20 September 2012

මාරයාගේ චූටි චාරිකාව...

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිව්වළු... අයියා වගේ රට වටේ ගියාට මොකෝ ගේ අයිනෙම යන්න තැනක් තිබිලා මේ ළඟක් වෙනකල්ම මං දැනං හිටියේ නැහැ නෙව... ඒ ගැන හෝඩුවාව ලැබුනේ මෑතකදී බුකියේ කස්ටියක් පොටෝ ගන්න කොහේද මංදා කැලෑවකට යන්න සෙට් වෙන කතාවක් දැකලා.. යකෝ මුං ටික කැලෑවකට කියලා එන්න ලෑස්ති උනේ නිස්ටඹුවට කියහංකෝ...

හතර විළි ලැජ්ජාවේ සංතෝසේ බැරුවා... ඇයි යකෝ අපේ මේ සුපිරි සිටි එකට කැලෑවක් කිව්වම කාටද කාලා ඉවෂන්ට ඇහැකි... ඒත් පස්සෙයි දන්නේ හැබෑවටම එහෙම තැනක් තියෙනවා කියලා...  දන්න කියන තව කැලෑ කෑල්ලක් වැඩ පොල කිට්ටුව තිබුනා උනත් ඒක යක්කල ආයුර්වේදෙට සම්බන්ධ ඔසු කැලයක් හින්දා ඒකට කාටවත් ඇතුළු වෙන්න දෙන්නේ නැහැ.. මේක බැලින්නං රජයේ වනෝද්‍යානයක් ඇවිදින්න කරන්න ඇහැකි... එහෙවු එකක් අහල පහල තිබිලත් නොදැන හිටියා කිව්වම අර කලින්ට වඩා සංතෝෂයිනේ...

ඒත් ඉතිං ඕක බලන්න යන එක ටිකක් එහෙ මෙහෙ වෙවී තිබුනේ එක එක හේතු කාරණා නිසා..අදත් ඔහේ යන්න හිතං හිටියේ නැහැ... ඒත් දවල්ට කොටා බාලා ටිකක් නිදා ගන්න කියලා ඇඳට වැටුනට මොකද නින්ද අහලකවත් නැහැ.. ආයේ ඉතිං ඇ‍ඳේ පෙරලි පෙරලි මක් කොරන්ටද..?

ඒ පාර නැගිටලා ලෑස්ති වෙලා ගියා කොහේ හරි යන්ට කියලා හිතං... පාරට බැස්සම මුලින්ම හිතුවේ ෆිල්ම් එකක් බලන්ට යන්ට කියලා.. ඒත් ටික දුරක් යද්දී හිතුනා පස්ට අව්වේ හරි කමක් නැහැ යනවා අර කිව්ව කැලෑව බලන්ට කියලා...

ඔන්න ඉතිං මං අපේ අහල පහල තියෙන කැලෑව බලන්ට ගියා... හරියටම මං ඉන්න තැන ඉඳන් කිලෝ මීටර් 4ක් ඇති ඕනනං මෙතැනට... තැන තමා හොරගොල්ල රක්ෂිතය..තියෙන්නේ නිට්ටඹුවෙන් වේයන්ගොඩ පාරේ කිලෝ මීටරයක් යද්දී වම් පැත්තට හැරෙන්න තියෙන පින්නගොල්ල පාරේ මීටර් හයසීයක් ගියාම...  ඕං බලමුකෝ තැන... වැඩි දුර විස්තර ඕනනං අහන්ට දන්න දෙයක්නං කියා දෙඤ්ඤං...


 











  


  






54 comments:

  1. Replies
    1. අදනං මකන්න වෙලා නැහැ..:P

      Delete
  2. ලස්සන ප්‍රදේශයක් වගේ.

    ReplyDelete
  3. හොරගොල්ල කියන එකට නියම තේරුමක් ලැබුනේ මේ මෑතකදී මම හිතන්නේ..

    තමන්ගේ පැත්තේ තියෙන දේවල් ගැන නොදැන ඉන්න එක ස්වාභාවිකයි ගොඩක් දෙනෙකුට (මමත් සමග :) ). මේ මෙහෙත් නගර සීමාව ඇතුලත රක්ෂිතයක් තියෙනවා. යන්න ඕනි වෙලාවක....

    ReplyDelete
    Replies
    1. දී කිරට තව එකෙක් හරි හිටිය එක ගැන මට සංතෝසයි...

      Delete
    2. පොම්ප කැළේ තාම ගියේ නැද්ද...?
      තපස්සර බුලත් තියෙන්නෙත් එහේ විතරයි මම හිතන්නෙ.

