යාන්තං අගෝස්තු මාසේ අහවර උනා..දැන් ඉතිං සැප්තැම්බරේ... මේකත් ඉක්මනට ඉවර වෙලා යයි... කොහොම හරි ඉක්මනට දෙසැම්බර් ලැබෙනකල් තමා මං මේ ඉන්නේ... ඇයි ඒ කියලා අහන්න එපා...
රයිටෝ ගිය මාසේ මට බොහෝම කම්මැලි කමක් ගහපු මාසයක්.. ඊයේ රාත්තිරියේ අන්තිම මොහොතේ ලියා දාපු පෝස්ටුවත් එක්කල මුළු මාසෙටම පෝස්ට් 8 යි... එක දිගට ලියලා ලියලා කෙටි විවේකයක් ගන්න ඕන කියලා හිතුවත් ඔහොම පෝස්ට් 8ක් හරි ලිය වෙච්ච එකත් මදෑ..ඇත්තටම හිතං හිටියේ එකක්වත් ලියන්නේ නැහැ කියලා.. ඒත් කොහේද..කරුමෙට ලෙග්ස් 8යි කියනවනේ.. ඒ හින්දමද මංදා ලිපි 8කුත් ලියවුනා...
ලියන්න කියලා දැන් මේක පටන් ගත්තට මොනවා ලියනවද කියලා තාම හිතට ආවේ නැහැ..ඩිංගක් ඉම්මු බලන්න කොයි හරියෙන්ද අවුස්සන්න ඕන කියලා බලන්න...
........................................
.....................................
..................
ආ හරි අහු උනා...
ඔය වෙඩිංද මොකක්ද මඟුල් ජාතියක් තියේ නේද..? ඔව් ඔව් මං කියන්නේ අර කාටවත් කරදරයක් නැතිව පාඩුවේ ජීවත් වෙච්ච අහිංසක පුරුස පාර්සවයේ එකෙක්ව තඩලං ගෙහුන් පෝරුව කියලා කියන ලෑලි තට්ටුවකට නග්ගෝලා දෙන්න තියෙන දස වද ඔක්කෝම දෙවලා අන්තිමට අර අහිංසකයව ජීවිත කාලය පුරාවටම සදා දුකේ හෙළන ඒ භයංකර විපත්ති ජනක අවස්ථාව ගැන තමා...
ආන්න ඒ ජාතියේ මඟුල් අස්සේ තව තව මඟුල් සිද්ධ වෙනවා කියලා අමුතුවෙන් කියන්ට ඕනයෑ... මේ කියන්ට යන්නේ ඔය මඟුල් අස්සේ මට සිද්ධ වෙච්ච මඟුල් කීපයක් ගැන...
හා එයිට කලින් එහෙම මඟුලක් අස්සේ මට වැරදුන මඟුලක් ගැනත් මුලින්ම ලියමු...
අපේ බාප්පගේ ලොකු කොළුවා බැන්දනේ කේතලෙන්... ඉතිං ඒ කේතලෙන් බැන්ද මල්ල ගේන්න අපි ඒ කියන්නේ බාප්පගේ රැහේ උන් ටික ගියා කේතලේ... ඔය සැරින් සැරේ මගේ බ්ලොග් එකේ කොමෙන්ට් කොටන අපේ නඟාට කාරිය මේ සීන් කෝන් එක මතක ඇති මං හිතන්නේ.. මොකද ඒකිත් ගියා ඔය ගමනට...
ඉතිං ඔය ගමනෙදි දැන හඳුනගන්න ලැබුනා නෙව මටත් කෙලි පැටික්කියෙක්ව.. ඒ කෙලී කාගේ කවුද කින්ද මංද වැඩි විස්තරයක් මං දැනං හිටියේ නැහැ..හැබැයි ඒ දවස්වල කෙලී හිටියේ අපේ බාප්පලගේ ගෙදර නැවතිලා... මං හිතන්නේ කෙලීගේ මෑණියැන්දෑ විදේස ගත වෙලා හරි මොකක් හරි හේතුවක් වෙන්ට ඕන.. අපරාදේ කියන්ට බැහැ හුරු බුහුටි නංගි පොඩ්ඩ...
