25 September 2012

6% දෙනු... මාරයත් හුටා සටනේ...

අවසානෙදී ඔන්න මාත් තීරණය කලා මේකට සහය දෙන්න... මේක මේ අපේ දුප්පත් ගමේ ගොඩේ ළමයින්ගේ අනාගත සුභ සිද්ධිය උදෙසාම බොහෝම හිතලා මතලා කරන යෝජනාවක්නේ... ඉතිං ඕකට විරුද්ධ වෙලා නිකං මොකටද ගොනා ගොං මාරයා කියලා අහගන්නේ..? අනික උගත් කියාගෙන ඔය සීයට හය වෙනුවෙන් පෙනී ඉන්න අයගේ උගත් ශ්‍රී මුඛ වලින් ඔය ගොනා බල්ලා මී හරකා වගේ කතා කියවන්න ඕනයෑ...මටනං ඉතිං කමක් නැහැ උපන් ගෙයි ගොනා නෙව... ඒත් ඒක හරි මදිනේ උන්දලාගේ උගත් කමට... 

ඒ හින්දා ඔන්න මෙතැන් සිට මාත් කියන්නේ 6%ට දියවු...  

සීයට හය දීලා විතරක් මදි..වහාම ක්‍රියාත්මක වෙන විදියට ලංකාව පුරාම ඇති ටියුෂන් කඩත් වහනු... 6%කුත් දීලා අධ්‍යාපනේ නැංගුවට පස්සේ මොන ලබ්බටද ආයේ සල්ලි ගෙවලා ඉගෙන ගන්න යන්නේ... නිදහස් අධ්‍යාපනේට ජය වේවා..!

ඔය ටියුෂන් මුදලාලිලා ටිකට එයින් පස්සේ කරන්න රස්සාවල් ටිකක් හොයා ගන්න එකයි ඇත්තේ... 

ටියුෂන් විතරක් නෙවෙයි පෞද්ගලික විශ්ව විද්‍යාලත් හකුලා ගනිවු... 

ආයේ මොටද ඒවා නේද...? මෙච්චර වියදං කරලා රජයේ විස්ස විජ්ජාල සුපිරි තත්වයකට ගත්තම.... එව්වත් වහලා ඒවයේ ඉන්න ආචාරිය මහචාරියලත් ගෙදර යවනු....

ආ එතකොට ඉන්ට නැසනල් ඉස්කූල් ඕනත් නැහැ.. එව්වත් වහනු... මෙච්චර නිදහස් අධ්‍යාපනේට වෙන් උනාට පස්සේ ඔව්වත් ඕන නැහැ.. ළමයි ටික අස් කරලා ආණ්ඩුවේ එව්වටම දාමු... 

පොඩි ප්‍රශ්නයක් එනවා හැබැයි.. අර සීයට හයත් එක්ක එන විස්ස විජ්ජාල ඇදුරන්ගේ ළමයින්ට නැෂනල් ඉස්කූල් යැවීමට දෙන දීමනාවට මොකද කරන්නේ..? ආ... ඒකනං මක්කා කොරගන්න බැරිද නේද..?

....................................................

පුළුවන්නං ටියුෂන් තහනම් කරන්නත් යෝජනාවක් ඔය ලිස්ට් එකටම දාන්න... (පෞද්ගලික විස්ස විජ්ජාල තහනං කරන්න බෙරිහං දෙන එකේ මේක කිව්වට වරදක් නැහැනේ.. දෙකම මුදල් ගෙවා ඉගෙන ගැනීමක් නේ... සීයට හයක් දුන්නොත් මොකටද ආයේ සල්ලි ගෙවලා ඉගෙන ගන්නේ...
-------------------------------------------

ඔය දෙන 6% ආවරණය වෙන්නත් දිහාවක් එපෑ.. මං යෝජනා කරනවා  අර පෝර මිටිය 350ට දෙන එක නවත්තන්න කියලා... නිකං අපරාද සල්ලි... හිටෝන එකනං මොකාට කරගන්න බැරිද...?  පිනට කන උන්... කෙලින්නමයි තියෙන්නේ පෝර මිටියට... තව ඕනනං නග්ගමු තෙල් ටිකකුත්...

-------------------------------------------

ඔන්න දැන්නං මට මාර ගොනා කියන්ට  ලේසි නැහැ.. මාත් ඉල්ලුවා 6%යි තව කෝඳුරු තෙල් පොඩ්ඩකුයි...ආ අර උඩ මාත්තුරුකාව ලියද්දී මට වැරදිලාද කොහේද..ෆුටා හුටා වෙලා...

60 comments:

  1. මම ඉල්ලනවා ලංකාවෙන් බාගයක් විතර නසන්න පුලුවන් බෝම්බයක්. රට වැසියන්ගෙ මුදල් වලින් පිනට යැපෙන/යැපෙන්න බලන් ඉන්න හොර බල්ලෝ ටිකට පොඩ්ඩක් සලකන්න.

    ReplyDelete
  2. (ආහ් - මම එකත් වෙලා අද)

    ReplyDelete
    Replies
    1. ඒකනේ .... අපි මෙහේ වෙන වැඩනේ. :)

      Delete
  3. මේ වහින කාලේ වැඩිය එළියට එහෙම යන්න එපා..ඔය මොළේ පෙඟෙයි....එහෙම උනොත් "අලි " අපරාධයක් වෙන්නේ

    මේ මොළේ අර උත්තරීතරයෙ ඉන්න දෙසීය ගණන් හරකුන්ට නෑනෙ අම්මපා ....
    ඉල්ලන්නකො ඡන්දේ...එහෙනම් විසිල් එකක් ගහලා බෙරිහන් දෙනවා...." අපි මාරයට...මාරය උන්ට" කියලා

    ReplyDelete
  4. යකෝ එකක් කියවලා හුබ්බ ගන්නකං හිටු, අනික දාන්ඩ

    ReplyDelete
    Replies
    1. සිරාවට එක දිගට දානවනේ...

      Delete
    2. දින විසි හයට පොස්ටු විසි හයක්.
      අපි පහුගියකාලේ බැන්න හින්දද කොහෙද :)
      ඔහොම යං ඔහොම යං
      :)

      Delete
    3. තව මැරතන් යන්නත් කතා කරනවා. හුහ්...

      Delete
  5. ""ඔය දෙන 6% ආවරණය වෙන්නත් දිහාවක් එපෑ..""
    මරයාතුමා දන්නවද දන්නේ නෑ කෝප් වාර්තාවට අනුව ලංකාවේ දූශන වංචා වල ප්‍රමාණය GDP එකෙන් 3%ක පමණ ප්‍රමාණයක් වන බව [ඒ විමර්ශනය කරන ලද ඒවා පමණයි].

    හෙජින් ගණුදෙනුව, ආසයාවේම ලොකුම මුල්‍ය වන්චාව - වැට් බඳු වන්චාව, එතකොට පාරක හදන්න කිලෝ මීටර් එකකට රුපියල් මිලියන 90 ගාණේ ගිය අවස්තා, දැයට කිරුළ කියල නිරපරාදේ මුදල් නාස්ති කරන ඒවා, එතකොට ලෝකෙන්ම ලොකුම ඇමති මණ්ඩලය, ඒ අයගේ කාර්යමණ්ඩල, ඒ අයගේ නෝනලා ළමයි, ඒ අයගේ පහසුකම්, ප්‍රතිපාදන, විශ්‍රාම වැටුප්.

    ඇයි මාරයා හැමතිස්සේම ෆ්ලැට් තර්ක්ම ගේන්නේ..?

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මේ ආචාර්ය වරු 6% ඉල්ලන්නේ පුර්ණ සද්භාවයෙන් නෙවෙයි. 6%න් කොටසක් ඒ ගොල්ලන්ගෙම පඩි දීමනා වෙනුවෙන් තමයි. ඒත් එහෙම දුන්නත් රටට පාඩුවක් වෙනවාද ? 6% දුන්නත් ආචාර්ය වරු හැමෝම තමන්ගේ සේවය උපරිමෙන් දෙන්නෙත් නැහැ තමයි. උනුත් මේ ලංකාවේ මිනිස්සු.. ලේසියෙන් හැදෙන්නේ නැහැ. :)

      මෙතන මාලන් කියල තියෙන්නේ වංචා-දුෂණ/නාස්ති ටිකයි.වංචා-දුෂණ ඔහෙ තිබුනාවේ. නාස්තිය අඩු කරගෙන වෙන දේවල් වලට දුන්නොත්..

      සමහර ආචාර්ය වරු ලංකාවේ ඉන්නේ වෙන රට වලින් ලබා ගන්න පුළුවන් වරදාන නැතිව.ඒකත් සමහරු පුද්ගලික හේතු මත ඉන්නවා කියමු.ඒ අයත් ඇරලා තවත් කොටසක් ඉන්නවා. උන්ව රඳවා ගැනීම රටේ, රජයේ වග කීමක්‌ නෙවෙයිද ? උන් එකා දෙන්නා රටෙන් පිට උනාම, ඒ පාඩුව රටේ අධ්‍යාපනයට විතරක් නෙවෙයි. ආර්ථිකයට, රටේ දුප්පත් එකාලගේ ළමයිට ? උන්ගේ ඊ ළඟ පරම්පරාවට ..

