16 September 2012

ඇඩ්රස් නැති වීම...

කවුරුත් දන්නවනේ මාරයා ඇවිල්ලා නිදහස් කුරුල්ලෙක්... හිතුන අතක යා හැකි හිතුන දෙයක් කල හැකි එකා වෙච්චි. ආයේ ඉතිං අර බැඳීම් මේ බැඳිම් ඇති එහෙකුත් නෙවෙයි. ඒ වගේමයි මාරයාට ඇති දේකුත් නැහැ... එක අතකින් නැති දේකුත් නැහැ... ඇති දෙයක් නැහැ කිව්වේ සාමාන්‍ය මනුස්සයෙකුට වගේ තමුන්ට කියලා එක බිං අඟලක් නැහැ... ගෙයක් දොරක් නැහැ... වස්තුව බාගේ නැහැ... රැස් කරපු ධනයක් නැහැ... 

නැති දෙයක් නැහැ කිව්වේ තමුන්ට කියලා බිං අඟලක් නැති එකාට මුළු ලෝකේම උගේ..ගෙයක් දොරක් නැති එකාට මේ මුළු අහස යට හැම තැනම උගේ ගෙදර වෙච්චි... වස්තුව බාගේ මිල මුදල් නැහැ කියන්නේ පරිස්සං කරන්න දෙයක් නැහැ... එහෙම බැළුවම නැති දේකුත් නැහැ...

ඔය වගේ කාරණා හින්දා මාරයා ඉතිං කරන්නේ එදා වේල හම්බ කරං කන්න ඇහැකි මොනවා හෝ රස්සාවක් කරන ගමන් නිදහසේ ජීවත් වෙන එක තමා... ඒ වගේමයි රස්සාව කොතැනද ඒ කිස්ටුව පාතකින් පොඩි ගේ කෑල්ලක් කුලියට ගත්තා පුළුවන් හැටියකට යමක් රත් කරගෙන කොටා බෑවා ඔහේ පාඩුවේ හිටියා... ඔයිට වඩා ලොකු දෙයක් නැහැ... 

ඔහොමයි කිව්වට ඉතිං සාමාන්‍යයෙන් රටක ජීවත් වෙද්දී අපි අකමැති උනත් යම් යම් නීතී වලට යටත් වෙන්න සිද්ධ වෙනවා නෙව.. ඒ වගේම ඒ ඒ රටේ හැටියටයි අපේ අවශ්‍යතාවල හැටියටයි  යම් යම් බැඳීම් ඇති වෙනවා.. එයින් එකක් තමා කුලී ගේ අයිතිකාරයා හා ඇති බැඳීම.. ඇයි යකඩෝ අපි නිදහස් කුරුල්ලෝ කියලා උන්දලට දෙන්න තියෙන ගෙවල් කුලිය නොදී හිටියැකියෑ.. ඉතිං ඒකත් බැඳීමක් තමා...

ආන්න ඒ වගේ තව බැඳීම් දෙක තුනක් තියෙනවා... එකක් තමා බැංකු ගිණුම්... එව්වෑ දාන්න මහ සල්ලියක් නැති උනත් නමට හරි එහෙම එකක් එපෑ..අඩුම ගානේ මාසෙකට වරක් රස්සාවෙන් හම්බ වෙන පඩිය ලැබෙන්නෙත් බැංකු ගිණුම හරහා නිසා බැංකු ගිණුමක් නමට හරි තියෙන්ට ඕන...

එතැනින් ගිහාම ආයේ ඕන වෙනවා නෙව දුරකථන සම්බන්ධතාවයක්... එතකොට ඉන්ටනැට් සම්බන්ධතාවයක්.. ආයේ ඉතිං කෝක නැතත් ඒක නැතිව කොහොමෙයි මෙහෙම සුකුරුත්තං ලියන්නේ.. ඉතිං ඔය වගේ කීපයක් බැඳීම් ඇති කරගන්නට සිද්ධ වෙනවා... මං මේ කියන්ට යන්නේ ඒ සම්බන්ධ කරණාවක්...

මේක මේ හදිසියේ කල්පනාවට ආවේ මගේ යාළුවෙකුගේ මේ දවස්වල පුරස්න ටිකක් හින්දා... උන්දැට විතරක් නෙවෙයි මටත් ඒවා පොදු පුරස්න හින්දා තමා මගේ අවධානය වැඩියෙන් යොමු උනේ...