      Delete
  4. ෂා ... මරු, නිස්කලන්ක පරිසරයක්. මටත් පොඩි ලෑලි මඩුවක්වත් ගහගන්ට බැරි වෙයිද දන්නෑ ඔය පැත්තෙන්. :)

    ReplyDelete
    Replies
    1. උඹ ලෑලි මඩුවක් ගැහුවොත් ආයේ මේකේ ගන්ට දෙයක් ඉතිරි වෙයියෑ..?

      Delete
  5. සෝක් තැනක් නේ.. මමත් කලින් නම් අහල තිබුනේ නෑ.
    ළඟ පාත මිනිස්සු දන්නැති කොට අපි කොහේ දැන ගන්නද...?

    ReplyDelete
    Replies
    1. මොන හේතුවක් හින්දද මංදා මේක ඒ හැටිම ප්‍රසිද්ධ නැත්තේ...

      Delete
    2. ප්‍රසිද්ධ නැති හින්දනේ ඔහොමවත් ඉතුරු වෙන්නේ . දැන් ඉතින් දෙය්යන්ගේ පිහිටයි

      Delete
  6. මම සූට්ටන් කාලේ ඕකට ගිහින් තියෙනවා මතකයි ඒ කාලේ ඕක රක්ෂිතයක්ද කියලනම් දන්නෙ නෑ.අපේ ආච්චිලා ඉන්නෙ ඔය අහල පහලමයි.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට සිරි..කාව්‍යාලගේ ආච්චිලා මෙහෙ කිව්වේ සිරිමාවෝ මැතිණියවද්දෑ..? උන්දැත් මේ අහල පහල.. මේ ඉඩමත් උන්දලා රජයට දුන්න එව්වා...:D:D:D

      (යකඩෝ යසෝදරාවද්ද කාව්‍යා කියන්නේ..?)

      Delete
    2. හිකීස් අලේ මට යසෝධරාට තරම් වයස නෑ...අපේ ආච්චිලා ඉන්නෙ උදම්මිට හංදියේ ඉස්සර නිවාඩුවට එහෙ ගියාම ඔය හොරගොල්ලෙ පින්නගොල්ලෙ එහෙම මාමලා එක්ක රස්තියාදුවේ යනව ගඩාගෙඩි කන්න.

      Delete
    3. ඔව ඉතින් කාවයියා වැදී කුලේ නේ නේද

      Delete
  7. ෆොටෝ ටික දැක්කහම යන්නම හිතෙනව

    ReplyDelete
    Replies
    1. හිත හිත ඉන්ට දෙයක් නැහැ ආව වෙලාවක ගෙහුං බල...

      Delete
    2. ඒකට ඉතින් තා කාලාන්තරයක් ඉන්න එපයි

      Delete
  8. අර පරණ වානර ගති ගුණ තියෙන කස්ටිය කැලේ රිංගන්න බෝහෝම කැමතියිලු :P

    තැන නම් ලස්සනයි වගේ. වැඩි දුරක් නැති හන්දා බලන්න යන්න පුළුවන්.. හැබැයි ඉතින් කූඩැල්ලෝ නැත්තම් විතරක්..

    ReplyDelete
    Replies
    1. මං කියන්නේ නැහැ ඉතිං..වානර..හුහ්...

      කූඩැල්ලෝ නැහැ මේ පැතිවල... හැබැයි හොඳ හෙවණයි..සීතලයි... අද දවල් මෙහෙ කට්ටෙට පායද්දිත් මේක ඇතුලේ වැහි බීරිමක් වගේ..අඳුරුයි..තෙත් ගතියයි...

      Delete
  9. තව තියනව ඔය වගෙ ලඟ තැනක් මීරිගම බෝතලෙ 'බාලදක්ෂ කඳවුර'. එතන රෑට ඉන්නත් පුලුවන්. ගිනිමැල ගහන්නත් තැන් තියනව. ඉස්සර නම් පිට අයට දෙනව. ලඟකදි නම් ගිහින් නෑ.

    ReplyDelete
  10. මාර ලස්සනයිනේ . අපේ දිස්ත්‍රික්කේ අපි නොදැක්ක ලස්සන තැන් කොච්චර තියෙනවද
    මේ විස්තර දාද්දි බලන්න යන අයට ප්ලාස්ටික් හෙම දාල එන්න එපා කියල ඉල්ලීමක් කරනවා නම් හොඳයි නේද .

    ReplyDelete
  11. ඔය ඉතිං...අපි කිව්වාම තමයි පිලිගන්නෙ නැත්තෙ ඔබ තුමා ඉන්නෙ වනාන්තරයක කියලා.

    ReplyDelete
  12. අර "පොරව මාර" කියන්නෙ හිතවත් ගහක් වෙන්ටැ....?

