"තොපි මොකටද නිතරම අරුන් එක්ක කන්දේ බඩ ගාන්නේ... ආයේ එහෙම යනවා නෙවෙයි... මං දන්නේ නැද්ද ඕකුන්ගේ හැටි... අන්තිමට තොපිත් නවතින්නේ පන්සල් සූදුවට ඇබ්බැහි වෙලා..."
තාත්තාට තදින් කේන්ති ගොස් ඇත. ඔහු එක දිගට බැන වදිමින් යන විට නිකුත් වූ මේ අමුතුම වචනය ගැන එක් වරම මාගේ අවධානය යොමු විය...
"පන්සල් සූදුව"... ඒ කුමක්ද..?
---------------------------------
තාත්තා රැකියාව කලේ සබරගමු පලාතේ වීම නිසා එහිදී උපත ලැබූ මා පසුව වසර දෙකක් පමණ කාලයකින් අනතුරුව ජීවත් වූයේ තාත්තාගේ ගම් පියස වූ සියනෑ කෝරළයේ තරමක් ප්‍රසිද්ධ ගමකය.. මගේ කුඩා කාලය ගෙවී ගියේ මෙම ගම් පියසේ වූ අතර වයස අවුරුදු දහයෙන් පසුව ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය සමත්ව කොළඹ ජාතික පාසලකට ඉගෙනුම සඳහා ගියෙමි. එහෙත් කිසිදාක කොළඹ නවාතැන් නොගත් අතර දිනපතා නිවසේ සිට පාසල් යාම නිසා මට ගම අතහැරුනේ නැත. වරින් වර කාල වල දින කිහිපයක් කුමන හෝ බාහිර උපකාරක පන්තියකට දැමූවත් ඒ කිසිදු පන්තියකට මා මාසයක්වත් එක දිගට නොගිය තරම්ය... පාසලෙන් උගන්වනු ලැබූ දෙයින් පමණක් යැපෙමින් අධ්‍යාපනය ලැබීම හරහා සෑම දිනයකම සවස් භාගය ගමේ ගොඩේ ඇවිද නැටීමට ඇති අවස්ථාව මා වෙතින් ගිලිහී ගියේ නැත.
උදෑසන හතරට..හතර හමාරට ආසන්න වේලාවට අවධි වී පාසල් යෑමත් නැවත සවස තුන හමාර හතර වන විට නිවසට පැමිණීමත් අතර කාලය තුල හැර අන් සියළු කාලය මා හට ගමේ ජීවිතය විඳින්නට අවස්ථාව ලැබී තිබුණි. ඉරිදා සෙනසුරාදා දිනවල මෙන්ම පාසල් නිවාඩු කාලයද සැබැවින්ම මා හට නිවාඩු කාල විනා පන්ති යන්නට හෝ වෙනත් අධ්‍යාපන කටයුතු වල නියැලෙන්නට සිදු වී කාල නොවේ... එහෙයින් මා සම්පූර්ණයෙන්ම ගම්බද ජීවිතයේ අසිරිය විඳි අයකු බව කිව හැක...
ගැමි පරිසරයත්.. ගැමියන්ගේ ජීවිත රටාවනුත් ගැන බොහෝ පොත් පත්.. ලිපි ලේඛන රාශියක් මේ කාලය තුල මා කියවා ඇත. මා සිතන්නේ මා පමණක් නොව බොහෝ අය එවැනි දේ කියවා ඇති වගට සැකයක් නැත. එසේ කියවන ලිපි හා පොත් ආස්‍රයෙන් අපගේ සිත් වල ඇඳී ඇති ගම්මානයක යම් කිසි ස්වරූපයක් ඇත. එය මා හට මෙන්ම අන් අයටද විවිධ ආකාරයෙන් මැවී ඇති චිත්‍රයක් බඳු දෙයක් විය හැක...
ගමක් ගැන මුලින්ම අදහසක්..චිත්‍රයක් මාගේ සිතෙහි පහළ වන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් ලියන ලද ගම් පෙරළිය කියවීමෙන්ය.. පසුව බැද්දේගම කියැවීම හරහා මුලින් සිතේ ඇඳි ගමේ ස්වරූපයට යම් යම් දේ එකතු විණි... ඒ අතරතුර කාලයේදී නොයෙක් ආකාරයේ පොත් කොතෙක් කියවූවද ඒ සෑම ගමකම රටාවෙහි වැඩි වෙනසක් නොවිණි.
කේ ජයතිලකයන් විසින් ලියනා ලද පොත් ගොන්නකම ගමක් ගැන ඇති සිතුවම් බොහෝය... එහෙත් ඇත්ත වශයෙන්ම මා ගමක් ගැන වෙනස්ම ආකාරයක චිත්‍රයක් පැහැදිලිව දුටුවේ සයිමන් නවගත්තේගමයන්ගේ පොත් තුලිනි. සුද්දිලාගේ කතාව කියවීමෙන් පසුව ගමක ඇති පිටතට විවර නොවනා බොහෝ පැති ගැන යම් අවබෝධයක් ලැබිණි.. එහෙත් මුල්ම වකවානුවෙහි මා සිතූවේ මේ කතාවල වැඩි හරිය අතින් දමා ඇති ඒවා යන වගයි. එහෙත් මා ඒවා කියවීමට යම් කිසි රුචිකත්වයක් දැක්වීය. හේතුව ඒවායේ තිබූ ලිංගික චර්යාවන් උලුප්පා ලිවීමේ ගතිය නිසා වන්නට හැක. ලිංගිකත්වය ගැන කිසිදු අත්දැකීමක් හෝ... අදහසක් නොතිබුනද.. ඒවායේ ඇති යම් කිසි රසයක් ගැන ස්වභාවයෙන් ඇදෙන ගතියක් මා තුල නොවුනා යැයි කීව හොත් එය අසත්‍යකි. ගැහැණුන් හා මිනිසුන් අතර කෙරෙනා රහසිගත ක්‍රියාදාමයන් ගැන සිතේ ඇති වන කුහුල දිනෙන් දින වැඩෙනා සමයක එවැනි පොත පතට සිත ඇඳී යාම අරුමයක් යැයි මා සිතන්නේ නැත.
