28 July 2012

තරු පෙනෙන ලයිට් කැපිල්ල...

පළමුදා රෑ...

හරියටම රෑ අටයි එකොළහයි... කැපුවා ලයිට්..හරිනේ දැන් බඩුම තමා...නොදැන හිටියානං නෙවෙයි..දැනං හිටියා..ඒත් පත්තරේ තිබුන වෙලාව නෙවෙයි... හා ඒකෙන් කමක් නැහැ..දැන් මොකද කරන්නේ..දවලුත් ලයිට් කැපුවා ඒ පැය දෙක හමාරකට... ෆෑන් එක නැතිව ටිකක් දාඩිය දානවා තමා..ඒත් අවුලක් නැහැ කියලා හිතලා ගිහින් ඇඟ හෝදං ඇවිත් වැටිලා නිදා ගත්තා... ඔහොමවත් උනේ නැත්තං කොච්චර ඇහි පිල්ලං ගැහුවත් මං දැන් දවල් නිදියනවා අඩුයිනේ..ඉන්න බැරිම මට්ටමට ආවොත් වාඩි වෙලා ඉන්න පුටුවේ ඇන්ද දිග ඇර ගත්තා එකේම විනාඩි දහයක් කුකුලා ගැහුවා...

දැන් රෑත් ලයිට් නැත... මේකනං විනාඩි හතළිස් පහයිනේ..ඒත් තත්පරෙන් තත්පරේ රස්නය වැඩි වෙන හැටි මට දැනෙන්න ගත්තා... ඒකත් කමක් නැහැ කියමුකෝ... කූං... සුපුරුදු හඩ... ෆෑන් එක නැති වෙච්ච ගමන් ඔය සුමිහිරි ගායනය ඇහෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ... පහුගිය දවසක මදුරු උගුලකුත් හැදුවා..ඒකට මේ වෙනකොට අහු වෙලා තියෙන්නේ කැරපොත්තෝ හතරකුයි මඳුරුවෝ තුන් දෙනෙකුයි විතරයි... එයිට අමතරව තවත් හදුනා ගත නොහැකි කෘමියෙකුත් හිටියා... ඊස් පැකට් එකට වියදං කල රුපියල් 35ටත් පාඩුයි... ඔන්න අන්තර්ජාලයෙන් දෙන හඳුන්වාදීම් කරන්න ගියාම වෙන ප්‍රතිඵලේ...

අවසානෙදි මං තීරණය කලා එළියට යන්න... ඇඳන් හිටි සරම තද කරලා ඇඳ ගත්තා..මෙච්චර වෙලා ඒක තිබුනේ ඔහේ ඇගේ දැවටිලා විතරයි නෙව... තුනී ටී ෂර්ට් එහෙකුත් දාගත්තා..කෝකටත් කියලා..ඇයි ඉතිං කලුවරේ ඔහේ එළියට වෙලා ඉන්නකොට පාරේ යන අය මේ මොකාද කියල ටෝච් එකක්වත් ගහලා බැළුවොත් උන්ට හරි මදිනේ..මටනං අවුලක් නැහැ... කරුවලේම අතපත ගාගෙන ඉස්සරහා දොර හොයාගෙන යද්දි අතර මගදී මතක් උනේ යකෝ ටෝච් එකක් තිබුනා නේද ඇදේ කොනක තියලා කියලා... ඒත් ඉතිං ආයෙමත් ඕක හොයන්ට ගෙහුන් මහන්සි වෙන වෙලාවේ මේ ටිකත් ඔහොමම යං කියලා දොර හොයං කළුවරේම එළියට ගියා...

මේ ළගකදී මං ගියා නෙව ග්‍රහලෝකාගාරයට... ඔය ගියා ගියාමයි... පොඩි කාලේ සත්තු වත්ත බලන්න කටුගේ බලන්න එහෙම ගෙහුන් තිබුනට ග්‍රහලෝකාගාරේට ඔය ගියාමයි... හැබැයි පොඩි කාලේ යන්න වෙනවට වඩා මේ කලේ ඒකට ගිය එක හොදයි කියලා මට තේරුනේ හවස දෙකේ ෂෝ එක බලලා ඉවර උනාමයි.. ඒක පැයක දර්ශන වාරයක්... බොහෝම වටිනවා.. ඉස්කෝලවල පොඩි උන් පිරිලා හිටියා... ඒත් උන්න මොනවා තේරුනාද මංදා... ඈත පළාත්වල ළමයි වගේ පෙනුමෙන්..හිච්චි කොල්ලෝ කෙල්ලෝ ටිකක්... මං හිතන්නේ වැඩි හරියක් උන්ට පුටු උඩම නින්ද යන්න ඇති..මටත් එහෙම නින්ද යන්න ආවා මුලදිම... උදේ ඉඳන් බස්වල ඇවිත් තෙහෙට්ටු වෙලා හිටිය පොඩි උන්ට කොහොම අමාරුවක් ඇද්ද..අනික පාන්දරම ඇහැරවගෙන දක්කන් එන්න ඇත්තේ... බොඩි කාලේ නොගිය එකමයි කාරිය කියලා හිතලා මං තරු බැළුවා...

