29 August 2012

ඔන්න ඔහොමයි මේ දවස්වල...

යන්ට හිටියෙ අද කැලයක් බලන්නට..
ඒත් උනේ ගේ ඇතුලේ දපන්නට..
එළියේ වහිනවා අද පළු පැලෙන්නට..
මේක ලිව්වේ මෙහි පාළුව මැකෙන්නට..

කම්මැලි කමක් ගහලා මගෙ ඉහ මත්තේ..
අකුරක් ලියන්නට අම්මප හිත නැත්තේ..
උයනා පිහන වැඩ විතරයි කල යුත්තේ..
නැත්තං ඉතිං මං කෝමද කෑ යුත්තේ..

ඇද්දා ඩියුටි මාසය මුල ඇති වෙන්ට..
ලැබුනා නිවාඩුත් මාසය අන්තිමට..
කොල්ලා හිදියි මේ දිනවල රජ සැපට..
හෙව්වා බැළුව අය ඒ වග දැන ගන්ට..

තිබුනා උනත් ලියනට දේ ගොඩ ගැහිලා..
කම්මැලි කමට ඒ හැම දේ යට ගැහිලා..
ආයෙත් වැඩට‍ ගිය පසු දානව ලියලා..
එතකල් ඉතිං මං ඉන්නව ගුලි ගැහිලා..

---------------------------------------------
එහෙං මෙහෙං විපරං කරලා බැළුව උදවියට බොහෝම ස්තූතියි... කොලුවා යහතිං සිටී...
(හා දැන් අල්ල ගනිවු කවුද කොලුවා කියන කෑල්ල)

52 comments:

  1. Replies
    1. කමක් නෑ කොලුවෝ, ඔයා ගුලි ගැහිලා රෙස්ට් කොරන්ට තව ටිකක් :))))

      Delete
  2. මේ වැස්සේ මොන වැඩ කරනවද නේද?පොරෝගෙන නිදා ගන්නවා මිසක්.

    ReplyDelete
  3. Replies
    1. ///කොල්ලා හිදියි මේ දිනවල රජ සැපට.///

      චික් විතරක්....මම හිතුව කසාදයකුත් නොබැඳ කල වයස ගෙවෙන්න අරිනකොට...

      දැන්වත් ඕව අතැරලා දාලා මනුස්සයෙක් වෙන්න බලපං මාරෙ :D

      Delete
  4. කලකට පස්සේ මාරයා අයියා පැමිණිලා ඇත්තේ :D

    ReplyDelete
  5. වැඩ කරන අපිට කින්ඩිය දානව නේද?... අපිත් කැමතී වැස්ස වෙලාවට පොරවන් නින්දක් දාන්න....

    ReplyDelete
  6. වැස්ස කියන්නේ කම්මැලිකමේ අධිපතිද කොහෙද

    ReplyDelete
  7. යංතං ඇති ඇඟිල්ලෙං ඇන්නම ඔය ලියල තියෙන්නෙ.

    ReplyDelete
  8. මොටද ඉන්නේ කම්මැලිකම බුදි වැදලා
    රෙද්දත් අතරන් හිතපන් ඉදිරිය විමසා
    කෑම බීම හැම සැප සම්පත් ලැබිලා
    කැලයක් ගෙනැත් ගේ ඇතුලට දාපල්ලා

    ReplyDelete
  9. .
    …බැලුවා අනේ අපි මාරය කෝ කියලා
    …දුටුවා ඉන්නවා සරණියෙ ගැට ගහලා
    …වහිනව තමා මේ දිනවල හෝ කියලා
    …ඉන්න තැනක ඉන්නකෝ ඔබ ගුලිවීලා

    ReplyDelete
  10. කවි සිත දියුණු කෙරුමට මෙය තෝතැන්නක්
    …ඇරඹුම ගත්තේ කවි පද හුරු මහ කවියෙක්

    ReplyDelete
  11. මමත් මොකද නිස්සබ්ද කියලා අහන්නත් ගිහින් මාරයාට මාරාවේශ වෙයි කියලා නිකා හිටියා..