කොටින්ම කිව්වොත් මේක මේ ඇඩ්රස් නැති වීම ගැන ප්‍රශ්නයක්...

ඔන්න අපි යනවා දුරකථන සම්බන්ධතාවයක් ලබා ගන්න..නැත්තං ඉන්ටනැස්ට් සම්බන්ධතාවයක් ලබා ගන්ට.. ඔන්න ලැබෙනවා පෝරමයක් ‍ඒක පුරෝගෙන යනකොට අහනවා අපේ ඇඩ්රැස් එක...

මට ඉතිං ඇඩ්රස් එකක් නැතිවම හිටි කාලයකුත් තිබුනානේ පහුගිය කාලේ පන්සලෙන් ආවට පස්සේ.. මොකද පැවිදි හැඳුනුම් බත වලංගු නැහැ..ගිහි හැඳුනුම් පතක් ගන්ට විදියක් නැහැ... ඉතිං නෝ ඇඩ්රස්... අන්තිමට කොහොම හරි දහං ගැටයක් ගහලා ඒක ගත්තා නෙව මෑතකදී.. ඉතිං දැන් මගේ හැදුනුම් පතේ තියෙන්නේ මයේ ගෙදර ඇඩ්රස් එක... ගෙදරය කිව්වේ දැන් අපේ අම්මා විසින් ගෘහ මූලිකත්වය උසුලන ගෙදර..හැබැයි ඉතිං මං ඒ ගෙදර එක දවසක් ගත කොරාපු අන්තිම දවස දැනට අවුරුදු දහයකටත් එහා... ඔය හිටි හැටියේ ගෙහුං ගොඩ වෙලා පැයක් දෙකක් ඉදලා ආවට ඒක ගෙදර ඉඳීමක් නෙවෙයිනේ...

ඉතිං කොහොම හරි ඔන්න මගේ ඇඩ්රස් එක හැටියට දැන් හැඳුනුම්පතේ තියෙන්නේ ඒ ඇඩ්රස් එක... ඒත් මං දැන් ඉන්නේ එයිට සෑහන දුරකින්නේ... ඉතිං අර විදියේ පෝරමයක් පුරවද්දී මට උවමනයි ඒ ඒ දේවල්වල බිල් පත් මං දැන් ඉන්න තැන්වලට ලැබෙන්න සලස්වා ගන්න... ඔන්න එතකොට තමා මට ඇඩ්රස් නැති වෙන්නේ...

"සර් හැඳුනුම් පතේ තියෙන ඇඩ්රස් එකට නැතිව වෙන එකකට බිල් එක පෝස්ට් කරන්නනං ඒ ඇඩ්රස් එකේ තමන් නමට එන බිලක් මොනවා හරි තියෙන්න ඕන... එහෙම නැත්තං බැහැනේ.."

කවුන්ටර්වල ඉන්න පියරු තට්ටු හතක් ගාලා සුදු පාටට මැලවිලා ඉන්න නංගිලා තො‍ඳොල් වෙලා කියනකොට ඔන්න ඉතිං යක්ෂාවේස වෙනවා...

ඇයි යකෝ මේ කුලියට ඉන්න තැන්වල ලයිට් බිල් වතුර බිල් අපේ නමට හරවන්න කුලි අයිතිකාරයෝ මට ගේ වික්කෑ... එහෙම නැතිව අවුරුද්දක් මාස හයක් ඇවිත් පදිංචි වෙලා ඉන්න කුලී කාරයෙකුට ගෙයි බිල් හරවන්න ගෙවල් අයිතිකාරයින්ට පිස්සුයෑ... නංගිලා මොනවා කියනවද මංදා..?

කොහොම කිව්වත් ඔය නංගිලට ඕවා පැහැදිලි කරලා දෙන්ට හැටියක් නැහැ... පුළුවන් උනත් උන්ට කරන්නට දේකුත් නැහැ උන්ගේ ආයතන වලින් දාගා තියෙන මැන්ටල් නීතිනේ...