ඔයිට කලින් මං ග්‍රහලෝකාගාරය බලන්න ගිය අයගෙන් වරින් වර විස්තර ඇහුවා ඒක කොහොම එකක්ද මොනවද බලන්න තියෙන්නේ කියලා.. ඒ හැමෝම කිව්වේ අහස පෙන්නනවා ග්‍රහලෝක පෙන්නවා කියලා විතරයි...උන්දලා කියපු විස්තර වලට අනුව මට තේරුං ගන්නත් බැරිව තිබුනේ මේක කොහොම තැනක්ද කියලා.. ඒත් අන්තිමට මේක බැළුවම මටත් තේරුං ගන්න බැරිව ගියා කොහොමද ඒ ගැන කාටවත් හරියටම විස්තර කරලා දෙන්නේ කියලා...

ඒක හරියට පොල් කට්ටක් යටට ගිහින් පොල් කටුව ඇතුලේ වටේට රවුමට තියලා තියෙන හාන්සි පුටුවක වාඩි වෙලා ඉන්නවා වගේ වැඩක්..මට ඉහළින් ගෝලාකාරව තියෙන සුදු පොල් කටුව අඳුරු කරලා ඒකට තරු රටාවන්...හ්ම්ම්..ඒකට කියන වචනේ මොකක්ද..ප්‍රක්ෂේපණයද..? මං දන්නේ නැහැ මොකක් හරි එහෙම වචනයක් වෙන්න ඕන..අර පොල් කටුව මැද තියෙන මැෂින් එකකින් එල්ල කරනු ලබන ඇහැට නොපෙනෙන කිරණ ධාරාවක් මඟින් සම්පූර්ණ අහසේ තරු රටා මවනවා.. ඒක ඇත්තටම රෑ කාලේ වළාකුල් නැති.. සඳ පායා නැති දවසක අහස වගේමයි... කට්ට කළුවර අහසේ තරු දිදුලනවා... ඒවා ගමන් කරනවා... පසුබිම් කථනයක් මගින් ඒ ඒ තරු අපට හඳුන්වා දෙනවා.. හුගාක් විස්තර කෙරෙනවා... අතීතයේ ඕනම නිශ්චිත දවසක අහස වගේම අනාගතේ දවසක අහසත් මේ ආකාරයි කියලා පෙන්නුම් කල හැකියි. දවසේ විස්තරයට ගන්නේ එදා රෑ හතට විතර අහස පේන හැටි මෙහෙමයි කියලා පෙන්නලා... ඒ තරු ගමන් කරන හැටි පෙන්නලා දෙනවා... හරි අපූරු විස්තරයක්... පුංචිම උන්ට ඒක හොඳ විසිතුරු ගමනක්..ඒත් වැඩියම වටින්නේ ටිකක් ලොකු ළමයින්ට කියලයි මංනං හිතන්නේ..වැඩිහිටියන්ටනං ඇත්තටම සුදුසුයි. ලෝක බෝලේ ඇතුලේ ඔහේ ඉන්න ගමන් හෙන ලොකුවට අපි ගැන හිතං හිටියට.. විශ්වය දිහා බලාගෙන ඉන්නකොට අපිට අපි මොක්කුද කියලා තේරෙන්න ගන්නවා...

කොහොම හරි එළියට ආවා..හැබැයි එදා වැහි බර අහස... පැත්තකින් කලා දෙක තුනක් පිරුනු සඳත් බොහෝම අමාරුවෙන් වළාකුල් අස්සෙන් මතු වෙනවා ආයේ නොපෙනී යනවා... ඉතිං තරු කොහේ පේන්නද... ඒත් මං බලා හිටියා...

ටික වෙලාවක් යනකොට මට තරු පේන්න ගත්තා... අතරින් පතර...ඒත් ඒ පේන එකෙන් දෙකෙන් තරු හඳුනා ගැනීමේ අවස්ථාව අඩුයි... ඒත් මං බලං හිටියා... අහස දිහා බලාගෙන මං කල්පනා කලා.. අපි පොඩි කාලේ තරු බැළුව හැටි...

ඇත්තටම ටීවී නැතිව ගෙවුන ළමාකාලයේ රෑකට අපිට කරන්න දේවල් ගොඩක් තිබුනා... අම්මා හිටිය කාලෙනං රෑට කවි කතන්දර බොහොමයි.. ඒත් තාත්තා කතා දැනං හිටියේ නැහැ ගොඩක්..දන්න කතා දෙක තුන හැමදාම පට්ට ගැහුවා.. ඒත් ටික කාලයක් යනකොට තාත්තා කතා වෙනුවට පරණ දේශපාලන කතා කියන්න ගත්තා... ඒවා සුරංගනා කතා වලට වඩා අපූරුයි... අම්මා කියා දුන්න දුටු ගැමුණුලා පණ්ඩුකාභය කුමාරයා යට ගිහින් ඇන් ඇම්ලා..කොල්වින්ලා වීරයෝ උනා...

