25 July 2012

මාරයා ඔබා අයියාගෙන් මුදල් ගත්තාද..?

අහක යන ටිංකිරි ගාගන්න කැමැත්තක් නැතත් දිගින් දිගටම ඇදිලා යන කතා අතරේ යන අදාල නැති මඩ පාරක් දැක්කම ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනද නැද්ද කියලා සෑහෙන්න හිතුවා.ඒත් අපේ බ්ලොග් කියවන අය අතරේ සමහරක් ඉන්නවා කිසිම දෙයක් හරියාකාරව අවබෝධ කරගන්න බැරි මට්ටමේ අය... හොඳම උදාහරණේ තමා මේ දවස්වල නැගලා යන වර්ගපූර්ණිකාවට සීරියස් කමෙන්ට් දාන උදවිය... කිසිම දෙයක් හොයා නොබලා දෙන දේ ගෙඩිය පිටින්ම ගිලින අය ඉන්න තැනක සුළු හෝ පැහැදිලි කිරීමක් නොකරන එක අවසානෙට බොරුවක් ඇත්තක් බවට පත් කිරීමක් වෙන්න පුළුවන් කියලා හිතෙන හින්දා අකමැත්තෙන් උනත් මේ ටික කියන්න සිද්ධ වෙනවා.

මේ දවස්වල බ්ලොග් අතරේ ඇනෝනිමස්ලා වැහි වැහැලා වගේම මඩ ලොරි ගානට එහෙ මෙහෙ වෙන්නේ.. ඕවා නොදන්න අය නැහැනේ.. හැබැයි ඊයේ වෙනකොට ඇනෝ කෙනෙක් හැටියට නැතිව බ්ලොග් කරුවෙක් පැහැදිලි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා තිබුනා තවත් බ්ලොග් කරුවෙකුට. මේ තියෙන්නේ ඒ ලිපියට පාර...


ඔය ලිපිය ගැන නෙවෙයි මං මේ කතා කරන්න යන්නේ.. ඔය ලිපිය ගැන තවත් අළුත් මඩ බ්ලොග් එකක් වන කබ්බන්ගේ ලෝකය යන අඩවියේ අද පල උන පොස්ටුවක් ගැනයි...


ඔකේ තියෙනවා කොටසක් මෙන්න මෙහෙම...

"මට මෙහි මාරයාගේ ස්ථානය ගැන මා හට කිසිම වැටහීමක් නැත.ඔබා ව ATM යන්ත්‍රයක් කරගත් අංක එකේ තක්කඩියා විසින් අභීත ගැන ලියන්නේ කෙසේදැයි මට ප්‍රහේලිකාවකි.අභීතයා සල්ලි ගත්තේ දුක කියා නයටය.මාරයා සල්ලි ගත්තේ දුක කියා පිනටය."

මට කියන්න ඕන ඔන්න ඔය කෑල්ල ගැන විතරයි...

මම මේ බ්ලොග් කෙරුවාවට ඇවිත් දැන් අවුරුදු තුනකට ආසන්නයි..මේ කාල සීමාව ඇතුලතදී මම බ්ලොග් ලියන කියවන බොහෝමයක් පිරිස දැන හඳුනා ගත්තා... ඒ අය අතරින් සමහරු බොහෝම සමීපව ආස්සරය කරන්නත් ගත්තා... සමහරුන්ව ටික දවසක් ආස්සරය කරලා ටිකක් ඈත් කරලත් දැම්මා.. තවත් අය එදා ඉදන් අද වෙනකල්ම ආස්සරය කරනවා.

හැබැයි පුතෝ ඔය ඇසුරු නිසුරු කරන අයගෙන් වවාගෙන කන්නවත්.. කඩාගෙන කන්නවත් ගිය එකෙක් නෙවෙයි මේ උන්දෑ... ආන්න ඒක පැහැදිලිව කියන්න ඕන.

මට මෙතනදී කියන්න අයිතියක් නැහැ මම බ්ලොග් කරුවන් සමඟ ගනු දෙනු කරන්නේ නැහැ කියලා.. හැබැයි ඒ මම දැනට සුළු ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන කේන්ද්‍ර බැලීමට සම්බන්ධවයි. එයට අදාලව මං ආරම්භ කරලා තියෙන බ්ලොග් එකේ සඳහන් පරිදි බොහෝම නිරවුල්ව ගනුදෙනු අද වෙනතෙක් කරලා තියෙනවා. ඒ කියන්නේ මට යම් කිසි කෙනෙක් අදාල කාර්යයට මුදල් ගෙවා ඒ බව තහවුරු කර ගත්තට පස්සේ අනිවාර්යයෙන් පොරොන්දු කාලය ඇතුලත ඒ වැඩේ කරලා දීලා තියෙනවා.. ඒ වගේමයි මේ වෙනකල් එකම ගණු දෙනු කාරයෙකුටවත් පොලු තියලා නැහැ. සල්ලි අරං මඟ ඇරලැ නැහැ.. දෙනවයි කිව්ව දවසට වැඩේ නොදී ඉදලත් නැහැ... මොනවාම හරි අවුලක් හින්දා මට එයාලා ඉල්ලන දවසට වැඩේ දෙන්න බැරි වෙන තත්වයක් තියේනං එයාලා මට කතා කරනකල් නොයිද මංම කල් ඇතිව තියෙන අපහසුතාවය පැහැදිලි කරලා දීලා දවසක් හෝ දෙකක් කල් අරං ඒ දේවල් විස්වාසය ආරක්ෂා වෙන විදියට කරලා දීලත් තියෙනවා. ඒ ව්‍යාපාරය අංශයෙන්..

අනිත් අතින් මම එක ගනුදෙනුවක් කරලා තියෙනවා බ්ලොග් අවකාශ තුල දැන හඳුනාගත් අයකු සමඟින්.. (මගේ ව්‍යපාරය ආරම්භ කරන මොහොතේ) හැබැයි ඒ ඔබා අයියා නෙවෙයි... මාව දන්න හුග දෙනෙක් දන්නවා ඒ කා එක්කද කියලා.. මට උන්නැහේගෙන් අහන්නේ නැතිව මෙතන නම දාන්න විදියක් නැහැ.. ඒත් උන්නැහේම ඇවිත් මෙතන කමෙන්ටුවක් හැටියට හරි ඒ ගැන කියනවනං මං බොහෝම සතුටුයි.

ආන්න ඒ ගනු දෙනුව ඇර කිසිම ආකාරයෙන් පෞද්ගලිකව මුදල් ගනුදෙනුවක් මංතුමා එක්ක වෙන කාටවත් නැහැ.

එයට අමතරව මගේ ගිණුමට ලක්ෂ ගණන් මුදල් එවපු අය හිටියා. හැබැයි ඒ මට නෙවෙයි අපි සමූහයක් එකතු වෙලා කරපු පොදු වැඩවලට. ඒ ගැන විස්තරත් ඕනනං මට පෙන්නිය හැකියි කිසිම ගැටළුවක් නැතිව... එහෙම පොදු වැඩ වලට මට මුදල් එවපු අය අතරින් කවුරු හරි මට කියනවනං ඒ ගැන පැහැදිලි කරන්න කියලා මං ඒ ටිකත් මෙතන පෙන්වන්නං... බොහෝම නිරවුල්ව කෙරුණ සමාජ සේවා කටයුතු ටිකක් ඒ...

එතකොට ඔබා අයියාට මං ණය නැද්ද..?

ඔබා අයියාට මං ණයයි..ඇත්තටම ඒ මනුස්සකමේ ණය විතරයි.. ඒ තරමට අදහාගන්න බැරි තරමේ මනුස්සකමක් ඔබා අයියා මට දුන්නා.. ඒ ගැන මං අවුරුදු දවසේ ලියපු පෝස්ටුව කියවන කෙනෙකුට දැන ගන්න පුළුවන්. දැන හඳුනාගත් දවසේ පටන් නිතරම මට කතා කරපු මනුස්සයෙක්... ලංකාවට ආවනං කොහොම හරි ඇවිත් මාත් එක්ක කතා කරලා යන මනුස්සයෙක්... නිතරම මගේ ගැන හොයා බලපු මනුස්සයෙක්... ඇතත්ම කිව්වොත් මං ව්‍යාපාරය ආරම්භ කරන්න හදන වග දැනගෙන මගෙන් කතා කරලා මට උදව් කරන්න ලෑස්ති වෙච්ච මනුස්සයෙක්.. එහෙම උදව් කරන්න හදන වෙලෙත් මට ඔබා අයියගෙන් උදව් ගන්න ඕන උනේ නැත්තේ මං කලින් කිව්ව මම ගනුදෙනුවක් කල එකම කෙනා මට ඒ වන විටත් උදව් කරලා තිබුන නිසයි. ඔය තමා ඇත්තම කතාව...

හැබැයි ඔබා අයියා බ්ලොග් අවකාශය තුල කා එක්ක ගනුදෙනු කලාද..? ඒ කරපු ගණුදෙනු ආයෙමත් ඔබා අයියට ලැබුනද නැද්ද..? ඒවායේ වටිනාකම් කොහොමද..? කියන කරුණු මං ඉතාමත් හොඳින් දන්නවා. මොකද අවසානය දක්වාම ඔබා අයියා මාත් එක්ක කතා බහ කල හින්දා... මේ කතාවත් කියන්න ඒනම දෙයක්.. ඒ තමා ඔබා අයියගේ අන්තිම පෝස්ටුව වෙච්ච "සත්තයි කුණුහරප නෙවේ" කියන පෝස්ට් එක... ඒ පෝස්ටුවට ඒ නම උන්දෑ දැම්මේ මට පේන්න..දාලා මට අන්න බලපං කියලා කිව්වේ විහිළුවට... ඒකට හේතුව උන්දෑ මාව බලන්න අවුරුදු දවසේ ආව වෙලේ අපි බ්ලොග් ගැන කියව කියව ඉන්න කොට මං කියපු දෙයක්... කොටින්ම කිව්වොත් නොකියා කියන කුණුහරප පැත්තටම නැතිව ටිකක් අතීත පඳුරු තල තලම ලියහං අයියේ කියන වචන ටික... ඊට පස්සේ අපි දෙන්නා ඔය ගැන හිනා වෙවී කතා කර කර හිටියා.. අන්තිමට ඔය වගේ ලිපියක් ලියලා මට පෙන්නලා ඔබා අයියා ආයේ නොයෙන්නම ගියා.. ඒ තමා ඇත්ත කතාව... ඒ විතරක් නෙවෙයි අන්තිම වතාවට ලංකාවට ඇවිත් පිටත් වෙලා ගියාට පස්සේ මට කතා කරපු වෙලේක මේ පාරවත් උන්දැගේ ගනුදෙනු පියඋනාද කියන කාරණාව ගැනත් මට සම්පූර්ණ විස්තරයක් කිව්වා කියන කාරණාවත් කියන්න ඕන... කවුරු කාව රැවැට්ටුවත් ඇත්ත කතාව මොකක්ද කියලා කතාවේ ඉන්න නළුවෝ ටික දන්නවා...

