"හප්පා කරල් නැතිවට මොකද මේ තියෙන්නේ කොල සූ ගාලා...කොළ සම්බල් හදලා හරි කන්ට බැරියෑ තුන් වේලට.."
කාරණාව හිතූ ආකාරයෙන් ඉස්ට නොවීම ගැන පමණක් නොව තමා කල අමන මරි මෝඩ වැඩේ ගැන තමාටම බැණ වඳිමින් ගොයි මහත්තයා බලා හිඳින්නට විය...
මේ කතාව නෑසූ අය ඇත්නම් ඒ අල්පයක් වූ තරම් පිරිසක් විය හැක...
කතාව සිද්ධ වූ ආකාරය මුල පටන් කෙටියෙන් කිව්වහොත් මෙසේය...
ඕං ඉතිං එක්තර ගමක හිටියා මනුස්පයෙක්..මේ මනුස්පයා නොම්බර එකේ ඇස්වහ කට වහ කාරයා.. දන්නවනේ ඇස් වහ කට වහ කාරයා කියන්නේ කාටදැයි කියලා.. එහෙම උන්දලා මොනවා හරි දෙයක් දිහා බලලා මොනම හරි දෙයක් කිව්වනං ඒ කිව්ව දේට මුල් වෙච්ච දේට දෙයියන්ගේම පිහිට තමා ඕං..
හරි මේ ගමේම හිටියා බොහෝම දක්ෂ ගොයි මහත්තයෙකුත්.. මුන්නැහේ බොහෝම වෙර වීරීයෙන් වැඩ කලා වගේම තමයි අත් ගුණේත් ඉස්තරං... හිටෝන ඕන දෙයක් සාර සොබාවට වැඩෙනවා...
ඉතිං මෙහෙම යනකොට මේ ගොයි මහත්තයාගේ ගේ අයිනට වෙන්ට බොහෝම සරුසාරෙට වැඩුන කොච්චි ගහක් තිබුනා..දවසක් දා මොනවා නමුත් වැරදීමකින් අර කිව්ව ඇස්වහ කටවහ කරයා මේ ගොයි මහත්තයගේගේ අහලින් යන්ට ආවා...මේ වෙලාවේ අපේ ගොයි මහත්තයත් හිටියා ගේ ගාවම වගේ...
එකපාරම යන ගමන නවත්තපු ඇස් වහ කාරයා ගොයි මහත්තයගේ ගෙමිදුල දිහාව බලලා මෙහෙම කිව්වා...
"ඈ බං අයියේ මේ යස අපූරුවට වැවිලා තියෙන්නේ කොච්චි ගහක් නේද..? හම්මේ බං මෙහෙම කොච්චි හැදෙනවනං බොට බැරිවයෑ කොච්චි විකුණලම තව වත් පිටි හරකා බාන එහෙම ගන්ට..." එහෙම කිව්ව හාදයා යන්ට ගියා... ගොයි මහත්තයට අනේ අපොයි ගෑවුනා... ඒ වගේම තමා එදායින් පස්සේ ඒ ගහේ නෙවෙයි ආයේ කොච්චි හැදුනේ... ගහ ඔහේ හැදෙනවා හැබැයි නෝ කරල්...
දැන් මේ ගොයි මහත්තයට බොහෝම කේන්තියි වගේම කණගාටුයි... ඒත් ඉතිං අර මිනිහට ගහන්ට කියලයෑ... ඉතිං මොනවා නමුත් මේ කිව්ව කතාවට හරියන්ට දෙයක් කොරන්ට ඕනෑ කියලා හිත හිත හිටියා... විසෙන් විස නසන්නැහේ දැන් ගමයගේ කල්පනාව තමා ඇස් වහ කට වහ කාරයගෙන්ම වැඩක් ගැනීම... ඒ කිව්වේ මුංදෑ දැන් හිතං ඉන්නේ ආයේම වංගියක් අර ඇස්වහ කාරයා ගෙන්නලා මේ කොච්චි ගහ පෙන්නන්ට... දැන් මේකේ කරල් නැති හින්දා මේක දැක්ක ගමන් අරුන්දෑ ගත් කටටම කියන්නේ නැතෑ අපොයි කෝ මේකේ කරල් කියලා... එහෙම කිව්වම ආයේ මේකේ කරල් හැදෙන්නේ නැතෑ... එහෙම හිතලා ඔන්න වැඩේ කොලා..