දන්නේ නැද්ද කුපාඩි වයසනේ ඔයතතමං හිතන්නේ ඒ වෙද්දී මට 16ක් නැත්තං 17ක් විතර ඇති.. ඔන්න ඉතිං මටත් අර කෙලීට හිත ගියා කියමුකෝ... කොහොම හරි අපි කේතලේ ගෙහුන් එන ගමනේදී ශය සම්බන්ධව වැඩි දෙයක් කෙරුනේ නැහැ කියලයි මට මතක..ඒත් දෙවැනි දවස තිබුන දවසේ..ඒ කියන්නේ බාප්පලගේ ගෙදර උත්සවේ ගත්ත දවසේ තමා මං මගේ ඒක පාර්ශවීය මෙව්වා එක ඒ නංගිට දැනුම් දුන්නේ.. මං හිතන්නේ ඒ කපු කම කලෙත් ඔය අපේ නඟා වෙන්ට ඕන... හනේ ඉතිං ඒ කෙලී හිනා වෙවී කොමළ පපා හිටියට මට මනාප උනේ නැහැ නෙව... කොහොම හරි කපු උන්නැහේලගේ කපු කමේ දෝෂ හින්දද කොහේද ඒක ගස් ගියා.. දවසම සෙම සෙවල ගෝනි ගානට පෙරලත් රෑ වෙනකල්ම හිනා වෙවී හිටියත් ඒකි නෙවෙයි හා කිව්වේ... මමත් ඉතිං ඒ වෙද්දී සන්තකේකට කියලා කෙල්ලෙක් එක්ක යාළු වෙලත් නැද්ද කොහේද... ඉතිං හා හා පුරා කියලා අහපු පලවෙනිම එකද කොහේද වෙච්ච මේක හරියන්නේ නැති පාටක් පෙනුනම මොකද කලේ අපේ අයියණ්ඩි කාරයත් එක්ක එදා රෑ දෙකක් නවාගෙන මඟුල් ගෙදර වෙරි මරගාතෙම නටලා නටලා පාන්දර අතේ ගෙදර ආවා.. අර කෙලීට පුංචිම හරි කැමැත්තක් තිබුණත් ඒකත් හේදිලාම යන්න ඇති ඒ වැඩෙන්... ඔන්න මගේ වෙඩිමක් අස්සේ පළවෙනි වෙඩිම...
දැන් කියන්ට යන්නේ දෙවැනි ෂීන් එක.. මේක උනේ අර සිද්ධියෙන් අවුරුද්දකට දෙහෙකට විතර පස්සේ... ඒ වෙනකොටනං මං කඩුලු එකක් දෙකක් පැනලා හිටියේ...
ඔය කියන වෙඩිම ඉතිං මට සුවිශේෂී මතකයක් ඇති එකක්.. ඒ කියන්නේ මාත් ඉස්ඉස්සෙල්ලම කෝට් බෑයකුත් ඇගේ දවටං යාළු මනාලයට ඇඳපු වෙඩිම.. ඔය වෙඩිමේ දෙවැනි දවසේම තමා අර අපේ ජුංඅලයා සිල්ප දක්වන්න ගෙහුන් සළු ගලෝ ගත්තේ...
ඉතිං දැන් කොහොම හරි මංතුමා තමයි මේ වෙඩිමේ දෙවැනි මනමාළතැන... දන්නවනේ ඉතිං ඒ දවස්වල වෙඩිමකට යන්නේම අපිත් වෙඩිමක් කර ගන්න බලාගෙනම වග... ඉතිං දැන් අපේ යාළුවන්ගේ පූර්ණ අනුග්‍රහය යටතේ වේලපහම මගේ පරම පවිත්‍ර මෙව්වා එක තමා දෙවැනි මනාලිට බැල්මට් එක දැමීම... ඒකට ඉතිං ඒ වෙඩිමේ මනාළයා වෙච්ච මගේ යාළුවා වගේම ඒ යාළුවාගේ මනාලි වෙන්න හිටිය ගෑල්ලමයත් මට වේලපහම සපෝට් කරන්න සූජානං වෙලා හිටියේ... ආයේ ඉතිං තව කෙල්ල දැකලා නැති උනත් වැඩේ දැන් සීයට අනූනවයක් විතර ගොඩ.. අර අඩු සීයට එක ඉතිං දෙවැනි මනාළිට හිටිය ඒ වෙනකොටත් මං දැකලා නැති මනමාළිගේ පුංචිගේ දුව මාව දැකලාවත් මට කමතිවත් නැති එක විතරයි.. එව්වනං කොහොම කොර ගන්න බැරිද..?
