14 July 2012

මේ දවස්වල කියවන්න හොඳ බ්ලොග්...

මුලින්ම ඔන්න කිව්වා හිත් අමනාපකං හදාගන්න එපා අනේ අපේ ඒවා නැහැ කියලා... මේ තියෙන්නේ මං මේ දවස්වල කියවන ඒවා අතුරින් ටිකක් විතරයි... එහෙම නැතිව අනිත්වා කියවන්නේ නැහැ කියන එක නෙවෙයි. ඉස්සරනං පිස්සුවෙන් වගේ බ්ලොග් කියෙව්වා..ඒවට කමෙන්ට් කලා.. කමෙන්ට් වලට උත්තර ලිය ලිය සමහර බ්ලොග්වල පදිංචි වෙලා උන්නා.. ඒත් දැන් එච්චරටම වෙලාව නැති හින්දා වගේම වෙන වෙන කාරණා කිහිපයක් හින්දා ඒ තරමටම කෙරෙනවා අඩුයි... පහුගිය අවුරුද්දේනං දවසේ චින්තනය වෙලා තිබුනේ එක් දවසකට පෝස්ට් 60ක් කියවලා එයින් 20 කටවත් කමෙන්ට් කිරීම.. ඒත් දැන් ඒක ටිකක් අඩු වෙලා තියෙන්නේ... කියවීමනං සාමාන්‍යයෙන් කෙරෙනවා..ඒත් කසෙන්ට් කිරීම තමා අඩු වෙලා තියෙන්නේ... ඒත් සමහර හොඳ පෝස්ට් දැක්කම ඉබේම වචන කිහිපයක් ගලාගෙන යනවා...

ඇයි ඒවා හොඳ පෝස්ට් වෙන්නේ..?

අනිත්වා ඒ කියන්නේ නරකද..?

ඒක වෙන්නේ මෙහෙමයි... අපි කාටත් තියෙනවනේ ඒ ඒ කෙනාට ආවේණීක ආසාවල්.. ඇබ්බැහිකං.. ගති සිරිත්.. ඇවතුම් පැවතුම්.. ආන්න ඒ වගේ මටත් එහෙම ඒවා තියෙනවා... උදාහරණ හැටියට කිව්වොත් කෑම බීම ගැන කියමුකෝ... ඒ ගැන මගේ යම් කිසි උනන්දුවක් තියෙනවා... ආයේ එතැනින් ගිහාම පරණ සිදුවීම්..දේශපාලන ඉතිහාස කතා වගේ දේවල්වලටත් විහිළු කතාවලටත් කැමැත්තක් තියෙනවා. ඉතිං ඒ වගේ කතාවක් ඇහැ ගැටුනම මං නිකංම ඇදෙනවා එතැනට. ඒ වගේමයි ඒ ඒ කාරණා ගැන මට හිතෙන දේවල්..මට ඇති අත්දැකීම් කමෙන්ට් හරහා කියැවෙනවා.

ඔය වගේ මට ගෝචර වෙන ඒවාට මං ඇදෙනවා වගේ හැම කෙනාම ඒ ඒ වගේ දේවල්වලට ඇදෙනවා. ඉතිං මං ඇදිලා යන ඒවා මට හොඳ ඒවා වෙනවා... තව කෙනෙක් ඇදිලා යන එක එයාට හොඳ එකක් වෙනවා... සමහර තැන් තියෙනවා අපි හුග දෙනෙක් පොදුවේ කැමති දේවල්..ආන්න එහෙම තැන් වලට වැඩි දෙනෙක් එක් රැස් වෙනවා... හොඳම උදාහරණය තමා දැන් තියෙන ගොසිප් බ්ලොග්... ඇත්ත හෝ වේවා.. බොරුව හෝ වේවා.. කුණු රසයට අපේ ඇති කැමැත්ත අනිත් හැම දේටම වඩා වැඩියි. ඉතිං ඒ වගේ තැන්වල අපි නිල මැස්සෝ වගේ නිතර දැවටෙනවා...:D

එතකොට අපි නොයන ඒවා නරකද..? නැහැ එහෙම වෙන්නේ නැහැ..මොකද අපේ කැමැත්තට වඩා වෙනස් වු කැමැති දේවල් ඇති කෙනෙකුට ඒවා හොද වෙන්න පුළුවන්... ඉතිං නරකයි කියලා කියන්න බැහැනේ..

