14 September 2012

මාරයා දේශද්‍රෝහී ලයිස්තුවට...

කාලේ හැටියට වෙන්න බැරි වැඩක් තමා.. ඒත් ඒක කරන්න උනා... එහෙම කරන තත්වයට මේ සමාජය විසින්... මේ ක්‍රමය විසින් මාව පත් කලා... ඊයේ දේශප්‍රේමියා අද ද්‍රෝහියා වෙන එක වගේම...ඊයේ ද්‍රෝහියා අද පෙරේමීයා වෙන එකත් අපේ රටේ අයට ඒ හැටි පුදුමයක් නොවුනත් පැල් බැඳගෙන දේශයට පෙරේම කල එකා හිටි හැටියේ පැත්ත වෙනස් කලේ ඇයි කියලා කාට හරි පුරස්නයක් නැගෙන්න ඇහැකි... ඒකයි ලියලාම දාන්න හිතුවේ... මේකටත් මට පැහැදිලි හේතුවක් තියෙනවා.. හැබැයි ඒක කිව්වට කවුරුවත් පිළි ගනීද මංදා.. වාසි අතට හෝයියා කියලා පැත්ත මාරු කරලා තව බේරෙන්න ටොම්බ සයිස් බොරුත් කියනවා කියලා එක එකාලා කියයි.. ඒත් මං සැලෙන්නේ නැහැ ඕවාට.. මං පැහැදිලිවම කියනවා ඒකට හේතුව.. ඔව් මෙන්න ඒ හේතුව...

"දිගින් දිගටම පරදින පැත්තකට සපෝට් කරනවට වඩා හොඳයි පැරදුනත් අවුලක් නැති  දිනන්න උනත් හැකියාවක් ඇති පැත්තකට හේත්තු වෙනවා..."

කාරණාව පැහැදිලියිනේ... දිනුම පෙනි පෙනී අවසාන මොහොතේ හිතා ගන්න බැරි විදියට පරදින එක හැමදාමත් ඉවසියෑකිද.. අද දිනයි හෙට දිනයි කියලා හිත හිත මාත් බලං උන්නා... තව කී දෙනෙක්නං බලං ඉන්න ඇද්ද.. ඒත් කොච්චර බලං හිටියත් ඔච්චර තමයි... (අනික ඉතිං දිනුවා උනත් හැරෙන තැපෑලට හම්බ වෙන තෑගි මොනවද කියලා දන්න හින්දා දිනලත් මොකටද..?) ඒ හින්දා ඔන්න මං පැහැදිලිව ප්‍රකාශයක් නිකුත් කරලාම පැත්ත මාරු කලා.. දැන් ඉතිං මමත් දේශද්‍රෝහියෙක්...

මේ විස්සයි විස්ස තරඟ මාලාව අවසන් වන තෙක්ම මං ශ්‍රී ලංකා පිලට සහය නොදැක්වීමටත්.. අයර්ලන්ත පිලට සහය දීමටත් හිතා ගත්තා... 

අයර්ලන්තයට ජය වේවා..! මාරයාගේ සහය ඔබටයි..!
අපි දිනමු..! රට නඟ..අහ් නැහැ..
අපි දිනමු..! බැටේ දෙමු..!

-------------------------------
පලි...

පලි ලියන්නේ පස්සෙනේ...
-------------------------------
පපලි...

