07 August 2012

"Z ස්කෝරය" සිල්වා තුමාණෝ කියන කතාව හරිද වැරදිද..?

මේක මට අහන්න ලැබුනේ පහුගිය දොහේ අර එකතුමෙක් මංතුමා ඉන්න පැත්තේ ආව වෙලේ... මං එදා කිව්වනේ ඒ තුමාට කතා කරන්න කලින් බොහොම කට්ටියක් එතන කතා කර කර ඒ ඒ අයගේ කතා කියෙව්වා කියලා... මේකත් එයින් එකක්...

කථිකයා අපි කවුරුත් දන්න  නඩු බලවපු අග තැන්පත් ඇස් ඇන් ද සිල්වා උන්නැහේ (හිටපු) තමයි.

උන්නැහේ තමුන්ගේ කතාවෙදී කාරණා කිහිපයක් කිව්වා..එයින් එකක් තමා මේ ළගකදී ගෝල් ෆේස් පිටියේදී තරුණයෙක්ව අත් අඩංගුවට ගත්ත කතාව...

තව එකක් තමා එයා වෙර වී‍රියෙන් කැපවීමෙන් කටයුතු කරලා ගොඩ නංවපු ලංකාවේ නීති ක්ෂේත්‍රය එයා නැති උන ගමන් කඩා වැටුනා කියන එක...

ආයේ කිව්වා සුදු අස්සයෙක්ගේ පිටේ නැගලා අර තුමා දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ කඩුවත් ලෙලව ලෙලව එන හැටි තව තුමෙකුට හීනෙන් පෙනෙනවාය කියලා කතාවකුත්...

ඔය අස්සේ කියාපු මෙන්න මේ කතාව තමා මට හිතට අල්ලලම ගියේ... ඒ තමා මේ දවස්වල කාගෙත් කටගැස්මට හොඳ කාරණාවක් උන "Z ස්කෝර් අවුල"

ඉතිං අපේ හිටපුතුමාණෝ කියනවා මෙන්න මෙහෙම...

"දැන් මේ 'Z ස්කෝර් අවුල' බලන්නකෝ.. මේක මහ අවුලක්නේ.. කවුද මේක හැදුවේ.. මේක හදන වෙලාවේ මං කොයි තරංනං විරුද්ධ උනාද මේක ගේනවට..ඒත් කවුරුවත් ඇහුවේ නැහැ.. අන්තිමට ගෙනාව Z ස්කෝර් කියලා එකක්.. මේක හැදුවේ ඒ කාලේ තිබුන විෂ්‍ය ධාරාවල්වල තිබුන වෙනස්කම් සමාන කරන්න... ඔය සමහර විෂයන් තිබුනා ලකුණු සෑහෙන ප්‍රමාණයක් පහසුවෙන් ගන්න පුළුවන්.. ඒ අතරෙම තිබුනා ලකුණු ගන්න අමාරු..වැඩිය කට්ටිය තෝරා නොගන්නා විෂයන්.. දැන් අර ලකුණු ගන්න පහසු විෂයන් වැඩි දෙනෙක් තෝර ගත්තම එයාලට අර අමාරු විෂයන් කරන අයට වඩා අවස්ථාව වැඩියි සරසවියට යන්න.. ආන්න ඒක හින්දා තමා ඔය Z ස්කෝර් එක ගෙනාවේ. ඒ හරහා අර අසීරු විෂයන් කරන අයට සාධාරණයක් උනා. ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ..? දැන් මේක පරණ නිර්දේශයකටයි නව නිර්දේශයකටයි පටලෝගෙන හත් පොලේ ගාගෙන තියෙන්නේ...

බුදු දහමේ තියෙනවා (අපි කවුරුත් දන්න විදියට උන්නැහේ ධර්මධර කෙනෙක්..ඔය පෝයට බණ කියන්නත් යනවනේ එහෙ මෙහෙ) යම් කිසි ගැටළුවකදී එහි ඵලයට නොව හේතුවට පිළියම් කරන්න කියලා.. හොඳයි දැන් මොකද වෙලා තියෙන්නේ..දැන් මේ වන කොට අර කලින් කිව්ව පහසු විෂයන් විෂය මාලාවන්ගෙන් අහක් වෙලා තියෙනවා.. තියෙන විෂයන්වත් කවුරුවත් තෝර ගන්නේ නැහැ..ඔය ග්‍රික්....(මොනවදෝ මංදා විෂයන් දෙකක් හෝ තුනක් කිව්වා මට මතක මුලට ග්‍රීක් කෑල්ලක් තිබුන බව විතරයි) වගේ විෂයන් දැන් ඇත්තෙත් නැහැ..ඒත් අපේ අය තාමත් මේ Z ස්කෝර් එක පවත්වාගෙන යනවා... (කතාව නවතා මහ හයියෙන් හිනා වෙමින් වට පිට බලයි) මේක හරි විහිළුවක්නේ.. දැන් හේතුව නැහැ..ඒත් ඵලය තියෙනවා..ඔන්න මේක කෙරෙන හැටි.. මේ අවුල විසඳන්න කරන්න තියෙන්නේ එකම දෙයයි.. ඔන්න ඔය Z ස්කෝර් එක අල්ලලා විසි කරලා ඒ ඒ විෂයන් වලට ලැබෙන ඉහල ලකුණු වලට අනුව සරසවි වරම් දෙන එක විතරයි... (නැවතත් කතාව නවතා සිනාසෙයි)

ඒක නොකර මේ Z ස්කෝර්ක් බදාගෙන ඉන්න හින්දනේ මේ හැම අවුලම."

ඒ කතාවෙන් තව කතාවකට පැන්නා... හරි අපිට ඕන ටික දැන් ඇවිත් තියෙන්නේ...

දැන් මෙතුමා කියාපු මේ කතාව ඇත්තද..? මං මේකේ අගක් මුලක් දන්නේ නැහැ.. ඒත් මෙච්චර පහසු තීරණයක් නොගෙන ආණ්ඩුව මොන ලබ්බක් කරනවද කියලා මටත් ලොකු කේන්තියක් ආවා.. ඇයි යකෝ බැණුං අහනවා කියන එකේ නිමක් නැහැනේ..ඒ අස්සේ මෙච්චර සිම්පල් කේස් එහෙකටත් මොකට බැනුං අහනවද අර ඇමතිල දෙන්නාට බැනුං ඇහීමේ දොලදුකක් තියේද..?

ඉතිං ඔය ගැන දන්න කියන අයගෙන් අහනවා මිසක් Z තියලා ඉංගිරිසි හෝඩියේ අකුරක් තියෙනවා කියලා විතරක් දන්න මං කොහොම තීරණය කරන්නද..? මොකක්ද හැබෑට මේකේ ඇත්ත කතාව..?

86 comments:

  1. Replies
    1. මේ 1 ගත්තේ පලවෙනි වතාවට නෙවෙයි, හරිද ?

      පල්ලෙහා කමෙන්ටුවක් ඇති... :)

      Delete
    2. හරි හරි එකට වඩා දෙක වෙලා මැකුව ගාන වැඩියි.. හරිය..?
      :D

      Delete
    3. අනේ මන්දා ?

      මට මතක නැහැ .. මම මෙතන කමෙන්ට් කලාද ?

      Delete
  2. එන්.සිල්වා ආචාර්යතුමා ගැන මං මුකුත් කියන්නෑ..

