කලින් දැනං හිටියේ නැහැ..උදේ ඉරිදා පොල ගාවට යද්දි මෙන්න ගමට හැරෙන පාර ගාව කටවුට් වලින් ගහපු තොරණක්... හවස දෙකටයි කිව්වා අමතන්නේ... මං ඉතිං කලින් දාගත්ත ගමනක් යන්න තිබුන හින්දා ඒක ගියා... ඒත් මෙන්න හවස 4ට විතර ඒ ගමන ගිහින් එද්දී වාහන ටික ආවා... 2ක 4 වෙලා.. ඔව්වා අවුලක් නැහැ..මේක අත්තනගල්ල ආසනේ නෙව... ආයේ ඉතිං මෙහෙ හිටිය ලොකු මැඩොංගේ ක්‍රමේටම තමා මෙහෙ අනිත් අයත් වැඩ කරන්න ඕන...
කොහොම හරි මං වාහන වලින් කට්ටිය බැහැලා යන හැටි දඩ බඩ ගාලා පොටෝ ගහගෙන මගේ ගමන ගියා.. ඒ ගෙහුන් ආයේ හවස 5ට විතර එතැනින්න යද්දිත් සද්දේ ඇහෙනවා..මං ටිකක් ස්ලෝ කරලා අහලා බැළුවා.. කවුද කතා කරන්නේ කියලා.. නැහැ මං හිතුව කෙනා නෙවෙයි.. වෙන කවුද හාදයෙක්.. ඒ ගමන මට තේරුනා 2ට කිව්වට 6ට තමා අමතන්නේ කියලා..මං ඉක්මනට ගෙදර දුවලා ඇවිත් ඇතුලු උනා සාලාවට...අන්න එතකොට තමා අපූරු වැඩක් උනේ.. මෙන්න සාලාවේ දොරකඩ ලග ඇතුළු වෙන අයව පරීක්ෂා කරනවා..
ඒක විහිළුවක් වෙන්නේ ඇයි කියලා දැන් කස්ටිය හිතයි.. යකඩෝ ඉස්සෙල්ලා මං මේ හෙල්මට් එහෙකුත් දාගෙන පාරේ හිටිය ගමන් බයික් එක පැත්තකට දාලා දුවන් ඇවිත් පොටෝ ගගහා අදාල පුද්ලගයා අත ගාන්න හැකි මට්ටමට ආවා තත්පර තිහක් වගේ වෙලාවක් ඇතුලත... එහෙම හැකියාවක් මට තියෙනවා කියන්නේ උන්නැහේට අතුරු ආන්තරාවක් කරන්න ඕන කෙනෙකුට කිසිම බාධාවක් නැහැ කියන එකයි... එහෙම තිබිලා දැන් මේ සාලාවේ ඇතුලට යනකොට විතරක් චෙක් කරන්නේ අහවල් එහෙකටද..? හරි ඒක අල්ලලා දාමුකෝ.. මං ලියා කෙලින්ම බැල්කනියට.. එතනට හොඳට පේනවා...
ඇත්තටම ඔන්න සෙනග ගොඩක් හිටියා..ආයේ මොකට බොරු කියනවද... සාලාවේ යට තිබුන පුටු පිරෙන්නයි.. බැල්කනියේ පුටු ටික පිරෙන්නයි හිටියා... විස්සක් තිහක් හිටගෙනත් හිටියා වටේට... මං හිතන්නේ සාලාව ඇතුලේ ඔක්කෝම පුටු තියන්න ඇහැකි 400 ක් 500ක් විතර... ඉතිං ඒ කියන්නේ එයිටත් වඩා කට්ටිය මං යද්දී හිටියා...
ඔන්න මං දැකලවත් නැති නම අහලවත් නැති මෑන් කෙනෙක් වේදිකාව දෙදරන්න කෑ ගහනවා... හැබැයි ඒකේ වැඩි හරියක් තමුන් ගැන වරුණාව... ඒකේ සාරංශය ඇවිල්ලා.. "මං වැඩක් කරපු හාදයා..හිටියේ හූ ඇන් පීයේ.. හැබැයි අපේ ලොක්කෝ මං ගැන හොයන්නේ නැහැ.. ඒත් මේ මහත්තයා මං ගැන හෙව්වා බැළුවා.. ඒ හින්දා මං මීට පස්සේ මේ මහත්තයා සරණ යමි." කොහොමහරි ඒ කතාව ඉවරයි..