    ReplyDelete
  12. වැස්සට කලියෙන් අපි නම් කැලයක් බලලා පැමිණියෙමු... මාරයා අවිවාහකද ?

    උයනා පිහන වැඩ විතරයි කල යුත්තේ..
    නැත්තං ඉතිං මං කෝමද කෑ යුත්තේ..

    ඔන්න ඔය නිසයි ඇහුවෙ....

    ReplyDelete
  13. ඕකට කියන්න අලස සුවය විඳිනවා කියලා. අමරදේව මහත්තය තමයි එහෙම කිවුවේ...

    ReplyDelete
    Replies
    1. හම්... ලේක්හවුස් එකේ මේසයකට ඔලුව ගහගන

      Delete
  14. බල බල හිටියෙ අලුත් post එකක් එනකං... ඔය තියෙන්නෙ නියමෙට...
    හොඳට බුදියන්නකො... සුවීට් ඩ්රීම්ස්...

    ReplyDelete
  15. ඉන්නට එපා කම්මැලි කියමින් දපලා..
    උයපිය කෑම එක එක රස වැඩ දමලා..
    තලු මර මරා ඉන්නා අපි ගැන හිතලා..
    ලියපිය මාර සරණිය උඩපැන නටලා..

    ReplyDelete
  16. අපොයි පුළුවන්ද ඔහොමට ගුලි ගැහිලා....
    ලියනවානම් ලියපන් හරි බැරි ගැහිලා....
    කියවන්නට අපි ඉන්නවා මග බලලා...
    වැඩිකල් නොගොස් රස අරගෙන වර කොළුවා.... :)

    ReplyDelete
  17. මාරයා බැදලවත් ද? හොරෙන්ම

    ReplyDelete
  18. දෙන්නත් එක්කම ගුලි ගැහිල දොයිලු....

    ReplyDelete
  19. "නරියාට බඩයන්ට අරළු බුළු කසායයි
    ඊට පසු නවතින්ට බෙළි මුලෙන් නැලි දෙකයි.."

    - අවුසද හාමී -

    ReplyDelete
  20. මාරයට සැප! කොල්ලටත් සැප!

    ReplyDelete
  21. ඇත්තටම කවුද කොලුවා??????

    ReplyDelete
  22. මම හිතුව කොල්ල සවාරියක් ගිහින් කියල. මෙන්න යකෝ මේක බුදියගෙන ඉඳල.

    ReplyDelete
  23. හයියෝ දැනුත් වහිනවා.

    ReplyDelete
  24. උදෙන්ම නැගිටලා ඇවිත් තිබ්බේ අපේ පැත්තෙත් :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  25. මං හිතුවා මොටො සයිකලේ නැගලා රාවණා හොයාගෙන වත් ගියාද කියලා.

    වහිනවාලු ඒ උනාට ලයිට් නැල්ලු. .හලේ මන්ද!

    ReplyDelete
  26. වහිනවා වහිනවා
    පායනකොට බනිනව වහින්නේ නැ කියලා
    වහිනකොට බනිනවා පායන් නැ කියලා
    මෙහමත් ලෝකයක්............

    ReplyDelete
  27. උයනා පිහන වැඩ විතරක්ම කර...
    පිනවයි මාරා මේ දිනවල රස නහර....
    ඇගපත වෙහෙස නොකලොත්නම් උඹ නිතර...
    බං දික් වේවි පරයා අත පය සතර...

    ReplyDelete
  28. //තිබුනා උනත් ලියනට දේ ගොඩ ගැහිලා..
    කම්මැලි කමට ඒ හැම දේ යට ගැහිලා..
    ආයෙත් වැඩට‍ ගිය පසු දානව ලියලා..
    එතකල් ඉතිං මං ඉන්නව ගුලි ගැහිලා..//

    යට ගැහිලා ඇති දේ අද අත ගාලා
    උස්සා අරන් හරි හැටි එලියට දාලා
    ගුලි වී තිබෙන අතපය හරි ගස්සාලා
    ****************** ලා

    කෝමද පිලිතුරු කවිය ?

