10 September 2012

කඩේ වසා මාරයා නිවාඩු ගොස් ඇත...


හොද්දක් බතක් උයා
ගේ දොර අස් පස් කොරලා..
නෙට් එක පුරා ගෙහුං
තියෙනා හැම දේ බලලා..
හිතේ හැටියට ඔහේ පාඩුවේ
ඉන්ට දවසක් මට ඇවිල්ලා..
අද නිවාඩු අද නිවාඩු
උපරිමෙන්ම අද නිවාඩු...

බයිසිකලේ ඔහෙ තිබියං
අද බහින්නෙ නැහැ එළියට..
වැහිනවනං අද වැහැපං
ඒකෙන් කම් නැහැ නොවැ මට..
යන්ට තැනක් නැහැ
දඟලන්ට දෙයක් නැහැ..
හොඳට කාලා ඇඳට වැටිලා
දොයියනවා ඇති පදමට..



54 comments:

  1. මොකෙක් හරි කඩාවැදිලා මාරයගේ මාර අතල් එක කාපියෝ

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කෝ බොල මේකෙ ඩිලීට් ඔප්ෂන් එක...

      මම දෙවෙනියට එක.. :)

      Delete
    2. හික් හික්..මං ස්කිරිං සොට් එකක් ගෙනත් මෙතැන දාන්ටෙයි..?

      Delete
  3. "දොරගුලු ඇරලා එබී බැලූවිට
    රෝස මලේ බඹරෙක් වහලා.."

    ReplyDelete
    Replies
    1. එහෙමනං බැරියෑ...වල් අස්පයෝ රෝස මල භක්ෂණය කරලා නෙව...:D

      Delete
  4. ආඃ .... එහෙනම් අද පෝස්ට් දෙක තුනක් වැටෙයි.

    ReplyDelete
  5. ගෙදර ඉන්න එකේ එහෙනං ආවොත් නරකද අපේ දිහාවේ.... අපේ බයිසිමොටෝ චාරිකාව බලන්න....


    මම සිරාගෙ කාමරේ සිරා

    ReplyDelete
  6. නින්දට බදා කරමින්,
    පැය බාගෙන්,
    පැය කාලෙන්,
    #$%$@&^*%$#@ හඩනගමින්,
    චුඋං පාන් වෑන් වරෙන්.

    ReplyDelete
    Replies
    1. මේ දැනුත් එකක් යනවා කන ළඟින්..

      Delete
    2. අඩේ මුගෙ කවිය මාරයගෙ එකටත් වඩා හොඳයි මට නම්!
      වැඩේ කියන්නෙ වෙනද පුරුද්දට මම #$%$@&^*%$#@ කුණුහබ්බයක් විදියට උච්ඡාරණය කල එකයි!:D

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  7. ඉරීසියාවේ බැහැ බොල මාරයියේ..

    ReplyDelete
  8. වැහිනවනං අද වැහැපං
    ඒකෙන් කම් නැහැ නොවැ මට..

    සික් මූ වගේ ආත්මාර්ථකාමියෙක්

    ලයිටුත් කපලා....
    හොඳ සැරේට ඉර පායන්න ඕනි:)

    ReplyDelete
    Replies
    1. ඇයි,
      වතුර නැතිවෙයං
      ගෑස් ඉවරවෙයං

      Delete
  9. උඹ බුදියගනිං. එතකොට එදා වගේ මේකෙ මොකෙක් හරි දාන්නැතැයි විකාර කොමෙන්ට් එකක්.

    ReplyDelete
  10. හ්ම්ම් පේනව බුදියන බවනම් .

    ReplyDelete
  11. bukiye nangila tika
    awidin hani hanikata
    umbawa hoyanwa hamathana

    ReplyDelete
  12. අඩේ අපට නිවඩු නෑනේ..

    ReplyDelete
  13. උඹ ඉතින් ජොබ් එක කරනව කියලත් කරන්නෙ ඔය ටිකමනේ....! ආයේ මොකක්ද ඔච්චර ආතල්....?

    ReplyDelete
  14. ඔය මොනවා කරන්නත් පැය 24 දවසට හොඳේ
    (මෙයාගේ චූන් එක හරියට මාසයක නිවාඩුවක් ලැබිලා වගේ)

    ReplyDelete
  15. මේක කාව හරි ඉලක්ක කරගෙන අනික් අයට ඉරිසියාව හදවන්න ලිව්ව එකක්.මාර කුමන්ත්‍රණයක් :)

    ReplyDelete
  16. මුන් මහ කඩාකප්පල්කාරී රසිකයො ටිකක් නෙව. උඹ නිදාගනිං බං. රුසියාවට වැඩිය ලොකුයි මුංගෙ ඉරිසියාව!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  17. ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා.......