ඇත්තටම මේක ලියලා දාන එක මෝඩකමක්... ඒත් තැනින් තැන ඔපාදූපයක් හැටියට නැති කතාවක් ඇදි ඇදි ගිහින් ටික කලක් යනකොට ඕක සම්පූර්ණ ඇත්තක් විදියට සමාජගත වෙනවා. ඒ හින්දා මං කියන්න ඕන දේ නොකියා ඉඳිම තේරුමක් නැති වැඩක් හින්දා මේ ටික අකුරු කරන්න හිතුවේ...

කොටින්ම කියනවනං ඔබා අයියට මං ණයයි..හැබැයි ඒ මුදල් නෙවෙයි.. ඔහුගෙන් මට ලැබුන මනුස්සකම විතරයි...

110 comments:

  1. කතාව ඇත්ත.අන්තිමට ඉතුරු වෙන්නෙ මනුස්සකම් විතරයි.

    ReplyDelete
    Replies
    1. හදිසි ශල්‍යකර්මයකට රෝහලට කැඳවුණු වෛද්‍යවරයා ශල්‍යාගාරයට ඇතුළුවුනේ කඩිනමින්. සැත්කමට භාජනය වීමට නියමිත දරුවාගේ පියා, වෛද්‍යවරයා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා හිටියා. වෛද්‍යවරයා දුටු ගමන් එයා වෛද්‍යවරයා වෙත කඩා පැන්නා. “ඇයි ඔයා එන්න මෙච්චර වෙලා ගත්තේ? මගේ පුතාගේ ජීවිතය අනතුරේ බව දන්නෙ නැද්ද? කිසිම වගකීමක් නැති හැටි!”

      වෛද්‍යවරයා සිනහමුසුව මෙහෙම කිව්වා. “මම හිටියේ රෝහලේ නෙවෙයි. පණිවිඩේ ලැබුණු ගමන් තමයි මම ආවේ. දැන් ඉතින් කලබල නොවී ඉන්නකෝ…!”

      “කලබල නොවී ඉන්න?! කලබල නොවී ඉන්නෙ කොහොමද?! ඔයාගේ පුතාට මෙහෙම දෙය වුනොත් ඔයා කලබල නොවී ඉන්නවද?!” පියා තරහින් කෑ ගහුවා.

      තවමත් සිනහමුසුව ඉන්න වෛද්‍යවරයා පියාට උත්තර දුන්නේ මෙහෙම. “මිනිස්සු ඉපදෙනවා. ඒ වගේම මැරෙනවා. වෛද්‍යවරයෙකුට ඒක නවත්තන්න බැහැ. ඒත් ඔයා ඔයාගේ පුතාට කරදරයක් වෙන්න එපා කියලා අධිෂ්ඨාන කරන්න. අපි එයාව බේරගන්න හැම දෙයක්ම කරනවා.”

      “මහ ලොකුවට උපදෙස් නම් දෙනවා” පියා තමාටම කියා ගත්තා.

      සැත්කමට පැය කිහිපයක් ගත් වුනා. වෛද්‍යවරයා ශල්‍යාගාරයෙන් පිටතට ආවේ සතුටින්…
      “ඔයාගේ පුතාගේ වෙලාව හොඳයි. එයාගේ ජීවිතය බේරුණා!” වෛද්‍යවරයා එයාගේ වාහනය වෙත දුවමින් කිව්වා. “ඔයට දැනගන්න දෙයක් තියනවා නම් නර්ස්ගෙන් අහන්න.” එහෙම කියලා වාහනයට නැගපු එයා හදිස්සියෙන් වගේ පිටත් වුණා.

      “ඇයි එයා එච්චර ආඩම්බර? මගේ පුතාගේ තත්වය ගැන අහන්කන්වත් ඉන්නේ නැතුව එයා යන්න ගියා.” පියා වෛද්‍යවරයා ගැන හෙදියට කිව්වේ එහෙම.

      හෙදිය ඔහුට පිළිතුරු දුන්නේ හැඬුම්බර මුහුණින්. “එයාගේ පුතා ඊයේ සිද්ද වෙච්ච ඇක්සිඩන්ට් එකකින් මැරුණා. ඒ පුතාගේ අවසන් කටයුතු අද. ඔයාගේ පුතාගේ ජීවිතේ බේරගත්තට පස්සේ එයා ඉක්මනට ගියේ එයාගේ පුතාගේ ආදාහන කටයුතු ඉවර කරන්න”

      කවදාවත් කිසිකෙනෙකුට චෝදනා කරන්නවත් බණින්නවත් උත්සුක වෙන්න එපා. ඒ, ඔබ ඒ පුද්ගලයාගේ ජීවිතය ගැන හෝ එයාගේ කරදර බාධක ගැන දන්නේ නැති නිසා.

      ————

      ඒ ලංකාසීනිවුස් එකෙන් හමුවුණ ලිපියක්. ඒක මෙතන දැම්මේ මාරය කියපු කතාවට කෙළින්ම අදාලයි කියල හිතුණ නිසයි. ගොඩක් අය මතුපිටින් යමක් දු‍ටු ගමන්ම නිගමන වලට එන එක හරිම ශෝකජනකයි.

      Delete
  2. මේ යන සීන් කෝන් වලින් පස්සේ මම නම් අපේ එකෙක්ගෙන් ප්ලේන්ටියක් ගහන්නවත් සතයක් නයට ගන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. :D... ඉල්ලුවත් දෙන්නෙත් නැහැ. මොකද ‍ප්ලේන්ටි සතේට ගන්න තැනක් නැහැ. ඒ නිසා ඔයා බොරුවක් කියලා තමයි ඉල්ලන්නේ... ඒක නිසා දෙන්නේම නැහැ....... හික් හික්.

      එහෙම හිතන්න එපා මල්ලි. ප්ලේන්ටි ගන්න සල්ලි ඉල්ලන්නේ නැති එක හොඳ දෙයක්. ඒත් මේ කාට හරි කියලා බලන්නකෝ මට ‍ප්ලේන්ටියක් අරං දියන් අක්කේ අයියේ කියලා......... :)

      Delete
  3. ඔබා මාමා අද හිටිය නම්...

    ReplyDelete
  4. ammo me dawas wala blog loke yana keli.monawatada mechchara gahaganne?

    ReplyDelete
  5. " ඒත් තැනින් තැන ඔපාදූපයක් හැටියට නැති කතාවක් ඇදි ඇදි ගිහින් ටික කලක් යනකොට ඕක සම්පූර්ණ ඇත්තක් විදියට සමාජගත වෙනවා."

    ඒක ඇත්ත.. අන්තිමට තියෙන්නේ මුලින් කියපු බොරුවත් නෙවෙයි.ඊට වැඩියේ ගොඩක් තව බර එකතු වෙලා...

    ReplyDelete
    Replies
    1. අර නස්රුදීන්ගේ කැහැටු එළදෙනක් වික්ක කතාව වගේ .බොරුවක් හැමදාම කියනකොට තමන්ම ඒක විශ්වාස කරන්න ගන්නවා.

      Delete
  6. මේ පිලිබදව අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකිමි ...

    ReplyDelete
  7. මොකුත් නොකිය පාඩුවෙ ඉන්න එක හොඳා වගේ. මම නම් ඔව්ව දන්නෙ නෑ.

    ReplyDelete
  8. // සමහරක් ඉන්නවා කිසිම දෙයක් හරියාකාරව අවබෝධ කරගන්න බැරි මට්ටමේ අය... //

    ළමයි නොදන්න කමට අවබෝධ කර නොගෙන ඉන්නවම නෙමෙයි මට නම් හිතෙන්නෙ... අර උපන්දා හිටන් ලංකාවෙ සිංහල මිනිස්සු අතරෙ හිටපු අහිකුන්ඨිකයො සිංහල දන්නෑ වග පෙන්නල උන්වත් නොදන්න මලයාලි කතාකරනව වගේ වැඩ අද කාලෙ තියෙන්නෙ...

    ලියපු එකා කියනව මම ලිව්වෙ cheese ගැන කියල විචාරකය කියනව නෑ උඹ ලිව්වෙ chalk ගැන කියල...

    ReplyDelete
  9. කොහොමත් මාරයියා මේක දාපු එක හොදයි..
    මොකද අරව බැලුවහම නොමග යන ගතිය වැඩියි...
    මොන බොරුව උනත් ටික කාලයක් ඇහෙනකොට ඇත්ත වෙනවනේ..!

    ReplyDelete
  10. බ්ලෝග් පිටිය දැන් යුධ පිට්යක් වෙලා
    ඉතිහාසේ රිපීට් වෙයිද මන්දා

    ReplyDelete
  11. මිතුරන් සතුරන් කරන, මිනිසුන් නොමිනිසුන් කරන. විශ්වාසය වෙනුවට සැකය වර්ධනය කරවන, බල්ලොත් නොකන සල්ලි...
    henryblogwalker the Dude

    ReplyDelete
  12. පෞද්ගලික ප්‍රශ්න,ණය පියවීම පැහැර හැරීම වගේ දේවල් මේවා වල ලියන එකත් ලොකු මෝඩ කමක්.කරා නම් සද්ද නැතුව ඉන්න ඕන හෘදසාක්ෂියෙන් ගැලවීමක් නැහැනේ.ඒත් මෙතන දැම්මයින් පස්සේ කොහෙන්වත් ගැලවුමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. නිසානයෝ අතමාරැවක් දියංකො

      Delete
    2. හිගන්නන්ට දෙන්න සීයවල් තියෙනවා අනිත් ඒවාට දුප්පත් අපෙන් අතමාරු ඉල්ලනවා නේද? :D

      Delete
    3. @මඩිස්සලේ නිශාන්,

      දෙන්නැ එකෙකූට රැපියලක් කියපන්..

      Delete
    4. සුමිත් අයියේ මෙන්න මූත් රැ කියලා ලියලා

      Delete
    5. හැක්.. හැක්.. ඔව්වා තමා ඇදගෙන නානවා කියන්නෙ..