මෙකී පොත් පත් බොහෝමයක් මා කියවන ලද්දේ වයස අවුරුදු දහයට ආසන්න කාලයේ බවද කිව යුතුය..එනම් වයස අවුරුදු නවයේ සිට අවුරුදු දොළහා වැනි කාලයකය... එය තරමක් අමුතු යැයි කෙනෙකුට සිතෙන්නට හැකියාවක් ඇතත් පොතට පතට කුඩා කල සිටම ඇලුන උදවිය ඒ පිළිබඳව දන්නවා ඇත. කියවන්නට හැකියාව හා ආසාව තිබියදී අතට හසුවන කුඩා පත්තර කැබැල්ලේ සිට ජාතක කතා පොත දක්වා වූවද එක හුස්මට කියවන්නට හැකි කාලයකි එය... මැක්සිම් ගෝර්කිගේ "අම්මා" පොත කියවන විට මට වයස අවුරුදු 10 කි. පාලම යට නවකතාව කියවන ලද්දේත් එවැනිම කාලයකදීය... පොඩි එකෙකුට ඒවා බර වැඩි යැයි කිසිවකුට සිතුනද පොඩි එකාට එහෙම සිතෙන්නේ නැති නම් කුමක් කරන්නද..?
මෙසේ කියවන ලද පොත් අතරින් හමුවන්නට වූ ගැහැණු පිරිමි ලිංගික සම්බන්ධතා ගැන සම්පූර්ණයෙන් නොවුනද යම් කිසි අදහසක් ලැබ ගැන්මේ හැකියාව මා තුල විය... එහෙත් සත්‍ය වශයෙන්ම ගත් කල පිරිමි පිරිමි සබඳතා හෝ ගැහැණු ගැහැණු අතර සබඳතා නැත්නම් සම ලිංගිකයින් ගැන අදහසක් පොත් පත් වලින් දැන ගැනීමට මට හැකියාවක් ලැබී තිබුනේ නැත.
ඒ එවැනි දේ ගැන ලියැ වී ඇති පොත් පත් නැති වීම හෝ..එවැනි පොත් මා හට නොලැබීම..හෝ එසේත් නැතිනම් පොත් පත්වල තිබූ එවැනි කාරණා අවබෝධ කර ගැන්මට මා හට නොහැකි වීම වන්නට හැකි යැයි සිතමි. විශේෂයෙන්ම කේ ජයතිලකයන් විසින් රචිත "චරිත තුනක්" පොතෙහි යම් තැනක සමලිංගිකත්වය ගැන කියැවෙන බව මෑත කාලීනව මා කොතැනකදී හෝ කියැවී තිබියදී කියවන ලදි. එහෙත් කුඩා කල එම පොත කියවන වේලෙහි මා හට එය ස්පර්ශ වූවා යැයි මා හට සිහියක් නැත. එසේ වන්නට ඇත්තේ එම කාරණාව තේරුම් ගැනීමට තරම් මගේ හැකියාව මෝරා නොතිබීම වන්නට හැකිය.
කරුණු මෙසේ හෙයින් ඇත්ත වශයෙන්ම සමලිංගිකයින් ගැන හෝ සමලිංගක සේවනය ගැන කිසිදු අවබෝධයක් වයස අවුරුදු එකොලහක් පමණ වන තෙක්ම මා සතුව තිබුනේ නැත.
එහෙත් එක් දිනක් තාත්තා කෝපාවිෂ්ඨව කියනා ලද කතාවක් නිසා ඒ ගැන යම් කුහුලක් සිත තුල උපදින්නට ගති... එය සිදු වූයේ මෙසේය...
මමත් මල්ලීත් අතර වයස් පරතරය අවුරුදු දෙක හමාරකි. ඒ අනුව මෙම කතාවට අදාල කාලය වන විට මා හට වයස අවුරුදු එකොලහක් පමණත් මල්ලීට අටක් නවයක් වැනි වයසකුත් විය. අප දෙදෙනාම මා පෙර කී ලෙසින් හැදුනේ වැඩුනේ ගමේ ගහ කොල අතරය... කුඩා කල සිටම අප හට සරුංගල් උණ වැළඳී තිබිණි... මල්ලීට සරුංගල් සෑදිය නොහැක. එයට හැකියාව තිබුනේ මා හටය..එහෙයින් මල්ලී නිතරම මා නැති වේලාවල්වලදීද සරුංගල් අරින අනිත් කොල්ලන් සමග එහෙ මෙහෙ කරක් ගැසීම සාමාන්‍ය දෙයක් විය.
සරුංගල් ඇරීමට අපගේ ගෙවල් ආසන්නයේ ප්‍රධාන තිප්පලවල් දෙකක් විය. එයින් එකක් වූයේ අප ගෙවල් පහළීන් පිහිටි වෙල් යායේය... අනිත් තැන නම් ගෙට උඩහින් වූ කන්දේ ගලේය... මෙයින් පලමු තැනට වඩා අප නිතැතින්ම කැමැති වූයේ කන්දේ ගලටය.. මන්ද යත් එහි සිට සරුංගල් යැවීම ඉතා පහසු වූ හෙයිනුත්.. හොඳින් හමන සුළඟත්.. ගස් වැල් වල නොපැටලී සරුංගල් යැවීමේ හැකියාවත්... සරුංගලය උඩ යවා ගල උඩ වැවී තිබූ කුඩා පඳුරක එය ගැට ගසා ගල උඩම වූ ගස් හෙවනක හෝ ගල් පියස්සක සෙවනෙහි සිට අවට නරඹමින් නිදහසේ සිටීමට හැකි වීම ආදියත් එයට හේතු වී තිබිණ...
එහෙත් කන්දේ ගලට යාමට විශාල බාදාවක් තිබිණි.. ඒ තාත්තාගේ අකමැත්තයි... ගෙට පහල වෙලේ උදේ සිට රෑවන තුරු සරුංගල් ඇරියාට හෝ කෙලි සෙල්ලම් කලාට කිසිවක් නොතියන තාත්තා කන්දේ ගලට අප යෑම එතරම් රිස්සුවේ නැත. ඒ අකමැත්තට හේතුව ගලකින් වැටී අප අත පය කඩා ගනීවී යැයි කියා ඇති වූ බියක් ලෙසින් මා මුලදී සිතා සිටියෙමි. එහෙත් ඒ පිළිබඳව ඔහු තුල වූ අකමැත්තට සැබෑ හේතුව එය නොවන වග අප දැන ගත්තේ මෙම සිදු වීමෙන් පසුවය...