    ReplyDelete
  3. Z කියන්නෙ ඉංග්‍රීසි හෝඩියෙ තියෙන අකුරක්ද බං.

    ReplyDelete
    Replies
    1. හුටා..එහෙම එකක් නෙවෙයිද..? ඉතිං බලහංකෝ මං මෙච්චර දවසක් හිතං හිටියේ ඕක එයින් එකක් කියලා..දැන් ඉතිං හොයංකෝ ඕක කොහෝ තිබ්බ එකක්ද කියලා..

      Delete
    2. ඕක අර ඉස්සර දොරවල් වලට ගහන කලම්පයක් නෙවෙයිද? ඒකත් ඔය හැඩේමයි.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. හරිනෙ ඒක නේන්නං...!

      Delete
    4. අන්න හරි ඩූඩ් ඔය වගේ එකක් එතන තිබුන තමයි. හැබැයි ඒකයි ඒ ලෙවලුයි අතර තියෙන සම්බන්ධය තමයි හොයාගන්න බැරි. සමහරවිට ඒ කලම්පෙ නැති උනානං දොර ගලවගෙන ලේසියෙන්ම යන්න තිබුණනෙ. දැන් ඔය Z කලම්පෙ හින්ද තමයි කැම්පස් යන දොර බ්ලොක් වෙලා තියෙන්නෙ.

      Delete
    5. ප්‍රසන්න/වී පොකුර.. බොලා අහු වෙන්න එපා ඔය ඉංගිරිසි ගුරා කියන දේවල් වලට.. ඔය ගොයියමයි වංගියක් ඔය Z අකුරට එක එක එව්වා කිව්වේ... මෑන්ගේ හිතේ අපි මැරිලා ඉපදිලාය කියලා..හුහ්...

      Delete
  4. ඔය ක්‍රමේ මුලින්ම ආවේ අපි A/L කරපු අවුරුද්දේ.. ඒ කියන්නේ 2000දී.

    අපට කලින් අය විෂය 4කට ලිව්වත් ඒ අවුරුද්දේදී විෂයන් 3කට සීමා වුනා. ඉතින් දෙවෙනි තුන්වෙනි පාර විෂයන් 4කට ලියන අයත්, පලවෙනි පාරට විෂය 3කට ලියන අයත් එකට (මෙන්න මෙහෙම) අරගෙන ඒ අයගෙන් කොටසක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට තෝරා ගන්න තමා මම දන්න තරමින් Z මගුල කරලියට ආවේ...

    දැන් වෙලා තියෙන්නේ විෂයන් 3කටම වෙනස් විෂය නිර්දේශ වලට (පැරණි (2,3 වනඋත්සාහ),නව(1 උත්සාහය) ) ලියපු අයගෙන් (මෙන්න මෙහෙම) කොටසක් වෙන් කරලා ගන්න ගිහින් හත් පොලේ ගා ගැනීම..

    ඔතන අවුල තියෙන්නේ Z සුත්‍රය නිවැරදිව විග්‍රහ කරලා දුන්නත් (එහෙම දුන්නනම්) සංකීර්ණ වැඩි නිසා අනිත් ගොයියන්ට නොතේරීම, හා තේරෙන මට්ටමේ එවුන අදාල තැන් වලට තෝරා නොතිබීම. ඉතින් සුපුරුදු පරිදි ..... ගා ගැනීම.......

    ReplyDelete
    Replies
    1. මම මේ පෝස්ට් එකෙන් බලා පොරොත්තු උන දේට අඳාලව සෑහෙන වටින කොමෙන්ටු මේකට වැටිලා තියෙනවා..මේ එතැනින් පලමු වැන්න.. ඇත්තටම මේ මගුල මොකක්ද කියලා මට මෙලෝ තේරුමක් නැතිව හිටියේ.. ඒත් මේ වගේ කමෙන්ට් හරහා සෑහෙන දුරට අවබෝධයක් ගන්න පුළුවන් උනා..මං හිතන්නේ මට විතරක් නෙවෙයි හුග දෙනෙකුට මෙකේ කමෙන්ට් ටික වටී කියලා හිතෙනවා.. ස්තූතියි රාමා...

      Delete
    2. මහාචාර්ය සරත් කුලතුංග
      මහාචාර්ය KRMT කරුණාරත්න(ජ'පුර)
      මහාචාර්ය සරත් පිරිස් (මොරටුව)
      Dr .දිල්හාරි ආටිගල (කොළඹ)
      Dr. සරත් බන්නාහක

      මේ ඔබ ඒ කියන "ගොය්යන්" කිහිප දෙනෙකි. තව මෙවැනි "ගොය්යන්" 4 දෙනෙකු සිටින නමුත් ඒ සතර දෙනාගේ නම් මට මතක නැත. කෙසේ නමුත් මේ 9 දෙනාට z අගය පිලිබඳ චක්‍රවර්ති තටිල් තුමා හා හැපෙන්න බැරිය (රටේ සිටින බොහෝ දෙනෙක් හිතන හැටියට).

      Delete
    3. ඔය ආචාර්ය මහාචාර්ය 9 දෙනාටම තටිල් එක්ක වාද කරලා තටිල්ගෙ ක්‍රමය වැරදියි කියල අධිකරණයේදී ඔප්පු කරන්න බැරි උන එක තමයි වැඩේ.

      Delete
    4. ඔවුන් අධිකරණයේ සාක්කි දුන්න නම් නේ ඒ?
      මම හිතන හැටියට මගේ අතින් ම කිව් කරුණු වල වැරදීමක් සිදු වීමට ඉඩ ඇත. මේ කමිටුවේ ඇත්තටම සිටියේ 5 දෙනෙක් වන්නට පුළුවන.

      Delete
  5. මේකෙන් අපේ උසස් අධ්‍යාපන කස්ටිය බලාපොරොත්තු වුන එක්තරා වාසියක් තමයි විශය සංකලන සංඛ්‍යාව වැඩි කරගන්න එක..උදාහරණ විදියට මේ හරහා ළමයෙක්ට පුලුවනි..ආට් සබ්ඩෙක්ට් දෙකක් කරන ගමං සයන්ස් සබ්ජෙක්ට් එකක් තෝරගන්න..එතනදි සාමාන්‍යෙන් අර විද්‍යා විශයය ඒ ආට් දරුවාට අමාරු වෙනවා..එවන් අවස්ථාවකදී ඒ ආට් දරුවාගේ විද්‍යා විශයට ගන්නා ලකුණු වලට වැඩි අගයක් එන ලෙස තමයි මේක හදලා තියෙන්නෙ...

    ඒත් අවසානෙ විශය සංකලන ගාන ඒ කියන්නෙ තෝරාගත හැකි විශයයන් සංකලන ප්‍රමාණය වැඩි වුනාට ඒවාට හරියන්නෙ කැම්පස් හෝ වෙනත් තෘතීක අධ්‍යාපන පසුබිම වැඩි උනේ නෑ...

    ඒ නිසා ඉසෙඩ් අකුරෙන් කරන්න ගිය දේ ඇත්තටම ඵලදායී වුනේ නෑ...
    අපේ අය තාම මැත්ස්, සයන්ස්, කොමස්, සහ ආට් කියන රාමු හතරට හිරවෙලා තමයි ඉන්නෙ...අලුත් අලුත් දෑ නොතනන ජාතියෙ ලොව නොනගී..කියන්න වගේ නැග්ගත් නගින්නෙ වැරදි පැත්තටමයි අපේ අය...