      මම ඕක ටයිප් කර කර හිටියෙ නෑ බං.. උඹගෙ පෝස්ට් එක එවලෙ ඕපන් වෙලා තිබ්බ නිසා ඒක සිලෙක්ට් කරලා Ctrl+c ගහලා මෙතනට ගෙනත් Ctrl+v ගැහුවා.. :P

      Delete
    6. මන් දන්නවා බං
      මම විහිලුවට කියුවේ

      Delete
  13. ණයට දිමෙන් මිතුරාත් මුදලත් දෙකම නැති වෙනවා කියන්නේ ඔක තමයි

    ReplyDelete
    Replies
    1. ගුණේ අයියා කියපු කතාවම තමයි මටත් කියන්න වෙන්නේ. ළගදිම බෝඩ් එකක් ගහන්න වෙන්නේ බ්ලොග් එකේ උඩ්ම්ම අර කඩ වල වගේ. යාලුවො අතර මුදල් වගේම තවත් ගනුදෙනු ඇති වෙනවා තමා. ඒත් මනුස්සකමේ ගනුදෙනුව හිතේ තියාගෙන ඉන්න කීප දෙනාගෙන් එක්කෙනෙක් විදියට මාරයාව මට පේනවා.

      Delete
  14. ඒත් මමත් බැලුව මාරය මොකටද සල්ලි ඉල්ලන්නේ කියල මාසෙට රු.3500 කන මනුස්සයනේ (මරයට අපහාසෙට නොවේ. නැත්නම් මොකෙක් හරි ඇවිත් මටත් බනින්න පටන් ගත්තොත්) . මොකෝ සල්ලි එකතු කරලා මෙට්ටේ යට තියන් නිදා ගන්නයැ?
    කෝකටත් ලියපු එක හොදයි. මොකද කට කතා යන්නේ පැටව් ගගහනේ.

    ReplyDelete
  15. අනිවාර්යෙන්ම මනුස්සකම් දන්න හොද මනුස්සයෙක් තමා ඔබා මාමා !

    ReplyDelete
  16. // ඒ තරමට අදහාගන්න බැරි තරමේ මනුස්සකමක් ඔබා අයියා මට දුන්නා.. ඒ ගැන මං අවුරුදු දවසේ ලියපු පෝස්ටුව කියවන කෙනෙකුට දැන ගන්න පුළුවන්//

    අවුරුදු උත්සවේ දවසෙ ඔබා මාමගෙන් කෝ මාරයා ආවෙ නැද්ද කියල අහපුවාම බොහොම අපූරු හිනාවක් දාල මෙන්න මෙහෙම කිව්ව

    "මිනිහට හොඳටම වැඩ, මං කැවුම් කිරිබත් එහෙමත් ගිහිල්ල දුන්න. තනියම ඉන්න ඌට මොන අවුරුදු ද නැත්නම්"

    ඒ වෙලාවෙ තමයි මම දැනගත්තෙ ඔබාගෙ හිත කොච්චර ලොකුද සුන්දරද කියල.

    එච්චරයි මම කියන්නෙ, අනිත් ඒවට අලගු තියන්න මම දන්නෙ නෑ. ඒත් එහෙම මනුස්සයෙකුට පොල්ල තිබ්බ නම් ඒ තියපු එකා බොහොම පුංචි මනුස්සයෙක් වෙන්න ඕනෙ [ශරීර ප්‍රමාණයෙන් නෙමෙයි, හිතෙන්, වැඩ, ගතිගුණ වලින්]

    ReplyDelete
    Replies
    1. ඔබා ලංකාවෙං පිටත්වෙන්ට කලින් නොහිතූ ලෙස ඔහුගෙ මුදල් ආපසු ගෙවා තිබුනු බව අවසාන දුරකතන ඇමතුමෙන් කීවා.

      ගානත් කීවා. දැං මට ගාන මතක නැහැ. ලොකු ගානක් ඉල්ලුවත් පුංචිගානක් දුන්න නිසා බේරුනා කිව්ව.

      ඔබා සිය පවුල සමඟ අපේගෙදර ආවෙ අබීතගෙං කුලියට ගත් කාර් එකක. කාර් එක වෙලාවට එයාපෝට් එකට එව්වෙ නැතිව ඇක්සිඩන්ට් එකෙක් උනා කිව්ව නිසා වෙන වාහනයක් හයර් කරලා ගෙදරගිය බවක් කිව්ව වග මතකයි.

      කොහොම හරි ඒ ලෙඩ මනුස්සයට අනවශ්‍ය බරක් මේ ගනුදෙනුව නිසා පැටඋනා. ඔබාට මේ මුදල ලොකු මුදලක් නොවෙයි උනත් ඔහුට කලකිරීමක් තිබුනා වැඩේ ගැන.

      ඔබාගෙ බෑන බැංකු ගානෙ හරියට රස්තියාදු කරන්ට යෙදුන කිව්ව සල්ලි දමලද කියා බලන්ට යවන්ට උන නිසා.

      මීට අමතරව කාගෙවත් ගනුදෙනු ගැන ඔබා කිව්වෙ නැහැ. එයාගෙ ගෙදර තව බ්ලොග් ලියන පිරිමි දරුවෙක් ඉන්නව කිව්වා.

      අපේ ගෙදර එනකොට ඔබා පවුල බොහෝදේ ගෙනාවා. ආපහු කාරෙකට ගිහිං අන්නසි ගෙඩියකුත් ගෙනාව.

      හිස් අතිං යවන්ට බැරි කමට මම ඔබීට තේ කොළත් දෝණිට සිහිවටනයකුත් දුන්නා. මැරුණු සහෝදරයෙක්ව මෙහෙම දේ නිසා සිහි කරන්ට අකමැතියි. ඔබා හොඳ තැනක ඇති.

      Delete
    2. මොනවා උනත් මේ පෝස්ට් එක නොදැම්මා කියා මාරයා ගැන ඇති අදහස් වෙනස් වෙන්නේ නැහැ. දන්නෝ දනිති. මාරයා කියන්නේ කේන්ති කාරයෙක්ය. ලස්සනට ලියන්නට හැකි ඉංගිරිසි පෙන්නන්නට බැරි අයෙකි. කට්ටක් කාලා ස්තාවරයකට ආව එකෙකි. ඉඳහිට කෝල් කලොත් වැඩකය. එනිසා බාරදෙන්ට ආ වැඩය වෙන කෙනෙකුට යවන්නට සිදු උනි.

      Delete
  17. අනේ මන්දා.... මමත් බ්ලොග් ලෝකෙට ඇවිල්ලා මහා කාලයක් නෑ... හැබැයි බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ ගොඩක් වෙලාවට බ්ලොග් වල තිබ්බේ අපේ ජිවිත වලට ගන්න දෙයක්. එහෙම නැත්නම් කියවලා හිනා වෙන්න දෙයක්... ඒත් ටික කාලෙක ඉඳං එහෙම දේවල් වලට වඩා පෞද්ගලික ප්‍රශ්න මේකට ඇදෙන්න පටන් අරන් මාරයා අයියේ... මම මේ සැහෙන කාලෙකින් කොමෙන්ට් එකක් හරි දාන්නේ.. පොස්ට් එකක් නම් ලියපු කාලයක් මතක නෑ. වැඩ දහසක් අස්සේ වෙලාව වියදම් කරලා ලියන්න හිතෙන්නේ නෑ දැන්... මේක දාන්න හිතුවෙත් මමත් අයියා හරහා යම් යම් කාර්යයන්ට මුදල් හුවමාරු කර ඇති නිසා ඒ ගැන හොඳින් දන්නා නිසා.. මම දන්නේ නෑ ඔයා කියන ඔය බ්ලොග්එක ලියන තැනැත්තා එහෙම දේවල් වලට සහභාගී වෙලා තියනවද කියලා... කොහොම උනත් මාරයා අයියා එහෙම කිසිම වංචාවක් කරලා නැති බව මම හොඳින්ම දන්නා නිසා ඒ ගැන කියන්න හිතුනේ. මම දන්නේ නෑ අනිත් අය ගැන කියන්න. ඒත් මාත් එක්ක අයියා කරපු ගණුදෙනු බොහොමත්ම විනිවිද භාවයකින් කරා කියන්න මම දන්නවා. ඔය කියන හැමදේටම කතා කරලා වැඩක් නෑ අයියේ... තමන් කරන්නේ මොකක්ද කියලා තම තමන් දන්නවා නම් එච්චරයි.....

    ReplyDelete
    Replies
    1. මොනවා වුනත් මොකෝ උනේ කියල ලියපු එක හොඳයි. මොකද ඔබා මාමා හිටියා නම් ඒ මනුස්සයාගෙන් හරි අහන්න තිබ්බා. දැන් ඉතින් එහෙමත් බෑනේ... අයියා ගැන හරියටම දන්නා මිනිස්සු නම් තේරුම් ගනියි. හැබැයි නොදන්නා අය ඇත්තට ගන්නත් ඉඩ තියනවා.. මට දුක ඔබා මාමා අපිව දාලා ගිහින් තුන් මාසයක් වෙන්න කලින් ඔබා මාමාවත් ඇදලා අරන් ගිය තැනක පාඩුවේ ඉන්න නොදෙන එක ගැන....

      Delete
    2. @සියළු දෙනා : තුන් මාසයකුත් වෙන්න එනවා තමා. ඔබා මාමා වෙනුවෙන් කෙරෙන්න සුදානම් වුනු දෙයක් තියෙනවද?

      Delete
    3. තියෙනව ලඟදිම ඒ ගැන දැනගන්න ලැබෙයි අගොස්තු මාසය වෙනකොට

      Delete
    4. ගොඩයා.
      //ගොඩක් වෙලාවට බ්ලොග් වල තිබ්බේ අපේ ජිවිත වලට ගන්න දෙයක්//
      ඇයි උඹට මේ දේවල් වලින් ගන්න දෙයක් නැද්ද?

      Delete
    5. අනේ නෑ රාජ්... මේ දේවල් වලිනුත් ගන්න දේවල් තියනවා. මම කිවේ එක එක පෞද්ගලික ප්‍රශ්න බ්ලොග් වල ඇදගෙන බ්ලොග් පොස්ට් යන එක ගැන.... මොකද මට තේරුණ විදිහට සමහර දේවල් ලියන්නේ පෞද්ගලික තරහ මරහ පිටකරගන්න... කෙනෙක් තරහකින් වෙනත් කෙනෙක් විවේචනය කරලා ලියන පොස්ට් එකකින් ගන්න දේවල් කෙසේවෙතත් මට තේරුණ විදිහට වෙන්නේ ඒකට පොර දාලා ඒකට පිළිතුරු පොස්ට් දාලා ඒක වවාගෙන කන එකයි.... ඒකයි එහෙම කිවේ....

      Delete
  18. මම මාරයා ළගින් ඇසුරු කරන නිසා විදේශගත අය මෙතනට ගෑවෙන නිසා මම මාරයා සම්භන්ධ අත්දැකීම මෙහෙම කියන්නං.