    ReplyDelete
  18. මාරයියේ.....මං බ්ලොග් වලට ටිකක් නවකයෙක්......මගේ බ්ලොග් එක දිහාවෙත් ඇවිල්ල බලල මටත් පොඩි සහයෝගයක් දෙන්න හොඳේ......

    http://hadagassma.blogspot.com/

    ReplyDelete
    Replies
    1. කරපු ආරාධනාව පිළිඅරන් මේ පැත්තෙ ඇවිදින් ගියාට මාර අයියට ගොඩක් පිං. තාම අළුත් නිසා පොඩි පොඩි වැරදි සිද්ධවෙනව. සමාවන සේක්වා!!!! මේ විදිහට වැරදි හදාගන්න ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලැබෙනව නම් ඒක ලොකු හයියක්. දුන්නු උපදෙස් ඉහළින්ම පිළිපදින්න වග බලාගන්නව.

      Delete
  19. හී හී..හොඳයි හොඳා.................යි මාර මාමේ :)

    ReplyDelete
  20. සුභ සිහින පෙනේවා!!!

    ReplyDelete
  21. ඉරිසියාවෙ බෑ.....

    ReplyDelete
  22. අනේ සුදු වෑන් එකක්වත් වරෝ....

    ReplyDelete
  23. මට ඊයෙ උනා වගේ අල්ලපු ගෙදර එකා අර බෲම් බෲම් ගාන මැශින් එකකින් දවසම උන්ගෙ වත්තෙ තණකොල කපපිය ! හුහ් නිදියයි එතකොට මේන් කියලා.. තාමත් කන් දෙක ඇතුලේ ඒ සද්දෙ එනවා එනවා වගේ !

    ReplyDelete
  24. පිසින ලද බත් ඇත්තෙමි
    දොවාගන්නා ලද කිරි ඇත්තෙමි
    මහී ගංතෙර වෙසෙමි
    මගේ කුටිය නොතෙමේ
    ගින්නද දල්වා තිබේ
    මේඝය කැමැති නම් වහින්න

    - ධනියගෝපාල -

    ReplyDelete
    Replies
    1. වැහලා මහී ගංතෙර පිටාර ගැලුවොත් කොහොමද ?

      Delete
  25. thama maraya nidi wage.naththam mewata reply karanawane.ane maduruwekwath kapiya.

    ReplyDelete
  26. ජීවිතේ සුන්දරම කාලය නිදගන්නා කාලය කියනවනෙ

    ReplyDelete
  27. මෙයා දොයියනකම් ඉඳලා අන්න රස සරණියටත් මඩ ගහලා..

    ReplyDelete
  28. මාරයා කෑල්ලක්වත් ගෙනල්ලා වෙන්ඩැති බොලව්.නැත්තං හැමදාම ඔහොම නිවාඩු හම්බෙනවා ඔච්චර චූං යනවැ..

    ReplyDelete
    Replies
    1. මගේ කොමෙන්ට් එක දැම්මට පස්සේ මේක දැක්කේ..

      ++++++++

      Delete
    2. @ දිනුක

      මම ලයික් ඔයාගෙ එල කතාවට :P නැත්තම් මොකටද අච්චර ජොලියක්

      Delete
  29. මූ කුම්භකර්ණයෙක්ද බොලව් මෙච්චර වෙලා බුදියන්න. (මාරියාවක්වත් කාමරේ ඉන්නවද දන්නෙ නෑ.)

    ReplyDelete
  30. කෝමද අයියා පරණ කෑල්ලක් එහෙම ඇවිත් ඩෝ එකට පොඩි නොක් පාරක් දැම්මනම්.. රෙස්ට් එක්ක ෂැප කනේ නේ.

    ReplyDelete
  31. යකෝ මූ තාමත් නිදිද

    ReplyDelete
  32. රුසියාව මොන තරම් පුංචි රටක්දැයි හැඟුනි..හපෝ මෙහෙමත් උන් ටිකක්...

    ReplyDelete
  33. කවි ටික නම් පංකාදු පහයි. ඒත් අපි මෙ රංගිගෙ කතාව අහන්න කට ඇරගෙන බලාගෙන ඉද්දි මේකා ගොරව ගොරව නිදි.

    ReplyDelete
  34. මේ කිවුව විදිගට නිදා ගත්ත දවසක් මතක නෑ.. මම මේක කියවද්දි මාරයා නිදාගෙන නැගිටලත් ඇති.. ඒ හන්දා මුකුත් කියන්නේ නෑ.. :)

    ReplyDelete
  35. ඒයි මාරය ඇහැරපං යනෝ දැන් එළිවෙලා.....

    ReplyDelete
  36. ඊයේ උදේ පාන්දරම
    එකෙක් ඇරියා මාරයාට
    රිදුනා යකෝ හම්බානට
    දුන්නේ පෝස්ට් කරකැවෙන්ට
    රංගිට උන සංගේ දැකල
    නිවාඩු ගෙන මාරා ගියා

    ReplyDelete
  37. මදුරු මල්ලි රූං කියාපාන්......
    මාරයියාගෙ කන ලගගින්ම
    රූං කියාපාං

    ReplyDelete
  38. මාරයාගේ නින්දට බාදා කෙරෙත්වා ....!!!!

    ReplyDelete
  39. හෙළයින් වන අපට ඊට වඩා සැපතක් ඇත්ද?

    ReplyDelete
  40. නිවාඩුනං ආතල් එකේ හිටහංකො මේ පෝස්ට් ලිය ලිය දඟලන්නෙ.........

    ReplyDelete