මං ඉතිං බිත්තියකට හේත්තු වෙලා පොටෝ කෑල්ලක් දෙකක් අල්ලන ගමන් ලෑස්ති උනා ප්‍රධාන දේශනය අහන්න..මොන...
මෙන්න ඒ පාර අපූරු යාළුවෙක් මතු උනා...
සුප්‍රසිද්ධ අගවිනිසුරුතුමාණෝ...හිටපු...
ඔන්න හෙන ෆයිල් එහෙකුත් ඇන්න ඇවිත් පටන් ගත්තා... මෑන් මැරිලා ඉපදිලා... අතීතය අමතකයි... අර දුමින්දගේ ලෙඩේමයි... පොරට අනුව පොර මහත් වූ වැර වීරියෙන් තැනූ නිතීයේ මොකක්ද මාළිගාවට දැන් බෝම්බ වැදිලලු... මෑන් බබා... මෑන්ගේ කාලේ එහෙං පිටින්ම අමතක වෙලා.. හා ඒකත් කමක් නැහැ කියමුකෝ..වයසක හාදයානේ...
හැබැයි මෑන්ගේ කතාව ඉවර වෙද්දී මට සීට් එකක් හම්බ උනා... හේතුව දන්නවනේ...
ඒ ධර්මදේශනය අවසනවත් කතාව අහන්න කියලා සෙට් වෙනකොටම මෙන්න අර හිටිය නළු මහත්තයා...
කඩුවෙල කැටගොඩ... හුටා..ද සිල්වා හොඳයි... මෙයා හිටිය සෙනගින් සෑහෙන පිරිසක් ආපහු ඇරියා... මට දැන් අල්ලපු සීට් එකත් අයිතියි..හොඳට හරි බරි ගැහුනා ප්‍රධාන දේශනය අහන්න... හත් ඉලව්වේ.. මේන් තෙවරක් පෙර පෙර ආව කෙනෙක් ඒ පාර දුන්නා ටෝකක් ගිනි විසි වෙන්න... කොටින්ම මෑන් කියන්නේ මෑන් නිතර හිරේ යන කෙනෙක්ය..ඉතිං හිරේ හැටි දන්නවය..එහෙවු හිරෙ හිටිය හින්දා අර උන්නැහේට බොක්කෙන්ම ෆිට්ය කියලා...
ඒ කතාව අවසන කවුරුවත්ම හිටගෙනත් නැත..පුටු අතරිනුත් අතරින් පතර හිස්ය..බැල්කනියේ හිටි අයගෙන් බාගයක්වත් නැත... හොඳ වෙලාවට කූල් කැප්ටන් නොහිටියේ..ඒ හිටියනං ඔය ටිකත් නැතිව ලොකු උන්නැහේට කතා කරන්න වෙන්නේ හිස් පුටු ටිකට තමා...
ඔන්න යන්තං දේශනය පටන් ගත්තා... වෙලාව හයාමාරයි...
බොහෝම පැහැදිලිව නිරවුල්ව කතාව කෙරුනා... ඉස්සර අපි දැකපු ආවේගශීලී කතා නැත. බොහෝම සංවරව කතාව කෙරුනා. අළුතෙන් ගන්න දෙයක්නං තිබුනේ නැහැ. අර මේ දවස්වල නිතර කියන කාමරතුනේ ගෙවල් හැදීම ගැන එහෙමත් කිව්වා..හැබැයි ඒ කතාවේ අවසාන බාගය වෙච්ච අර කඩුවෙල හදන ඇමති නිවස ගැන කියන්න අමතක උනාද අමතක කලාද කියලා මට තේරුනේ නැහැ..කොහොම හරි ඒ ගැන වචනයක්වත් කිව්වේ නැත.
බොහෝම පිළිවෙලට කතා බහ කරලා අවසානේදී සබා තොමෝ සතුටින් විසිර ගියා.. මාත් එන්න ආවා...
