. එව්වා අදාල නැහැ... ඉතිං ඔහොම ඉන්න අස්සේ තමා මට මේ ආදායමත් පෑදුනේ...

දන්න අය දන්නවනේ මං ඉතිං අද කඩේ ගියාට ඒ දවස්වල ඉදන්ම පොලේ යන්න දස්සයා කියලා... ඉතිං හැම ඉරිදටම උඩුපිල ඉරිදා පොලට යන එක මගේ අනිවාර්ය රාජකාරියක්... පුටාර් එකේ නැගලා ගෝනියයි එළවළු ගේන මල්ලයි අරං හැතැම්ම දෙකක් විතර පැදලා මං පොලේ යනවා... ඒ ගෙහුන් පුටාර් එක කඩයක් අයිනෙන් දාලා ලොක් එක එහෙම දාලා ගොනියයි මල්ලයි කිහිලි ගන්නගෙන මාත් ඔන්න ඇදෙනවා මහ එකා වගේ පොල පැත්තට... ඔව්වා ඉතිං ඔක්කෝම තාත්තගේ කොපි.. උන්දෑ කරන විදියටම තමා මගේ පොලේ යෑමත්...මුලින්ම යන්නේ එලෝලු වෙලෙන්දෝ මැදින් ගණන් අහ අහ කරෝල වෙලෙන්දෝ ඉන්න පැත්තට... ගණන් අහ අහ ගියාට කිසිම වෙලාවක හදිසි වෙලා එළෝළු මුලින් ගැනීමක් වෙන්නේ නැහැ... මුලින්ම ගන්න ඕන කරවල... ඉතිං කරෝග විකුණන අය ඉන්න කෑල්ලේ එහෙ මෙහෙ හක්කලං කරලා කරෝල ජාති දෙක තුනකුත් ඇන්න..ආයේ අර කලින් ගනන් අහං ගිහින් හොදයි කියලා හිතේ ලකුණු කරං ගිය තැන් දෙක තුනකින් එලෝලුත් අරං... අන්තිමට හාල් ටිකකුත් අරං ගෝනියට දාං මං එනවා පොලෙන් එළියට... ඒ ඇවිත් තමා රට කජු ගන්නේ... ගෙදර හැමෝටම රුපියල් 5හේ කවරේ ගානේ...

ඔය ඔක්කෝමත් කරං අහවර වෙලා අවසානෙට යන්නේ පත්තර ලෑල්ලට... ගන්නවා සිළුමිණ... ඒක තමා අපේ සතියේ පත්තරේ... මොනවා කලත් තාත්තට සිළුමිණක් ගෙනිහිං දුන්නම පහුගිය සතියේම තිබුනු ඇනුං බැනුං මරා ගැනිලි ඉවරයි...

ඔහොම සල්ලි දීලා සිළුමිණ අරං ආව මට අන්තිමට සිළුමිණ නිකං ගන්න සෙට් උනේ ඔය මං පොලට යන පාර අතරමග හිටිය අයියා කෙනෙක් හින්දා.. උන්දෑ ටිකක් විතර වියාපාරිකයා... වාහන හිමියා... හොඳ කියුං කාරයා.. පණ පිහිටෝලා ඕනම දෙයක් කියන්න දස්සයා... මෑන් දවසක් මං පොලේ යනකොට මට කියලා සිළුමිණක් ගෙන්න ගත්තා.. හැබැයි එදා මං පොරට පත්තරේ දෙනකොට මාත් සිළුමිණක් ගෙනියනවා දැකලා මට කියපි "ඇයි බං මල්ලියේ මේ තව සිළුමිණක් අපරාදේනේ කිව්වනං මගේ පත්තරේ දෙනවනේ" කියලා... බැලින්නං මෑන් පත්තරේ බලන්නේ ලුහුඩු දැන්වීම් විතරයි...

මෑන් සිළුමිණට දාලා තිබුන නම තමා "රුපියල් දහයේ බ්‍රෝකර්.."

ඉතිං එයින් පස්සේ මෑන්ට පත්තරේ ගෙනත් දුන්නම මට තියෙන්නේ ලුහුඩු දැන්වීම් කෑල්ල මෑන්ට දීලා මං අනිත් ටික ගන්න එකයි.. පස්සෙන් පහු තව කොන්තරාත්තුවක් මෑන් මට පංගාර්තු කොලා ඒ තමා දැන්වීම් කියෝලා මෑන්ට ඕන කරන දේවල් හොයා දෙන එක... මොනවද ඒ දේවල්...