    මේ දක්වා මමත් මාරයාත් මුදල් සම්භන්ධ විය හැකි ගනුදෙනු කලේ දෙසරයක් පමණයි..මුල්ම අවස්තාව මීට වසරකට පෙර වන එවර මාරයා මගෙන් මුදල් ගැනීම ප්‍රත්ක්ෂේප කලා...
    දෙවන අවස්තාව දැනට මාස කිහිපයකට පෙර...
    එවරත් ගණුදෙනු ගැන කිසිම කතාබහකින් තොරව කිව් සැණින් නියමිත කාර්යය ඉටු කරල දුන්නා...නියමිත මුදල මාසයකට විතර පස්සෙ ගිණුමට බැරකලාම මාරයගෙන් මට ලැබුණ ප්‍රතිචාරය මෙතන ලියන්න අවශ්‍ය නැහැ..:)

    කොහොම වුනත් මිත්‍රයො අතර මුදල් ගණුදෙනු සිද්ධ වෙනවා. මෙතන තියෙන්නෙ මුදල් ගණුදෙනු කිරිම ගැන ප්‍රශ්ණයක් නෙවෙයි..සමහර වෙලාවට ඒව නියමිත වෙලාවට ලැබෙනවා..එහෙම නැතිවෙන වෙලාවට ඒක කතා කරලා විසඳ ගන්නවා...එහෙම නැතිව සල්ලි අරගන දෙන්නම් කිය කිය ණය හිමියව රස්තියාදු කරනවනං එතනයි රැවටීමයි වංචාවයි තියෙන්නෙ..
    මම දන්න තරමින් මාරය වැඩකරන තැනවත් , නැවතිලා ඉන්න තැනවත් ණය කාරයො අවිත් සද්ද දාන තැන් නෙවෙයි...

    ReplyDelete
  19. අනේ මන්දා මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා.ලියපු එකනම් හොදයි.

    ReplyDelete
  20. පෝස්ට් තුනම කියෙව්වත් මේ සම්බන්දව පුද්ගලිකව කිසිවක් නොදන්නා නිසාම අදහස් දැක්වීමෙන් වලකිමි

    ReplyDelete
  21. කරපුවා අතේ මාට්ටු වෙනකොට ඔහොම තමයි. තෝ තමයි ඉලංදාරියත් විකුනන් කැවේ.

    ReplyDelete
  22. මාරයාගෙන් යම් සේවයක් ලබා ගත්ත මම ඒකට නියමිත් මුදල දෙන්න ඇහුවම මූ මට කියනවා. "උඹෙන් අයියේ මට මොන සල්ලිද ? වැඩේ කරමු" කියලා. මාරයා කියන්නේ ඔබා අයියා කියන්නේ මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. මාරයත් සමග මා කල ගනු දෙනුද ඉතාමත් විනිවිද භාවයෙන් , කලට වෙලාවට අවසන් විය.
      මුදල් වංචා කරන්නේ ආත්ම ගරුත්වයක් නැති උන්ය. මාරයාට ආත්ම ගරුත්වය ඉහටත් උඩින් ඇත.

      Delete
    2. මහ වෙදනා කියපු දේට මාත් එකඟයි.

      පහුගිය අවුරුද්දේ ඒත් මේ කාලේම වගේ මටත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙද්දී ඒ ගැන මාරේ අයියාගෙන් ජ්‍යෙතිෂ උපදේශය ගන්න ගියා. හුඟක් හොඳින් වැඩේ කරලා දුන්නා වගේම ඒ කියපු විදිහටමත් වැඩේ වුනා.

      විශේෂයෙන්ම කියන්න ඕනේ ඒකට නියමිත මුදල අහලා ගෙවන්න ලෑස්ති වුණාම මාරේ අයියා කිව්වේ "උඹ තාම ජොබ් එකක් කරන්නේ නැහැනේ බන්. ඉගෙන ගන්න එකානේ මල්ලී. කමක් නැහැ සල්ලි ඕනේ නැහැ" කියලා. ඉ

      තින් මාරේ අයියා සල්ලි උපයනවාටත් වඩා මනුස්සකම් මිනිස්සු උපයන මනුස්සයෙක් බව මට විශ්වාසයි

      Delete
    3. සල්ලි ගත්තේ නැත්නම් , ඒක ප්‍රසිද්ධියේ කියුවහම පාඩු වෙන්නේ තමන් ප්‍රශංසා කරන කෙනාටමයි. ඒකයි මං ගනු දෙනු කියල විතරක් කියල නැවැත්තුවේ. දැන් වෙන කෙනෙක් මාරයාගෙන් වැඩක් අරගෙන මාරයා සල්ලි ඉල්ලුවොත් අහයි , ඇයි උඹට අනිත් අයට නිකන් කරලා දෙන්න පුළුවන් නම් අපිට බැරි ඇයි? අපි උඹේ යාලුවෝ නෙවෙයිද? නැත්නම් හොම්බ උල් කර ගනී .. අපිත් ජොබ් කරන්නේ නැති උන් ..එත් අපෙන් සල්ලි ගත්ත මු .... etc etc "අපේ රටේ මිනිස්සු"නේ !!!!

      ඒක හින්ද මුදල් ගත්තේ නැත්නම් ඒක කියාපාන්නේ නැතුව ඉන්න එක මාරයාට කරන ලොකු උදව්වක් කියල තමයි මට නම් කියන්න තියෙන්නේ !

      Delete
  23. කියන්න තියෙන්නෙ බ්ලොග් ලියන කස්ටිය සෙට් වීම් දාපු එකම පාරකවත් ඕවට සෙට් නොවී පැත්තකට වෙලා ඉන්න හිතුන එක ගැන හිතේ සන්තෝසයක් තියෙනව කියල විතරයි...

    ReplyDelete
    Replies
    1. කාලෙකින් පොස්ට් එකක්වත් දාන්නේ නැතුව ඉඳලා හදිස්සියේ බ්ලොග් බලන්න ආවට පස්සේ දකින්න තියෙන දේවල්නම් බොහොම අපුරුයි...
      අපි අතරේ ඉන්න නොමිනිසුන් නිසා මටත් උඹට දැනෙන සතුටම දැනෙනවා...
      ඒ වගේම මම මේ බ්ලොග් හරහා පෞද්ගලිකව දැන හඳුන ගත්තු අතේ ඇඟිලි ගානටත් වඩා අඩු මිනිස්සු ගාන ගැනනම් මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා...

      මොන දේ උනත් මාරයා ගැන මගේ හිතේ මුලින්ම ඇතිවෙච්ච තක්සේරුව තාමත් නිවැරදි බව මම විශ්වාස කරනවා....
      ජය...!

      Delete
  24. me atampahure 1 anthimata dhala thiyana kathawa thamayi kiyanna thiyenne
    http://atampahura.blogspot.com/2012/07/blog-post_25.html

    ReplyDelete
  25. මිනිස්සු අතර තියෙන ප්‍රශ්න 100 ක් ගත්තොත් 98 ක්ම.. මුදල් සම්බන්ධයි..මොනම ආකාරයකින් හරි.. ඇතුවත් බැරි නැතුවත් බැරි පුදුම දෙයක් තමයි මේක..

    කොහොම උනත් මේ පොස්ට් ඒක දාපු ඒක හොදයි ..මේකෙන් වැරදි වැටහීම් නැති වෙයි..!!

    ReplyDelete
  26. මංනං ඔය කාත් එක්කවත් ගණුදෙනු කරල නෑ.

    ReplyDelete
  27. Replies
    1. අනේ බච්ච පැටියෝ පොඩ්ඩක් තමන් කවුද
      මම මෙච්චරක් සල්ලි දුන්න ඉලං වෙනුවෙන්
      මගේ සල්ලි වලට මොකද උනේ කියලා වැදගත් විදිහට
      ඇහුව නම් ඕකට උත්තර දෙන්න තිබ්බා.
      බච්චා පැටිය බ්ලොග් කියවනව නම් දන්නව ඇති නේ මොකද උනේ කියලා ඒ සල්ලි වලට.

      Delete
  28. මන් නම් කැමතියි මේ පෝස්ට් එක නැති මාරයාගේ හෝරාවකට.

    උඩ අර බ්ලොග් එක ලියපු එකා මොනව කිවුවත් දන්න අය මාරය ගැන දන්නව. නොදන්න උන් මොනව කිවුවත් හිතුවත් ඒකෙන් බොට ඇති වැඩකුත් නෑ නේද? ඉතින් කවද හරි මේක් කියවන කෙනෙක්ට උඹ ඇයි මේ කුනු කියවන්න ඉතුරු කරන්නෙ?

    ReplyDelete
  29. බ්ලොග් අවකාශය ඇතුලෙත් පුදුමාකාර ප්‍ර‍ශ්නනෙ හැබෑටම තියෙන්නෙ අපි නොදන්නවා උනාට...

    ReplyDelete
    Replies
    1. ඔව් බං මාත් හොල්මන් වෙලා ඉන්නෙ..!

      Delete
  30. ම්ම්... කවුරු කරත් වැරදි වැඩක්... මටත් කීප දෙනෙක් කතා කරලම කියලා තිබුනා කලින්ම...

    ReplyDelete
  31. මොනා කියන්නද මන්ද..

    ReplyDelete
  32. මේ මනුස්සයව ගාවගත්තේ නැත්නම් නින්ද යන්නේ නැද්ද කොහෙද

    අපේ මිනිස්සු වැඩකරන යම් රටාවක් තියෙනව. අතරින් පතර වෙනස්කම් තිබ්බට පොදුවේ අපි ඇඟෑලුම්කං ඇති කරගන්නේ අපට විසේස ආවේණික විදිහකට. පොඩි පොඩි කාලවල්වල උනත් රටවල් හතාටක ඇවිදල කරල පොඩි පොඩි අත්දකීම් තියේ

    මේ අලුත් තාක්සනික දේවල් බිහිවෙන්නේ වෙනස් පරිසර වල. එව්ව අපි පාවිච්චි කරන්න ගියහම අපේ අර ජංම ගතිත් එක්කමයි එව්ව පරිහරණය වෙන්නෙ. මගේම කියල සහෝදරයෝ නැති මට මේ බ්ලොග් අවකාසය එහෙම කීප දෙනෙක් ලබල දුන්න. මාරයටත් මම සලකන්නේ මගේ එක්කුස සහෝදරයෙක් විදිහට. එහෙම හිතවත්කං අතිවෙන්නේ අපේ අර ජම්ම ගති හිංද කියලයි හිතෙන්නේ. අපි බ්ලොග් එකක කමෙන්ට් එකක් දාල එතනින් නොනැවතී හම්බෙලා කථාබහ කල්ල, එකට කාල බීල ගෙවල් දොරවල්, දාන මාන, මරණ මගුල් වල යන්න පටන් ගන්නේ ඒකයි. ඒකේ ඉතින් මම නම් දකින කිසිම අවුලක් නෑ.

