ලියන්න ගත්තට ලියන්නේ මොනවද කියලා තාමත් කල්පනා කරනවා. එක අතකට ලියන්න දෙයක් තියෙන්නම ඕන නැහැනේ ලියන්න. හිත කියනවනං මොනවා හරි කුරුටු ගාපං කියලා ඔන්න ඔහේ කුරුටු ගාන්නයි තියෙන්නේ.. මොකද අපි කරන හැම වැඩේටම හේතුවක් තියෙන්නම ඔන නැහැනේ.. කොහොම උනත් මේ කුරුටු ගෑම හිතට ලොකු සහනයක් ගෙන දෙනවා. හේතුවක් ඕනමනං ඒ එකම එක හේතුවත් ඇති මේක ලියන්න හිත හදාගන්න.
සාමාන්‍යයෙන් මිනිස්සු හිතේ සහනය වෙනුවෙන් හුගාක් දේවල් කරනවා. සමහරු ඒ වෙනුවෙන් ඉගෙන ගන්නවා.. දිගින් දිගටම විභාග ලියනවා..සමත් වෙනවා..තව දෙයක් ඉගෙන ගන්න පටන් ගන්නවා... තවත් අය සල්ලි හම්බ කරනවා... එක එක ආකාරයට ක්‍රම උපයෝගී කරලා මුදල් පස්සේ දුවනවා... ඒ අතරේ තවත් අය වාහන.. එකතු කරනවා..තවත් අය ඉඩ කඩම් අයිතිකරගන්නවා.. ඔය මං කිව්වේ මහා පරිමාණ දේවල්.. ඒ නැතත් තවත් අය හිතේ සහනය වෙනුවෙන් කාසි එකතු කරනවා..මාළු ඇති කරනවා... ක්‍රිඩා කරනවා.. එක එක ජාතියේ වැඩ. ඒ අස්සේ මම ලියනවා... එකම අරමුණකට... මං කලින් හිතං හිටියේ සල්ලි එකතු කිරීම හරි දේපල රැස් කිරීම හරි ඉගෙනීම වගේ කාරනා වලින් හිතේ සහනය අත් කරගන්න එක කවදාවත් අවසානයක් නැති වැඩක් කියලා.. ලියන එක එයිට වඩා සාර්ථක ක්‍රමයක් කියලා..ඒත් ඒකත් එහෙමම නෙවෙයි. මේකෙත් අවසානයක් නැහැ... නැත්තං මෙච්චර ලියාපු මං ආයේ තව අහවල් එහෙකටද මේක ලියන්න ගන්නේ... අද දවසට මේ වෙනකොට වචන 4000කට කිට්ටු වෙන්න ලියලා තියෙනවා. හැබැයි ඒ වචන ලිවීමෙන් හිතට ලොකු සහනයක් හම්බ වෙන්නේ නැහැ. ආර්ථිකේට සහනයක් මිසක. ඒත් මෙතන ලියන වචන කිහිපය එයිට වඩා හිතට ලොකු සහනයක් ගේනවා. ඉතිං මං ලියනවා...
මං මේ උඩ ටික ලියං යනකොට මට මතක් උනේ ඔය කාසි එකතු කිරීම මුද්දර එකතු කිරීම වගේ දේවල්ම නැති උනත් මාත් එක එක කාලෙට එක එක වැඩ කලා නේද කියලා ඒ වගේ... එයින් එකක් තමා ගීත එකතු කිරීම... එක කාලයක් තිබුනා පොත් පිරෙනකල් ගීත එකතු කරන්න... කොහෙන් හරි සින්දුවක් අහු උන ගමන් ඒක මතක තියං ඇවිත් කොපි පොතක ලියනවා. පත්තර කෑල්ලක සින්දුවක් තිබුනොත් ඒ පත්තර කෑල්ල ඉල්ලං ඇවිත් ඒක කොපි කරගන්නවා.
