23 July 2012

එන්න හිඟා කන්න...

මෙන්න මේක ලියන්න ගිහින් තමා මගේ අතින් කලින් ලිපිය ලියඋනේ.. ඒ හින්දා වැඩි ආරළු බූරළු නැතිව පට පට ගාලා මේක කියලා දාන්නං...

මං කලින් කිව්වනේ "සිළුමිණේ" දැන්වීම් බැලීම ගැන... මේක උනෙත් දැන්වීමක් බලන්න ගිහින් තමා...

හරියටම කිව්වොත් පන්සලේ ජීවිතේ අවසාන කරන්න තීන්දුවක් ගත්තට පස්සේ ගමේ දායක ඇත්තන්ට එන්නය කියලා තව මාස තුනකින් මං වහන්සේ මෙතැනින් පිටත් වෙලා යන වග දැන්නුවට පස්සේ...

දැන් ඉතිං ගිහින් කරන්න රස්සාවක්..ඉන්න තැනක් එහෙම හොයා ගන්න එපෑ... ඉතිං කවදත් වගේ මං මට විශ්වාසවන්ත අතරමැදියා මේකට උදව් කරගන්න තීරණය කලා.. ඒ තමා සිළුමිණ ලුහුඩු දැන්වීම් තීරය...

ඉන්න තැනක් හොයා ගත්තා... කිසිම අවුලක් නැතිව... දුම්රිය ස්ථානයක් ලග පිහිටි බෝඩිමක්..වැඩි ගානක් නැහැ මාසෙකට රුපියල් 2000 යි... අත්තිකාරම් අනං මනං කියලා මාස ගණන් සල්ලි ගන්නෙත් නැහැ.. එතැනට කෝල් කරලා අයිතිකාරයගේ බෑන්ක් එකවුන්ට් නම්බර් එක ඉල්ලං ඒකට සල්ලි දාලා මාස තුනකට කලින්ම තැන වෙන් කරා.. දැන් ඉන්න තැනක් තියෙනවා... රස්සාවකුත් හොයන්න එපෑ...

ඔන්න ඉතිං මං කෙරවලක ඉඳන් හොයනවා මට හරියන විදියේ එකක්... අතේ තියෙන්නේ උප්පැන්න සහතිකෙයි... ගිහි කාලෙම ගත්ත ත්‍රීවීල් ඩ්‍රයිවින් ලැයිසොමයි පාසල හැර යාමේ සහතිකෙයි විතරයි.. අඩුම ගානේ ඕ ලෙවල් සැටිපිකට්ටුවවත් මං ලග නැහැ.. එව්වා ගුවන් හමුදා බාරයේ... අයිඩෙන්ටිය නැති අඩුවනං ලැයිසොමෙන් පිරිමහගන්න හැකි හින්දා දැන් මේ තියෙන තත්වය යටතේ හරියන රැකියාවක් හොයන්න එපෑ...

ඉතිං පලමුකොටම ආරක්ෂක සේවා ඇබෑර්තු... එතැනින් ගිහාම තුන්රෝද රථාචාර්ය තනතුරු... තව ඉතිං ඔය වගේ සුළු පන්නෙට වැටෙන දේවල් ගැන හොය හොය පත්තර පිටු පීරන වෙලාවේ ඔන්න මාට්ටු උනා අමුතු පන්නේ දැන්වීමක්...

"නිවේදන කටයුතු වලට හැකියාව ඇති. සංචාරක රථවල රැකියාව කල හැකි අය උවමනා කර තිබේ... කෑම බීම නවාතැන් නොමිලේ... වැටුප 15000 සිට ඉහලට... දිරි දීමනා සහිතයි. හැකියාව ඇති දක්ෂයින්ට වැඩි ඉපයීම්...දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි."