කොහොම උනත් දැන් උන්නැහේ අර ආවා වගේ නැතිව ටිකක් පිළිවෙලට ගමනක් යන හැඩක් පේන්න තියෙනවා... අඩුවකට තියෙන්නේ තමන්ටම කියලා සැලැස්මක් නැති එක තමා. රට දියුණු කිරීම ගැන නිතර කිව්වත් ඒක කරන හැටි හෝ එයට අදාල වැඩ කටයුතු ගැන පැහැදිලි කිරීමක් නැහැ. මං හිතන්නේ ඒක රහසක් වෙන්න ඇති. ඒකත් හා කියමුකෝ.. හැබැයි මට තිබුන ලොකුම ප්‍රශ්නේ ඒක නෙවෙයි..
ඒක ඇත්තටම මගේ ලොකු ප්‍රශ්නේ නෙවෙයි...උන්නැහේටම ලොකු ප්‍රශ්නයක් වෙන දෙයක්.. ඒ තමා තාමත් ලං කරං ඉන්න අය හින්දා එකෙක් දෙන්නෙක් හරි අහිමි කරගන්නවා කියන දේ... ඒත් අදත් ඇස් පනා පිටම පෙනුනා.. උන්නහේ එද්දී හිටිය කොටසින් බාගයක් අවසානෙදී හිටියේ නැහැ. ආන්න ඒ ටික තේරුං ගන්න පුළුවන් කමක් ලැබුනනං උන්නැහේ හැබෑවටම දිනනවා.. එච්චරයි මට කියන්න තියෙන්නේ... වටේ ඉතිරි වෙලා ඉන්න හාල් කෑලි ටිකත් හලලා..හරි හමන් දැනුමක් තියෙන අය කිහිප දෙනෙක් ලං කරං හොඳ රටට ගැලපෙන පාලන සැලසුමකුත් හදාගෙන ආවනං දුර ගමනක් යන්න තාමත් උන්නැහේට පාර විවෘතයි කියන එකයි අවසානෙදි මට කියන්න තියෙන්නේ...
1
ReplyDeleteකෝ අත විතරයිනේ පේන්නෙ. ලස්සන ෆොටෝ එකක් දාන්ඩ එපෑයැ.
Deleteආ, දේශපාලන කතාවක් නේද?
ReplyDelete#
ReplyDeleteහුරේ..ජය වේවා...
Deleteඑයා අපිට...අපි එයාට
අපි අහුවෙයි
ඔය කිව්වට....:)))
කවුරු මොනා කිව්වත් ඔක්කොම එකම බෝට්ට්ටුවේ ...
ReplyDeleteමටනම් දේශපාලනය තිත්ත මාතෘකාවක්.
හුරේ...ජයවේවා..ජයවේවා..!! කාටද????
ReplyDeleteදන්නෙ නෑ.......
හුරේ...ජයවේවා..ජයවේවා..!! කාටද????
ReplyDeleteදන්නෙ නෑ.......
ඊයේ පෙරේදා අපේ පැත්තට ආව වෙලාවේ මමත් ගියා. ඔබ කිව්වා වගේම කිසිම ආරක්ෂාවක් නැහැ. ඉතා පහසුවෙන් අනතුරක් කරන්න පුළුවන්. ආරක්ෂාවට කියලා ඉන්න 'පරණ හාදයෝ' ඉන්නේ 'ටිකක් ගසලා' වගේ. මාව දැකපු ගමන් ඇහුවා. Where are you now? කියලා. මම කිව්වා පැන්සොන් කියලා. You better come and join with me කිව්වා. මම කිව්වා හා කියලා. ඔබ ඔය කියපු අඩු පාඩු ටිකත් මම නිරීක්ෂනය කරපු තව කරුණු රාශියකුත් මූණටම කියනවා මොනවා වුනත් හෙට අනිද්දම. අවුරුදු 20 ක් විතර හොඳට මාව දන්නා මිනිහනේ. අර හාල් පාරුවෝ චුත වෙනකම් සුගතියක් නැත.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඔන්න විචාරක මහත්මයට ඇමතිකමක් ගන්න චාන්ස් එක...
Deleteඉවරයි! ලියන්න තියෙන පෝස්ට් ටික ඔක්කොම හැකි ඉක්මනට ලියලා දාන්න කියන්න ඕන විචාරකතුමාට.. දියවන්නාවට ගියාට පස්සෙ කාටද වෙලාව තියෙන්නෙ බ්ලොග් ලිය ලියා ඉන්න.. :D
Delete@ Buratheno
Deleteකළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපිත් පෙරේරා blog එකක් ලිව්වා නේද ?? දැන් ඒක එයා ලියන්නේ නැද්ද ??
