17 September 2012

මාරයාගේ චිත්‍ර ප්‍රදර්ශනය...

1...



ගැලවිජ්ජාව‍...



අපිට කොයිද..?



මලා!


5...


මෙව්වා මේ ආවට ගියාට කරන වැඩ එහෙම නෙවෙයි. වැරදිලාවත් හිතන්න එපා බලි කුරුටු ඇඳලා කියලනං... මේවා නියම විදියට දකින්න හෙන මෙව්වා එකක් තියෙන්න ඕන... එහෙම නැති අයට මේවා තේරෙන්නේ නැහැ හරිය..?

ටිකකට නං දැම්මට උඩ එකටයි යට එකටයි නං නැහැ.. හැකියාවක් ඇයි අය ඉන්නවනං කල්පනා කරලා දෙමු බලන්න නමක්...

-----------------------------------------------
පලි...

අපිට අත දෙන්න කව්රුවත් නැහැ..නැත්තං ලියනාඩෝ ඩාවින්චි ගාවින් ඊ ළගට ලියවෙන්නේ මාරයා‍ගේ නම..මොනවා කරන්නද කාලය දීපය දේසය බලන්න අමතක උනු කොට..:D

115 comments:

  1. Replies
    1. බලහන්කො මාරයියේ මම මුලින් කමෙන්ට් කරපු එක දවසකවත් එකෙක්වත් මං එක මං එක කියන්න එන්නේ නෑනෙ.. ශිහ්

      පළවෙනි චිත්‍රයටනම් ඇණගන්නයි යන්නෙ වගේ කියන්න පුලුවන්.. අන්තිම එක නිකන් පිල් මාරුවක් වගේ.. 'අපිට කොයිද..?' තේරෙන්නෙ නෑනෙ..

      Delete
    2. අම්මපා හැබෑව... වෙනදටනං මේ රාමා හරි දෙවැනියට පැනලා එක කියලා දාලා පස්සේ සේප් එකේ මකලා දාලා ඉන්නවා මොනවත් නොවුන ගානට..අද කවුරුවත් නැහැ නේද..?

      Delete
  2. මම කලිනුත් කිව්වා ඔය අන්තිමට, ඒ කියන්නේ "මලා"ට පස්සේ තියෙන එක අන්තරාභවය ... පේනවා නේද භවයක සිට තවත් භවයකට පනින හැටි...

    ReplyDelete
    Replies
    1. පලවෙනි චිත්‍රය නම් කරන්න පුළුවන් "රට යන අත" කියල...

      ඒ කියන්නේ රට යන දිශාව ඒකෙන් පෙන්නුම් කෙරෙන්නේ. ඒ කියන්නේ මේ රට යන අත නෙවෙයි. මේ රටේ මිනිස්සු රට යන අත, එහෙමත් නැතිනම් උතුරු කුරු දිවයිනට යන අත ...

      Delete
    2. හොඳ නම් කිරීම් දෙකක්.. අපි බලමු තව මතු වෙන විද්වත් අදහස්... එව්වා ඔක්කෝම අරං මෙව්වා කොරලා බලමු...

      Delete
  3. 5 : ඇන්නා - පැන්නා!!

    ReplyDelete
    Replies
    1. අගනා අදහසක්..1 ටත් කියමු එහෙම එකක්...

      Delete
  4. නමක් නොදාපු පලවෙනි චිත්‍රයට වඩා අනෙක් නම් කල චිත්‍ර ලස්සනයි කියන්න පුලුවන්.
    ඒක නෙවේ එතකොට මාරයා චිත්‍රත් අදිනවා ඈ...

    අන්තිම චීත්‍රය ජීවිතය වගේ නමක් හොදයි..
    ඔය රාමා කියනවා පළවෙනි එකට රට යන අත :)

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව මාරයා චිත්තර අඳිනවා.. ඇයි දැක්කේ නැද්ද වංගියක් මං බුද්ධි කොලුවා පොලේ යනවා ඇන්දා..එතකොට වෙනී ලොක්කා මේ ඊයේ පෙරේදා බ්ලොග් එකේ දාගෙනත් උන්නා මගේ ඇඟිළි තුඩඟින් මැවුන උන්දැගේ වටිනා පින්තූරයක් එහෙම...