ඒත් පොදුවේ හැමෝම ඇදෙන තැන් ඉක්මනින්ම ප්‍රසිද්ධ වෙලා යනවා... අමතක කරන්න එපා ප්‍රසිද්ධිය කියන්නේ ජනප්‍රිය කියන එකම නෙවෙයි... ජනප්‍රිය වෙන්න ජනයාට ප්‍රිය වෙන්නත් එපෑ... උදාහරනෙට දැන් තියෙන අපේ හෙළු ඉතිහාසේ ගැන ලියැවෙන "වර්ගපූර්ණිකාව" ගමු. ඕකට කැමැති අයට වඩා අකමැති අය ඉන්නවා ඇති කියලා මං හිතනවා.. මොකද ඒක කියවන්නා කෝප ගන්වන සුළුයි... හරියට මුල ඉඳන් තේරුම් නොගත්තොත් මේක මේ තමුන්ගේ ජාතියට කරගන්නා නිග්‍රහයක් විඳියට දැකලා ඒක පිළිකුල් කරන අය වැඩි වෙන්න පුළුවන්.. ඒත් ඒක ප්‍රසිද්ධයි.. ඇයි..තමුන් අකමැති උනත් ටිකක් හොස්ස පොවලා කියවලා බලන්න කැමතියි මෙතන දැන් මොකද වෙන්නේ කියලා... එතකොට ඒක නිතර බැලෙන බ්ලොග් එකක් වෙනවා... කේන්තිය උපරිම කැරකුනාම ඒ කේන්තිය කමෙන්ට් හරහා පිට වෙන්න ගත්තම ඔන්න කමෙන්ට් වැඩි බ්ලොග් එකක් වෙනවා. (උදාහරණයක් විතරයි... වර්ගපූර්ණිකාවෙන් කෙරෙන සේවය ගැන මං බොහොමත්ම සතුටු වෙන කෙනෙක්..ඒ කියන්නේ විසෙන් විස නැසීම..කාට නැතත් මගේ ප්‍රියතම බ්ලොග් එකක් ඒක)

අපි හැමෝගෙම අදහස් වෙනස් හින්දා මං කැමති දේට ඔබ අකමැති වෙන්න පුළුවන්.. ඔබ කැමැති දේට මං අකමැති වෙන්න පුළුවන්.. ඒත් අනිකා තමන් කැමති දේට අකමැතියි කියලා ඒක නරක එකක් වෙන්නේවත් අනිකා ඒකට අකමැතියි කියලා ඒකා එක්ක කේන්ති ගන්න එකවත් තේරුමක් ඇති වැඩක් නෙවෙයි... මොකද ඒකෙන් අපිට ඇති වෙන සුගතියක් නැති හින්දා...

අනිත් අයගේ අවධානය තමා ලියන දේට යොමු විය යුතුයි කියලා හිතනවනං කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා... ඕනනං මෙතෙක් කල් තමන් ලියපු දේවල් අල්ලලා දාලා වැඩි දෙනා කියවන විදියේ ගොසිප් ආකෘතියේ බ්ලොග් එකක් කරන එක... එහෙම නැත්තං නමක් ගමක් නැතිව ඇනෝ බ්ලොග් එකක් පටන් අරං හතර අතට නෙලන එක... එහෙමත් නැත්තං ඒ ඒ කාලෙට නැගලා යන්නේ මොන ව‍ගේ බ්ලොග්ද කියලා බලලා ඒවාට සමාන්තරව තමනුත් ලියන එක..ඒත්...

ඒ එකකින්වත් තමුන්ට අත් වෙන දෙයක් නැහැ.ඔය කිව්ව කාරණාවල මුල් දෙකෙන් අපිට කවදාවත් සමාජයේ මිනිස්සු හැටියට පෙනී ඉන්න වෙන්නේ නැහැ... මොකද කවුරු ඕවා උඩ දදා ලියෙව්වත් ඒ යටින් තියෙනවා මේවා ලියන අය කොහොම හිත් තියෙන අය වෙන්න ඕනද කියන කල්පනාව... අනිත්ම කාරණයට අනුව ලිවුවත් ඇති වැඩක් නැහැ..මොකද ඒ තමන් නොවන නිසා.. තමාගේ අදහස් එළියට නෑවිත් තව කාගේ හරි අදහස්වල වහලෙක් වීම නිසා... ඒකෙන් තමන්ට ඇති සතුට මොකක්ද...

