මේක මේ ඡන්ද කතාවක් උනත් එක අතකින් පන්සල් කතාවක් කියන්ටත් ඇහැකි එකක්... මේක ලියන්ට හිතුනේ මේ ඊයේ පෙරේදා මැතිවරණ රාජකාරිය ගැන අපේ ගාමිණී අයියා ලියලා තිබුන මසුරං වටින ලිපිය කියෙව්වට පස්සේ...
ඒක බලන්ට ඕන අය මෙතැනින් යන්ට...
හරි අපි එමු අපේ කතාවට...
මේක සිද්ධ උනේ මංතුමා පැවිදි වෙලා ඉන්න කාලේ ඒ පන්සලට හැතැම්ම හත අටක් එහායින් තිබුන පන්සලක... හැතැම්ම හත අට උනත් මොකද මාත් නිතර දෙවේලේ ගොඩ වෙන පන්සලක් ඕක... මොකද ඔය පැත්තේ නිතර පිරිත් දේශනා වැටෙනවා... මාත් ඉතිං පිරිත් වැඩේට ටිකක් තදින් බැඳිලා හිටිය හින්දා ඒ පැත්තේ නිතර කරක් ගහන්ට වෙනවා...
ඔය කතන්දරේ සිද්ධ උනේ අපේ ජේවීපී අප්පුහාමිලා ටික සංධානයක් හදාගෙන සිරි ලංකා එකට හේත්තුව දාපු වෙලේක... මට මතක විදියට ඒ චන්දෙදි වෙන්න ඕන මුලින්ම බුලත් කොලේ චන්ද ලකුණ හැටියට යොදාගත්තේ.. කලින් අත තිබිලා පස්සෙන් පහු අත පුටුව වෙලා..එයිනුත් පස්සේ තමා ඔය බුලත් කොලේ ආවේ... ආන්න ඒ වෙලාවේ තමා මේක උනේ කියලයි මට මතක...
ඉතිං ඔන්න ඡන්දයක් ආවා... මට මතක හැටියට ඒකත් මහ මැතිවරණයක් වෙන්ට ඕන... කොහොම හරි ඒ ඡන්දෙදී බුලත් අතකුත් අරං ජේවීපී අප්පුහාමිලා කිහිප දෙනෙක් මං වහන්සේ හම්බ වෙන්ටත් ආවා පන්සලට.. කල් ඇතිවම ඡන්දේ දෙන්නේ කාටද කියලා තීරණය කරලා තිබුනත් නිකං ඉන්ට බැරි කම්මැලි කොමට උන්දලත් එක්ක කතා බහට වැටිලා අන්තිමට කට්ටිය ගියේ හිත් නරක් කරගෙන... හරි ඒ කතා මොටද මෙතනට.. අපි යං කතාවට...
ඉතිං මං මේ කියන පන්සලේ නායක හාමුදුරුවෝ ඒ වෙනකොට බොහෝම වයසයි..ඒ වගේම දුරුවලයි... යන්තං කවුරු හරි වත්තං කොරගෙන තමා එහෙට මෙහෙට එක්ක යන්න හිටං වෙලා තිබුනේ...ඇහීමේ ශක්තිය වගේම පෙනීමේ ශක්තියත් බොහෝම දුරුවල මට්ටමක තමා තිබුනේ... වයස අවුරුදු අනූ හයක් විතර වෙච්චි කෙනෙකුට ඉතිං ඔය වගේ තත්ව ඒ හැටි අරුමයක් නෙවෙයිනේ... හැබැයි සිහි කල්පනාවනං ඔන්න බොහෝම හොඳ මට්ටමේ තිබුනා...ඒ වගේමයි කතා කිරීමේ හැකියාවත් නරකම නැහැ...