    සරත් සිල්වා විතරක් නෙමෙයි ඕනි හිපාටුවෙක් ඔය පච පෙට්ටිය ඉස්සරහින් තියල මොකක් හරි කියනවනං අපිත් කට ඇරං බලං යන්නවා... අර එක අට පට්ටමෙක් කියනවා එක ටීවී ප්‍රෝග්‍රැම් එකක් කැම්පස් එකක්ලු..අනේ මට නං ඒක ඇවිල්ල තවත් පැම්පස් එකක් විතරයි...

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනය සම්බන්ධ කාරණාවලදී උඹ බොහෝම අවධියෙන් සිටිනවා කියන දේ මට තේරිලා හුග කලක්. ඒ වගේම සමහරු අධ්‍යාපනය අහසේ තියලා කතා කරද්දී උඹ මහ පොළවේ හිටගෙන අධ්‍යාපනය ගැන කතා කරන වගත් දකින්න පුළුවන්.. සමහර තැන්වලදී උඹ ඔය කැම්පස් කතා ගැනයි ඩිග්රි ගැනයි කතා කරන්න ගිහින් සෑහෙන කට්ටියකගේ ප්‍රහාරයට ලක් උන වගත් මට මතකයි. ඒත් හුගක් උන් දකින අහසේ අධ්‍යාපනයට වඩා උඹ අත්දැකීමෙන් කියන කතා ටික වටිනවා.. ස්තූතියි අමිල

      Delete
    2. අමිලගේ තර්කෙත් එක්ක 100% එකග වෙන්න බෑ. සංකලන ගණන වැඩිවීම Z score එකෙන් වුනාට එක Z score එක ගෙන ඒමේ එකම අරමුණ නෙමේ. විෂයන් 3 සදහා කට්ටියක් ලියත්දී තවත් කට්ටියක් විෂයන් 4 ලිව්වා. මෙන්න මේ අවස්ථාවදී තමයි Z score ආවේ.

      Delete
  6. Z ස්කෝර් එක ගැන හොයන එක අපි අමතක කරලා දාමු අයියා.මේක සංඛ්‍යානයවලට උගන්නන ජුන්ඩි තියරි කෑල්ලක් නෙව.ඒක වගේද 2007දි අලුත් විශය නිර්දේශයක් ගේන්න තීරණය කරලා, 2009දි ගෙනල්ලා 2011දි විභාගෙත් තියලා උත්තර පත්තරත් බලලා ඔන්න එක පාරට මතක් වෙනවා හුටා විශය නිර්දේශ දෙකක් නේද දැං ඉතිං වෙන සූත්‍රයක් (ජ්‍යාමිතික ) ඕනෙ නේද කියලා.අපේ පරිපාලන ලොක්කංගේ දුර දැකීමේ නුවණ පේනවනේ.මේකෙ පොඩි උන්ට ක්ෂිතිජයට ඉහළින් ලෝකෙ බලන්න උගන්නන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Z ස්කොර් එක ගෙනාවේ 2001දි පැරණි සහ නව විශය නිර්දේශ දෙකක් තිබුන නිසාම තමයි.මේකෙන් දෙගොල්ලන්ටම අඩුම අවාසියක් තමයි වෙන්නේ.

      හැබයි මේ සැරේ වැඩි පණ්ඩිත කමට කට්ටිය වෙන සූත්‍රයක් (ජ්‍යාමිතික ) දාන්න ගිහිල්ලා.2001 දී කරපු දේ 2011 දිත් කරා නම් කිසිම අවුලක් වෙන්නේ නැහැ

      Delete
    2. අමතක කැන්න කලින් මේක මොකක්ද කියලවත් දැනං ඉන්න එපෑ... උන් කියනවා අපි අහනවා වගේනේ.. ඉතිං මේ නන්ද තෙමේ කිව්ව කතාව මොකක්ද කියලාවත් තේරුං ගන්ට එපෑ.. ඒකයි මේක කතා කලේ.. උඹ කියනවා අමතක කරන්ට කියලා.. ඇයි බොලේ අපි ඕක ටිකක් මොකක්ද කියලා දැන ගන්න හදන එකටත් බකට් දාන්නේ...

      Delete
  7. බුදු අම්මෝ...Z නේද ?

    කතා කරන්න එපා...ඕක මහ එපා කරපු අකුර...

    ඕකත් එක්ක සුද්දත් හැප්පුනා..අන්තිමේ උන්ටත් බැරිම වෙච්ච තැන තමයි ගිහිල්ලා Zoo එකට දැම්මෙ...
    අපේ සිංහල රටේ මිනිස්සු මොකට ඕක එක්ක හැප්පෙන්න යනවද මන්දා :D

    ReplyDelete
    Replies
    1. එතකොට ඕක සීබ්‍රාට ටැපලුනේ කොහොමද..?

      Delete
  8. අපි නම් Z එන්ඩ ඉස්සෙල්ලා ගොඩ ගියා. විශයන් හතරයි.. හාරසීයෙන් අපි ගන්න ළකුණු.. දිස්ත්‍රීක් වල කටෝෆ් මාර්ක් වලින් ගොඩ නම් කැම්පස්.. කොමර්ස් නිසා වැඩිම ලකුනු වල ඉඳන් ආයි තෝරාගන්ඩ එක එක විශයන් තිබ්බා.. සිම්පල් ප්ලෑන් එකක්නෙ ඒ කාලෙ තිබ්බෙ..

    ReplyDelete
    Replies
    1. අනේ පලයං වෙනී අයියා යන්ට..නිකං කැම්පස් ගියා වගේ ටෝක දෙන්නේ... යකෝ කැන්ටින් එකේ තේ හදන්න ගිය බොට මොන Zද..?

      Delete
    2. කවුද බන් මෙතන කැම්පස් ගියාය කියලා තියෙන්නෙ ? මන් "ගොඩ" ගියාය කියලා තියෙන්නෙ කැන්ටීන් එක කරල ගොඩ ගිය එක තමයි..කොච්චරවත් ඔය වලිගෙ පෑගෙනව මල්ලිට.. කපලා බැද්දට උසික් කරපන් බන්...

      Delete
  9. පෙරමුණු රජයෙන් ඕක කරපු නිසා යූඑන්පී එකෙන් කෑ ගහනවා. බැරි වෙලාවත් යුඑන්පී එකෙන් ඕක උනානම් පෙරමුණෙන් කෑ ගහනවා. අද රටේ දේශපාලුවෝ ඔහොම තමයි. කොයි එකා ආවත් දුර දක්නා නුවණින් හෙබි තම නෑ පරම්පරාවේ එව්වො මුල් පුටුවලට දා ගන්නවා මිසක් වැඩකාරයට තැන දෙන්නෑ.

    අනේ මන්දා මේ හරියකට කියව ගන්නවත් බැරි z අකුරක් ගැන මොකට කියවනවද මන්දා මුන් ටික. ඇයි හත් දෙයියනේ තව අකුරු 25ක්ම තියෙන්නෙ බැබලි බැබලි.

