දුම්බර නොවෙයි බස් නාහිර සිටින්නේ..
කරවල තමයි වැඩි වැඩියෙන් බුදින්නේ..
දුක් දෙන අලි ඉතිං බලයේ නොයින්නේ..
මාරයා මමයි මේ වගේ කවි කියන්නේ..
තණ්ඩලේ තනිව මම බර අදින්නේ..
මණ්ඩලේ හෙම කචල් එතකොට නොවන්නේ..
කටු කැලේ නෙවයි නිට්ටඹු සරන්නේ..
මේ වගේ කවිත් ඉඳ හිටලා කියන්නේ..
එගොඩ ගොඩේ නොව මෙගොඩේ සිටින්නේ..
කනුවක නම් බඳිනට සිදු නොවන්නේ..
නිදහසේ තමයි හැමදා සිටින්නේ..
මාරයා ලිහපු හරකෙක් වගෙයිනේ..
ඔන්න මලේ සිංහල බ්ලොග් බලා වරෙන්..
හිතුනොත් හෙම කොමෙන්ටුවක් දමා වරෙන්..
කොමෙන්ට් නැතත් රීඩරයෙන් බලා වරෙන්..
ඇනෝ ගිහින් හොඳ හැටි දොස් කියා වරෙන්..
ලස්සන සයිබරේ බ්ලොග් පිටු ලියන්නේ..
දුක් දෙන ඇනෝලා පලවා හරින්නේ..
හිට් දෙන භවතුනේ නුඹලා නිසානේ..
දුප්පත් උනත් අපි සැමදා රැකෙන්නේ..
1 da ?
ReplyDeleteඔව් නේද?
Deleteනමින් ගොහින් මුල් කොමෙන්ටුව දමා වරෙන් :) හික්
ReplyDeleteකෝ....?
ReplyDeleteමොකක්ද?
Deleteබුරිය විකා හෙන ගැම්මෙන් අපි කවියක් ලියන්නේ
Deleteකමෙන්ට් දාල අපේ එවුන් මා උස්සා තියන්නේ
ඇනෝ එවුන් දෙන ගැම්මත් කවදත් මට වටින්නේ
බලන බලන හැම එකාම දෙවියන් නිති රකින්නේ
ඉස්සෙල්ල බලද්දි කවි මුකුත් තිබුණෙ නෑ අයියා ඒකයි..රී ෆ්‍රෙෂ් කරාම හරි ගියා.
Deleteආ ඒක මිසක්.. ඒ මේ පොඩි තාක්ෂණික මෙව්වා එකක් හින්දා...
Deleteකවි කියන්නෙ මාරයට දුක හිතිලද, සතුට වැඩි කමටද?
ReplyDeleteමේ දවස්වල ඉන්නෙ කාමුක රස, ශෘංගාරාත්මක රස වැඩි වෙච්ච මාරයෙක් ...:-)
Deleteකම්මැලිකමට...
Deleteසාහිත්‍යයට අළුතින් එකතු වූ බ්ලොග් කවි හෙවත් බොග කවි
ReplyDelete3?
ReplyDeleteමොන 3ද ? 33ද කොහෙද :-)
Delete3 නැති වෙලාද බං..?