පහළ වෙලේ සරුංගල් යැවීමට මමත් මල්ලීත් තනියම යන මුත් කන්දේ ගලට සරුංගල් යැවීමට අප දෙදෙනා පමණක් යන අවස්ථා නැත. එයට හේතු තිබිණ.. කන්දේ ගල පිහිටි වත්ත තරමක් විශාල නිතර මිනිසුන් නොගැවසෙන තරමක් පාළු පෙදෙසක් වූ නිසාත්... කන්දේ ගල එහා පැත්තේ ඇති වල් දෙල් ගහේ කලකට ඉහතදී මිනිසකු එල්ලී මැරී තිබූ හෙයින් ඒ පිළීබඳ තිබූ හොල්මං කතාවත්... අප කුඩා උන් සන්ධියේදී ඇස් දෙකින්ම දැක ගත් දැවැන්ත පිඹුරාගේ මතකයත් එයට හේතු විණි.(පිඹුරා ගැන කතාව පසුව කිව හැක)
එසේ හෙයින් කන්දට යන්නට නම් නිතරම නඩයක් ඇවැසි විය. කුඩා උන් වූ අප දෙදෙනාත්... තවත් අපගේ සම වයස් මිතුරන් වූ ඔබ කවුරුත් මේ වන විට හොඳින් දන්නා හදුනන ජුංඅල හා රතනත්... තවත් කිහිප දෙනෙකුත් වූ අතර අපට වඩා වයසෙන් තරමක් වැඩි මහළු එහෙත් සරුංගල් යැවීමට හුරු වූ ගැටවරයින් දෙතුන් දෙනෙකුද එසේ සරුංගල් ඇරීමට කන්දේ ගලට යන නඩයට එකතු වී තිබිණි.
තාත්තා මෙම අපට වඩා වයසෙන් වැඩි කිහිප දෙනා සමඟින් අප එක්කාසු වීම ගැන එතරම් කැමැත්තක් නොදක්වන ලදි. එහෙත් එයට හේතුව මේ යැයි කියා කියා තිබුනේ නැත.
දින කිහිපයක්ම ඔවුන් සමඟ කන්දේ යන්නට එපා යැයි අප හට කීවද එය ඇසුවේ අප නම් නොවේ.. කෙසේ හෝ තාත්තාගේ ඇස වසා සරුංගලුත් රැගෙන කන්දට යන අප සවස් වී පැමිණෙන විට තාත්තා මග රැක සිට තරවටු කරයි. එහෙත් වෙලේ සරුංගල් යැවීමට වඩා කන්දේ ඇති පහසුවත් එහි ඇති විනෝදයත් නිසා අපි කන්දේ යෑම නිතර කලෙමු.
එහෙත් දිනක් තාත්තාගේ කේන්තිය ඉහ වහා ගොස් තිබිණි... තාත්තා කන්ද පාමුලට විත් කෑ ගසා අපට අඩ ගසන හඩ ඇසුනේ මද වේලාවක් යෑමෙන් පසුවය... එයින් පසුව ඉක්මනින් සරුංගල් බිමට බා පහලට දිව ආ පසුව තාත්තා විසින් මග දිගට බැන අඩ ගසමින් ගෙදර ගෙන යන ලදි.. ගෙට ඇතුළු විගසම තාත්තාගේ මුවින්
"තොපි මොකටද නිතරම අරුන් එක්ක කන්දේ බඩ ගාන්නේ... ආයේ එහෙම යනවා නෙවෙයි... මං දන්නේ නැද්ද ඕකුන්ගේ හැටි... අන්තිමට තොපිත් නවතින්නේ පන්සල් සූදුවට ඇබ්බැහි වෙලා..."
යයි පිට වූ අතර ඒ කිවූ දෙය තේරුම් ගත නුහුණු අප දෙදෙනාම
"පන්සල් සූදුව..ඒ මොකක්ද ඒ..?" යැයි විමසන ලදි...
අප එසේ සැහැල්ලුවෙන් විමසූවත් එයට උත්තර දීමට හැකියාවක් ඇත්තේ දෙමාපියන් අතරින් කීයෙන් කී දෙනෙකුටද..? මෙය කියවන ඔබට හැකියාවක් ඇද්ද එම කාරණාව පැහැදිලිව දරුවකුට කියා දීමට..?
හ්ම්ම්ම්ම්...........
ReplyDeleteඅහ් තව එකක් කවුද බන් ජූංඅල හා රතන කියන්නෙ :O o.....?
ReplyDeleteඅපේ වඳ පුංචි අම්මගේ පුතාලා දෙන්නා.. උඹ අඳුරන්නෙම නැහැ..වරෙං හරහට වඩන්න...
Deleteෂුවර් එකට උඹ අනාගතේ පන්සල් හදන බව තාත්තා ඒ කාලෙම දැනගෙන ඉන්ඩ ඇති...
Deleteසෑහෙන්න බොන්න වෙන ප්‍රස්නයක්...බීලත් උත්තරයක් හොයා ගන්න අමාරු වෙයිද මන්ද.
ReplyDeleteදෙකක් දාං ඇවිත් ට්‍රයි කරලා බලන්න...
Deleteමේ දවස් වල දෙකක් තියා එකක්වත් දා ගන්න බැරි සීන් එකක් තියෙන්නේ..ජීවන ගමන සංකීරණ වෙමින් තියෙන්නේ
Deleteඉන්න නරකම තැන් 2 පන්සලයි නැවයි කියනවනේ....මාරයායියා මම හිතන්නේ නැවකනම් ඉන්න නැතුව ඇති. :පි :පී
Delete2
ReplyDeleteහපොයි මදෑ දෙවෙනියා වෙන්න ගියා,..... :)))
Deleteමදෑ කොලා නේද..?ගණන් ගන්න එපා ඔහොම තමා...
Deleteසාමාන්‍යයෙන් දෙවැනි එක හැටියට 1 කියලා දාලා හැමදාම ඒක මකන කට්ටියකුත් ඉන්නවා...:D මේක ඇවිල්ලා 2 කියලා දාලා 3 වීම ගැන කාරණයක්නේ.. ඒ හැටිම අවුලක් නැහැ...
Sorry.com තමයි නගෝ
Deleteමොකක්ද අප්පේ පන්සල් සූදුව කියන්නෙ.