ඒ අතරින් අමාරුම වැඩේ උනේ රේඩියෝවේ යන සිංදු ලිවීම.. මොකද කැසට් පීස් වල යන ඒවානං රිවයින් කර කර අහන ගමන් වචන අල්ලං ලිවුවැකිනේ..(එහෙම ලියන්න කියලා රිවයින් කරලා මං කොච්චර කැසට් පීස් තොගයක් විනාස කරලා තියේද...? ඇයි කැසට් යන්තර..එව්වටත් ඒ සෙතේම තමා) ඒත් රේඩියෝවේ යද්දි එහෙම බැහැනේ..එක පාරින් වචන අල්ල ගන්න ඕන.. ඉතිං මං කරන්නේ කොල කැල්ලක් තියං ඒ ඒ වෙලාවට යන සින්දුවේ වචන පුළුවන් තරමට ලියා ගන්න එකයි..ලියා ගන්න බැරි උන තැන්වල හිස් තැන් තියලා දානවා.. ආයේ දවසකට දෙකකට පස්සේ ඒ සින්දුව විකාශය වෙද්දී පටස් ගාලා අර අතෑරුන කෑලි ටික ලියනවා.. ඔහොම ලියද්දී සමහර සින්දු සම්පූර්ණ කරන්න මාස ගානක් ගිය වෙලාවලුත් තිබුනා.. තවත් ඒවා කවදාවත්ම සම්පූර්ණ උනේ නැහැ..
ඒ අතරේ තවත් සින්දුවල සමහර වචන තිබුනා කොච්චර කිව්වත් හරියටම පැහැදිලි නොවන... අර "සිරි සඟ බොධි මාලිඟාවෙදී..මා- දැක ප්‍රාණේ හානි වෙන්ට බැට දෙම්.." කියන සින්දුවත් එහෙම එකක්.. අදටත් එකේ එක තැනක් මට පැහැදිලි මදි. එකේ එක තැනක් තියෙනවා "ධර්මෙ ශීලේ රක්නා රාජා නාමේ ......." කියලා තැනක්..ඔතැනින් එහාට තියෙන වචන ටික අදටත් මට පැහැදිලි නැහැ... ඉතිං එහෙම සින්දු කියන්න ගියාම ඔය තාලෙට හරියන මොනවා හරි වචන ටිකක් දමලා දීලා අදිනවා ඇර වෙන මොනවා කරන්නද..?
ආ පොඩ්ඩක් හෝව් තියෙනවා වැඩක් කරන්න...
හරි ඔන්න ඒක කලා.. මෙන්න බඩු.. තාමත් මං ගාව ඒ කාලේ ලියාපු පොත් දෙකක් තියෙනවා...
ඔන්න ඒවා...
ඒ දවස්වල මට සුනිල් සෙට්ටි මේනියාව තදින් ඉහට ගහලා තිබුනේ... මොහොරා ෆිල්ම් එකේ වැරැද්ද වෙන මොකවත්ම නෙවෙයි...:D ඔය පේන හාට් දෙක ගෑල්ලමයෙක්ගෙන් ලැබුන එකක්... එයාගේ නාට්‍ය හා රංගකරණය පොතේ තමා ඒක තිබුනේ.. පස්සේ ඒක මේ පොතට ආවා...
බර බර එව්වා වගේම...
නන්ස්ටොප් කෑලිත් එක සමානව තිබුනා...
කොහොමද වැල් බයිලාව...
පේනවනේ පොත අවසන් කල දවස...
කොහොමද වැඩේ... අවුරුදු 15කට විතර කලින් කරපු වැඩ තමා ඔය... ඒත් ඒ කාලේ හැටියට හිතේ සැහැල්ලුවට කරපු දේවල්.. මොකද ඒ දවස්වල බ්ලොග් තිබුනයෑ... ඔය පොත් ලිව්වා කියලා හිට් වදිනවා කියලද..? කමෙන්ට් වැටෙනවා කියලද..? ඒත් ඒ කාලෙත් ලිවීමෙන් මොනවා හරි සැහැල්ලුවක් තිබුන හින්දා තමා ලිව්වේ.. දැන් ඉතිං මෙහෙම ලිව්වා කියලා ආයේ මොන අවුලක්ද... සන්තුට්ඨී පරමං ධනං...