      කොටින්ම යුද්ධයේ අවසන් කාලයේදී , හමුදාවන්ට උපදෙස් දෙන්නත් වෙනම දේශීය ආචාර්ය මණ්ඩලයක් හිටිය.

      වැඩි පඩි ඉල්ලුවත්, අපට වඩා පඩි ඉල්ලුවත්, කොන්ද නමල කාලෙන් කාලෙට කඩේ ගියත් ඒ මිනිස්සු රටේ වැදගත් සම්පතක්. උන්ට දුන්නට පාඩු නැහැ...

      තමනුත් කන තරමක් කාල බීල, ඉතුරු ටික නාස්ති නොකර ඒකෙන් ටිකක් ඇදුරන්ට දුන්නනම් දෙන අයටවත්, ලැබෙන අයටවත්, බලන් ඉන්න අපටවත් පාඩුවක් නැහැ..

      හැබැයි, මේ තියෙන ගොබ්බ අධ්‍යාපනයටත් කෙලියොත්, කාටද වාසි .. කාටද පාඩු ...

      Delete
    2. දූෂණ වංචා නැවත්තන්න වගේ තර්ක ෆැල්ට් නැද්ද මාලන්... මම දැකල තියෙන විදිහට නම් ඕක මොන ආණ්ඩුවටත් තියෙන චෝදනාවක් සහ විපක්ෂයෙ සටන් පාඨයක්... කාලෙන් කාලෙට පිල් දෙක මාරු කරගන්නව විතරයි...

      ඔය දූෂණ නවත්තන එක සුරංගනා කතාවක් කියල තාම තේරිලා නැතුවද, නැත්තන් තේරුම් අරගෙන තේරුනේ නෑ වගේ ඉන්නවද?...

      Delete
    3. ^ඒක මාරයි. දූෂණ වන්චා එහෙම්මම තිබුනු දෙන්, ඇමති මණ්ඩලෙත් එහෙමම්ම හිටපු දෙන, හොරකමුත් එහෙම්මම තිබුනු දෙන්; රටේ ජනතාවනි උඹලා පටි තද කර ගනිල්ලා. උඹලගේ අයිතියක් වන අධ්‍යාපනය කප්පාදු වුනත් නිහඬව හිටපල්ලා. තව ටික දවසකින් උඹලගේ සෞඛ්‍ය [ෆ්‍රී හෙල්ත්] කෙළියත් කට වහගෙන හිටපල්ලා.

      නාලක ගොඩහේවා ගැන උඹලා කටවහන් ඉන්නේ ඇයි කියලා දැන් තෙරෙනවා. නාලකලා ඉන්න කොටනේ උඹලගෙත් හොද්ද බොර වෙන්නේ, නැද්ද මචන්. ඒක නිසා මේ මජර ක්‍රමය මෙහෙම්මම තියා ගමු නේ..?

      Delete
    4. දූෂණ වංචා එහෙම තිබුනදෙන් කියල මම කියල නෑ... කියන්නෙත් නෑ... ඒ වගේම දුෂණ වංචා ස්විච් ඕෆ් කරනව වගේ නවත්තල ඒ සල්ලි මෙන්න මේකට යොදවපන් කියන්න තරම් තියෙන මොලේ කුරුවල් වෙලත් නෑ...

      දැන් නම් මාකට් එක ගැන ලියන්නම වෙයි වගේ :)(හැබැයි මගේ වේගය නම් සෑහෙන අඩුයි) උඹේ අදහස වැරදී මචන්... පහුගිය අවුරුද්ද ඇතුලත මම කිසිම කොටස් මිලදී ගැනීමක් කරල නෑ... ඒ වගේම මගේ ක්ලයන්ට්ලට මාකට් එකේ ට්‍රේඩ් කරන්න දීලත් නෑ... මොකද පොඩි උන්ව තලන විදිහ ගැන කැමැත්තක් නැති හින්ද... පහුගිය ටිකේ මාකට් එකට බැහැගෙන හිටියනම් කාලයක් තිස්සෙ ගන්න ආසාවෙන් ඉන්න බයික් එක අරන්.. :)

      Delete
    5. කවුරු ආවත් වෙන්නේ එකම දෙයයි මහත්මයා. ළොඅක බැංකුවට අවශ්‍ය ආකාරයට කම්කරුවන් හා මෙහෙකරුවන් නිශ්පාදනය පමනක්ම සිඳුවේවී..

      Delete
    6. මෙන්න විසිල් පාරක්...

      Delete
  6. බෑයි බෑයි කියල බෑ

    ලංකාවෙ පැවතුනු පවතින අසමානකම්
    මකා දමන්න තරමකටවත්
    උදව් උනේ වන්නේ අධ්‍යාපනය

    ලංකාව ආශ්චර්‍යක් කරන්න උවමනා නම්
    කල යුත්තේ පලමුව අධ්‍යාපනයට ආයෝජනය කිරීමයි

    77 ආණ්ඩුව කළ දෙයක් තමයි
    මහචාර්‍ය සරත්චන්ද්‍ර වැන්නවුන්ට පහර දී
    නිදහස් අදහස් ඇති උන් නිශ්ශබ්ද කිරීම
    ඉන්පසු වූ දේවල් ඔබ සැවොම දනී

    ඉල්ලලා ගත්ත උද්ධය වෙනුවෙන්
    විනාශය සඳහා
    ජාතික අදායමෙන් විශාල ප්‍රමාණයක් (6%ට වැඩියි ) වැය කලා නම්
    ජාතියක් ගොඩ නැගීම
    සඳහා 6%ක් වැය කිරීමට බැරි ඇයි

    ගොනා බල්ලා බූරුවා කීවටා කම් නෑ
    උස්සන් ගිහිල්ල මරන්නෙ නැතිව
    අපේම කට්ටියනේ
    සුද්දාගෙන් නිදහස ගත්තේ ඕකටනේ

    බෑයි බෑයි කියල බෑ
    මාරයෝ කෝඳුරු තෙල්
    නෑයි කියල බෑයි කියල බෑ
    කෝටි 4, 5 වටින කාර් එලවන පුතුන් ඉන්න
    ඇමතිලා ඉන්න රටේ
    නෑයි කියල බෑයි කියල බෑ
    නෑයි බෑයි කියල දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. ඇයි අසමානකම් මකල දාන්න ඕන? කවුරුත් එක සමානම වෙන්න ඕනද? කම්මැලියන් රස්තියාදුකාරයන් නිකමුන් මේ ඔක්කොටම මහන්සියෙන් හම්බ කරපු එකෙක්ගෙන් හරිඅමාරුවෙන් ඉගෙනගෙන තියන එකාගෙන් බලෙන් අරගෙන බෙදල දෙන්න ඕනද?

      Delete
    2. අධ්‍යාපනයට රැකියාවලට ආදී දේවලට තිබෙන අවස්තාවන් සැමට සමාන විය යුතුයි, ලෙස මං නිවැරදි විය යුතුයි

      Delete
  7. මාරයියා තනිකරම ආන්ඩුවේ නේ...
    කමක් නෑ ඉතිං..
    අපි අපි මොනා කරගන්නද?????

    ReplyDelete
  8. මාරයෝ උඹ දේශ ද්‍රොහී වුනාට වැඩක් නෑ. අන්න අයර්ලන්තෙ පැරදිලා...

    ReplyDelete
  9. ල0කාවේ සාමාන්‍ය මිනිස්සුන්ට ටිකක් හරි ඉහලට යන්න අර බතී , මාතලන් කිව්ව වගේ තියෙන එකම ඉණිමග අධ්‍යාපනය . ආචාර්යවරු සියට හය ඉල්ලද්දී එයින් කොටසක් ඔවුන්ගේ පඩිය වෙනුවෙන් තමයි වෙන් වෙන්නේ .නමුත් දැන් සෑහෙන්න කාලෙකින් සරසවි ඇදුරන්ගේ පඩි වැඩි වෙලා නෑ . විශ්වවිද්‍යාල වල පහසුකම් , පාඨමාලා වල ගුණත්වය වැඩි වෙලා නෑ . මේ මිනිස්සු වැඩි දෙනෙක්ට පිට රට රස්සා සොයා ගන්න එක අමාරු නෑ .ඉතින් එහෙම ගියොත් ආයේ කාටද පාඩු .ල0කාවෙ සාමාන්‍ය බහුතරයකගේ ලමයින්ට . මධ්‍ය මට්ටමේ ස0වර්ධිතරටක් අධ්‍යාපනයට අඩුගානේ දල ජාතික නිශ්පාදිතයෙන් සියට හතරක් වෙන් කරනවා . ඉතින් ඒ අවම මට්ටම තියෙන්න ඕනේ

    අනික මම මේ මිනිස්සු කරන දේ ගැන තව දෙයක් අගේ කරනවා .මේ රටේ බහුතර යමක් කමක් තියෙන මැද පන්තිය නිදි වැදිලා ඉන්නේ .මොකද එයාලට ප්‍රශ්න නෑ මේ රටේ වෙන දේවල් එක්ක . කන්න බොන්න අඳින්න , යන්න එන්න වාහන තියෙන කොලඹ ඉන්න ගෙවල් තියෙන හැමදාම ඔඩෙල් යන මේ පිරිසට අයිතිවාසිකම් කියන්නේ කන්නද කියලා අහන තරමේ මතයක් තියෙන්නේ .ඉහලම ධනවත් මිනිසුන්ට මොන ආණ්ඩුව මොනව කලත් ඒව ප්‍රශන නෙවේ . අපේ ග්‍රාමීය මිනිසුන්ගේ චින්තනයත් අන්ධ සි0හල බෞද්ධ චින්තනෙන් නිදිගන්වලා තියෙන්නේ . එහෙම වෙලාවක සහ රජයේ දැඩි මර්ධනය තියෙන කාලෙක සිවිල් සමාජයේ මේ වගේ සටනක් ගෙන යාම පැසසිය යුතුයි . ලමයින්ට අද්‍යාපනය අහිමි වෙනවා කාලෙකට .නමුත් අපි කිසි දෙයක් කතා නොකට හිටියොත් අපේ රටේ අධ්‍යාපනයේ තියෙන තව බොහෝ දෑ අහිමි වේවි .