එහෙම කතන්දර විතරක් නෙවෙයි හොඳට අහස පැහැදිලි දවස්වලට අපි තුන්දෙනාම ඉස්තෝප්පුවට ඇවිත් සිමෙන්ති‍ කණ්ඩිය අයිනේ බිම වාඩි වෙලා අහස බලනවා...

දුක දුරු බදාදා සඳ නොබලන් සෙනසුරාදා... වැනි කවිපදයක් කියමින් තාත්තා අපට සඳ හා තරු පෙන්වයි... තමා දන්නා තරමින් තරු අතරින් බ්‍රහස්පතී හා අගහරු පෙන්වයි... එයිට අමතව බදාදා රෑ නවයට පමණ අපගේ ගෙට ඉදිරියෙන් වූ ගස් ගොන්නක් මැදින් ගෙට මඳක් පැත්තකින් තිබූ "ළියඟු" ගසට ඇදෙන දේවතා එළිය පෙන්නීමත් බොහෝ විට කෙරෙන දෙයකි... එය නිල්පාට ආලෝකයකි. ඇස් රිදෙන තුරා බලන් සිටින විට එක් ඇසිල්ලකින් ගස් මට්ටමේ සිට ඇඳී යන්නකි... සෑම බදාදාම නැතත් මාසයකට දවසක් හෝ අප බදාදාට දේවතා එළිය බලන්නට අමතක නොකලෙමු. ඒ සෑම විටම නැතත් වර්ෂයකට දෙතුන් වතාවක්වත් මෙම ආලෝකය තත්පරයකට පමණ දකින්නට අපට හැකි විණි.. කතා කරන්නට තහනම් කොට ගස් ගොන්න දෙස බලා සිටින්නට යාමෙන් බොහෝ විට අප දෙදෙනා නින්දට වැටීම හේතුවෙන් බොහෝ විට එම දර්ශනය අපට මග හැරුනු බව කිව යුතුය...

ලයිට් එන්නට තව වෙලා තිබේ... අතීතය මතක් කරමින් අල්පයක් වූ තරු දෙස බලමින් සිතන්නට වීමී... අහල පහලක කිසිවකුත් ඇති වගක් හැගෙන්නේ නැත... මේ මිනිස්සු මොනවා කරනවා ඇද්ද.. ගෙවල් ඇතුලට වී ඉටි පන්දම් හෝ වෙනත් ආලෝක මැද ඔහේ මේ කෙටි කාලය ගෙවනවා ඇතිද..? මේ ගෙවල්වල පොඩි උන් නැතුවාද...? උන්ට අහසේ අසිරිය උරුම නැතිද..?

ලයිට් කැපීම මහා අලකලංචියකි. බොහෝ මිනිසුන්ගේ වැඩ අවුල් කර දමන්නකි..එහෙත් දිනපතාම හෝ මෙවැනි සුළු කාලයක් ලැබෙන්නේ නම් මට හැමදාම අහස බලා ඉන්නට තිබුනි... තරු රටි හදුනා ගන්නට තිබුනි. අතීතයේ සිට මුතුන් මිත්තන් විසින් තණ බිම්වල.. ගොවි බිම්වල සිට බලා සිටි..ඔවුන් දෙස බලා සිටි තරුකා මා දෙසත් බලා සිටින්නට පුළුවන..මටත් මගේ මුතුන් මිත්තන් දුටු මිතුරන් දෙස බලා සිටින්නට තිබිණි. එහෙත් හැමදාමත් ලයිට් කපන්නේ නැත... ලයිට් ඇති දිනවල පැහැදිලිව අහස බැලීමට අපහසුය... ඒ අවට ඇති විදුලි ආලෝක ධාරා ඇසට වැටීමෙන් ඇති වන පීඩාව හේතුවෙනි.

දැන් මිනිසුන් කුමන හෝ හේතුවක් මත ඔවුන්ගේ පැරණි මිත්‍රයින් අමතක කොට ඇත. ඔවුන්ගේ දරුවන්ට සිය දීර්ඝ කාලීන මිතුරන් හඳුන්වා දෙන්නට උත්සහ නොගනී... තව දුරටත් දරුවන්ට හඳ මාමා කෙනෙක් නැත. ඇත්තේ තවත් එක පෘතුවියේ උප ග්‍රහයකු පමණකි. කිරි පැණි ගැන කුමන කතාද..?

මෙව්වා මෙහෙම වන විට දරුවන් රොත්තක් වටකොට ගෙන ඔවුන්ට කතා කියා දෙමින් සඳ තරු පෙන්වමින් කාලය ගෙවන්නට ඇත්නම් යැයි සිතේ... එහෙත් මා වටා කුමන දරුවන්ද... අනුන්ගේ දරුවන්ට කතා කියන්නට යෑම කල නොහැක.. එසේ නම් මටම කියා දරුවන් සිටිය යුතුය.. එහෙම දරුවන් හදන්නට ගියහොත් සිදුවන්නේ රෑ පැයක් දෙකක් අහසේ තරු බැලීමටත්..ඉතිරි කාලය මුළුල්ලේම මට තරු පෙනීමත්ය... මට මහා බියක් දැණිනි... ඒ තරු බැලීමෙන් කමක් නැත.. මා ආපසු හැරුණි... එක්වරම ආලෝකය පහල විය...