නායක හාමුදුරු නමක් උනත් පන්සල් පහ හයකට විහාරාධිපති උනත් දැන් මේ දුරුවලතා හින්දා උන්නාන්සේ ඒ තනතුරු හොබවන්න ගියේ නැහැ.. තම තමුන්ගේ සිස්සයෝ වෙච්ච හාමුදුරුවරුන්ට ඒ ඒ බලතල පවරලා තමුන්ගේ පාඩුවේ හිටිය කාලේ... ඒත් ඉතිං පිරිතක් එහෙම වෙලාවට කාගෙද කියලා අහලා තමුන්ගේ උවමනාවෙන්ම ඇවිත් අනුශාසනාවක් එහෙම කරන අවස්ථාත් තිබුනා ඉඳ හිට... හැබැයි ඉතිං ඒකට උන්නාන්සෙව වඩම්මන්ට වෙනමම මහන්සියක් ගන්ට ඕන.. ඒත් පළාතේ මිනිස්සු උන්නාන්සේ වැරදිලාවත් වඩිනවා කිව්වොත් බොහෝම කැමැත්තෙන් ඒ සඳහා කටයුතුත් සම්පාදනය කලා...
මේ නායක හාමුදුරුවෝ ඇවිල්ලා බොහෝමයක් පැරණි දේසපාලකයෝ ළඟින් ඇසුරු නිසුරු කරපු කෙනෙක්..කොටින්ම ඩී ඇස් මහත්තයා..ඩඩ්ලි මහත්තයා වගේම බණ්ඩාරනායක උන්නැහේ සහ මැතිණියවත් දැන ඇඳුනුංකං ඇතිව හිටිය කෙනා.. හැබැයි අලියගෙන් තොර ලෝකයක් නැහැ... බණ්ඩාරනායක උන්නැහේ උන්නාන්සෙට බොහෝම උදව් පදව් කරලා තිබුනා උනත් ඩී ඇස්ට තිබුන බැඳීම අවසන් මොහොත දක්වාම අතෑරිය කෙනෙක්නං නෙවෙයි... කෙටි වචනෙන් කිව්වොත් තනි අලියා...
ඉතිං ඔය උන්නාන්සේගේ අලියට ඇති බැඳීම කොයි කවුරුත් හොඳින්ම දැනං හිටියා... ඒත් ඉතිං අනිත් දේවල්වලදී දේශපාලනේ ගාව නොගෙන වැඩ කරන හින්දා කවුරුවත් උන්නාන්සේ එක්ක ඒ පිළිබඳව ආරෝවක් තිබුනේ නැහැ...
ඔහොම ඉන්න අතරේනේ මං කිව්ව මේ ඡන්දේ ආවේ...
වයස හින්දා අමාරු උනත් නායක හාමුදුරුවෝ බොහෝම මනාපයි ඡන්ද මධ්‍යස්ථානයට ගෙහුන් කොහොම හරි අලියට කතිරේ ගහලා තමුන්ගේ වැඩ කොටස කොරලා එන්න.. ඒත් අවුරුදු කීපයකින්ම තිබුන එකම ඡන්දයකටවත් උන්නාන්සේට ඡන්දේ දාන්න වෙලා තිබුනේ නැහැ... මොකද උන්නාන්සේව බාරව හිටිය ඒ වෙනකොට වැඩ බලන විහාරාධිපති උන ධම්මාරාම හිමියන් ජේවීපියට සම්බන්ධකං තිබුන කෙනෙක් වීම නිසා... ඡන්දයක් කිට්ටු වෙද්දී නායක හාමුදුරුවන්ට වෙනදට වඩා බෙහෙත් හේත් ටික එහෙම හොයා සපයලා දීලා වෙනදට වඩා අසනීප ගති වැඩියි වගේ පෙන්නලා ගමන් බිමන් යෑම එච්චරට හොඳ මදි කියලා උන්නාන්සෙට ඒත්තු ගන්නලා ඒ ගමන නොයෙදෙන තැනට කටයුතු කරනවා... ඒ ඇරුනමනං උන්නාන්සේ නායක හාමුදුරුවන්ට බොහෝම හොඳින් ඇප උපස්ථාන එහෙමනං කලා...
තමුන්ව මෙච්චර හොඳින් බලා ගන්න ගෝලයාට පිටින් යන්න ඇති අකමැත්ත හින්දාම නායක හාමුදුරුවන් උනත් ඉවසා වදාරා හිටියා..ඡන්දේ අමතක කරලා... හැබැයි මේ පාර ඡන්දේ වෙලාවේ ගෝල හිමියන්ගේ වටේ හිටිය ඇම්බැට්ටයෝ ටිකක් ලොකු ගැටයක් ගැහුවා... ඒ තමා නායක හිමියන්ගේ ඡන්දය මේ පාර බුලත් කොලේට දම්මගන්න...