කොට මොඩල්.. සෙල් මොඩල්...රුක්මණී මොඩල්.. දිග මොඩල් මහේන්ද්‍රා... කනේ මයිල් මොඩල්...සමනළ මූණු... ජේ ආර් මූණූ... රවුං ලයිට්... ඔන්න ඔහොම විශේෂණ සහිත එක එක මාදිලියේ පරණ වාහන ගැන.. මට තියෙන්නේ දැන්වීම් අතිරේකේ කියෝලා පෑනකින් ඒවා ටික රවුං කොරලා දෙන එක... ඒක පුරුදු උනාට පස්සේ තව වැඩක් දුන්නා...

ඒ තමා අඩු මිලට ගණන් දාලා තියෙන වාහන ටික මාක් කරලා.. ඔය ලුහුඬු දැන්වීම් අතිරේකේම තියෙන "ඕනෑ කර තිබේ" තීරුවේ ඇති වාහන හොයන අයගේ අවශ්‍යතාවයන්ට හරියන වාහන අර අඩු මිල ඒවා අතරේ තිබුනද කියලා මැච් කිරිල්ල... මං ඉතිං ඒකත් කලා...

දැන් මොකද මෑන් කරන්නේ..මෑනුත් සල්ලි දීලා ඔය පරණ වාහනයක් උස්සං ඇවිත් ගානක් අතේ තියං විකුණන ගමන්..සමහර විටක එහාට මෙහාට කෝල් දෙක තුනක් දාලා අර එකම පත්තරේ තිබුන වාහන දැන්වීම් අතරේ ගණු දෙනු කතා කරලා වාහනයක් ඒනෑ කර තිබූ කෙනෙකුට පත්තරේම තිබුන වාහනයක් සෙට් කරලා ගානක් තියා ගන්න එක... ඒ දවස්වල අද වගේ හෑන්ඩ් ෆෝන් වත් කමිනිකේෂන්වත් තිබ්බේ නැහැ..ගෙදර ටෙලිපෝන් නැත්තං තැපැල් කන්තෝරුවෙන් තමා කෝල් කරන්න ඕන.. කොහොම උනත් මේ කියන හාදයා ඕකට දස්සයා.. ඉතිං කොහොම හරි මාසෙකට දෙහෙකට වංගියක් මටත් ඔය සුළු ගානක් අත මිට මෙලෙවෙනවා අර දැන්වීම් කියෝනවට... ඒ ඉතිං මෑන්ට හොඳ බිස්නස් එකක් කෙරෙන වෙලාවල් වලට තමා... ඉතිං ඔන්න ඔය ආකාරයට තමා පත්තරෙත් නිකං අරං.. අතටත් ගානක් හම්බ කරගත්ත විදිය...

හැබැයි ඉතිං ඔය කෝකටත් කටයි කට්ට කමයි පිහිටලා තියෙන්න ඕන...

හැබැයි ඔය ඇඩ්සෙන්ස් කෙලිය වගේ නෙවෙයි මෙව්වා ෂුවර් ෂල්ලි... කැමතිනං අත්හදා බලන්න පුළුවනි...

ඇත්තටම මං මේක ලියන්න පටන් ගත්තේ මේ මගුලක් ගැන ලියන්න නෙවෙයි..අද දං වෙනදා වගේ නැතිව මුලින්ම මාත්තුරුකාවත් මුලින් දාලා හිටියා "එන්න හිඟා කන්න" කියලා.. ඒත් ඒක ලියන් මුල අල්ලද්දී මේක වෙන අතක ගියා... ඒ හින්දා ඒ කතාව ඊ ගාවට කියලා දාන්න හිතං මේ කතාව කියලා දාන්න හිතුවා... කොහොම උනත් මොකද... ලියන්න දෙයක් නැතිව ගිනි අවුලනවට වඩා ඔය යාං හෑල්ලකින් හරි බ්ලොග් පෝස්ට් ලිව්ව කියලා කාටවත් වරදක් වෙන එකක්යෑ... හා නැද්ද..හා..?

66 comments:

  1. Replies
    1. සැහ්. තත්පර ගානක් පරක්කු උනා..

      Delete
    2. තෑගි සේරම අරන්නෙ.