හරිනේ යකෝ.. මේ තියෙන්නේ ෂෝක් වැඩක්... නැවතිලා කාලා බීලා පාලොස්දාහකුත් අරං වැඩ කරන එක මේ ඉන්න තත්තේ හැටියට හොදටම හොදයිනේ... අනික නිවේදන කටයුතු කිව්වම ඕක මහ කජ්ජක්යෑ මට.. පන්සලට එන්ට කලියෙන් වෑන් කටුවල එල්ලිලා යකඩ කටෙන් දේසපාලන ප්‍රචාරක වැඩ කර කර ගිහින් තිබුන පල පුරුද්ද විතරක්යෑ.. අවුරුදු 5ක් තිස්සේ බණ පිරිත් කිය කිය කලෙත් සංනිවේදන වැඩම නේන්නං...

මාත් ගත්තා කෝල් එකක්...

ඔන්න ඉතිං කවුද මංදා පිරිමි හාදයෙක් කතා කලා... මං ඇහුවා විස්තර... ආයේ බොරු මොටද..මං ඇත්තම කිව්වා.. මං මෙහෙම කෙනෙක් ලගදී මෙතැනින් පිටත් වෙන්ටයි අදහස..එයිට කලියෙන් හරියන රස්සාවක් හොයනවා... මං ගාව අනං මනං සහතික එහෙමනං නැහැ... හැබැයි ඔය ඉල්ලලා තියෙන සුදුසුකංනං අවුලක් නැතිව තියෙනවා කියලා...

අනිත් පැත්තෙන් කතා කරපු කෙනා ඒ ටික අහං ඉදලා... කවදා ඉදලද එන්ට ඇහැකි කියලා අහපි... මං ඉතිං කිව්වා තව මාස තුනක් මට කල් තියේ කියන වගත්... මොනවද රස්සාව හැටියට මට කරන්ට තියෙන්නේ කියලත් ඇහුවා..නැතිව බැහැනේ ඉතිං...

"ආ අපි මේ ප්‍රචාරක රථවලට නිවේදකයෝ ගන්නේ අපේ බිස්නස් වලට..."

"කොහොම බිස්නස් එකක්ද..?"

"ආ ඒක මේ සමාජසේවා කටයුතු එක්ක සම්බන්ධ දෙයක්...වැඩි විස්තර මෙහෙම කියන්න බැහැ..දැන් ඔය කොයි පලාතේද ඉන්නේ..?"

"මම දැනට ඉන්නේ අහවල් පලාතේ අහවල් හරියේ..."

"ආ ආ එහෙමනං අපේ එක වෑන් එකක් අද හෙට ඔය ලග ටවුමට එන්න ඉඩ තියෙනවා..මං එයින් ළමයෙකුට කියන්නං ඔහාට ඇවිත් කතා කරන්න කියලා..."

ඔන්න ඔහොම විස්තර ටික අහගෙන ඒ සංවාදය නිමා උනා...

මෙන්න දවස් කීපයකට පස්සේ අවුරුදු විසි පහක විතර තරුණ හාදයෙක් ආවා මාව හම්බ වෙන්න ෆයිල් කවරෙකුත් රෝල් කරගෙනම... ඇවිත් කිව්වා අහවල් තැනින් තමා මට කිව්වේ මෙහෙට ගොඩ වෙලා බලන් යන්නය කියලා...

මාත් ඉතිං ඒ ආව කෙනා එක්ක කතා බහ කරලා ඔන්න රස්සාවේ විස්තර අහ කියා ගත්තා...

මේක හරි අපූරු රස්සාවක් නෙව... වැඩි දෙයක් නැහැ කරන්න තියෙන්නේ සුළු දෙයයි.. මෙන්න මෙහෙමයි වැඩ කෙරෙන්නේ...

මුදලාලි ලග වෑන් දහයක් පාලොහක් විතර තියෙනවා.. ඒ හැම වෑන් එහෙකම ශබ්ද විකාශන යන්ත්‍ර හයි කරලා රියදුරු මහත්තයා සමඟින් හය දෙනෙක් අට දෙනෙක් වගේ කණ්ඩායමක් යොදවලා තියෙනවා... රියදුරු මහත්තයා කලින් දෙන මාර්ග සටහනකට අනුව වාහනය ගෙන යනවා..අවශ්‍ය තැන් වලදී නවත්තනවා.. ඉදිරි පස අසුනේ ඉන්න නිවේදක මහත්තයා හෝ මහත්තැනිය (හරි නේද ස්ත්‍රී ලිංගේ) ඔන්න පටන් ගන්නවා එයාගේ රාජකාරිය...