ඇයි යකෝ අපි අපේ අනන්‍යතාවයට ඔප්පු කරලා සල්ලි ගෙවලා උන්ගෙන් සේවයක් ගන්ට යනවනං... උන්ගේ කොම්පැණිය හෙට වහයිද නැද්ද කියලවත් හරියට කියන්ට බැරි තත්වයක් යටතේ අපි කිසි හෙවිල්ලක් නැතිව අපේ සල්ලි වලින් උන්ට ඩිපෝසිට් එහෙකුත් ගෙවනවනං...(හරිනං අපි උන්ගෙන් ඉල්ලන්න ඕන මහ බැංකුවේ හරි ‍මොකක් හරි රජයේ ආයතනයකින් ලබා ගත්ත සහතික ලිපියක් මුං අපේ සල්ලි අරං පැනලා නොයයි කියලා හිතන්න ඇහැකි.. අපි ඒවා ඉල්ලනවෑ..) බිල අපිට ඕන ඇඩ්රස් එහෙකට එවන්න මුංට බැරි ඇයි...? අපේ බිලක් වෙන කාට හරි යවලා අපිට ඇති වැඩක් තියේද..? ඕක එහෙ මෙහෙ ගියාම ඒක වෙලාවට ගෙවන්න බැරි උනාම කෙලවෙන්නේ අපේ ටැලිපෝං ලයින් එකටමනේ.. එතකොට කස්ට කන්ට ඕන අපි මිස උන්ද..? අපි වෙලාවට බිල නොගෙව්වොත් අපේ ලයින්ට එක කස්ට් කොරලා තියලා තියෙන ඩිපෝස්ට් එකෙන් උන්ගේ ගාන කපා ගන්න හැකියාව තියෙද්දි. ආයේ අහවල් ලබ්බටද බිල අපි කියන තැනකට එවන්ට දාහක් ජාති ඉල්ලන්නේ...?

ඉතිං අන්තිමට වෙන්නේ ඔක්කෝම බිල් හැදුනුම්පතේ ඇති ගෙදරට යවන්ට සකස් කරන්ට.. ඔය හින්දා තාමත් මගේ බිල් යන්නේ ගෙදරට... මං ඉතිං බිලක විස්තරයක් දැන ගන්ට ඕන උනාම ගෙදරට කතා කරලා අර ලිපි කඩෝලා එව්වා කියෝගන ඕන ඒ විස්තර දැන ගන්ට... ඒත් ඉතිං මට ඕන කාරණා දැන ගන්ට ඒ ක්‍රමයට සෑහෙන වෙලාවක් යනවා... ආන්න ඒ වෙලාවට තමා අර කොම්පැණී කාරයින්ගෙයි..බැංකු කාරයින්ගෙයි අම්මා මුත්තාගේ හිටං පරම්පරාගත ඥාතීන්ට පිං පමුණුවන්ට සිද්ධ වෙන්නේ.. කොටින්ම උන්ගේ පරම්පරාවල වලලපු නෑදෑයින්ගේ මිනී වලවල් ගාවින් ඔය වගේ වෙලාවට කවුරු හරි ගියොත් ඒකා බය වෙනවා.. අර මිනී වලවල් වලින් ඇහෙන  "හචෝස්..පචෝස්...හච්..චිං.." කියන සද්ද ඇහිලා...

නීතී රීති තිබුනට කමක් නැහැ.. හැබැයි ඒවායින් නිකරුනේ මිනිස්සුන්ට වද දෙන්න නොයා... එහෙම නැත්තං ඇඩ්රස් නැති අපි වගේ උන්ට සිද්ධ වෙන්නේ ඔය කිසිම දෙයක් පාවිච්චි නොකර බකං නිලා ගන්න...

38 comments:

  1. Replies
    1. හිමිකරු ලිපිනය නොවෙනස්ව තිබියදී බිල් යන ලිපිනය පමණක් වෙනස් කර ගන්න පුළුවන් වෙයි සමහර විට? මම එහෙම කරන්න ඉන්නේ , ටෙලිකොම් එකෙන් නම් පුළුවන් කිව්වා.

      Delete
  2. හ්ම්.....මේක කියෙව්වාම ගොඩාක් දේවල් හිතුනා...ජීවිතේ හැටිලුනේ...