ආ තව එකක් තියෙනවා නිතරම බ්ලොග් පෝස්ටුවට මාතෘකාවක් යොදද්දී ටිකක් කුණුහරප ගතියක් තියෙන විදියටම යෙදීම... හැබැයි ටික දවසකින් ඒකාකාරී වීම හරහා ඒකත් දෙල් වෙන්න පුළුවන්...

එහෙමනං වෙන්න ඕන මොකක්ද..?

තමන් ලියන දේ අන් අයට පහසුවෙන් දිරවන විදියට ලියන එක... හොඳ උත්තරයක්...

මොකද මෙතැන ලිපි කියවන්න එන හුග දෙනෙක් එන්නේ ඔළුවේ දාහක් ප්‍රශ්න තියාගෙන.. ඒ ඇවිත් තවත් අමාරු සටහනක ඇස් දුවවලා මනස පටලෝගෙන අර තියෙන ප්‍රශ්න අතරට තවත් හිතට බරක් ගන්න අමාරුයි... එතකොට ටික දවසක් යනකොට එහෙම තැන්වල හිත පටලවගන්න එන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්...

අනිත් දේ තමා විවිධත්වයක් ඇතිව ලිවීම...

අපි හැමදාම බතුයි පරිප්පුයි කන්න ගියොත් වේල් තුන පයිනකොට එපාම වෙලා යනවා වගේ හැමදාම එකම කාරණේ ගැන පට්ට ගගහා ඉන්න ගියොත් ඒක ටික දවසකින් කට්ටියට එපා වෙනවා.. ඒ කියන්නේ මාතෘකාව දැක්ක ගමන් ඇතුල කොහොමද කියලා කල් ඇතිවම තීරණය කරලා නෑවිත් ඉඳිම... ඒ හින්දා ඕනම දේකට විවිධත්වයක් ඇතිව ලියනවනං ඒකේ ආකර්ෂණය වැඩියි... ඕක සරලව කියනවනං අපි හිතමු අපි ලියන බ්ලොග් එකේ ලියන්නේ ඉවුම් පිහිමු ගැන විතරයි කියලා..හරි කිසි අවුලක් නැහැ.. ඒකත් හොද විෂයක් ලියන්න.. හැබැයි ඒක ආහාර වට්ටෝරු විතරක් දාන එකක් උනොත් ටික දවසකින් ඒක කාගේ කාගෙත් බුක්මාක් එකක් විතරක් වේවී.. ඒ කියන්නේ ඒ බ්ලොග් එක මාක් කරලා තියා ගනී හදිසියේ කෑමක් ගැන හොයා ගන්න ඕන උනාම විතරක් බලන්න..එතැනින් එහාට කියැවීමක් නැහැ. හැබැයි අපිට පුළුවන් නම් ඒ කෑම ගැන ලියන ගමන් ඒ ඒ කෑම වර්ග හදන්න ගිහින් කෙල වෙච්ච ඒවා ගැන එහෙමත් ලියන්න.. ඒ වගේම සමහර කෑම මුලින්ම හොයා ගත්ත ආකාරය ගැන කතන්දර එහෙමත් එක්ක ලියන්න අරක නැගලා යන්නේ නැද්ද ටිකක් හරි..?

ඕනම විෂයකට සම්බන්ධව අතුරු කතා තියෙනවා... අපි විෂය ගැන ලියන අතරේ අර අතුරු කතා ගැනත් අස්සෙන් කියලා දානවනං ඒ කතා ගැන උනන්දුවක් ඇති වෙනවා... ඔහොම ලියන කොට මෙලෝ රහක් නැති කතා කියැවෙන්න පුළුවන්..හැබැයි ඒකෙන් මහ පාඩුවක් වෙන්නේ නැහැ... ඒ වගේ මෙලෝ රහක් නැති කතා දෙක තුනක් අතරට ගින්දර වගේ එක කතාවක් ඔ‍බෙන් පිට වෙනවනං අර අඩු පාඩුව මැකෙනවා...

