එදා කොහොම හරි වෙඩිම අස්සේම මමත් මගුලක් සැට් කොරගත්තා නෙව..එයින් පස්සේ මොකද උනේ...?
ඔය කියන වෙඩිම අස්සේ වෙඩිම සැට් වෙනකොට මං නෝ ජොබ් කොම්පැණියේ තමා වැඩ කලේ... ඒත් ඉතිං කොහොම හරි දවසේ ගතමන්ට් එකයි..ඉතිරියට කීයකුයි මොන විදියෙන් හරි හොයා සපයා ගන්නවා... ඒත් ඉතිං එහෙම ඉඳලාම බැහැනේ.. මොනවා නමුත් ජොබක් කරන්න හිත හිත ඉන්න අවු අස්සේ තමා මට පොලෝසීයේ රාජකාරිය සැට් වෙන්නේ... ඉතිං මංතුමා ඔය අල්ල පනල්ලෙම ඒකට සැට් වෙනවා... ඒ අස්සේ පොලෝසියේ රාජකාරියට යන්ට කලියෙන් දවසක මංතුමාට මේ දැරිවිව මුණ ගස්සන්න අපේ අළුත බැඳපු මනාල මහත්මයයි උන්දැගේ වයිපරෙයි කටයුතු කලා..ඒ උන්දලගේ අළුත හදා ගත්ත ගෙදරදී තමයි... මනාල මහත්තයා මාව හොයාගෙන හදිසියේ එද්දී මං හිටියේ යාළුවෙකුගේ ගෙදර..නිකං නෙවෙයි යාළුවගේ වාහනේ ටිංකරින් වැඩකට අත ගහලා... උදේ පාන්දරම වැඩ අල්ලලා තිබුන දවසක්..අරූ මාව හොයං එද්දී මං මජං සූට් එකත් ගහං රබර් සෙරෙප්පුවකින් කපා ගත්ත කට්ට කෑල්ලකට වැලි කරදහියක් ඔතන් ඒක වතුර බාල්දියක ඔබ ඔබ අර වෑන් කට්ටේ කැට්ලොයි දාපු තැනක් මැද මැද හිටියේ...ඇඟ පුරා කැට්ලොයි කුඩුයි.. වතුරයි...
ඒත් ඉතිං අපේ එකා "වර වර නැගපිය හදිසියක්" කිව්වම මං වැලි කරදහියත් එක්ක රබර් සෙරෙප්පු කට්ටේ වතුර බාල්දියේ ඔබලා ඒකෙන්ම අත් දෙක හෝදගත්තා නොගත්තා දුවං ගිහින් එල්ලුනා අරූගේ තැපැල් නයින්ටියේ... ඔන්න මේකා ඇරු කියලා යනවා..ඒ ගෙහුන් කැලේ පාරකින් උන්දැගේ අළුත් ගේ පොඩ්ඩට කිට්ටු කලා... ඒ කරලා මාව බස්සලා
"උඹ ඔහොම වැට පැනලා අපේ ගෙදරට වරෙං..මං ඉස්සරහා පාරෙන් හිමිහිට එඤ්ඤං"
කියපි.. ඉස්සරහා පාර කියන්නේ පොරගේ මාමණ්ඩිගේ ගෙවල් පාර... ඉතිං මං කැලෙන් කැලෙන් පැනලා ගියා මේකගේ ගෙදර..ඒ වෙනකොට ඔය ගෙදරට යන කැලෑ පාරවල් ඒ හැටි අමාරුවක් නැතිව මං දන්නවා..මොකද මගුලට කලින් මාස දෙක තුනක හිටං මේකට ගේ හදන වැඩ වලට නිතර අත් උදව් දෙන්න ගියේ ඔය අහුවෙන පාරකින් ගෙහුන් නෙව...
ඉතිං කොහොම හරි මං ගෙදරට යනකොට මෙන්න අර කෙලි පැටික්කි එහෙ ඇවිත්... අරකා මාව කැලෙන් ගෙදරට ගෙනාවේ මාමාණ්ඩිගේ ගෙදර කෙල්ලගේ මමී ඉන්න හින්දා... මොකද වෙඩිම දවසේ මං කෙලීට වෙන්කත පෙරුමාල් උනා කියලා කෙලීගේ මමී දැනං හිටියා.. කෙලී එහෙ ගිය තත්පරේට මාත් මජං යකා වගේ දුවං ආවම වැඩේ මාස්ටු වෙනවා කියලා කියන්නත් දෙයක්යෑ.. ඒ හින්දා තමා මෙහෙම වංගුවක් නවලා ගෙට යන්ට උනේ...