ගෝල හිමියනුත් මේ වැඩේ දැන ගෙන හිනා වෙවී බලං හිටියා මිසක් මුකුත්ම කරන්න ගියේ නැහැ... දැන් මේ ප්ලෑනට අනුව අර ගෝල හිමියන් වටේ හිටිය ජේවීපී මල්ලිලා අයියලා ටික පුළු පුළුවන් වෙලාවට පන්සලට ඇවිත් කතා බහ කර කර ඉන්නවා නායක හාමුදුරුවන්ට ඇහෙන්ට...
"මේ පාර අලියා ලකුණ නැහැනේ.. අලියා වෙනුවට මේ පාර තියෙන්නේ බුලත් කොලේනේ..දෙකම කොල පාටනේ... මේ පාර ඉතිං අලියා වෙනුවට බුලත් කොලේට තමා කතිරේ ගහන්න වෙන්නේ.." ආදී වශයෙන්...
නායක හාමුදුරුවොත් දැන් මේ කතා අහ අහ ඉන්නවා මිසක් වැඩි කතාවක් නැහැ..මොකද උන්නාන්සෙට කොහොම උනත් ඡන්දේ දාන්ට යන්ට නොලැබෙන බව දන්න හින්දා... ඔහොම ඉඳලා අවසානෙදී ඡන්ද දවසත් කිට්ටුවට ආවා...
මෙදා පාරත් ඡන්දේ දමන්ට නොලැබෙන වග හිතාගෙන හිටිය නායක හාමුදුරුවන්ට මෙන්න එක පාරටම අවස්ථාවක් උදා උනා කියමුකෝ ඡන්දේ දාන්ට යන්ට... ඒත් අර මෙච්චර දවසක් අහල පහල කතා බහ කොර කොර හිටිය ගොබිලන්ගෙන්ම තමා...
"නායක හාමුදුරුවෝ මේ පාර ටිකක් සනීපෙන් වගේ ඉන්න එකේ කැමතිද ඡන්දේ දාන්ට යන්ට.. ඕනනං අපි එක්ක යන්නං..."
යෝජනාවට නායක හාමුදුරුවෝ කැමති වෙන වග අහන්ටත් දෙයක්යෑ... ඉතිං කට්ටිය වාහනයක් සූදානං කරගෙන නායක හාමුදුරුවන්ව පුටුව පිටින්ම උස්සලා වාහනෙන් තියලා පන්සලේ ඉදන් පේන නොපෙනෙන දුරේ තිබුන ආණ්ඩුවේ ඉස්කෝලේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානෙට වඩම්මං ගියා.. ඒ විතරක් නෙවෙයි ඒ යන ගමන් අර ගොබිලෝ ටික නායක හාමුදුරුවන්ව දැනුවත් කරන්ටත් ගත්තා...
"අපේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේ කාටද මේ පාර දෙන්නේ..?"
"වෙන කාටද ළමයිනේ ඉතිං අලියට මිස.."
"ආ ඒක හොඳයි නායක හාමුදුරුවනේ... හැබැයි මේ පාර අලියා ලකුණ නැහැ කියලා ඔබ වහන්සේට ආරංචි උනාද..?"
"ආ..ඔය වගක් කවුරු කවුරු හරි කතා වෙනවනං මටත් ඇහුනා..."
"ආන්න හරි නායක හාමුදුරුවනේ... ඒ ඇහිච්ච කතා ඇත්ත.. මේ පාර අලියා නැහැ..ඒ වෙනුවට කොල පාටින්ම බුලත් කොලේ තමා චන්ද ලකුණ...ඔබ වහන්සේට තෝරලා ඒකට ගහන්ට ඇහැකි වේවී නේද..බැරිනං අපේ කවුරු හරි එන්නං ඔබ වහන්සේ එක්ක ඇතුළට..ඔබ වහන්සේ එතැන ඉන්න මහත්තයලට කිව්වොත් අපිට එන්ට දෙන්ට කියලා උන්නැහේලා ඒකට අවසර දෙයි... එහෙමනං අපි එහෙම කරමු නේද නායක හාමුදුරුවනේ.."
"හා හා තමුන්නැහේලාගේ කැමැත්තක්..."