ලයිට් ආවා...

58 comments:

  1. Replies
    1. මං -- (හිස්තැනක්.)

      Delete
    2. උඹ හැමදාම අහසෙ තරුම බල බල හිටු...එච්චරයි ඒ ගැන මට කියන්න තියෙන්නෙ

      ප.ලි.

      වැඩිහිටියන්ට වඩාත් සුදුසු ඒත් පොඩි එවුන් රංචු පිටින් ඇවිත් බලන දේවල් පෙන්වන එකම තැන ග්‍රහලෝකාගාරයද ?


      ප.ප.ලි.
      සික්.... කලින් ඇවිත් තැන වෙන් කලත් පෝලිම් පනින එවුන්ගෙන් බේරෙන්න බැරි හැටි..:D

      Delete
    3. හිස් තැන ට අදාල අංකය 2
      :-D

      Delete
    4. ෂා .... වෙනී අයියට තාලෙ අහුවෙල. නරක නෑ වැඩේ. මාත් ට්‍රයි කොරල බලන්ඩ ඕන.

      මං -- (හිස් තැනක්)

      Delete
    5. හිස් තැනට අදාල අංකය 5

      Delete
  2. \\එහෙම දරුවන් හදන්නට ගියහොත් සිදුවන්නේ රෑ පැයක් දෙකක් අහසේ තරු බැලීමටත්\\
    මන් ජනේලෙන් ඔළුව දමලා බැලුවා. මාතලේ වත්තෙන් ගෙනාපු පොල් ටික ජෝන් මාමා තවමත් ලෙලි ගහනවා..
    ජෝන් නැන්දා වතුර බටෙන් ගස් වල අතුරිකිලි වලටත් වතුර දාන්නයි ලේස්තිය. වතුර ප්‍රෙශර් එක මදි කියලා ජෝන් මාමා කී ඩහ්වසක් නම් කීවද මන්දා ?

    ReplyDelete
    Replies
    1. වෙනි අයියේ ++++++++
      මාරයියේ වෙනි අයියාගේ අවවාදය අරන් දැන්වත් හැදුනොත් හොඳයි ඕන් ....

      Delete
  3. අපේ නැද්දා සාමාන්‍යපෙල විද්‍යා ගුරුවරියක්... සමහරදවස්වල රෑට මාත් අක්කාවත් ඔඩොක්කුවේ තියාගෙන නැන්දා තාරකා මණ්ඩල උගන්නන්වා... ඔරායන් තමයි අඳුනගන්න ලේසිම...

    කාලේ වෙනස් වෙලා, ලෝකේ අලුත් වෙලා... මේ ලඟදී ගූගල් ස්කයි මැප් කියලා ඇප් එකක් දුරකතනෙට දාගත්තා... ඒක අහසට ඇල්ලුවාම තරුරටා හොයන එක කජුකනවා වගේ... රෑ පාක් එකේ බංකුවක වාඩිවෙලා දුරකතනේ අහසට අල්ලලා ඔරායන් හොයද්දී නැන්දාව මතක් උනා... (ගිය අවුරුද්දේ නැන්දා නැතිඋනා...)

    ReplyDelete
  4. ඒක මරු කතාව.පොඩි උන්ට තරු පෙන්නිල්ල එසේ තියේවා.මමනං ආසා හැන්දෑවට අහස බලන්ඩ.ඒ වගේ වර්ණ රට චිත්‍රවලනං අඳින්න බැරුවා

    ReplyDelete
  5. රෑට ලයිට් කපන එක හොදයි. මෙගා බලන්න ඇබ්බැහි වෙච්ච අයට තමා ඉතිං ප්‍රශ්නේ. මේ පැත්තේ ලයිට් කපපු වෙලාවට තියෙන්නේ මාර නිහැඩියාවක් . වෙනදට ඇහෙන්නේ නැති ඈතින් ඇහෙන බටනලා වාදනේ එහෙම අහං ඉන්න ආසයි. කොහෙද ඉතිං රූපවාහිනිය ආවට පස්සේ මිනිස්සු රසවින්දනයෙන් ඈත් වෙලාම ගිහින්. අපේ අනාගත පරම්පරාවත් රසවින්දනය අදුරන්නේ නැති වේවි. ඒ අතින් ලයිට් කපන එක හොදයි...

    ReplyDelete
  6. ලයිට් කැපිල්ල දැන් ඉවරයිනේ...........

    ReplyDelete
  7. අගෙයි... අලුතෙන් වෝට් කරන්න හදල තියෙන ගැජෙට් එක දැක්කහම තමයි ගොඩක් අය කතා කරන "ඍණාත්මක චින්තනය" කියන්නේ මොකද්ද කියල හරියටම තේරුනේ.... :)

    ReplyDelete
  8. ලයිට් කැපිල්ල ගැන නම් කියා වැඩක් නැත. සමනලීගේ ගෙවල් පැත්තේ උදේට පැය 8ක්ම ලයිට් කපාදැමුවේ maintenance කියාය... ඒක හවස හරිගස්සා විනාඩි10ක් ගියගමන් ආයෙත් විනාඩි45ක් ලයිට් කැපුවේ කාලසටහනටය... අනේ අනිච්චං.....
    හැබැට අර මදුරු උගුල වැඩක් නැතෙයි? සමනලීත් ඕක අත්හදා බලන්ට උන්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙත් එහෙම උනානෙ.