කොහොම උනත් අපරාදේ කියන්ට බැහැ අපතයා වගේ හිටිය මං තුමා එක්ක කෙලී කිසිම වෙනසක් නැතිව කතා බහ කලා... ඉතිං ඒ තමා අපේ ආදර කතාවේ පළමු හමුව... ඉතිං ඊළට ආරම්භ උනේ මහා සාහිත්‍යමය යුගය..ඔව් ඒ කියන්නේ ජාතක කතා ලියන්නැහේ ලියුං ලිවීම... ආයේ ඉතිං අපරාදේ කියන්න බැහැ රචනා ලිවීමේ උත්පත්ති හැකියාවක් ඇතිව උපන් මංතුමා කෙලීට ලියනවා පුල්ස්කැප් කොල දෙක තුන පුරෝලා.. කෙලිත් කොපි පොත් කොල හතර පහ මට ලියනවා...
ඔන්න ඔහොම ඉද්දී මං යනවා කිව්වනේ පොලෝසියට.. පුහුණුව අතරෙත් සතියකට එකක් වෙන්න ලිපියක් යැවෙනවා... කෙලිත් එකක් එවනවා... පුහුණුව අවසාන වෙලා මං යනවා බම්බලපිටිය පොලීසියට රාජකාරියට... ඔය ටික වෙද්දී දැන් අපේ මේ ලව් ඉලව්වට මාස හතරක් පහක් විතර ඇති... දැන් ඉතිං අපේ පළමු හමුව යෙදෙන්ටයි යන්නේ...
කෙලීගේ ගෙවල් කොට්ටාවේ... ඉතිං දවසක් අපි දීර්ඝ ලිපි හුවමාරුවකින් පස්සේ එක්තරා දවසක උදේ වරුවේ කොට්ටාවේ බස් ටෑන්ඩ් එකේ කොට්ටං ගහක් යටදී හමු වෙන්ටය කියලා යොදා ගත්තා..ඒත්... ආයෙමත් කරුමෙට ලෙග්ස් 8යි.. මගේ නිවාඩු කැන්සල්...(ඔය වගේම සීන් එකක් ඔයින් පස්සේ ලව් එහෙකටත් උනා..ඒක පස්සේ දවසක කියඤ්ඤං) අද වගේ හෑන්ඩ් ෆෝන් තිබුණ යුගයක්යෑ... කෙලී ඇවිත් රස්තියාදු වෙලා ගෙහුන්... එයින් දවස් කීපයකට පස්සේ හද කකියවන ආකාරයේ පෙම් පතක් මං තුමාට ලැබෙනවා... කෙල්ල පව්.. ඒත් ඉතිං මාත් කියලා මක් කොරන්නද..රාජකාරිය දේවකාරිය හා සමානයි නෙව...