"ආදරණීය අම්මේ තාත්තේ... අද මේ අපි ඔබගේ පලාතට පැමිණ තිබෙන්නේ..."

ආදි වශයෙන් පටන් ගන්නවා යාතිකාව... කියන්න තියෙන්නේ කලින් දුන්න විස්තර සටහනකට අනුව යම් කිසි රෝගියකුගේ විස්තර... රෝගියාට මොනවා හෝ සැත්කමක් කරන්න මුදල් ආධාර දෙන්න කියන එක තමා කරන්න තියෙන්නේ... ඒක ඉතිං මිනිස්සු ඇඩෙන විදියට කරන්න ඕන වැඩක්..

ආන්න එහෙම ප්‍රචාරේ යන අතරේ වෑන් එකේ පසු පස ආසන වල ඉන්න සෙට් එක තම තමුන්ගේ අතේ තියෙන ෆයිල් කවර.. ටිකට් පොත් උස්සගෙන මාර්ගය දෙපස බෙදාගෙන යම් කිසි සැකැස්මකට අනුව පටන් ගන්නවා ආධාර එකතු කරන්න... ඔච්චරයි කතාව...

හැමෝටම ටාගට් එකක් තියෙනවා.. ඒ ටාගට් එක අනිවාර්යයෙන්ම පැන්නිය යුතුයි. ඊ ළගට පොදුවේ කණ්ඩායම් ටාගට් එකක් තියෙනවා.. ඒකත් පැන්නිය යුතුයි. ඒ ටික කර ගත්තනං අකුල ගත්තා ආපහු ගියා... හැමෝටම මාසේ පඩියයි.. තමුන්ගේ ඉලක්ක ඉක්මවා යෑම නිසා හිමිවන දීමනායි ලැබෙනවා... පැහැදිලිනේ...

ඔය ටික අහගත්තට පස්සේ ඒ රස්සාවෙන් මට කමක් නැහැ කියලා හිතාගන්න ගමන්ම මං තව විස්තර ටිකක් ඇහුවා කොහොමද එතකොට ඔය ආධාර එකතු කරන ඒවට ඕන කරන වෛද්‍ය සහතික එහෙම හොයා ගන්නේ කියන කාරණයත්... අන්න එතකොට ආව උන්නැහේ කිව්වා කිසි අවුලක් නැහැ මේක සම්පූර්ණයෙන්ම ඇත්තම ලියකියවිලි එක්ක කෙරෙන වැඩක් ‍බොරුවට එකතු කරනවා නෙවෙයි..හැබැයි කවුරු හරි රෝගියකු මේ ආධාර නඩේ මුදලාලිට තමුන්ගේ අවශ්‍යතාවය කිව්වම මුදලාලි විසින් එයට අදාල සියළුම වෛද්‍ය සහතික ඒ රෝගියාගෙන් ලබාගන්නවා. රෝගියාට පොරොන්දු වන මුදල මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයක් ඉක්මවා සොයා ගත් පසු ගණු දෙනු පියවනවා... ඔන්න සිද්ධ වෙන ආකාරය...

වෑන් එකක යන්න අදාල රෝගියා එනවනං ඒවට වැඩි ගෙවීමක් කරන්නත් නැත්තං සාමාන්‍ය විදියට වැඩේ කෙරෙන්නත් වගේවැඩත් කෙරෙන වග තමා දැන ගන්නට ලැබුනේ.. ඒ වගේමයි ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් විසින්ම ඇතැම් රෝගීන්ව ‍මුදලාලිට යොමු කරවන වගත් මාව දැනුවත් කරන්න ආව උන්නැහේ විසින් කියා දුන්නේ ඒ වෙනකොට මං උන්නැහේට කන්න බොන්න දීලා කතාවට ෆිට් කරගෙන හිටිය හින්දා...