    අනික අපි කවුරුත් සොයනවද වඓද්‍ය වරු , ඉන්ජිනේරුවො , නීතිඥයො , හම්බ කරන විදිය .එයාලගේ ලමයි යන්නේ මොන ඉස්කෝලෙටද වගේ දේවල් ?

    පුද්ගලික අධ්‍යාපන අයාතන එන එක නෙවේ වරද ,ඒවගේ ගුණත්වය , ඒවට අතුල්වෙන්න තියෙන අවස්ථා , ගෙවන ගාන , හැමෝටම දරන්න පුලුවන් වෙනවද , ඒව පරිපාලනයට තියෙන වැඩ පිලිවෙල මොකද්ද , ල0කාවේ දැනට පවතින අධ්යාපනය ප්‍රති වඩා හොඳ විදියට ප්‍රති ස0ස්කරණය වෙනවද කියන එක .


    කොහොම වුනත් ජාතියක් හැටියට නිදහසේ ඉඬ්හ්න්ම අපි ඇක්ටිවිසම් නැති මිනිස්සු නිදි වැදිලා අයිතීන් පාවා දෙන්න හරි කැමතියි . අන්තිමට අපිට වෙන්නේ අර මාර්ටින් නිමොලර් කිවා වගේ මෙන්න මේ ටික

    උන් යුදෙව්වො මරන්න ආවා මම කට පියාගෙන හිටියා මොකද මම යුදෙව්වෙක් නොවේ
    උන් කොමියුනිස්ට් කාරයො මරන්න ආවා මම කට පියන් හිටියා මොකද මම කොමියුනිස්ට් නොවේ
    උන් ට්‍රේඩ් යුනියන් කාරයො මරන්න ආවා මම කට පියන් හිටියා මම ට්‍රේඩ් යුනියන් කාරයෙක් නොවේ
    උන් අන්තිමට මාව මරන්න ආවා එදා මම වෙනුවෙන් කතා කරන්න කිසි කෙනෙක් නෑ

    ReplyDelete
  10. මට නම් මේ ගැන සැහැල්ලුවෙන් හිතන්න අමාරුයි. නිර්මාල් ඇතුලු අය ගෙන යන වැඩපිළිවෙල ගැන මගේ පැහැදීමක් නැතත්. මේ සටන සාධාරනයි. 6% කෙසේ වෙතත් 4% වත්, අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතුමයි. ඒ වගේම පුද්ගලික විශ්ව විද්‍යාල ඉතාම ක්‍රමාණුකූල පදනමකින් ඇරබිය යුතුයි. ලංකාවේ දැනට සිටින උගත් මහාචාර්‍යවරුනට ලෝකයේ තිබෙන අවස්ථා ගැන මම පුදගලිකවම දන්නවා. ඒ නිසා ඒ සියල්ල හැරදමා මෙහි සිටීම ගැන මගේ ප්‍රණාමය ඔවුන්ට පුදනවා.

    මේ සටනට එන සියල්ල්ලන් ඉතාම සත් පරමාර්ථයෙන් නෙමෙයි මෙහි සිටින්නේ. උදාහරන ලෙස ලොකු වංශ, රනිල්, රවි, මේ කවුරුත් කියලා නැහැ තමන් බලයට ආවොත් මේ සියල්ල ලබා දෙනව කියලා. කිව්වත් මොකක්ද තිබෙන සහතිකය.

    ඒ නිසා මෙහෙම අක්‍රමවත්ව හෝ මේ යන සටන දිනුවොත්, සමස්ථ අධ්‍යාපනයට මොකක් හෝ සේවයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. // ඒ නිසා ඒ සියල්ල හැරදමා මෙහි සිටීම ගැන මගේ ප්‍රණාමය ඔවුන්ට පුදනවා.//

      ++++++++++++++++++++++++++++

      Delete
    2. තමන්ගේ දැනුවත්වකම මට්ටම තරමට මාරයියා තේරුම් අරං තියෙන්නේ. ඒක උගේ වැරැද්දක් නෙමේ මහ වෙදනා මහත්මයා. ඔබතුමා ඉන්න ස්ථාවරේ ඉන්න කිහිප දෙනෙක් ඉන්න බව දැන් ගන්නත් සතුටුයි. අහෝ මාරයියා නොදිටි මොක්පුර! (මාරයා කොහොමත් මොක්පුර දකින එකක් යැ...නේ..)

      Delete
  11. මාරයා. මීවනගේ තර්ක ගේන්න එපා. හැම දේකම හිතන්න ඕන කාරණා තියෙනවා වගේම අනවශ්‍ය දේත් තියෙනවා. ඔබ කියන්න ලංකාවේ සෑම රජයේ සේවකයෙකුටම ජාතික පාසලකට දරුවා ඇතුලත් කර ගැනීමට කිනම් හෝ අවස්ථාවක් තියෙද්දි තවත් රජයේ සේවකයෙක් වූ ආචාර්යවරයා හට කිසිදු අවස්ථාවක් ලබානොදීම අසාධාරණයි. මේ ගැන දේශකයගේ මධ්‍යස්ථ අදහස පහත ලින්කටුවෙන් බලාගන්න. මාරයාට 6% ක් දීල වැඩක් නැත.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය සාධාරණද?

    ReplyDelete
  12. ඇත්තටම උඹ ගොන් තඩියෙක් කියලා පෙන්වන්න මෙච්චර මහන්සිවෙන්න ඕනි නෑ ..

    6% ඇතුලු ආචාර්ය වරුන්ගේ සියලු ඉල්ලීම් යථාර්ථවාදී නොවුනත් , අන්තරය මේක අස්සේ ගෙනියන දේශපාලන මතවාදය ගැන ප්‍රශ්න තිබුනා වුනත් මේක නිකන් දෙකේ කොලේට දාල කථා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි . රටක අධ්‍යාපනය කඩාවැටෙනවා කියන්නේ උඹල වගේ පකිස් බුරුවො තව හැදෙන එක නිසාත් , උන් ගේ ළමයි ඉගෙන ගන්නේ එංගලන්තේ ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ (ඒ කිව්වම මතක් වුනේ එක දේශප්‍රේමියෙකුගේ ලමයෙක්වත් ඇයි රුසියාවේ හෝ චීනේ ඉගෙන නොගෙන අධිරාජ්‍යවාදී බටහිර රටවලටම යන්නේ ) නිසාත් මේක සැහැල්ලුවට ගත්තට , මේ ප්‍රශ්නය බුද්ධිමත්ව සාකච්ඡාවේන් සම්මුතියෙන් විසඳ ගන්න ඕනි දෙයක් !

    පෞද්ගලික විශ්ව විද්‍යාල (මුදලට උසස් අධ්‍යාපනය ) ලංකාවටත් අත්‍යාවශ්‍යයි කියන තැන් මමත් හිටියා අදටත් ඉන්නවා හැබැයි ඒ දේ වෙන්න ඕනි රාජ්‍ය අධ්‍යාපනය ගුණාත්මක බව රැකෙන පරිදි සහ රාජ්‍ය අධ්‍යාපනයත් රැකගෙන . එකට උසස් පෙල කරල මොරටුවේ කිය උන් අන්තිම අවුරුද්ද ඉවර කරගන්න බැරුව ඉද්ති එකට ඉගෙන ගත්ත උන් ප්‍රයිවෙට් ඩිග්‍රි කරලා දැන් රස්සාවලත් ගිහින් , අන්න එතනයි වරද

    ReplyDelete
    Replies
    1. "ඇත්තටම උඹ ගොන් තඩියෙක් කියලා පෙන්වන්න මෙච්චර මහන්සිවෙන්න ඕනි නෑ .."

      +++++++

      බොහෝම ස්තුතියි බුවා මම දාන්න හිටපු ටික ලිව්වට.
      මේවගේ ගොංකතවකට කමෙන්ට් එකක් ලියන්න කමැලිකමේ හිටියේ
      මුන්ට අනුකම්පා කරනව ඇර වෙන කරන්න දෙයක් නැහැ තමන් ගෙ දැනුමෙ හැටියට තමයි වැඩ කරන්නෙ මරෙයනම් උගේ දැනුමෙ හැටියට රෙදි ටික අපුල්ලල දෙනව.

