පුළුන් වට්ටියක් වගේ සුදෝ සුදු කොණ්ඩය... බෙහෙතකටවත් කලු කෙස් ගහක් හොයා ගන්ට නැහැ... ඒකත් හොඳ පිළිවෙලකට කපාපු මල් පඳුරක් වගේ බොහෝම පිළිවෙලයි... මතකද ප්‍රේම් ජයන්ත්... ඉස්සර හිටිය හොඳ නළුවෙක්... ගිනිකූරු කට් උඩු රැවුල.. දැන් මං කියන්නේ අංකල් ප්‍රේම් ජයන්ත් වගේ කියලා නෙවෙයි... ප්‍රේම් ජයන්ත්ගේ වගේ ගිනිකූරු කට් උඩු රැවුල... පරණ ඉට්ටැයිල් එකනේ... දැන් කොහේද ඒවා...
වැඩිය උස නැහැ..අඩි පහයි අඟල් දෙකක් විතර ඇති.. හැබැයි හොඳ සනීපෙන් හිටිය මනුස්සයා... කියන්න තරං අසනීපයක් එහෙම තිබුනේ නැහැ... උසේ තරමට සරිලන සිරුර... ලියන වෙලාවට විතරක් කණ්ණාඩි යුවලක් පාවිච්චි කලා... එතකොටනං අපේ රතු විතාන මහත්තයාගේ පෙනුම වගේ...
අංකල්ව මුලින්ම මට නෙවෙයි හම්බ උනේ.. මගේ ගෝලයින්ට... මම නිවාඩු දවසක තමා අංකල් ඇවිත් තිබුනේ.. පහුවදා මට අංකල් ගැන කිව්වේ සරත්... ඔව් සරත් කියන්නේ මගේ සුවච කීකරු ගෝලයෙක්... වයස 50කට කිට්ටුයි.. උස අඩි පහක් විතර ඇති.. ටිකක් මහතයි..බෝලේ වගේ... හොඳ කොටු පැනීමේ සූරයෙක්.. ඒ වයසේ කෙනෙක්ගෙන් එච්චර හැකියාවක් දකින එක ලේසි නැහැ.. පුදුම කරුණාවන්ත මනුස්සයා.. අදටත් මාසයකට සැරයක් විතර මං දැන් ඉන්න තැනට ඇවිත් මාව බලලා යනවා... "සර් හින්දා තමා පොත් පත්වල වැඩ පිළීවෙළකට කරන්න ඉගෙන ගත්තේ..මට හැමදාම ඒවා මතක් වෙනවා" කියලා ආ ගිය තොරතුරු කතා බහ කරලා යනවා... ඒ දවස්වලත් ගෙදර මොනවා හරි කෑමක් හැදුවම මට පංගුවක් උස්සං එනවා... තනියෙන් ඉන්න සර්ට කොහෙන් කියලා හම්බ වෙන්නද ඔන්න මං පංගුව ගෙනාවා කියාගෙන... සරත්ගේ පවුල මං දැකලා නැහැ.. හැබැයි උන්දෑ කවරු උනත් රසට උයන්න පිහින්න ඇහැකි කෙනෙක්... හරි අපි සරත් ගැන පැත්තකින් තියමු.. ඒ වා පස්සේ කාලයක කතා කරන්න පුළුවන්..සරත් කියන්නෙත් කතා උල්පතක්...
සරත් තමා මට කිව්වේ "සර් දන්නේ නැහැනේ.. ඊයේ ටොප් බඩුවක් ආවානේ රස්සාවක් හොයාගෙන"...
ඒ දවස්වල අපි ඇත්තටම අමාරුවෙන් දිව්වේ.. පොයින්ට් එකට 8 දෙනෙක් ඕන වෙලා තියෙද්දී 6ක් වගේ හිටියේ. ඉන්න ටික එහෙට මෙහෙට කරකව කරකව ගේම ගෙනියන එක ලේසි නැහැ..හැම මිනිහටම ප්‍රොබ්ලම්... එක්කෝ ගෑණිට ලෙඩ.. නැත්තං ළමයින්ගේ ප්‍රශ්න... එහෙමත් නැත්තං වෙන මොකක් හරි මඟුලක්... මට විතරයි කියන්න දෙයක් තිබුනේ නැත්තේ... මං නිවාඩුවක් ඕන උනාම කෙලින්ම කියන්නේ මං හෙට එන්නේ නැහැ ගෙදරට වෙලා කාලා බීලා බුදිය ගන්නවා.. කියලා විතරයි... නැතිව වෙන මොකක් කියන්නද..?