      Delete
  5. මාර චිත්‍ර !

    ReplyDelete
  6. "මාර " චිත්‍ර ටික මාරයිනේ අප්පා..:D බලාගෙන යනකොට මාරයා අයියා නොදන්න කෙහෙල්මලක් නෑ වගෙ.
    අන්තීම එකට දාමූ " දේශපාලනය " කියලා. ඒ ගොල්ලන්ගෙ වැඩෙත් එහෙට මෙහෙට පනින එකනේ

    ReplyDelete
    Replies
    1. අනඟි යෝජනාවක්...

      නොදන්න කෙහෙල්මලකට වඩා නොකරන ලබ්බක් නැහැ කිව්වනං ටස්කෙටම හරි ඈ..:)

      Delete
  7. අන්තිම එකට මං දාන්නෙ “යන්තං ගොඩ“

    ReplyDelete
    Replies
    1. ඒකත් යංතං ගොඩ යන්න දීපු එකද්ද මංදා...

      Delete
  8. අහලා තියනවනේ නුහුගුණේ කියලා එකක්. ඒකට හොදම උදාහරණේ, කොහොමට හිටි කොල්ලෙක්ද හැබෑට????

    ReplyDelete
    Replies
    1. හුටා !! එව්වට නම් දාපු අපිටත් ???

      Delete
    2. රාමා අහු වෙන්න එපා ඔව්වට..ඔය අධිරාජ්‍යවාදී රටකින් දුන්න ගුලියක් කාලා ඇවිත් දොඩෝන කතා..ඔව්වා අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ... සැලෙන්න එපා...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඒකෙ අනිත් පැත්ත වෙලා තියෙන්නේ.. මෙතුමා එහෙම අධිරාජ්‍යවාදීන්ගේ ගුලි කයිද ? එහෙ ගිහින් උන්ට ගුලි කවල එනව මිසක්ක..

      Delete
    5. ඔව්වා කියලා අන්තිමට ගුලියා වගේ නමක් එහෙම උන්නැහේට වැටුනොත් අපි නැහැ ඕං...

      Delete
  9. 5: "ඇඟේ හැලුණ සුප්" [උඩු යටිකුරු කොට බලන්න..]

    ReplyDelete
    Replies
    1. මොකක්ද සුප් කෝප්පෙද..ඔව් එතකොටනං ඇගේ හැළුන සුප් තමා...:D

      Delete
    2. පේනවනේ මෙව්ව කොච්චර සංකීර්ණද කියල

      ඔය සුදු පාටට ඉන්නෙ ලම්බකර්ණ වංශිකයෙක් - පේන්නැද්ද කන්දෙකේ තරම
      කලුපාට හරහා ලම්බ කර්ණවංශිකයව නොඇඳ මතු කරල තියනව
      කලු පාටින් පෙන්නන්නේ ජායික් හිල්ටන් එක ඉස්සරහ ඇති "රොහාන්ස්" එක
      මිනිහ ලෙන්ටිල් සුප් එකක් බොනකොට හැලිල ඇඟේ - ගලායන්න මොහොතකට කලින් නිමේශය තමා චිහ් ත්‍රශිල්පිය ග්‍රහණය කරල තියෙන්නේ

      Delete
  10. Replies
    1. වතුරෙන් ගොඩට ආවත් අර මහ කන්ද..?

      හොඳ සහයක් බොහෝම ස්තූතියි...

      Delete
  11. කියල වැඩක් නෑ අයියෙ. පුදුමාකාර අර්ථ ටිකක් තියෙනව මේ චිත්‍ර වල. ඔයා කියන එක ඇත්ත. ගොඩක් අයට මේව තේරෙන්නෙ නෑ. මොඩර්න් ආර්ට් කියන දේ අපේ රටේ මීට වඩා ජනප්‍රිය වෙන්න ඕනා. ඇත්තමයි අද මේ රටේ මොඩර්න් ආර්ට් කාරන ශිල්පියෙකුට තියෙන තැන ගැන නම් දුකයි . කණගා‍ටු දායකයි.
    බලන්න ඔයාගෙ අර දෙවෙනි චිත්‍රෙ... අර නැමිලා කර්රකිලා යන රේඛාවෙන්ම කොයි තරම් නම් අර්ථයක් පෙන්නනවද.... සුපිරියි. උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ඇගෙනවා සිඳූ නංගි ඇඩෙනවා...