හරි දැන් ඔන්න කොහොම හරි ගියා ඡන්ද මධ්‍යස්ථානේ කිට්ටුවට... නායක හාමුදුරුවෝ පුටුව පිටින්ම ඡන්දේ දාන්ට ඇවිත් කිව්වම අනිත් අයත් ගරු සරු ඇතිව අහක් වෙලා ඉඩ කඩ දුන්නා වගේම උන්නාන්සේව ඇතුලට වඩම්මන්ටත් උදව් උපකාර කොලා... හැබැයි...
හරියටම ඡන්ද මධ්‍යස්ථානේ ඇතුලට යනකොටම නායක හාමුදුරුවෝ අහනවා මෙහෙම...
"කෝ මෙතැන රාජකාරිය කොරවන ලොකු මහත්තයා..?"
ඒක ඇහුන ගමන් ඔන්න ඡන්දපොල බාර නිලධාරීතුමා දුවලා එනවා...
"ඇයි ඇයි නායක හාමුදුරුවනේ..."
"මට ඡන්දේ දාන්ට ඕන කරලා තියෙනවා මහත්තයෝ... ඔබතුමාට ඇහැකි නේද මට උදව් කරන්ට..."
"පුළුවනි අපේ හාමුදුරුවනේ..."
"ආ එහෙනං දෙමුකෝ බලන්ට මයෙ ඡන්ද කොලේ.."
කියලා කොහොම හරි අනන්‍යතාවය එහෙම ඔප්පු කොරලා චන්ද පත්‍රිකාව එහෙමත් අතට අරං...
"ගහන්න මහත්තයෝ මෙන්න මේකේ අලියගේ නැට්ට පැත්තෙන් ලොකු කතිරයක්..ගහලා දෙන්ට මයේ අතට..."
ඔන්න මෙච්චර වෙලා උන්නාන්සේ එක්ක ඇවිත් දත කට මැදං හිටිය ගොබිලෝ ටික කර කියා ගන්න දෙයක් නැතිව තක්බීර් වෙනවා.. උන්දලා හිතං ආවේ වෙනම සෙල්ලමකටනේ... ඒත් ඉතිං දැන් කොහේද ඒවා කරන්නේ... චන්ද මධ්‍යස්ථානේ ප්‍රධාන නිලධාරී තුමා චන්ද නීරීක්ෂණය කරන්න හිටිය අයගේත් කැමැත්ත ඇතිව නායක හාමුදුරුවන්ගේ ඡන්දය අලියට ගහලා දෙනවා.. ඒ වගේම උන්නාන්සේට ඒක ඡන්ද පෙට්ටියට ඔබන්ටත් ආධාර උපකාර කරනවා... දැන් හරි... ඔක්කෝම අහවරයි...ඒ කරලා උන්නාන්සේ මෙන්න මෙහෙම කියනවා...
"කෝ දැන් අර මාව එක්ක ආපු මහත්තුරු ටික.. ඔන්න අපි ඡන්දේ දැම්මා... දැන් ආපහු යං නේද..?"
මොනවා කොරන්ටද... බැහැයි කියන්ටයෑ.. යනකොට හිනා වෙවී ගිය අයියලා ටික මූණූ අකුලගෙන නායක හාමුදුරුවන්ව ආපහු වඩම්මං ආවා.. ඒ ඇවිත් පන්සලට දාලා ගියා ගියාමයි ආයේ නෙවෙයි උන්නැහේලා මතක ඇති කාලෙකට පන්සල පැත්තේ ආවේ... නායක හාමුදුරුවන්ගේ ගෝලයා වැඩේ සිද්ධ වෙච්ච ආකරය දැනගත්තා උනත් සද්ද නොකර ඔහේ හිටියේ තමුනුත් මේකට වැරදි කාරයා හින්දා.. අනික ඕක ආයේ අහලා ඇති වැඩක් ඇතෑ..තමුන් නෙව වැරදි වැඩේ කොරන්ට ගියේ... නායක හාමුදුරුවෝ උනත් ඔය ගැන වැඩි දෙයක් දන්නේ නැතිව ඇති කියලා තමයි උන්නාන්සේ හිතං හිටියේ.. ඒත්.....
එයින් දින කිහිපයකට පස්සේ යෙදුන පිරිත් පිංකමක් වෙලේ අපි දහ දොළොස් නමක් රාත්තිරි කාලෙක පන්සලට එක්කාසු වෙලා කතා බස් කොරන කොට නායක හාමුදුරුවනුත් කතාවට සම්බන්ධ කරගත්තාම තමා...