කොහොම හරි ඔය විස්තර ටික අහගත්තට පස්සේ මං පස්සේ දන්නන්නං කියන පණී‍විඩෙත් එක්ක මෑන්ව පිටත් කරලා හැරියා... ආයේ ඉතිං මොන දැන්නිලිද..? පලකෝ හිඟා කන්න...

මේ කතාව ලියන්න හේතු උනේ "සිඳූ" විසින් ලියපු "හිඟන කතාව" කියන එකත් මතක් කරන්ට ඕන...

තවත් එකක්... එක අතකට හිඟා කනවා හොදා... සමහරු කරන සමහර වැඩ වලට වඩා...හා නැද්ද හා..?

52 comments:

  1. Replies
    1. අනේ මන්ද, දැන්කාලෙ මනිස්සු සල්ලි හම්බකරන්න නොකරන වැඩක් නෑ. අසරණ වෙච්චි ලෙඩෙකුට මිනිස්සුන්ගෙ තියෙන අනුකම්පාවවත් නැතුව යාවි තව කාලෙකින් මේ වගේ වැඩ දැනගත්තහම.

      Delete
    2. සුභ පැතුම්!!!

      Delete
    3. හෙහ් හෙහ් ... තැන්කූ තැන්කූ ... ඔන්න මම රාජ්ගෙ තැන කරපු ගොන්කම නොකර 1 දාලම ගියා කියවන්න.

      Delete
    4. යකෝ දැන් අපිට තැනක් නැද්ද? :D

      Delete
    5. මෙතන තැනක් නැති හින්ද මම ෆේස්බුක් එකේ එක වුණා. :D

      Delete
  2. හිඟා කෑම ගිඟා නොකෑම වෙනසක් නෑ. ටයි දාං ලොකු පුටුවල ඉඳගෙන අහිංසක මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කනවනං. ලොකු ලොකු ඔෆිස් වලට වෙලා උඩට නඟින එකාගේ කකුලෙං අදිනවනං ආයේ බොරු කියලා හිඟාකන හිඟන්නනෙයි ටයි දාං හිඟාකන හිඟන්නගෙයි වෙනසක් නෑනේ! :D

    ReplyDelete
  3. දැන් මේක ලිව්වම ඇත්තටම ආධාර ඉල්ලන කෙනෙකුටවත් නොදී ඉන්න හිතෙයිද දන්නෙ නෑ...

    ReplyDelete
  4. මුන්ව මරන් කන්න එපැයි...

    ReplyDelete
  5. එක අතකට බැළුවහම මේකෙ අසාධාරණත්වයකුත් නෑ. වින් වින් සිටුවේෂන් එකක් තමයි තියෙන්නෙ. ලෙඩෙක් තමන්ට තනියම සල්ලි හොයා ගන්න බැරි කොට මේ වගේ ප්‍රොෆෙෂනල් සර්විස් එකක් හරහා තමන්ගේ ලෙඩේට අවශ්‍යය මුදල හොයා ගන්නවා.

    මුදල් පරිත්‍යාග කරන කෙනාගේ ඡේතනාවත් හොඳ නිසා ඒ මිනිස්සුන්ටත් පින් ලැබෙනවා....!

    ReplyDelete
    Replies
    1. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ කෙටිකතාවකුත් තියනව නේද ‘උපාසකම්ම‘ (නම මතක හැටියට) කියල මේ වගේ ආධාර එකතු කිරිල්ලක් ගැන.

      Delete
  6. අන්තිම ඡේදේ නොදැම්ම නම් තමා හොඳ...!


    කොහොම උනත් ඕවා ගැන අපේ පැත්තෙන් බැලුවම් වැරදි කියල තමා හිතන්නෙ.
    ඒත් අනේ මන්දා බන් මිනිස්සු ජීවත් වෙන්න නේ හැමදේම කරන්නෙ.
    සමහර තැන් වලදි මිනිස්සුන්ගෙ හැසිරීම වටහගන්න හරි අමාරුයි

    ReplyDelete
  7. මිනිස්සුන්ගේ අනුකම්පාව බිස්නස් එකක් කරගැනීම. ඔය කතාව සිද්ද වෙන හැටි හරියටම පහුගිය දවසක ඉරිදා මවුබිම පත්තරේක දාලා තිබ්බා මට මතකයි.