ඒ තමා අපි අවසන් වතාවට මුණ ගැසෙන්න සූදානම් උන වෙලාව.. ඒත් ඒක මඟ ඇරුනත් සමඟින්ම ඉස්සරට වඩා ලිපි ලිවීම දෙපැත්තෙන්ම අඩු වෙලා යනවා.. මං හිතන්නේ ඒකට ලොකුම වැරදි කාරයා මං කියලයි.. ඇත්තටම මමයි ඒක අඩු කලේ... හේතුව කියන්න මං අදටත් හරියකට දන්නේ නැහැ... කෙල්ලට හිටියේ අම්මා විතරයි.. තාත්තා නැහැ... අයියා කෙනෙක් හිටියා..හැබැයි බැඳලා පවුලෙන් වෙන් වෙලා.. කෙලී ඉගෙන ගන්න දක්ෂයි... හුඟක් අහිංසකයි... තැලිලා පොඩි වෙච්ච කෙනෙක් නෙවෙයි... මං එයිට වඩා හුඟක් වෙනස් වගේම කෙල්ලට මං වගේ අපතයෙක් ගැලපෙන්නේ නැති වග මට ටිකෙන් ටික තේරුම් යමින් හිටියේ... ඒ කෙල්ලට එයිට වඩා හොඳ අනාගතයක් තිබිය යුතුයි... කොහොම හරි ටිකෙන් ටික ලියුම් ලියන එක අඩු වෙලා ගියා... මාස කීපයකදී ඒක නැත්තටම නැති වෙලා ගියා... අපේ අළුත් මනාලයා හම්බ උන වෙලාවක මොකද බං වෙන්නේ කියලා ඇහුවම මං ඇත්තම කිව්වා... "ඒක කෙරෙන එක අපි දෙන්නටම හරියන දෙයක් නෙවෙයි බං..කෙල්ලට ඉගෙන ගන්න එකත් නැති වෙන එක විතරයි..." ඌත් මුලින් ටිකක් බැනලා පස්සේ "ඒකත් හරි කල් ගිහින් ප්‍රශ්න වෙනවට වඩා ඔහොම හොඳයි... මං අපේ එක්කෙනාට කියන්නං නංගිට පැහැදිලි කරලා දෙන්න කියලා" එහෙම කියලා ඌත් ඒ කතාව අවසන් කලා...(හැබැයි ඌට වයිපරේ දෝස් මුරේ තියලා තිබ්බා පස්සෙන් පහු) ඔන්න ඔය විදියට ඒ ප්‍රේම වෘත්තාන්තය නිමා උනා...ඒත්...
ඒත් ඇත්තටම අපි ආයේ හම්බඋනා... ඒ අර සිදු වීම් වලින් අවුරුද්දකට විතර පස්සේ...
එතකොට මං පොලිසීයේ රස්සාව අතෑරලා දාලා ඇවිත් ආයේ රස්තියාදු ගහන කාලේ... අතට අහුවෙන මොනවා හරි ජොබක් කර කර හිටියේ... ඒ දවසේදී මං හිටියේ ප්‍රයිවෙට් බස් එහෙක ටෙම්පරි කොන්දොස්තර ජොබකට සෙට් වෙලා... බස් එකේ ටර්න් එක අල්ලන්න ගෙදරින් යන්නේ පාන්දර හතර හමාරට.. ඒ ගිහින් ටයිම් කීපර්ට කියලා වෙලාවක් දාගත්තට පස්සේ වෙලාව හරියනකල් කියලා මාළු පාන් ගෙඩියක් කාලා ප්ලේන්ටියක් ගහන්න ස්ටෑන්ඩ් එකේ තිබුන බේක් හවුස් එකට ගොඩ උනා...වෙලාව පාන්දර පහමාරට විතර ඇති... මාළු පාන් ගෙඩියක් අතට අරං ප්ලේන්ටියත් පැත්තකින් තියං ගත්තු මාළු පාන් එකේ මුල්ලක් කටින් අල්ලලා හපාගෙනම අනිත් පැත්ත හැරුනා විතරයි...හප්පා...
මෙන්න සුදු ගවුම පිටින් නංගි මගේ ඉස්සරහා...කෙලී ඉස්කෝලේ ගියේ කොට්ටාවේමයි..ඒත් එදා සති අන්තේ මෙහෙ ලොකු අම්මලගේ ගෙදර ඇවිත්..ලොකු අම්මා කියන්නේ මගේ යාළුවා බැන්ද ගෑණු ළමයගේ අම්මා...එහෙ ඇවිත් මේ දැන් පාන්දරම කෙලින්ම කොළඹ ගිහින් ඉස්කෝලේම යන්න බලං ඇවිත්... කෙල්ල පිටිපස්සෙන් කෙල්ලගේ අයියත් ඉන්නවා...කෙලීව බස් එකට නග්ගන්න කලින් කෑමට මොනවා හරි අරං දෙන්න එයාලත් ඇවිත් බේක් හවුස් එකට...
කෙල්ල දැක්කා විතරයි හපාපු මාළු පාන් මුල්ල උගුරේ හරහට හිර උනා කියමුකෝ... කෙලීගෙත් ඇස් දෙක ජිල් බෝල ගානට ලොකු උනා...ඒකි ආව වැඩේ පැත්තක තියලා බේක් හවුස් එක මැද්දේ මා දිහා බලං ඉන්නවා..අයියා කාරයා තක්බීර් වෙලා බලන් ඉන්නවා මේකිට මොකද උනේ කියලා... මට මාළු පාන් තියා පාන් කියා ගන්න විදියක් නැහැ... මාත් එක්ක හිටිය රංජියා..(බස් එහෙක වැඩ කරපු හාදයෙක්) අපි දෙතුන් දෙනා දිහාම බලං ඉන්නවා...අන්තිමේදී අමාරුවෙන් මාළු පාන් මුල්ල උගුරෙන් පහලට යවාගෙන මං කතා කරන්න පටන් ගත්තා...