පපලි ලියන්නේ එයිටත් පස්සේ.. ඒත් සාම්ප්‍රධාය කඩන අයට කියන්නේ රැඩිකල් කියලාළු... රැඩිකල් වීමත් එක්තරා උණක්නේ...(දකින දකින දේට ගරහන එකත්.. විරුද්ධ මතවාදම දදා අනිත් උන්ට වැඩක් කරන්න නොදෙන එකත් මං වගේම රැඩිකල් බුවාලගේ ලක්ෂණයක් ඈ..) ඒ හින්දා ඔන්න මං රැඩිකල් වෙලා පලිට කලින් පපලි ලිව්වා...
මං එදා මෙදා තුර සපෝට් කල හැම කෙනාටම උනේ මොකක්ද කියලා දන්නවද..?
(හැබැයි ඒක මෙදා පාර නොවේවා කියලත් මං පතනවා... සමහර දේවල් තියෙනවා දිනනවට වඩා හොඳයි දිනුම දෙනවා... ඒක තමා හැබෑ දිනුම... තමුන්ට බැරි දේ හෝ තමුන්ට වඩා දක්ෂයෙකුට ඉඩ දීම පැරදුමක් නෙවෙයි.. හැබැයි හැම එකම තමුන්ම කරන්න ඕන..තමුන්ම දිනන්න ඕන කියලා හිතන එක එක් අයකුගේ හෝ සුළු පිරිසකගේ දිනුමක් උනත් බොහෝ දෙනෙකුගේ පැරදුමක් වෙන්නත් පුළුවන්.. මෙව්වා ඉතිං මාරයාගේ රුවන් වැකි.. කැමති අතකට පෙරළලා බලන එක තම තමුන්ට බාරයි.. හෙහ් හෙහ්..කියුං ඇති.. ඔන්න මං ගියා...)

53 comments:

  1. හපොයි කිරිකැට් ගැනද කොහෙද.....

    පිස්සුද මන්දා මාරයියට මේ ටිකේ....

    ReplyDelete
    Replies
    1. "පිස්සුද මන්දා"????

      මන්දා??? හෙහ් හෙහ්...

      Delete
    2. දන්නවා දන්නවා මාරයියට පිස්සු කියලා.. ඒත් හදිස්සියේ මේ තරමි වැඩි උනේ.......?
      ඇනෝ සාංකාවෙන්ද.......? හිහි

      Delete
  2. අනේ මොකා දිනුවත් අපිට මොකද?
    මංනං කවදාවත් ලංකාවෙ ටීම් එකට සපෝට් කරන්නෙ නෑ. කොටිංම ඔය ක්‍රිකට් බලන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. උඹ අර පොඩියට ඒව මේව දාල තියෙන්නෙ අපේ ඇස් පේනවද කියල බලන්න වෙන්න ඇති.

      Delete
    2. හැම ජාතියේම අකුරු තියෙනවා. මටත් හිතෙන්නේ ඒකම තමා
      :)

      Delete
    3. මුලින්ම කියහං‍කෝ පෙනුනද කියලා..?

      Delete
    4. හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ මාරයට වගේ අපිටත් හැට ඇදිරිය තියෙනවා කියලා

      Delete
    5. ඔයාලට කොහොමද හැට ඇඳිරිය හැදෙන්නේ..සී සී එහෙම කියන්නේ නැහැ මං කවදාවත්ම.. හතළිස් ඇඳිරිය තියෙද්දී කොහොමද ඔයාලාට ආයේ හැට ඇඳිරිය හැදෙන්නේ ඒ පිටට..:D:D:D

      Delete
    6. ඒකටත් තව අවුරුදු 15 ක් බලාගෙන ඉන්න වෙනවා මාරයෝ මම කිව්වේ හතලිස් ඇඳිරියට

      Delete
    7. මමත් මගේ සහයෝගය වෙනත් රටකට දීමට තීරණය කලා..

      Delete
  3. ඔය තියෙන්නේ තොප්පිය හරියටම දාගෙන

    ReplyDelete
    Replies
    1. මං ඉතිං කොහොමත් එහෙමයි නෙව...

      Delete
  4. අන්න එහෙම තමා ඉන්න ඕනේ. මොනවා හරි සහයෝගයක් ඕනේ නම් කියන්න.

    ReplyDelete
    Replies
    1. මලා... මට ඇන් ජී ඕ වලින් හෙත් සපෝට් කරයිද මංදා..?

      Delete
  5. මොකක්ද කේස් එක? මට නම් තාම මඤ්ඤං වගේ. අද දවල් නොවැ ගොඩ බැස්සේ. පස්සේ අනික්වත් කියවලම මොනව හරි කොටල දාන්නම්.

    ReplyDelete
    Replies
    1. ගොඩ බැස්ස දිහාවෙන් පණිවිඩයක් ලැබුනේ නැද්ද..?

      Delete
    2. වෙල් කම් බැක් වෙද මහත්තයා...