Delete// මොකක්ද අප්පේ පන්සල් සූදුව කියන්නෙ. //
Deleteහෙහ් හෙහ් ... ඕකට ඉතින් උත්තර දෙන්න මේ බ්ලොග් අවකාශෙ මාරයිය ඇරෙන්න වෙන කවුද ඉන්නෙ? හා ... එහෙනම් ඔන්න ලොක්ක වගේ කිවුවනම් පැහැදිලි කරල දෙනව හොඳයි.
hehe maara sarungal yevillakne :)
ReplyDeleteමට දැන් මතක්වුනේ - කාලිඩ් හොසේනී ගේ කයිට් රනර් පොතේත් මේ වගේ පන්සල් සූදුවක් තියෙනවා!
Deleteසුද්දොන්ගෙ පන්සල් සූදු ! කකාගේ කතාව පැහැදිලි කරන්න දැන් මෙතනට මීවලපලානේ අන්කල්ගෙ පැමිණීමේ අවශ්‍යතාවයක් පැන නගිනව.
Deleteවරක් මගේ සහෝදරිය වෙනුවෙන් ඈ මංගල යෝජනාවක් ගැන සොයා බැලීමට මට පැවරුනේ යෝජනාව ඉදිරිපත් කල පාර්ශ්වය මගේ ළඟම මිතුරකුගේ අසල්වාසීන් නිසායා.බාහිරින් පෙනුණු සියලු කාරණා වලින් "වෙන්ට-මනාලයා" ඉතා හොඳ පුද්ගලයෙකි. එහෙත් මා දැන ගත් අයුරින් ඔහු සමරිසියෙකු මෙන්ම මගේ මිතුරාටත් ඔහුගේ මිතුරන්ටත් ඔහුගේ බලපෑම් ද තිබී ඇත.
ReplyDeleteවිස්තර දැනගෙන ගෙදර පැමිණි මගෙන් දැන ගත් දේ විමසුවේ මවයි. "ඒක කරන්න එපා" හැරෙන්නට වෙනත් පැහැදිලි කිරීමක් මගෙන් නොවුණු තැන පියාද මගෙන් එය දැන ගැනීමට උත්සාහ කළේය. එයිනුත් වැඩක් නොවුණු විට පියා, මගේ මිතුරාගේ පියා හමු වී අවශ්‍ය දේ පැහැදිලි කර ගත්තේය..
ඊට සමානව එවකට මගේ "වෙන්ට-නැන්දම්මා"ටද මේ වැනි දෙයක් පැහැදිලි කිරීමට සිදුවුනේ, මගේ "වෙන්ට-බිරිඳ"ගේ පළමු පත් වීම කන්‍යාරාමයක් ආශ්රිත බාලිකා විදුහලකට ලැබීමත්, නවාතැන් ඒ කන්‍යාරාමයේ සුදානම් වී තිබීමත්, බුද්ධි තොරතුරු අනුව ඒ කන්‍යාරාමයේ තදබල ලෙස සුදුවක් පැතිරී ඇති බව දැන ගැනීමත් නිසාය. ඒ ඇගේ දියණිය ඒ තොරතුරු මවට කීමට දැක්වූ ලැජ්ජාව නිසාය.
Deleteදෙවෙනියට අයියා කියලා තියෙන විදියේ තතු පැහැදිලි කිරීමක් මටත් කරන්න වුනා මගෙ වෙන්ට නැන්දම්මට... ලේසි නෑ අප්පා අහන එව්වට ජාමේ බේරගෙන උත්තර දෙන්නත් එපැයිනේ...
Delete:) , සුදුව රටේ තදින්ම ව්‍යාප්තයි වගේ..
Deleteඉතිං කියහංකො බං ඒ මොකක්ද කියල.
ReplyDeleteපොඩිකාලෙ ටිකනම් මගෙත් ඔයවගේ.ඉස්කෝලෙ යන්න නැගිට්ටෙ පාන්දර හතරාමාරට.හැතැම්ම දෙක තුනක් ටෝච් එක කටේ ගහන් බයිසිකල් පැදලා බස්වල චාටර් වෙලා..කාපු කුණක්.මමනම් ශිෂ්‍යත්වෙට කලින් දවසෙත් සරුංගල් එක්ක.ඒත්වැඩේ ගොඩදාගත්ත."අම්මා" වගේම "ගොළුහදවත"කියෙව්වෙත් ඔය වයසෙදි.මේක කියෝලා මම ආපහු සරුංගල් යැව්වා.ඒකාලේ මතකෙ විතරයි.අනිත් හැමදේම පර්චස් ගානට වෙන්දේසි වෙලා.
ReplyDeleteම්ම්ම්ම් නිකන් තේරෙනවා තේරෙන්නේ නෑ වගේ.... ඒත් ඉතින් කොහෙවත් තියෙන ගලකට ගියාම පන්සල් සූදුවක් වෙන්නේ කොහොමෙයි අප්පා....
ReplyDeleteඔය පොත් කියවන සීන් එකනම් මට සෑහෙන්න තිබුනා පොඩි කාලේ.තාත්තගේ කාඩ් දෙකට ලොකු කස්ටියගේ පොත් අරගෙන ආවේ මම 5 විතර ඉද්දි.ඒවා ගෙනාවාම අම්මා එව්වා බලලා ලව් සීන් පොත් කියවන්න නොදි එයා ගාව තියාගත්තා.අන්තිමේ ඔව්වා කියවන්න ඕනේ නිසා ඉස්කෝලෙදි ටීචර්ලා උගන්නද්දි කතා පොත යටින් තියාගෙන කියවලා බැලුවා ඇයි මෙව්වා හැංගුවේ මට නොදී කියලා.... හැබැයි ඒ හංගපු එකත් හොඳයි කියලා හිතුනා මොකද ඒවා ඒ තරම් අල්ලලා ගියේ නෑ.
මැක්සිම් ගෝර්කි ඒ කාලෙ කියෙව්වට කිසිම තේරුමක් තිබුනේ නෑ හැබැයි ආයෙ ලඟකදි කියෙව්වම තමා තේරෙන්න ගත්තේ මොකක්ද කේස් එක කියලා...