      Delete
  2. අඩේ ඒ කියන්නේ ඇඩ්සෙන්ස් මුලින්ම හොයාගෙන තියෙන්නේ රාවණා නෙවෙයි මාර පුත්‍රයා.

    ReplyDelete
    Replies
    1. රාවණ රජතුමා විසින් සොයාගත් ඇඩ්සෙන්ස් මෑත කාලයේදී ලංකාපුරයේ නැවතත් භාවිතා කරල තියෙන්නෙ මාරය.

      Delete
    2. ඒ විතරක් නොවේ රාවණා කාලෙත් බ්ලොග් ලිපියක් ලිව්වාම ඒක ඇතුලෙන් තව කතන්දර හැට හුටහමාරකට ලින්ක්ස් දාන සිරිතක් තිබිලා තියෙනවා.

      අපේ ගෙදර තියෙන "කතන්ද්‍රකාර් ප්‍රම්ප්‍රාපුස්තකම්" කියන පොතේ තමයි ඔය වග තිබුනේ!

      Delete
    3. පොත පරිස්සම් කරලා තියාගන්ඩ.. නැත්නම් සුද්දො ඇවිත් ගිනිතියයි

      Delete
    4. @ කතන්දර Kathandara

      "අපේ ගෙදර තියෙන "කතන්ද්‍රකාර් ප්‍රම්ප්‍රාපුස්තකම්" කියන පොතේ තමයි ඔය වග තිබුනේ"

      …බමුණෝ පොත් පුච්චන වෙලාවේ ඒ පොත කතන්දරකාරයාගේ මී මුත්තලා පොත හොඳට පරිස්සම් කරලා වගේ :D

      Delete
  3. Replies
    1. ඔව්වොව් මචං, තුන දෙන්න එපා කාටවත්.

      Delete
  4. අයියෝ ....මම 4.

    ReplyDelete
    Replies
    1. අයියා කොරපු වැඩෙත් නරකමත් නෑ. දැන් නම් ඔය වගේ වැඩ කරන්න ටිකක් අමාරුයි. කාලෙ තාලෙට දියුණු වෙල නොවැ.
      මම දන්න මල්ලි කෙනෙක් හිටිය. ඌට ගෙදරින් ඉස්කෝලෙ යනකොට පන්තියනකොට වියදමට දෙන සල්ලි (උන් ටිකක් සල්ලිකාරයො, වැඩිපුර ලැබෙනව ඇති) ඌ එකතු කරනව. ඊට පස්සෙ අම්මට තාත්තට හදිසි මුදල් අවශ්‍යතාවලට ලොකු ගණන්, පොලියට දෙනව. උගේ තාත්තට නම් ඌ ගැන සතුටුළු, එයා වගේම හොඳ ව්‍යාපාරිකයෙක් වෙයි කියල.

      Delete
    2. මාත් ඒ කාලෙ එහෙම කළා.. පොළිය කෙසේවෙතත් සල්ලි ආපහු ලැබුනනම් මමත් අද හොඳ ව්‍යාපරිකයෙක්..

      Delete
  5. මම මෙදා පාර 1 ගන්න උත්සාහ කලේ නැහැ, අනිත් අයටත් අවස්තාවක් දෙන්න ඕන වුන නිසා.

    මට ඇත්තටම තියෙන ගැටළුවක්, ඔය "අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම" ගැන පන්ති කරන අයට පන්ති කරන්න, පත්තරේ ඇඩ් දාන්න මහන්සි වෙන්නේ නැතිව, අන්තර්ජාලයෙන්ම සල්ලි හොයා ගෙන ඉන්න බැරි ඇයි කියලා.. එහෙම කරන්නේ ඇඩ්සෙන්ස් වලට වැඩියෙන් ඒ අය ඒ අය පන්ති කරලා හොයන නිසා නේ..

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ හොඳම ක්‍රමවේදය අන්තර්ජාලයෙන් මුදල් සොයන හැටි අන්‍යයන්ට කියා දීමයි.

      Delete
    2. මම රැකියාව කරන්නේ නිවසේ සිටමයි. වෙනසකට තියෙන්නේ සේවය කරන ආයතනය එසේ නිවසේ සිට සේවය කිරීමට ඉඩ දීම.