"කවුද සරත්..?"
මට වඩා සෑහෙන වයසැති සරත්ට මං නම කියලා මිස නෑදෑකං කියන්න ගියේ නැහැ කවදාවත්... සරතුත් සර් කියලා මිස මල්ලියේ කියලවත් කියන්නේ නැහැ අදටවත්.. ඒත් මිනිහා මට හුගක් ලෙංගතුයි.. මට උනත් ජීවිතේට හම්බ උන මිනිස්සු අතර අමතක නොවන මනුස්සයෙක්...
"අංකල් කෙනෙක්..වයසනං හැටක් විතර ඇති.. ඒත් කොල්ලා වගේ.. කලින් සිකුරිටි කරලා තියෙනවළු... මෙහෙ ෆැක්ට්‍රියේ රස්සාවක් හොයන්න ඇවිත් තියෙන්නේ.. ඒත් මං කතා කරලා හෙඩ් ඔෆිස් එකට යැව්වා... අපිටත් කට්ටිය නැති වෙලාවනේ... ඕන දෙයක් පුළුවන් කිව්වා.. කිව්වා වගේම පුළුවන් කියලත් හිතෙනවා සර්.. හරි පිළීවෙලයි.. හැබැයි මුස්ලිම්"
"හරි මං බලන්නං හෙඩ් ඔෆිස් එකට කතා කරලා.."
කිව්ව වගේම කතා කලාම මට හෙඩ් ඔෆීස් එකෙන් කිව්වා අංකල් කෙනෙක් ආවා හෙට ඉඳන් එවන්නං කියලා... පහුවදා මං වැඩට යනකොට ගාඩ් රූම් එකේ ඉන්නවා වාඩි වෙලා වයසක පහේ කෙනෙක්.. ඒ තමා මං කලින් කිව්ව අංකල්... මං ගාඩ් රූම් එකට ඇතුල් වෙනකොටම සරත් "ගුඩ් මෝනින් සර්" කියන ගමන්ම "මේ තමා අර කිව්ව කෙනා" කියලා මට අංකල්ව පෙන්නුවා... සරත්ගේ කතාව ඇහුන පරක්කුවට දඩ බඩ ගාලා පුටුවෙන් නැගිට්ට අංකල් කඳ සීරුවට අරං කෙලපි සැලියුට් එකක්... පළවෙනි හැසිරීමම සිත් ගන්නා සුළුයි... ඒ කියන්නේ මෑන් ආරක්ෂක අංශවල වැඩ කරලා තියෙනවා... කවදාවත් හමුදාවක පොලිසියක නොහිටපු අයගෙන් වැඩ ගැනීම පුදුම අමාරු වැඩක්... විනය ගැන අණ හා පාලනය ගැන උගන්නන්න පුළුවන්ද උන්දලට... ඒත් මෙහෙම අය වැඩි අවුලක් නැහැ...
කෙටි ප්‍රශ්න කිහිපයක්...?
"යුනිෆෝම් ලැබිලා නේද.. කොහොමද හිරද..නැත්තං අවුලක් නැද්ද..?අද ඉඳන්ම වැඩ කලෑකිද..?"
ප්‍රශ්න වලට උත්තර ලැබුනා අංකල් රාජකාරියට ලෑස්තියි... සාමාන්‍යයෙන් මට මාසෙකට ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් තුන්දෙනෙක්වත් පුහුණු කරන්න වෙනවා.. එන උන් සමහරු දාලා යනවා දවසෙන් දෙකින්.. සමහරුන්ට පඩි මදි.. තමත් සමහරුන්ට නිවාඩු මදි... ඒ අස්සේම තවත් උන්ට මා එක්ක වැඩ කරන්න බැහැ... තුන් වෙනි කාරණාවත් තදින්ම බල පෑවා... ඒත් කියන දෙයක් නාහන..උනන්දුවක් නැති උන් ඉන්නවට වඩා යන එක හොඳයි... ඒ අතරට ටිකක් තලත්තෑනි උනත් පිළිවෙලක් ඇති මිනිහෙක් දැක්කම සතුටක් දැනෙනවා හිතට...