හරි කොහොම හරි වෙඩිමේ පළවෙනි දවස උදා උනා... ඒ කියන්නේ මනාළිගේ ගෙදර කටයුතු... හප්පා වින්ද වදයක්..පට්ට ගිරීස්ම කාලේ කෝට් බෑයකුත් දවටං මනාලිට මල් පොකුරු දෙන්නයි..විරිත්තං පොටෝ වලට ඉන්නයි.. හෙලවෙන්නේ නැතිව ඇස් පිල්ලං නොගහා කැමරා දිහා බලා ඉන්නයි.. අරූ යන යන තැන්වල පස්සෙන් නැට්ට වගේ එල්ලිලා ඉන්නයි රටේ තියෙන දුක් ඔක්කෝම වින්ඳා...
ඔන්න ඔය අතරේ ඉතිං මං දෙවැනි මනමාළිවත් දැක බලාගත්තා කියමුකෝ.. හප්පට සිරි ඒකත් නරකම නැහැ... මුලින්ම උන්දැව දැක ගත්තේ අර මනාලයට කලින් දෙවැනි මනාලයා ගෙහුන් මනාළිටයි දෙවැනි මනාළීටයි මල් පොකුරු දෙන්න තියෙන ෂීන් එකක් තියේනේ.. අන්න ඒතැනදී තමා..ඒත් අර උලව් කැමරාකාරයා මට කෙලීගේ මූණු පොඩ්ඩ දැක බලා ගන්න දෙන්නෙම නැහැ...දෙවැනි මනාළිට මල් පොකුර දෙන එක පොටෝ අල්ලද්දී මං ඉතිං කෙල්ලගේ මූණ දිහා බලන්න හදනවා හිතේ හැටියට දැක බලා ගන්න..ඒත් අරෑ කෑ ගහනවා හා හා දෙන්නම මල් පොකුර දිහා බලාගෙන ඉන්න කියලා.. උගේ ආච්චිට.. ඇයි යකෝ ඔය ප්ලාස්ටික් මල් දිහා බලං හිටියා කියලා අහවල් ලබ්බක් ලැබෙනවයෑ.. අර වගේ සුදු මූණක් දිහා බලන්න නොදී මූ රෙද්දක් කියෝනවා.. අම්මපා ඌවයි උගේ කැමරාවයි එක්ක මට නහුතෙට කේන්ති එදානං...
කොහොමින් හරි ඒ වෙලාවේ යන්තමට මූණ දැක බලාගෙන පස්සේ ඉතිං හිතේ හැටියට බලා කියා ගත්තා... ඒත් ඉතිං කෙල්ලගේ ගෙදරනේ..වැඩිය නෝන්ඩි වෙන්න බැරි හින්දා මං නෙවෙයි සෙම සෙවල පෙරන්න ගියේ..පුල් රෙස්පා එකේ හිටියා එදා දවසම.. වරෙංකෝ දෙවැනි දවසට අපේ පැත්තෙත් කියලා හිත හදං... කොහොම හරි එදා මට දෙවැනි මනාළී එක්ක කතාවක් කරන්න උනේම නැහැ... හැබැයි ඒකටත් එක්ක හරියන්න මඟුල් ගෙදර ජයමංගල ගාථා කායන්න ඇවිත් හිටිය කෙල්ලෝ හතරදෙනා එක්ක පැල් බැඳගෙන කයිවරු ගගහා හිටියා...
ඔන්න දැන් පුල පුලා බලා සිටි දෙවැනි දවස...මනාලයගේ ගෙදර... අර අපේ ජුමාගේ අද්විදීතිය රාත්‍රිය උදා උන දවස...
ඉතිං කොහොම හරි එදාත් ජෝඩුව කැටුව ආවා කියමුකෝ.. ඒ එක්කම ඔන්න මනාළිගේ පාර්සවේ ඥාතීන් ටිකත් ආවා... හම්මේ..ඔන්න ඉතිං දෙවැනි මනාලිත් සූකිරි කැටේ වගේ බැබළ බැබළි ඉන්නවා..හුට්ටපරි ජාලං මෙන්න අර ජයමංගල කෙල්ලෝ දෙන්නෙකුත් ඇවිත් ඒ එක්කලා... අර එදා ළමා සාරි ගහං හිටියා වගේ නෙවෙයි අද උන් දෙන්නත් මොණර පැටවු වගේ.. පිළී විහිඳගෙන.. කොහොමත් ඉතිං උන් එදත් මාත් එක්ක ෆිට් එකේ හිටිය උන්නේ.. මං උන් එක්ක කතාවක් දාගෙන හිටියා පැත්තකට වෙලා... මල කෙලි 17යි මෙන්න කෙල්ලෝ දෙන්නා මගේ කරේ යනවා... බැලින්නං උන් දෙන්නම එකම ලයින් එකේ එන්නේ.. ඔය අස්සේ මගේ යාළුවගේ අභිනව වයිපරේ ඒ කියන්නේ මනාළිය ඇවිත් මට රවලා මෙහෙට වර කියපි... මාත් ගියා ඉතිං මොකාද එකා වගේ...