"ඒකයෑ මෙදා පාර අපේ ධම්මාරාමත් උන්නැහේගේ ගෝලයෝ ටිකක් එක්ක මටත් ගැටයක් ගැහුවා නෙව... ඒත් ඉතිං උන්දලා කොහේද මාව තම්බන්නේ..."
එහෙම කියලා සිද්ධ වෙච්ච සිද්ධිය අකුරක් නෑර කියා හිටියා... ඒ කියලා අවසානෙදී
"පොඩි උන්නාන්සේලාත් ඕවා ගැන අවබෝධයෙන් ඉන්ට ඕන... ඔය ජාතක කතාවලත් ඔහොම කතන්දර ඕන තරං තිබුනා... හොඳට හිටිය අලියෙකුත් එක වංගියක් හොරු කණ්ඩායමක් කතා බස් කරපු දේවල් අහං ඉඳලා නොමඟ ගියා... ඒත් ඉතිං මේ අලියා එහෙව් අලියෙක් නෙවෙයි නෙව... අන්තිමට මං උන්දලවම ගොං අලි කරලා කාලෙකට පස්සේ ඡන්දෙත් දාලා ආවා... කන් ඇහෙනවා අඩු මට ඇහෙන තරමටම ධම්මාරාමගේ ගෝල බාලයෝ අලියා ගැන කතා වෙන්නේ මොකද කියලා මං මුළින් කල්පනා කලේ... අනික ධම්මාරාමගේ නඩේ කවද්ද අලියට ඡන්දේ දාන්න මාව එක්ක යන්නේ... මම ධම්මාරාම නැති වෙලාවට පන්සලේ ඇබිත්ත කොලුවට කියලා ටෙලි විසොං එක හයියෙන් දාලා අහං හිටියා ප්රවෘත්ති එහෙම මොකදෑ රට තොටේ වෙන්නේ කියලා දැන ගන්ට... උන්දලා කොහේද මේ නාකි අලියව තම්බන්නේ...හෙහ් හෙහ්..."
ධම්මාරාම හාමුදුරුවෝ.. ඒ කිව්වේ නායක හිමියන්ගේ ගෝල නම කර කියා ගන්න දෙයක් නැතිව බලං හිටියා මිස ඒ ගැන එක වචනයක් කතා කලේ නැහැ..හැබැයි අපිත් එක්ක හිටිය නායක හාමුදුරුවරු කිහිපදෙනෙක්ගෙන් කන් පිරෙන්න අහගන්නනං උන්නාන්සෙට සිද්ධ උනා... හැබැයි ඒකෙන් වෙච්ච එකම හොදේ.. එයින් පස්සේ අර පන්සලට ආව ගිය ජේවීපී අප්පුහාමිලා ටිකත් එක්ක ධම්මාරාම හාමුදුරුවන්ගේත් සහ සම්බන්ධේ නැති වෙලා ගිය එක විතරයි... එයින් මෙයින් නායක හාමුදුරුවන්ගේ ඡන්දේ හොරාකන්න ගෙහුං ඒක වැරදුනා විතරක් නෙවෙයි එච්චර කාලයක් බඩගින්න දැනුන වෙලාවට ආවාසෙට ඇවිත් කෙලලා ගිය පිංබත් වේලත් අහිමි කරගන්නයි ඒ අප්පුහාමිලට සිද්ධ උනේ...
හ්හ්ද්බ්ද්ඩුජ්ය්ක්ය්
ReplyDelete"උන්දලා කොහේද මේ නාකි අලියව තම්බන්නේ...හෙහ් හෙහ්..."
Deleteහොඳ පාඩම අප්පුහාමිලාට! :))))
This comment has been removed by the author.
ReplyDeleteහූඌඌ!!! එක වෙන්න නේද දුවගෙන ආවේ????!!! ලොල්! :P
DeleteThis comment has been removed by the author.
Deleteයකෝ යූ.එන්.පී. එකේ නායකකම ඒ වගේ කෙනෙකුට දුන්නනං ජනාධිපති කමත් ගන්න තිබුණනෙ.