කොහොම හරි එදා ඉඳන් අංකල් අපිත් එක්ක රාජකාරී කලා... අවුරුද්දකුත් මාස ගානක්... අංකල්ව අහක් කරන්න කියලා කම්පැනියෙන් දන්වන තුරුම... කම්පැනියෙන් කිව්වොත් කෙනෙක්ව අහක් කරන්න කියලා ඒක නොකර බැහැ. නැත්තං වෙන්නේ අපිටත් යන්න තමා... ඒ අනුව අංකල්ව මාරු කලා.. බියගමට... ඒත් අංකල් ගියේ නැහැ බියගම..අංකල් ගියා ගෙදර... එයින් පස්සේ අද වෙනකල් මං දන්නේ නැහැ අංකල්ට කොහොමද කියලා... ඒත් අංකල් හිටිය දවස්වල කියාපු කරාපු දේවල් තාම මතකේ තියෙනවා... අංකල්ගේ ජීව්තෙත් ලස්සන පොතක් වගේ.... මුස්ලිම් කියලා අපි හිතුවට අංකල් "ජා" වරුන්ගෙන් පැවැත එන්නෙක්... මුලින් මුලින් සිකුරාදා පල්ලි යන්න නිවාඩු ගත්ත අංකල් පස්සේ පස්සේ නිවාඩු ගත්තේ නැහැ...
අංකල්ගේ ජීවිත කතාවත් අපි කෙටියෙන් කියලා දාමු ඊ ළග ලිපියෙන්... එතකොට මං කියන්නං තමාගේම කියලා ලොකු ව්‍යාපාරයක් හිමිව තිබු අංකල් කොහොමද දුප්පත්කමට වැටුනේ කියලා...
1 wathda
ReplyDeleteඅපේ දොස්තර නෝනලා එතකොට වෙනදා එක වෙන අයට ''හූ හූ ඈ......
Deleteඔහොම මිනිස්සු කීප දෙනෙක්ම දැකලා තියනවා, බස් ලොරි ගනන් තිබ්බ මිනිස්සු කුලී වැඩ කරනවා දැකලත් තියනවා, වෙලාව තමයි
ආඃ ..... අපි වැඩිය පරක්කු නෑ, හරිය. :)
Deleteමේකා 1 "වත්ද" කියලා මුට්ටිය දමලා ගොඩ ගිහින් තියෙන්නේ..:D
Deleteආ, මම ටිකා...ක් පරක්කු වෙලා.
Deleteමමත් 1 හරිය .. මාත් 11.32
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතත්පර කීපෙක වෙනස...
Deleteඉතිරි කොටසත් ඉක්මනට දාමු..
Deleteතමාගේම කියලා ලොකු ව්‍යාපාරයක් හිමිව තිබු අංකල් කොහොමද දුප්පත්කමට වැටුනේ කියලා...
ආරක්ෂක නිලධාරියෙක් වුනු, මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙකුට තමන්ගේම ගෙදර (හිටපු) රැකියාව කරන්න වෙලා තිබුනා. ඒ මගේ යාළුවගේ පෝසත් සීයා නාස්තිකාරයෙක් වෙලා තමන්ගේ දරුවන්ට ඉන්න හිටින්නවත් තැනක් නැති කරලා දැමීමෙන් අවුරුදු තිස් ගානකට පස්සේ.. එතනදීම අනතුරක් වෙලා ඔත්පල වෙලා ඒ රැකියාවත් නැති වෙලා තිබුනේ...
සුපුරුදු ආකාරයෙන් පලමුවැන්න මකා...
Deleteදැන් ඔය අපේ සමහරු ඉන්නවනේ ඔය පරණ බණ කතාවල..ජාතික කතාවල තියෙන කතා හරි අභව්‍යයි කියන... ඒත් ඔය කියන අන්දමේ කතා තව අවුරුදු තුන් හාර සීයකට පස්සේ කිව්වොත් එදාට ඒ කාලේ ඉන්න උනුත් කියන්ට බැරි නැහැ මේවා පස්ට පල් බොරුය කියලා.. කතා කියන්නේ කාලයකදී හැබෑවටම වෙච්ච දේවල්...
අම්මේ මෙන්න ම්ම එක වෙලා
ReplyDeleteඅම්මට හරී සංතෝස හිතිලා පුතාට උම්මා එකක් දෙයි.." මගේ පුතා හරි හපනා" කියලා"
Delete:D
ජිවත වල හැඟුණ තැන ගොඩයි.. ඒ රස එලියට එනවා ඊටත් වඩා හොරයි.. ලෝකේ හොඳ හැම නිර්මාණයක් පසූපසම හොඳ ජිවන අත්දැකීමක් තියෙනවා.. සම හරක්ගේ බොළඳ ෆැන්ටසි නිර්මාණ නම් එහෙම නෑ.. කතාව ඉක්මනටම දාන්න.