ඔය වගේ දේවල් දාහක් තව කියන්න පුළුවන් උනත් මං මේක ලියන්න ගත්තේ වෙන දේකට හින්දා ඔය ඇති ඒ ගැන කිව්වා...

අවසාන වශයෙන් ඒ ගැන කියන්න තියෙන්නේ මෙතනට හැම බ්ලොග් එකම වැදගත්.. ඒ හින්දා කරුණාකරලා බර බර දේවල් ලියන අය සැලෙන්න එපා එහෙම බ්ලොග් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම.. මොකද ඒවායින් දෙන දැනුම වටින අය ඕන තරං ඉන්නවා.. හැබැයි ඒවට ලැබෙන ප්‍රතිචාර අඩු වීම ගැන හිතලා දුක් වෙන්නවත් අමනාප වෙන්නවත් යන්න එපා... ඒකෙන් වෙන්නේ නිකං අගේ ලේ පුච්ච ගැනිල්ලක් විතරයි...

එහෙමනං කරන්න ආව දේ කරලා ඉමු.. මෙන්න මේ දවස්වල මං කියවන බ්ලොග් අතරින් මට හොඳයි කියලා හිතට වැදුන ඒවා...










වැඩි හරියක් වයසක මිනිස්සුන්ගේ ඒවා... හැබැයි වයසක කියන්නේ අහුල ගත්ත නෙවෙයි..අත්දැකීමෙන් කියැවෙන කතා...මම කැමති ටිකක් ඒ පැත්තට... අන්තිම දෙකනං කාන්තා පාර්ෂවයේ... ඒ දෙකම වෙනසක් ඇතිව ලියන දෙන්නෙක්ගේ...



මේකනං මේ අද පටන් ගත්ත එකක්..හැබැයි ගමනක් යයි කියලා හිතන්න හොඳටම පුළුවන් එකක්...


හැබැයි අමතක කරන්න එපා..දැන් හිට්ම එක මේක...

http://vargapurnikava.blogspot.com/

හරි එහෙනං මම ගියා... වැඩි ගුණ දොස් කියවලා බලලා ඒ ඒ අඩවි වලම දැම්මනං වඩාත්ම හොඳයි.. ඒ ඒ ඈයින්ට සතුටක් දැනෙන්නත් එක්කලා... මොකද මං සතුට කියන දේ ඇති පදමට භක්ති විඳලා තියෙනවා....ඒ සතුට ලබා දුන් හැමෝටම ස්තූතියි...

46 comments:

  1. Replies
    1. ඉස්සර කියවපු බ්ලොග් සේරම තවමත් මම කියවනවා...ඒ වුනාට වෙලාව ලැබෙන විදියට පෝස්ට් කීපයක් එකපාර කියවන නිසා කොමෙන්ට් කරන එකනං ගොඩක් අඩුවෙලා...

      මෙතන තියන ඒව ගොඩක් මටනං අලුත්...ගිහිල්ලම බලන්න ඕන..

      Delete
  2. කොරල තියෙන්නේ .දැනටමත් කියෝ ගන්න බැරිතරම් එව්වා මගේ බ්ලොග් රෝලේ . මෙයා තව ඒවා එකතුකරනවා . ඔතනින් කීපයයි මන් දන්නේ . අනික්වාත් බලන්න වෙනවනේ දැන් . ඇති යාන්තම් සුමිත් ලියන්න ගත්ත

    ReplyDelete
  3. එළ එළ.මම මේ වල්මත් වෙලා හිටියෙ යකෝ මගේ බ්ලොග කවුරුත් බලන්නෑ කියලා.ඔන්න හිත හරිගියා ටිකක්.

    ReplyDelete
  4. අඩේ කවදාවත් නොගිය තැන් කීපෙකුත් තියෙනවා මෙතන.

    තැන්කු..

    ReplyDelete
  5. ඔන්න අපිවත් ප්‍රමෝට් කරලා, එහෙම තමයි ප්‍රවීණයෝ වැඩ කරන්න ඔන

    බොහොම ස්තූතියි අත හිතදුන්නට...