    ReplyDelete
  29. අගේ ඇති කවි ටික
    :)

    ReplyDelete
  30. ආඃ මාර කොළුව බුදිනේ. අපි මෙහේ පෝස්ට් දානකන් බලන් ඉන්නව.

    ReplyDelete
  31. නිකං ඉන්න එකේ හරියට තේරුම් ගත්ත දාට... අන්න එදාට තමා මාරය පරදින්නේ... අපි මේ එක එක මඟුල් කර කර වටෙ යනවනේ.. වැස්සකටවත් නිකන් ඉන්නෙ නැතුව..හික්

    ReplyDelete
  32. වහින එක ගැන නම් කතා එපා . .. මලාට වහින්නේ නැති කාන්තාරේ ඉන්න අපිට කොයින්ද වැස්සේ අසිරිය විඳින්න වාසනාවක් . . . හරි එහෙනම් අත්දෙක දෙපරැන්දේ ගහගෙන දපපන් . . . ඊඊඊඊ

    ReplyDelete
  33. මොර සූරන වැස්සේ වැහි වළාවේ
    කළුවර අඳුර ගෙට ගොඩ වෙන වෙලාවේ
    දු‍ටුවේ නැතිය නව ලිපි මං මුලාවේ
    මාරය ගුලි වෙලා මාරයගේ හෝරාවේ

    ReplyDelete
  34. මාරයා කොම උනත් මාර කවියක් දැක්ක කල්.... :)

    ReplyDelete
  35. අන්කල් මාරයා පෙනෙන්ට නැහැ හිටියේ
    කිව්වට මෙහෙම ගුටි කන්නට මට වෙන්නේ
    කම්මැලි කමයි වැහිත් සමග දැන් එන්නේ
    ලියමු සබඳ ලිපියක්වත් මේ වැස්සේ :) :)

    ReplyDelete
  36. ම'හිතුවෙ වැඩට යන්නෙ අවංකව රාජ කාරිය කොරන්න කියල

    ReplyDelete
  37. මේ ලොක්කා මේ සේරම හොඳයි එත් රටට ඔයාලගෙන් වෙන්න ගොඩක් දේවල් තියනවා කරුණාකරලා තම්බි ටික මේ රටට ආගමට කරන විනාසේ ගැනත් ලිපි ටිකක් පල කරන්න . එහෙම නැත්තම් ඔයාලත් තම්බි ආගමට යන්න බලන් ඉන්න තරහින් නෙමේ කියන්නේ දුකෙන් . අපි නිකන් මෙතන චූන් අරන් වැඩක් නැහැ මේ රට තම්බියට යන්න දීල

    ReplyDelete
  38. මට ඇත්තටම හරිම දුකයි සින්හල ජාතියට වෙන දේවල් දැක්කම අපේ උතුරු නැගෙනහිර උරුමයට වෙන දේ දැක්කම . බ්ලොග් සහෝදර සහෝදරියෝන්ගෙන් ඉල්ලන්නේ කරුණාකරලා ඔයාලගේ ලිපි කතා අතරට අපේ සිංහල උරුමයට වෙන විනාසේ ගැනත් ලිපියක් දෙකක් ඇතුල් කරන්න . තම්බි එකතු වෙලා අපිට කරන දේවල්වලට අපිත් එකතු වෙලා මොනවම හරි කරමු
    සහෝදර වරුනි මම පොඩි උදාහරණයක් දෙන්නම් ලංකාවේ 70% ක් ඉන්නේ සිංහල මුස්ලිම් ඉන්නේ 7% ක් විතරයි එත් අද ලංකාවේ හැම සුපිරි වෙළඳ සලකම තියන්නේ හලාල් කෑම හලාල් නැත්තම් සුපර් මාර්කට් අදාල නිෂ්පාදන ගන්නේ නැති තත්වයක් තියෙන්නේ . මම ඔයාලගෙන් අහන්නේ බුර්ක ලෝගු පොරව ගත්ත තම්බි අයි අපේ මිනිස්සුන්ට කොට ඇඳුම් විකුනන්නේ 7% ක් වන තම්බි ජාතිය නිසා ඇයි 70% ක් හලාල් කෑම කන්නේ ඔයාලත් පොඩ්ඩක් හිත්තන්න අපිද ජාතිවාදී එයාලද ජාතිවාදී කියල . කුරගලට මුහුදු මහා විහාරෙට වෙච්ච දේවල් බලන්න . කරුණාකරලා මේ කතාව හෙමොටම කියන්න අපි හඬක් නගමු නැත්තම් ජාතිය විනාසයි අපේ සහෝදරියෝ විනාසයි . කරුණාකරලා කරුණාකරලා ඔයාලත් කොයි යම් ආකාරයකින් හරි සහයෝගය දෙන්න .