ReplyDeleteදානවා දානවා.. මේ මාසේ ටිකක් හිමිහිට ලියන්ට කියලා හිතං ඉන්නේ... ඒකයි ලිපි පරමාද...
Deleteපොඩ්ඩක් දාඩිය දාගෙන ආව මුල් හරියෙදි
ReplyDeleteපස්සේ දූරි භූත වෙලා ගියා දාඩිය ටික :-)
මං සාර්ථකයි...
Deleteඅර ප්‍රේම් ජයන්ත් කතාව කියලා ඉවර වෙද්දීම මට ඒකට තව වාක්කියක් එකතු කරන්ට හිතිලත් මං ආයේ නිකං හිටියා මොටද කොයි වෙලෙත් රැවුල ගිනි තියන්නේ කියලා හිතලා.. ඒත් ඔය පත්තු වෙලා තියෙන්නේ යසට..:D
මේ අන්කල්ගෙත් ගම කොම්පඥ්ඥ වීදිය ද? මොකද මම දන්නා අංකල් කෙනෙකුත් හිටියා මේ වගේම.
ReplyDeleteමොරටුවට කිට්ටුව...
Deleteඔය ජීවිතේ තියන අමාරුකම් මට හරිම සංවේදීයි. මගේ ජීවිතේට ගොඩක් ළග කෙනෙක් ගේ අත්දැකීම් මම අහල තියනවා. අමුතුම අත්දැකීම් ඇති මිනිස්සු මුණ ගැහෙන රස්සාවක් නේද මාරයියේ?
ReplyDeleteඊළග එකත් බලමු ඉක්මනට.
මේ රස්සාව තරං මිනිස්සු හම්බ වෙන..මිනිස්සු එක්ක ගැටෙන රස්සාවක් තව නැති තරං...
Deleteකතාව තේරුන්නැද්ද මන්දා..
ReplyDeleteආයේ මුල ඉදං කියවන්න ඕනා..
ඒ හැටි දෙයක් නැහැ මේ මුල ඇල්ලුවා විතරයි...
Deleteකතාව තියෙන්නේ ඊලඟ කොටසනේ . . ඒක ත් දාපන් එහෙනම් . .
ReplyDeleteඅනිවාර්යයෙන්ම...
Delete+++
ReplyDeleteස්තූතියි...
Deleteකතාවක පටන් ගැන්මක් නේ.. හරි එහෙනම් කතාව බලමු ඊලග එකෙන්.. :)
ReplyDeleteරයිටෝ...
Deleteහදුන්වාදීමක් විතරයි නේ මේකේ තියෙන්නේ
ReplyDeleteමේක කතාවක්ම කියන්නත් බැහැ ඩිලා.. පුංචි පුංචි සිදුවීම් ටිකක්... පරණ කතා ටිකක්.. එහෙම ඒවායේ එකතුවක්... ලියලා ඉවර වෙනකොට තමා බලන්න වෙන්නේ කොහොම වෙයිද කියලා...
Deleteමම එක....
ReplyDeleteමැදින්ද..?
Deleteහ්ම්ම් ඉතිරියත් බලලම මොනා හරි කියන්නම්කො :)
ReplyDeleteහොඳායි..හොඳායි...
Deleteජා කියන මුස්ලිම් අය ගොඩක් නීති රීති වලින් ආගමට බැඳිල නැහැ නේද. මම අහල තියනව මුස්ලිම් අයගෙ එහෙම කොටසක් ඉන්නව කියල. ගෑනු ලමයි මූන වහන්නෙ නැතිව පොස් ඉට්ටැයිල් එකට ඉන්න පිරිසක්. ජා ද කියල සුවර් නැහැ..
ReplyDeleteඔව් මෙයාලා ටිකක් විතර නිදහස් ජාතියක්.. ඒත් හිටි හැටියේ මතු වෙනවා අමුතු අදහස්...
Deleteඑයාලා මුස්ලිම් සිරිත් සහ බටහිර සිරිත් අතර අතරමං වෙලාද කියලා හිතෙනවා.
Deleteකොහොම හරි හරිම මීත්රශීලි ජාතියක්.
බහුතරයකට භාෂා හතරකට වඩා කතා කරන්නට පුළුවන්.
අනිත් මුස්ලිම්වරුන් ගෙන් ඒ තරම් පිලි ගැනිමක් ලැබෙන් නැ.