"නංගි ඔයා මේ වෙලාවේ..?"
"ඔව් අයියේ ලොකු අම්මලගේ දිහා ආවා..දැන් මේ කෙලින්ම ඉස්කෝලේ යන්න කියලා..අයියා ආවා මාව බස් එකට නග්ගවන්න..."
ඒ ටික කියනකොට අයියා එතැනින් අහක් වෙලා ගිහින් කවුන්ටරෙන් කෑම ජාති වගයක් අරං ඇවිත් කෙලීගේ බෑග් එකට දාලා එළියට ඇවිදං ගියා වචනයක්වත් නොකියා...
"ඔයා තරහද නංගි මාත් එක්ක.."
ඒකට උත්තරයක් වචනයෙන් හම්බ උනේ නැහැ... ඔළුව දෙපැත්තට වනලා නැහැ කියන ගමන්
"මං යන්නං අයියේ..අයියා බලං ඉන්නවා" කියලා හිස පාතට නවාගෙන යන්න ගියා..ආයේ මඟට ගිහින් තව පාරක් මා දිහා හැරිලා බලලා අයියා ගාවට ගිහින් යන්නම ගියා...
මම..? ඔව් මම පැත්තකින් වාඩි වෙලා මාළු පාන් ගෙඩිය අහවර කරලා ප්ලේන්ටිය උගුරු දෙකට ඇදලා දැම්මා... ටිකක් නෙවෙයි හුඟක්ම ගොරහැඩියි නේද..?ඒත් ඒක සිද්ධ උනේ එහෙමයි...
ඒ තමා අපි හමුඋන අවසන් අවස්ථාව...එදා මෙදා තුර ආයේ කවදාවත් අපි හම්බ උනේ නැහැ... මං හිතන්නේ පස්සේ කාලෙක එයා බැන්ද කතාවක් මගේ යාළුවා මට කිව්වා වගේ මතකයක් තියෙනවා... දැන්නං කෙහේ හරි හොඳින් ඇති ළමයි ලපටි එහෙමත් හදාගෙන... ඒවා එහෙම වෙච්ච එක ඇත්තටම හොඳයි... කොහේ හරි හොඳින් ඉන්නවනං ඒ මදෑ...
Menna mama eka unoooooooooooooooo
ReplyDeleteමම මාර බ්ලොග් එකේ පරණ එකෙක් නමුත් කොටන්නේ නැතුව හිටියේ පලවෙනියම වෙන්න හිටාගෙන මෙන්න උනෝ
Delete:)
Deleteඅපේ එකෙක් සෙනේ කොලයක් ලියල දෙන්න විදියක් නැතුව , එක පුවක් ගහක බෙනේක දැම්මලු. ඊට පස්සේ කෙල්ලගේ ගෙදර ඉස්සරහ පාරේ ලියුවලු "මම ඔයාට ආදරෙඉ වැඩි විස්තර පුවක් ගස් වලින් " කියලා . Alexander pushkin
Deleteකියන්නේ වයස 16 කොල්ලෙක්ගේ ආදරේ වගේ පිවිතුරුඉ කියලා මාරයාගේ වගේ ලව් වලට වෙන්න ඇති
දෙකත් මම
ReplyDeleteKamalthesecond :-)
Deleteදැන් SMS වගේද නේද ඒ කලේ ලියුමක ජොලිය යකෝ මුන් හැමෝම කලින්ම නිදා ගෙන නේද මම කියුවේ කොටන උන්
ReplyDeleteසමහර විට එයා මේක කියවන්වත් ඇති...කවුද දන්නේ...