      Delete
  9. මාරයා(ට) තරු බලයි.(පෙනෙයි.)..!

    ReplyDelete
  10. උඹ ඔය සෞන්දර්යවාදී කතා මෙතන ලිව්වට කමක් නෑ.. පරණ හිතවත් කං ඔලට ගිහින් අර චම්පක ගෙ කණේ හෙම තියෙනව නෙමෙයි... ඒ යකා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියල කියයි ලයිට් කපන්නෙ ලමයින්ට දේවතා එලි පෙන්නන්නය කියල... :D

    ReplyDelete
  11. ෂර්ට් එක විතරද තුනී?
    ඔහොම හිටි ගමන් එළියට බහිනවනම් ලන්තෑරුමක්කත් අරන් යන්ට
    අනෙක්වත් තුනී නම් හපොයි

    ReplyDelete
  12. රෑ අහසෙ තරු දිහා බලාගෙන ඉන්නකොට පුදුමාකාර නිදහස් ගතියක් දැනෙනව තමයි. ඒත් කොළඹට අහස පේන්නෙ කෘත්‍රිම එළි කලවංවෙලා. හරියට දූවිලි වැදිච්ච විත්‍රයක් වගේ. ගමට පේන අහස ඊට වැඩිය ලස්සනයි.

    ReplyDelete
  13. මම නම් කියන්නේ පැය දොලහක් ඉතර ලයිට් කපන්න ඕනේ කියල . . . එතකොට උඹල වගේ බරක් පතලක් තේරෙන්නේ නැති තනිකඩයින්ට ඉතරක් නෙමේ දරු මල්ලෝ රකින්න උදේ හවා රෑ දවල් නැතුව නැහෙන දුප්පත් මිනිස්සුන්ටත් ඒ සුමේ අමතක කොල්ලා සොබා සෞන්දරිය ටික වෙලාවකට වත් විඳින්න ඇහැක් නොව . .

    ReplyDelete
    Replies
    1. ඕං... කිව්ව විප්ලවවාදී ____ කතාවක්...

      Delete
    2. අයියෝ . . මම මේ මාරයට කෝචොක් පාරක් දැම්මා . . ගත්තද ඒකත් සිරාවට හෆොයි . . .

      Delete
  14. අපේ අම්මලගේ මහ ගෙවල් වලට අනූ ගනන් වෙනකම් ලයිට් තිබ්බේ නැහැ ඒක නිසා එහේ ගියාම රෑට නිදා ගන්නකම් කරන්නේ එළියට බැහැලා අහස දිහා බලාගෙන ඉන්න එක. මන් හිතන්නේ මන් මුලින්ම කෘතීම චන්දිකාවක් දැක්කේ එහේදී.

    මන් නම් හරිම කැමතී හැමදාම රෑ 7:30- 9:30 ලයිට් කපනවනම් මොකටවත් නෙමෙයි ලයිට් කපපු ගමන් අවට පරිසරේ පුදුමාකාර විදිහට නිෂ්ශබ්දවෙනවා.

    ReplyDelete
    Replies
    1. මරනේ අයියේ නොදන්නවට අහන්නේ ස්වාභාවික චන්ද්‍රිකාත් තියෙනවයි.....:D

      Delete
    2. නැතුව චන්ද්‍රිකා කියලා නිකම් දැම්ම නම් එහෙම වැරදි අවබෝධයක් එන්න ඉඩ තිබ්බා :-D

      Delete
    3. අප්පදබොල ඒක මටත් අමතක උනා නෙව.....

      Delete
    4. // මරනේ අයියේ නොදන්නවට අහන්නේ ස්වාභාවික චන්ද්‍රිකාත් තියෙනවයි.....:D //

      ඇයි බොලං, අපට තියෙන ස්වභාවික සැටලයිට් එක තමා හඳ.. ඒකනෙ ඒකට චන්ද්‍රයා කියලා කියන්නෙ..

      Delete
    5. පිරිමි වර්ගයා (චන්ද්‍රයා) ස්වාභාවික වන අතර, ගැහැනු වර්ගයා (චන්ද්‍රිකා) සෑම විටම කෘත්‍රිම වන්නාහුය.

      Delete
  15. මන් මේ සබන් ඕනවෙයිද කියල බැලුවේ

    ReplyDelete
  16. //මෙහෙම වන විට දරුවන් රොත්තක් වටකොට ගෙන ඔවුන්ට කතා කියා දෙමින් සඳ තරු පෙන්වමින් කාලය ගෙවන්නට ඇත්නම් යැයි සිතේ.........//. ආච්චිලාටයි මැච් වෙන්නෙ මේ සිතුවිල්ල.