    ReplyDelete
  10. රනිල් තුමා කියල තිබුනේ එතුමා ආවහම ඕක නැති කරලා පරණ විදිහට මුලු ලකුනු වල එකතුවෙන් විශ්ව විද්යාල වලට ගන්නවා කියල.එතුමා දන්නත්‍රම තමයි. ඇත්තටම ස්කොර් කියන්නේ ආමාරු විශයන් කරන අයට වැඩි වාසි දෙන ක්‍රමයක්.

    Z=(x-x')/s

    ඔන්න ඕකයි සූත්තරේ හරිම සරලයි. x කියන්නේ විශයට ගන්න ලකුනු ගාන.x' කියන්නේ අදාල විශයට ඔක්කොම අය අරගත්ත ලකුනු වල සාමාන්ය අගය.S කියන්නේ සම්මත අපගමනය,මේකෙන් අදහස් වෙන්නේ විභාගෙට ලියපු අය වැඩිම දෙනෙක් ලබා ගත්ත ලකුනු පරාසය.S කියන්නේ නියතයක්. ඒ නිසා ඒක එච්චර වැදගත් නෑ.

    දැන් බැලුවොත් ඉතිහාසය වගේ ලේසි විශයක් කරන කෙනෙකුට මෙක බලපාන ආකාරය.ඉතිහාසය වගේ විශයක සාමන්ය අගය 60-70 අතරේ තියෙනෙවා. නිකම් හිතමු සාමන්ය 65 කියලා. ඉතිහාසය ට ලකුනු 50 ගන්න කෙනෙක් ගැන හිතුවොත් ඔහුගේ Z ස්කෝර් එක රින අගයක් වෙනවා{50-65=(-15)}

    දැන් භෞතික විද්යාව වගේ අමාරු විශයකට මේක බලපාන විදිහ බැලුවොත්.මේ වගේ විශයක සාමාන්ය අගය ඉතා අඩු මට්ටමක තියෙන්නේ 30-40 අතර වගේ.හිතමු සාමන්ය 35 කියලා .දැන් මේ විශයට ලකුනු 50 ගන්නා කෙනෙක් ගැන හිතුවොත්.මොහුගේ Z අගය ඉතා ඉහල අගයක් ගන්නවා{50-35=15}

    තව එකක් Z අගයෙන් අවුරුදු දෙකකදි විභාගය ලියපු අය දෙන්නේකුගෙ උනත් මට්ටම සසදා බලන්න පුලුවන් ක්‍රමයක්.2004දි කෙනෙකුගේ Z අගය 1.2546 නම්, 2010දි ලියපු කෙනෙකුගේ Z අගය 1.5789නම් වැඩි දක්ෂයා 2010 දි ලියපු කෙනයි.මුලු ලකුනු වල එකතුවෙන් මේ විදිහට අවුරුදු දෙකකදි විභාගය ලියපු අය දෙන්නේකුගෙ ලකුනු වලින් වැඩි දක්ශයා සොයන්න බැහැ

    Z ස්කොර් කියන්නේ ඉතාම හොද ක්‍රමයක් නොදන්න අය ත්මයි මේකේ වැරදි දකින්නේ

    ReplyDelete
    Replies
    1. මගේ දැනුමට අනුව 100%ක් හරි. අර කතා කරපු ලොක්කා මහ ගොන් බූරු කතාවක් කියලා තියෙන්නෙ.. ඒවගේම රටේ ඉහළ පුටුවල මැටිහරක් ටිකට මේ ටික තේරෙන්නෙ නැති හැටි..

      ඉසෙඩ් ස්කෝර් එක තියෙනකොට පරණ ලබ්බද අලුත් ලබ්බද කිය කිය කෙහෙල්මල් සූත්‍ර ඕනෙ නෑනෙ.. ඔය ටික විතරයි කරන්නෙ..

      දැන් මෙහෙමනෙ ළමයා පරණ එකෙන් හරි අලුත් එකෙන් හරි ඕන කෙහෙල්මලකින් විෂයන් තුනක් කරනවා..

      මුලින් පළවෙනි විශයේ S එකයි X` එකයි හොයලා ළමයාගේ X අනුව ඒ විශයට Z එක දෙනවා.. ඔය විදිහට විශයන් තුනටම කළාම Z අගයන් තුනක් එනවානෙ.. ඊටපස්සෙ තුනම එකතුකරලා තුනෙන් බෙදනවා.. බෙදලා ඔයාගේ Z එක මේකයි පුතේ කියලා දෙනවා.. වෙන මොන කෙහෙල්මලක්වත් නෑ.. අලුත්ද පරණද ඒක නිසා පේපර් එක ලේසිද අමාරුද කියන එක Z එක බලාගන්නවා.. අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නෑ..

      Delete
    2. විෂයන් 3ක් වෙනුවෙන් Z ගණනය කරන්නේ කොහොමද ?

      Delete
    3. හරී ගේ කමෙන්ටුවෙන් ඒ ගැනත් පැහැදිලි වුනා..

      Delete
    4. //අලුත්ද පරණද ඒක නිසා පේපර් එක ලේසිද අමාරුද කියන එක Z එක බලාගන්නවා//හරී ගෙ කතාව හරි

      පේපර් එක අමාරු නම් සාමාන්ය අගය අඩු වෙනවා
      පේපර් එක ලේසි නම් සාමාන්ය අගය වැඩි වෙනවා

      ඒ හින්දා Z අගයෙන් නියම දක්ශයා හොයන්න පුලුවන්.හැබයි මේ සැරේදි කරලා තියෙන්නේ පරණ සහ අලුත් දෙකට ඒ ගොල්ලෝම හොයාගත්ත සුත්‍ර දාන්න ගිහිල්ලා.අධිකරණ්යෙන් තමයි කියලා තියෙන්නේ එකම සූත්‍රය නිර්දේශ දෙකටම දෙකටම දාන්න කියලා.

      වැඩි විස්තර
      Z score Wikipedia

      Delete
    5. @ කවුළුව,

      සූත්‍රය වෙනස් කළාට පස්සෙත් ඒකට Z ස්කොර් කියලා කියන්න පුලුවන්ද?

      Delete
    6. මට හිතෙන හැටියට නම් z ස්කෝර් කියන එකට කොහොමද අලුතින් සූත්‍ර හදන්නෙ.. ඒකට ලෝකෙ පිළිගත් සම්මත සූත්‍රයක් තියෙනවානෙ.. අලුතින් සූත්‍රයක් හදලා ගන්නවානම් ඒකට එක්කෝ 'බන්දුල සූත්‍රය' කියලා දාන්න ඕනෙ නැත්නම් 'ඇස්. බී. සූත්‍රය' කියලා දාන්න ඕනෙ...

      පැහැදිලිව කියනවා නම් පයිතරගස් ප්‍රමේයය පයිතරගස් හොයාගත්තු විදිහට තියෙනකොට විතරයි ඒක පයිතරගස් ප්‍රමේයය වෙන්නෙ.. ඒකට තව කෑල්ලක් එකතු වුනානම් හොඳයි කියලා කෑල්ලක් අතින්දාලා ඒකට පයිතරගස් ප්‍රමේයය කියන්න බෑනෙ..

      Delete
    7. කට්ටිය ඒකට කියන්නේ ජ්‍යාමිතික සූත්‍රයක් කියලනේ

      Delete
    8. මේ කමෙන්ට් ටික නම් හරි වටිනවා.... මටත් මේ අගක් මුලක් නැතුව හිටියේ වෙන්නේ මොනවද කියලා... දැන් තේරැනා....