    කොතැනත් වාගේම මේ තැන්වලත් ඉතින් අවස්ථාව දැක්ක තැන කඩා වඩා ගන්න මාන බලන උප්පත්තියෙන්ම යක්කු ඉන්නව. මිනිස්සු මූණ දීල තියෙන අත්දැකීම් හැටියට සමහරු ‍රැවටෙනව. ඒත් නිශ් ටක්කෙටම කිව්ව වාගේ මාරය කව්ද කියල හැමෝම දන්නව. පොදු වැඩ කිහිපයකදී "කව්ද වැඩේ කරන්නේ කරන්නේ?" කියල හිතවත්තු ඇහුවම "මාරය" එහෙම නැත්නම් "මරණයා" කියල උත්තර දුන්නම එච්චරයි - වැඩේ කෙරෙනව. ඒ වාගේ විශ්වාසවන්ත උන් මේතන තව ඕන තරම් ඉන්නව. ඒත් මට තේරෙන්නැති කාරණය මේ උඹවම මරං කන්න හදන්නේ උඹ උඹේ දේශපාලන ස්ථාවරය එළිපිටම කියන නිසාද කියල. එහෙමනම් ඒ ගැන එතනින් එහාට කථා කල යුතු දෙයක් නෑ. ඒත් එහෙම නොවෙයි නම් ඒක ප්‍රස්නයක්.

    2009 වගේ ඈත කාලෙක උඹට ලැප්ටොප් එකක් ගන්න උදව් කරන්න අහපු දා ඉඳන් උඹ කවදාවත් මගෙන් යමක් අරන් නෑ. ඒත් "වැඩක් පටන් ගන්න පොඩි ගණනක් අතේ තියෙන්න ඕනේ බැක් අප් එකට අයියේ" කිව්වම මම බොට ගාණක් දුන්න තමා - ඒත් උඹ ඒක වියදම් කලේ නෑ - වැඩේ අවුලක් නැතිව උණු හන්ද ඉස්මනටම ආපහු දෙන්න හැදුව - ඒත් අපි ඒක අපේ සමාජ සේවා වැඩවලට තියාගත්ත; නැත්නම් මෙහෙන් එවන ගාණක් ගාණක් පාසා නිකං බැංකු ගාස්තු ගෙවන එක වලක්වන්න. දැන් එහෙම කරල කරාපු පොදු වැඩ නිසා අනේක සතුටක් ලබනව මම.

    මෙව්ව පුන පුනා කියන්න කාරණා නොවුණත් එක කාරණාවක් නිසා කියන්න හිතුණ. ඒ යාළුමිත්‍රකම් මොකවුණත් මනුස්සකම් ලංසුවට තියල වැඩ කරන මිනිස්සු නිසා අනෙක් මිනිස්සුන්ගේ මනුස්සකමුත් නැති වෙන්න පුලුවං හිංද. ඊට පස්සේ ඉතින් උපත්තියෙන් යක්කුන්ට වඩා මිනිස්සු වෙලා ඉඳල යක්කු වුණු මහසෝන වාගේ උන්ගෙන් පාරක් දෙකක් වැදුනම හිටං ඉන්න අමාරු වෙනව. ලංසු තියන, ‍තෝං ගන්න අය මේක මතක තියාගන්න ඕන දෙයක් කියල මට හිතෙනව

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියේ... මෙහෙම හරි ඔබතුමාව දැකීම සතුටක්...

      Delete
    2. ඇත්තට මොකද දකින්න නැත්තේ

      Delete
    3. නිසූපා + අටං - නිවාඩු ගිහින් හිටියා මචන්ස්ලා - නෙට් පලාතේ එන්න හම්බ වුනේ නෑ - දෙන්නගෙම පෝස්ට් ගොඩක් මිස් වුණා - ආයේ සෙට් වෙන්නම්

      Delete
  33. අයියේ මම උඹේ ජෝතිෂ නොපිළිගත්තත්, උඹේ දේශපාලන අදහස් වලට විරුද්ද උනත් උඹ සල්ලි වලට හොර කරනවා කියල නම් හිතන්නේ නෑ.... වතාවක් පොඩි සමාජසත්කාරෙකට පොඩිම පොඩි ගානක් උඹේ එකවුන්ට් එකට දාල අයියේ මම සල්ලි දැම්ම කියල ප්‍රයිවට් චැට් එකේ කිව්වම... හරි මල්ලී අපේ ගෘප් චැට් එකේ ගානත් එක්ක සල්ලි දැම්ම කියපන් කියල උඹ කිව්ව මට තාම මතකයි. ඒ වගේම සතේට ගණන් හදල ගිණුම් වාර්තා දාල තිබ්බත් මට මතකයි. අනිත් අයත් එක්ක මම ගනුදෙනු නොකරපු නිසා ඒවා ගැන දන්නේ නෑ... කොහොම උනත් ණය ගනුදෙනු වලදී ගන්න එකා වගේම දෙන එකාත් දැනගන්න ඕන මොකාටද දෙන්නේ, මොකටද දෙන්නේ, ආපහු ගන්න පුළුවන් වෙයිද කියල... එහෙම නැතිව වැඩේ කෙලෝගෙන හත්පොලේ ගාගෙන අන්තිමට අරූ මට පොල්ල තිබ්බ මූ මට පොල්ල තිබ්බ කියල තැන තැන කියල වැඩක් නෑ මොකෝ බබාලද??? මේ ටික කිව්වේ පනින රිලවුන්ට ඉනිමං තියන්න නෙමේ කාගෙන් හරි ණයක් ගත්ත නම් ගත්ත එකාත් දැන ගන්න ඕන කොහොම හරි ණයෙන් නිදහස් වෙන්න තැන තැන බොරු කිය කියා යන්නේ නැතිව.

    ReplyDelete
  34. මටත් ඔබා මාමත් එක්ක ලොකු ගනුදෙනුවක් තිබුනා . මුදල් නෙමේ . මනුස්සකම . හමු වූ ටික දවසට කිසිවෙක් ගැන කිසිවක් කිවේ නැහැ . එකම ක්ෂේත්‍රයේ දෙන්නෙක් හමු වුනහම අනෙක් අය ගැන නරක කතා කිරීම නරක නිසා . සයිබරයේදී විහිලු කරන චරිතයක් වුනාට සැබෑ ජීවිතේදී පරිනත වැඩිහිටියෙක් විදිහටයි මා ඔහු දුටුවේ .

    මාරයා පුද්ගලිකව හමු වෙලා නැහැ . ලියන දේ වලින් දුටු පරිදි අත්දැකීම් බහුල මනුස්සයෙක් .

    තමන් නොකළ දෙයකට චෝදනා එද්දී උත්තර නොදී ඉන්න ඒක මෝඩ කමක් . මේවයින් ගත යුතු පාඩම සල්ලි දෙන්න කලින් කල්පනා කරලා බලන්න කියන එක. විශේෂයෙන් දරුවෝ ඉන්න තාත්තලා මිට වඩා කල්පනාවෙන් ජිවත් වෙන්න ඕන . මට නම් පුද්ගලිකව මේ සිද්ධියට සම්බන්ධයක් නැහැ . ඒ වුනත් ඇති වෙලා තියෙන තත්වය කනගාටුදායකයි .

    ReplyDelete
  35. මාරයා මල්ලී....පෞද්ගලික මිත්‍රකම්...ගණුදෙනු ගැන මඩ බ්ලොගාලටයි ...මඩ අනෝලාටයි පහදලා දෙන්න යන එක නිෂ්ඵල දෙයක්. මඩේ ඉන්නේ මොක්කුද කියලා දන්නවානේ!

    ReplyDelete
  36. හැම දෙනාම සමා වෙන්න පිළිතුරක් ලිවීමට ප්‍රමාද වීම ගැන... ලයිට් කැපුවා නෙව...

    අදහස් දැක්වූ සියළු දෙනාටම බොහෝමත්ම ස්තූතියි.. විශේෂයෙන්ම මගේ ඉල්ලීමට දැක්වූ ප්‍රතිචාරය ගැන තිස්ස අයියාට...

    මම මේ බ්ලොග් අවකාශයෙන් ගනුදෙනුවක් කල එකම තැනැත්තා තිස්ස අයියා ඇර වෙන කවුරුවත්ම නෙවෙයි. උඹට ස්තූතියි තිස්ස අයියේ එදා වගේද අදටත්..උඹ සාමාන්‍යයෙන් අකමැතිම වැඩක් වෙච්ච මේ කතාව කියන්න උන එකට...

    අනිත් හැම දෙනාටමත් බොහෝම ස්තූතියි තම තමුන්ගේ අදහස් දැක්වීම් වලට... ඊමේල් කනිකාරි අක්කා බොහෝම හොඳට මාව කියවලා තියෙනවා.. ඒ කාරණා ටික හරියටම හරි... ඒ වගේම එයිට කලින් කියලා තියෙන කරුණු ගැන මං කතා ප්‍රසිද්ධියේ කතා නොකර ඉන්න තීරණය කරලා තියෙන නිසා මං ඒ ගැන අක්කට වෙනම පැහැදිලි කිරීමක් කරන්නම්.

    අනිත් කාරණය අර බච්චා නමින් කමෙන්ට් කරන ලද කෙනාට... බච්චෝ.. ඉලංදාරියගේ කාරණාවෙදී මම ඔය කිසිම දේකට සම්බන්ධ උනේ නැහැ. මං කලේ මගේ මාසයක් නිදි මරලා කරන සිකුරිටි ජොබ් එකෙන් ලැබෙන පඩියෙන් මට හැකි තරමේ ආධාරයක් ඒ මල්ලිගේ ගිණුමට කෙලින්ම යවපු එක විතරයි. එහෙම නැතිව පොදු ගිණුමකට හෝ..පොදු වැඩකට එකතු වීමක්වත් මං කරලා නැහැ. ඒ හින්දා ඒ ගැනත් හොයා බලා කටයුතු කරන හොඳයි. මං හිතන්නේ බච්චා ඒ දවස්වල සිද්ධ වෙච්ච දේවල් හරියටම නොදන්නවා වෙන්න ඇති. අනිත් කාරණාව වලදීත් කියන්න තියෙන්නේ ඒකට මුදල් එකතු කරපු අය අතරින් දුකා සහ දුමී අයියලා එහෙම බොහෝම පැහැදිලිව ඒ මුදල්වලට කරපු දේවල් මෑත කාලීනව විස්තර ඇතිව පෙන්වා දුන්නා..බච්චා හැකියාවක් තියෙනං දුකා අයියට කතා කරන්න එයා ලග ඔය සම්බන්ධව වෙනම පීඩීඑෆ් කරපු විස්තරයක් ඇති. ඒක අරං කියවන්න.