1
ReplyDeleteඒ වුනාට අයියා මොටද සුනිල් ෂෙට්ටිට ලව් කියල ලේබල් ගහල තියෙන්නෙ.
Deleteවැදගත් ප්‍රශ්නයක්
Deleteඔය "පෙට්ටි සුනිල්" කියන්නෙ මෙයාට නේද?
Deleteමොහ්රා නං හේතුව, එහෙනං වැඩි කැමැත්ත තියෙන්න ඕනෑ අක්ෂේ කුමාර්ට නේද?
Deleteතූ ජීස් බඩී හේ මස්ත් මස්ත්............ මයේ අම්මේ ඒ කාලේ නේද? :D :D :D
2
ReplyDeleteඔය විනෝදාංශෙ මටත් යංතං වගේ තිබුණ ඒ දවස්වල. ඇයි බං කැසට් රිවයිං කරන්නෙ ඒවයෙ තියන පෝස් බටන් එකෙන් ඕන තැනක නවත්ත ගත්තහැකිනෙ.
Deleteඋඹ ලියල තියෙන වචන ගාන හරියටම ගැන්නෙ කොහොමද බං.
අර මුල් පිටු දෙකේ කලුපාට ලප තියල තියෙන්නෙ ලස්සනට වෙන්න ඇතිලු.
කලුපාට ලප පිච්චිච්චාද මන්දා?
Deleteදුමායනය කරනකොට පිච්චිලාද කොහෙද..?
Deleteගැනු ළමය කමෙන්ට් කරපුවා උඩින් වෙන්න ඇති කළු ගාල තියෙන්නේ
Delete3
ReplyDeleteමමත් හුඟක් පොඩි කාලෙ රේඩියෝ එකේ කැසට් එකේ යන සින්දු පොතක ලියන්න පටන් ගත්තා. ඒත් ඉතින් ඕනෙම දේකට මගෙ ඇති උනන්දුවට ඒ හැටි ආයුෂ නැති හින්දා ඒක පිටු කීපයකට විතරක් සීමා වුණා. මම හිතන්නෙ ලොකුම ප්‍රශ්නෙ මට ඔය සින්දුවල මියුසික් එක්ක ඒවගෙ වචන පැහැදිලිව නෑහෙන එක වෙන්න ඕන.
Deleteනමුත් කතන්දර ලියන එකනම් එකේ පන්තියෙ ඉඳලම කළා. හුඟක් වෙලාවට ඒකට ගත්තෙ අම්මලගෙ පරණ පාවිච්චි නොකළ ඩයරි, එහෙම නැත්නම් පරණ පොත්වල ඉතුරු වුණු පිටු එහෙම තමා. රස්සාවට ආවට පස්සෙ තමා ඒකටම වෙනම පොත් ගන්න පටන් ගත්තෙ.
ඈක්ක, සුනිල් ෂෙට්ටි! කැතේ බෑ.
This comment has been removed by the author.
ReplyDelete4
ReplyDelete5
ReplyDeleteකළු පාට තවරා සඟවා ඇත්තේ ගීත කියවූ බවට යෙදු කමෙන්ටු නොවේද ?
Deleteමට පේන්නේ මේ බ්ලොග් ලියන එවුන් හැමෝටම වගේ මේ ලියන පිස්සුව පොඩි කාලේ ඉඳලාම තිබිලා තියෙනවා කියලායි.
ReplyDeleteඒවගේමයි පොත් කියවන පිස්සුවත්!
මං ඇත්තටම එක.