      ඒත් හරියට නොදන්න ගොඩක් දෙනෙක් හිතන්නේ මම අන්තර්ජාලයෙන් අර දැන්වීම් වල තියෙන ආකාරයේ ජාවාරමක් කරනවා කියලයි. සමහරු ඉතින් "අන්තර්ජාලයෙන් මුදල් හොයන ලේසි ක්‍රම" මගෙන් අහලා මම ඒවා ගැන දාන්න දේ කිව්වම තරහා වෙලත් තියෙනවා..

      Delete
  6. Replies
    1. ලකී මට්ටු වෙලා වගෙයි. ඇයි දාන්නකො සීරියස් කමෙන්ට් එකක්. :P

      Delete
    2. උදේම ඇවිල්ලා තැන බුක් කරලා ගියෙ පස්සෙ ඇවිත් කොමෙන්ට් එකක් දාන්න...

      කොහෙද ඉතින් මෙයාලත් එක්ක...ඒ ටිකට පෝලිම පැනලා :D

      Delete
    3. අඩේ, ඒකත් හොඳ විදිහක් නෙහ්? වියදමක් යනවා කියලයැ

      Delete
  7. කීයක් හරි හොයන්ඩ තිබ්බා නම් මරු තමා.

    ReplyDelete
  8. බැලුවාම මාරය නොකරපු දෙයක් නෑ. පොත් අස්සෙම අපේ ළමා කාලය ගෙවෙනකොට මාරය ජීවිතේ විඳල තියෙනව, හැබැයි විඳවලත් තියෙනව.

    ReplyDelete
    Replies
    1. හෙළයේ නායකත්වයට සුදුසු පුද්ගලයෙකු නොවේද මේ මාරය ?

      Delete
    2. මඩ සෝදාගත් කල රජකමට වුව සුදුසුයි කියලා කියමනක් තියෙන්නේ!

      Delete
  9. අයියෝ ෂල්ලි.... :)

    ReplyDelete
  10. මාරයියට මාරයා කියන්නේ නිකං යැ.... වෙලාවට මාරයියා යන එන පාරේ මී කුණක් එහෙම තිබිලා නෑ.තිබ්බනං මාරයියව හොයන්නත් නෑ....

    ReplyDelete
  11. දැං තේරුනා, මාරය කේන්දර ගලපන්න පටන් ගැනීමේ මුල් පියවර තියල තියෙන්නෙ ඇඩ් ගැලපීමෙන් තමයි.

    ReplyDelete
  12. මෙහෙ සිළුමිණක් නෑනෙ බං. පිට රට ඉන්න උංට විසේස මුකුත් තියේදැ :D

    ReplyDelete
  13. දැං ලංකාදීප එහෙමනම් ඇඩ් සාගරයයි.ඉරිදාට තනිකර ඇඩ්
    //ලියන්න දෙයක් නැතිව ගිනි අවුලනවට වඩා ඔය යාං හෑල්ලකින් හරි බ්ලොග් පෝස්ට් ලිව්ව කියලා කාටවත් වරදක් වෙන එකක්යෑ... හා නැද්ද..හා.//
    රත්තරන් වටිනවා මාරයියේ ජය වේවා!

    ReplyDelete
  14. ඔන්න මිනිස්සු.සල්ලි හොයන්ඩ බෑ කියලා පිකට් කරන වෙලාවේ ඔළුව ජුන්ඩක් පාවිච්චි කරානං ගොඩම තමයි.

    ReplyDelete
  15. සෑහෙන ලස්සනට ලියල තියේ මාරයියේ..
    අර සිළුමින ගැන කියපු එක නං සිරා කතාව..මොකද ඇඩ් බලන්න නං ඉතින් ඒ පත්තරේ තමා..!!!

    ReplyDelete
  16. \\ඔය යාං හෑල්ලකින් හරි බ්ලොග් පෝස්ට් ලිව්ව කියලා කාටවත් වරදක් වෙන එකක්යෑ... හා නැද්ද..හා..?\\

    හපොයි "මේ බ්ලොග් අවකාසේ" නොහොත් "බ්ලොග් ලෝකයේ" අධිපති උතුමාණන්ලාට තරහා යාවි.

    ReplyDelete
  17. අයියත් කොහොම හරි ඇඩ් එකක් දා ගත්තා නේද.......

    ReplyDelete
  18. ඒ වැඩෙත් හොඳයි තමයි :)

    ReplyDelete
  19. මේ ඇඩ්සෙන් වලට වඩා එකනම් හොදයි වගේ..