    අවසාන වශයෙන් මෙහි කමෙන්ට් කර ඇති මාත් සමඟ එදා මෙදාතුර කුමන හෝ අන්දමින් ගනුදෙනුවලට සම්බන්ධ වී සිට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නට ඉදිරිපත් වූ සහෘදයිනි..ඔබගේ හිතවත්කමත් විස්වාසයත් සෑම දෙයටම වඩා මා හට වටිනා බව කියා සිටිමි... සියළු දෙනාටම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. උඹ වෙනුවෙන් මමත් සාක්ෂි.එක පොදු වැඩක් වෙනුවෙන් සල්ලි ගෙවපු වෙලාවක මම එතන හිටියා නොවැ

      Delete
  37. සල්ලි ඉස්සර වුන තැනක ,ඕනම සම්බන්ධයක් බිඳ වැටෙනවා. ඒක ආදර සම්බන්ධයක් වුනත්, වෙන මිත්‍ර සම්බන්ධයක් වුනත් වලංගුයි.

    මඩ රැල්ලට ඔහේ ගලාගෙන යන්න නොදී, තමන්ගෙ බ්ලොගේ මෙහෙම කරුණු ඉදිරිපත් කරපු එක 100% නිවැරදී.

    ඔය මඩ ගහන්නෙ මඩෙන් උපන් එවුන්ම තම‍යි, උඹ කාටවත් මඩ ගහන්නෙ නැති නිසා උඹ ඕවට බය වෙන්න එපා.
    එදා "ඇනෝනිමස් ආතල්" බ්ලොගේ දාපු මඩ පෝස්ට් එකේදිත් මම ඒකට කමෙන්ට් දැම්මෙ උඹගෙ කටහඬ අහලවත් නැතිව.
    මොකද මගේ හිතේ උඹ ගැන තියෙන්නෙ හොඳ ප්‍රතිරූපයක් නිසා.

    ReplyDelete
  38. අනේ මන්දා...... මට නම් මොනවා ලියන්නද කියලා හිතාගන්නත් බෑ......

    ReplyDelete
  39. මමනං ඕවා ගැන දන්නෙත් නෑ...
    දැනගන්න ඕනෙත් නෑ...
    මෙවුවයිං ඉගෙන ගත්ත දේ තමා කාගෙංවත් ණයට ගන්න හොද නැති බව..
    අම්බෝ..

    ReplyDelete
  40. මාරයා එක්ක මමත් ගණුදෙනු කරලා තියනවා. ඒ සේරම හිතුවටත් වඩා හොඳින් වුනා. එතනින් එහාට නම් මම දන්නේ නෑ ඔබා මාමාගේ ගණුදෙනු. මට දැනගන්න අවශ්‍යත් නෑ. මොකද මම දැනගත්තා කියලා මොකක් කරන්නද? මට මොනවා වෙයිද? මුකුත් නෑ.

    ReplyDelete
  41. මතවාදීමයව ඔබතුමා සමඟ මොන මොන විවාද තිබුනත් මේ පෝස්ට් එක දැමීම සහ කාරණා පැහැදිලි ලෙස නිරවුල් කිරීම පිලිබඳ මගේ අවංක ස්තුතිය.

    ReplyDelete
  42. ඒක ඒක බ්ලොග් වල තමුන්ගෙ නම, (තමුන් අදාල නොවෙන දේකට) ගෑවිලානම්, තමුන්ගෙ සැබෑ තත්වය, අදාල මාධ්‍යය හරහාම නිරාවරණය කර ගන්න එක හොඳයි.
    ඔබට මඩ ගහන්න, ඔබේ අවාසනාව බලාපොරොත්තුව ඉන්න අයටනම් ඔව්වා "දැවෙන අඟුරු වලට කොස් ඇට" වගේයි. ඒ අය බලං ඉන්නෙත් ඇස් ගෙඩි උඩ දාගෙන ඔය වගේ අවස්තා එනකල්මයි. ඒත් ඔබව දන්න කියන, ඔබට හිතවත් (ගණු දෙනුවක් නොකල) අය දැනගන්න කැමතියි ඒ චෝදනා වල ඇත්ත නැත්ත. එම නිසා මේ පෝස්ට් එක දැම්ම එක අවුලක් කියලා කියන්න බෑ.

    අවංක කම පෙන්නන්න ඕනා අවස්තාවල ඔබ නිසි අයුරින් වැඩ කල පුද්ගලයෙක්.
    අදත්, හෙටත්, ඉදිරියටත් එලෙසම වේවා. ඔබට දෙවි පිහිටයි!

    ReplyDelete
  43. කවුරු මොනව කීවත් මාරයා කියන්නෙ කවුද කියල ඔහුව ලගින් ආශ්‍රය කරන අය දන්නව .
    …ඔහු කීප දෙනෙක් සමග එකතු වෙලා ලොකු සමාජ මෙහෙවරක් කලා (මාද ඇතුලුව ) එහිදී
    …ඔහු මුදල් සම්බන්දව පෙන්වූ විනිවිද භාවය ඉතාමත් අගේ කරනවා . කිසිම කෙනෙක්ගෙන් කතාවක් අහන්න ඉඩ තීබ්බෙ නෑ .

    ReplyDelete
  44. //…ඔහු මුදල් සම්බන්දව පෙන්වූ විනිවිද භාවය ඉතාමත් අගේ කරනවා . කිසිම කෙනෙක්ගෙන් කතාවක් අහන්න ඉඩ තීබ්බෙ නෑ .//

    ගිම්හානිගේ කතාවට එකඟයි. මාත් ඊට හවුල්වූ නිසා මටත් ඒ වියදම් හොඳින් පෙන්වුවා මතකයි. ස්තූතියි මාරය්යේ.

    ReplyDelete
  45. මාරයිය මෙහෙම පැහැදිලි කිරීමක් කල එක බොහොම හොඳයි..මේ අවුරුදු 3 ක් පුරාවට මාරයිය කාගෙන්වත් සල්ලි අරන් හොර වංචා කලා කියල කිසිම කෙනෙක් කියල නැහැ..එහෙම වෙලත් නැහැ,වෙන්නෙත් නැහැ කියල අපි දන්නවා...

    ReplyDelete
  46. මට මාරයා එක්ක තියෙන්නෙ බ්ලොග් ලිවීමේ හා කියවීමේ ගනුදෙනුව විතරයි.
    මගේ බ්ලොග් එක පටන්ගත් දවසෙම බ්ලොග් ගැන ලියපු විශේෂ පෝස්ට් එකක මගේ බ්ලොග් එකත් ප්‍රමෝට් කළා, ඒකම අභිතත් කළා. ඒ හින්දා සින්ඩි වල නැති මගේ බ්ලොග් එක සෑහෙන පිරිසක් අතරට ගියා. ඒ උදව්වට දෙදෙනාටම නැවතත් ස්තූති කරනවා...

    අනෙක් කාරනා ගැන මා කිසිවක් දනනෙ නෑ. ඒත් මේ පෝස්ට් එක ලිවිය යුතුම දෙයක් කියලයි මම හිතන්නෙ...හෘදසාක්ෂියේ නිවැරදි භාවයෙන් විතරක් වෙන හොදක් නෑ.

    ReplyDelete
    Replies
    1. කට ඇරපන්කෝ අය්යේ...
      නෑ..නෑ..දත් ගලවන්න නෙමෙයි.මෙන්න මේකට,("හෘදසාක්ෂියේ නිවැරදි භාවයෙන් විතරක් වෙන හොදක් නෑ.")
      සුපියලාක් දාන්න...(සුපියලත් දැන් මසුරං)

      Delete
  47. "හොඳම උදාහරණේ තමා මේ දවස්වල නැගලා යන වර්ගපූර්ණිකාවට සීරියස් කමෙන්ට් දාන උදවිය.."

    හික්..හික්.. මමත් ඔහොම කමෙන්ට් එකක් දෙකක් දාලා ඇති. හැබැයි නොදැන නෙමෙයි. එහෙම දාපු කමෙන්ට් සීරියස් ගත්තද?

    ඔබා මාමාව දෑහින් බලාගන්න නොලැබිච්ච එක ගැන දුකයි.. මම අවුරුද්ද දා හිටියෙත් ඒ කිට්ටුව.. ඒත් ඒ වගේ දවසක නොකියා යන එක හොඳ නෑ කියලා හිතුන නිසා ගියෙ නෑ..

    ReplyDelete
  48. අනේ මේ මාරේ කියවන්න වැඩක් ඇති යමක් ලියපන් බොලේ. ඕපදූප රස ඕපාදූප හොයන උන්ට විතරයි.

    ReplyDelete
  49. වලි පිට වලි යනවා! පිස්සුවක් ඇතෑ!

    ReplyDelete
  50. මම ත් ළඟදීම ගනුදෙනුවක් කරන්න ඉන්නේ :)
    අපි දන්නවා අයියා කවුද කියලා. ඒ නිසා කලබල වියයුතු නැහැ

    ReplyDelete
  51. මොකටද බං මේ පොස්ට් එක ලියුවේ. තමන්ට තමන්ව විස්වාසනම් අනිත් උන් මොනවා කියුවම මොකද

    ReplyDelete
  52. මම හැමදාම උඹෙන් මොනවහරි අරන් යන එකා. මෙන්න මේ කොමෙන්ට් එක තියාගනින්. ගනු දෙනු හරිනේ.

    ReplyDelete
  53. බ්ලොග් ලියන අය අතරට අළුතින්ම එකතු වෙන්න හිතුවෙ බ්ලොග් ලියන අය අතර එකමුතුකමත්,බ්ලොග් එකක් ලිවීම තුළින් හිතට සැහැල්ලුවක් ලබා ගන්නත් කියල හිතාගෙන.ඒ උනත් මෙවැනි ගැටළු දකිද්දි හිතට පොඩි බයකුත් ඇති වෙනව.දැනට බ්ලොග් ලියන බොහෝ අයගෙ බ්ලොග් මම කියවමින් සිටින අතර මම ආශකරන බ්ලොග් අතරින් මාරයගෙ හෝරාව විසේශ එකකි.ඉදිරියට ලස්සන දේවල් ලියන්න ලැබේවා කියල මම ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
  54. තමන්ට විරුද්ධව කවුරු හරි මොකක් හරි කියනවා නම්, ඒක පැහැදිලි කිරීමේ අයිතියක් තමන්ට තියනවා. ඒ නිසා මේ පෝස්ට් එක දැම්මෙ නැත්නම් හොඳයි කියලා මම නම් කියන්නෙ නෑ.