Deleteමුල්ම සෑබෑ ප්‍රතිචාරය මගෙනුයි!
ඔන්න කකා හොරකරල දිනන්න හදන්නෙ. සැබෑ ප්‍රතිචාරය කියල එකක් නෑ ........ හරිය.
Deleteම්හු. අපි කලින් තැන් බුක් කරල තියෙන්නෙ. (වෙලාවල් මකන්න කියන්න ඕන.)
Deleteක.කා ගේ කතාවට 100% එකඟයි , බ්ලොගක් ලියන්න නම් විෂයන් ගණනාවක් පිලිබඳ දැනුමක් අවශයය්.
Deleteඅනිවාර්යයෙන්ම බ්ලොග් ලියන අයගෙන් 95% ක් වත් පොඩි කාලෙ පොත් ගුල්ලො තමයි.
හැබැය් පොත් කියවපු හැමෝම බ්ලොග් ලියන්නෙත් නැහැ (මේ මම වගේ). ලියන එකත් කලාවක්, ඒකත් හැමෝටම බැහැ.
This comment has been removed by the author.
ReplyDeleteඒ කාලේ කමෙන්ට් හිට්ස් නැතූවට දැන් වැටෙයි දිගට හරහට
Deleteතරු සමය ඉවරයි වගේ. වචනවලින් කමෙන්ට් කරල කාලෙකට පස්සෙ
Deleteඇයි අප්පා, .කමෙන්ට් කරල කාපංකො ස්නයිෆර් සොට් එකක්. ආව, රෙජිස්ටරේ මාක් කොලා, තරුවක් දැම්ම ගියා . ආත්මාරක්සාව නොනෝ, ආත්මාරක්සාව :)
Deleteමම නම් සින්දු නෙවෙයි එකතු කලේ.කවි,නිසදැස්.අදටත් හිතට අල්ලන්න කවියක කොහේදී හරි දැක්කොත් ලියාගන්නවා.
ReplyDeleteමට පේන්නේ මේ බ්ලොග් ලියන එවුන් හැමෝටම වගේ මේ ලියන පිස්සුව පොඩි කාලේ ඉඳලාම තිබිලා තියෙනවා කියලායි. සහතික ඇත්ත..
ReplyDeleteමමත් ඔය වැඩෙ කොලා
ReplyDelete/* ධර්මෙ ශීලේ රක්නා රාජා නාමේ ......." කියලා තැනක්..ඔතැනින් එහාට තියෙන වචන ටික අදටත් මට පැහැදිලි නැහැ... */
ReplyDeleteධර්මෙ ශීලේ රක්නා රාජා ලාමි දිවි නසා
කර්මෙ වෙන්නෙ පස්සෙ හින්දා කිම්ද දෝසයා?
කෝලහාල සිද්ධ වෙන්ට කාලෙ බෝ සොඳා//
තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධිරාජ භංගකර ලාමි නෑර මාළිගා සොයා...
මේ රාවණාගෙ කාලෙ සිංහල ද?
Deleteane ban sinhala kotanda kammali ban eth post eka ela
ReplyDeleteමමත් හිතට අල්ලන සින්දුවක් ඇහුනොත් අදටත් ලියනවා
ReplyDeleteමමත් ඉස්සර පොත් වල සින්දු ලිව්වා.. දැන නම් කැමති සින්දු වල lyrics කොම්පුටර් එකේ දාගන්න නිසා පොත් වල ලියවෙන්නේ නෑ.. :)
ReplyDeleteකතන්දර මහත්තය කියන එක ඇත්ත කියල හිතේ
ReplyDeleteමොනව හරි ලියල එකතු කරන්න ආසාවක් තිබ්බ අය දැන් බ්ලොග් ලියනව වාගේ
[පරණ සිංදු එහෙම තියනවනම් එවන්ටෑ ඔය පොත්වල]
මම ඉස්සර කුරුලු පිහාටු එකතු කලා..ටෙඩිබෙයාර්ස්ල එකතු කලා..පස්සෙ ලස්සන ඇඳුම් සපත්තු පිස්සුවක් තිබ්බ..ඊගාවට කෑම ජාති හැදුව..රෝසමල් වැව්ව..ලස්සන තැන් හොය හොයා ගිහින් පොටෝ ගත්ත....දැන්..........................