    ReplyDelete
  20. මගේ යාලුවෙකුත් ඔය වගේ වැඩක් කරනවා... ඌ කරන්නේ සල්ලි හදිස්සියට විකුණන්න දාලා තියෙන වාහන වලට කතාකරලා සල්ලිත් අරගෙන සෙනසුරාදම වාහනේ බලන්න යනවා... සල්ලි පෙන්නුවට පස්සේ අයිතිකාරයත් සාමාන්‍යයෙන් අඩු කරලා දෙන්න කැමති වෙනවලු...

    ඊට පස්සේ සතියෙම ඒ පත්තරේම ඇඩ් එක දානවා අර වාහනේ වැඩි ගානට... :D

    ReplyDelete
  21. ඔව් මාරයියෙ ලියන්න දෙයක් නැතුව එක එකාගෙ රෙදි අස්සෙ රිංගල කක්කි නා ගන්නවට වඩා ගොඩාක් හොඳයි විහිලුවක් යාන්හෑල්ලක් කියල පාඩුවෙ ඉන්න එක...ඔයා හරි..

    ReplyDelete
  22. මම දන්න කෙනෙකුත් ඔය වැඩේ කරේ, මනුස්සයට කොමිනුකෙශන් 1ක් තිබ්බා, උදේ ඉදන් කරන වැඩේ පත්තරේ බල බල එහාට මෙහාට කෝල් කරන එක

    ReplyDelete
  23. ඔය වැඩේ අදත් කරන උන් ඉන්නවා මම දැකලා තියනවා,,ඒත් වාහන බිස්නස් එක අතුරේ යනවා වගේ වැඩක්,හොද හැකියාවක් තියෙන්න ඕනා,වාසනාවත් තියෙන්න ඕනා

    ReplyDelete
  24. ඒත් මන් හිතන්නේ දැන් ලංකාදීප පත්තරේ සිළුමිණ පහුකරලා කියලා.

    මොකද මචන් කරවල මුලින් ගන්නේ විශේෂ හේතුවක් තියෙනවද?

    ReplyDelete
  25. පොලවල් වලින් සතිය ගෙනියන අය කරෝල වලින් තමා මාංශමය ආහාරය ලබාගන්නෙ. ඇයි නරක් වෙනවාය කියලයි..!

    ReplyDelete
  26. 1. ඇයි කරවල මුළින් ගන්නෙ?
    2. කොහොමද හොඳ තැන් දෙකතුනක් එළවළු ගන්න මතක තියාගන්නෙ? කඩේකනම් බෝඩ් ලෑල්ලෙන්වත් මතක තියා ගත්තහැකි. මමනම් ඉතින් ඉස්සෙල්ලම දැක්ක තැනින් කිව්ව ගානකට බඩු අරන් එන ජාතියෙ. :)
    3. සිළුමිණ: ගෙවල් කුලියට හොයනකොටත්, ඔය පත්තරේ බොහොම වටිනවා. ඒකටත් සිළුමිණයි ඔබ්සර්වර් එකයි තමා.
    ඉස්සර දවසක අපි හදිසියෙ කුලියට ගෙවල් හොය හොයා යද්දි වුණු සිද්ධියක් මේ.
    හොඳ තැනක්නම් ඉක්මණින්ම කවුරු හරි ඇවිත් අයිති කරගන්න හින්දා, ගෙවල් හොයන වැඩේට උදෙන්ම යන්න ඕන. ඒත් අපේ මල්ලි හොඳට දවල් වෙනකම් බුදියලා, ඉන් පස්සෙ අපි ලෑස්ති වෙලා යනකොට, ගෙවල් තියා සිළුමිණ පත්තරෙත් කඩවල ඉවර වෙලා. බත්තරමුල්ල නගරය කිට්ටුවටම අපි ගියා පත්තරයක් හොයන්න. එක පුංචි කඩයක පත්තර තියනවා දැකලා මම එතනට ගොඩ වුණා. කවුද තරුණයෙක් එතනම තියාගෙන පත්තරය බලමින් හිටියා. තව ගනුදෙනු කාරයිනුත් කීප දෙනෙක් හිටිය නිසා, මම ටිකක් බලා හිටියා.
    "මොනවද ඕන?" මුදලාලි ඇහුවා.
    "මට සිළුමිණක්." මම උත්තර දුන්නා.
    මුදලාලි අර තරුණයා දිහා බැලුවා. බලනවත් එක්කම ඔහු එකවරම බල බල හිටිය පත්තරේ වහලා, කඩෙන් එළියට පැන්නා.
    මුදලාලි ඒ පත්තරේ හරි ගස්සලා මට දුන්නා. මට හිතට හරි නැහැ.
    "එයා පත්තරේ ඉල්ලලනම් හිටියෙ එයාට දෙන්න. මම වෙන කඩේක බලන්නම්. " මම කිව්වා.
    "නැහැ, එයා ගන්න නෙවෙයි. රැකියා අතිරේකෙ බලමින් හිටියෙ. හරියන රස්සාවක් තිබුණොත් විතරක් පත්තරේ ගන්න."
    මගෙ හිත කීරි ගැහුණා. මට අවශ්‍ය ගෙවල් කුලියට දෙන දැන්වීම් ටික විතරයි. අර තරුණයගෙ අවශ්‍යතාවය මට වඩා වැඩියි. මම පාරට බැස්සෙ, ඔහු ඉන්නවනම්, ගෙවල් දැන්වීම් පිටුව තියාගෙන ඉතිරි පත්තරේ ඔහුට දෙන්න හිතාගෙන.
    ඒත් ඒ වෙනකොට ඔහු සෙනග අතරෙ නොපෙනී ගිහින්.