    ReplyDelete
  8. යකෝ මෙන්න රස්සා..බදු ගෙවන්නත් නැහැ..හැම වෙලේම පුටුවේ ඉන්න ඕනෙත් නැහැ..මහලොකු සුදුසුකම් ඕනෙත් නැහැ..බඩුම තමයි

    ReplyDelete
  9. අපේ මොඩර්න් පේට්‍රියට් සහෝදරයත් මේ වගේ කතාවක් කියල තිබුණ නේද?

    ReplyDelete
    Replies
    1. ආ ඔය එයාම දාල තියෙන්නේ ලින්කුවක්..

      Delete
  10. ඒක අතකින් බැලුවම ලෙඩාට ඕනේ ක්‍රම මුදලත් හොයලා දෙනවනම් වරදකුත් නැහැ.. අනුන්ගේ පහනින් එලිය බලන විදියේ වැඩක්නේ..

    ReplyDelete
  11. නියම වැඩක්නෙ. ලෙඩාගෙ අවශ්‍යතාවයත් ඉ‍ටු වෙන නිසා පවු වැඩක් කියල හිතන්න අමාරුයි.

    වර්ගපූර්ණිකාවෙනුත් ඔය වගේ බිස්නස් (බිස්=බිස්ස, නස්=නෂ්‍යකිරීම, ඒ අනුව බිස්නස් යනුත්, "බිස්ස නෂ්‍යකිරීම" නැමැති අරුතෙන් ගොඩනැගුණු හෙළ වචනයකි) එකක් කරන්න හොඳ අදහසක් ආව.

    ReplyDelete
    Replies
    1. ජයරත්නයනි, රාවනා රජතුමාගෙ කාලෙත් ඔවැනි බිස්නස් තිබුනේද?

      Delete
    2. එදා ශ්‍රී රාවණාධිරාජයා ගේ කාලයේ සිට අද දක්වා පැවතීගෙන එන බිස්+නස් එකක් තමයි කජු බිස්නස්.

      වැඩි විස්තර මීවනපලානයන් විසින් සපයනු ඇත!

      Delete
    3. ඕක ඔය ඇටසැකිල්ලෙම ප්‍රබේධයක් නේද කකා?
      henryblogwalker the Dude

      Delete
  12. හ්ම්ම් හ්ම්ම් මාර වැඩ තමා මේවත් ..:)

    ReplyDelete
  13. මෙන්න නියම හෙළ බිස්නස්.

    ReplyDelete
  14. පත්තරවල විස්තර දාල බලං ඉන්නවට වැඩිය වැඩේ කුයික් නොවැ.

    ReplyDelete
  15. දරුවෙක් වත් දවසක අහන්න ඕන...තාත්තෙ උඹ මට කන්න දුන්නෙ මෙහෙම හම්බකරලද කියල..?

    ReplyDelete
  16. Replies
    1. නෑ 17
      එක කොමෙන්ට් එකකට රිප්ලයි වශයෙන් වැටෙනා කොමෙන්ට් ගණන් නොගනු ලැබේ.
      මොකද ඒ විදියට පස්සෙ වැටෙන කොමෙන්ට් ගාන වැඩිවෙන නිසා ස්ථිර ස්ථානයක් තබාගත නොහැකිය.

      Delete
  17. අපේ තාත්තා ඔව්වට සතයක්වත් දෙන්න එපා කියනවා ඒකාලේ ඉඳන්ම ඔව්වා වෙන හැටි දැන ගෙනම.....

    ReplyDelete
  18. // තවත් එකක්... එක අතකට හිඟා කනවා හොදා... සමහරු කරන සමහර වැඩ වලට වඩා...හා නැද්ද හා..? //

    ඔව් ඇත්ත.