      Delete
    3. ලැබුනා ලැබුනා හිටුකො ගොඩවෙදා කවුද කියලා පෙන්නන්න. හිකිස්....

      මාතලන් අද ඉදලා නැවත බ්ලොග් ලෝකෙට......

      Delete
  6. මාරයටත් වෙලාවකට හිතෙන්නේ මාරම දේවල් තමයි.මේ මොක කලත් මාරයා ඉදිරියෙන්......

    ReplyDelete
    Replies
    1. බැහැනේ හප්පා හැමදාම බලන් ඉන්න..අපිත් ගොඩ යන්ට එපෑ...

      Delete
  7. මගුලක්නේ මන් හිතුවේ සිරාවටම පැත්ත මාරු කලා කියල එල එල බලමුකෝ අයර්ලන්තේ :)

    ReplyDelete
  8. උබ ලේප්රිකොන් කෙනෙක් වගේ ඇදගෙන, ගිනස් බෝතලයක් ගහලා පලයන් මැච් එකකට.

    ReplyDelete
    Replies
    1. අයර්ලන්තෙට මං ආසම ඔය ලෙප්රිකෝන් ‍ලගේ කතා හින්දා... මං කාලයක් ඒ කතා තියෙන ෆිල්ම් හිටු කියලා බැළුවා... ගිනස් කියන්නේ බීමක්දෑ බං..මං හිතුවේ අර හැම උලව්වක්ම ලියන පෙස්ටගමක් සයිස් වාර්ථාපොත කියලනේ...

      Delete
  9. උඹව බයික් එකෙන්වත් වැටුනද

    ReplyDelete
    Replies
    1. පික්ෂුද..වැටුනොත් ආයේ යන යෑමට බ්ලොග් ලියන්න ඉතිරි වෙන්නේ නැහැ..කෙලින්ම වාස්ප...

      Delete
  10. ක්‍රිකට් වලට තියෙන ආසාව හේදිලාම ගියා. අපේ ඈයෝ ඒ තරම් හොඳයිනේ. මැච් එක බලන්න ගියාම වෙන්නේ පෙෂර් එක හැදෙන එක විතරයි. ඒ තරම ලේ කෝප වෙනවනෙ. ඊට වඩා හොඳයි නොබලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න එපා ළිහිණියෝ.. එන්න අපේ පැත්තට... ජය නියතයි...

      Delete
  11. Replies
    1. බකට්නං දාන්න එපා..යන්තං ගොඩ යන්න හදන වෙලේ...

      Delete
  12. මොන රෙද්දක්ද යකෝ මේ කුරුමිටි අකුරෙන් ලියන්නෙ බොල ? අපි වගෙ හතලිස් ඇන්දිරියට කිට්ටු එවුන් ගැනවත් පොඩ්ඩක් හිතහන්...?

    "මාරයා ජාත්‍යාන්තර කුමන්ත්‍රණයකට අසු වෙයි.....!"

    ReplyDelete
    Replies
    1. අය්යො මේ M.R. කටකහන දුමී මහතා නෙනි;

      හෑමදාම කියොන්වා විතරඩ.
      ලියන අයිඩ්යා පාරක් නැද්ද් අප්පා

      කුකුල් මස් කටක්ව්ත් හිර උනාද දුමි අය්යේ

      Delete
  13. මාරේ අයියා අයර්ලන්තය වෙනුවෙන් ජයඝෝෂා නගන්නේ බුකීකාරයෝ එකතු වෙලා ඔට්ටුවක්වත් ඇල්ලුවද? නැත්නම් දන්න ශාස්ත්‍රයෙන් පලාපලයක් වත් බලලා කියවුණාද මේ පාර අයර්ලන්තය තමා කප් එක ගන්නේ කියලා..?