එයාලා තමයි බටහිර ජාතින් අපිව පාලනය කරනකොට හමුදාවල් වල , පොලිසියේ ,බන්ධනාගාරයේ, සේවය කලේ .
රාගම අවටත් ගොඩක් ඉන්නවා.ඒයාලට විශේෂ උන පල්ලියකූත් තියනවා.
මේ පැත්තේ ඉන්න කට්ටිය ගැන මම ටිකක් හිමිහිට හාරා අවුස්සලා බලලා තියනවා.
එයාලා හැමෝගෙම සීයා හරි මුත්තා හරි ආරක්ෂක අංශයකට සම්බන්දවෙලා ඉදලා තියනවා.
පුට්බොල්වලට හරිම ආසයි.
ලායි ,තාජුඩීන් .කමල්ඩීන් ,කිචීලාන් ,මීර්ඩින් ඔන්න ඔය වගේ වාසගම් තමයි එයාලට තියෙන්නේ.
ආසරය කිරීමට ගණුදෙනු කිරිමට ආසා හිතෙන අපේ රටේ ඉන්න ජාතියක්.
අපේ රටේ ඊළම් යුද්ධයේදී මුස්ලිම්වරු නියෝජනය කරමින් බුද්ධි අංශයේ සහ සටන් පෙරමුණේ දිවි නොතකා සටන් කලේ මේ නිළදාරින් සහ සෙබලු තමා.
මෑත කාලයේ එයාලා ගැන ලියවිලා තියන පොතක් තමයි !!අපි නොදන්න ලාංකිකයෝ !! !! නුවන් ගංකන්දගේ පොතක් !! හොයාගන බලන්න
දැන් එක ගොඩට දැම්මට මං හිතන්නේ මැලේෂියන් මුස්ලිම් සහ ජාවා මුස්ලිම් කියන්නේ ජනවර්ග දෙකක්
මමත් ඒ එක්කෙනෙක් ගැන ලියලා තියනවා කැමති කෙනෙක් බලන්න
http://atampahura.blogspot.com/2012/05/blog-post_24.html
අලුත් සීරිස් එකක් ... ඔහොම යං ඔහොම යං :)
ReplyDeleteටිරාජ්ගේ කමෙන්ට් එක දැක්කම මට හිතුනේ මේකට වෙනම ලේබලයක් එකතු කලානං හොඳයි කියලා... ස්තූතියි...
Deleteමට මුලින් සරත්වයි අංකෝල් වයි ටැපලුනා.. අපේ පැත්තෙත් ඔය වගේ මනුස්සයෙක් ඉඳලා තියෙනවා.. මිනිහා ගමට ඉස්පිරිතාලයක් එහෙම හදලා දීලත් තියෙනවා.. ඒත් අන්තිමට පාරවල් ගානෙ හිඟාකාලයි මැරුනෙ.. මිනිහානම් වැටුනෙම ගෑණු කේස් හින්දා.. දැන් මිනිහාගෙ වෙනත් ගෑණියෙකුගෙ පුතෙකුත් මහා කෝටිපතියෙක්.. හැබැයි ඌත් ගෑණු කේස් පටන් අරන්.. තාත්තට වෙච්චිදේම වෙයිද මන්දා..?
ReplyDeleteමට තියෙන ලොකු අවුලක් තමා එක්කෙනෙක් ගැන කියන්න ගියාම ඒ සමඟ යන අනිත් චරිතත් හඳුන්වා දෙන්න යාම... ඒත් එහෙම නැතිවත් බැහැ.. කියවද්දී ටිකක් කල්පනාවෙන් කියවනවනං අවුලක් වෙන එකක් නැහැ.. මං බලන්නං ටපලන්නේ නැතිව ලියන්න හැකි තාක් දුරටකට...
Deleteඊලග කොටස බලමු එහෙමනම් ...
ReplyDeleteරයිටෝ...
Deleteහ්ම් මේ සරත් හැර වෙන සරත්කෙනෙක්.. ඒ සරත් කොටු පනින කෙනෙක්..
ReplyDeleteඅංකල් ගැන කියං එද්දී අර උඩ කමෙන්ට් කරපු එක අයියා කෙනෙක් බය උනා වගේ සරත් ගැන කියං එනකොට මේ අයියත් බය වෙලාද මංදා... අපි නොදන්න කොටු.. ඔව්වා අහන්න ඕන අර ඕනයගෙන්.. මට සරා සහ සනා සීරීස් එක මතක් උනා...