      Delete
    2. විශ්ව විද්‍යාලයට නොගිය ගොඩක් එවුන්ට ඕක තේරෙන්නෙ නෑ බන්... අද්‍යාපනයක වටිනාකම දැනෙන්නෙ ඉගෙනගත්තු එකෙකුට.... කොහොමත් විශ්ව විද්‍යාල මුර කරන එවුන්ටයි ලයිබ්‍රියෙ පොත් එහා මෙහා ඇදල පස්සෙ ලෝ කොලෙජි ගිය එවුන්ටයි මේකෙ වැදගත් කමක් නෑ....
      කොහොමත් එදා වේල හම්බකරන් කන අනාගතයක් නැති තමන් මවාගත් ලෝකයක වීරයො වෙන්න දගලන මූ වගේ එවුන් මොනවද අධ්‍යාපනේ ගැන දන්නෙ...

      Delete
    3. //ලයිබ්‍රියෙ පොත් එහා මෙහා ඇදල පස්සෙ ලෝ කොලෙජි ගිය එවුන්ටයි මේකෙ වැදගත් කමක් නෑ....//

      :D :D :D

      Delete
    4. විශ්ව විද්‍යාලයට නොගිය ගොඩක් එවුන්ට ඕක තේරෙන්නෙ නෑ බන්... අද්‍යාපනයක වටිනාකම දැනෙන්නෙ ඉගෙනගත්තු එකෙකුට.... කොහොමත් විශ්ව විද්‍යාල මුර කරන එවුන්ටයි ලයිබ්‍රියෙ පොත් එහා මෙහා ඇදල පස්සෙ ලෝ කොලෙජි ගිය එවුන්ටයි මේකෙ වැදගත් කමක් නෑ....

      මුන්ට අනුකම්පා කරනව ඇර වෙන කරන්න දෙයක් නැහැ

      මේ කොමෙන්‍ටු දෙක තමා මටත් කියන්න තියෙන්නෙ..ආ...ආ....තව ඩිංගෙන් අමතක වෙනව.මේක මගේ මංගල කොමෙන්‍ටුව.

      Delete
    5. "විශ්ව විද්‍යාලයට නොගිය ගොඩක් එවුන්ට ඕක තේරෙන්නෙ නෑ බන්..."

      නෑ, ඕක ඉගෙන ගන්න උවමනාවක් නැති උන්ට කියල වෙනස් කරහන්.

      Delete
    6. ඒක හරි.විශ්ව විද්‍යාලයට නොගිය උන් කිව්වම ඒක මේ ගැටලුව දිහා උපේක්ශාවෙන් බලන අනිත් අයට අසාධාරනයක්.එක නිසා ඉගෙන ගන්න උවමනාවක් නැති උන් කියන එක නම් සහතික ඇත්ත

      Delete

  13. ඇමති,මන්ත්‍රී ගොන් තඩියෝ GDP එකෙන් කොච්චරක් විතර පඩි ගන්නවද දන්නේ නෑ නේද??

    ReplyDelete
  14. මාරයියා මේ ටිකේම දැඟළුවේ බඹර වදේ අවුස්සගන්න.. බැරි උන තැන තමා මේක දාලා තියෙන්නේ මට හිතෙන විදියට.. හි හි....


    ReplyDelete
    Replies
    1. මම මේකට කට දාන්නේ නැතුව ඉන්න හැදුවේ.. ඒත් මට තියෙන ප්‍රශ්නේ රජයේ අධ්‍යාපනයේ දැන් තියෙන ගුණාත්මක බව මොකද්ද කියලා....

      කැම්පස් ගිය එවුන් නිකම් ගෙවල්වල නාකි වෙනවා නමි, ප්‍රයිවට් ඩිග්‍රි කරපු එවුන් දැන් රස්සාවල් කරනවා නම්.... ඒක වෙන්නෙ ළමයින්ගේ වැරැද්ද නිසා නෙවෙයි නම්... කාවද එළවන්න ඕනේ..? කාවද ගේන්න ඕනේ.... ? මොනවද දෙන්න ඕනේ...? මොනවද කරන්න ඕනේ..? කාටද දෙන්න ඕනේ....?

      මට මහා ලොකු දැනීමක් නෑ මේවා ගැන.. ඒත් මට හිතෙන දේ මම මේ අහන්නේ....

      ඉන්දියන් ඇමතිලට ඇම්බැසිඩර් කාර් එකේ යන්න නීතියක් නැති උනාට උන් යනවා... අපේ උන් බෙන්ස් දෙනකම් වර්ජනය කරනවා....

      දැන් අපේ ආණ්ඩුවයි, ආචාර්යවරැයි කොච්චරක්ද මන්දා ජීවිත ගොඩක් අවුරුදු දෙකක් ( ඒ වගේ කාලයක්...) එක තැන නවත්තගෙන අධ්‍යාපනයට කෙලවෙලා කියනවා.... අධ්‍යාපනයට මෙච්චර දියවු කියනවා..... අධ්‍යාපනය නඟා සිටුවන්න ඕනේ කියනවා....

      ඒ අතරේ එයාලගේ ළමයි පිට රටවල් වල ඉගෙන ගෙන රස්සා කරනවා....

      අවරුදු 18-20 ක් වෙච්ච සෙට් එකක් බලං ඉන්නවා අනේ මුං මොන මඟුලක් හරි කරලා රිසල්ට් එක දෙනවානම් අපිට කරන දෙයක් කර ගන්න කියලා....

      හැමදාම අරූ වැරැදියි මූ වැරදියි කිය කිය තර්ක කරනවට වඩා කවුද හරි දෙයක් කරන්න පුලුවන් කෙනෙකුට ඉන්නේ කියන එක ගැන පැහැදිලි මතයක් ගොඩ නඟන්න පුළුවන් නම් අන්න එදාට හරි දෙයක් කලා වෙයි....

      එතකං ඉතිං නොදන්න යකාට වඩා දන්න මහසෝනා හොඳයි කියලා හිතලා වැඩ කරන එක ගැන කාටවත් කාටවත්ම දොස් පවරන්න බෑ....

      Delete
    2. //එතකං ඉතිං නොදන්න යකාට වඩා දන්න මහසෝනා හොඳයි //

      ඕක කැත නැතුව කඩේ යන්න හදාගන්න සින්දුවක් විතරයි , රජයක් කරන හැම වැරැද්දක් ගානෙම රජය එලවලා ගේන්න කෙනෙක් හොයන්න අවශ්ය නෑ , වැරැද්ද දැක්කාම කථා කරනවා නම් , විරෝධය පල කරනවා නම් රජයකට වුනත් තමන්ගේ තීරණ ආපහු ගන්න වෙනවා , රජය නොපෙරලුවාට සුලු මට්ටමේ මැතිවරණ තියනවා ජනතාවට කථා කරන්න වුවමනාවක් තියනවා නම් . අවසානයේ මැතිවරනයක් ආවාම රජයක් කරපු දේවල් වල හොඳ නරකත් , විකල්පව ඉදිරිපත් වෙන ප්‍රතිපත්තිත් බලලා තමා ඡන්දේ දෙන්නේ , හැම එකාම එකයි කියලා සාමාන්‍ය කරණය කලාට ඒක එහෙමම නැ ,1977-1994 1994-2001,2001-2004,2005- දැන් ඔය පාලන කාල සසඳලා බැලුවොත් සැහෙන වෙනස් කම් තියනවා , එක පාලනයක් වෙනස් කරල තව එකක් ගේන්න මිනිස්සු තීරණය කලේ වෙනසක් බලාපොරොත්තුවෙන් , වෙනස 100%ක් සාර්ථක නොවුනාට යම් වෙනසක් සිද්ධ නොවුනේ නැ , ඔවුන් අසාර්ථක වෙන කොට නැවතත් වෙනස් කරනවා , ඕක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂනය . රාජ්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව පිලිබඳ ගැටලුවක් තියනවා ඒක පුලුල්ව කථා කලයුතු වෙනමම මාතෘකාවක් , රජය එතනට එන්න කලින් තමන් විසින් උඩු දුවන්න හැරපු ආචාර්ය වරුන්ගේ ප්‍රශ්නය බේරුමක් කරල ඉන්න අවශ්‍යයි , රනිල්ට ෆොන්සේකලට වාසි ගන්න වේදිකාව හදලා දීල තියෙන්නේ ආණ්ඩුවෙන්ම තමයි

      ප.ලි - ඉන්දියාවේ එම්බෙසඩර් වල යන ඇමතිලා අතරත් කම්බ හොරු තමා වැඩි හරියක් ඉන්නේ ,වැඩේ හරියට මාට්ටු වුනොත් නම් කට්ටිය හිරේ එච්චරයි වෙනස , යන්නේ මොන වාහනේද කියන එක බොහොම සිල්ලර කරුණක් , රටට ජනතාවට හොරයක් බොරුවක් නැතුව සේවය කරනව ඇම්බෙසඩර් එකේ ගිහින් කොන්ද කඩා ගන්නේ නැතුව බෙන්ස් එකක ගියාට කමක් නෑ

      Delete
    3. මේවා ගැන මට මහා ලොකු දැනුමක් නෑ. ඒත් මම හිතෙන දේ මේ කියන්නෙ... ඔය අවුරුදු ටික සංඛ්‍යාලේඛන අරං බලලා නෙවෙයි මම කියන්‌ෙන්... අපිට දැනෙන දේ.. මං ඒලෙවල් වෙනකම් ඉස්කෝලේ ගිහිල්ලා පෞද්ගලික අංශයේ රස්සාවක් කරලා දැන් කසාද බැදලා ගෙදර ඉන්න කෙනෙක්... එහෙමයි කියලා අපිට මේවා නොදැනී තියෙන්‌ෙන් නෑ නේ... ඒකයි මම කතා කලේ...