Delete@ඩී. අර උඩ තියෙන එක මොන භාෂාවෙන්ද දාල තියෙන්නෙ. :D
//යකෝ යූ.එන්.පී. එකේ නායකකම ඒ වගේ කෙනෙකුට දුන්නනං ජනාධිපති කමත් ගන්න තිබුණනෙ.
Delete//
:D
hodha wede boru karanna giyata. :))))
ReplyDeleteමේ වගේම් සිද්දියක්, මගේ ආච්චිත් අලියා ඇස් කන් වැඩ කරේ අඩුවෙන්. තාත්ත බුලත් කොලේට කතිරේ ගස්සන්න් සෙට් කරගෙන එක්ක ගිය.
ReplyDeleteආච්චි ; මහත්තයෝ මේකේ මොනවද තියෙන ලකුණු.
ච, නිලදාරී. අලියා. බුලතෝ කොලේ.
ආච්චි ; මහත්තයෝ අලි පටිය ඉන්නවද
ච,. නිලදාරී. ඔව් අම්මේ.
ආච්චි; ඔන්න මගේ කතිරේ අලි පටියට ගහන්න මහථ්ථයූ. මුව දක්කම් දුකේ බෙඅ
නියම දඬුවම.... හික්ස්... පවු අප්පා බොලත් කොල...
ReplyDeleteරතු මල්ලිලා පව්...
ReplyDeleteJaya weva
ReplyDeleteපවු නෙහ්...
ReplyDeleteහාමුදුරුවෝ තමයි දවසකට හරි චරිතේ ....
ReplyDeleteඅපේ ආච්චිවත් පුටුවට ගස්සන්න වෑන් එකකින්ම ගෙනිහින් තිබ්බා..
ReplyDeleteඅනික් උන්ගේ කරේ ගැහුවට අපි නොදන්නවයි බුලත් කොලේට දෙන උන්දලා. ලොකු හාමුදුරුවන්ව තම්බන්න ගේම ප්ලෑන් කල පොඩිනම දැන් බ්ලොග් එකක්වත් ලියනවද ?
ReplyDeleteමේ..හ්...,මට හිතුනෙත් ඕකමයි...
Deleteඒ පොඩි නමත්, මේ පොඩි නමත් හැර වෙනත් පොඩි හිමිනමවරු සිටීද?
Delete\\කෙටි වචනෙන් කිව්වොත් තනි අලියා...//
ReplyDeleteහරියට අර කවුද කෙටි වචනෙන් කිව්වොත් තනි බුලතා වගේ නෙහ්........ :)
මං හිටිය නං දාන්න කියන්නෙත් බුලත් කොලේට තමයි. අපි ඉතිං දේශප්‍රේමී නේ...
ReplyDeleteආච්චි ; මහත්තයෝ අලි පටිය ඉන්නවද
ReplyDeleteච,. නිලදාරී. ඔව් අම්මේ.
ආච්චි; ඔන්න මගේ කතිරේ අලි පටියට ගහන්න මහථ්ථයූ. මුව දක්කම් දුකේ බෙඅ
වයසට ගියේ නිකං ද හැබෑටම....
ReplyDeleteමට මතකයි අපේ තාත්තා කියනවා ඒ ගොල්ල දේශපාලනේ කොරපු කාලේ 77 මැතිවරණ්‍ය වෙලාවේ ගමේ හිටිය පරන වයසක සමසමාජ... නිදහස් පක්ශ වගේ සීයලා ආච්චිලා උස්සන් ගිහින් අලියට කතිරේ ගස්සපු හැටි ..... ඔය කතන්දරේ කොහෙත් අඩු වැඩි වසයෙන් වෙනවා වගේ
ReplyDeleteතවත් එකක් මේ බොහොම මෑතකදි අපේ ගමේ පන්සලේ හිටපු නායක හාමුදුරුවො අසනීප වෙලා හිටිද්දි උන්නාන්සෙගේ ගෝල නමක් උන්නාන්සේව එක්කන් ගිහින් බුලත් කොලේට ඇත්තටම කතිරේ ගස්සවලා... මේ සිදුවීම උනේ දකුණු පලාතෙ ගමක පන්සලක
Deleteඊයේ පෙරේදා සිද්ධ උනෙත් ඒ වගේ දෙයක්ද දන්නේ නෑ. ඕන් ඇස් ඒ චන්ද්‍රසේන උපාසක මහත්තයගේ මල්ලි උපාසක අර බර්ටි උපාසක මහත්තයා දායකත්වය දෙන පන්සලකට ගල්මුල් පූජාවක් කොරාය කියන්නේ. සංඛ්‍යාත්මක ප්‍රශ්ණයක් වෙන්ට ඕනෑ මයෙ හිතේ....