Deleteසරත් අයියගේ නම හැම තැනම තියනවා , ඉතින් අපි මොකද කරන්නේ
Deleteමාරයියට හරි ලස්සන මිනිස්සු හම්බුවෙලා තියෙනවා නේද......
ReplyDeleteහම්බවෙන හැම මනුස්සයම හරි ලස්සනයි නංගි.. කලු සුදු නෙවෙයි අළු...
Deleteපොතේ ගුරාගෙ කෑල්ල ඉවරයිනෙ දැන් කතාව පටන්ගන්න තව කොච්චර කල් යනවද?
ReplyDeleteආ දැන් තියෙන්නේ බම්මන්නාගේ පාට් එකක්... ඔහොමම රවුමක් ගිහින් ආවනං වේදිකාව උඩින්...හා හා...:D
Delete//තවත් උන්ට මා එක්ක වැඩ කරන්න බැහැ.//
ReplyDeleteඔක්කොම එවුං එහෙම හිතනවා ඇති. නමුත් ටිකදෙනෙක් ඕක කියල යනව ඇති :D
මාත් මුලිං හිතුවෙ තිස්ස ගැන මොනව හරි කියල.
:D:D:D
Deleteකතාව ඇත්ත... ඔක්කෝම නැතත් සෑහෙන පිරිසකට ඔය ප්‍රශ්නේ තිබුනා... කවුද කැමති උදේම වැඩට ආවම ඉහේ ඉඳන් දෙපතුලටම බලලා යුනිෆෝම් එකේ අඩු පාඩු බලන ලොක්කෙකුට... පොත්වල ලියන කියන දේ නූලට තිතට හොයන එහෙකුට... ලෝඩින් එහෙකදී කම්මැලිකමට ඔහේ පැත්තකට වෙලා කියන දෙයක් ලියං යනකොට පිටිපස්සෙන් ඇවිත් බලං ඉඳලා ගොරණාඩු කරන එහෙකුට... නයිට් එහෙකදී නිදාගන්න පැය ගාවක් හදලා දීලා ඒකේ නිදියලා වැඩ කරන වෙලෙත් නිදියන්න හදන කොට පට්ට කුණුහරපෙන් බැනලා වටේ යවනකොට... වෙලාවට වැඩට එන්නේ නැති කොට ආව වෙලාව දාලා අස්සන් කරවන එහෙකුට...
ඇත්ත හුග දෙනෙකුට මාත් එක්ක වැඩ කරන්න බැහැ. හැබැයි කීප දෙනෙක් හිටියා ඔය සරත් වගේ... අදටත් මාත් එක්ක වැඩ කරන්න තියෙනවනං අඩු පඩියට හරි එන්න කැමති.. මොකද හැමෝටම එක හැන්දෙන් බෙදන එහෙකුට ඒ අය කැමතියි... කාට හරි විහේෂයක් කරන්න ගියාම ඒකෙන් තැලෙන්නේ අර වැඩි හැන්දෙන් සැලකුම් ලබන එකාගේම අනිත් සඟයා... ඌට කෑ ගහලා තමුන්ට වෙන අසාධාරනේ කියා ගන්නත් බැරිනං හරි අසරණ වෙනවා.. සමහරු කැමති නැහැ එහෙම රණ්ඩු වෙවී තමුන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න.. එහෙම මිනිස්සු නිතරම තමුන්ගේ උඩින් ඉන්න එකා විසින් හැමෝටම සාධාරණ විදියට සලකනවනං බොහෝම කැමතියි. එතකොට තමුන්ගේ කොටස හරියට කරලා සතුටින් ගෙදර යනවා..