මමත් ඔය ටික ඔහොමම කරා, අප්පච්චිගේ කාඩ් 1න් පොත් ගන්නේ,
Deleteඅම්මලාගෙන් ගුටිත් කාල තියනවා පාඩම් පොත අස්සේ දාගෙන පොත් කියවලා මාට්ටු වෙලා,
දැන්නම් පුදුමත් හිතෙනවා ඒ කාලේ කියවපු පොත් මතක් වෙලා,
කියවපු කියවිල්ලක්, දැන් ඒකට මේ කොම්පුටර් කෙලිය එක්ක පොතක් කියවෙන්නෙම නැති තරම්
ආ ... මම විතරයි මෙතනට අඩු. මමත් ඔහොමයි අප්පා. ඒ කාලෙ කියවපු තරම්. ඒකට දැන්, වදෙන් පොරෙන් අමාරුවෙන් කියවන්නෙ. කාලයක් මට මහජන පුස්තකාල දෙකක සාමාජිකත්වය තිබ්බා. සතියට පොත් 8ක් වත් අනිවා කියවනව. පස්සෙ වෙලාවක් නැති නිසා ඒ සාමාජිකත්ව අළුත් කරේ නෑ. සමහර දාට පොතත් අරන් ඇඳට ගියාම පාන්දර 3-4-5 වෙනකළුත් කියවල පොත ඉවරකරලම තමයි නිදාගන්නෙ. සමහරදාට මම පොත කියවල නිදා ගන්න හදනකොට අම්මල නින්දක් නිදාගෙන උදේට නැගිටිනවත් එක්ක. මමත් ශිෂ්‍යත්වෙ කරන කාලෙ අපේ අම්මටත් පුස්තකාලෙක සාමාජිකත්වයක් තිබුණා. මමත් කොහොම හරි ඒ පොත් කියවනව. දැනටත් ඉඩ ලැබෙන හැටියෙ කොහොම හරි පොතක්ම තමා. දැන් නම් මම හැම මාසෙකම වගේ එකගානෙ පොතක් අර ගන්නව. ඉඩ තියෙන හැටියෙන් කියවන්න.
Deleteබලාගෙන ගියාම ඔක්කොමල්ලාගේ පොඩි කාලේ ගොඩාක් සමානයිනේ.... ඔහොම පුරුදු නොතිබුනානම් බ්ලොග් කියවන්න ලියන්න එයියැ නේද...
Deleteවචන හරිද දන්නේ නෑ මතක් වුනේ මේ වාක්‍යය..
flock of feather get together
වැරදි නම් නිවැරදි කරන්ඩෝ..
Birds of a feather flocks to-gether
Deleteමොකද්ද අප්පේ ඒ?? -සිතමින්-
ReplyDeleteඅන්තිමට කිව්ව වගේම සිදුවීමක් මීට අවුරුදු ගණනකට කලින් මට දකින්න ලැබුනා..
ReplyDeleteඒ අබා චිත්‍රපටිය පෙන්නන්න පටන් ගත්තුම කාලේ.. රාජගිරිය ඉම්පාලා හෝල් එකේ.. අපේ සෙට් එකේ දහදෙනෙක් විතර තමයි ගියේ.. මගේ (අ)වාසනාවට අනිත් උන් වාඩි වෙච්චි පෝලිමේ ඉඩ මදිවෙලා ඉස්සරහ පෝලිමකට යන්න උනා.. මගේ එහා පැත්තේ හිටියේ තාත්තෙකුයි අවරුදු පහක හයක විතර පොඩි දරුවෙකුයි පාසල් යන වයසේ ගැහැණු ළමයි දෙන්නෙක්.. චිත්‍රපටිය පටන් ගන්නේ තිඹිරිගෙයකදී දරුවෙක් බිහිවෙන දර්ශණයකින්..
වින්නඹු කාන්තාව පොඩි ළමය අතට ගන්නකොටම අර පොඩි දරුව තාත්තගෙන් ඇහුවා තාත්තේ තාත්තේ අර බබා කොහෙන්ද ආවේ? කියල..
පන්සල් සුදුව කියන වචනේ තේරුම මොකක්ද? අනේ මන්ද මටනම් වචනෙන් අර්තයක් ගන්න බැහැ.. සමලිංගික කථාවක් කියලනම් තේරුනා.. එත් පන්සල් සුදුව කියන්නේ ඇයි ඒකට ????
ReplyDeleteකථාව එල ,ජය!!!!
ඒ මොකක් ද ඒ???? අනේ මම නම් දන්නෙ නැහැනෙ. ඔය උන්නාන්සෙම කිව්ව නම්.......
ReplyDeleteමේක අහගන්න උන්නාන්සේගේ තාත්තාවම හොයා ගෙන යන්න වෙයිද දන්නේ නෑ වේද මහත්තයෝ..
Deleteඇත්තට වෙද මහත්තයෝ මේ ගැන කොහොමද පොඩි අයට කියා දෙන්නෙ...!
Deleteමේ ටිකේ පොඩි වැඩක හිරවෙලා ඉන්නෙ. ඒක ඉවර වුණු ගමන් ඔය ගැන ලියන්නම්කෝ. මේ බුද්ධියට තියෙන හදිසියක් පොඩි වුන්ට කියලා දෙන්න.
Deleteඅනේ අපිනම් නොදනී .
ReplyDeleteමමත් ඔය නම ඇහුවේ අදමයි ....
ReplyDeleteමාත් අම්මා පොත කියෙව්වේ අවුරැදු 9න් විතර තමා. අපේ තාත්තලා කලබල කාලේ වලදාලා තිබුණ පොත් ටික ඒ කාලේ තමා ගොඩ ගත්ෙත්. මෙලෝ දෙයක් තේරැණේ නම් නෑ. තාත්තා ඉස්සර සිගරට් බොන කොට මං කෑ ගහනවලු. පස්සේ තාත්තා ඒ සල්ලි වලින් පොත් ගේන්න පුරැදු උනා. මං කොච්චර කියෙව්වද කිව්වොත් මට කතාව පොතේ පිටුවෙන් පිටුව කියන්න පුළුවන් ඉස්සර. අම්මට ගෙන්ත් දුන්න පොතකුත් අම්මා එළියට යනකම් ඉදලා හැංගුව තැනකින් අරගෙන කියෙව්වා මතකයි.
ReplyDeleteඉස්කෝලේ 12 13 පන්ති වලදි මං වැඩිපුර හිටියේ පුස්තකාලේ. ටීචර්ලා පොත් බෑග් එක බලලා නමට එක දානවා. පුස්තකාලේ පොත් ඔක්කොම කියවලා පන්තියේ කෙල්ලෝ ටිකට ඕනෙම කරන පිටු ටික මාක් කරලා ගෙනිහින් දෙනවා. කොලරා කාලේ ආලේ එහෙම. තව තිබ්බා දැං මතක නෑ.