"මොනවද අර උඩැක්කි දෙක එක්ක ඔය තරං කතාවක්.. අර කෙල්ල අප්සට් ගහලා ආං..තමුසේ ගැන කියලා අපි ඒකිව ෂේප් කරලා තියෙන වෙලේ අර ඩබල එක්ක මොන මඟුලක් කරනවද..? ඕකුන් දෙන්නා අද එන්නත් නෙවෙයි හිටියේ..ඒත් අන්තිම වෙලේ එල්ලිලා තියෙන්නේ තමුසේ එදා පැණී හලලාද කොහේද..? තමුසේ දැන් ඔය දෙක කරේ ගහ ගන්නවද අරකිට වචනයක් දෙනවද..?"
කාලා වරෙංකෝ මල තොප්පියයිනේ...
මං ඉතිං අපේ අළුත ගෙනා මනාළිට බටර් පාරක් ගාලා යන්තං අර දෙකෙන් ටිකක් වහං වෙලා හිටියා... ඔය අස්සේම කොහොම හරි දෙවැනි මනමාලි උන අර සූටි නංගිත් එක්කත් යන්තං කතාවක් දාගන්න අවස්ථාව හම්බ උනා වගේම කතා කරපු වචන දෙතුන් සීය අතරේ කෙල්ල හා කියලත් කියපි... හරි දැන් ඔන් මාත් වැඩක් සැට් කර ගත්තා...
මෙතෙනට එනකල් කතාව හොඳ උනාට එයින් පස්සේ කතාව ඒ හැටි හොඳ එකක් උනේ නැහැ.. ඇයි එහෙම උනේ.. කාගෙද වැරැද්ද..? ඒ කතාව පසුවට...
:)
ReplyDelete:)
Deleteඈ............
ReplyDelete////////අහිංසක පුරුස පාර්සවයේ එකෙක්ව තඩලං ගෙහුන් පෝරුව කියලා කියන ලෑලි තට්ටුවකට නග්ගෝලා දෙන්න තියෙන දස වද ඔක්කෝම දෙවලා අන්තිමට අර අහිංසකයව ජීවිත කාලය පුරාවටම සදා දුකේ හෙළන ඒ භයංකර විපත්ති ජනක අවස්ථාව ගැන තමා...////////
අනේද කියන්නේ.....
දැ ඔය ඔයතරම් දගලලා තියෙන්නෙත් ඔය ටික කරගන්න නේදෑ මාරයියේ..........
Delete//////අහිංසක පුරුස පාර්සවයේ එකෙක්ව තඩලං ගෙහුන් පෝරුව කියලා කියන ලෑලි තට්ටුවකට නග්ගෝලා දෙන්න තියෙන දස වද ඔක්කෝම දෙවලා අන්තිමට අර අහිංසකයව ජීවිත කාලය පුරාවටම සදා දුකේ හෙළන ඒ භයංකර විපත්ති ජනක අවස්ථාව ගැන තමා.../////
Deleteඅනේද කියන්නේ.....
දැ ඔය ඔයතරම් දගලලා තියෙන්නෙත් ඔය ටික කරගන්න නේදෑ මාරයියේ..........
කරගත්තනංනේ ඒ...
Deleteකොහොමත් පස්සෙන් යන කාලෙට වඩා එකට යන කාලේ මෙව්ව එකක් නෑ තමා.ඉතිං කෙල්ල බේරුණානෙ?
ReplyDeleteඊ ළඟ ඊ ළඟ...
Deleteඊළඟට උඹට මල මගුලක් උනාද?
ReplyDeleteඑව්වට කියන්නේ නල්ල මලේ මඟුල් කියලා...
Deleteඅහිංසක පුරුස පාර්සවයේ එකෙක්ව තඩලං ගෙහුන් පෝරුව කියලා කියන ලෑලි තට්ටුවකට නග්ගෝලා දෙන්න තියෙන දස වද ඔක්කෝම දෙවලා අන්තිමට අර අහිංසකයව ජීවිත කාලය පුරාවටම සදා දුකේ හෙළන ඒ භයංකර විපත්ති ජනක අවස්ථාව ගැන තමා..