      අපේ කට්ටිය වැඩි පණ්ඩිත කමට ගිහින් අනාගෙන තියෙන්නේ නේද...? දැනුම පෙන්නන්න ගිහින් ද කොහෙද.._

      Delete
    9. පෝස්ට් එකේ වටිනම කමෙන්ට් කිහිපය..කවුළුවටත් හරීටත් බොහෝම ස්තූතියි... මෙච්චර දවසක් කනා අලිය වැනුවා වගේ හිටියේ.. දැන්නං ටිකක් විතර අලියා පේනවා...

      Delete
    10. කව්ළුව එල කිරි වගේ සරලව පැහැදිලි කරලා තියෙනෙව. ඔය Z Score එක හරියටම හදන්නේ කොහොමද කියල අපි A/L කරන කාලේ math sir කියල දුන්න. මට පොත හම්බුනොත් එකේ note එක මෙතන දාන්නම්.

      Delete
    11. Z score is correct for same talented population. You cannot compare two raw pools of marks for different talented students.
      In 1st shy all the highly talented students are easily entering into the universities. Hence, the median, and SD totally showing the wrong indications for 1st and 2nd shy students. In 2001 it was OK, since it only apply for 2nd shy vs 3rd shy. But in this time it will show the real error.

      Delete
  11. කොයි ක්‍රමෙත් වාසි අවාසි තියනවා , එන් සිල්වාට හෝ රනිල්ට හෝ වෙනත් දේශපාලකයෙකුට ඕනි නිසාවෙන් යම් කිසි ක්‍රමයක් අයින් කරනවා නම් ඒක වැරදියි . නමුත් බලාපොරොත්තු වෙච්ච් අරමුණු ඉටු නොවුනා නම් ඒ ගැන විද්වත් මණ්ඩලයකින් තීරණයක් ගන්න පුලුවන් .

    ReplyDelete
    Replies
    1. මේ කතාවත් හරි මේකෙන් අවාසි වෙන්නේ ලේසි විශයන් කරන අයට

      Delete
    2. ලංකාවේ ඉන්න විද්වතුනුත් එකයි.. ඔව්වට උපදෙස් දෙන්න ඉනුත් එකයි...

      Delete
    3. විද්වතුන්ට එහෙම වෙලා තියෙන්නේ උන්ගේ විද්වත් කම අමතක කරලා ප්‍රශ්න දිහා නිල්-කොල-රතු කන්නාඩි වලිබ් බලන්න ගිහින්

      Delete
  12. මේ පෝස්ට් එක නම් තේරෙන්නෙ නෑ අයියෙ..ඒ නිසා කියන්න දෙයක් නෑ...මගෙ හිත මඩටම ඇදිල ගිහින් දැන්...හික්ස්.

    ReplyDelete
    Replies
    1. හපොයි මේ ළමයට වෙච්ච දෙයක්...

      Delete
  13. Z ගැන දන්නෙ නැති අයට මේ බ්ලොග් අවකාසේ Z ගැන දැන ගන්න හොඳම පුද්ගලයා අර ජේඩියා. ඌට කැස්සත් පිටවෙන්නේ Z අකුරු නේ. කවුළුව සහ හරී ලියපු එකෙන් උ.පෙ Z එක ගැන හරියටම දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. මෙන්න වැන්දා ඌ ගැනනං කියන්න එපා..මෙතනත් ඇවිත් ZZZZZZZ ගාගෙන යයි...

      Delete
  14. z ක්‍රමයේ දුර්වලතා ඇත. නමුත් දුර්වලතා නැති දෙයක් නැත.
    මෙවර විභාග ප්‍රතිපල මේ වන විට තුන් වරක් එලියට දමා ඇත.
    මුල් පළමු වතාව (විභාග දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්කයේ ස්ථාන වරද්දා ගත් නිසා ඒ වැරැද්ද හරි ගස්වා දෙවෙනි වර ප්‍රතිපල එලියට දමා ඇත).
    දෙවෙනි වර ප්‍රතිපල අසාධාරණ යයි කියා මහාචාර්ය තටිල් ඉදිරිපත්කල ක්‍රමයට තුන්වෙනි වර ප්‍රතිපල නිකුත් කර ඇත. (එහි දී දෙවන/තෙවන වර විභාගය ලියු සිසුන්ට අසාධාරණය වුණා යයි දැන් ලොකුම ප්‍රශ්නයක් ඇතිව තිබේ)

    මේ ප්‍රතිපල දෙකෙහිම අසාධාරණ කම් ඇත. තෝරා ගත යුත්තේ අඩු අසාධාරණ ප්‍රතිපල දෙන සුත්‍රයයි. නැත්නම් වැඩි සාධාරණ ප්‍රතිපල දෙන සුත්‍රයයි.
    මෙහිදී පළමු වර ලියු සිසුන් එක ගොඩකටත් (අලුත් නිර්දේශ), දෙවන/තෙවන වර (පරණ නිර්දේශ) සිසුන් අනිත් ගොඩටත් දමමු. දැන් ගේම මේ දෙපිලටම සාධාරණය කිරීමයි.

    මුලින් z අගය නිකුත් කිරීම යොදා ගත් ක්‍රමයට අපි ආණ්ඩුවේ සුත්‍රය හා දැන් එලියට පැමිණ තිබෙන ක්‍රමයට තටිල් සුත්‍රය කියා අපි ලේසියට කියමු.

    මෙය ලේසියෙන් තේරුම් ගැනීමට මේ ප්‍රස්ථාර දිහා බලන්න.
    http://www.island.lk/userfiles/image/2012/07/22/table.jpg
    මේ ප්‍රස්ථාර තුනේ මුලින් ඉහලින්ම වෛද්‍ය හා ඊට පසු ඉන්ජිනේරු හා පහළින්ම කළමනාකරණ සිසුන් සඳහා ප්‍රස්ථාර ඇත.
    හැම ප්‍රස්ථාරයකම 2008 සිට සිසුන් ඇතුලත් වූ ප්‍රමාණ දක්වා ඇත. මුල් පාරට ලියු සිසුන් සුදු පාට තීරු වලින් හා දෙවන/තෙවන වර සිසුන් අඳුරු පාට තීරු මගින්.


    2011 වසර සඳහා ආණ්ඩු සුත්‍රය හා තටිල් සුත්‍ර යන ක්‍රම දෙකටම සිසුන් ඇතුළු වන ගණන් හදා බලා මෙහි ප්‍රමාණ දක්වා ඇත.separate z score කියා තටිල් සුත්‍රයත්,pooled z score කියා ආණ්ඩු සුත්‍රයත් දක්වා ඇත.


    මේ එක් එක් ප්‍රස්තරය වෙන වෙනම ගෙන බලන්න. කලින් අවුරුදු වල රටාව (එනම අර සුදු හා අඳුරු තීරු වල උස) ගැන බැලූ විට එම රටාවම ( වඩාත් නිවැරදිව 2011ටත් ගෙන යන්නේ) ගෙන යන්න හෙවත් ආණ්ඩු සුත්‍රය බව පෙනේ.

    නමුත් දැන් ඒ සුත්‍රය නැත. දැන් ඇත්තේ මහාචාර්ය තටිල් නිවැරදිම යයි උසාවියේ දිවුරා කිව් (ඔහුගේ දැනුමේ හැටියට) තටිල් සුත්‍රයයි.