    ReplyDelete
  55. මම හිතන්නේ උඹ මේ ලිපිය ලියපු එක හොඳයි , උඹත් එක්ක ගණුදෙනු කරපු ආශ්‍රය මිනිස්සු උඹ ගැන දන්නවා වුනත් මුදල් ගැන චෝදනාවක් එල්ල වෙලා තියෙත්දි ඒ ගැන තමන්ගේ පැත්තෙන් දෙන්න තියන උත්තරේ පැහැදිලිව ලියල තියන එක බොහොම වටිනවා , පෞද්ගලිකව උඹත් එක්ක ගණුදෙනුවක් නැති , මම වගේ කෙනෙකුට ඒකේ වටිනාකම බොහොම ඉහලයි

    ReplyDelete
  56. මම මාරයා ගැන දැනගෙන එච්චර කල් නෑ.හැබැයි මම මාරයාටත් හොරෙං මාරයාව අධ්‍යයනය කරනවා. (පරණ පෝස්ට් කියවීමෙන් ) ඔන්න වැඩක් නැති කට්ටියට කරන්ඩ වැඩක්.ආයේ මොනවද ඉතිං ලේනා මුහුද ඉස්සා වගේ තමයි කොච්චර කියෙව්වත් පෝස්ට් ඉවර නෑ.තිස්ස දොඩංගොඩ සම්බන්ද ගනුදෙනුව සහ මාරයා එය ප්‍රතික්ෂේප කිරීමත් මම දැනගත්තේ අතීතය හාරද්දි.මම තේරුම් අරන් තියෙන විදිහට මාරයාට වංක වෙන්ඩ හෝ වංචා කරන්ඩ හේතුවක් නෑ.බැඳීම් නැති මිනිස්සුංගේ සුන්දරත්වය ඒක තමයි.මාරයෝ ඇත්තටම හම්බවෙලා කතා කරන්න ආසයි.මමත් ගම්පහ කිට්ටුව.බලමු.

    අනිත් එක මෙහෙම මේ ප්‍රශ්න ඇදිච්ච එක හොඳයි.කොහොමත් හිඟන්නෙකුටවත් සල්ලි නොදෙන මම (සල්ලි නැති නිසා.මහපොළෙන් නේ ජීවත් වෙන්නේ ) ඕවට අහුවෙන්නේනං නෑ.ඒත් මිනිස්සු අඳුරගෙන ඉන්න එක හොඳයිනේ.

    ReplyDelete
  57. මාරයා අයියා එක්ක කතා කරලත් නැ.. චැට් වලින් ඇරෙන්න... ඒකත් නැවතුනා මිට අවුරුද්දකට විතර කලින් උනු එක ප්‍රශ්ණයක් නිසා.. ඔය ඇත් කරලා තියන ගොඩේ මමත් ඇති... ඒ උනාට කමෙන්ට් නොකලට හැම පොස්ට් එකකටම ගොඩාක් පොස්ට් මම කියවලා තියනවා...

    මාරයාගේ මම කැමතිම පොස්ට් එකක් තමයි මාරයා කවුද කියලා කියවෙන අර මොනරු කොල 7,8ක් වැය කරලා ෆොන් බිල ගෙවාගෙන අන්තිමේ දුකක් උනු කතාව...

    මාරයා කියන්නේ ඇත්තටම හොද මනුස්සයෙක් විදිහට මම විශ්වාස කරනවා.. මෙ දවස් වල ඔය වදින මඩ ගැන කියන්න මම දන්නේ නැති උනත් හැබැයි පොස්ට් එක දාපු එක වටිනවා (බට් මමත් එදා කලේ ඒකමද මන්දා)

    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  58. මාරයො, මම උබට මතක් කරන්නම් කතාවක්.. මේක තිබුණෙ පිච්ච මල කතා මාලාවෙ.

    " තමන් නිවැරදිනම් මුලු ලෝකයම එක පැත්තක් අරගන චෝදනා කළත් නිසලව ඉන්ඩ " - රාහුල තෙරණුවෝ..

    ඕක ඔහොමම නෙමේ තිබුණෙ, ඔය වගේ අදහසක්..

    ඒක කොච්චර ඇත්තද...

    වරිගපූරිය ගැන නම් මට උඹත් එක්ක එකඟ වෙන්ඩ බෑ.. අපි ඒ ගැන පස්සෙ කතා කරමු.

    ReplyDelete
  59. මාරයා සම්බන්ධ වෙච්ච එක සමාජ සද්කාර්යයකට මාත් පොඩි උදව්වක් කල නිසා දන්නවා.. ඒ වැඩේ සම්බන්ධයෙන් මාරයා පුදුම කැප වීමකින් කලා විතරක් නෙවෙයි ඒකෙ ගණුදෙනු ගැන අපිව දැනුවත් කලා.

    ReplyDelete
  60. මාරයා මුදලට අවංක බව සහතික කරමි... අස්සන්කලේ බීට්ල්...

    ReplyDelete
  61. මේ බ්ලොග් එකේ නම උඹ වෙනස් කරන්ඩද යන්නේ පිස්සු මාරයෝ.... මෝඩයාගේ හෝරාව කියලා
    තොගෙන් සල්ලි නොගත්තට තොට සල්ලි නොදුන්නට තො කව්ද කියලා ඕන බුරැවෙකූට තේරෙනවා .....මේ බ්ලොග් එක කියවපු
    මාරයාගේ හෝරාව කියන්නේ චතූෂ තූෂර කූමාරගේ කැවුත්ත කියලයි මම හිතාගන ඉන්නේ
    සමහරක් එව්වා මම දෙතූන් පාරක් බැලුවා,මටනං මේක විස්ස විද්‍යලයක්
    මෙහෙම තමන්ගේ රෙද්ද උස්සලා අනුන්ට පෙන්නන එවුන් රීලා බෙට්ටට අඩන්නෙත් නැ , -ක තියන් ඇටවලින් කෙලින්නෙත් නැ, උන්ගේ අත කොටතත් නෑ.
    උඹම තැනක කොටලා තිබ්බා මතකයි ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා
    එහෙම්මම හිතලා හිටහන්කෝ බං
    බලපන් මේ වේලාව අපරාදේ
    කෙටුවානං බස්පලුවෙකූගේ කතාවක් පංකාදු පහයි

    ReplyDelete
    Replies
    1. කොටතත් කියන තැන
      අත කොටත් නැ කියලා නිවැරදි විය යුතූයි.
      සැර වැඩිනං සොරි

      Delete
  62. අනේ ඕන එකෙක්ට ඕන ***ක් කියන්න කියහන් බන් . .
    එක එකා දෙන්න හදන චරිත සහතික උන්ටම තියා ගන්න කියහන් . .
    ඕවට සැලෙන්නේ නැතුව හිටින් . .

    ReplyDelete
  63. මටත් කියනන් තියෙන්නේ අර දුකා කියපු එකම තමයි.

    එක එකා දෙන්න හදන චරිත සහතික උන්ටම තියා ගන්න කියහන් . .
    ඕවට සැලෙන්නේ නැතුව හිටින් . .

    ReplyDelete
  64. උඹට පිස්සුද බන්. කොහේවත් යන ඇනෝවෙක් දාන පෝස්ට් වලට උත්තර බඳින්න.
    උඹ කවුද කියන්න අපි දැනගත්තේ "අරුණ සර් ගේ යෝජනාවක් අනුව සෑදූ සයිබර් නිවස ව්‍යාපෘතියෙන්." ඒ ඇති හොඳටම.
    උඹේ ගමන උඹ පලයන් ඕනි කෙනෙක් ඕන දෙයක් කියපුවාවේ. උඹ දන්නවා උඹ හරිද වැරදිද කියා. අපි දන්නවා උඹ කවුද කියා.

    ReplyDelete
    Replies
    1. ඒ ව්‍යාපෘතියට සම්බන්ධ වූවන් මාරයාගේ ගිණුම්කරනය හා විනිවිධභාවය ගැන හොඳින් වටහාගෙන ඇත.

      Delete
  65. මාව දැකලා තියෙන සයිබරේ ඉන්න එකම පිරිමි කෙනා අයියා.ඔයාව මම හැමදාම දැක්කේ සයිබරේ ඉන්න පතාක යෝධයෙක් විදියට.දිල් අක්කාටයි ඔයාටයි මගේ හිතේ තියෙන්නේ පුදුමාකාර ගෞරවයක් ඒක මොනදේ මොන විදියට වුනත් බිදිල යන්නෙ නැති විදියෙ ශක්තිමත් එකක්. ගනුදෙනු ගැන නම් දන්නෑ ඒත් එකදෙයක් දන්නවා නුඹ විශ්වාස කල හැකි චරිතයක් කියලා.දැන් හැදෙන්න උපදෙස් නොලැබුනත් දීපු උපදෙස් වටිනවා හැමදාටම....

    ReplyDelete
  66. මන් මේ කල්පනා කලේ ඔබා මාම ජීවතුන් අතර හිටියනං මෙව්වට මොනවා කියයිද කියලා . කොහොම උනත් මාරය්යාගේ මුදල් භාවිතාව ගැන කිසිම ගැටලුවක් නෑ අර ස්යිබර් සෙවන වැඩේට කැප උන විදිහෙන්ම ඒක තහවුරු උනා.... ඒ වැඩේට අපි උනත් සුලු අදාරයක් කලේ මාරයා ඒකට කෙලින්ම මැදිහත් උන නිසා ....,
    ඒ නිසා මේ වගේ පෝස්ට් ඕනි නෑ කියල්යි හිතෙන්නෙ....
    අනිත් අයගේ ඔය කින ගනුදෙනු ගැන මෙතන කතා කරන එක වැඩක් නෑ නේ.. ඔබා ඉන්න කං බ්ලොග් හරහා ගනුදෙනු ගැන කතා කලේ නෑ නේ ...
    කොහොම උනත් මෙව්වා අපිටත් හොද පාඩං

    ReplyDelete
  67. දැන් කියවන්න ලැබෙන දේවල් නිසා හිතට දැනුනේ පුදුමයක්. මාත් ලියන්න ගන්නකොට පරිගණක ඉංජිනේරුවෙක් වන මහත්තයා කිව්වේ ලියන්න හැබැයි සත්‍ය තොරතුරු කියන්නවත් කා එක්කවත් පුද්ගලික සම්බන්දකම් පවත්වන්න යන්න එපා කියලා. ඇත්තටම සල්ලි දුන්නම යාළුකම් නැතිවෙනවා. යාළුවෙක්ට උදව් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දුන්නත් අන්තිමේ වෙන්නේ හිත් අමනාප වෙන එක. මමත් ණයට දී මිතුරෙක් නැති කරගත් කෙනෙක්.මුදල ලැබුනත් මිතුරා නැති වුනා. මාරයා හිත් අමනාප කරගන්න එපා. ඔබව දන්නා අය කොහොමත් ඔබ සමග ඉඳීවි. නොදන්නා අය කතා ගොතාවි ඒවගේම. හොඳටම බනීවී නොදන්නා කම නිසා

    ReplyDelete
  68. මාරයාගේ මොළේ අවුල් වෙලාය. නැත්තම් කවදාවත් පිස්සන්ට උත්තර බඳින්නේ නැතිය.