    ReplyDelete
  6. කොහොමද බොලව් පෝස්ට් 60 ක් කියවන්නෙ? අපි එහෙම කළොත් කන්න බොන්න වෙලාවක් ඉතිරි වෙන එකක් නෑ. "මාරය" කියල චතුෂට කියන්නේ ඔය නිසාම වෙන්න ඇති.

    වර්ගපූර්ණිකාව ගැන දැක්වුවාට මාරයාට බොහොම ස්තුතියි, නමුත් මා තරයේම කියා සිටිනවා වර්ගපූර්ණිකාව යනු අපගේ ශ්‍රී රාවණ රජතුමාට සබන්ධ හෙළ යක් ඉතිහාසය ගැන ගවේශණාත්මකව ඉදිරිපත් කරන බ්ලොග් අඩවියක් බව.

    එසේම මෙය පළපුරුදු බ්ලොග් කරුවෙක්ගෙන් බ්ලොග් කරුවන්ට හොඳ උපදෙස් ටිකක්. බ්ලොග් අවකාශයට අළුත් මාත් වැදගත් දේවල් කීපයක් ඉගෙන ගත්ත.

    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. එහේ මම එක ගත්ත.

      රාම් නමඃ

      Delete
    2. "ප්‍රහාරය" දැන් කියෙව්වෙ, හොඳ බ්ලොග් එකක්, එකඟ නොවිය හැකි තැනුත් තියෙනව. මගෙත් ලයිස්තුවට ඇතුළත් කළා.

      Delete
  7. මාර අයියට අපගේ බ්ලොග් කියවන්නටත් සිත් ඇති වේවා
    වර්ගපූර්ණිකාව ගැන කියනවනම් ඒකෙන් දෙන සමහර තර්ක ගැලපෙන්නේ නැතිම ඒවා. තාම ඉගෙන ගන්න වයසේ එකෙක් එහෙම එතනට ගිහිල්ලා ඒක කියවන්න ගත්තොත් ඉවරයි.මීවනපලානේ ජයරත්න මහත්මයා ඒ ගැන ටිකක් හිතුවොත් නම් හොඳා

    ReplyDelete
  8. "තමන් ලියන දේ අන් අයට පහසුවෙන් දිරවන විදියට ලියන එක..." හ්ම්ම් ඇත්තටම එහෙම ලියන්න පුලුවන්නම් හැමෝම කියවාවි අපිව!

    ReplyDelete
  9. මෙන්න මගෙ බ්ලොග් එකත් තියනවා. ෂෝයි ෂෝයි. බොරුවට නෙමේ,ඇත්තටම සතුටක් ආවා මාරයියෙ. ස්තූතියි
    මම ගිහින් නැති බ්ලොග්ස් තියනවා මේ ලිස්ට් එකේ. ඔන්න සේරම new tabs වල open කළා. දැන් බලමු

    ReplyDelete
  10. බ්ලොග් කියවන්ටයි කොමෙන්ට් කරන්ටයි දවසකට ගතකරන්නේ පැයක් හෝ ඊට අඩු කාලයක්..ඉතින් ඒ කාලය ඇතුලෙ බ්ලොග් කියවන්ට පුළුවන් කීයද???? ඊටත් කියවන කතාව තමන් කැමති මාතෘකාවක් වෙන්ටත් ඕන ඒවගේම ඒ වෙලාවේ තියෙන මූඩ් එකට හරියන්නත් ඕන....

    සමහර බ්ලොග් තියනවා...ඒකාකාරියී .. වැඩකට නැති ඒවා. එකක් දෙකක් කියවලා ටික දවසකින් අතහැරෙනවා...උදා: රාවායණය වගේ ඒවා...:-)

    අළුත් බ්ලොග් ගැන ලිව්වාට පිං....... ඕවා හොය හොයා ඉන්ටත් වෙලාව සීමිතයි....

    ReplyDelete
  11. ඇත්තටම මාරයියේ මෙතනින් කියවන්නේ බොහෝම චුට්ටයි.හරියටම කිව්වොත් 4ක් විතරයි.ප්‍රහාරයක් නිකුත් වෙලා කියලත් ඕං දැනුයි දැක්කේ ඒ ගැන දැනුවත් කිරීම ගැනත් ස්තූතියි.ඒ බ්ලොග් එකත් එක්ක 5ක් විතරයි....