ReplyDeleteහද පාරවන කථාවක්
ReplyDeleteවෙඩිම දවසේ මං කෙලීට වෙන්කත පෙරුමාල් උනා කියලා
මෙන්න මේ යෙදුමත් පළමු වතාවටයි මම කියෙව්වෙ.... ඇත්තටම මාරයා සෑහෙන සටනක් දීලා තියෙනවනෙ මේ ජීවිත යාත්‍රාව පැද යන්න... ඒ නිසාම බ්ලොග් 10 ක් ලියන්න අත්දැකීම් ඇති කියලත් හිතෙනවා... මමත් ආදර සම්බන්ධතා වලදි ඇතිවුන නොගැලපීම් නිසා ඔය විදියට අයින් වෙලා තියෙනවා... හැම වැරැද්දක්ම මගේ පිටට දාගෙන...
පෙරුමාල් උනා
Deleteඇත්තට චුට්ටක් පැදිලි කොරහන්කෝ
අපි ඔය පෙරුමාල් කියලා කියන්නේ සෙම පෙරීම සම්බන්ධවයි..ඒක මුලට වෙන්කත/වර්ධරාජා වගේ කෑල්ලක් එල්ලනවා තුන් වැනි පාර්ෂවයක් ඉද්දී එයාට නොදැනෙන්න කතා කරන්න ඕන උනාම...
Deleteආ......
Delete" කොතනක සිටියත් ඔබ මෙලොවේ
ReplyDeleteදිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ..."
මාරයට දැන්, අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද?
ReplyDeleteඒ දවස් වල මටත් ගැටිස්සියො අඟර දඟර දැම්ම, ඒත් ඉතින් හෙළ පුස්කොළපොත් වනපොත් කරන එක මිසක් ඕව ගැන සිහියක් තිබුණ එකක්යැ.
අන්තිමට කොහොම කොහොම හරි කුණ්ඩලීනී යෝගය වඩල කුණ්ඩලීනියේ පිහිටෙන් තමයි දැන් ඉන්නෙ.
ඒ කියන්නේ දවසෙම පදමට ස්ටෙලා වෙලා?
Delete:D
හි හි.....
Deletemeepalan uttamyooo kundalinya wadawala nondi gannwe wenne nadda
Deleteඉක්මන්ටම කෙලලා ඇරලා දෙවනි කොටස හිටු හිටු කියවලා එන්නං
ReplyDeleteලව් පටං අරගෙන මුළ කාලේ තියෙන ආතල් එක පස්සේ නෑ බොලේ....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteකියවගෙන යනකොට මොකක්ද එකක් මගේ බඩයි පපුවයි අතරේ හීරඋනා බං
ReplyDeleteමම කලිනුත් කියලා තියනවා
උඹව කියවනකොට මට හිතෙනවා කන්නාඩියක් ඉස්සරහා ඉදගන කන්නාඩියේ ඉන්න එකත් එක්ක කතා කරනවා වාගේ
එක අතකට එහෙම වුන එක හොඳයි හිහෙනවා.. මේ ටික කියවද්දී මට හිතෙන්නේ එහෙම වුනා නම් කියලයි..
ReplyDeleteමදෑ ප්‍රේම වෘත්තාන්තයට වෙච්චි දෙයක්! මේකත් නවකතාවකට දෙවෙනි නෑ.
ReplyDeleteඇයි යකඩො ..... මුන් අද නිදාගන්නෙ නැතුවද මේකට කමෙන්ට් කර කර ඉන්නෙ. :)
ReplyDeletemama ithin oyata kiyanne nikanda....... okama thamay mama yaluwawa set nokale... maga daala giyoth mama kara gahandada....????? :P
ReplyDeleteමටත් ඔයිට කිට්ටු අත්දැකීමක් තිබුන. මොනව කරන්නද ජීවිතේ හැටි ඔහොම තමයි.
ReplyDeleteලස්සන කතාවක්.
ReplyDeleteඕවා ඔහොම තමයි, ඕකට තමා ජීවිතේ කියන්නෙ.
ආපහු හැරිලා බලලා හිනා වෙන්න පුලුවන් නම් එච්චරයි.
"හුඟක්ම ගොරහැඩියි නේද..?"
ReplyDeleteකිසිම ගොරහැඩි කමක් නැහැ..
බොහොමයක් සංවේදී මිනිසුන් පිටතින් බොහෝ ගොරහැඩි අනුකම්පා විරහිතයන් ලෙසයි දිස්වන්නේ.
සිතිය යුතු කරුණක්...
:)
මාව අනිත් උන්ට පේන්නෙත් ඔහොම තමා බං.