    ReplyDelete
  17. ආදරේ ඇයි පොඩි හඳ මාමේ...
    ඔබට මෙතරම් දරුවෝ...
    හඳ මාමේ.....
    කිරි පැණී මට ගෙනැවිත් දෙන්කෝ...
    හිමින් සැරේ හඳ මාමේ...
    ගී කියා ඔබටයි අමතන්නේ...
    මේ පුංචි නංගා ඔබගේ...
    හඳ මාමේ.....

    ReplyDelete
  18. උඹට බැරිඋනාද ඔය එළියට බැහැල යන වෙලාවට අර වෙනී අයිය වගේ කැමරා කට්ට උස්සගෙන යන්න.

    කොහොම උනත් රෑට ලයිට් කපනවනං ටෙලි නාට්‍ය කරදරෙන් බේ‍රෙන්න පුලුවං.

    ReplyDelete
  19. අදත් උදේ මෙහෙ ලයිට් කපල................ :(

    ReplyDelete
  20. ග්‍රහලෝකාගාරය ගැන සැමාගේ පොස්ට් එක මතක් වීමෙන් පසු යම් කිසි සැකසංකා සහිත භාවයක් ඇතිවුනි..

    ReplyDelete
  21. ඇත්තටම දැන් හඳ මාමා නැතිවෙලා ගිහින් හඳ කියන්නෙ නිකන්ම නිකන් උපග්‍රහයෙක් වෙලා තමයි.හොඳට පායලා තියෙන දවස්වල රෑට අහස දිහා බලාගෙන ඉන්න එක ඇත්තටම රසවත් දෙයක්.ලස්සන තරු රටා,වළාකුළු,හඳ එළිය යට ඉඳගෙන හීතල හුළඟ වැදි වැදි ඉන්නකොට හුඟක් දේවල් කල්පනා වෙනවා මට නම්.

    පාට පාට මල් ඉහිරුණු
    නිල් තණකොල පිට්ටනියක්
    වගෙයි අහස අන්න බලනු
    කොච්චර ලස්සනද රෑට

    ReplyDelete
  22. ඉස්සර හැමදාම උදේ පහටත් පහයි විස්සටත් යන චන්ද්‍රිකා දෙකක් තිබුණා. උදේට එළියට වෙලා ඕවා බලන එක පුරුද්දක්.
    අර කිව්වත් වගෙ ටීවී නැති කාලෙ, විදුලිය නැති කාලෙ, ඉස්කෝලවල තරගය/ ගෙදර වැඩ අඩු කාලෙ, මිනිස්සුන්ට අහස බලන්න, පරිසරය රස විඳින්න වෙලාව තිබුණා. ඉස්සර අපේ ගෙදර හැමෝම රෑට එළියට වෙලා අහස බලනවා. දවසක් මම අම්මගෙන් ඇහුවා හැමදාම අහසෙ එකම තරුද තියෙන්නෙ, නැත්නම් දවසින් දවස වෙනස් වෙනවද කියලා. අම්මා කිව්වා හැමදාම එකම තරු තමයි තියෙන්නෙ, දුව තරු ටිකක් මතක තියාගෙන බලන්ඩ, හෙටත් ඒවම තියෙනවද කියලා කියලා. එහෙම කියලා අම්මම මට මතක තියාගන්ඩ ලේසි තරු ටිකක් පෙන්නුවා. ඒ ඔරායන්ගෙ බෙල්ට් එක.

    ReplyDelete
    Replies
    1. තරු බැලුවට මේ හෙළයින්ගෙයි ඔරයන්ගෙ පටියෙයි තියන සම්බන්ධය දැනගෙන හිටියෙ නෑ නේද... ?

      //ඔරායන් රාශියේ බඳ පටියේ ඇති තාරකා වල දුර අතර අනුපතයට සමානයි. ඒවගේම චීනයේ සහ ඊජිප්තුවේ පිරමිඩ් ප්‍රදෙශ හරියටම ශ්‍රි ලංකාවේ සමනල කන්ද එක්ක සමකෝනී ත්‍රිකෝනයක් හදනව. // - වර්ගපූර්ණිකාව

      Delete
    2. මළා, එතනත් රාවණා! :D

      Delete
  23. ඒකට අපේ ලංවීම කපන්න ඕන කාලේ පැය 24ම දෙනවා ඕන කාලේ පැය 24ම කපනවා අන්න සිටි :D

    ReplyDelete
  24. මාත් ආස රැට කරන්ට් එක කපනවට. එතකොට තියෙන නිස්කලන්කකම, හිතට දැනෙන සනීපෙ කියල නිම කරන්න බෑ. අනික, පහු වෙනිදා උදේට නැගිටිනකොට හිතට දැනෙන සැහැල්ලුව......

    ReplyDelete
  25. සඳුද උදේම කවිකාරි අක්ක ලියල තිබුණ කරන්ට් කැපිල්ල ගැන. මම නම් හිතුවෙ බඩු හෑව් කියල. කිව්වට මොකද, කෂ්ටිය පැය ගනන් කරන්ට් කපපුව කියව්වට අපිට ගිය සඳුද ඉඳල තවම විනාඩි 5 කට වත් කරන්ට් කැපුවෙ නෑ.