      ඔය පලවෙනි ඡේදේ තියෙන පලවෙනි වාක්‍ය ඇරුනම අනිත් ටික ඔක්කොම පොතට විතරක් සීමා වෙච්ච දේවල් කියලායි මට හිතෙන්නේ.. ඔවු.. ඔය ඔක්කොම හරියට හරි.. හැබැයි ඔය කිසි දෙයක් කෙරිලා තියෙනවද කියලායි මට අහන්න තියෙන්නේ... මට තියෙන්නේ අවුරුදු 25ක විතර අත්දෑකීම් විතරයි... ඒ අත්දැකීම් අනුව නම් වැරැද්ද දැකලා කතා කරලා, වර්ජන කරලා ආණ්ඩු වල තීරණ වෙනස් කරගන්න පුළුවන් කමක් තියෙනවද කියලා සැකයක් තියෙනවා.... එහෙම කරන්න උවමනා රටේ බහුතරයකටද එහෙම නැත්තම සුළුතරයටද කියන ප්‍රශ්නෙත් තියෙනවා...

      ඡන්දයක් තියන්න එනකොට මුන්ට ඔලුව තියෙනවා නම් මේ ආණ්ඩුව පෙරලනවා කියලා සාස්තර බල බල අනාවැකි කිය කිය ඉදලා ඒක පැරදුනාම මුං බත් කන හරක් කියනවා..... මුන්ට මොලේ නෑ කියනවා... ආණ්ඩුව හොර ඡන්ද දාගෙන කියනවා... ඔය මොනවා හරි කියනවා... මේ මැට්ටන්ට ධාතු පෙන්නුවාම සාදු සාදු කියලා වැඳ වැඳ ආන්ඩුවට කඩේ යනවා කියනවා.... මොක උනත් ඡන්දේ පරාදයි...

      දැන් එතකොට ඔය උගත්තුන්ට ‌තේරෙන දේ බත් කන හරන්ට තේරෙන්නේ නෑ කියමුකෝ... රටේ ඉන්නේ බත් කන හරක් නං බහුතරය එහෙම නං උගත්තු කෑ ගැහුවට වැඩක් තියෙනවද....?උන්ට හරියට ‌තේරෙන්න කියන්නේ නැතුව...

      ආචාර්ය වැඩ වර්ජනය රටේ අනාගතයට හොඳ දෙයක් කියලා මම හිතනවා... අඩුගානේ හොඳක් සිද්ධවෙයි කියලා හිතනවා... . ඒත් මේ වෙනකොට කැම්පස් ඉන්න ළමයි, උන්ගේ දෙමවුපියෝ, රිසල්ට් ප්‍රශ්නේ නිසා ගෙවල් වල ඉන්න ළමයි, උන්ගේ දෙමාපියෝ බලං ඉන්නේ මේ ප්‍රශ්නේ විසදිලා තමන්ගේ ළමයින්ගේ ජීවිත හරියනකම්... ඔය කියන විදියට උන් බත් කන හරක්...

      කෙරෙන්න ඕනේ දේ ගැන කතිකාවතක් ඇති කරන්න පුළුවන් නම් මේ වර්ජනයට උනත් බහුතරයක් සහයෝගය දෙනවා... මොකද ඔය කියන විදියටම හරක් නොවුනත් මේ රටේ වැඩි දෙනෙක් අධ්‍යාපනයේ වටිනාකම දන්නවා.... ඒත් දරුවන්ගේ ජීවිත මෙහෙම නාස්ති කරගෙන පාරට බහින්න නම් ඔවුන්ට මේ කරන්න යන වැඩේ මොකද්ද කියලා හරි අදහසක් දෙන්න ඕනේ...

      වැඩි දෙනාගේ අදහස වෙලා තියෙන්නේ මේ වර්ජනය කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවර්න්ගේ පඩි වැඩි ඉල්ලීමකට, දීමනා ලබා ගැනීමේ ඉල්ලීමකට කියන එක....

      රටේ මිනිස්සු දන්නවා ඔය කියන ආචාර්යවරු දාහක් ගත්තොත් 990ක්ම තමන්ගේ දරුවන්ව පිටරටවල විශ්ව විද්‍යාල වල දාලා උගන්නනේ කියලා... ඒ වගේම ආණ්ඩුවේ උන්ගෙත් ළමයි ඉගෙන ගන්නේ පිටරටවල් වල කියන එක....

      එතකොට මොකද්ද මිනිස්සුන්ට දැනේන්නේ.. මුංට අපේ ළමයි ගැන ගාණක් තියෙනවයැ... මුංට ඕනේ උන්ගේ ළමයින්ව පිටරට යවලා උගන්නගන්න සල්ලි හම්බකරගන්න.... ආන්ඩුවට මොකෝ කොච්චරකල් වහලා තිබ්බත්..... උන්ගෙ ළමයි මේවගේ ඉන්නවායැ....

      ( පිටරටවල ගිහින් උගන්නන අය උනත් කියයි ලොකු පඩි ලැබුනට වියදමත් ඒ වගේම තමයි කියලා...)

      මම ඇම්බැසිඩර් කාර් එකේ උදාහරණේ ගත්තේ ඒක නිසා.. උන් මොන මඟුල යටින් කරත් උඩින් කියන්නේ අපි අපේ රටේ දේවල් අගය කරනවා කියලා.... ඒත් අපේ උන් පෙනි පෙනී බෙන්ස් වල යනවා.....

      ඡන්දේ දෙන්න ගියාම හරි හමන් එකෙක් ඉන්නවනම් මිනිස්සුන්ට පේන්න .(යටින් මඟඩි කළත් උඩින් හොද මිනිහා වගේ ඉන්න) උං ඡන්දේ නොදී ඉදියිද.... ඉන්න උන් ඔක්කොම හොරු නං කාට දුන්නත් අපෙ මොකෑ කියලා ඕක ගහලා එන එක ඇරෙන්න වෙන මොනා කරන්නද....

      ඒකයි අර ඔයා කියන විදියට කැත නැතුව කඩේ යන්න හදාගත්ත කතාව කියන්නේ..