ReplyDeleteදැන් හරක් කුලප්පු කරනවා......!!!!
මම මේ කමෙන්ට් එක දාන්නෙ පෝස්ට් එක විතරක් කියවලා, අනිත් කමෙන්ට් නොබලා.
ReplyDeleteමාරේ මල්ලි උඹ දේශපාලන පෝස්ට් දාන ගානෙ මට හිතෙනවා උඹයි මායි කොච්චර දුරස්ද කියලා.
නමුත් මේවගෙ පෝස්ට් දාන ගානෙ දැනෙනවා උඹයි මායි කොච්චර සමීපද කියලා.
මාත් ඔය දේම කලා, වෙනස මම ප්‍රියකලේ ඉංග්‍රීසි සින්දුවලටයි. එච්චරයි වෙනස. ඒක මහ වෙනසක් නෙවෙයි.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
කාලෙ කන්ඩ කොරාපු දේවල් නේ.ලියන්ඩ කලිං මමනං බ්ලොගක් ලියලා මේ ට්‍රයල් එකක් යන්නේ.මාරයටත් හින්දි පිස්සුව තිබිල ඈ.මටනං තිබ්බේ නෑ ඕං
ReplyDeleteමාත් ඔය වගේ ඒවා කරලා තියෙනවා.මට වැඩියෙන්ම තිබ්බේ කියවන පිස්සුව විතරයි පාරේ කඩදහියක් වැටිලා තිබ්බත් අහුලලා කියවනවා.ඒක තාමත් තියෙනවා!
ReplyDeleteමටත් ඉස්සර තිබුණා ඔය පුරුද්ද හොඳටම. පුංචිම පුංචි කාලෙ ඉඳන්. අර පොල්ගෙඩි අකුරු ලියන කාලෙත්. ඒ අපේ අම්මගෙ සිංදු පොතක් දැකලා. කොයි තරම් විනෝදාංශ තිබුණද? ඒවා කාලෙන් කාලෙට වෙනස් වුණා. මුද්දර, කුරුලු පිහාටු, සමනල පිහාටු එකතු කිරීම, කාසි එකතු කිරීම.... කවි කතන්දර ලිවීම,
ReplyDeleteදැන් නම් ෆොටෝ ගැනීම, කුරුල්ලන්,සමනලයන් නැරඹීම.........
ඒ මොනවා වුණත් කාලෙත් එක්ක වෙනස් නොවුණ එකම දේ ලියන එකයි, කියවන එකයි.
මොකද්ද අයියෙ, අපිටත් එක්ක ලැජ්ජා හිතෙන වැඩ කරන්නෙ. සුනිල් ෂෙට්ටි ලඟින් මොකද්ද අර ලියලා තියෙන්නෙ.?
සාමාන්‍යයෙන් පිරිමි අත් අකුරු කැතයි ගැහැණු අත් අකුරු වලට වඩා. ඒත් සීටී ට ලස්සනට අකුරු ලියන්ට පුලුවන්නෙ බොලෙ! (Y)
ReplyDeleteඋඹේ පොත් ටික දැක්කම ඊරිසීයාවේ බෑ.. අනේ මමත් ඔය වගේ ලියපු පොත් ටිකක් තිබුනා. ඒවා තියලා තිබුනේ මහ ගෙදර. ඒවා අතරේ අර වල් පොත් වගේකුත් තිබුනා. අපේ කාලේ ඒවා. මම එක සැරයක් රට ගිහින් එනකොට අපේ නංගි ගෙදර එස් පහ ක්‍රමේ ඇප්ලයි කොරලා. ගෝනී බෝතල් පත්තර කාරයා ඒවා කියවනවා ඇති තවමත්. ඇයි ඉතින් ශ්‍රේෂ්ඨ ලේබකයෙකුගේ නිර්මාණ නොවෑ...