බැදලා එනකොට පොත් ටික ගෙදර තියලා ආවා. තාත්තා හැමදාම කාමරේ සුද්ධ කරලා ඇදට වෙලා පොත් ටික දිහා බලං ඉන්නවලු තාම. දැං නම් පොත් ගන්න මට සල්ලි නෑ.
ඉතින් "අපේ මිනිහට" කියලා පොත් රාක්කයක් හදාගෙන ගෙදර තියෙන පොත්ටික ගෙනත් දාගෙන ආයෙත් කියවීම පටන්ගන්න බැරියැ.
Deleteනියමයි හිරූ. මගෙ ප්‍රනාමය මේ වගෙ කැපවීමක් කියවීමට තිබීම ගැන. අපේ පවුලමත් එහෙමයි.
Deletehenryblogwalker the Dude
ඕනේකම නම් තියෙනවා. ඒත් පොත් රාක්කයක් හදා ගන්න කලින් අපේ මිනිහට කියලා ගෙයක් හදාගන්න එපැයි ඒක තියාගන්න.... හි හි......තාත්තට මාව මතක් වෙන්න තියෙන්නේ ඒ ටික විතරලු...
Deleteස්තූතියි... ඒත් දැං නං කියවන්න ආස නෑ. ඉස්සර බුක් ෆෙයා ගියාම 20000 ක විතර පොත් අරන් ආව මං දැං ඒ පැත්ත පලාතේ යන්නේ නෑ.... එකක් දෙකක් අරං ආපහු එන්න හිත හදා ගන්න බැරි නිසා....
පන්සල් සූදුව.... අදමයි ඇහුවේ!
ReplyDeleteමාත් මුලින් හිතුවේ මාරයා මේ ඊයේ පෙරේදා ලියූ හිඟාකෑම, සිළුමිණ ඇඩ්සෙන්ස් වගේ ප්‍රෝඩාවක් ගැනයි මේ කතාව කියලා!
Deleteපියා ඒකට ඒ නම තියන්න ඇත්තෙ පන්සල් වල විශේෂයෙන්ම ඒ දේ සිදුවන බව හොඳින් දැන සිටි නිසා වෙන්ටැ ඇහැකි.
ReplyDeleteඒ කාලේ අම්මලා තාත්තලා ඔය මාතෘකා ගැන දරුවන්ව දැනුවත් කරන්න දැනගෙන හිටියෙ නෑ. අම්මලාගේ අම්මලාවත් තාත්තලාගෙ තාත්තලාවත්. අපේ අම්මත් හැම වෙලේම මොකක් හරි තහනම් කරලා ඒකට කවදාවත් ඇයි කියන දේ කියලා නෑ. "එහෙම තමයි. පොඩි අයට ඕනා නෑ". ඔය වගේ කතා තමයි කිව්වෙ. ඉතින් ඒ වගේ උත්තර වලින් මගේ හිත රිදුන අවස්තා බෝහෝමයයි. ඇයි වදේ...අපි එයාලගෙන් ලෝකෙ වෙන දේවල් දැන ගන්නෙ නැත්නම්, එයාලා අපිව දැනුවත් කරන්නෙත් නැත්නම් වෙන කව්ද ඒක කරන්නෙ?! මූණ, හිත, ලේ ඔක්කොම ඇඹුල් එහෙම දෙයක් අහලා නොකියා උන්නාහාම. ඒ කාලේ නීතිය: ඇයි බැයි, උත්තර, පත්තර නොකියා දෙමව්පියන්ට හිස නමා කීකරු වෙන එකයි.
අද කාලෙ ළමයි වාසනාවන්තයි ඒ අතින්. අම්මලා තාත්තලා ළමයින්ට ගොඩක් සමීපයි හැම පැත්තෙන්ම. ඕනා දෙයක් ඒ ඒ වයසට ගැලපෙන අන්දමින්, සුදුසු ප්‍රමාණයෙන් කියා දෙන්න අද බොහෝ දෙමව්පියො දන්නවා.
මේකට ඔය වචනෙ කියනවා ඇහුවමයි.. ඔන්න මාරයා මල්ලි මේක දන්නෙ නෑ දන්නෙ නෑ.. මොකද්ද කියලා අහලා ඉන්න මල්ලිලා ටික පෝලිම් ගස්සලා ඕන් ඔහෙ ප්‍රැක්ටිකල් වම කියලා දුන්න නම් .. ඒකත් පිනක් නොවැ .. නොදන්න යමක් කියා දෙන එක.. :-D
ReplyDeleteමළා!
Deleteමොකෝ කසූ කලබල උනේ ? ඉස්සෙල්ලා කීවද දන්නෙ නෑ කියලා.. :-D
Deleteඅඩෝ වෙනියා උඹ කඩේ වහලා ඇවිල්ලා මෙහෙ මාරයගෙ කමෙන්ට් වලට උත්තර දිදී ඉන්නෙ නැතුව ගෙදර ගිහින් බලපන්කො අර පාඨකයො උඹේ පෝස්ට් එකට දීලා තියෙන කමෙන්ට්.
Deletehenryblogwalker the Dude
ඒවා කියෙව්වා හෙන්රි.. සතුටුයි.. නිවී හැනහිල්ලෙ උත්තර ලියනවා..
Deleteඅපි පුංචිකාලේ කිව්ව පැණි කතාවක් මට මතක් වුනා.
ReplyDeleteමේක මේ තරුණ හාමුදුරු කෙනෙකුයි ඇබිත්ත කොළුවෙකුයි අතර සිද්ධවෙන මෙව්ව එකක්.
හා. :- උඹ දන්නවද සල්ලි අච්චුගහන හැටි....?
ඇ.කො.:- !!!!????
හා. :- වරෙන් කියලා දෙන්න
(අදුරු කාමරයක පැදුරක් එලා ඇත. එහි ඇබිත්තයාව දිගා කරවන හාමුදුරුවෝ, ඇබිත්තයාට .....මෙව්ව කරනවා,...අනතුරුව නැගී සිට.....
හා. :- දැන් බලපන් පැදුර යට....
ඇ.කො.:- (විශ්මයෙන්) අම්මට සිරි රුපියල් දෙකේ කොළයක්....!!!
හා. :- ඒක තමයි කියන්නෙ, උඹ ඕක තියාගනින්...ආයෙ ඔනැවුනොත් අච්චුගහගන්න බැරියැ....
ඔකට "පංසලේ සෙල්ලම" කියලත් කියනවා.සී.ඒ. චන්ද්‍රපේමගේ "කොළපාට සමාජය" පොතෙත් ඒ ගැන තිබුණා.