    ReplyDelete
  39. කොලුවො දැං ඒ ගමන වහිනවද? ඉතින් හොඳයිනෙ. ලයිට් කැපිල්ලවත් නවතින්නෙ නැතෑ මාස දෙක තුනකට. මම හිතුවෙ ආයෙම බයිසි මොටෝවෙ නැගලා හක්කලං කොරනවා ඇති කියලා.
    වැස්ස වෙලාවට වකු‍ටු වෙලා ඉන්නා එකත් මාර ආතල් තමයි, කොලුවො. ඒකත් එක සුවයක්නෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  40. ගුලිවී සිටියොත් වකුටු කරන් අත පය සතර.....
    අදින්නට වෙනවා තොගේ පව් සක් දෙවිඳුන්ට.....
    ගන් වතුර, නාය, සීතල සමඟ සුළි සුළඟ....
    තොට ඇක්ටිව් වෙන්න අපි කිව යුතුද?...

    කැත්තක් ගනින් රින්ගන් කැලයක් තුලට...
    පෙට්‍රල් ටිකක් ගහන් පලයන් ජී මැප් බලාගෙන...
    බැයිනම් පපඩම් වෑන්ජනයක් හදපන් තොල කට හිඳේන්නට....
    ඇයි යකො තෝ නිදා ගත්තොත් අපි බලන්නෙ අහවල් එකද?....

    මාරයා ඉන්න පැත්තේ වැහි අඩු වේවා
    ඩයලොග් කොම්පැනිය තව වැඩිපුර ජීබී දේවා
    මාර කනෙක්ෂන් හට වැස්සෙන් නොම බාදා වේවා
    දැන්වත් නැගිට පල, කියනට පෙර එක එක එව්වා

    ReplyDelete
  41. අඩේ කෝ මගේ කමෙන්ට් එක?

    ReplyDelete
  42. අනේ බොලන් කොලුවො මටත් මහා වස කම්මැළි කමක් ඉහට ගහලනෙ නිවාඩුවෙන් පස්සෙ..දැන් වැඩ පටන් අරන්..මාත් බ්ලොගේ ලියන්න හිතන්නෙ වැඩ පටන් ගත්තට පස්සෙ තමා...(මම මීට පස්සෙ බ්ලොග් වල කොමෙන්ට්ස් දාන්නෙ වයසක උන්දෑ කෙනෙක් වගේ..මොකද මම වයසක කෙනෙක්ලු. කොලුවෝ බලහන්කො මුන් මට කියන පාහර කට කැඩිච්ච කතා.)

    ReplyDelete
  43. මචන්, යාමය කියන blog එකට ලින්ක් එකක් දෙනවද.

    ReplyDelete
    Replies
    1. http://amilawickramasinghe.blogspot.com/

      :D මගෙන් නෙවෙයි ඉල්ලුවේ..ඒත් ඉතින් මන් දුන්නා ඕන්..

      Delete
    2. Thanks මචන්, හොයලා එපා වෙලා තමයි උදව් ඉල්ලුවේ

      Delete
  44. මාරයාගේ ආගමනය..

    ReplyDelete