    දැන් මෙයටත් නඩු දමා තිබෙන නිසා මොකක් වේදැයි මට කිව නොහැක. නමුත් මෙහිදී ආණ්ඩුව එදිරිපත් කල ක්‍රමය අඩු අසාධාරණ ක්‍රමය වන අතර නඩු දමා ලබා ගත් ක්‍රමය වැඩි අසාධාරණ සහිත (පසු ගිය වසර වල සිසුන් ඇතුළු වූ රටාවට පටහැනි ප්‍රතිපල මෙවර දුන්) ක්‍රමයක් බව පෙනේ.

    ප. ලි. :මහාචාර්ය තුමෙක් කී පලියටම දෙයක් ඇත්ත හෝ බොරු වන්නේ නැත.
    තව ප. ලි. : මේ ප්‍රස්ථාර ආචාර්ය ගුණතිලක මහතාගේය.
    තව ටිකක් ප. ලි. මුල් ලිපිය සඳහා පහත යොමුවෙන් යන්න.
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57347

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් 2001 ට කලින් විභාගයට ලියපු අයගෙ ලකුණු වල විස්තර ආණ්ඩුව ලග තියෙන්න ඇතිනේ.2001ට කලිනුත් ලකුනු වල වියාප්තිය අර රූපේ තිබුන විදිහටම තියෙන්න ඇති. එහෙම නම් 2001දි ගේන්න ඕනේ pooled z score සුත්‍රයයි .

      2001 දි ලියපු අයට එක හැන්දකිනුත් 2011 දි ලියපු අයට තව හැන්දකිනුත් බෙදිම වැරදියි.

      2011 දි ලියපු අයට pooled z score න් සාධාරණයක් වෙනවා නම් 2001 දි ලියපු අයට pooled z score පාවිච්චි නොකල නිසා 2001 අපේක්ශකයන්ට වෙලා තියෙන්නේ බලවත් අසාධරණයක් !!.

      මට නම් Z ස්කොර් ගැන සන්ඛයානය ගැන වැඩි දැනීමක් නැහැ. ඒත් මේ නපුන්සක ආණ්ඩුවට උපදෙස් දෙන උපදේශකයන්ට වඩා තටිල් සහ අධිකරණ්යේ විනිසුරුවරු තුන් දෙනා ගැන නම් මට විශ්වාසයි.

      Delete
    2. //ඒත් මේ නපුන්සක ආණ්ඩුවට උපදෙස් දෙන උපදේශකයන්ට වඩා තටිල් සහ අධිකරණ්යේ විනිසුරුවරු තුන් දෙනා ගැන නම් මට විශ්වාසයි.//

      :D D :D

      Delete
    3. "2001 දි ලියපු අයට එක හැන්දකිනුත් 2011 දි ලියපු අයට තව හැන්දකිනුත් බෙදිම වැරදියි"
      ඔබ තර්කයේ අසාධාරණ බව ඔබට තේරෙයි ප්‍රර්ථනා කරමි.
      එක් වැරැද්ද වුණා නම් ඒ වැරැද්ද දිගින් දිගට කරගෙන යාම නිවැරදි යයි ඔබ තර්ක කර ඇත.

      සමහරවිට ඔබ මිනිසුන්ව විශ්වාස කරන්නේ වැරදි හේතු වලට විය හැක. මම තටිල් යෝජනා කල ක්‍රමය වැරදි වැඩි යයි කියන්නේ ආචාර්ය ගුණතිලක පැහැදිලිව පෙන්නා ඇති ඇති සාක්ෂි දෙස බලා මිස කව්රු කෙරෙහිත් ඇති විශ්වාසය නිසා නොවේ.
      ඔබ ඔය කියන කව්රුත් විශ්වාස කිරීමට (මෙවර "ඉවත් කල" z ක්‍රමය යෝජනා කල ආචාර්ය මහාචාර්ය වරුන් 9 දෙන විශ්වාස කිරීමට වඩා) මට අමුතුවෙන් හේතුවක් නැත. ආචාර්ය ගුණතිලකගේ දත්ත වලට කව්රුත් අභියෝග කර නැත. එනිසා ඒවා විශ්වාස කිරීම සාධාරණය.
      මෙහි ප්‍රස්ථාරයක් දක්වා ඇත. ඒ ප්‍රස්ථාරයේ දත්ත කියවීමේ හැකියාව ඔබට මෙන්ම මටද ඇත.
      ඒවා තේරුම් ගැනීම බලන්නාගේ වැඩකි.

      Delete
    4. ඔබතුමා ඔය ඔක්කොම ගෙන හැර පාන්නේ The Island පුවත්පතේ තිබුන ලිපියක් පදනම් කර ගෙනෙනේ.ඔය කරුණු ටිකම ආණ්ඩුව වෙනුවෙන් නීතිපති සහ ආණ්ඩුවට උපදෙස් දෙන ආචාර්ය මහාචාර්යවරු උසාවියේදී කියන්න ඇති(අර ප්‍රස්ථාර ටිකත් පෙන්නන්න ඇති).ඒකට ප්‍රති උත්තර ලෙස තටිල් තමන්ගේ තර්ක ඉදිරිපත් කරන්නත් ඇති.වඩා නිවැරදි ක්‍රමය තටිල් ගේ ක්‍රමය හෙවත් 2001 දි අනුගමනය කල ක්‍රමය ලෙස උසාවියේ විනිසුරුවරුන්ට වැටහෙන්න ඇති. මම ඇති ඇති කියලා දැම්මේ උසාවියේ වැඩ වෙන්නේ දොරවල් වහගෙනනේ.අධිකරණයේ වාර්තා සාමාන්ය පුරවැසියන්ට දැන ගන්න අන්තර්ජාලෙටවත් එකතු කලොත් ලොකු දෙයක්

      Delete
    5. "ඔබතුමා ඔය ඔක්කොම ගෙන හැර පාන්නේ The Island පුවත්පතේ තිබුන ලිපියක් පදනම් කර ගෙනෙනේ."
      මෙතන z අගය වෙන වෙනම ගත යුතු යයි කියන අය කියන්නේ තටිල් කියූ දේ අඩංගු වාර්තා බලලානේ. මෙසේ ගත යුතුයි කියල තටිල් ඇර වෙනත් අය කියා තිබෙනවද (මම නම් දැකල නෑ)? වෙනත් අය කියන්නේ සංඛ්‍යානය ගැන දැනුමක් තිබෙන අය. අන්තරේ, ගුරු සංගම් නෙමේ. කොටින්ම කියනවනම් ආචාර්ය, මහාචාර්යවරු.

      දැනට මා නම් කියා තිබෙන පස් දෙනා, ආචර්ය ගුණතිලක වගේම මහාචාර්ය රෝසාත් (මා හිතන හැටියට) තටිල්ගේ ක්‍රමය නිවැරදි නොවන බව කියා තිබෙනවා.