ReplyDeleteමට හිතෙන්නේ ඒ කාලේ හැමෝටම තිබුනේ එකම විදිහේ පිස්සුවක් කියලා. දැන් වගේ කම්පියුටර්, බොක්ස් වගේම ටී වී චැනල් ගොඩකුත් තිබුන්නැති (තිබුනත් පැහැදිලි නැති) කාලේ ඇත්තටම සුන්දරයි. කියවන පිස්සුව, සර්කිට් හදන එක, සින්දු කියන, අහන, ලියන එක, මාළු ඇති කරන එක ... තව කොච්චර තිබුනද?
ReplyDeleteසින්දු රේඩියෝ එකේ යනකොට ඔබ කරපු දේම මාත් කරලා තියනවා හරි පොඩිකාලේ,,හී හී.....:)
ReplyDeleteසික්! බලහං උඹ මතක් කොරන එවුවා.. ඒ දවස්සොල මායි අක්කයි තරගෙට වගේ හදපු සිංදු පොත් 4ක් 5ක් තිබ්බා.. සිංදු ලියලා, සිත්තර පත්තරෙන් කපාගත්ත කැළුම්-දේදුනු දෙන්නගෙ පිංතූරයක් එහෙමත් නැත්තං දසුන පත්තරෙන් කපාගත්ත සප්නචාපාගෙ පිංතූරයක් අලෝලා හැඩකරපුවා.. වාවන්නෙ නෑ බං ඒවා මතක්වෙනකොටත්.. :(
ReplyDeleteඒවා ඉස්කෝලෙ අරන් ඇවිත් ෆ්‍රී පීරියඩ් වල සිංදු කියලා "ගලා" සර් ගෙන් කරාටි පාරවල් කෑවෙ නැද්ද? අපි නම් ඒවා කෑවා.
Deleteගලා?
Deleteමරියකඩේද?
@ තරුවා,
Deleteඅපෝ නෑ බං, ඒවා ඉස්කෝලෙ උස්සන් ආවෙනං නෑ..
@ කකා,
ඔවු ඔවු, ඔය තරුවත් මරියකඩේ තමා..
සුනිල් සෙට්ටි තඩි තුවක්කුවක් තියාගෙන ඉන්නේ මොකෝ අර සිංදු පොත් වල
ReplyDeleteමාරයගෙත් ටිකක් සුනිල් සෙට්ටියාගෙ ලුක් එක තියනවා නේද? මම කීවෙ අත පය එහෙම :-)
Deleteඉස්කෝලේ යද්දි අපේ සෙට් එකම එකතු වෙලා එක පොතක් ලිවුවා.. කෙල්ලෝ තමයි පොත ලස්සන කරන වැඩේ බාර ගත්තේ.. දැන් ඒක කවුරු ලග තීනවද මන්දා.. :)
ReplyDeleteමාත් ඉස්සරම ඔය වගේ සිංදු පොතක් ලිව්වා.
ReplyDeleteඇයි නළු නිළියන්ගේ පින්තූර බිත්තියෙත් ඇලෙව්වා..
ඉස්සර ඉදම්ම හරි පිලිවෙලට වැඩ කරල තියෙන බව පේනවා .
ReplyDeleteමටත් පොඩි කාලෙ ඉදම්ම සින්දු ලියන පිස්සුව තියෙනවා. තාමත් තියෙනවා. මගේ දින පොත පුරවල තියෙන්නෙ සින්දු වලින් .
මග තොටකදි අහම්බෙන් හෝ ලස්සන අලුත් සින්දුවක් ඇසුනොත් එය මතක තියාගෙන ඇවිත්
අන්තර්ජාලෙ සැරිසරල අර සින්දුවෙ විස්තර සොයල දිනපොතේ ලියනවා .