    ReplyDelete
  19. අඩුම තරමෙ රෝගියාට අවශ්‍ය මුදල් හරි දෙනවා නම්ම් ලොකු දෙයක්. අඩුම තරමෙ මේ ඇත්තනෙ කියන්නෙ. ඒත් මගෙ හිඟන කතාවෙ කිවුවෙම බොරුනෙ

    ReplyDelete
  20. මේ වගේ කතාවක් තිබුණා චාමී ගේ බිහිදොර බ්ලොගයේ.

    http://reargate.blogspot.com/2012/07/blog-post_18.html

    .

    ReplyDelete
  21. සමහරක් තැන්වල නම් රෝගියට අවශ්‍ය මුදල් දෙනවා ඇති.ඒත් මං ප්‍රවෘත්ති වලට දැක්කා පොඩි කාලේ පිච්චුනු සීන් එකකට සෑහෙන්න කාලයක් ගියාට පස්සෙත් සල්ලි එකතු කරන වගක් හැබැයි රෝගියට සල්ලි නොදී.... මෙව්වා මෙහෙම වෙද්දි ඉතින් ඇත්තක් කියාගෙන ආවත් සල්ලි දෙන්න හිතෙන එකක් නැතිවෙයි...

    ReplyDelete
  22. ලෙඩාට සල්ලි දෙනවනම් ඉතින් වැරැද්දක්ම කියන්නත් බැහැ
    ඒත් සමහරු සල්ලි නොදී සල්ලි එකතු කරනවා කියලා මන් පත්තරේක දැක්ක
    එහෙම නම් ඉතින් අවුල් වැඩේ

    ReplyDelete
  23. සුද්දගෙ භාෂාවෙන් නම් 'FUNDRAISING' ඒකත් එක්තරා විධියක PROFESSIONAL SERVICE BUSINESS එකක්!

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තර සහන සේවා ආයතන (e.g. ICRC, Care, WorldVision, ect.) පවා ආධාර එකතු කරණු ලබන්නේ මෙවෙනි තැරවුකාර ආයතන මර්ගයෙනි. සමහර අවස්ථාවල එකතු කරන $1 කින් $0.90 පමණ තැරවුකාර ආයතන හා සහන සේවා ආයතනවල එදිනෙදා කටයුතු සදහා වියදම්වේ. එවිට අදාල ව්‍යපෘතිය (e.g 2004 Tsunami, 2010 Haiti Earthquake ect.) සදහා යෙදවෙන්නේ $0.10 වැනි සොච්චමකි.

      Delete
  24. මේකට නම දාන්න ගියේ එන්න ටිකක් හිඟාකන්න කියල මගේ හිතේ.....

    ReplyDelete
  25. මේක කියෙව්වම මටත් පරණ කතාවක් මතක් උනා. ලින්ක් දාන්න තේරෙන්නේත් නැති නිසා සහ එච්චර දිග කතාවකුත් නෙවෙයි නිසා මෙතනම කියන්නං.

    මම කොට්ටාවේ අපේ මමාගේ කඩේක වැඩ කලා ඕලෙවල් ඉවර උන කාලෙ ඉදලම. කඩේ තියෙන්නේ කොට්ටාවේ බස් ස්ටෑන්ඩ් ඒක ළගමයි. ඔතන ටිකක් සෙනග ගැවසෙන තැනක්. හැමදාම මොකක් හරි ආධාර එකතු කිරිල්ලක්. කට්ටිය වතුර එහෙම හොයාගෙන අපේ කඩේට එනවා. ටික දවසක් යනකොට අපිට තේරැනා හැමදාම එන්නේ එකම කට්ටියක් කියලා. හැබැයි එක එක දවසට එක එක ලෙඩ හැදුන අයට තමා ආධාර එකතු කරන්නේ. ඕක තමයි ඒගොල්ලන්ගේ රස්සාව. පොඩි කොල්ලෝ කෙල්ලෝ විතරක් නෙවෙයි ටිකක් වයසක අයත් ඉන්නවා. එතකොට පේන්‌ෙන් හරියට එක පවලේ අයයි තව යාලු මිත්තරයෝ ටිකකුයි එකතු වෙලා ආධාර එකතු කරනවා වගේ.