      ඔබතුමා නොදන්නවා උනාට ලංකාවේ නඩු රහසේ අසනු නොලැබේ. කිසියම් කෙනෙකුට උසාවියට ගොස් නඩුවට "ප්‍රේක්ෂකයෙක්" වීමට මා දන්නා තරමට තහනමක් නැත. එසේම දැන් කලක සිට ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ තීන්දු ඒ ඒ වෙබ් අඩවි වලින් බලා
      ගත හැක.
      මෙන්න මේ නඩුවට අදාල තීන්දුව
      http://www.supremecourt.lk/images/documents/SCFR_29_2012.pdf

      මෙහි කොහෙවත් මා කිවූ කරුණු ඇතුලත් වූ බවට සඳහනක් නැත. කොටස් දෙක එකක් ලෙස ගැනීම ගැන සඳහන් වී ඇත. z අගය වෙන වෙනම ගත යුතු යයි තටිල් සාක්කි දුන්නා යයි ඇත. එසේම තටිල් හැර වෙනත් සංඛ්‍යානය පිලිබඳ විද්වතෙක් මේ ගැන සාක්කි දුන්න දැයි ද මම අසා නැත (තටිල් සාක්කි දුන්නේද සාක්කිකරුවෙක් ලෙස නොව ඔහු 4 වෙනි වග උත්තරකරුය). වෙනත් ලෙස කියනවනම් එසේ සාක්කි දුන් බවට පුවත්පතකවත් මම නොදැක්කෙමි. එසේ සාක්කි දුන්නා නම් ඒ ගැන තීන්දුවේ සඳහන් වන්න ඉඩ කඩක් ඇත.

      Delete
  15. "කවුළුව" කරල තිවයන පැහැදිලි කිරීම හරි. ඒත් "මේ අවස්තාවෙදි" අවුරුදු දෙකක ළමයි පටලවල ආණ්ඩුව කලේ අනාගැනීමක්. මොකද 2000/2001 දිත් ඔය අවුල හැදෙන්න එපැයි.
    හරි. දැන් වැරැද්දක් උනා කියමුකෝ. ඒත් මේ බූරු වහන්සේලා තමන් අතින් වැරැද්දක් උනා කියල පිලිගන්නවද? මීට සතියකට කලින් කිව්වෙ ඕනනං ළමයින්ට නැවත විභාගෙට පෙනී සිටීමේ අවස්තාව දෙනව කියල. ඒ කියන්නෙ පුවවන් නම්, සතියක් ඇතුලත උඹල විභාගෙ ලියල පාස්වෙයල්ල කියන එක නේද?

    ඉතිං මාරයගෙන් මම අහන්නෙ වැඩියෙන් හිනා යන්නෙ එස්එන්ගෙ කතාවටද නැත්තං එස්බී-බීජී ගෙ කතාවලටද?

    @හරීAugust 7, 2012 7:20 PM
    ඔය ක්‍රමයේ අවුලක් නැත්තෙ නෑ. ඔයා කියල තියන තරම් සරළත් නෑ. මොකද 1වර 2වර 3වර පෙනී සිටින ලමයින්ගෙ හැකියාවන්ගේ තියන විවිධත්වයත් එක්ක වැඩේ උපරිම සංකීර්ණයි. වෙන විදියකට කිව්වොත් 100%ක් සාධාරණය ඉටු කරන්නම බෑ. ඒත් වෙන වෙනම ගත්තනං (2000/2001වගේ) මේ අවුල හැදෙන්නෙ නෑ.

    හැබැයි බන්දුලගොයිය කියල තිබුන එහෙම කලත් සමහරු නඩු දාවි කියල. එයාල මොනව හරි කියන්න එපැයි. එතකොට මිනිස්සු කටදිහානෙ බලං ඉන්නෙ. නැත්තං හෙළුව පේනවනේ.(පේනව තමයි නෑ වගේ ඉන්නව:)

    ReplyDelete
    Replies
    1. @ හරී,

      මම පිළිගන්නවා අවුල් තියෙන බව. ඒත් මට හිතෙන හැටියට මෙතෙක් කාලෙකට ආපු හොඳම ක්‍රමය ඕකයි.. 100% හරි කියලා මම සඳහන් කළේ කවුළුව කියපු කරුණු..

      අසාධාරණකම් වෙන්නෙ ඔතනින් විතරක් නෙමෙයි විශ්ව විද්‍යාල ප්‍රවේශයේ දිස්ත්‍රික් ක්‍රමයම කොච්චර අසාධාරණද?

      Delete
    2. දිස්ත්‍රික් ක්‍රමය ගැන නම් කියල වැඩක් නෑ.කොලබින් A 2 B1 ගන්න එකාව එලියෙන් තියල.නුවර එලියෙන් C3 ගන්න එකාව ගන්නවා.මැතිනියගේ කාලේ ඕක ගෙනාවේ දෙමළ ළමයි වැඩිපුර විශ්ව විද්යාල වලට එනවා කියලනේ.

      Delete
    3. @ රාජ්,

      "@ හරී," කියන එක වැරදීමක්.. සමාව භාජනය කොරන්ඩ..

      Delete
    4. @ හරී
      ඒකනේ මාත් බැලුවෙ, හරී හරීටම කොමෙන්ටු දාගෙන මොකද කියල :)

      Delete
    5. රාජ්: වෙන වෙනම ගත් විට වන අවුල වැඩි බව සංඛ්‍යා ලේඛන අනුව පෙනේ. ඔබ එසේ අවුල "අඩු" බව කියන්නේ මොන කරුණක් හේතු කරගෙනද?

      Delete
    6. මගේ කතාව
      වෙන වෙනම කිව්වෙ 2000/2001 කලා වගේ. විෂයන් ගැන නෙවේ මම කිව්වෙ වසර ගැන.(පලමුවර සිසුන් දෙවැනි වර සිසුන්.... ලෙස)

      Delete
    7. මමත් කියන්නේ වසර ගැන තමා. මෙතන හැමෝම තර්ක කරලා තියෙන්නේ මේ z අගය ක්‍රමය ගැන. ඇත්තටම කිව්වොත් ඔය තර්ක ඔක්කොම හරි. ඒත් ඒ තර්කෙන් හරි කියවෙන ක්‍රමයෙන් (z අගය වෙන වෙන ගැනීමෙන්) ඇති වන ප්‍රතිපලය කලින්ටත් වඩා අසාධාරණයි.
      කලින් පළමු වර ලියු සිසුන්ට සුළු අසාධාරණයක් වේ.
      අලුත් ක්‍රමයෙන් දෙවන/තෙවන වර ලියු සිසුන්ට විශාල අසාධාරණයක් වේ. ඔවුන් අසාධාරණය වන විට ඒ වාසිය පළමු වර ලියු සිසුන්ට ලැබේ.
      මම මගේ කමෙන්ටුවේ දැමු ප්‍රස්ථාර වලින් එය ඔබේ ඇස් වලටම බලා ගත හැක.

      Delete
  16. මොනවත් නොකියා ඉඳිමි..

    ReplyDelete
  17. වෙලාවට මටත් ඔය මගුල තේරෙන්නේ නැහැ :)

    ReplyDelete
  18. "තව එකක් තමා එයා වෙර වී‍රියෙන් කැපවීමෙන් කටයුතු කරලා ගොඩ නංවපු ලංකාවේ නීති ක්ෂේත්‍රය එයා නැති උන ගමන් කඩා වැටුනා කියන එක..."