Deleteමාරයා ලිහපු හරකෙක් වගෙයිනේ.. hmmmmm
ReplyDeleteවිරහාව තනිකම හිතට දැනෙද්දී ඔහොම ඒවා හිතෙනවා :)
ReplyDeleteඇනෝ ගිහින් හොඳ හැටි දොස් කියා වරෙන්
ReplyDeleteබ්ලොග් ලෝකේ තරුවක් ලෙස බබළන්නේ
ReplyDeleteදවසට ලිපි දෙක තුනකුත් ලියන්නේ
ලියන පමාවට ඇවිදින් බලන්නේ
කෙලෙසක? අපට කාලය නම් නොවන්නේ
ඉඳ හිටලා මේ පැත්තට ඇදෙන්නෙමී
කමෙන්ට් නොදැම්මත් කියවා බලන්නෙමී
නව නළු රස නා නා ලෙස විඳින්නෙමී
මාරයා සමග මිතුරුව හිඳින්නෙමී
එකම පාසලක අකුරුත් කෙරුවාට
එකම නගරයක අපි වැඩ කෙරුවාට
එකම කෝරලේ වාසය කෙරුවාට
හමු වන්නට නොහැකි විය අප දෙන්නාට
මාර කතා වැඩි වැඩියෙන් ලියන්නයි
කියවන දනෝ දින දින තව ලබන්නයි
සිංහල බ්ලොග් කලාවේ නම තියන්නයි
මරු* පරදා යම් දිනයක දිනන්නයි
(*මෙහි මරු යනු බ්ලොග් ලියන මාරයා නොවන බව සලකන්න.)
+++++++++++++++++
Deleteචුට්ටි වැරැද්දක් තියේ!
ReplyDelete"බිත්තර තමයි වැඩි වැඩියෙන් බුදින්නේ.." ලෙස නිවැරදි විය යුතුයි! :D
පූසා . . දාපන් පහක් . .
Deleteමොකටැයි ආයේ 5ක්! ඕං 10ක්ම! :D
Deleteහි හි...
Deleteමසුරන් කතාව.. මාරෙ ඊළඟ ආත්මෙ කුකුල් පැටියෙක් වෙනව අනිවා... :)
Delete++++++++++
Deleteඅඩේ පට්ට කවි ටික ඈ...
ReplyDeleteඉස්සර මීට වඩා ලස්සන ඒවා ලිය උනා..
ReplyDeleteදුකම කොයි තරම් සතුටක් දෝ ...?
ReplyDeleteකවිය නම් නියමයි.
ReplyDeleteඇනෝලට හුගක් ආසයි වගේ නේද...?
මේ දවස්වල වැඩියෙන්ම ඇනෝදර ප්‍රහාර තියෙන්නෙ මට. ලියන්න අරන් මාස දෙකයි තාමත් පෝස්ට 5යි දාලා තියෙන්නෙ.
සුපිරි...
ReplyDelete//මේ වගේ කවිත් ඉඳ හිටලා කියන්නේ//
මේ පදය මෙහෙම වෙනස් කරා නම් විරිත ගානට එනවා...
මේ වගේ කවිත් ඉඳ හිට කියන්නේ..
හිහි :)
//නිදහසේ තමයි හැමදා සිටින්නේ..
ReplyDeleteමාරයා ලිහපු හරකෙක් වගෙයිනේ..
ඇනෝ ඇවිත් සමහරු ඇදගන නෑවා
ReplyDeleteඒක වහල උඹ අපෙ ආතල් කැඩුවා
හැබෑව... හි හි..
Deleteඋඹලා මෙහෙම කයි පද බඳින්න ගත්තම අපි වගෙ උන්ට මොකද බං වෙන්නෙ?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ජෙල් ගාලා ඉස පීරන් නෑනෝ
ReplyDeleteඩෙනිම් කිට් එකක් ඇඳගන් නෑනෝ
සන් ග්ලාසස් දෙක දා ගන් නෑනෝ
පික්චර් බලන්න අපි යමු නෑනෝ
හප්පේ... අද කාලේ ළමයි
කෙලින් එන්න බැරි ඇනෝට රිදෙන්නට
ReplyDeleteමෙහෙමලු දෙන්නේ මාරය කවි පිරෙන්නට
ගාගෙන හත් පොලේ දිව් ඒ ඇනෝහට
අබ සරණයි !ආයෙත් ඒවිද මෙහෙට :p
බයිසි මොටෝවෙන් හැම තැන දුවන්නේ...
ReplyDeleteරන්ගි අක්කගේ මීයා කෝ කෝ හොයන්නේ...
මාර බණත් ඉඳ හිට කියන්නේ...