ReplyDeleteලෑලි තට්ටුව හදන එකාගේ පණ්ඩිත කම (කලින් දැනුම් දීලාත් උගේ උසට තට්ටුව හැදීම) නිසා මට ඔළුව එලියට දාගෙන හිටන් ඉන්නත් වුනා ඔය දස වධ වලට අමතරව..
ඔන්න ඔය තියෙන්නේ ඇස් පනාපිට උදාහරණ...
Deleteඅවාසනවාට ඇත්ත කතාව ඊළඟට වගේ :D
ReplyDeleteහරියටම හරි...
Deleteකොහේද ඉතින් අයියටත් කොමන් සෙන්ස් මෙව්ව එක ඇත්තෙම නෑනේ
ReplyDeleteඒකනේ කේෂ් එක...
Deleteමොකෝ කෙල්ල අර වරදට සමාව ඉල්ලන ජාතියෙ එකක්ද??
ReplyDeleteඅනේ නැහැ..ඒවනං ප්රශ්නයෑ...
Deleteමාර ගොයියා බොලේ ලේසියෙන්ම ගොඩ ගිහිල්ලා නොවැ...
ReplyDeleteනිළමෙ ඇදුම පාන්දර 2 ඉදන් ඇදගෙන පුපුරන්න එන මුත්තරා බොක්කත් එක අතකින් අල්ලගෙන... විදින්න තියෙන දස වද ඔක්කොම විදගෙන සිරා දෙවැනි මනමාලය විදියට සහභාගි වුන වෙඩිම දෙකේම දෙවැනි මනමාලියො ඒ වෙද්දිත් කොල්ලන්ට සැට් වෙලා නොවැ හිටියෙ... හරිම වේදනයි...ඉස්කෝලෙ යන වයසෙදි කෙල්ලන්ට ලව් කිරීම තහනම් කොලා නම් අපි වගේ උන්ට මේ වගේ තැනකදි හරි ගොඩ යන්න තිබුනා...
හොඳ වෙලාවට මේ කෙල්ල ඒ වෙනකොටත් ඉස්කෝලේ යනවා...
Deleteඉවරවෙන්ඩම ඩාන්ඩකෝ මෙයා ඩාන වෙඩිමක්! උෆ්ෆ්ෆ්!
ReplyDeleteදානවා දානවා..මේ දානවා...
Deleteඑළ කතාව.සූටි නංගි හරි ගියානේ...
ReplyDeleteවැඩේනං හරි..ඒත්...සුටි නංගි පව්...
Deleteදැං යන සෑම්පලේ හැටියට ඒ ඒ දෙවනි මනමාලයන්ට ම ඒ ඒ දෙවැනි මනාමාලියො බාර ගන්ට වෙනවා!!!
ReplyDeleteසමහරු වෙඩිම අස්සෙම දෙවැනි ජෝඩුවත් හොරෙන්ම පෝරුවට නඟින වෙලාවලුත් තියේ...
Deleteona maraya aiye oyage story tikath okkoma kiyawala iwarai.sahena gemak dunna.mokada 4n ekenne net enne.pansal kathawa aya liyannako aiye.ekata thama godakma kamathi.suba pathum aiye.
ReplyDeleteබෝහෝමත්ම ස්තූතියි... ඔය ටික කියවලා ඉවර කරන එක ලේසි වැඩක් නෙවෙයි... ඒ දේ කලාට මෙන්න මගේ නැවතත් ස්තූතිය...
Deleteසයියෝ සයියෝ.. ඒ කියන්නේ පස්සෙ වැඩේ චොර වුනාද?
ReplyDeleteඅර කෙල්ලො දෙන්නත් පව් මාරයියේ !
මොනවා කරන්නද සෑමා... මගේ හඳුන් පොත කීං ගානවා ඒ ළමයි දෙන්නට පිහිටක් වෙන්න බැරි වීම ගැන..මොනවා කරන්නද ලෝකය හරි කූරයිනේ...දෙන්නට බැහැ පෙම බෙදලා නෙව...
Deleteඅපි තුන් මුල්ලටම වෙලා ඉමු මූනට මුන බලා කියල තියා ගන්න තිබ්බෙ අයියෝ !