මම මහලු වයසේ - ඇමතිකම් කරන්නේ කෙලෙසේ? පසුපසින් සිට අත දීමට විතරයි හිතාගත්තේ.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මහලු වයසේ නේන්නං ඇමැතිකං කොරන්නෙ.. අවුරුදු 40-45 විතර එකෙක් ආවත් කියන්නෙ "තරුණ ඔබට-තරුණ ජවයක්" කියලනේ.. :D
Delete@ Buratheno,
Deleteඒක නේන්නම්. අර අවුරුදු 80ත් පැනපු අගමැතිතුමා අගමැතිකමෙන් විශ්‍රාම ගිහින් තානාපතිකමක් ගන්න බලන් ඉන්නවා. මේ හැකියාව තියෙන මිනිස්සු පස්ස ගහනවා. :)
කොහොමත් වටේ ඉන්න උදවිය තමා නිතරම කෙලවන්නේ...
ReplyDeleteහැබැයි මෑන්ගේ කතාව ඉවර වෙද්දී මට සීට් එකක් හම්බ උනා... හේතුව දන්නවනේ...
ReplyDeleteමේක තමා හොදම කෑල්ල ලිපිය මෙතනින් නැවැත්තූවත් අනිත් ටික හිතා ගත්ත හැකි
උකුණෝ මකුණෝ අයින් කරගෙන එන්න ඕනි...
ReplyDeleteජන්දේ ලංවෙද්දි දැහැමින් සෙමින්
ReplyDeleteඋන්නැහේ තාමත් දේශපාලනේට ලාමකයි.... තව කාලයක් යයි තෙම්පරාදු වෙන්ට. ජේ ආර් ලොක්කත් බලයට ආවේ 70 ත් පැන්නට පස්සෙනෙ... වටේ ඉන්න හාල් කෑලි ටික හලා ගත්තේ නැත්නම් ඒ වෙනකම් දුවයිද දන්නෑ...
ReplyDeleteහාල් කැලි ටික හලලා ආයි ගන්න වෙන්නෙත් තව හාල් කැලි ටිකක් නේද ? :)
ReplyDeleteඅඩුම තරමින් තෝරලා බේරලා හොඳ හාල් කෑලි ටිකක් වත් හොයාගන්ට බැරිවෙයිද මේ ලොක්කට??? මිළියන හතරක්ද කොහෙද සපෝට් එක දුන්නනේ කළින් සැරේ....
Deleteමේ මොකක් ගැනද හැබෑට මේ කියන්නේ :ඩී
ReplyDeleteඔබා මාම කිව්ව වගේ.. 'පෝස්ටුවත් කොමෙන්ටු සියල්ලත් කියෙව්වා'..
ReplyDeleteහොද ෆොටෝ එක්ක අරන් දාන්න තිබ්බනේ අයියේ..
ReplyDeleteමාරයගෙ බ්ලොග් කෑල්ල කාලෙක ඉඳන් කියවනව කොමෙන්ට් කෑල්ලක් දාන්නේ අද තමයි. අපි හැමදාම බලා ඉන්නේ සුපිරි නායකයෙක් ඇවිත් සුපර් මෑන් වගේ අපේ රට ගලවල දෙයි කියල රහස මොකද්ද දන්නවද ජනතාව රහසින් දන්නව අප්සට් එක තියෙන්නේ නායකයන්ගෙම නොවෙයි තමන් ගෙ අතේ කියල. තනි පුද්ගලයින් නිවැරිදි මාර්ගයේ ගමන් ගත්තම ඉහල නායකයින්ට වැරදි මාර්ගයේ යන්න අමාරුයි. පාලකයින්ගේ හැටියට ජනතාව නොවෙයි ජනතාවගේ හැටියටයි පාලකයො බිහිවෙන්නේ.හොඳම පිටරට උදාහරණය තමයි සිම්බාබ්වේ කියන රටේ වෙන දේවල් ටිකක් හොයලා බලන්න. ජනතාවයි නායකොයි ඔක්කොම හොරු මුලු රටම කම්බ හොරු කාටවත් ගානක් නැතිවෙලා. යහපාලනය ඉහලින් පහලට දෙන්න බෑ පහල හොඳ වුනොත් ඉහල හොඳ වෙයි. ජනතාව හොරු වෙනකොට පාලකයො කම්බහොරු වෙනවා. රට හදන්න සුපර් මෑන් නායකයින්ට බෑ මේක පටන් ගන්න ඕන පුද්ගලයා තුලින්.