Deleteආදරේනම් දුකක්මැයි .
ReplyDeleteමැයි විතරක් නෙමෙයි අනේ අවුරුද්ද පුරාම
Deleteමාරයගේ මේ ලවු එක නම් ෂුවර් එකට මාත් දන්න එකක් වෙන්න ඕනේ.... ඔය කියන කාලේ අපිත් ඉතිං එක දෙක වසරේ කොට්ටාවේ ඉස්කෝලෙ යන කාලේ වෙන්ඩෝනැති නොවැ... හි හි...
ReplyDeleteඅපත තත්වෙ ඉන්න කාලේ ගොඩක් කොල්ලෝ ඔය වගේ හිතනවා..... අපරාදේ කෙල්ලගේ ජීවිතේ, මාත් එක්ක ඉදලා කෙල්ලත් නාස්ති වෙනවා, මං අයිත් වෙන එක හොදයි කියලා... (ඒ කාලෙදි තියෙන්නේ පරම පිවිතුරු ලවු නේ...) වැඩේ කියන්නේ සමහර කෙල්ලෝ කොල්ලා අපතයා කියලා අතාරින්නේ නෑනේ.... මාත් ඒ ජාතියේ එක්කෙනෙක්...... හි හි....
ඒ නං මම හිතන්නෙ අර අහිංසක කොළුවගෙ පෙර ආත්මයේ මොකක් හරි පාපකර්මයක් තියෙන්ට ඇති පලදෙන්ට.. :P
Deleteඑන්නෙපා බුරා හරිද....... ගිනි ගන්න රැවුලෙන් සුරුට්ටු පත්තු කරන්ට.....
Deleteඑයාගෙද මගෙද පාපකර්මේ කියලා මං මේ හිත හිත ඉන්නේ...... හි හි......
ඔයා දන්නැද්ද මෙයා, 'ගිනිගන්න රැවුලෙන් සුරුට්ටු පත්තුකිරීම' කියන්නෙ මාර Green Concept එකක්.. එතකොට සුරුට්ටු පත්තු කරන්න වැයවෙන ගිනිකූරු ඉතිරිවෙනවා, එතකොට ගිනිකූරු නිශ්පාදනය අඩුවෙනවා, එතකොට ඒ වෙනුවෙන් කැලේ ගස් කැපෙන එක අඩුවෙනවා.. බලන්න කොච්චර ෂෝයිද කියලා.. :D
Deleteහපොයි රැවුල...... හි හි......
Deleteපරණ ලව්ස්ටෝරි වැඩක් නෑ. මේ දවස්වල එක ගැන කියන්නකෝ! :D
ReplyDeleteමාරයෝ ඔය මාළුපාන් මුල්ල උගුරෙ හිරවුනේ නැති එකෙක් හොයා ගන්නවට වඩා ලේසියි කෙනෙක් මැරුණු නැති ගේකින් අබ අහුරක් හොයා ගන්න එක.
ReplyDeleteයකෝ එච්චර කේස් එකක් වෙලත් මූ මාලුපාං ගෙඩිය අත ඇරල නෑනෙ.
ReplyDeleteහිතාගත්තහැකි මිනිහගෙ කෑම කොහොමද කියල.
දවසේ කතාව..
Deleteමොනව කරන්නද ජීවිතේ හැටි ඔහොම තමයි.
ReplyDeleteමනකල්
ReplyDeleteහද විල් තලයෙහි
පිපි ආදර මල්..!
["මම පැත්තකින් වාඩි වෙලා මාළු පාන් ගෙඩිය අහවර කරලා ප්ලේන්ටිය උගුරු දෙකට ඇදලා දැම්මා..." මේවට තමා කෑම දැක්කොත් නහී වේරේන වේරානී කියන්නේ!!]
අනේ මන්ද ඉතින් ඒ ගෑණු ළමයට කොච්චර දුක හිතෙන්න ඇත්ද . මුට මට වඩා මාළු පාන් ගෙඩිය ලොකු වුනා කියල . මොනවා වුනත් ටිකක් දුක හිතුන . අනේ ඇත්තටම ජිවිතේ ගැන ඔය විදිහට සැහැල්ලුවෙන් බලන් එකත් පෙර කල පිනක් . බලන් ගියහම මාරයාගේ ආදර කතායි සුජීවගේ ආදර කතායි වෙනසක් නැහැ . දෙකේම කෑම.