      Delete
    4. වර්ජන හෝ විරෝධතා වලින් ආණ්ඩුවල තීරණ හරවන්න පුලුවන් , ලංකාවේ ආසන්නතම උදාහරණය පෞද්ගලික අංශයට ගෙන්න හදපු විශ්‍රාම වැටප් පනත .අනෙක් පැත්තෙන් ඒහෙම නැගෙන විරෝධතාවල් ආණ්ඩුවක් වෙනස් කරන අවස්ථාවකදි බලපාන්නත් පුලුවන් , ලංකාවේ බහුතරයක් මිනිස්සු මාධ්‍ය හරහා කරන ආණ්ඩුවේ ඇන්ඳිලිවලට රැවටිලා ඉන්නේ , මේක වෙන කවරදාකටත් වඩා වර්ථමානයේ සිද්ධවෙන නිසා ජනතාවට කරුණු කාරණා සම්ප්‍රේෂනය වෙන්නේ වැරදියට , ඒ වගේම ලංකාවේ ගොඩක් මිනිස්සු ඉන්න ගෝත්‍රික දුපත් මානසිකත්වයට රජයේ ක්‍රියාමාර්ග බොහොමයක තියන ගැලපීම නිසාත් කිසිම දේක රජයට විරුද්ධ පැත්ත දකින්නේ නැ. ඒ නිසා මීට කලින් අවස්ථාවල මැතිවරණ වලදි ජනතාව දක්වපු තත්වයත් වර්ථමානයේ හෝ නුදුරු අනාගතයේ දකින්න ලැබේවි කියල මම හිතන්නේ නෑ .ලංකාව යටිතල පහසුකම් අතින් දියුණු වුනත් සමාජීය වශයෙන් යන්නේ රිවස් එකේ. ආචාර්ය වරුන්ගේ ප්‍රශ්නයේදී ඔවුන්ගේ පලමු අරමුණ වැටුප් වැඩි කරගැනීම , ඇයි ආචාර්යවරුන්ගේ පඩි වැඩි විය යුත්තේ , ආචාර්යවරුන්ගේ තියන සුදුසු කම් එක්ක වැඩි පඩියකට සුදුසු වෙන්න ඕනි කොහොමද කියල ජනතාවට යන පණිවුඩය සීමිතයි , ඊට වඩා ජනතාව ඇන්දවීමේ සමත් දේශපාලකයින්ගේ පණිවුඩය ජනතාවට යනවා වගේම මාධ්‍ය වලත් වැඩි අවකාශය දෙන්නේ එතනට . උදාහරණයක් විදිහට ආචාර්ය වරුන්ගේ පාගමන පටන් ගත්ත දවසේ එක්තරා පෞද්ගලික නාලිකාවක් ඒක වාර්ථා කලේ රූප රාමු තුනක විස්තරයකින් හැබැයි ආචාර්ය වරුන්ට විරුද්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයකින් (මීට කලින් ජිවිතේට අහල නැති ) දාපු මානව හිමිකම් පැමිණිල්ල වාර්ථා කලේ වොයිස් කට් එක්ක , මාධ්‍ය වලින් තමන්ගේ ඔලුව හදන එකට ප්‍රතිරෝධයක් එන්න තරම බහුතර ජනතාව බුද්ධිමතුත් නෑ , අවස්ථාවකුත් නෑ , අවස්ථාවක් තිබුනත් ඕනි කමකුත් නෑ . රටේ අධ්‍යාපනයට වෙන් කරන මුදල දල ජාතීය නිශ්පාදනයෙන් අච්චරයි කිව්වට , බොහො දෙනෙක් දල ජාතීය නිශ්පාදනයවත් අඳුරන්නේ නැ , ඒ නිසා විශ්ව විද්‍යාල ඇදුරන්ට රටේ සමස්ථ ජනතාවම දැනුවත් කරල ඇදගෙන යන්න හැකියාවක් නෑ , නමුත් මේ තුලින් වඩාත්ම පිඩාවට පත්වෙන පිරිස වෙච්ච විශ්ව විද්‍යාල ශිෂ්‍යින් බහුතරයකගේ සහය ඔවුන්ට තියන වා කියන්නේ ඔවුන් තත්වය අවබෝධා කරගෙන සිටිනවා කියන එක , තම තමන්ගේ දෙමව්පියන් දැනුවත් කරන එක ඒ ශිෂ්‍ය ප්‍රජාවටම තමයි කරන්න වෙන්නේ .මොකද ආචාර්ය වරුන්ට තියන අවස්ථාවන් පාවිච්චි කරල උනත් අර වගේ මානසික මට්ටමක ඉන්න ජනතාවට වදින්න සන්නිවේදනය කරන්න හැකියාවක් නෑ , ඔවුන් ට කථා කරල පුරුදු උගත් සමාජයට

      //පිටරටවල ගිහින් උගන්නන අය උනත් කියයි ලොකු පඩි ලැබුනට වියදමත් ඒ වගේම තමයි කියලා...//

      වියදම අධික වුනාට ආදායම් හා වියදම් අතර අනුපාතය , කරන වියදමට ලැබෙන භාණ්ඩ හා සේවා වල ගුණාත්මක කම , අනෙකුත් පහසුකම් ඉතා විශාලයි . ඒ නිසා විදේස් රටවලට නොයා සිටීමෙන් ආර්තික වශයෙන් නම් කිසිම වාසියක් නැ , ආචාර්ය වරු නෙමේ ලංකාවේ පෞද්ගලික අංශයේ හොඳ වැටුප් වලට සේවය කරපු කෙනෙක්වත් දියුණු රටක රස්සාවක් ලැබිලා ගියෝත් ආපහු එනවද , ආර්ථික වශයෙන් වාසියක් නැ කියලා ?

      Delete
    5. ////ලංකාවේ බහුතරයක් මිනිස්සු මාධ්‍ය හරහා කරන ආණ්ඩුවේ ඇන්ඳිලිවලට රැවටිලා ඉන්නේ , මේක වෙන කවරදාකටත් වඩා වර්ථමානයේ සිද්ධවෙන නිසා ජනතාවට කරුණු කාරණා සම්ප්‍රේෂනය වෙන්නේ වැරදියට , ඒ වගේම ලංකාවේ ගොඩක් මිනිස්සු ඉන්න ගෝත්‍රික දුපත් මානසිකත්වයට රජයේ ක්‍රියාමාර්ග බොහොමයක තියන ගැලපීම නිසාත් කිසිම දේක රජයට විරුද්ධ පැත්ත දකින්නේ නැ. ////

      මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ටික එක්ක...

      සාමාන්‍යයෙන් ඇමතිකෙනෙකුට වඩා මේ රටේ උගත්, උපාධිධාරී ආචාර්ය වරයෙකුට සාමාන්‍ය වැසියන් අතරේ තියෙන සැලකීම උසස්... ඒක පෙන්නන විදිය කොහොම උනත්...

      මාධ්‍ය හරහා කෙරෙන ඇන්දිලි සම්බන්ධයෙන් ඇත්තටම බොහෝම පිරිසක් මේ වෙනවිට දැනුවත් වෙලා ඉන්නේ... අපේ අම්මලා තාත්තලගේ පරම්පරාවේ අය ඇන්දිලා නොමැති උනත් පහුගිය අවුරුදු 25කට කිට්ටු කාලයක් තුලදි රටේ යමිකිසි දියුණුවක් පේනවා කියලා කියන්නේ මේ කාලේදි..

      එහෙම අයගේ අදහස මේක.....

      හැමදාම මොනවා කලත් නොලත් කෑ ගහන උන් හිටියා... පාලමක් හැදුවොත් හොරට හැදුවා කියනවා.. පාරක් හැදුවොත් ගහගත්තා කියනවා... හැබැයි උන් කරපු දෙයක් නෑ....

      ඔන්න ඔහොම..

      බුවා කියන කතාව හරි කියලා මම පිලිගන්නවා.. හැබැයි මේ ක්‍රමය ලංකාවේ ඔය කියන්නා සේ ගෝත්‍රික මානසිකත්වයෙන් හෙබි “බහුතරයාට“ තේරෙනවා අඩුයි.... ක්‍රමය කිව්වේ වර්ජන කිරීම.. මොකද ඒවයින් තැලෙන්නේ ඔය කිව්ව බහුතරයා හින්දා.... ඇයි කිව්වොත් උන්ගේ හිත් වල තියෙන්නේ තමන්ගේ දරුවට උගන්නලා හොද රස්සාවක් අරන් දීලා කසාදයක් බැදගෙන මිනිහෙක් විදියට ජීවත් වෙන්න සැලැසීමේ මානසිකත්වය විතරයි... එහෙම ජීවත් වෙන්න රටක් ඉතුරු කරලා දුන්නා කියලා මේ අණ්ඩුවට සලකන එක මේ මිනිස්සු කරනවා.. දැන් අවුරුදු 25ක් ඉස්සරහට මේ අය මේ කරන දේවල් වලින් රටක් නැතිවෙයිද කියලා හිතන්න හේතුවක් නොතිබෙන්න පුළුවන්... ඒකනේ ගෝත්‍රක මානසිකත්වය කියන්නේ... ( මම හිතන විදියට)

      කොහොම උනත් ඇමතිලා සහ ආණ්ඩු සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ විශ්වාසය නැති වෙලා ගොඩක් කල් කියලා මං හිතනවා... හැබැයි වෛද්‍යවරු, ආචාර්යවරැ සහ වෙනත් උගත් උදවිය වර්ජන කරනකොට ඒකෙදි වැඩිපුර මිනිස්සු බනින්නේ ආණ්ඩුවට නෙවෙයි... මොකද ආණ්ඩුවේ ඉන්නේ 8 පාස් උන් නම්, මේ වගේ රස්සා කරන්නේ උගත් උදවිය කියන එක හිත් වල කාවැදිලා තියෙන හන්දා...
      ඔන්න ඔතනයි මම හිතන විදියට මේකේ වැරැද්ද තියෙන්නේ..

      පිටරට වල වියදම් වැඩියි.. මෙහෙ වගේ නොමිලේ දෙන දේවල් නැති නිසා... හැබැයි නොමිලේ නොදෙන නිසා ඒවායේ වටිනාකම් වැඩියි.. අන්න ඒකයි වෙනස... ඇත්තටම ගොඩක් දෙනා කියන දෙයක් තමයි ලොකු පඩි තිබුනට පිටරටවල වියදම් වැඩයි කියලා.. ඒ රටවල පඩිය අපිට ලොකුයි වගේ පෙනුනට ඒ පඩිය හැදිලා තියෙන්නේ ඒ රටේ තියෙන ආර්ථික මට්ටම අනුව...

      කවුරුත් හිතන්‌ෙන් තමන් ගැන... මගේ අදහස නම් කිසි කෙනෙක් කැමති නෑ තමන්ගේ පවුල මෙහෙ දාලා ගිහින් පිටරටක රැකියාවක් කරන්න... එහෙම කරද්දි ආර්ථික වාසි තිබුනත්... පවුලම අරන් ගියොත් ඒ හම්බුවෙන පඩියෙන් ඒ රටේ විදියට ජීවත් වෙන්න ලොකු අරගලයක් කරන්න වෙනවා...