      ඔයාට කියන්න මං ඉන්න තිබුනේ මේ වගේ කොදෙව්වක නෙවෙයි අප්පා... මහද්වීපෙක හා නැද්ද මං අහන්නේ.. අපේ මේ කොදෙව් මානසිකත්වයේ ඉන්න උන්දලට මේ වගේ එව්වෑ අගේ තේරෙන්නේ නැහැ... මට හරිම සංතෝෂයි එකම එක්කෙනෙක් හරි සිටීම ගැන මගේ මෙව්වා මෙව්වා වෙන...

      අන්න බලන්න ඔයා කොච්චර හොඳට ඒ රේඛාවේ ඇති මෙව්වා එක ග්‍රහණය කරගත්තද කියලා.. ඒක ගොයි තරං අර්ථපූර්ණද...භාවපූර්ණද නේද ඈ..?

      Delete
  12. අඩේ අප්පා.... පට්ටයි මාර පුතා...
    සුපිරියි ඈ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජා මල්ලි...කැමතිනං මෙයින් දෙක තුනක් දෙන්නං මාළිඟාවේ එල්ල ගන්ට...

      Delete
  13. Replies
    1. මෙන්න වැන්ඳා අයියේ උඹ අත සාක්කුවේ දාගෙනම හිටහං...

      Delete
    2. සික්!!!! අපි මෙහෙ අත දෙන්න අය නැතුව වේලෙනවා.. එපාමයි කියනවනම් ඕන්...මන් අදහස අතහැරගත්තා...

      Delete
    3. ඔව් ඔව් මට පැහැදිලිවම තේරුනා අත දෙන්න කස්ටිය නැතිව බොලා වේලෙන වගනං..:D

      Delete
  14. ඩාවින්චිට වඩා පිකාසෝට ළඟයි
    නම් දාලා නැත්තේ දෙකම් ආන්ඩු විරෝධී චිත්‍ර
    1. තවත් බාල තෙල් නැවක්
    5. හකීම්

    ReplyDelete
    Replies
    1. අන්න නම්. මම ඒ යෝජනාව ස්ථිර කරනවා..

      Delete
    2. උඹනං යකෙක්... ඕන එකක් හරවයි ඕන අතකට...:D:D:D

      Delete
  15. පළවෙනි එක..

    මමකියන්නෙ ඒකට හොඳම නම "1" කියලා..
    එහෙම නැත්නම් "ගලක්, වරායක් සහ එකම එක නැවක්" කියල වුනත් දාන්න පුලුවන්..

    උඹ අපිව සුදු වෑන් වල පටවන්න නේද හදන්නෙ..:)

    ReplyDelete
    Replies
    1. සුදු වෑන්..ඔහොම හිටහං අහු වෙනකල්...

      Delete
  16. මේවා නියම විදියට දකින්න මට හෙන මෙව්ව එකක් නැත.

    ඒත් පළවෙනි එකට නමක් දම්මහැකි හම්බන්තොට වරාය කියලා.
    අන්තිම එකට නමක් දැම්මහැකි යු.ඇන්.පි මන්ත්‍රීවරු කියලා.

    නම් ගැන අප්සෙට් වෙන්න එපා හෙන මෙව්වා එකක් නොමැතිව බලපු නිසා හිතුන එව්වා.

    ReplyDelete
    Replies
    1. මල්ලිගේ මෙව්වා එක ටිකක් විතර තියෙනවා..තව ටිකක් මහන්සි උනොත් ඒක තව ටිකක් මෙව්වා කර ගතෑකි...

      Delete
  17. 1) කන්ද ඉදිරියෙන්.බොට්ටුවලට මාර්ග සලකුණක් ලෙස හොඳයි.
    5) ඉදිරියෙන් පනින්න සිදුවේ.