කියෙව්වා..
ReplyDeleteමාරයා මල් පියලි පාඨකයෙක් නෙවේද???
ReplyDeleteවචන අල්ල ගන්න බැරි තව සින්දුවක් තමයි බෙග් මාස්ටර්ගෙ "පෙම් මල් මාලා සින්දුවේ" "රත්නපුරේ කූඩු තනන්නා" ද මොකක්ද එක!
රත්නපුරේ කූඩු ??
Deletehttp://kathandara.blogspot.com.au/2009/07/blog-post_27.html
!!!
බ්ලොග් කලර ඔක්කොම උන් එකයි.උන්ට ඉපදුනු දවසෙ ඉඳල ලියන පිස්සුව ඔලුවට ගහල තියෙන්නෙ...
ReplyDeleteමම සින්දු පොත් එකතු කළා ඒ කාලේ ....
ReplyDeleteමටත් ඔය සිංදු පොත් පිස්සුව තිබුණා. දැනුත් ඇහෙන්නෙ නෑයි කියලා වෙනසක් නෑ, අහපු සිංදුවක් දැක්කොත් ඒක කොපි කරගන්නවා. ඉස්සර ලිව්වෙ පොතක. දැන් ටයිප් කරලා ෆෝල්ඩර් එකක ගොඩගහගන්නවා,
ReplyDeleteමගෙ කොමෙන්ටුවත් හෙන්රි ගෙ එකටම සමානයි... මම පොතක්ම හදල තිබුන ස්ටීව් වොන්ඩර් ගෙ පින්තුර ආටිකල්ස් හෙම එකතු කරල...
ReplyDeleteඇත්තටම මාරයා, මේ වගේ විනෝදාංශ අප කාටත් තියනවා. මේ වගේ විනෝදාංශ සමහරුන් කාලෙන් කාලෙට වෙනස් කරගන්නවා. තව සමහරුන් ජිවිත කාලයම එකම විනෝදාංශ යක්ම කරනවා. ලෝකේ කොහේ ගියත් එහෙමයි. මා ඊයේ ගියා ප්‍රදර්ශනයක් බලන්න. ඒකෙදි මා දැකපු හා කතා කරපු දේවල් නිසා මාත් පුළුවන් උනොත් සටහනක් ලියන්නම්.
ReplyDeleteකාලයක් මමත් මුද්දර එකතු කළා. එක එක කාලෙට එක එක පිස්සු හැදෙනවා. දැන් ෆේස් බුක් අමාරුව හොඳ වෙලා බ්ලොග් අමාරුව හැදිලා ...!
ReplyDeleteතිබුනා තිබුනා, අපිත් ඕවා කලා නොවැ....! ඉංගිරීසි සින්දුයි, සිංහල සින්දුයි වෙන වෙනම තඩි සී.ආර් පොත්වල ලිව්වා. ඊට ටික කාලෙකට පස්සෙ ගිටාර් ගහන්න පටන් ගත්තට පස්සෙ ඔය සින්දුවල කෝර්ඩ්ස් එහෙම හොයන්න හැතැක්ම ගණන් බයිසිකල් පැදලා ඒ කාලේ ගෲප් වල සෙල්ලං කරන අයියලට වැඳලා, පගාව දීලා ප්‍රැක්ටිස් කරන වෙලාවල් වලදි තේ ඇදලා එහෙම තමයි කෝඩ් එකක් දෙකක් ඉල්ල ගන්නෙ. දැන් කාලේ වගේ ගුගුල් දෙයියන්ට කියපු ගමන් සින්දුවක කෝඩ්ස් හම්බවෙන්නෙ නෑ. පස්සෙ ඉතින් ටික කාලයක් ගියාට පස්සෙ කර්ණ සංඛේ එහෙම ටිකෙන් ටික හැදෙන්න පටන් ගත්තට පස්සෙ ඔය කෝඩ් ප්‍රශ්නේ නැතිව ගියා....! හම්ඹෝ එහෙම කාලයක්...!