      ආණ්ඩුව හරිම දේ කරනවා කියලා කිසි කෙනෙක් කියන්නේ නෑ... නමුත් සාපේක්ෂව බැලුවාම මිනිස්සුට පේන්නේ පහුගිය අවුරුද ගාන තුළ හරි දෙයක් කරපු ආණ්ඩුවකට තියෙන්නේ මේක විතරයි කියලා.. මාධ්‍ය වලින් සහ වැඩ වලින්....

      බුවාට මට වඩා ගොඩක් හොඳට මේ ගැන දැනීම තියෙනවා.. ඒක නිසා මම මේ කතා කරන දේ තරමක් පැටලිලි සහගත උනත් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා... මට මේ ගැන කතා කරලා ඒ තරම් පුරුද්දක් නෑ...

      ( පුළුවන් නම් කාට හරි මේ ඉල්ලීම් වල සහ මේ අරගලය ඇතුලේ තියෙන ඇත්ත තත්වය වහෙන් ඕරෝ හෝ උපහාස අපහාස නැතුව තේරෙන විදියට ලියන්න මම ගොඩක් ස්තූති වන්න වෙනවා.... රෑපවාහිනී මාධ්‍ය ගැන විශ්වාසයක් තියන්න බෑනේ..)

      Delete
    6. රට දියුණු වෙනවාය කියල ජනතාවට දැනෙන එක තමා ඇන්දිල්ල කියල මම අදහස් කරන්නේ , කෝටි ගණන් නයට අරන් වරයක් හදලා ඒකට බලෙන් නැව් ගෙන්න ගන්නවා නම් , මොකක්ද ඒ සංවර්ධනයේ ඵලදායිතාවය , ගමේ ගොඩේ හැම පාරකටම කොන්ක්‍රිට් දාගෙන ගියා කියලා ඒකෙන් රටට සිද්ධ වෙන විශේෂ වාසියක් නැ . හැබැයි මිනිස්සු හිතනවා ආණ්ඩුව යමක් කරනවා කියලා , නමුත් ඔවුන් දන්නේ නෑ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිලාම වෙන වෙන නම් දාල ගත්ත කොන්ත්‍රාත් වලින් බකය පාර ගහපුවත් එක්කම අර පාර හදන්න ගිය මුදල තමන්ගේ දරුවන් ගේ අනාගතයෙන් ණයට ගත්ත එකක්ය කියන එක . සහෝදරී පදිංචි කොහෙද කියල මම දන්නේ නැ , හැබැයි මම නිතර කොලඹ සහ ප්‍රාදේශීය නගරයකටත් , එතනින් අර්ධ නාගරික පරිසරයකටත් යමින් ජීවත් වෙන කෙනෙක් , ඔය අතරේ මුන ගැහෙන චරිත අතරින් අර්ධ නාගරික පරිසරයේ ඉන්න අය පවා මාධ්‍ය සංදර්ශන වලට ඇන්දිලා ඉන්න බව තමයි දකින්න තියෙන්නේ ,ගමට යන කොට තත්වය ඊට හපන් වෙනස් මතයක් දරන කෙනෙක් ඉන්නවා නම් ඒ ආණ්ඩුව හොඳක් කලත් කොහොමටත් දොසක් දකින කැපුවත් කොල යූඇන්පී කාරයෙක් විතරයි

      වෛද්‍ය වරුන් ඇතුලු සෞඛ්‍ය සේවයේ අය ඒ අයගේ වැඩ වර්ජන ජනතාවට තිත්ත කරවලා තියෙන්නේ , ඒ හුරුවත් එක්ක ආචාර්යවරුන්ගේ වර්ජනයත් හෙලාදකින ජනතාවක් ඉන්න එක අරුමයක් නැ , ගෝත්‍රික ජනතාවක් කියල සහෝදරී කියන දේවල් වලට අමතරව ආගමික හා සංස්කෘතික පසුබිමත් එක්ක විචාරශිලි බුද්ධියකින් තොරව කටයුතු කිරීමත් ගන්න පුලුවන් (මේ අය තමා ධාතු වඳින්න කියලා දවස් ගණන් පෝලිම් ගානේ ලැග්ගේ ) ,

      ඇත්තටම ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය ගැන දෙපැත්තටම නැති මැද තැනක ඉඳන් සාකච්ඡාවට ලක්කරන්න අවශ්‍යයි , කාලය හරස් නොවුනොත් ඉදිරියෙදි ඒ ගැන කථා කරන්නයි හිතාන ඉන්නේ

      ඇමතිලා සහ ආණ්ඩු සම්බන්ධයෙන් විශ්වාසය නැති මිනිස්සු තවමත් ලොක්කා ගැන විශ්වාසය තියාගෙන ඉන්නවා හරියට ආණ්ඩුවේ ඇමතිලා කරන වැරදි වලට ලොක්කගේ වගකීමක් නැවගේ , අනෙක් අතින් රටේ ආර්ථිකය තියෙන්නෙත් ලෝක්කා අතේකියන එකත් මිනිස්සු අමතක කරනවා , ඒ නිසා වර්ජන වලට තියන සුපුරුදු විරෝධයත් , ලොක්කා ගැන තියන විශ්වාසයේ එකතුවත් තමයි ආචාර්ය වරුන්ට එරෙහිව තියනවා නම් තියෙන්නේ

      විදෙස් ගත වෙලා ඉන්න අයගේ වියදම් ලංකාවට සාපේක්ෂ වැඩියි කියන එක හරි නමුත් ඔවුන් ගේ ජීවන තත්වය හා ලංකාවේ කෙනෙක් ඒ වියදම් ප්‍රතිශතය කරලා ගන්න ජීවන තත්වය අතර පැහැදිලි වෙනසක් තියෙයි ,අනෙක් අතින් තමන්ගේ හැකියාවට අනුව නිසි අවස්ථාවන් නොලැබීයාමත් උගත් වෘත්තිකයින් ලංකාව අතැරල යන්න එක හේතුවක් . මම දන්න මෙහෙම ගිය අය අතරින් සමහර දෙනෙක් ලංකාවට ඇවිත් කසාද බැඳල පවුලත් එක්කම එහෙ පදිංචි වුනා මිසක් ආයෙත් ලංකාවට ආවේ නැ . යුද්ධෙන් පස්සේ ලංකාවට එන්න තියන ආසාවට එන්න හදපු අයත් මේ වෙනකොට තමන්ගේ ඒ සැලසුම් අකුලගෙන

      Delete
    7. ////ඇත්තටම ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය ගැන දෙපැත්තටම නැති මැද තැනක ඉඳන් සාකච්ඡාවට ලක්කරන්න අවශ්‍යයි , කාලය හරස් නොවුනොත් ඉදිරියෙදි ඒ ගැන කථා කරන්නයි හිතාන ඉන්නේ ////

      මෙන්න මේ වගේ දෙයක් වෙනවා නම් ඇත්තටම ගොඩක් දැනුම් තේරුම් තියෙන මිනිස්සුන්ට යමක් කරන්න පුළුවන්.. අපිට උනත් මොකද්ද මේ වෙන්නේ කියන එක හරියටම තේරුම් ගන්න පුළුවන්...

      ඇත්ත කියනවා නම් කැම්පස් ළමයින්ට වත් මොකද්ද මේ කෙරෙන්නේ කියන එක ගැන හරි අවබෝධයක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ... මේ ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න මගේ නංගි දරන්නේ මේක බොරුවක් කියන මතය... ඒකයි මම එහෙම කිව්වේ...

      බ්ලොග් අවකාශය ඇතුලේ බොහෝ වැදගත් දේවල් සාකච්ඡා වෙනවා.. හැබැයි මේ වගේ දෙයක් ගැන සංවාදශීලී, ඇනුම් බැනුම් නැති, වහෙන් ඔරෝ නැති, ඇනෝ කුණුහරුප නැති සාකච්ඡාවක් දේශපාලනික වශයෙනුත් ඇති වෙනවා නම් බ්ලොග් අවකාශය භාවිතා කරන ලංකාවේ සීයට දශම ගාන තුළ ඉන්න මාරයා සහ මම වගේ අයට හරි මේ පිළිබඳව හරියට තේරුම් ගන්න සහ තමන්ගේ මතය සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබේවි...

      මාරයියත් මං කියන දේ ගැන එකඟ වෙයි කියලා මම හිතනවා....

      Delete
    8. @බුවා: /*ඇත්තටම ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය ගැන දෙපැත්තටම නැති මැද තැනක ඉඳන් සාකච්ඡාවට ලක්කරන්න අවශ්‍යයි*/ අන්න ලියනවනම්... හැබැයි උඹෙන් මේව පිළිගන්නෙ නැති උන් බත් කන හරක්, මෝඩයො වගේ සීනි බෝල කතා නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ...

      තව ඇස් බී ලොක්කා කියනව වගේ GDP එකෙන් 14%ක්ද රජයේ කොටස සහ 6% දෙන්න කියල කියන අයගෙ ඒ වෙනුවෙන් තියෙන වැඩ පිළිවෙලත් ලියපන්...