ඒ කිව්වේ බලං ඉඳලා ඉදලා ඇස්වහ කාරයා ආයේ ගේ අහලින් යන වෙලාවක බලෙන්ම වගේ අල්ල ගත්තා කතාවට.. එහෙම කතාවට අල්ලගෙන එක්කගෙන ආවා අර කොච්චි ගහ තිබුණ තැනට... දැන් මොනවා හරි කියන්නේ නැතෑ... කියලා හිතාගෙන...
ම්හූ..මොන..මෑන් නෙවෙයි කොච්චි ගහ දිහා නිකමටවත් බලන්නේ... දැන් ගමයා කතා කරන ගමන් කොච්චි ගහ අත පත ගානවා.. ඒ වටේ ගමන් කරනවා දැන් කියයි දැන් කියයි කියලා හිතලා... ඒත් නැහැ අරුන්දෑ මොනවත්ම කියන්නේ... අන්තිමේදී අපේ ඇස් වහ කාරයා යන්ට කියලා ලෑස්ති වෙනවා... ඉවසලා ඉවසලා බැරිම තැන අපේ ගම රාල ගොයියා අරුන්දැට කියනවා මෙහෙම...
"බලහංකෝ මල්ලියේ මේ කොච්චි ගහ..එක කරලක්වත් නැහැනේ බං බෙහෙතකටවත්..."
යන්න ගිය ගමන ආපහු හැරිලා අපේ උන්නැහේ බැළුවා කොච්චි ගහ දිහා හොඳ විපරමට... බලලා හිනාවෙලා කියපි මෙහෙම... කොහොමද..? මෙහෙම මෙහෙම..අර මං උඩින් ලිව්වේ... අන්න එහෙම..ඒ කිව්වේ...
"හප්පා කරල් නැතිවට මොකද මේ තියෙන්නේ කොල සූ ගාලා...කොළ සම්බල් හදලා හරි කන්ට බැරියෑ තුන් වේලට.."
හරිනේ බඩු... තුන් වරුවයි ගියේ ගහේ තුබුන කොල ටිකත් හැළීලා ගහ මැරිලම ගියා... ඔන්න කරණාව... ඔහොම වෙලාවට තමා අර පැරණි උපහැරණයක් තියෙන්නේ..
"එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වූ කාරියා..දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා.." කියලා...අහලා ඇතිනේ ඒකත් නේද..?
හරි මං මේ කියන්ට ලෑස්ති උනේ තමුන්නැහේලා මොකද හිතන්නේ මේ ඇස් වහ කටවහ ගැන... ඇත්තටම එහෙම දෙයක් තියෙනවද..එහෙම නැත්තං ඒකත් අර කවුද කියන්නැහේ මිත්යා මතයක්ද..?
හැබැයි මටනං ඔය ගැන අත්දැකීම් තියෙනවා... එව්වා ඉතිං මේ සූටි සූටි කතා...
1
ReplyDeleteඅත් දැකීම් නම් නැතිවා නෙවෙයි. විජ්ජාත්මක පැහැදිලි කිරීම් නැති නිසා කියන්ට සතුටු නැහැ. කොහොම වුනත් ඇස් වහ , කට වහ වගේ දේ ඇත්තනම් ඒවගෙන් සම්පුර්ණයෙන් බේරෙන්න ඔයා කාත් කවුරුවත් නැති තැනක පදිංචියට යන්න වෙයි නේද ?
Delete"ඇස් වහ , කට වහ වගේ දේ ඇත්තනම් ඒවගෙන් සම්පුර්ණයෙන් බේරෙන්න ඔයා කාත් කවුරුවත් නැති තැනක පදිංචියට යන්න වෙයි නේද ?" යන්න ,
Delete"ඇස් වහ , කට වහ වගේ දේ ඇත්තනම් ඒවගෙන් සම්පුර්ණයෙන් බේරෙන්න ඔය කාත් කවුරුවත් නැති තැනක පදිංචියට යන්න වෙයි නේද ?" ලෙස නිවැරදි විය යුතුයි...
හැබෑටම මටත් ඇස්වහ කටවහ ගැනනම් ඕන තරම් අත්දැකීම් තියෙනවා
ReplyDeleteමාරයාගේ ඇස්වහ කටවහ සීරීස් එක අදින් ආරම්බ වූ වගයි!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මමත් අහල තියෙනව නිකන් කතාවක් ඔය විදියෙම ගෙඩි පිරිල තිබුණ රඹුටන් ගහක් ගැන. හොඳට ගෙඩි හැදිල තිබුණු එක අත්තක් දිහා බලල මෑන් කෙනෙක් කටකැඩිච්ච කතාව කියල යනකොටම අත්ත බිමළු. ගෙදර මනුස්සය හනික දුවල ගිහින් මෑන්ව කතාකරන් ඇවිත්පෙන්නුවළු වෙච්ච විනාශෙ. ඌ ගත්කටටම “එක අත්තක් වැටුණට ඔය තියෙන්නෙ අනික්වයි ෂූ ... ගාල“ කියල කිව්වළු.