    ReplyDelete
  3. සහතික ඇත්ත කතාවක් මාරයා. එකනේ මම ඔයාගේ උපදෙස් ගන්න ගෙදරට එන පාර හොයල දෙන්න කියල පෝස්ට් එකක් දැම්මේග මෙන්න ලින්කුව http://samakayawate.blogspot.com/2012/09/blog-post_15.html

    ReplyDelete
  4. සහතික ඇත්ත මාරයෝ.ඒ උනාට තාවකාලික ලිපිනය කියලා ප්සේ ලිපි ලැබෙන ක්‍රමය වෙනස් කරගන්න පුළුවන් මම හිතන්නේ

    ReplyDelete
  5. ඔය ප්‍රශ්නෙ මටත් තියනවා. මට යම් යම් බැඳීම් තියනවා හැබැයි මගේ නමට ඔය බැංකු ගිනුම් නැහැ. නෙට් කනෙක්ෂන් නැහැ. හැදුනුම් පතයි පාස්පෝට් එකයි රියදුරු බලපතයි විතරයි. තව කසාද සහතිකෙයි, උප්පැන්න සහතිකෙයි විතරයි. උපාධි සහතික අරව මේවා ගත්ත මොහොතේ දැක්කා ඊට පස්සේ දන්නේ නැහැ. ඒත් මේ බැඳීම් බොහෝම වැඩියි. මේවායින් නිදහස් වෙලා ඉන්න ඇත්නම්.......

    ReplyDelete
  6. පොඩ්ඩක් කතා කළාම ඕක අපිට ඕන ඇඩ්‍රස් එකකට වෙනස් කරගන්න පුලුවං බං.

    ReplyDelete
  7. තෝ දෙන ඇඩ්‍රස් වල බිල් එවන්න. උන්ට මූන දැක්කම පේනවා ඇති. මූ අහුගුන්ටිකයෙක් කියලා. අයො යකෝ තෝ දෙන ඇඩ්‍රස් වලට කොනෙක්සොන් දීලා කොම්පැනි වහන්නද. මල් කඩන කැඩිල්ලට ඇතිනේ පත බිල්....

    ReplyDelete
  8. ඕය වගේ ඒව මිනිස්සුන්ගෙ හිතේ මැවෙන මනස්ගාත මගෙ හිතේ. මොකක් හරි කොනක් අහු උනාම බොරු මවනව.

    දැං ඔය ජංගම දුරකතන තියන, ජාංගම ජාල සම්බන්දතා තියන හැමෝම හැඳුනුම් පතේ තියන ඇඩ්‍රස් එකටමද බිල් ගෙන්න ගන්නෙ. ඕව මනස්ගාත, මම නම් මේවන තුරාවට දෙබස් සාමගමකින් ඔහොම ඒව 2ක් අරන් තියනව. දෙකේම බිල් එන්නෙ ගෙදරටත් නෙමෙයි. ඒව එන තැන් වෙනස් කර ගන්න ඔහොම නම් අමාරුවක් උනේ නෑ. අනික මම ඔය බිල් කලුද සුදුද කියලවත් හරියටම මතක නෑ. මොකටද මාරෙ ඔයාට බිල් මැල්ලුම් හදන්න ද?

    දැන් ඔය මනස්ගාත කිවුවෙ සමහර විට මාරයගෙ වෙන්නත් පුලුවන්, කවුන්ටර්වල ඉන්න පියරු තට්ටු හතක් ගාලා සුදු පාටට මැලවිලා ඉන්න නංගිලාගෙ වෙන්නත් පුලුවං. හැබැයි, ඕවට විසඳුම් දෙන්න තමයි customer care එකක් තියෙන්නෙ. (ලඟදි ඉඳල ඒවයෙ සෙවාව ගැන නම් කතා කරල වැඩක් නෑ තමයි.)

    ජංගම නැතුව ස්තාවර ඒව ගැන නම් හරියට කියන්න දන්නෙ නෑ. හැබැයි ස්තාවර ගන්න නම් ඕව බැලුවත් කමක් නෑ.