ඒත් අවාසනාවකට මේ රටේ ඉන්නේ සෑම විටම තමන්ගේ වාසියට විතරක් බර උන උන් ටිකක්... උන් හිතන්නෙම අනිත් එකාට කෙල උනත් තමන්ගේ මල්ලට නිතරම වැඩියෙන් වැටියං කියලා... ඉතිං එහෙම උන්ට මං හරියන්නේ නැහැ... උන් කැමති කේලමක් දෙකක් කියාගෙන වැඩි හැන්දෙන් බෙදෝගෙන වැජඹෙන්ට... එහෙම උන්ගේ හිත දිනාගන්නවට වඩා උන්ගේ වෛරයට පාත්‍ර වෙන එක මං හැමදාමත් සතුටෙන් කරන කෙනෙක්... මොකද මමත් උඩ ඉන්න එකාලගේ ඇල් මැරුණු වැඩ හින්දා හුඟක් තැළුණු එකෙක්.. මං දන්නවා එකේ දුක... මාත් එක්ක ඉන්න එකා අයිස් ගහන කොට ඒ බරත් අඳින්න ඕන මම... ඒක මගේ ලොක්කට පේන්නේ නැති උනාම..ලොක්කා හොයා බලන්නේ නැති උනාම අරූ හාමදා සැපෙන්..මම සදා දුකේ... එයිට වඩා මට උඩින් එන්න එකා යක්ෂාවේෂයෙන් හරි කමක් නැහැ ටිකක් හොයා බලලා කටයුතු කරනවනං මං සතුටුයි. අපේ මිනිස්සුන්ව හුරතල් කරලා පාලනය කරන්න ඇහැකි ජාතියක් නෙවෙයි... හා හා මේක පෝස්ට් එකක් වේගන එනවා..ඔය ඇති..
:D
පට්ට මැනේජ්මෙන්ට් ස්කිල්ස් සෙට් එකක් නේ .... ++++
Deleteආයතනයක් පාලනයට නියමයි ....
:)
මෙන්න මෙහෙම වැඩේ නොවෙන නිසා තමයි අපි ඔක්කොම දුකේ ඉන්නෙ!:(
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඔන්න කට්ටිය දැං දන්නවා මාරය කියන්නෙ කොහොම කෙනෙක්ද කියල.
Deleteමම උඹ ගැන හිතාගන හිටපු විදිහ හරියටම හරි.
Deleteහැම තැනකම ඔහොම උන් එකෙක්වත් ඉන්නවා නං කොච්චර ෂෝක්ද.
ඔක්කොම කොරතහැකි ගොට්ට අල්ලන්ඩ එන උන්ගෙන් බේරිලා ඉන්න එක තමා ඔහොම මනුස්සයෙකූට අමාරැම වැඩේ.
ආරම්භය නම් එල හොද කථා ටිකක ඉස්සරහට කියවන්න ලැබෙයි නේද..
ReplyDeleteඉක්මනින් ඉතුරු ටිකත් ලියමු..
බලමු මොනවා ලිය වෙයිද කියලා...
Deleteමන් හරිනම් මේක මට උත්තරයක්....:)
ReplyDeleteමේකට තව කැටගරියක් දාහන් "වත්ත වටේ තැලීම පමනය"ි කියලා. මොකෝ මේවයේ ඉතුරු ටික කවද ලියවෙයිද කියලා දෙයියො තියා දෙයියන්ගෙ දෙයියො වත් දන්නෙ නෑ
This comment has been removed by the author.
ReplyDeleteයකෝ මූත් දැන් කතා දාන්නේ අර ෆිල්ම් එක එන්න මාස ගාණකට කලින් ඒකෙ ට්‍රේලර් එක එනවා වගේ. දැන් ඉතින් තව දවසක් නින්දක් නැතිව ඉන්න වෙනවා අංකල් ජගේ කතාව කියවන්න.....! හෆොයි.....!
ReplyDeleteහොඳම හරියෙන් නවත්වලානේ
ReplyDeleteඊළඟ කොටස ප්ලීස් ....
ReplyDeleteඔන්න මම අන්තිමය (දැනට විතරක්). පුලුවන් නම් මාව පාස් කොරපල්ලකො බලන්න. හැමදාම 1 වෙන්න පුලුවන්යැ.
ReplyDeleteජා කියන්නෙ බර්ගර් අයටද? මගෙත් යාලුවො නම් ඉන්නව..හැබැයි උන් මහ එක විදියක් ..
ReplyDeleteජා කියන්නේ මැලේසියානු සම්භවයක් තියන ජාතියකට. ඔවුන් ගොඩක් දෙනා කතා කරන්නේ මැලේ භාෂාව. බොහෝකොටම අන්තවාදී ඉස්ලාම් නොවන කොටසක් තමයි මේ. නමුත් ඔවුන් ඉස්ලාම් දහම හොඳින් අදහනවා.
Deleteමැලේම නෙමේ නේද?