    ලොකු මුදලාලි කෙනෙක් ඉන්න බව තේරැණ නිසා අපි වැඩි විස්තර නම් ඇහුවේ නෑ. කඩේ ඉන්නේ කෙල්ලො සෙට් එකක් විතරනේ. හි හි ...

    ReplyDelete
  26. මොනවා උනත් හොද බිස්නස් එකක් වගේ,අනික් එක කී දෙනෙක්ට රැකියා ලැබෙනවද,,මාරයා කියපු හැටියට අද සෑහෙන පඩියක් ගෙවනවා ඇති,, අර කිවු විදිහට දොස්තරලටත් කොමිස් එකක් ලැබෙනවා ඇති නේ ලෙඩ්ඩු සෙට් කලාම

    ReplyDelete
  27. මාරයියා..මට ටිකක් හිනා ගියා මෙයා.......ඔය කිව්ව වෑන්වල යන අයත් සිල් රෙද්ද පොරවගෙනද ගියෙ අයියෙ..??

    ReplyDelete
  28. ඒ බන් මාර අයියේ මාත් මේ දවස් වල ජොබක් හොයනවා මාත් එන්නං?

    ReplyDelete
  29. සුපිරි ජොබ් එක ඈ.බැරිද මටත් සෙට් කොරලා දෙන්ට?

    ReplyDelete
  30. හෙම ගහන වැඩ බන්

    ReplyDelete
  31. අපේ ලොක්කොත් රට රටවල ගිහිං හිඟා කාලා අරං එන්නේ ජනතාවට අරක කරන්ඩ මේක කරන්ඩ කියලා.ගෙනල්ලා උං කාලා බීලා ජොලි කරලා ඉතුරු උනොත් පාරකට කොංක්‍රීට් දානවා.පොඩි එකෙක් හම්බකරගත්තම තමයි ඔක්කොටම අවුල.

    ReplyDelete
  32. අම්මා එල ජොබක්නේ මචං

    ReplyDelete
  33. ඔයිට වඩා අලි මැරෙනවා වලිගෙ පිටින්ම... අනේ මන්දා..... කෙලින්ම අදාල මනුස්සයට උදව් කරන්න ඇහැකිනම්.


    (අලේ මම කීයද අලේ??)

    ReplyDelete
  34. ඒ කියන්නේ ඒ වැන් වල කෙරෙන්නෙත් බිස්නස්...

    ReplyDelete
  35. *
    මේ පෝස්ට් දෙක නම් තඩි 'සිළුමිණ' ඇඩ් එකක් වගේ :-)

    ReplyDelete
  36. *
    මේ පෝස්ට් දෙක නම් තඩි 'සිළුමිණ' ඇඩ් එකක් වගේ :-)

    ReplyDelete
  37. //ඒ වගේමයි ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් විසින්ම ඇතැම් රෝගීන්ව ‍මුදලාලිට යොමු කරවන වගත් මාව දැනුවත් කරන්න ආව උන්නැහේ විසින් කියා දුන්නේ ඒ වෙනකොට මං උන්නැහේට කන්න බොන්න දීලා කතාවට ෆිට් කරගෙන හිටිය හින්දා...//

    ඒ කට්ටියගේ නම් අප වෙත ලැබෙන්නට සලස්වන්න. පියවරක් ගන්නට එැකියාව ඇත්දැයි සොයා බැලිය හැකිය.

    ReplyDelete
  38. මහත්තැනිය ? .... නෝනා
    අලුත් විදියට හිතල කරන වෙනස් විදියේ බිස්නස් එකක්
    ලෙඩත් දිනුම් , මුදලාලිත් දිනුම් , කුඩු කාරයෙකුට නැතුව ඇත්ත ලෙඩෙකුට පරිත්‍යාග කරන හින්ද දෙන අයත් දිනුම් ,
    වැඩ කරන කොල්ලොත් දිනුම් ...
    රාමුවෙන් පිටත වැඩක් ... හොඳයි :)

    ReplyDelete