    ReplyDelete
  9. ම්ම්ම්... ඇඩ් රස් නැති වුනා කිව්වාම මම බැලුවා ළඟදී වළියකට වත් සෙට් වෙලා ද කියලා.. සමහර වෙලාවට ඔය Company rules කියන ඒවා නම් මහ වදයක් තමා.. කිසිම වැඩකට නැති ඒවා පවා හොයන්න එනවා..

    ReplyDelete
  10. ඇත්ත කථාව, කතාවේ මුල් පැහැදිලි කිරීම් ටිකත් එල ඈ

    ReplyDelete
  11. මම මේ කල්පනා කලේ මොකද්ද දන්නවද මාරයෝ ? අපි දෙන්නම තරමක් දුරට හරි එක සමාන උනේ කොහෙමද කියන එක. අර නිදහස ප්‍රශ්නෙ...ඒවා මටට්ත් පොදුයි. කා එක්කවත් වැඩි බැඳීම නැති උනත් කුලියට ඉද්දී ඔය මාරයාට තියෙන ප්‍රශ්ණ ටිකම මටත් තියෙනවා.

    මට තියෙන ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක මගෙ යාලුවෙක් නමට ගත්තු එකක්. ඇයි ඉතින් මට දෙන්න කියලා බිල් ගෙවීම්.( ලයිට් වතුර වරිපනම් ) මගේ නමට නෑනේ. ගෙදර දුන්නම ඊට වඩා කරදරේ. ඉතින් යාලුවෙක් උගේ නමට අරගෙන දුන්නා. දැන් මගේ යාලුවා ඉන්නෙ පිටරට.කනෙක්ෂන් එකේ ප්‍රශ්ණයක් ආවාම අරූ එහෙ ඉඳන් කතා කරලා විසඳන්න ඕනෙ.බිල යන්නෙ උගේ ගෙදරට. මම ඉතින් ඒක ගියාම උගේ වයිෆ් මට කතා කරලා කියනවා මෙන්න බිල ඇවිත් කියලා. ඒක නම් මල වදයක්ම තමා

    ReplyDelete
  12. ඔය පියරු බේබීස්ලට කියන්ඩ ඕනි මාරයා ඇඩ්‍රස් සීන් එක..එතකොට උන්ට ඇඩ්‍රස් නැති වෙනවා..අපි දෙන ඇඩ්‍රස් එක පිලි ගන්ඩම වෙනවා..මගෙත් ජා.හැ.ප ඇඩ්‍රස් එක ගමේ. ක්‍රෙඩිට් කාඩ් පවා ඇඩ්‍රස් තියෙන්නෙ කො. 07 ටම තමයි.. කොහෙද මල්ලි ඔය බේබීස්ලට වශී වෙලා වගේ බලන් ඉඳලා එන්ඩැති..

    ReplyDelete
    Replies
    1. කොහෙන් ගියත් මොනා කලත් කලම්බු සෙවන් කොහොම හරි සීන් එකට එන්ටොර් කොරනවා අෆේ වෙනි අයියා....:DDD

      Delete
    2. කොළම්බු සෙවන් කොතනද වෙනී අයිය එතන. :D

      Delete
    3. කොලොම්බො සෙවන් මට්ටකුලියද? :-D

      Delete
  13. ඇඩ්ඩ්‍රස් නැහැ කිවවට ඊමේල් එක තියෙනවනේ.. :)

    ReplyDelete
  14. මමත් ඔය ලයිෆ් එකටම තමයි දැන් එන්ටර් වීගෙන එන්නෙ. මටත් ඕන බැඳීම් අඩු ජීවිතයක්. තවම නම් ඔහොම ප්‍රශ්නවලට මූන දෙන්න වුනේ නෑ, බලමු ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ බුදු වෙන්න වගේද?

      Delete
  15. ගෝ ග්‍රීන් කියලා අලුත් සෙල්ලමක් තියෙන්නේ ප්‍රින්ට් කරන බිල් නතර කරන්න... එතකොට ඊමේල් කරනවානේ... ඒක තාම නැද්ද ඔය ටෙලිෆෝන් කම්පැනියේ..? කොහොමත් තව ටික කාලෙකින් ඔය ප්‍රශ්නේ එන එකක් නෑ...