    ReplyDelete
  26. කුමාරතුංග මුනිදාස පඬිදානන්ගේ පිය සමර කවි පෙළ මතක් වුනා මට මේ ලිපිය කියවද්දී. මතකද එහි කියනවා අහස පොලොව තාරුකා පෙන්වමින් ඒ පියා දැනුම ලබාදුන් හැටි පියාගේ දේහය අසල සිටින පුතාට මතක් වෙනවා. ඇත්තටම අපේ ගෙවල් වටා දැන් කොන්ක්‍රීට් වනාන්තර තිබුනත් ඒ අතරින් හෝ ස්වභාව ධර්මය වැළඳ ගන්නට අවස්තාව තිබෙනවා. ඒ බව අවබෝධ වෙන්නේ ඔයවගේ කරුවලේ ඉන්න වෙලාවක හෝ ගෙදර තනිව ඉන්න වෙලාවකයි. පොත් දහස් ගණනක් කියවීමෙන් හෝ අන්තර්ජාලයේ පැය දහස් ගණනක් ගතකිරීමෙන් ලබාගන්න බැරි දැනුමක් අපේ අහස පොලොව නිරීක්ෂණය කිරීමෙන් (බුද්ධිමත්ව හා නිසි මග පෙන්වීම යටතේ) ලබාගන්න පුළුවන්. මම වැලි ඔය ප්‍රදේශයේ රාජකාරි කරද්දී, නිකමට සොයා බැලුවා එහෙ අධ්‍යාපන තත්වය. මුහුදට කිලෝමීටර් හතරක් මෙහා තියන ඉස්කෝලේ කඩොලාන ගැන උගන්වන්නේ කළු ලෑල්ල සහ පොත් අධාරයෙන්. මම ඒ ළමයින්ව අරගෙන කියා කෝකිලායි කලපුව අසලට. එයින් 70% ක් කලපුව හෝ මුහුද දැක තිබුනේ නැහැ. මේ තමයි යතාර්ථය. ඒ නිසා තමයි සුනිල් එදිරිසිංහ කියන්නේ 'කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති නල වතුරෙන් සැනහෙන දරුවෝ - ගොයම් කපුමකට දෑකැති ලෙලවති කුඹුරක් ඇස නොගැටුණ දරුවෝ' කියලා. දැන් ගමත් නගරය වගේම වෙනස් වෙලා. මේ මෑතකදී මම මගේ වයසට ආසන්න වයසේ ඉන්න කීප දෙනෙකුට එක රාත්‍රියකදී පෙන්නුවා තරු මගින් උතුර හොයාගන්න හැටි. ඒ කවුරුවත් එය ඊට කලින් දැනගෙන හිටියේ නැහැ.

    තමන්ගේ ළමයි නැති වුනත් මාරයෝ, තමන්ගේ දැනුම ලෝකයට බෙදාදෙන්න. ඒ ආත්ම තෘප්තියම ඇති නිදහස් සාමකාමී සිතුවිල්ලෙන් යුතුව මියයන්න අපි මියයන දවසට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  27. මට මතක් වුනා කවියක් දිලිසෙන පුංචි තාරකාවක් ගැන...
    ඒක කියලා මාරය තරහා වෙයිද දන්නෙ නෑනෙ.
    මොකද මේ ලඟදීකවුදෝ කියලා තිබ්බේ මාරයා ඉංග්‍රීසිත් එක්ක තරහයි කියලා.
    මාරයට කට කොනකට හිනාගියා නේ?
    කවියත් මතක් වුනා නේ?
    මගෙ අප්පේ බව්ද වර්ල්සෝ හයි :)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මං දන්නවා මං දන්නවා ඒ කවිය මොකද්ද කියලා..

      ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ලිට්ල් ටා
      හවු අයි වොන්ඩර් වට්ටූ ආ
      අප්පේ බවුදා බවුදා වර්ල්සෝ හයි
      ලයිකේ ලයිමා ලයිමා ඉන්දස් කයි

      මතකයිනං කියහං බලන්ට ‍මේ කවිය තිබ්බෙ කොහෙද කියලා... :D

      Delete
    2. ගමෙන් නගරයේ ගෙදරකට වැඩට එක්ක එන ළමයෙක් හිටිය කතාව . ඉස්කෝලේ යවයි කියල එක්ක ආවට ගෙදර බේබි ඉගෙන ගන්න ඒවා අහන් ඉගෙන ගන්න ළමයා.. කතාවේ නම මතක නැහැ .

      Delete
    3. මාරයා ඉංගිරිසි වලට බය වුනාට මන් මාරයට බය නැති නිසා මෙන්න ඔරිජිනල් කවියේ සම්පුර්ණ පද ටික



      Twinkle, twinkle, little star,
      How I wonder what you are.
      Up above the world so high,
      Like a diamond in the sky.

      When the blazing sun is gone,
      When he nothing shines upon,
      Then you show your little light,
      Twinkle, twinkle, all the night.

      Then the traveller in the dark,
      Thanks you for your tiny spark,
      He could not see which way to go,
      If you did not twinkle so.