    ReplyDelete
    Replies
    1. ඇයි නලිනි මේක තව පොඩ්ඩක් වැඩ දාලා සිත් ආරට ලියන්නෙ නැත්තෙ?

      @මාරෙ. මම ඇත්තටම හිතා හිටියෙ මාරයා නිට්ටඹුව පැත්තෙ කියලා. උඩුපිල පොලට යනවා කිව්වම ආයෙත් රිවයිස් කරන්න වෙනවා.

      මේ ඇඩ්සෙන්ස් එකේ අර ඇඩ්සෙන්ස් එකට වැඩිය මාර සෙන්ස් එකක් තියෙනවා බං.

      henryblogwalker the Dude

      Delete
    2. මාරයා ඔය කියන පැත්තෙ තමයි..ඒ වුනාට දැනට තියන තත්වෙ අනුව අහල පහල කඩපොලකට යන්න විදියක් නැහැ...දන්නෙ නැද්ද ඉතින් ඔය පොඩි පොඩි ප්‍රශ්ණ :D

      Delete
  27. මාරයෝ,මේ කතාව මීට කලිනුත් අහලා ඇති නේද? ආමි එකේ සොල්දාදුවෙක් ශෝක ගීතයක් කියනවාලු ඉල්ලපු නිවාඩුවක් අනුමත නොවීම නිසා.

    අතීතය සිහිනයක් පමණයි කිසිම සොමියක් නෑ
    එදා සිළුමිණ නොබැලුවානම් මෙහෙම මගුලක් නෑ

    බලනකොට මිනිහා ආමි එකට බැඳිලා තියීනේ සිළුමිණේ තිබුන හමුදාවේ දැන්වීමක් දැකලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  28. මොකද... ලියන්න දෙයක් නැතිව ගිනි අවුලනවට වඩා ඔය යාං හෑල්ලකින් හරි බ්ලොග් පෝස්ට් ලිව්ව කියලා කාටවත් වරදක් වෙන එකක්යෑ... හා නැද්ද..හා..?

    එකනේ අප්පා මමත් යාං හෑල්ලක් ලියාගන ඉන්නේ

    ReplyDelete
  29. ඇඩ් කිව්වම මතක් උනේ . අපේ ගෙදර ලංකාදීප ගෙනාවම ලහිපිට කෑලි දෙක තමයි මුලින්ම බත් ඔතන්න ගන්නේ. ඔය පුරැද්දට බැදලා අවට පස්සේ දවසක් නැන්දම්මා බත් ඔතන්න පත්තරයක් ගේන්න කිව්වම මාත් දූවලා ගිහිල්ලා ලහිපිට උස්සන් ආවා. හාපොයි තාත්තට ඔය කෑල්ල ඔනෙ ඇති කියලා නැන්දම්මා කිව්වෙ නැතැයි. මං බැලුවා මේ සතිගානක් පරණ ලහිපිටක දැන් මොනවා බලන්නද කියලා ටිකක් හොල්මන් වෙලා. පස්සේ තමයි වැඩේ තේරැනේ. මාමණ්ඩි සෙකන්ඩ් හෑන්ඩ් වාහන අරගෙන විකුණන එකත් කරනවා. පත්තරේ එක සතියක් දෙකක් ලොකු ගණන් දාපු වාහනයක් විකිණුනේ නැත්තම් ඊළග සතියෙ ටිකක් ගාන අඩු කරලා දානවා. අපේ මාමණ්ඩි කරන්නේ ඒවගේ ගාන අඩු උන වාහනයක් සෙට් උන ගමන් කෝල් කරලා ඇපොයිමන්ට් එකක් දාගෙන යනවා වාහනේ බලන්න. පරණ ගනන් බලා ගන්න තමයි පරණ පත්තර තියා ගන්නේ.