ReplyDeleteසංපූර්ණ ඇත්ත. ආකල්පමය වෙනසක් අවශ්‍යයි. ජාතික ප්රතිපත්තියකට වැඩ කරන්න ඕනෑ කාටත් පිලි ගන්න පුළුවන්. එතකොට දේශපාලකයා කියන්නේ තවත් එක නිලදාරියෙක් විතරයි.
Delete+++
Deleteමාරයියා හරි කාලෙට හරි දේ කථා කරන්න පටන් ගත්තේ. උදිත දුන්න ඌණ පූර්ණයත් නරක නැහැ. කවුරු කවුරුත් භේද පස්සට දාල කතා කරමු වෙන්න ඕන දේ මොකක්ද කියල.
Deleteමෙන්න අපිත් පටන් ගත්තා..
ඒක තමයි කියන්නෙ, ඉන්න දූෂිත ජනතාව වෙනුවට අලුත් ජතාවත් පත් කරන්න කියලා. ඒ අලුත් ජනතාව අලුත් පාලකයෙක් පත් කර ගනියි.
Deleteඋදිත කියන එකේ ඇත්තක් තියෙනවා එක සම්පුර්ණයෙන්ම පිළිනොගත්තත්..( වැටයි නියරයි ගොයම් කන එක නවතින්න ඕනා ඉස්සෙල්ලා.) හැබැයි ඉතින් මිනිස්සුන්ට හම්බවෙන්නේ ඒ අයට ගැලපෙන නායකයෝ තමයි.. තමුන් සියලු දේම වැරදියට කරමින් නායකයින් විවේචනය කිරීමේ පලක් නැහැ. නායකයෝ හදනේ බලේට ගෙනෙන්නේ මිනිස්සුනේ..
ReplyDeleteමෙහෙමයි නේ සරත් දැන් මාරය කියන විදියට නරක මිනිස්සු හලල කොච්චර හොඳ මිනිස්සු එකතුවෙල දැන් ඉන්න ජොනී වෙනුවට ෆොනීව නායකය කලා කියමු. වෙන්නේ දැන් ටෝගා ඉන්න තැනට අර ආයුධ වෙලඳාමේ යෙදෙන හැංගිලා ඉන්න බෑන වගේ කෙනෙක් පත්වීම විතරයි. මේ විෂම චක්‍රයෙන් ගැලවෙන්න නායකයො මාරු කරල බෑ. අපි මේ ජනතාව බලයෙන් ඉවත් කරල වෙන ජනතාවක් පත් කර ගත යුතුයි. එතකොට නායකයො දන්නව මේ ජනතාවක් එක්ක සෙල්ලම් හරියන්නේ නෑ කියල නායකයො සෙල්ලම් කිරීම නවත්තනව.
Deleteඋදිත හරි, මේ කමෙන්ට් එක බලන්නෙ නැතුව මේ අදහසම තියෙන Reply එකක් දැම්මා.
Deleteමීට කලින් රාජ්ගෙ පෝස්ට් එකක මේ විදියෙ කමෙන්ට් එකක් දැම්මා. ඒත් කවුරුවත් ඒක නියම බරින් තේරුම් අරන් තිබුනෙ නෑ.
මාරයා අයියෙ මගේ කොලූගෙ හඳහන බලාගන්න ඕන. මට එන්න තැනක් කියපං. මගේ හාමිනේ වැඩකරන්නෙ උඩුගහවලපොල
ReplyDeleteඅපි නම් ඉතිං හෙමින් සීරුවෙ බලන් ඉන්නව මොකෝ වෙන්නෙ කියල... හැබැයි ඉතිං වටේ ඉන්න සත්තු ටිකව පන්නන්න ඕනෙ තමා...