ReplyDeleteමම නම් ඔය ඇස්වහ කටවහ කියන ජාති විශ්වාස කරන්නෙ නෑ ඕං.
ඇස්වහ කටවහ පිළිබඳව දැන් ඉන්න පරම්පරාවේ වුනත් ඉතා විශාල පිරිසක් දැඩිව විශ්වාස කරනවා. අලුතෙන් හදන ගෙවල්වල බිත්තියේ, හුණු ටිකකින් ලියන තැන සිට, ඩිජිටල් බැනර් එකක් දක්වා ආශිර්වාද වැකි ලිවීම, වාහනවලත් එවැනි වැකි ලිවීම වැනි දේවලින් ඒ බව තහවුරු වෙනවා.
ReplyDeleteමෑතකදී අපේ ගෙවල් පැත්තේ ගෙයක් හදන්න පටන් අරන් තිබුනා. එය හදන කෙනා මත්පැන් පානය ගැන බොහොම ප්රසිද්ධයි. ඒ ගෙදරත් ගහලා තිබුනා 'ඇස්වහ නෑ කටවහ නෑ' කියලා. ගමේ ඉන්න ඇම්ඩන් කොල්ලෝ ටිකක් පර්මනන්ට් මාකර් එකෙකින් ඒ බැනර් එකේ ඊට පහලින් ලියලා තිබුනා 'හැන්දෑවට කබරයා නොදා ඉන්නකම්' කියලා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
This comment has been removed by the author.
ReplyDelete"එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වූ කාරියා..
ReplyDeleteදෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා...."
හෙහ් හෙහ් හෙහ් අනේද කියන්නේ :-)
දන්නවද මාරයො...මගෙ උස අඩි 5 යි අගල් 8යි. මාව දකින ඔක්කොම කියන්නෙ " අම්මෝ මෙයාගෙ උස කියලනෙ " එතකොට ඒවාටත් ඇස් වහ වැදුන නම් කොච්චර හොඳද..එක පාරටම කොට වෙන්න තිබ්බා..ෂික් විතරක් මට ඇස් වහ වදින්නෙ නැද්ද කොහෙද :P
ReplyDeleteඅඩි 5 යි අගල් 10ක් උස කෙනෙක්ගෙන් "ඇහැ වහ" වදියි...... :P
Deleteඒ කොහොමද ??
DeleteThis comment has been removed by the author.
Deleteළිහිණියෝ මගේ යාලුවෙක් ඉන්නයා අඩි 6ක් උස ඌට පරස්තාවක් ගෙදරින් හොයනවා.ටිකක් හිතලා බලමුද.
Deleteහා.. මෙන්න මෙයා කපු රස්සාවක් පටන් අරන්.... කපු කුඩයක් අරන් දෙමු ලිහිණි මෙයාට අපි දෙන්නා කලෙක්ෂන් එකක් දාලා... හි හි....
Deleteළිහිණි ෂුවර් එකටම ගිය ආත්මෙ පුවක් ගස් පූජා කරන්න ඇති. :D
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හි හි.. ඉස්සර කට්ටිය මටත් ඔහොම වෙයි කිව්වා.. යන්තම් 5 5 න් නැවතුනා....
Delete@ නලින්,
Deleteබඳින්න කලින් මට හන්දි තෙල් බෝතලයකුත් අරන් දෙන්න කියන්න. ඇයි ඉතින් උඩ බලාගෙන ඉන්න ගියාම බෙල්ල උලුක් වෙයිනෙ :D
"එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වූ කාරියා..දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා.."
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්
අපේ ගමේ කටවහකාරියකට කොස් අත්තක් ගෙදරට ගිහින් දීලා තිබ්බා කඩාවැටුණාම
ReplyDelete"එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වූ කාරියා..දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා.." කතාව දන්නෙ නෑනෙ.. දන්න කතාවමයි කියලා තියෙන්නෙ..
ReplyDeleteඇස්වහ කළ මතුරනවා කියලා එහෙකුත් මේ පැත්තෙ තියෙනෙවා.. ඒ වගේම අබ පිච්චීම සීනක්කාරං පිච්චීම වගේ දේවලුත් තියෙනවා කියලා අහලා තියෙනවා..