    ReplyDelete
  69. මොකටද බං මේ පොස්ට් එක ලියුවේ. තමන්ට තමන්ව විස්වාසනම් අනිත් උන් මොනවා කියුවම මොකද

    ReplyDelete
  70. මාරය,

    උඹයි මායි අතර එහෙමට ඇයි හොඳැය්යක් නැතත් වැරැද්ද නිවැරද්ද සහ තමංගෙ ස්ථාවරය වෙනුවෙන් පෙනී ඉන්න උඹට තියෙන මේ හැකියාව ගැන මම සුභ පතනව. මොකද ඔය හය්ය බහුතරයකට නෑ.

    මේ පෝස්ට් එක කියවද්දි මට මතක් උනේ තිස්ස මාරයට විස්කි බෝතලය් දීල ටැබුවගෙන් බැනුම් අහපු හැටි. එහෙම වැරැද්දට කෙලින් ඇඟිල්ල දික්කරන්න පුලුවන් උන් අද මේ බ්ලොග් කරුවො අතරෙ අඩු නිසා තමයි මට මෙහෙම උනෙත් උඹට මේක ලියන්න උනෙත් කියල මට හිතෙනව. මිනිහෙකුගෙ මණුස්සකම හිතවත්කම සීමා වෙන්නෙ මුදලට නෙමෙයි, ඒත් හිතවතෙක් මිතුරෙක් කියන්නෙ තමන්ගෙ මිතුර වෙනුවෙන් මේ ඕනම තැනකදි පුළුවන් විදියට පිහිට වීමයි කියලයි මම තාම අදහන්නෙ.එහෙම කෙරෙන මුදල් ගණුදෙනුවකදි විස්වාස කරන්න බැරි ඒත් ඒ හැර ඌ හරිම හොඳ මිණිහ කියන අය ඇත්තටම හොඳ මිණිස්සුයි කියල කියන්නෙ මොන මිණුමකින්ද මට හිතා ගන්න බෑ. විස්වාසය කියන එක එකකට නැති කල එකකට තියෙනව කියල කොහොම පිළිගන්නද!

    මම මගේ පෝස්ට් එකේ දාන්න ඕන කතාවක් මෙතන කිව්වනම් සමා වෙයන්. ඒත් මේ ටික නොකිය බෑ.
    ආර්ථික තත්වය මොක උනත් මට නැති උනේ සැළකිය යුතු මුදලක්. ඒ ගැන මට හිතේ දුක වගේම මං ගැනත් තරහයි. ඒත් මට කළ කිරිල තියෙන්නෙ මේ මිණිස්සු "උඹලගෙ ප්‍රශ්න පුදගලිකව විශඳගනිල්ල, ඔව්ව බ්ලොග් වල නොදා" කියන එකට. බ්ලොග් වලින් යාළුවො උන, බ්ලොග් ලෝකෙ කියුම් කෙරුම් දැකල පැහැදුන කෙනෙකුගෙ වෙනස් වීම ගැන මෙතන නැතිව කොතන කියන්නද?

    ඒ මොනව උනත් මට උන දේ මතක තියෙන තුරු, මේ කතාවෙ ගඳ සුවඳ තියෙන තුරු වෙන මිනිහෙක් මෙහෙම වලක වැටෙන එකක් නෑ කියල හිතනව. ඒ නිසා මගේ පෝස්ට් එකට ලින්ක් එකක් දාල කරපු සේවයට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. විශ්වාසය පරම ඤාතියාය .....
      එය නැති තැන වෙන මුකුත් ඇත්තේත් නැත.

      පෞද්ගලික බ්ලොග් එක යනු තමන්ගේ සිතේ ඇතිවෙන විවිධාකාර සිතුවිලි (විකාර විය හැක , වැදගත් විය හැක ) විරේක කරන තැනයි.
      එහි මෙවැනි දෙයක් නොදමා වෙන මොකක් දාන්නද ?

      ලාංකිකයන් අතර මුදල් පරිහරණය සම්බන්ධයෙන් විනිවිද භාවය අද කාලයේ දකින්න දුර්ලභම දෙයකි. අබේපාල මාමා පමණක් නොවේ සුදු රෙදි පෙරවාගෙන කොමෙන්ට්ස් දැමු බොහෝ දෙනා තුලද එය නැති බව මම ඉතා විශ්වාසයෙන් කියනවා.

      1. ඔබට යමෙක් යමක් ගෙන එන්න කියා මුදලක් දුන්නොත් , කොච්චර යාළුවෙක් උනත් , කොච්චර නොවටිනා දෙයක් උනත් භාණ්ඩය හා ඉතිරි මුදල් භාර දීමේදී රිසිට් පත සමග බාර දෙන්න (90% දෙනා නොකරයි )
      2. පොදු මුදල් සම්බන්ධ ව්‍යාපෘතියකදී අය /වැය රිපෝර්ට් එක අනිවාර්යයි. ඒ වගේම එය ඕන කෙනෙක්ට පහසුවෙන් ලබා ගැනීමට පල කල යුතුයි (60% දෙනා නොකරයි , කරත් තෝරාගත් කිහිප දෙනෙක්ට පමණක් නිකුත් කරයි. ඉල්ලුවොත් තද වෙයි... ඇයි අපි මේකෙන් හොරකන් කරා කියල හිතනවද ආ??? )
      3. නියමිත දිනයේදී නැවත දීමට අපහසු නම් මුදල් ලබා නොගන්න ( 99% දෙනා නොකරයි , තමන්ගේ අව්ශ්‍යතාවයම බලයි )
      4. දීමට අපහසු නම් අපහසුව කියා දිය හැකි realistic දිනයක් මුදල් හිමියාට ලබා දෙන්න. ( 95% දෙනා නොකරයි. හා හා එන සුමානේ ෂුවර් එකටම දෙන්නම් කියා එකලට මග අරියි )

      තව මොනවාද කතා !!!

      Delete
  71. මම උඹේ බ්ලොග් එකට එච්චර කොමෙන්ට් කරන්න ලැබෙන්නේ නෑ.., මම උඹව හමුවෙලා තියෙන්නේ ඉතා සීමා සහිත අවස්ථා කිහිපයක දී විතරයි.., ඒත් මම උඹ කවුද කියලා කියන්න හොඳට දන්නවා.., ඒ උඹව මම සීයට සීයක් ආස්සරේ කරලා නොවේ.., උඹ ගැන වටේ ඉන්න මිනිස්සු කියන දේ අහලා..! මෙතන උඩ කොමෙන්ට් කර්ලා තියෙන මිනිස්සු කියලා තියෙන දේ නැවත පුන පුනා කියන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ..!
    මම මේ දේ කියන්නම්..!
    අපි උඹ කවුද කියලා දන්නවා..,
    ඒ නිසා ශුද්‍රයෝ කියන දේවලට සැලෙන්න එපා..!

    ReplyDelete
  72. අඩේ මාරයෝ... මටත් ණයක්....

    ReplyDelete
  73. හප්පොච්චියේ වෙලා තියෙන් වැඩ :) සියලු සිංහල බ්ලොග් කරුවන් ගේ මූල්‍යමය කල් ක්‍රියාව විමර්ශනයකොරලා වාර්තාවක් දෙන්න කියලා සැන්ට්‍රල් බෑන්ක් එකට කියමුද ?

    බ්ලොග්ලෝකේ හැම කුණු ගොඩකටම අහකින් ඉන්න චතූෂව පටලගන්නම ඕනෙ නේ සමහර අයට :) නැත්නම් එයාලට ඒ නිකන් හිතට හරි මදි වගේ ඇති .

    ReplyDelete
  74. ඔව් සැබෑව... අපි (චතුෂ තුෂර කු)මාරයා ව දන්නවා. එයා මොන තරම් විනිවිද භාවයකින් යුතුව කටයුතු කරනවාද කියන එක අවුරුදු 2 , 3ක ඉඳන් බ්ලොග් ලියන කියවන අය දන්නවා.

    ඒත් ගොබල්ස් න්‍යාය කියලා එකකුත් තියෙනවා නෙව. මේ විදිහට පුංචියට පටන් ගන්න කියුං ටික කාලයක් යනකොට අලි වෙනවා‍. ඒ කාලේ වෙද්දි සමහරවිට මේ බ්ලොග් ලියන කියවන අය නැති වෙන්නත් පුළුවන් මේ අවකාශේ. මේ කියුං කොච්චර අලි වෙනවාද කිව්වොත් සමහරවිට ඒ කාලේ වෙද්දි ඉන්න අය සම්පුර්ණයෙන් මේවා පිළිගන්න ඉඩ තියෙනවා. ඔව් ඒකෙන් මාරයියාට හානියක් නැහැ කියලා හිතන්න පුළුවන්. ඒත් මේ මුදල් ගණුදෙනු සම්බන්ධයෙන් කාරණා දුරදිග ගිහින් කොහෙන් නතර වෙයිද කියලා හිතා ගන්න බැරි පාරක දැන් යන්නේ. අවසානේ මාරයියාට වුනත් මේවාට පැටලෙන්න සිද්ධ වෙන එක මේ ලිපියෙන් මග හැරුණා වෙන්න පුළුවන්. බලන්න මෙතැන තියෙන කොමෙන්ට්. බහුතරය මාරයියා‍ පිළිබඳ ව විශ්වාසයෙන් කෙරුණු කථා. මේ පෝස්ට් එකත් කොමෙන්ට් රැසත් වටිනා එකතුවක් මට නං හිතෙන්නේ. කෙනෙකුට පොඩි හරි සැකයක් ඇති වෙලා තිබුණත් ඒවාත් දූරින්භුත වෙන්න ඇති. අතනයි මෙතනයි ඇනෝලාට පිළිතුරු නොදී, තමන්ගේ තැන රිසි පරිදි දුන්නු මේ පිළිතුර කාලීනයි කියලා මට නං හිතුනේ

    ReplyDelete