    ReplyDelete
    Replies
    1. නංගි මේ දවස්වල ලයිසන් ගන්න ලර්නස්වත් යනවද..?

      Delete
  18. මේ චිත්ර දිහා බලන්න ඕන නිකං පිකාසෝ වගේ ඇහැකින්...

    1 චිත්රය :- බලන්න විවෘත ආර්ථිකයේ ව්යසනය කදිමට හුවා දකිවා ඇති අයුරු -"කන්ට අන්ඳින්ට පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා..."

    2චිත්රය :- බලන්න පෙර භවයේ පුරුදු මෙම භවයේ අත් නොහරින සැටි, මේ ඇඳ ඇත්තේ රාවණා රජුගේ දඬුමොණරයේ දළ සටහනක් නොවේද?

    3 චිත්රය :- බලන්න මාරයාගේ දේශපාලන ගමන් මග රත් පැහැයේ සිට නිල් පැහැය දක්වා විකාශය වූ ආකාරය.

    4චිත්රය :- බලන්න රස සරණියේ කාන්තා පාර්ශවයෙන් ලැබෙන ප්රතිචාර අනුව මාරයාගෙ හර්ද ස්පන්ධනය වෙනස් වන අයුරු.

    5චිත්රය :- මෙය නම් ගන්දබ්බ අවස්ථාවයි, සුදු පැහැයෙන් දිවිය ලෝකයත්, කලු පැහැයෙන් අපායත් හුවා දක්වා ඇති ආකාරය ඉතා මණරම්, එමෙන්ම ඔය දෙකටම නැති මාරයා "අලු" පැහැයෙන් දැක්වීම කොතරම් අගනේද?

    ReplyDelete
    Replies
    1. තුක් විතරක් ...මූට කමෙන්ට් දැම්මට වැඩිය හොඳයි ,එළහරකෙක්ට තණ කොල ටිකක් කැපුව නම් ... :-)

      Delete
    2. ඇයි බං දැන් උඹේ කෑම එක වෙන උන්ට හොයා දෙන්ට වෙලාද..? අත හොල්ලලා කට හොල්ලන්ට පුරුදු වෙන්ටයි කියලා වැඩිහිටියෝ කියා දීලා නැතෙයි...:D:D:D

      චිත්තරවල භාවාත්මක මෙව්වා එක යන්තමින් වගේ ස්පර්ෂ කල බවක් හැගේ... තව දුරටත් මෙව්වා එක මෙව්වා කරන්න...එතකොට මෙව්වා වනු ඇත...

      Delete
    3. යකෝ මෙච්චර ලියලත් යන්තමින් ස්පර්ශ කරා නම්, දැනෙන්න අහවල් එක තමයි කරන්න වෙන්නෙ ... :-)

      උඹේ අර කලවම් මැල්ලුමට කොළ ටිකක් කපන්න යන්න හැදුවෙ උඹත් නැති නිසා...

      Delete
    4. උඹ සංතෝෂ වෙන්න ඕන මේට එහෙමවත් ස්පර්ශ කරන මට්ටමට එන්න ලැබීම ගැනවත්..එහෙම නැතිව බොලාට ඇහැකිද මෙහෙම එව්වා එහෙං පිටින්ම මෙව්වා කොරගන්න..එහෙම උනොත් මට ඇප නැති වෙනවනේ...

      Delete
  19. මදැයි දවසේ වෙහෙස නිවාගන්ඩ මාර භවනට ආවා.

    හෙට උදේ මේක බලලා නැවුම් අදහසක් කියඤ්ඤං

    ReplyDelete
    Replies
    1. බොට පස්ට මෙව්වා එකක් ආවා නේද මේක දැකලා.. මොකද උඹට මේ කපේට ඇහැකිද මෙච්චර භාවාත්මක මෙව්වා අඳින්න...:D:D:D

      Delete
  20. මාරයා අද කලින්ම බීලා

    ReplyDelete
    Replies
    1. ++++++++++++++ "පට්ට ලැයික්"

      Delete
    2. ඕං මෙව්වා එක නැති උනාම කියන කතා...