Deleteඔය කළේ වැඩක් !!! අනිත් දවසෙ නම් මෙයාගෙ පෝස්ට් වල මුලින්ම බලල ඉන්නෙ අන්තිමට මොකද වුණේ කියලා.....
ReplyDeleteඅහ්..අනිත් එක්කෙනා අර මෙගා අඳිනකොට හොඳා.. අපි කලොත් නාකයි..කාට කියන්නද මේ දුක..?
Deleteඅපෝ.. කෙල්ලොනම් අරහන්... ලව්නම් කොහොමත් එපා..... :D
ReplyDeleteපොරවේසමට ඕන ඔය වගේ බරපතල ප්‍රකාශ නිකුත් කරන්න...
Deleteමේ වෙනකොට කෙල්ලෝ කී දෙනෙක් ගැන කියලා තියනවද කියලා මම මේ කල්පනා කලේ
ReplyDeleteතාමනං ඒ හැටිම නැහැ මං හිතන්නේ... ඒවත් එකින් එක එළියට ඇදෙයි මේ වගේ...
Deleteඉතුරුටික තමා වැදගත්ම.....කෝ ඒ ටික....
ReplyDeleteමේ තියෙන්නේ...
Deletehttp://ctkumara.blogspot.com/2012/09/blog-post_2.html
වෙන වැඩනම් කුජීතයි
ReplyDeleteමක්ක කියලා කොරන්ටෙයි...
Delete//ඔන්න ඉතිං දෙවැනි මනාලිත් සූකිරි කැටේ වගේ බැබළ බැබළි ඉන්නවා..හුට්ටපරි ජාලං මෙන්න අර ජයමංගල කෙල්ලෝ දෙන්නෙකුත් ඇවිත් ඒ එක්කලා.//
ReplyDeleteඑකක් මදිවට තුනක්ම ..... මාරයිනෙ නෙ මාරයෝ!
දෙන දෙයියෝ පෙරලගෙන දෙන කාලයක් තිබුනා නෙව...
Deleteලිපිය සම්පූර්ණයෙන් කියව්වෙ නම් නෑ..මාතෘකාවේ හැටියට මම හිතුවෙ මාරයාට මගුලක් සෙට් වෙලා කියලා...
ReplyDeleteමල්ල ඔබලා බලලා හරියන්නේ නැහැ...
Deleteමාර මල්ලි මේක කියවලා නම් මාර රසයක් වින්දා බං. අර උඹ මනමාලයා ගැන ලියලා තියෙන එක ගැන මම මුකුත් ලියන්න යන්නෙ නෑ මොකද මාත් මේ ඇනිවසරිය පහු කරලා දවස් තුනයි ඒ සාහසික කතාවට උඹට නිසි දඬුවම් හම්බවෙයි වෙලාවට.
ReplyDeleteඋඹ ගුටිකන කොට හැලුප් හැලුප් කියලා කෑගැහුවට අපිටනං කරන්න දෙයක් නෑ. මේ ටිකේ මග ඇරලා හිටු!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඉතිං බං අයියේ ඒ ඇනවසරිය දවසේ බොලා මොකක්ද ඒ දුක්බර අවස්ථාව සිහිපත් වීම පිණීස කලේ.. ඇඩුවද..?
Deleteඑහෙනං ඊලග එකත් බලන්නම එමුකෝ.. :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සුභ..? අනේ මංදා...?
Deleteසූටි නංගි මාරයාගෙන් ගැලවුනාද නැද්ද කියලා බලන්න නම් ඊළඟ කොටස බලන්නම වෙනවා..
ReplyDelete:D
ජය වේවා!!!
ආන්න ඒ කොටසත් මේ දැන් නිකුත් කලා...
Deleteඅහිංසක පිරිමියෙක්ගේ ඇසින් වෙඩිමක් දකින ආකාරය ...සෑහෙන්න හිනා ගියා මේ කතන්දරේට . හෙට ඉතුරු ටික දාන්න හොඳේ .
ReplyDeleteඅහිංසකයින්ගේ දුක... අන්න දැම්මා අළුත් කෑල්ල...
Deleteතවත් එක් ප්‍රේම පුරාණයක්
ReplyDeleteශෝකාන්තයක්..!
Deleteවටිනාම කතාව පසුවට වගේ.. ඒකත් බලමුකෝ එහෙනම්..
ReplyDeleteනොදකිං උබ වගේ උං හිටුවා පස් ගහන්න ඕනෙ. මං දෙවෙනි එක කියවලයි මේක කියවන්ඩ ආවෙ.
ReplyDelete