ඇස්වහ ගැන නම් මගේ ප්රායෝගික අත්දැකීම තමයි අපේ ගෙදර වවලා තියෙන එළවළු.. අපේ එක නෑ ගෙයක් තියෙනවා.. ඒ ගෙදරට එළවළු ටිකක් කඩලා දුන්නොත් ඒ ගහ හරි වැල හරි අහවරයි.. අනේ මන්දා කොහොම වෙනවද?
මගේ කිලෝ 30ක් විතර කඩාපු මෑ පන්දලමටත් ඔය සෙතේමයි උනේ බං.
Deleteලොකූ මාමා දුන්නා කියලා පොහොර එව්වට පස්සේ මම වැවිල්ල නැවැත්තුවා. මම හිතන්නේ මම කියුවද කොහෙද එයාගේ පෝස්ට් එකක
@ අටම්පහුර,
Deleteඅයියා දාපු කමෙන්ටුව නම් මගෙ පෝස්ට් එකේ වැටිලා නෑ වගේ.. කොහෙද මාරෙ අයියලාට ඒවා පේන්නෙ නෑනෙ.. ඇඟිල්ලෙන් ඇනලම පෙන්නන්න ඕනෙ.. :)
http://dreamsofharee.blogspot.com/2012/02/18.html
මම කිතුලක් මැද්දා, හොඳට කඳුළුත් වැටුනා.
Deleteඔය අතර වාරයේ තමයි අපේ එකෙක් ගෙදරට ආවෙ, මූ මුට්ටිය දැක්ක විතරයි "අඩෝ මරු බං රා ටිකක් බොමු" කියලා නැගලා බැලුවා මුට්ටිය, පැය බාගෙකින් විතර කඳුලු වැටෙන එක නැවතුනා.... නැවතුනාමයි. අද වෙනකම් මට මලක් මදින්නත් බැරුව ගහේ මල් ඔක්කොම පීදුනා.
එකෙන්ම පිළිගන්නවා. මේව ඇත්ත. මුලදි මුලදි මමත් පිළිගත්තේ නෑ. ඒත් පොඩි එකී ඉපදුනාම වැඩිහිටි කට්ටිය බර බරේ ඇස් වහ වදිනව පොඩ්ඩි එළියට පහලියට ගෙනියන්න එපා. ෆොටෝ බුකියෙ දාන්න එපා කියල. අවුරුද්දක් යනකම් කිසිම අතුරු ආන්තරාවක් නැතුව පොඩ්ඩි හිටියා.
ReplyDeleteඅවුරුද්දේ උපන්දිනයට පුළුවන් හොදට උත්සවයක් අරන් ෆොටෝ ටිකක් දැම්මා බුකියේ. මෙන්න පැය 24ට ලයික් සිය ගාණක්. පැය 48ක් යන්න කලින් පොඩ්ඩි වැටුනේ අඩි 5ක් උඩින් බිමට. ඔළුව පිපිල ආවේ පපඩම වගේ. බැනුම් කෝටියකුත් තව ටිකයි.
අම්මෝ මාරයෝ මම මේ ඇස්වහ කතාවක් කොට කොටා ඉන්නේ, මමත් ඉස්සර වස්වාස කරේ නැ . දැන්නං පට්ට විස්වාසයි
ReplyDeletehttp://www.blogger.com/posts.g?blogID=1769674385011031945&searchType=SCHEDULED
ඈ කෙල්ලේ මේ මොනවද
දාපුවහම බලහංකෝ
ඇස්වහ කටවහ කේස්නං මමත් දැකලා තීනවා..
ReplyDeleteබොරුම කියන්නත් බෑ..
ඉස්සර නම් විශ්වාස කලේ නැහැ . හැබැයි දැන් නම් අර 100 ක් ගල් ගැහුවම එකක් වදිනවා වගේ ඉඳහිට සිද්ධි අත්දැකලා තියන නිසා පොඩි සැකයක් තියනව ඔය ගැන .
ReplyDeleteදැන් මේක හිතුනේ මොකෝ මාරයට කන්න හෙම බැරිව ගියාද . බොට ඇස්වහ වදින්නේ අර බත් පිඟන් හින්ද කවද හරි
ඇත්තටම මං නම් සත පහකට ගනන් ගන් නෑ ඔය ඇස්වහ කටවහ... ඔහොම වෙනවා කියන්නේ හිතේ එකක් තියාගෙන කටින් තව එකක් කියන මිනිස්සු හින්දලුනේ.. ඒක නම් ඇත්ත තමා...