කවි සිව්පද කිව්වත් තනිකඩයිනේ...
දින දින ලැබෙයි රට වට කේන්දර...
නැද්ද ඉන් එකක් හිතට ෆිට් උන...
ආයේ මොටද හැමදා යට ලී බලාන...
දකුණතේ ගට්ස් වැඩිවී ඇත එක්සයිස් වැඩිකමට...
ඇනෝට උපහාර දක්වා මම මගේ පනස් වෙනි සටහනේ දමපු කවිය....
ReplyDeleteහැමදාම ප්‍රථමයෙන් නරඹන හේමලයා මල්ලී අපේ...
නිශ්, හරී, වාගෙම තවත් නම් නොකී අය මෙය නරඹතේ...
සදා සක්කිලි කමෙන්ට් දමනා ඇනෝනිමස් මල්ලිත් අපේ...
දුන්න දයිරිය මගෙ සිතින් නම් සදා නොමැකෙයි මිතුරනේ.....
http://tikakhinawenna.blogspot.com/2010/08/blog-post_22.html
සිදුහත් බුදුවෙලත් ඉන්නට නොදුන්නේ
ReplyDeleteකෙල්ලෝ ටිකක් එවලා එහෙමත් බැලුවේ
මේ මාර.. තමයි මාරම වැඩ කොරන්නේ
කෙලින් ඉන්න ටික කෙලලා අරින්නේ
කමෙන්ට් ටික බැලවාම මෙහෙම කියන්න හිතුනා....
ReplyDeleteඇනෝලට ලියූ කවි කියලා බ්ලොග් එකක් පටන් ගත්තොත් නරකද කට්ටියම එකතු වෙලා...
මෙච්චර ආදරෙන් ඇනෝලට කවි කියන එකත් ට්‍රෙන්ඩ් එකක් වගේනේ.. හි හි...
මාරයියාගේ කවියට.... කොහොමද අප්පා මාර වැඩ ඔක්කොම මේකට ගලප ගත්තේ... හි හි...
බිත්තර ගෙඩි පිටිං තම්බා ගිලින්නේ
ReplyDeleteඒ මදිවට ඔම්ලට් තව හදන්නේ
ඇන්ග්රි බර්ඩ් එකෙ කප් ගැන සිතන්නේ
ඒ මදිවට මේ වගෙ කවි ලියන්නේ.
:)
Deleteane Ano......
ReplyDeleteමාරයටත් එන්නේ මාර අදහස්නේ
ReplyDeleteමරා ඇවිත් රස කවි ලොව බෙදන්නේ
ReplyDeleteඒවා බලා අපි හැම රස විදින්නේ
සැගෞනු අපෙ කවිකම මතු කරන්නේ
තුතිමල් මිටක් මම පුද කරන්නේ
lassana kawi tika.
ReplyDeleteමාරයි අහ් !
ReplyDeleteජය !
සිටියැයි එකල නෙක ජන ගී කියපු දනා
ReplyDeleteඅදටත් වලංගුයි ඒ බස නොමැත මුසා
මොකටද බන් ඇනෝ එන්නේ . . කියනන් තියෙන මගුලක් මූනටම කියලා දානවා මිසක්.
ReplyDeleteමාර උන්නැහේ බ්ලොගයේ කවි ලියලා
ReplyDeleteහැංගී බලයි ඇනෝල එනවද කියලා
අපි අහු වෙයි මූ මේ කිව්වයි කියලා
පල මාරයෝ ඔය බොරු පැත්තක තියලා
අන්තිම කවියට Thumbs Up!
ReplyDeleteමාරේ අයියට මේ ටිකේ මොකක් හරි වෙලා වගේ..
ReplyDeleteපව් අප්පා ඇනෝලව නම් පලවා හරින්න එපා....
ReplyDeleteමම ඇනෝ දාන්නෙ.....
ReplyDeleteසත්තයි අජූතයි මුගෙ කවි ඇහුවාම........