Deleteයුද්ධ කාලයේ ජාවා දේශයෙන් - ඉන්දුනීසියාවේ - බ්‍රිතාන්‍ය හමුදාවට බඳවා ගෙන පුහුණු කෙරුණු ජා හමුදාවක් හිටිය දන්න හැටියට
බ්‍රිතාන්‍ය කොලනි වලට හදිසි අවශ්යාතා වලට සමහර අවස්ථා වලට මේ අය මුදාහැරිය
මැලේ අය වාගේ මොට අංග ලක්ෂණ නෙමේ මෙයාලට තියෙන්නේ
දීප්තිමත් හමක් - සිහින් ඇස් දෙතොල් - හතරැස් මුහුණු ව්ශාල හකු
ටිකක් බුරුම ගතියකුත් තියේ මුහුණුවර වල
පස්සේ කාලේ මෙයාල තැනින් තැන ලංකාවෙත් පැලපදියම් වුණා
පොලීසියේ හරියට හිටියා මට මතක හැටියට
දීප්තිමත් හම නිසා ඩච් බර්ගර් ගතියක් තියෙනව
ඉස්සර 'ජා කොල්ලා' කියන එක ඉස්කෝල වල කාඩ් එකක්
ජා ජාතිකයන් සහ මැලේ ජාතිකයන් දෙකම එකකට දාලා පුද්ගලයන් ලියාපදිංචි කරන ක්‍රමයක් දැන් තියෙන්නේ අයියේ .
Deleteඉස්සර මම දන්න විදිහට
කොටස් දෙකකට වර්ගිකරනය කලා
ජාවා මුස්ලිම් සහ
මැලේෂියන් මුස්ලිම් කියලා
ජාවා මුස්ලිම් සහ මැලේෂියන් මුස්ලිම් කියන්නේ දෙකක් ඒ දෙගොල්ලොම එකම කාලයක එකම වැඩකට ලංකාවට ආවා කියලයි මට හිතෙන්නේ , දැන් හදුනා ගැනිමට බැරි විදිහට කලවම් වෙලා, විසිරිලා.
වින්චැට් කිරිල්ලි කියනවා වගේ සමහරක් අය බටහිර සම්භවයක් කියලා වරදවා වටහා ගන්නවා සමහරක් වේලාවට.
ඕක හරිම පැටලිලි සහිතයි .
සමහරක් අය ගොඩක් සුදුපාට වෙනකොට, සමහරක් අය කලුයි. ( ලන්ත්රනා,ලන්ත්ර,තාජුඩීන් වගේ වාසකම් තියන අය ටිකක් විතර අපේ පාටට ලගයි )
පරණ (හොඳ) මාරය ඇවිල්ල.
ReplyDeleteහොඳ ආරම්බයක් අරගෙන තියෙනවා ලස්සන කතාවක් වාගෙයි...
ReplyDeleteඊළඟ එකත් දාමු ඈ
ReplyDeleteකෝ ඊලග කොටස...
ReplyDeleteආච්චිගෙ සාලුව...ඇයි හත් වලාමෙ ඔෆිස් එකෙ ඉඳන් අමාරුවෙන් ඇවිත් කෙල හලා ගෙන කතාව කියොගෙන යන කොට අන්තිමට එක ලබන සතියෙ ලු...
ReplyDeleteඅනේ අම්ම්පල්ලා මේ යොධයා ..
මමත් දන්න ජා අන්කල් කෙනෙක් , ඉන්නවා. මිනිහත් පල්ලි යන්නෙ නෑ, වැඩේ කියන්නේ වැඩට ආවෙ නම් සිකුරාදට පල්ලි යන්න ඕනි කියලා. මේ දවස්වල රාමසාන් උපවාස සමය නේ ..ඒ උනත් මේ යෝදයා නෙමෙයි නෝම්බි අල්ලන්නේ. හොදට නෙළනවා මදි නොකියන්න.
ReplyDeleteඅර අන්තිම ටිකෙන් කීවෙ ලොකු ව්‍යාපාර තිබුණු අන්කල් දුප්පත් වුනු හැටිනේ. ඒ වගේ උදාහරණ නම් අනන්තයි. දන්නවාද පොළොන්නරුවේ පළමුවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රී බෞද්ධසාර මහත්තයා ..එතුමා දැවැන්ත ව්යාපාරික්යෙක්ව තමයි ඉදලා තියෙන්නේ. නමුත් අපේ වැඩිහිටියෝ කියනවා මම අහලා තියෙනවා එතුමා ජීවිතේ අන්තිම කාලයේ පොළොන්නරුවෙම යාචකයෙක් වශයෙන් සිගමන් යැද්දා කියලා.
මුස්ලිම් උනත් හොඳ මිනිස්සු ඉන්නවා
ReplyDelete