    අයියෝ සල්ලි ලොල්

    ReplyDelete
  19. සිරාවටම කිසි නන්දනයක් නොමැති සිල්වා උන්නැහේ මෙහෙව් රටේ නීති ක්ෂෙත්‍රය වැඩි දියුනු කරන්න ගත්ත මහන්සිය නම් බහුතරයක් වූ ජහමනයා මනාව දනිති. නමුත් වැඩේ කියන්නේ මේ තුමා උනත් චන්දය ඉල්ලන්න ආවොත් පැනලා උනත් දෙන අන්ගපුලාවකට නැති උන් සමූහයක් සිටිනා එකයි.
    z අගය ගෑන මට කියන්නට ඇත්තේ එය නිර්මානය කරනු ලැබුවේ ඒ මොහොතේදී ඇතිවූ අවශ්‍යතාවය නිසා බවත් එය ජ්‍යාමිතික ගනිතය පිලිබද මහාචාර්ය වරයෙක් විසින් නිර්මාණය කරනු ලැබූ බවත් ය .

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය සරත් කුලතුංග
      මහාචාර්ය KRMT කරුණාරත්න(ජ'පුර)
      මහාචාර්ය සරත් පිරිස් (මොරටුව)
      Dr .දිල්හාරි ආටිගල (කොළඹ)
      Dr. සරත් බන්නාහක

      මේ අය ජ්‍යාමිතිය පිලිබඳ මහාචාර්ය ආචාර්ය වරුන්දයි සොයා බැලීම ඔබේ වැඩකි. මොකද මෙවර "වැරදි" අහෝසි කල ක්‍රමය ඔවුන්ගේ "නිර්මාණයකි".

      ඉතුරු හතර දෙනාගේ නම් මට මතක නැත.

      Delete
  20. z අකුර අපෝ මහ එපා කරපු අකුරක් නේ, ආණ්ඩුවෙන් කියන්නෙත් දැන් ඕක පාවිච්චි කරන්න එපා කියලා තියනවා,,ඕක හින්දා සුදු බණ්ඩා කියලා සීයා කෙනෙක් z අකුර සද්ද කරන්න ගිහින් ඒක උගුරේ හිර වෙලා මළාලු ඒක හින්දා ඔය අකුර හෝඩියෙන් අයින් කරලලු දැන්

    ReplyDelete
  21. කාටූන් වල නිදාගෙන ඉන්න උන්ව පෙන්නන්න'ZZZZZZ' පේලියක් ඔළුව ලඟින් අඳිනවා.
    අපේ හාමිනේ මං රෑ වෙලා එනවා කිවාවාම් 'අද එන්නෙත් Z අකුර වගේද?' කියලා අහනවා..

    ඕන්න මාරයා මල්ලී මං දන්න Z එක..

    ReplyDelete
  22. Z ස්කෝර් එකකින් තෝරා ගැනීමේ ගැටලුව තියෙන්නේ විභාගය හොඳින් පාස් වුන කෙනාට විශ්ව විද්‍යාලයට යාමට තියෙන අවස්ථාවට පේල් උන උන් බාධා කිරීමයි. වැඩි තොරතුරු විකිපීඩියාවෙන් බලාගන්න මෙන්න ලින්ක් එක
    http://en.wikipedia.org/wiki/Standard_score
    හැබැයි උන්දැලාගෙ කාලෙ කළ බලපෑමෙන් තමයි ඕක ආවෙ. මේක හඳුන්වලා දුන්නෙ තව එකෙකුට කෙලවන්න මිසක එකෙක් වත් කැම්පස් වලට වැඩියෙන් ගන්න නෙවෙයි.
    ඕක ඉවත් කරන්න ඕන නම් අධිකරනයට කරුණු කියලා පුලුවන්. එක බල්ලෙක්වත් ඒක කරන්නෙ නැහැ.අර වඳුරො ගෙවල් හදනවා වගේ ප්‍රශ්නය ආවාම හැම එකාම එන්ජෝයි කර කර ඉන්නවා

    ReplyDelete
  23. අනේ මන්දා මේ පාර තරම් ඕක විකාර වුන පාරක් නම් නෑ.ඒ වැඩෙන් වුනේ ළමයින්ගෙ ජීවිත වලින් අවුරුද්දක් නාස්ති වුන එක.පලවෙනි පාර අයටනම් වැඩි අවුලක් නෑ.ඒත් මේ අවසාන ප්‍රතිපල වලින් දෙවෙනි පාර ලියපු අය පල්ලෙහාට ගිහින්. ඉස්සෙල්ලා කැම්පස් යන්න හිටපු අයට දැන් යන්න බෑ.තව පාරක් A/L ලියන්න දෙනවා කියන එකෙන් තවත් අවුරුද්දක් ඒ ලමයින්ගෙ ජීවිතේ පස්සට යනවා.

    ReplyDelete
  24. උලත් එකයි පිලත් එකයි , මලත් එකයි නැතත් එකයි .....
    අපි තාමත් බලන් ඉන්නවා .....
    ඇමති දනී අපි නොදනී ....
    Z වෙනස් නොවෙයි කියන්වා......... ක්‍රමේ තවම තියෙනවා''''''''''

    ReplyDelete
  25. හ්ම්ම්ම් අපේ සෑර් නම් කලින්ම කිව්වා මේ සැරේ z එක නිසා කස්ටිය අනාගන්නවා කියලා ගිය අවුරුද්දේ මුලම.කිව්වත් වගේ වැඩේ හරියටම හරි ගිහින් තියෙන්නේ...


    මාරයියේ මහබදුගේ සර් ගම්පහින් ආයේ ඉල්ලුවොත් ඡන්දෙ දෙන්න ඈ...

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. Z කචල් එන්නේ මේ මගුල් විබගයක්‌ හන්ද නෙව. නැති කරපියව් ඔක්කොම. එකෙකුටවත් ඔය ටික තේරෙන්නැති හැටි.

    ReplyDelete
  28. පැරදුනේ මං
    වැරදුනේ මං
    මේවා ඉතිං
    හොඳ පාඩම්
    අපිට මිසක් වෙන කාටද...?
    මට නම් නිකන් පිස්සු වගේ අනේ

    ReplyDelete
  29. මාරයියේ...සුදු වෑන් එයිද දන්නෑ...

    ReplyDelete
  30. ඉසෙඩ් අකුරෙ දේශපාලනය ගැන කතාකලා මිසක් මේකෙ තාක්ශනික පැත්ත මේ බ්ලොග් එකකින් කතා කලාමද කොහෙද... සෑහෙන්න අවබෝධයක් ආව... මට තේරෙන්නෙ අර මේන්න මෙහෙම මෙව්ව කල එකෙන් වෙච්ච පැටලැවිල්ල මිසක් මේක නරක දෙයක් නෙමෙයි...

    ReplyDelete
  31. ඔය ගැන නම් කතාකර වැඩක් නැත .. :(

    ReplyDelete
  32. හෝද හෝද මඩේ දාන අපේ අද්යාපන ක්‍රමේ..

    ReplyDelete
  33. මේවට දේසපාලුවන්ට බැනලා වැඩක් නැත... උන්ව පත්කල, උන්ට චන්දය දුන්, දී තාමත් කඩේ යන උන්ට මඩුවල්ගයේ ගොම ගා... පශ්චාත්භාගය පැලෙන්නට පහර දිය යුතුය. ටික දිනකින් වණ වී... රෙන විට තමන් රටට කළ විනය මතක් වනු ඇත...

    ReplyDelete
  34. අනේ මන්ද මමත් ඕක අවුරුදු ගානක් තිස්සේ හිතන දෙයක්

    ReplyDelete