ඔය වචනේ පාවිච්චි කරලා තියෙන්නේ ඕක බහුලව ඔය තැන්වල දකින්න පුලුවන් වීම හින්දනෙ.පන්සල් විතරක් නෙමෙයි පල්ලි කෝවිල් වගේ ස්ත්‍රී ඇසුරක් ලබන්න බැරි තැන්වල සමරිසිභාවය ඇති වෙනවා.ඒකෙන් වෙන්නේ පහසු ගොදුරක් වෙන පුංචි කොලු පැටව් අනතුරේ වැටෙන් එක.අන්තිමට උනුත් ඇබ්බැහි වෙනවා ඒකට.ආගමික ඇත්තන්ට තමංගේ ලිංගික ආසාවල් ප්‍රහීන කරන්ඩ බැරිනං ගිහි වෙන එක කරනවා මිසක් ඔය වගේ පහත් වැඩ කරන එක හරිද?
ReplyDeleteලෝකෙ මොන මතවාද ඇති උනත් මමනං සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරනවා.සත්තු එක්ක මෘත ශරීර එක්ක ලිංගිකව හැසිරීම මානසික රෝග වෙද්දි ස්වභාව ධර්මයට පටහැනි වෙන සමලිංගිකත්වය විතරක් රෝගයක් නොවෙන්නේ ඇයි කියලා මටනං තේරෙන්නේ නෑ.
පන්සල් පල්ලි ඇරුනම පිරිමි හෝ කාන්තා ලෙස වෙන්කර ඇති පාසල්, හමුදා කඳවුරු ආදියත් මේ විදිහට මනස විකෘති කරන්ඩ දායක වෙනවා.එයිට අමතරව පවුලේ ආභාශයත් මේකට සැහෙන්න බලපානවා කියලනෙ කියන්නෙ.
වම් අතින් ලිවීමත් ඇතුළු වැඩ කිරීම රෝගයක් ලෙස සැලකුණා කාලෙකට කලින්. පස්සේ ලෝකයා තේරුම් ගත්තා.
Deleteඒ කියන්නේ කසූ හිතනවද තව තික කාලෙකින් අර මම කියපු අනිත් උදාහරණත් සාමාන්‍යයි කියලා ලෝකයා තේරුම් ගනී කියලා???
Delete@ දිනුක
Deleteවෙලාවක් තියෙනවා නම් මේ බ්ලොග් එක කියවලා බලන්න
http://malatanoenabambaru.blogspot.com/
මේ කියන්නේ වැඩිහිටි පිරිමින් විසින් පොඩි වයසේ පිරිමි ළමුන් ලිංගික අපචාරයට පත්කිරීම ගැනයි.
ReplyDeleteමේවා සම ලිංගික සම්බන්ධකම් නොවේ. ගැහැණු අය සමග ඇසුරු කිරීමට නොහැකියාව නිසා ලිංගික පීඩනයට පත් අය විසින් කරන අපචාරයක්.
මෙවැනි පිරිමි බහුලව ඉන්නා පන්සල් පාදක කොටගෙන මේ පන්සල් සූදුව යන වචන නිමවී ඇති බව පෙනේ.
ඔය කියන්නේ වන්වේ ට්‍රැවලින් වෙන්නැති
ReplyDeleteමම අහලා තිබුනා ඔය වචනය කලින්
ReplyDeleteඅදමයි ඇහුවේ.
ReplyDeleteකමෙන්ට් ටික නිසා තේරුම් ගැනීමේ හැකියාව ලැබුණි.
අපේ ඉස්කෝලෙ ගාවත් හිටිය මෙහෙම සූදු කාරයෙක්. පොරට කිව්වෙ "පේර සීය" කියල. පොඩි ලමයි දෙන්නෙකුට හැමදාම පේර කන්ඩ දීල යාලු කරගෙන ගෙදර එක්කරන් ගිහින්. වැඩේ අතරමගදි පොඩි උන් දෙන්න කෑ ගහල බේරිලා ඇවිත්. පොඩි වුනාට උන්ට තේරිලා වැඩේ නරකයි කියල.
ReplyDeleteපන්සල් සුදුව කියන්නේ මේකට නේද ?
ReplyDeletehttp://ganakamadura.blogspot.com/2012/07/Homosexuality.html
මට තේරුනේ නම් එහෙමයි
ඔය පන්සල් සූදුව බුදුන්ගේ කාලෙත් තිබිලා රාහුල සාමනේර හාමුදුරුවොත් ඔය සූදුවට අහුවුනායි කලකිරුනු බුදු හාමුදුරුවෝ ඒ සූදුව නතරකරන්න හිතාගෙන විනය නීති පැනෙව්වා කියලා මගේ මිතුරියක් දවසක් කිව්වා . ...
ReplyDeleteඅප්පා බුදු හාමුදුරුවන්ට මාර අප්සට් යන්න ඇති නේද?දුක හිතෙන්නත් ඇති නේද? ඒ වෙද්දී බුදු හාමුදුරුවෝ බුදු වෙලා ඉන්නෙත් නැතිව ඇති නේද?
Deleteදුකා ගේ middle stump එකම ගැලවිලා ගිහින්!
Deleteමාරයියා ඡන්ද කෙරුවාව කරන්නෙත් ලංකාවේ ඡන්ද ක්‍රමේ වගේම තමා.... දැන් ඕකෙන් කෝකට දුන්නත් එකයි... නරක අඩුම විදියට ලියපු වාක්‍යය තෝරන්නයි තියෙන්නේ
ReplyDeleteමම හිතුවේ පන්සලක බූරුවා සෙල්ලම් කරලා කියලා,,ඇවිල්ලා බලනකොටනේ වැඩේ තේරුනේ
ReplyDeleteකමෙන්ට්ස් ටික නිසා යන්තම් තේරුම් ගත්තා..
ReplyDeleteතේරුනත් නොතේරුනා වගේ ඉන්න එක ඇගට ගුණයි..
ReplyDeleteහි හි
හප්පුච්චියේ .... අර සුද්දිලාගෙ කතාව පොඩි එවුවොන්ට කියවන්ට හොඳ පොතක් නෙවෙයි නෙව. මම අවුරුදු 16 විතර කාලෙද ඕක කියවලත් මනෝ ගහල හිටිය. මොකද එහෙම සමාජයක් ගැන දැනුමක් මට ඒ වෙනකොටත් තිබුණෙ නැති නිසා. බොරු මොකටද, ඊට පස්සෙ මම නවගත්තෙගම මහත්තයගෙ පොත් හොයාගෙන කියෙව්වෙ. හික් හික්....