    අනික් කට්ටියගේ බ්ලොග් බලන්න මම අද ඉඳලා එන්නයි හිතාගෙන ඉන්නේ.ස්තූතියි මාරයියේ...

    ReplyDelete
  12. මෙතන තියන ගොඩක් ලින්ක් වලට මමත් යනවා..ස්තූතී මාරයියේ අනික් ඒවත් කියවන්න බලන්නම්,, මේ ටිකේ ඇත්තටම බ්ලොග් ගොඩක් තිබුනට කියවන්න දේවල් නම් නෑ

    ReplyDelete
  13. බොහොම ස්තුතියි මාරයා මගේ බ්ලොග් එකත් මෙතන ඇතුලත් කිරීම පිලිබදව....හරිම සතුටුයි ඇත්තටම.අනිත් ඒවාටත් ගිහින් බලන්න ඕනේ...

    ReplyDelete
  14. කවදාවත් නොගිය හොද බ්ලොග් තියෙනවා.. ස්තුති ඒවා හදුන්වා දුන්නට. වර්ගපුර්නිකාව මමත් අසම එකක්

    ReplyDelete
  15. Replies
    1. උඹේ බ්ලොග් එකේ ලින්කුව දාන්න මාර‍යට අමතක වුනේ ඇ‍යි කියලා මම මේ තාම කල්පනා කරන්නෙ ..හෙහ් හෙහ් හෙහ්..

      Delete
    2. අඩේ... මං මේක ලියද්දී මුලින්ම හිතුව දේ තමා මේකට වර්ගපූර්ණිකාවයි ලටපටෙයි දෙකම දාන්න ඕන කියලා..ඒත් ලටපටේ අතෑරිලා.. වස වැරැද්දක් උනේ...

      Delete
    3. ඒකනේ... ඒකෙ කමෙන්ට්ස් ටික බලන්නම පැ‍ය 2-3ක් යනවා...

      Delete
    4. මූට අපි වගේ වැදගත් බ්ලොග් ලියන්නො මීටර් වෙන්නෙ නෑනෙ.

      Delete
  16. ස්තූතියි අයියේ. නොකීදෑ බ්ලොග් එක තමයි මම ඔය අතරින් වැඩි පුරම කියවන බ්ලොග් එක. අනිත්වත් කියවන්න පටන් ගන්න ඕන...

    ReplyDelete
  17. ඔන්න නොකියවපු බ්ලොග් සෙට් එකක් තියෙනවා
    එල එල !
    කියවන්න ඕනා.

    ReplyDelete
  18. නියමයි @ ලින්ක් වලට යන ගමන්,
    සිදු අක්කා ගේ බ්ලොග් එකනම් කියවනවෝ නිතරම

    ReplyDelete
  19. මගෙ බ්ලොග් එකත් මාරයගෙ කෙටි ලැයිස්තුවෙ තිබීම මාර ආඩම්බරයක් මාරයා මල්ලි. ඊටත් වැඩිය ආඩම්බර දසුනියි, සිඳුයි වයසක පොරවල් ලැයිස්තුවෙ හිඳීම (අපි වගෙ කොල්ලො එක්කම).
    henryblogwalker the Dude

    ReplyDelete
  20. මගෙත් මේ දවස් වල ෆේවරිට් වර්ගපූර්ණිකාව තමා..

    ReplyDelete
  21. වර්ගපූර්නිකාව එෆ්.බි.අයි එකෙන් නිදහස් කරලනේ

    ReplyDelete
  22. හෙහ් හෙහ් ...... ඔන්න සමහරුන්ගෙ නම් දැම්මම මාරයගෙ ලිස්ට් එකට වැටිල. බොලේ වැඩේ තියෙන්නෙ මුන් ඔක්කොම ඇවිත් මෙතන අඬන්නෙ නැතුව මාරයට ස්තූති කොරල යන එකනේ, ලිස්ට් එකට නම දාගත්තට.

    ReplyDelete
  23. අපි නොකියවපු බ්ලොග් කිපයකුත් තියෙන්නේ.... නියමයි....

    ReplyDelete
  24. කවදාවත් නැතුව හිට් කවුන්ටරේ හෝ ගාල කැරකෙන්නෙ මොකද කියල බැලුව. ස්තූතියි මාරෙ අයියා!