    ReplyDelete
  16. මම කොළඹ වැඩකරන කාලෙ බයික්එක ගත්තෙ.‍ මෙහෙට ට්‍රාන්සර් එන්න ගතවන කාලය ගැන කියන්න බැරි නිසා ඒකෙ පොත හැදුව කොළඹ යාළුවෙකුගෙ ඇඩ්‍රස් එකට. ඊට අවුරුදු 2කට පස්සෙ ගමට ආව. මම දවසක් ගියා තැපැල් කාර්යාලෙට බයික් 1ට තර්ඩ් පාටියක් දාගන්න. එතන නෝන කියනව කොළඹ ලිපිනයට ඉන්ෂූරන්ස් 1 තැපැල් කරනව කියල. ඒ වෙද්දි ඒ ඇඩ්‍රස්එකේ යාළුවත් නෑ. මම විස්තරේ කියල නෝනට කිව්ව මොන ලිපිනය දැම්මත් කමක් නෑ ඉන්ෂූරන්ස් එක මගේ ගෙදරට තැපැල් කරන්න කියල. නෝන බෑ ම කිව්වනේ. නෝනගෙ ඉන්සූරන්ස් 1 නෝනට කියාගන්න කියල මම ආව.

    ReplyDelete
    Replies
    1. //නෝනගෙ ඉන්සූරන්ස් 1 නෝනට කියාගන්න කියල මම ආව.//

      එළස්....ප්‍රශ්නයේ ප්‍රායෝගික පැත්ත තේරුම් ගන්න බැරිනම් ඒක තමයි කරන්න ඕන.

      Delete
  17. ඇඩ්‍රස් ලියුම් ගැන ඇහෙද්දිත් මල පනිනවා
    ජීවිතේ වැදගත්ම දෙයක් මට නැතිවුනා සිරි ලංකාවේ තැපැල් මහත්තයලට පින් සිද්ධ වෙන්න

    ReplyDelete
  18. අර තැපැල් කන්තොරුවල තියෙනවා නේද බන් තැ. පෙ. කියලා අංකයක් දෙන එකක්
    ඒකක් ගන්න බැරිද
    ඒක දෙන්නෙත් එඩ්‍රස් එකක් තියෙන උන්ට විතරද දන්නේ නැහැ :-D

    ReplyDelete
  19. ඇඩ්‍රස් නැති එකත් හොඳයි මාරයියේ නැත්තම් වලියක් එහෙම ගිහින් සුදු වෑන්,ඇනෝලා වගේ උන් හොයාගෙන එනවනේ.

    ReplyDelete
  20. ඇඩ්රස්............. එන්නේ කොහෙද යන්නේ කොහෙද කියල දන්නේ නැති අපිට මොන ඇඩ්රස්.ද නෙහ්..?
    ඕක හරියට අර ණයක් ගන්න ගියාම ස්ථිර රැකියාව අහනවා වගේ වැඩක් නේ... මෙච්චර අස්ථිර ලෝකේ ස්ථිර රස්සාවක් නෑ කියල මුන්ට තේරෙන්නේ නෑනේ.

    ReplyDelete
  21. මසුරං දාන්න ඕන බං උඹේ කටේ මටත් උනානොවැ ඔහොම වැඩක්...! දාගත්තා පස්ට වලියක්..!

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ..මාස හයක් ගොහින් වෙනස් කොරගන්න ඇහැකි කියන එකනෙ.

      Delete
  22. නීති අප්ඩේට් වෙන්නැති එකනං කචල් කේස් එකක් තමා...

    ReplyDelete
  23. කොයි නීතියත් හැදෙන්නේ උන්ගේ වාසියට තමයි.මගේ N.I.D.එකේ 1 ඇඩ්රස් 1ක්. ලයිසන් 1 තව එකක්.

    ReplyDelete
  24. මම 2011 ලංකාවට ආපු වෙලේ ඉන්ටනැට් කොනෙස්සොමට ඔය පුරස්න එයාලා ගෙනාවෙ නෑ නේ.
    අම්මගෙ ගෙදර ඇඩ්ඩරස් එක හැඳුනුම් පතේ, ඒත් තවත් ගමක ඉන්න ඇන්ටිලාගෙ ගෙදරට බිල එවන්න කියලා එතන ඇඩ්ඩරස් එක දුන්නා. හෑඩ් නෝ ප්‍රස් ඇට් ඕල්.
    ඔය කවුන්ටරේ නංගි ඔයා නළුවෙක් වගේ ඉන්න හිංදා පොඩ්ඩක් කතා කරන්ට ආස හිතිලා ඔහොම කියලා තියෙන්නෙ, සුවර් එකටම... කෝ ඉතිං ඒකවත් තේරිලා නෑ නේ!