ReplyDeleteමාරයාගේ හෝරාවට දාන පළමු කොමටනුව!
ReplyDeleteමේකෙ තියන හුඟක් දේවල් කියවද්දි ඒව නිකං මගේ අත්දැකීම් වගේ. මාරයගේ ජීවිත කතාව මගේ එකට සමීප තැන් බොහොමයි. හැබැයි තාමත් අවුරුදු අටක් තිස්සෙ කරන්නෙ පළවෙනි ජොබ් කට්ටම තමා.
අපේ ළමා කාලය ඇත්තෙන්ම එක්තරා සංක්‍රමණික අවධියක් කියල මට හිතෙන්නෙ. නගරෙනම් මදෑ අද කාලෙ ගම්වල ඉන්න කොල්ලො කුරුට්ටොවත් ගමක තියන ගැමිකම විඳිනවද? ඒත් අපේ දෙමව්පියො ඒ ගොල්ලන්ගෙ දෙමව්පියො අපේ ගැමි සංස්කෘතිය හොඳින්ම උකහා ගත්ත ඈයො. අපේ පරම්පරාව ඉන්නෙ මේ දෙකටම අතර මැද්දෙ.
පන්සල් සූදුව ගැන කියනවනම්, මාටින් වික්රමසිංහයන්ගෙ නව කතාවකත් මේ ළඟින් යන පොඩි සඳහනක් තිබ්බ වගේ මතකයි. කරුවල ගෙදරද?
// හේතුව ඒවායේ තිබූ ලිංගික චර්යාවන් උලුප්පා ලිවීමේ ගතිය නිසා වන්නට හැක. ලිංගිකත්වය ගැන කිසිදු අත්දැකීමක් හෝ... අදහසක් නොතිබුනද.. ඒවායේ ඇති යම් කිසි රසයක් ගැන ස්වභාවයෙන් ඇදෙන ගතියක් මා තුල නොවුනා යැයි කීව හොත් එය අසත්‍යකි. ගැහැණුන් හා මිනිසුන් අතර කෙරෙනා රහසිගත ක්‍රියාදාමයන් ගැන සිතේ ඇති වන කුහුල දිනෙන් දින වැඩෙනා සමයක එවැනි පොත පතට සිත ඇඳී යාම අරුමයක් යැයි මා සිතන්නේ නැත.//
ReplyDeleteසහතික ඇත්ත...!!!!
ඉහල ඉදන් පහලට කියෙව්වා පහල ඉදන් ඉහලට කියෙව්වා. කො දෙයියනේ පංසලේ සූදුව ගැන කතාවක් ??? මාරේ අයියා මේ ඔබේ අවධානය පිණිසයි !!!
ReplyDeleteඔය නම නම් ඇහුවෙ අදමයි... හැබැයි හොඳටම ගැලපෙන නම...
ReplyDelete.........
මේ කෑල්ල 18+ .. කැමතිනම් මකල දාන එකයි...
දවසක් හාමුදුරුවො ඇබිත්ත කොල්ලත් එක්ක ගියාලු බෙහෙත් අරන් දෙන්න... මුත්‍රා පරීක්සනයක් කරන්න වුණාලු... ඔය අස්සෙ ලැබ් එකට මුගෙ මුත්‍රා එක බබෙක් හම්ම්බ වෙන්න ඉන්න ගැහැනු කෙනෙක් ගෙ මුත්‍රා එකත් එක්ක මාරු වෙලා... ඩොකා කිව්වලු මේ ලෙඩාට නම් බබක් හම්බවෙන ලකුණු තියෙනව කියල... හාමුදුරුවො නෑ.. නෑ.. ඕක මේ කොල්ලගෙ කියන්න හදනකොටම අරූ කියපිලු..." ඕක තමා හාමුදුරුවන්ට මම හැමදාම රෑට රෑට බෑ කිව්වෙ කියල.."
"මැක්සිම් ගෝර්කිගේ "අම්මා" පොත කියවන විට මට වයස අවුරුදු 10 කි." මම අදයි කියවන්න පටන්ගත්තෙ..
ReplyDeleteමමත් කියෙව්වා .හැමෝම කියවන්න වටින පොතක්
Deleteපොස්ට් එකේ තේරුනේ නැති උනාට කමෙන්ට් බැලුවම කාරනේ තේරුණා..
ReplyDeleteපහු වෙලා එන එකේ වාසිය තමා ඒක.. :)
මේ සූදුව පන්සලේ විතරක් නෙමෙයි පාසල් වලත් සෑහෙන්න තියෙනවා,විශේෂයෙන් අවුරුදු 10-15 අතරේ ළමයින්ව බාලදක්ෂ ව්‍යාපාර වලට එහෙම යවනකොට සෑහෙන පරිස්සම් වෙන්න වෙනවා.ඇත්තටම ඒ වයසේ ළමයි මේ සූදුවට යොමු වෙන්නේ විරුද්ධ ලිංගිකයින් එක්ක ඇසුරක් ලැබෙන්න අවස්තාවක් නැති නිසා,එත් පස්සේ වයසින් වැඩෙනකොට හුඟ දෙනෙක් නිකන්ම සූදුව අතාරිනවා..
ReplyDelete"මල්ලී ලගදී පන්සල පැත්තේ ආවෙත් නැහෑ.
ReplyDeleteආනමාලු කෝලිකුට්ටු බර වෙලා."
පන්සලේ සූදුව සම්බන්ධයෙන් ටිකක් ප්‍රසිද්ධ කියමනක්
කොමන්ට්ස් වලින් වැඩේ දැන ගන්න පුලුවන්
ReplyDeleteඒත් -------------------------------------
අපේ පැරැන්නො මේව දැන සිටි නමුත්
පන්සලෙන් ඈත් උනේ නෑ නේ
ඒ ගෞරවය නිසි පදමට ලබා දෙමින්
ඒවා නඩත්තු කලේ ඇයි ?
නූගත්කමද? ශ්රද්ධාවද? දුප්පත්කමද?
හත් ඉලව්වයි මොකක්ද ඒ වචනේ තේරුම මාරයා අයියේ ඒකත් ලියන්නකෝ
ReplyDeleteකොමෙන්ටු කියවීමෙන් තේරුම් ගත්තෙමි
Delete