ReplyDeleteමගේ යාළුවෙක් හිටියා ඌ නම් 8 වසරේ ඉඳන් එකතු කලේ ගර්ල් ෆ්රෙන්ඩ්ස්ලව.....! කොහොමෙන් කොහොම හරි අර කොට්ටෝරුවට වෙච්ච වැඩේ වෙලා ළමයින් දෙන්නෙකුත් එක්කම පුංචි පවුලක් කර ගහගත්තා.....!
හි හි... මගේ නම් ප්‍රියතම විනෝදාංශ දෙකයි නෙවැ තිබුනේ.. නිදා ගැනීම සහ පොත් කියවීම... අනිත් විනෝදාංශවලට වැඩි ආයුෂ තිබුන් නෑ.. මට මතකයි ඕලෙවල් කරන කාලේ පාඩම් කරන්න කියලා පාන්දර 1ට නැගිටලා චොක්ලට් බිස්කට් පැකට් එකකුත් කඩාගෙන කකා, රේඩියෝ එක දාගෙන සින්දු 100ක විතර පොතක් ලිව්වා.... කොහොම හරි විභාගෙ නම් පාස් උනා... හැබැයි සින්දු වැඩේ විභාගේ ඉවර උනත් එක්කම ඉවර උනා....
ReplyDeleteහැබැයි නළු නිළි පිස්සුවක් නම් තිබුනේ නෑද කොහෙද මට......
මමත් ඔහොම පොත් තොග පිටින් හැදුවා හැබැයි ඉංග්‍රීසි සිංදු.ෂැගීගෙ එව්වයි බැක්ස්ට්‍රීට් බෝයිස්ලයි තමා ඒ කාලේ මගෙ වීරයෝ... රැප් තියෙන එව්වා පාඩම් කරලා ඉංග්‍රීසි ක්ලාස් එකේ කොන්සර්ට් වලට කියන්නේ මාර ආසාවෙන්...
ReplyDeleteඑල ලිපිය, මොහොරා වල හිටියේ අක්ශේ නේද .. සන්තාප මාවතේ ඒ දවස්වල දිගට හරහට අහපු සින්දුවක්.., අය්යේ වෙලාවක් තියෙනවනම් සින්දුවේ තේරුම ගැන කියල විවේචනයක් දාපන්කෝ.
ReplyDeleteආක්ෂේ එක්ක සුනිලුත් හිටියා ..මටත් මාර පිස්සුවක් තිබුනා සුනිල් ශෙට්ටි ගැන. හැබැයි වැඩේ කියන්නෙ පොත් හැදුවෙ නෑ .
Deleteඔක්කොම කියෙව්වා අගෙයි. :)
ReplyDeleteහැමෝටම විවිධ විනෝදාංශ තියෙන්නා. සමහර අයට ජිවිත කාලෙටම 1-2
සමහර අයට එක එක කාලෙට එක එක එව්වා... ජිවිතේ හැටි ....
මටත් තිබුනා ඔයවගේ සින්දු පොතක්. මම රේඩියො එකේ යන සින්දු රෙකෝඩ් කරලා ඒව ආයෙත් අහ අහ පොතේ ලියනවා
ReplyDeleteඔබගේ බ්ලොග් එකත් Face Book සිංහල බ්ලොග් group එකට ඇතුලත් කරන ලදී,ඔබ මෙහි ලිපියක් පල කල වහාම එය එහිද ස්වයංක්‍රියව පළවේ. පහත Link එකෙන් එකට ගොස් බලන්න.වැඩි විස්තර අවශ්‍ය නම් සඳහා Admin ට Messege එකක් එවන්න
ReplyDeletehttp://www.facebook.com/groups/276525075781945/