    ReplyDelete
  25. ගෙදර කුලියට ඉන්න අත්සන් කරපු ලියවිල්ල පෙන්නලා බැරිද?

    ReplyDelete
  26. මාරයා බැදීම් අඩු කර ගෙන සිටින නිසා තවත් බැදීම් අඩු කර ගන්න එවිට ඔය පුරස්න ඇති වෙන එකක් නෑ මගේ හිතේ. හැබැයි අඩු කර ගෙන අඩු කරගෙන ගිහිල්ලා ආයතන් බින්දුවට ගිහිල්ල අවුරුදු ගානකින් අයේ ඇවිල්ල දෙවැනි මාරයා කියලා බ්ලෝග් කරන්න එහෙම ලැස්ති වෙන්ට හදනවා එහෙම නොමෙයි හරිය...

    ReplyDelete
  27. මාරය, ඇඩ්‍රස් එකක් ගන්න ලේසිම තැන තමයි බැංකු ගිණුම. ඕනෑම පෝලින් නැති බැංකුවකට ගිහින් රු. 500ක් දාල අලුත් ගිණුමක් පටන් ගන්න. ඒකට ඔයා කැමති ඕනම ඇඩ්‍රස් එකක් දුන්නැහැකි. කිසිම ප්‍රශ්නයක් නෑ. ඊට පස්සෙ ඒක ඉදිරිපත් කරල බිලක් ගන්න. පස්සෙ බැංකු ගිණුම අවලංගු කරල සල්ලි ආපහු ගන්න.සිම්පල්!

    ReplyDelete
  28. ඒ උනාට දැන් නම් ගොඩක් තැන් වල ඊමේල් ඇඩ්රස් එක ඉල්ලනව නේද. තව අවුරුදු පහ හයකින් තත්වෙ වෙනස් වෙයි.

    ReplyDelete
  29. මටත් ඔය කියනකං මේ කාරණය ගැන වැටහීමක් තිබුනෙ නෑ මේ වගේ ගැටලු මට නැති නිසා...ඒ උනාට ගැටලු ඇති අයට සහනයක් වන විදියෙ නීති රීති ගෙනාව නම් තමා හොද...

    ReplyDelete
  30. //කොටින්ම උන්ගේ පරම්පරාවල වලලපු නෑදෑයින්ගේ මිනී වලවල් ගාවින් ඔය වගේ වෙලාවට කවුරු හරි ගියොත් ඒකා බය වෙනවා.. අර මිනී වලවල් වලින් ඇහෙන "හචෝස්..පචෝස්...හච්..චිං.." කියන සද්ද ඇහිලා...//

    නියම කතාව ඒක නම්

    ReplyDelete
  31. බැංකුවලට නම් සාධාරණ හේතු තියනවා, ටැක්ස් නෝටිස් වගේ. (මහ බැංකුව ව්සින් පනවන ලද නීති ) දුරකතන කොම්පැනි ඕව හොයන්නේ 'විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ' නියමය අනුව. ඊට හෙතුව ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණ. උදාහරණ -මාරයා කාට හෝ මරණ තර්ජන කර, ෆෝන් එක පාවිච්චිය අත් හැරියොත් මුලින්ම හොයන්නේ බිල් ලිපිනයේ.

    මේවා මම දන්න විදිහට සාධාරණ හේතු. (ටෙලිකොමියුනිකේෂන් සහ බැංකු යන තැන් දෙකේම අත්දැකීම් ඇසුරෙන්) ඔය සුදීක එහෙම දන්නව ඇති. හැබැයි අර කිව්ව වගේ විකල්ප ක්‍රමයකුත් තියෙන්න ඕන බව නම් ඇත්ත. ඒත් අපේ රටේ මිනිස්සුන්ට පහසුවන විදිහට නීති රෙගුලාසි හැදෙන්නේ ඉබි ගමනින්නේ බොල.

    ReplyDelete