    ReplyDelete
  25. බ්ලොග් අවකාශයේ නොයෙක් රැකියා කරන අය සිටියත් යුධහමුදාව සහ ඒ ආශ්‍රිත අප දැනගත යුතු තොරතුරු කිසිවෙක් ලිව්වේ නැහැ. ඒ අඩුව අගේට ප්‍රියන්කර භාෂාවෙන් පුරවන බ්ලොග් එකක් තමයි විචාරකගේ අඩවිය. ඊට මම බොහෝ කැමතියි. අනෙක් අඩවිද මම නිතර යනෙන තැන්. ස්තුතියි.
    මාරයා ඔබ මට දුන් තල්ලුව කිසිදා අමතක නොවේ.

    ReplyDelete
  26. නියමයි නියමයි.. ගිය පාර වගේ මරයියගේ පෝස්ට් එක නිසා හොද බ්ලොග් ටිකක් ආයෙම අල්ල ගත්තා... සමහර එවුවා නම් දැනටමත් බලනවා..

    ReplyDelete
  27. මමනම් සින්ඩි වලට යන්නෙ නැති නිසා අලුත් බ්ලෝග් ගැන දැන ගන්න ලැබෙන අවස්තාව අඩුයි.මේක හොඳ අවස්තාවක්.

    ReplyDelete
  28. මාරායට මේ දවස්වල බලන්නම ඕනේ ගොඩක් බ්ලොග් මග ඇරිලා.

    ඔවුවද බ්ලොග් අන්න එවුවනෙ බ්ලොග්.

    ReplyDelete
    Replies
    1. හික් හික් දාන්නද ලින්කුවක් එකක...

      Delete
  29. මාරයියේ...... කෝ බනෝ....... හොඳම එක මෙතැන නැහැනේ... අර ඔයා ගිහින් නිතර නිතර බලලා එන එක........ :D :D :D

    ReplyDelete
  30. මේ වැඩේ මාර වටිනවා මාරයෝ

    විශේෂයෙන් මම කැමතියි විචාරකගේ බ්ලොග් එක මේ ලයිස්තූවට ඇතූලත් උනාට

    අවධානයට ලක්වියයුතූ බ්ලොග් එකක්

    ReplyDelete
  31. මාරය මල්ලිගෙ කලින් පෝස්ට් එකකත් මගේ බ්ලොග් එක ගැන සඳහන් වෙලා අලුත් යාලුවො ගොඩක් අඳුනගත්තා. මේ පාරත් මල්ලිගෙ ලැයිස්තුවට මගේ බ්ලොග් එක ඇතුල්වෙලා තියෙනවා දැකලා ලොකු සතුටක් දැනුනා.

    කිව්වත් වගේ මමත් අවුරුදු 54 ක් තිස්සේ අහපු, දැකපු, විඳපු, විඳවපු දේවල් බදා හදා ගන්න කැමති වයසක පොරක්. මුලදි හිතට එන හැමදේම ලිව්වත් දැන් නම් හරයක් ඇති දෙයක් ලියන්න උත්සාහ කරනවා.

    ස්තුතියි මලේ ..!

    ReplyDelete
  32. ඔය ලිස්ට් එකෙන් තුනයි මම කියවන්නේ දැනට නම්. ඉඩ ලද වෙලාවට අනික්වාටත් ගොඩ වෙනවා. හොඳ බ්ලොග් ටිකක් එක්ක හොඳ වැඩක්.

    ReplyDelete
  33. තව බ්ලොග් ලිස්ට් එකක් දාන්න

    ReplyDelete
  34. ගැති නොවූ විවෘත මනසින් ලොව දෙස බලන්න ඔබේ සටහන් මගින් කෙරෙන මග පෙන්වීම ඉතා වටිනා එකකි. මේ ප්‍රවනතාව ඇති කිරීම යුගයේ අවශ්‍යතාවක් වැනිය. ඔබට ස්තුතියි සොයුර !

    ReplyDelete
  35. නැවතත් ස්තුතියි. ඉතාම අගනා කෙටිරසවත් හැඳින්වීම් බෙහෙවින් සිත් පැහැර ගනී.

    ReplyDelete