    දැන් නම් මම වැරදිලාවත් එහේ තියෙන ලහිපිට කෑල්ලට නම් අත වත් තියන්නේ නෑ.

    ReplyDelete
  30. ආචාර්ය මීවනපළානේ ජයරත්න කියන්නේ

    මාරයටද

    කතන්දරකාරයටද

    ReplyDelete
  31. අපේ ගෙදරත් සිළුමිණ නම් හැම සතියෙම ගන්නවා.

    ReplyDelete
  32. හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු.. මාරයා අය්යේ...මමත් උඩුපිල කොලු පැටියෙක් තමය්..ඔය උඩුපිල කොහෙද..?????????

    ReplyDelete
  33. ඔච්චර දගලන්ඩ ඕනා නෑ.. ඔගොල්ලො දන්නවද සල්ලි විකුණන්න පුලුවන්.. ඒක මාර ප්‍රොෆිට් තියන බිස්නස් එක.. මම අදටත් කරනවා..

    උදාහරණයක් කිව්වොත්, රුපියල් සීයෙ කොලයක්, එකසිය විසි පහකට වගේ ගානකට විකුණ ගත්තෑකි.

    වැඩි විස්තර ඕන අය ඊයක් එවපල්ලා.. අවම අයකිරීම් යටතේ ක්‍රමය කියා දෙමි.

    ReplyDelete
  34. මුල මැද අග විතරක් කියවල මගේ කාලය ඉතුරුකර ගත්ත.

    ReplyDelete
  35. මමත් විකිනිල්ල ගැන ලිව්ව විතරයි මූත් විකිනිල්ල ගැන ලියලා . . . හැබැයි ගීනි තියෙනවට වඩ යාන් හෑලි ලියන එක නම් හොඳ තමා මචෝ .. . ..

    ReplyDelete
  36. මේකෙත් ගතයුතුදේ බොහොමයි.

    ReplyDelete
  37. බලාගෙන යද්දි ඒකත් හොද ක්‍රමයක්නේ...

    ReplyDelete
  38. මේ වැඩේ නියමයිනෙ.ඒත් ඉතිං අපිට වාහන බිස්නස් අල්ලන්නෙ නෑ නෙ.

    ReplyDelete
  39. මාරයාගේ කතාව කියෙවුවම මට මතක් උනේ ඔය ගම්පහ මිනුවන්ගොඩ පැතිවල ඉන්න කාර් සෙල් කාරයින්ගේ වැඩ. ඕනෑම කුණු ලඩයක් හිල් වලට ගෝනි කාලි තියලා කටලොවී පේස්ට් වලින් අලෝලා තීන්ත ගාල අලුත් වගේ කරලා විකුනනවා. ගෙදර ගෙනෙනකල් දුවනවා ඊට පස්සේ හබක්..

    ReplyDelete
  40. පරණ වාහන .... අම්මෝ,

    මිනිහෙක්ගෙන් පලිගන්න තියෙන ධරුණුම විදිහ ගැන මම නම් අහල තියෙන්නේ මෙහෙමයි.

    මිනිහා තනිකඩයෙක්නම්,
    කසාදයක් කරලා දීපං
    මිනිහා බැඳපු හාදයෙක්නම්,
    පාර්ට්ස් හොයන්න අමාරු පරණ වාහනයක් තෑගිකරපං

    ReplyDelete
  41. //ලියන්න දෙයක් නැතිව ගිනි අවුලනවට වඩා// :D

    ReplyDelete
  42. මාරයත් බලන් ගියහම මාරු වැඩ කරලා තියෙන්නේ

    ReplyDelete