ReplyDeleteඔච්චරට මොලයක් තිබුන නායක හාමුදුරුවෝ අලියටම කතිරෙ ගැහුවේ ලේත් කොළපාට ජාතියේ හින්දා වෙන්ටෑ..... හි හි...
ReplyDeleteඅලි හරවඩ අමරුයි ටිකක්
ReplyDeleteජනතා විමුක්ති පෙරමුණ යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙම ශ්‍රී රාවණ පාක්ෂික පක්ෂයක් කියලයි මං හිතාගෙන හිටියෙ. ...
ReplyDeleteහෙග්....අලි හරවයි බොලා....
ReplyDeleteඅලි හරි බුද්ධිමත් සත්තු ජාතියක්ලු මාරයියේ දැං පජාත වෙලා උන්නට...
ReplyDeleteඋනුත් එකයි, මුනුත් එකයි, එහෙම කියපු උනුත් එකයි.
ReplyDeleteඅලි පුටුවට ජයවේවා!
මං නං දැං ගහන්නේ ලොකූ කතිරයක් කොලේ පිරෙන්ඩම.කාටවත් අඩුවක් කරන්ඩ හොඳ නෑනේ.ඔක්කොටම ගහනවා කතිරේ එක පාරම.
ReplyDeleteචන්ද ගණන් කරන්න ගිය මගේ යාලුවෙක් කිව්වා ඒ වගේ චන්ද වල ඉරි දෙක කැපිල තියෙන එකට ගණන් කරනවා කියලා. ඇත්ත නැත්ත මම දන්නේ නෑ.
Deleteඅන්න වටිනා කියන මිනිස්සු.. පක්ෂේ පාට මොකක් උනත් මොලේ කල්පනා කරලා වැඩ කරනවනේ.. එහෙම මිනිස්සු අඩු එක තමා දුක..
ReplyDeleteමම හිතුවේ අලින්ට කැමති කිව්වම අලි ඇති කරන්න කැමති කියලා...
මාරෙයා නිදියන් කරල තියෙන්නේ ඡන්දෙ ගැන හිත හිත සිටීම වගේ.. මේ හැදෙන එවුන් එහෙම තමා
ReplyDeleteහැක් හැක්. පට්ටය
ReplyDeleteඑල...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඇත්තටම ජේ. ආර්. ගේ බහුබූත ව්‍යවස්ථාව එන්න කලින් දේශපාලනය ඔය වගේ තමයි. වැට උඩ කියල කණ්ඩායමක් තමයි එහාට මෙහාට ගියේ. ඒත් මේ තියෙන චන්ද ක්‍රමය අනුව අර ලොකුනමගේ චන්දෙන් පත් වෙච්ච් අය සමහර විට පෙරමුණේ වාඩි වෙලා ඇති. මනාපයක් ලකුණු නොකලා නම් ඒකෙ වාසිය එන්නේ අවසානෙට පත් වෙන කෙනාට(එම පක්ෂේ ලිස්ට් එකේ අන්තිමයට). එයා පැත්ත මාරු කරා නම් සොරිම තමා. දැන් කොහෙද ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්.
ReplyDeleteසංඝයානන්වහන්සේලා නොමග යැවීම ගැනත් සිල්පදයක් හදන්න වෙයි වගේ!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අපේ පැත්තෙත් ඉස්සර කාලේ හිටිය හාමුදුරු කෙනෙක් ගැන කතාවක් මම අහලා තියෙනවා. හාමුදුරුවෝ තද ශ්‍රී ලංකාකාරයෙක්ලු. ඡන්දේ දවසට හාමුදුරුවෝ පාර ගාවට වෙලා ඡන්දේ දාන්න යන මිනිස්සුන්ට "අත" පෙන්න පෙන්න ඉන්නවාලු :D
ReplyDeleteඅප්පේ හාමුදුරුවෝ තමා හාමුදුරුවෝ
ReplyDelete