ReplyDeleteපොලිටිකල් මීටිං අහන්න අකමැතිම වචන දෙකක්
ReplyDeleteඅපේ ප්‍රශ්න උන්ට ජෝක්
ඔන්න පටංගත්ත.
ReplyDelete// ඒ හින්දා මං මීට පස්සේ මේ මහත්තයා සරණ යමි."//
ReplyDeleteඑහෙට මෙහෙට පැන පැන ජනතා ප්‍රශ්න විසදන්න වෙර දරන දේශපාලකයෝ... (කිසිදු පක්ෂයකට ජන්දය නොදෙමි දේශපාලුවන් අප්‍රිය වී ඇත.)
හප්පා දේසපාලුවොද....%&*#&
ReplyDeleteඑයා එනකොට අපේ ටිකට් ඉවරයි...
ReplyDelete:)
ReplyDeleteජෙනරාල් රංජන් විජේරත්නත් මට මතකයි....... :/
ReplyDeleteමේ රටේ මිනිස්සු වෙනස් කරන්නෙ නතුව ඔය කොයි දෙශපාලකයා කරන දෙවත් වෙනස්නම් කරන්න බෑ. මොකද ඔය දෙයක් වෙනකොට කෑගහන අඩන අයම තමා ඉලග චන්දෙදිත් එයවම පත්කරගන්නෙ. එක එක්කෙන තමන්ට ඔනි ඔනි කොන්නෙන් බලල මු තමා පොර කියල කියනවා. අනිත් උන්ගෙ වරදි හොය හොයා. ඔය කිසිම කෙනෙක් තමන් පත් කරපුකෙනා ගෑන නම් මොකුත්ම කියන්න්නෙ නෑ. (මරයත් අතුලුව ) මොකද මාරය ඔය කඩේ යන අන්ඩුවම මෙ දවස්වල හොද හොද සෙල්ලම් පෙන්නනවා.
ReplyDeleteSF විතරක් නෙවේ ඔය අනිත් ලොක්කටත් අයින්කරනවානම් අයින් කරන්න වෙනවා තමන්ගෙ කට්ටියෙන් භාගයක් විතර. ඒ කියන්නෙ ඔය අන්ඩුවෙ ඉන්න ඈමතිල, මන්ත්‍රීල සහෙන්න දෙනෙක්වම. අයින් කරයිද දන්නෙ නෑ එයත්? මොකද අයින් කොරොත්නම් රටට සහෙන සෙතක්. මාරයට බෑරිද ඒ ගෑනත් ඉන්න ගමන් POST එක්කක් එහෙම දන්න. රට්ටේ අධ්‍යපන අමතිලගෙ වෑඩත් මෙ දවස්වල ඒ තරමටම හොදයි.
ඔය ඊයෙ පෙරෙද එලියට අපු ලොක්කත් මොනව කියොනවද කියල මටනම් තෙරෙන්නෙ නෑ. එයව අතුලට දපු ලොක්කත් මොනව කරනවද කියලනම් තෙරෙන්නෙ නෑ. වෙලා තියෙන්නෙ මෙ රටේ මිනිස්සු බොහොම ලෙසියෙන් රවට්ටන පුලුවන් එක විතරයි. මුන් රටත් උන්ටම දීලා පු*ත් දීලා ඊට පස්සෙ දන ගහල වැදලත් එනවා. උන් ඊටපස්සෙ උන්ට ඔනෙ ඔනෙ සෙලල්ම් දනවා. ඒවා හරි කියන්න උන් නැති උනත් මෙහෙ තව ඔනිතරම් කට්ටිය ඉන්නවා.
වටේ ඉන්න උන් ටිකත් හලලා ඒ මහත්තයත් හැලිලා ගියානං හොඳයි.එතකොට මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ දැනට බලේ ඉන්න උං ටික ඉවරයක් කරන්ඩ විතරයි නෙව.
ReplyDeleteකියෙව්වා
ReplyDeleteමටනම් ඔය කවුරුත් එකයි 82 කලගෙඩි ලාම්පු සෙල්ලමෙනුත් බැට කෑවා 99 මැඩම්ගෙනුත් කෑවා.
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
හපෝ.. මට නම් දේශපාලනේ මතක් කරන්නවත් එපා..
ReplyDelete:) :) :)
ReplyDelete