      In the dark blue sky you keep,
      And often through my curtains peep,
      For you never shut your eye,
      'Till the sun is in the sky.

      As your bright and tiny spark,
      Lights the traveller in the dark.
      Though I know not what you are,
      Twinkle, twinkle, little star.

      Twinkle, twinkle, little star.
      How I wonder what you are.
      Up above the world so high,
      Like a diamond in the sky.

      Twinkle, twinkle, little star.
      How I wonder what you are.
      How I wonder what you are.

      Delete
    4. @ බුරා... මේක මම කියෙව්වෙ දැනට අවුරුදු තිහකට විතර කලින්...අපේ අක්ක කෙනෙකුගෙ සිංහල අච්චුපොතේ තිබිල...අපි ඒ පංතියට එනකොට ඒ පොත අළුත් වුණා වගෙයි මතක... ජී බී ගෙ කෙටි කතාවක්ද කියල මතක නෑ... මේ කවි කියන්නෙ මැණිකා මට මතක...

      Delete
    5. @ බින්දි & සපා,

      ඔය ළමායි දෙන්නම නිවැරැදියි.. මෙන්න මගේ ප්‍රණාමය.. :)

      සපා, මාත් ඕක කියෙවුවෙ අක්කගෙ සිංහල අච්චු පොතෙන් තමා.. අපි එනකොට ඒ පාඩම හැලිලා.. මේකෙ කතෘ කවුද කියලානං මතක නෑ.. ජීබීගෙ 'කාන්ති' කියන කෙටිකතාවනං අපට කලින් පන්තිවලට තිබිලා අපි එනකොට හැලුනා..

      ඔය පරණ අච්චු පොත් සෙට් එකම ගෙදර තියෙනවා, ආය ගිය වෙලාවක ඇදලා බලන්න ඕන..

      Delete
  28. //මෙව්වා මෙහෙම වන විට දරුවන් රොත්තක් වටකොට ගෙන ඔවුන්ට කතා කියා දෙමින් සඳ තරු පෙන්වමින් කාලය ගෙවන්නට ඇත්නම් යැයි සිතේ... එහෙත් මා වටා කුමන දරුවන්ද...//
    මේ කතාවට නම් ටිකක් දුක හිතුනා.......

    ReplyDelete
  29. මේ ලයිට් කැපිල්ලෙන් මටත් පාඩුයි...

    ReplyDelete
  30. ලංකාවේ අහස තවම ලස්සනයි . ලංකාවට ගිහින් ආපු විදේශිකයෙක් මගෙන් ඇහුවේ ඔයාගේ රටේ නිල් අහස මතක් වෙන්නේ නැද්ද කියල . මෙහෙ අහස නිතරම අඳුරුයි . රෑට තරු දෙක තුනක් පේන්නෙත් ග්‍රීෂ්ම කාලේ වැහි නැති දවසක විතරයි. මෑතකදී හොඳින්ම තරු රටා දැක්කේ ඔබා මාමලාගේ මිදුලේදී . අපේ ලොක්කි ''කළු'' කියන බලු හාමිනේගේ ඔලුව අතගගා තරු දිහා බලන් ඉන්න කොට ගෙට ගන්නත් අමාරු වුණා.

    අපිත් ඉතින් පොඩි කාලේ තරු බලන්න හරි ආසයි . චන්ද්‍රිකාවක් දැක්කම බොහොම සතුටුයි. ඇයි දේවතා එලි. එතකොට කඩාවැටෙන උල්කාපාත .ලියන්න ඕන පෝස්ට් එකක් මෙව්වා ගැන .

    ReplyDelete
  31. ඇත්තටම මාරයෝ ලයිට් කපපු දවස් ටිකට ඔය හා සමාන අත්දැකීමක් මමත් ලැබුවෙමි...දරුමල්ලන් සමඟ කලුවර රාත්‍රියේ..මිදුලට වී අහස දෙසබලා ලැබූ සතුට, පොඩිඈයොන්ට දවස්ගන්නක් කතාකිරීමට මාතෘකාවක් වීතිබුනි.

    ReplyDelete
  32. ඔන්න අන්තර්ජාලයෙන් දෙන හඳුන්වාදීම් කරන්න ගියාම වෙන ප්‍රතිඵලේ...

    අර පැගිරිතෙල් වැඩේට මොකද උනේ

    ReplyDelete
  33. http://skymansuniverse.blogspot.com/

    කාලාන්තරයකින් උප්ඩේට් කොලේ නැතිඋනාට හොඳ ලින්ක්ස් ටිකක් නම් තියනවා, ඔය තරුවලට ආස එකාලට සහ එකී ලට....

    ReplyDelete
  34. වැඩිහිටියොත් පොඩි එව්වෝ වෙන වෙලාවල් තියෙනවා නොවෑ

    ReplyDelete
  35. ලයිට් කැපීම නැවැත්වීම බොහෝ හොද දෙයකි. නැත්නම් 2113 අප්‍රේල් සිට ඒක පුද්ගල ආදායම තවත් පහළ යනු ඇත. (ජනගහණය වැඩි වීමෙන්)

    ReplyDelete