      මොකද ඔය ගැන මගේ අදහස මාලන් දවසක් කමෙන්ට් එකකට දාල තිබුන,
      "මාත් ආසයි මූද අද්දර ගෙයක ඉන්න, ඒත් මූද අද්දර ගෙවල්වල බිත්තිවලට ආරක්ෂාව තියෙන්න ඕන ඩියුලක්ස් වෙදර්ශීල්ඩ් වගේ" කියන එකට සමානයි... :)

      Delete
  15. විශ්ව විද්‍යලවලට මේවන විට ලබාදෙන මුදලුත් වැඩක්ගන්නේ නැතිව ආපහු බාන්ඩාගාරයට යන්නේ අපේ ඇදුරන්ගේ සැලසුම් වල හොඳ නිසාම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය කියන මුදල ලැබෙන්නෙ අන්තිම මොහොතෙ. මාසයක් ඇතුලත සියල්ල වියදම් කරපල්ලා කියල දෙන්නෙ. විශ්ව විද්‍යාල වල සැපයුම් අංශෙ මිනිස්සු කැමතියි මේක වේලාසන ලැබෙනවා නම් මොකද උන්දැලාටත් කීයක් හරි මේවායින් ලැබෙන නිසා. මේවා හරියට වියදම්කරන්ට සැලසුම් හදනකොට මුදල ආපසු ගොහිං ඉවරයි. වර්ද කාගෙද?

      Delete
  16. //.ආ අර උඩ මාත්තුරුකාව ලියද්දී මට වැරදිලාද කොහේද..ෆුටා හුටා වෙලා...//

    අයියේ අපේ තරහක් නෑ.. ඕං දැන් ගිහින් ඕක හරි ගස්සවල දාපං..

    ReplyDelete
  17. // සීයට හයක් දුන්නොත් මොකටද ආයේ සල්ලි ගෙවලා ඉගෙන ගන්නේ...//
    6%ක් දෙන එක ප්‍රයෝගික නෑ , හැබැයි දුන්නත් ලංකාවේ දල දේශීය නිශ්පාදිතයෙන් 6% කියන්නේ බොහොම චුට්ටයි තමුසේ හිතාන ඉන්න ඔක්කොම ඒකෙන් කොරන්න බෑ

    ReplyDelete
  18. ෆුටා, හුටා, කැම්පස් ඔය මොන මගුලක් වත් අපිට මොකටද බන්....කැම්පස් වැහුවට සිකුරිටිලා වැඩ, සිවුරක් පෙරවගත්තොතින් දානෙ සුවර්, බොරු කියන්න පුලුවන් තාක් කල් කාවහරි ග්‍රහ අපලෙකට මාට්ටු කරල ගානක් කඩා ගන්න පුලුවන්....

    තව මොනවද යකෝ ජීවත් වෙන්න ඕනි.... මොන 6% ද... ඉගෙන ගනියව් මේව...

    ReplyDelete
    Replies
    1. ෆුටා, හුටා වෙච්ච එකට මටනම් පේන්නෙ මුන්ගෙ මොඩ කමට වඩා කුහක කම කියල.

      මමත් කැම්පස් ගියපු එකෙක් නෙවි එත් මම දන්නව එහෙම යන්න තිබුනනම් මොනතරම් වැදගත් වෙයිද කියල එක නිසයි කීයක් හරි හොයාගෙන පිට රටකට හරි යන්න බලන්නෙ කොහම හරි ආස කරනදේ ඉගෙන ගන්න. ඒත් මුන් අර ඌරො වගේ දැන දැනම මඩගොඩේ ලැගල ඉන්නව හරි සනීපයි කිය කිය

      Delete
  19. පරක්කු වැඩියි, කියන්න ඕන දේවල් කිප දෙනෙක්ම කියලා. කෙසේ වෙතත් මාරයාට මෙන්න මගෙන් විසිල් පාරක. මම ආසයි මෝඩයන්ට ආතල් දෙන්නේ නැතුව මම ඉස්සර දැකපු මාරයා ආයේ එනවනම්. විසිල් එක ගැහුවේ ඌ අද ආයෙත් ඇවිල්ලා මෙතන විතරක් නෙමෙයි කීප තැනක. ජයවේවා

    ReplyDelete
  20. සියට හය දෙන්න මෙච්චර අමාරු බව දැනන් හිටියනම් වර්ජන කරන්න පටන්ගන්නෙත් නෑ මයෙ හිතේ.....

    ReplyDelete
  21. මෙන්නෝ මාරයට කට්ටිය බැනලෝ......කකාට බණින්නා වගේ නෙමෙයි හැබැයි නමෙංම ඇවිත් නේ.මාරයා අත පුච්චා ගත්තාද මංදාය.

    එක්කෝ මාරයියේ ඔන්නොහේ ඔය දැනට දෙන 1.8%ත් ඒ කට්ටියටම බෙදා ගන්ඩ කියලා ඉස්කෝල ටික වහලා ඒ ගොඩනැගිලිවල ගාමන්ට් ෆැක්ටරි ටිකක් අරිමු.කැම්පස් ටික ඔක්කොම ප්‍රයිවට් කරමු.ඊට පස්සේ ඒ ඈයො කාලයක් සතුටික් ජීවත් වෙයි!!!!

    ReplyDelete
  22. මාරයෝ ගෙදරට ජාතික එකයි ITN එකයි විතරද අහු වෙන්නේ?

    ReplyDelete
  23. What a lot of comments!Very interesting topic.I think they represent the free education given to us by C.W.W.Kannangara and in near future our students have to pay money to obtain education. Even now principals are advised indirectly to collect funds to run their schools within the school masses.(the projects done by A/L students are focused on supplying what is needed by the school.)

    ReplyDelete
  24. මාරයා, වැඩිපුර අවධානය යොමු වෙලා තියෙන්නේ, ඔබ කලින් ගතකල ජීවිතය ගැන කියන්නත්, අද ඔබගේ රස්සාව ගැන කියන්නත්. ගොඩක් දෙනා එළිපිට ඔබ වගේ ජීවිතය ගැන කතා කරන්නෙත් නැහැ. ඒත් "උසස්" අධ්‍යාපනය ලත් බොහෝ දෙනාටත් වැදගත් වෙන්නේ මිනිසුන්ගේ "පහත්කම්" මොනවාද කියල හොයන්න මිසක් ඒ ගොල්ලන් කියන දේ ගැන නොවේ. කවුරුත් බලාපොරොත්තු වන පරිදි ඔබ දක්වා ඇති අදහස් වලට එකඟ නොවෙන හා වන බොහෝ දෙනා පුළුවන්. ඒක නොවේ ප්‍රශ්නය, ඔබ ලියල තිබුන අදහස් වලටත් වඩා "ප්‍රතිගාමී" අදහස් ලියල තිබුන සමහර තැන් වල, ඔබට වගේ අතීත ජිවිතයට අපහාස කිරිල්ලක් වත්, වර්තමාන රස්සාව මොකක්ද කියල අහල වත් තියනවා මා දැක්කේ නැහැ. ඒකට හේතු ගණනාවක් තියනවා මාරයෝ!මේකෙත් ඔබ ඇනෝට ඉඩ දීලා නැති නිසා සමාජයේ ඇත්ත පැතිකඩ පෙන්නේ නැහැ.

    ReplyDelete
  25. /අර සීයට හයත් එක්ක එන විස්ස විජ්ජාල ඇදුරන්ගේ ළමයින්ට නැෂනල් ඉස්කූල් යැවීමට දෙන දීමනාවට මොකද කරන්නේ..? ආ... ඒකනං මක්කා කොරගන්න බැරිද නේද..?/

    මාරයො, ඉස්සර වෙලා සිහි කල්පනාවෙන් ෆුටා එකේ ඉල්ලීම් ටික කියවපන්, ඒ ඉල්ලීම් හයේ කීවෙනි එකේද මේ කියන ඉල්ලීම තියෙන්නෙ කියල පුලුවන් නම් මට බලල කියපන්. මහින්ද මහත්තයගෙන් හරි අහල කියපන්.

    උඹට ඕනම මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්න අයිතියක් තියෙනවා. හැබැයි මේ විදියට බොරු කියන්න අයිතියක් නැහැ. මම උඹට මී හරකා, ගොන කියල කියන්න යන්නෙ නැහැ. මොකද ඒවා උඹට ගැලපෙන්නෙ නැහැ.

    උඹ කියන හැම කතාවකම තියෙන අමන කම වහගන්න උඹ හැමදාම කියන අර මම එච්චර උගත් නැහැය කියල දාන මෝඩ පාට් එක මේ කමෙන්ට් එකට දාන්න එපා. ඒක වැදගත් නැහැ. කරුණාකරල උඹ කියපු දේට සාධක පෙන්නපන්.

    මේක උඹේ බ්ලොග් එක/ හැබැයි උඹ ලියන්නෙ පොදු අවකාශයක. උඹට වගකීම් විරහිත විදියට හැසිරෙන්න ඒකෙ ලැයිසන් නැහැ.

    කරුණාකරල උඹ ඔය කියපු කාරණේ ෆුටා ඉල්ලීම් හය ඇතුලෙ තියෙන තැන පෙන්වපන්. එහෙම නොවේ නම් උඹ නොදන්නා දෙයක් ගැන දන්නව වගේ කතා කරලාය කියල අවංකව පිලිගනින්. ඒක වටිනවා. ස්තූතියි!

    ReplyDelete