      Delete
  21. 1) බාධාව
    5) බාධාව තරණය

    අපරාදේ තියන්න බෑ කමෙන්ට්ස් කියවලා මැරෙන්න හිනා ගියා :D :D :D :D :D

    හිනා ගියාට මොකේ බලන කෝණය අනුව මේ චිත්‍ර වලට විවිධ අර්ථ දෙන්න පුලුවන් :)

    ReplyDelete
    Replies
    1. හොඳ නම් කිරීමක්...

      මේකේ අගට දාන්න වෙයිවත්ද කමෙන්ට් කියවීම අනතුරු දායකයි කියලා..?

      ඇත්ත ඇත්ත..කෝණේ වෙනස් වෙන තරමට එක එක මෙව්වා හිතෙනවා...

      Delete
  22. මාතලන් කියනවා වගේ 5 වෙනි එකට ගැලපෙන්නේ හකීම්..
    බලන්න එක නිකන් H අකුරක් එහාට පනිනවා වගේ

    ReplyDelete
    Replies
    1. ඕක හකීම් උනානං එක පැත්තකට පනිනවා නෙවෙයි වෙන්න ඕන..දෙපැත්තටම කකුල් තියං ඉන්නවා වගේ පේන්න ඕන...

      Delete
  23. පස්වෙනි එකනම් සිරාවටම කලාත්මකයි...

    ReplyDelete
    Replies
    1. එතකොට අනිත් එව්වා එහෙම නැතෙයි..සික්...

      Delete
  24. 1: නැවක් ඔය හැටි ගල් ආසිතව ගමන් කරන්නෙ නම් නෑ.
    චිත්‍ර ශිල්පියාගේ යටි ආත්මාර්ථකාමි බවක් මෙයින් පෙන්නුම් කෙරේ.

    5: හිතලා හිතලා පැන්නා ද පැනලම හිතනවද කියලා පැන්නද?! කොහොමත් රිස්ක් එකක්. "වා නම් වා පෝ නම් පෝ, කම් ඕ ගෝ චිකාගෝ" වගේ එකක්.

    ReplyDelete
    Replies
    1. 1-නැව් මොකද ගල් අස්සෙන් නොයන්නේ.. අර කියමනකුත් තියෙන්නේ මූදේ නැව් ගියාට මෙකක්ද හිටින්නේ නැහැ කියලා...

      5-:D

      Delete
  25. 1. ඕස්ට්‍රේලියාව
    2. මාර පිම්ම

    ReplyDelete
    Replies
    1. එහෙමනං ඕට්ටේලියාව නෙවෙයි අර ක්‍රිස්මස් දූවද කොහේද වෙන්ට ඇති...

      Delete
  26. Replies
    1. බොටත් ටිකක් විතර මෙව්වා එකක් තියේ...

      Delete
  27. 1: කන්දත් එකයි - ඔරුවත් එකයි. (එක පාටින්මනේ ඇඳලා තියෙන්නේ). හැබැයි වර්ගපුර්නිකාවට අනුවනම් "බුදුන් උපන් බිම සොයා" කියලත් දාන්න පුළුවන්.

    5: දෙලොවක් අතර.

    ReplyDelete
    Replies
    1. 1- පස් නැවක්ද කවුද දන්නේ..?

      2-මෙව්වයි...

      Delete
  28. 1.හම්බන්තොටට නැව් ඇවිත්..

    5. දේශප්‍රේමියා

    :D

    ReplyDelete
  29. මලා චිත්‍රය තුලින් පිලිඹිබු වෙන පණිවිඩය මීටර් වෙලා තව පොඩ්ඩෙං මාත් මලා තමා...
    නියම චිත්‍ර ටික..
    මෙවුවා හැමෝටම බෑ....

    ReplyDelete
  30. තාම චිත්‍ර දිහා බලාගෙන ඉන්නවා.. වෙන එක් බලන්න නොහොතෙන තරමටම ආකර්ශණය වෙලා.. :)

    ReplyDelete
  31. 1 හම්බන්තොට වරාය
    අන්තිම එකනං අන්වීක්ෂෙකින් බලල ඇඳපු එකක්ද මංද?