ReplyDeleteඅපෙ අම්මා සමහර දවසට කියනවා හවසට කඩේ කලෙක්ෂන් එක අඩුවෙනවලු එක ගෑණු කෙනෙක් උදෙන්ම ආවොත්.. මම ඉන්න දවසක උදේම මේ ගෑණු කෙනා කඩේට ආවා.. එතකොට එදා කේක් දාලා තිබුන් නෑ... රැලං වගයක් තිබ්බා.. මෙන්න මෙයා කියනවා.. අනේ ඔයාලෑ අම්ම හදන රැලං වලට අපේ ගෙදර කට්ටිය හරිම කැමතියි. මට කෑලි 4ක් දෙන්නකෝ කියලා... රැලං ටික දවස් දෙකකට පස්සේ එහෙමම විසිකරලා දැම්මා...
අපේ නැන්දම්මයි මාමණ්ඩියි කලින් තිබුන ගේ කඩලා අලුතෙන් තට්ටු තුනට ගෙයක් හදනවා... දැන් අවුරැදු 4ක් තිස්සේ.. හි හි.. මේ දෙන්නම අලුත් විදියට බුද්ධාගම අදහන්න කියලා දෙන තැනකට ගොඩක් සම්බන්ධ අය... ( එතන නරක තැනක් නෙවෙයි.. ඔය දෙල්කද පැත්තේ සසුන කියලා තියෙන්නේ..) අවුරුද්දකට විතර කලින් මම දවසක් කිව්වා මෙතත මේ පොඩි ගේක හිටපු උන් මෙච්චර ලොකු ගෙයක් හදනවා කියලා මෙතනින් යන මිනිස්සු හිතනවා ඇති.. අනිත් එක ගේ තියෙන්නෙත් හොදට පේන තැනක.. දකින කෙනෙක් හිතන්නේ හොද දෙයක් නෙවෙයි නේ.. මොකක් හරි ඉස්සරහින් ගහන්න කියලා.. එතකොට ගේ දිහා බලලා එක එක ඒවා හිතනවට වඩා අර ගහලා තියෙන එක කියවෙන එකනේ වෙන්නේ... ඒ පාර මාමණ්ඩියා ටිකක් කල්පනා කරලා මාවත් එක්කන් ගිහින් “ යේ බ්රාහ්මනා“ කියන ගාථාව ප්රින්ට් කරලා ගෙනල්ලා ගැහුවා... යන්තම් දැං නම් වැඩ ඉවරයි..
ඉතිං මං විශ්වාස කරන් නෑ කියලා නම් කියන්න බෑ...
ඈ මාරයෝ.... තාම ඇනෝ සාංකාවෙන්ද ඉන්නේ.......?
Deleteඇත්තක් නැත්තෙමත් නෑ. ඒත් ඉතින් ප්රභා ගහල මරණකම් අනවින කොඩිවින වස්කවි අරව මේවා කීයක් කොලාද...? මරි කතාව මොනවා උනත්...
ReplyDeleteඅර කොච්චි ගහේ කරල් හැදෙන්නෙ නැත්තං ඒක තියාගෙන ඉඳල මොකටද බං. උගුල්ල දානව මිසක්.
ReplyDelete"කොච්චි ගහනං මොනාද අයියෙ... අර හේන් කුඹුරු ටික තියෙන්නෙ යස අගේට..." කියල අර මනුස්සය කිව්වනං එහෙම කොහොමද?
ReplyDeleteපිරිතේ යම් බලයක් ඇත්නම් ඇස්වහද පැවතිය හැකිය. වාචික බලය.
ReplyDeleteඅපේ පැත්තෙත් ඔවැනි ළදක් ඇත. කිව්වොත් යමක් බඩු බනිස්ය...
ReplyDeleteAmmmaeee mae blog ekata wetena comments goda....! :-)
ReplyDeleteමගෙත් ඇස්වහ කටවහ තියනවද කියල චෙක් කරගන්න විදිහක් තියනවද?
ReplyDeletekola helunata mokada gaha thiyenne palala darata ganna puluwanne.
ReplyDeleteමමත් ඔව ටික ටික විස්වාස කොරනවා.........
ReplyDeleteචිත්ත ශක්තිය තමා...
ReplyDeleteI don't believe it though I have seen instances that they have come true. My family members say I have it.Power of words.
ReplyDeleteමදැයි කොච්චි ගහ බේර ගන්න ගිහින් කර ගත්ත දෙයක්....
ReplyDelete