Deleteපිස්සා තාම මේක දැක්කේ නැතුව ඇති... පිස්සාට මීට මාස හයකට විතර කළින් බඳින්න ඉන්න ගෑණු ළමයත් එක්ක ඉද්දි පරණ දෙකක්ම එකට ඇවිත් කතා කරලා තිබ්බා.. ඌ මාළු පාන් ගෙඩියක් කකා හිටියානම් කෙළින්ම මැරෙනවා...
ReplyDeleteමගේත් අත්දැකීමක් තියෙනවා... බ්ලොග් එකේම ලියනවා ඔන්න ඔහෙ...
:( :(
ReplyDeleteමරු මරු ලව් කොහොමත් ඔහොමම තමා...........
ReplyDeleteඅපරාදේ අහිංසක ලස්සන කෙල්ල මාරයා අතෑරියේ.නවකතාවක් කියෙව්වා වගේ
ReplyDeleteලව් ඉලව් උනු කේස් එකක් නේ,,,
ReplyDeleteගොරහැඩියි කියලා හිතුවට ඒක එහෙමම නෑ නේද? පස්සේ ඕක ගැන හිතුන වෙලාවල් තියෙන්න ඇති.. මේ ලියන්න උනත් කතාව හොදටම මතක් උනේ ඒකනේ.. අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද ඇත්තටම...
ReplyDeleteane meyage admbara nee
ReplyDelete:D
ReplyDeleteයකෝ මම බලාපොරොත්තු උනේ අර සුජීව ප්‍රසන්න ආරච්චිගේ වගේ හොටු බේරෙන කඳුළු පනින ආදර කතාවක්.......! කෙල්ලෙක්ට ඔය විදිහට බූට් එකක් දීපු කතාවක් මම ඔය ඇහුවමයි......!
ReplyDeleteDear dumee,nothing written on your blog since July...Please ! we are getting so bored over here.
Deleteමුට මාරයා කියන්නේ නිකන්ද දුමි ...
DeleteDear i,
DeleteSorry for not writing anything recently. Time didn't permit to do so...! BTW there's a post on it's way....! :)
Thank you for your interest.....!
-dhumee-
මොක උනත් අමතක කරන්න එපා.... මේ පුංචි රටේ... මතු කවදා හෝ කොතනකදී හෝ යලි ඔබ හමු වේවි...!!
ReplyDeleteඅන්න එදාටත් හිනා වෙලා කතා කරලා යන්න පුළුවන් නම් එක තමා නියම ආදරේ....
ඉතිං ඔන්න ඔහොමලු වුනයි කියන්නෙ? දැන් ඔය මාරයගෙ තනිකඩ (නිදහස් :D ජීවිතේට මේ සිද්ධියෙන් බලපෑමක් වුනාද?
ReplyDeleteඅර උඩින්ම කමෙන්ට් එක දාපු kamalthefirst ඉඳලා Tiraj Adikari දක්වා උන්. ඇත්තටම උඹලා නිදාගන්නෙනැත්ද බොලව්? :D
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඒක තමා අයියා. මාත් ඕකමයි ඇහැව්වෙ. :)
Deleteඩූඩ් අයියේ ... ජාමේ වෙලාවට මාර පොස්ට් වැටෙන කොට
Deleteමට උදේ පාන්දර. තේ එහෙකුත් ලේස්ති කරගෙන තමා කියවන්න වාඩි වෙන්නේ
:)
ඉස්කෝල මහත්තයා මේ සමහරක් වේළාවට අපි ගෙට ගොඩ වෙන්නෙත් ඔය වේලාවට හරිය.
Deleteහයියෝ..මාලු පාන්..!! :D:D
ReplyDeleteහ්ම්ම් එහෙම දේවලුත් වෙලාතියෙනවා එහෙනම්..
ReplyDeleteදුක හිතෙන කතාවක්න අප්පා..... :(
ReplyDeleteඅපොයි..........
ReplyDeleteඛේදාන්ත මෙව්ව එකක්.....ඒත් සුන්දරයි.....ඒ වගේම හොද පරිත්‍යාගයක්......!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමාර ආදර කතාවක්නෙ යකෝ මේක..........
ReplyDelete