    ReplyDelete
    Replies
    1. මං කල්පනා කලේ මේ පලවෙනි චිත්තරේ මහින්ද අයියට තෑගි කොරන්න...

      Delete
  32. පහටම එක නමයි...

    "මරු විකල්"

    ReplyDelete
  33. ශ්‍රි ලංකාවේ පිකාසෝ කෙනෙක් ඇවිල්ලද කොහෙද
    මාරයියේ මොනව හරි මතක් වෙනවද පෙර ආත්මේ වගේ
    1 මාරකය
    5 ටත් මාරකය ම තමා

    ReplyDelete
    Replies
    1. මට මතක් වෙනවා මං ලොකු පින්සලක් අරං ගියා ආත්මේ ලොකු තාප්පයක පාප්ප ගානවා...

      Delete
  34. ම්හු මට නම් තේරෙන්නෑ බ්ලව්. මට අර මෙව්වා එක නැද්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම මෙව්වා එක නැහැ වගේ තමා... ටිකක් මෙව්වා එක ඇති කරගන්ට උත්සහ කොරන්ට...

      Delete
  35. මාරයි ඈ...තව ටිකක් කල්පනා කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. වැඩියම කල්පනා කොරන්ට එපා...

      Delete
  36. ලියනාඩො ඩාවින්චි එල්ලිලා මැරිලාලු ඒ කාලේ පොරට එහාපැත්තෙ ලියවුන චිත්‍ර ශිල්පියගේ නම දැකලා

    ReplyDelete
  37. මේ දවස් ටිකේ කමෙන්ට් වලට රිප්ලයි කරන්නේත් නැතුව මාරයියා හීන බල බල කරලා තියෙන්නේ මේවයි එහෙනං ......

    ඈ මාරයියේ.. අර පිල් මාරු කරන එක අදින්න හිතුනේ ටුවෙන්ටි ටුවෙන්ටි එක බලනකොටද..? හි හි....

    ඒ වෙලාවට හාට් එකත් අර වගේ වෙනවා ඇති නේද...

    ReplyDelete
    Replies
    1. මේ චිත්තර ටික එහෙම දවසෙන් දෙකෙන් ඇන්ද ඒවා නෙවෙයි ඈ... මාස ගානක් වනගත වෙලා ඉඳලා..රාවණා මෙව්වා එක ඇඟට අරං..අර නිර්නාමික තාපස තුමාගේ අනුශාසනා අරං කොරපු දෙයක්... එව්වට අනං මනං කියලා කට වරද්ද ගන්නවා එහෙම නෙවෙයි...

      Delete
  38. 1.) සන්ධර්භය
    2.) ප්‍රපංචිය

    ReplyDelete
  39. Replies
    1. කොමෙන්‍ටු ටික කියෙව්වමයි මේ චිත්‍ර පහේ බරපතල කම තේරුණේ. මාරය යනු අපේ කාලෙ පිකාසෝ කෙනෙක්නෙ?

      Delete
    2. ආයේ නැතිව මේ ඔක්කෝම රාවණා පවර් එකෙන් ඇඳපුවා..ඒකයි මෙහෙම මෙව්වා එකක් තියෙන්නේ...

      Delete
  40. මොඩර්න් පැබ්ලෝ පිකාසෝ!

    ReplyDelete
    Replies
    1. පැබ්ලෝ කිව්වම මට මතක් වෙන්නේ ජැක්සන් ඇන්තනීවනේ...

      Delete
  41. මේ තියෙන්නෙ මාරයාගේ ජීවිතේ ගැන සිතුවම් පෙළක්.

    01. ඔය නැවෙන් සංකේතවත් වෙලා තියෙන්නෙ මාරයව. නැවත් යන්න ඕන පැත්ත තියෙද්දි යන්නෙ වැරදි පැත්තට. ගිහිං කන්දෙ හැප්පෙනවා. එතනින් තමා කතාව පටන් ගන්නෙ.

    මැද සිතුවම් තුලින් පේන්නෙ මාරයගේ ජීවිතේ විවිධ හැල හැප්පිලි.

    05. අන්තිම සිතුවම නං අති විශිෂ්ඨයි.