    ReplyDelete
  14. //(හැබැයි ඒක මෙදා පාර නොවේවා කියලත් මං පතනවා... සමහර දේවල් තියෙනවා දිනනවට වඩා හොඳයි දිනුම දෙනවා... ඒක තමා හැබෑ දිනුම... තමුන්ට බැරි දේ හෝ තමුන්ට වඩා දක්ෂයෙකුට ඉඩ දීම පැරදුමක් නෙවෙයි.. හැබැයි හැම එකම තමුන්ම කරන්න ඕන..තමුන්ම දිනන්න ඕන කියලා හිතන එක එක් අයකුගේ හෝ සුළු පිරිසකගේ දිනුමක් උනත් බොහෝ දෙනෙකුගේ පැරදුමක් වෙන්නත් පුළුවන්.. මෙව්වා ඉතිං මාරයාගේ රුවන් වැකි.. කැමති අතකට පෙරළලා බලන එක තම තමුන්ට බාරයි.. හෙහ් හෙහ්..කියුං ඇති.. ඔන්න මං ගියා...)\\

    මේ ටික තමා හොඳම ටික..මාරයාට ජය වේවා..! ඔන්න මාත් ගියා...හෙහ්..හෙහ්..හෙහ්.....

    ReplyDelete
  15. පැත්ත මාරු කරන්න කලින් හෙට පුහුණු මැච් එක බලලම ඉඳහන් , අල්ලපු රටේ ඇයින්ට ගහ ගත්තොත් ගේමකට ඉන්නේ සවුත් අප්‍රිකන් උන් තමා , පුලුවන් නම් ඩිවිලියර්ස් ගොය්යගෙ හඳහන බලපන් මේ පාරත් වර්ඩ් කප් අපලද කියලා , මොකද පොතේ හැටියට නම් ඉන්න දස්සම ටීම් එක උන් !

    ReplyDelete
    Replies
    1. ලෝකේ මෙච්චර කාලයක් ක්‍රිකට්වලට තිබ්බ හැම වර්ල්ඩ් කප් එකකටම කළිං දකුණු අප්‍රිකාව තමා දක්ෂම ටීම් එක. ඒ උනාට සීරීස් එකේ අවසාන ටික යද්දි උං නැහැ.
      මේ පාරත් එහෙම්මම වේවි...

      ජය වේවා!!!

      Delete
  16. යකෝ අර අකුරු ටික ලොකු කරපන්. බ්ලොග් කියවන්නයි, ඇස් වෙද්දු හොයන්නයි දෙකක් බෑ. නැතනම් උඹ විෂන් කෙයාර් එකට පොඩි බැක් එකක් දෙනවද.

    ReplyDelete
  17. ඒ ටීම් එකත් නරක නැහැ වෙලාවකට ,ඇත්තටම මාරයට අයර්ලන්තේ යන්න ආසාවක් ඇවිල්ලද මන්දා ?

    ReplyDelete
  18. මැය (මාතෘකාව) දු‍ටු විටම සිතුවේ දෙස්පලන පක්ෂය මාරු කළ බවකි.

    ReplyDelete
  19. adooow desh innakal ewwa koheda. Owwa kumantrana. Hari korala balamuko ehenam.


    Man hithuwe kalatipol gena kiyanawa kiyalane.

    ReplyDelete
  20. ඔය කොච්චර කියුවත් අන්තිම මොහොතෙදි හිත වෙනස්වෙනව නොවැ

    ReplyDelete
  21. මට පේන්නේ මාරයගෙ ග්‍රහයෝ ටික රැඩිකල් වෙලා වගේ,

    ReplyDelete
  22. නරකද පිළ මාරු කරන එකේ නමත් පොඩ්ඩක් මාරු කලොත්.

    ReplyDelete
  23. දේසපාලනේ / කිරිකොට් කැටි කරල ලියලද මන්දා :)

    ජය !

    ReplyDelete
  24. ඔන්නොහෙ අපි නම් මේ පාරත් මේ පැත්තේම ඉන්නවා..හි හි..!

    ReplyDelete
  25. මමත් මැච් බලන්නේ නෑ මේපාර.. පස්සේ බලනවා දින්නද කියලා.. ගිය වතාවේ මම නිවාඩුත් දාන් බැළුවේ..

    ReplyDelete
  26. අපිනම් වෙලාවට ඕවා බලන්නෙ නෑ.

    ReplyDelete
  27. දිනුවොත් ජාතික නිවාඩු දිනයක් කරලා මොන මොනවයේ හරි ගණන් එදාට වැඩි කරයි... ඒ හින්දා පරදින එක හොඳයි.. (ජහමනයා)

    ReplyDelete