    එතන එක කදු පන්තියකින් අනිත් එකට පනින ආකාරයක් තමා පෙන්නුම් කරලා තියෙන්නෙ. හොඳින් බැලුවොත් පේනවා ඇති ඔය කඳු දෙක එකට ලංකොලොත් හිඩසැක් නැතුව සවි කරන්න පුලුවන් ජාතියෙ කදු දෙකක් කියලා. ඒ කියන්නෙ ලෝකයේ මහද්ධීප වෙන්නොවී පැංජියාව කියලා හඳුන්නපු කාලේත් මාරයා ඉදලා තියෙනවා.

    පස්සෙ මහද්වීප කැඩිලා වෙන්වෙලා යද්දි මාරයා ඒ පැත්තෙන් මේ පැත්තට පැනලා තියෙනවා. ඒකත් අන්තිම මොහොතේ ගත්තු තීරණයක් කියලා හිතෙනවා. නැත්තං පනින්නැතුව ඇවිදං යන්න තිබුනනේ. එකම ගැටලුව තියෙන්නෙ. මේ මිනිහා පනින්නෙ ඔස්ට්‍රේලියා මහද්වීපෙන් ලංකාවටද, නැතිනං ජය ලලිතා නෝනගේ වත්තෙ ඉඳල ද කියන එකයි.

    මොනවා උනත් පැණීමේ ශිල්පීය ක්‍රමය සාර්ථකයි, පාද උපරිම පලල් කරලා තියෙනවා. ඒක දකිද්දි අතර මැද කම්බි වැටක් වගේ දෙයක් නොතිබීම ගැන මාරයගේ මිත්‍රයෝ හැටියට අපි සතුටුවෙන්න ඕනේ.

    අවසානයේ මා කැමතියි යොජනාවක් කරන්න. මාරයාට පුලුවනි තමන්ගේ ජිවිතේ විවිධ කඩයිම් සිතුවමට නගලා සිතුවම් ප්‍රදර්ශණයක් තියලා, ඒවා අලවිකරලා, ඒ සල්ලි පොලී කරලා, පොල් ඉඩමක් කරගෙන, තෙල් හිඳින්න. තෙල කියන්නෙ මේ කාලේ සෑහෙන මිලකට අලෙවි කරන්න පුලුවන් දෙයක්.

    කව්රු හරි ඉන්නවානම් මගේ මේ යෝජනාව ස්තිරික්ක කරන්න.

    ReplyDelete
    Replies
    1. මේක ඉස්තිර කොරන්නේ අත් දෙකම උස්සල ඕන්.......

      Delete
    2. "මාර තෙල්' කියල විකුණමු .

      Delete
    3. මට විතරද මන්දා මෙහෙම හිතුනේ.. ඔන්නොහෙ කියන්නම්කෝ...

      අර මාර ලවු සීන් ටික නම් ඇන්දොත් හොදට විකිණෙයි නේද....? බෝතලේ ඇද යට තියාගෙන කොට්ටේ පෙගෙන්න කදුළු පෙර පෙර ඉන්න එක එහෙම....

      Delete
    4. යෝජනාවට මගෙත් මනාපය... :D

      Delete
    5. බුද්ධියාගේ මෙව්වා එක ටිකක් විතර මෙව්වයි.. ඒත් මේ පහතින් ඉන්න උන්දලට මෙව්වා එකක් නැත්තේ ඇයි..?

      Delete
  42. මලා චිත්‍රය තමයි එලම!

    ReplyDelete
    Replies
    1. හප්පා ඕක අඳින්න මං සෑහෙන්න මහන්සි උනා... මේ වචන ටික දැක්කම ඒ මහන්සිය කොහෙන් ගියාද නැහැ...:D:D:D

      Delete
  43. අපි දාමු පස්වෙනි එකට හුටා නැත්තම් ජලා හුටා කියල

    ReplyDelete
  44. 1. හම්බන්තොට වරාය
    5. නැගෙනහිර පළාත් සභා චන්දය

    ReplyDelete
  45. මේක සුපිරිනේ... දැං බං දැක්කේ..

    ReplyDelete
  46. මට තේරුනේ මලා සහ 5 පමණයි...අනිත් ඒවා???????

    ReplyDelete