    ඒක නෙවෙයි නිත්තෑවො ගැන දන්නවද..? අවසාන නිත්තෑවා හිටියෙ නිට්ටඹුවෙලු.

    ReplyDelete
    Replies
    1. ඒකා තාම ඉන්නවා. ඔය ටක්කෙටම කියල තියෙන්නේ රක්ෂිතයට කි.මි. 4 ක් දුරින් ඉන්නේ කියලා

      Delete
    2. නිට්ටෑවො හිටියෙ හිටියෙ නිට්ටඹුවෙම නොවුනත් ඊට ආසන්න ප්‍රදේශයක වෙන්න ඇති. ජන කතා වල හැටියට නිට්ටෑවො වඳවෙලා යන කාලෙ, ඔවුන්ගෙ ස්ත්‍රී ගහනය සීඝ්‍රයෙන් පහත බැහැලලු. ඈත පැතිවල ඉඳන් නිට්ටෑවො අඹුවන් හැටියට ගෑණු පැහැරගෙන යන්න නිට්ටඹුවට එනවලු. නිට්ටඹුව කියල නම හැදුනෙත් එහෙමලු. අබා චිත්‍රපටියෙනම් නිට්ටෑවො කියල හිටියෙ කුරුමිට්ටො ටිකක් . :)

      Delete
    3. @ කලිකාල

      බොහොම ස්තූතියි විස්තරයට.

      මම අහලා තියෙන විදියට නිට්ටෑවන්ගෙ වඳවීමට හේතු වෙලා තියෙන්නෙ වැද්දො.නිට්ටෑවන්ගෙ දඩමස් වැද්දො පැහැරගන්නවලු. තව පහරදීම් මරා දැමීම් එහෙමත් වෙන්න ඇති. කෙසේ වෙතත් 1800 ගනන් වලත් නිට්ටඹුව ආසන්නයේ නිට්ටෑවො හිටියලු.
      අබා එකට නළුවො නැති හින්දා වෙන්න ඇති කුරුමිට්ටො ගන්න ඇත්තෙ. නිට්ටෑවෝ සිරුරින් කුඩා වුවත් කුරුමිට්ටො නෙවෙයි. (අප්‍රිකාවෙ පිග්මිලා වගේ)

      @ දේශකයා

      ඇත්ත...ඇත්ත....:D

      Delete
  13. ඕක බලන්න ඇවිත් මාර වාඩියෙං තේ ටිකක් එහෙමත් බීලා යන්න පුළුවං ඇති නේ??????

    ReplyDelete
  14. මලේ හොරගොල්ල 70 දශකයෙදි අභය භූමියක් හැටියට ප්‍රකාශ කෙරෙව්වෙ සිරිමාවො බන්ඩාරනායක අගමැතිතුමිය. දැං ජාතික උද්‍යානයක් බවට පත් කරලා මහජනයාට විවෘත කරලා තියෙනවා. පාසල් දරුවන්ට පරිසර අධ්‍යනයට අපූරු තැනක්.

    ReplyDelete
    Replies
    1. හරිය‍ට‍ හරි. මේකේ අගය නිසි පරිදි උකහානොගන්නා එක තමයි තියෙන කනගාටුව. ශිෂ්‍ය ප්‍රජාව හට ස්වාභාවික පරිසරය ගැන ලැබෙන දැනුම කොහොමටත් ප්‍රමාණවත් නෑ.

      මට හිනෙක්කේ මිනිස්සු ඔතනට වැඩිය යන්නේ නැත්තේ මාරයා බැල්ම හෙලන නිසා වෙන්ට ඇති.

      Delete
  15. මාරයෝ ඕක මට ලොකු සම්බන්ධයක් ඇති තැනක්. අපි 90 ගණන්වල බොහොම මහන්සි වෙලා තමයි ඔය තැන ගොඩඟුවේ. මට පුදුම සතුටක් දැනුනා පින්තූරු ටික දැක්කම. කොටින්ම ඔය වනය හදාගන්න පත් කළ කමිටුවෙ කාලයක් සභාපති වෙලා හිටියෙත් මම. බොහෝම ස්තුතියි!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න මාරායා් ස්තුති කොරන්න ඕන කෙනා ඇවිල්ලා දොරටම තට්ටු දාලා. මහ වෙදනා තුමනි කොමෙන්කටුව ඉතා සංවේදීයි.

      Delete
  16. පුදුමයිනෙ මෙපමණ කලක් මේ පරිසරය මාරගෙ ඇස නොගැටී දිබුන එක . ලස්සන නිස්කලංක තැනක් වගේ . ඡායාරූප දැක්කම උඩවත්ත කැලය මතක් වෙනව .

    ReplyDelete
  17. ඇත්තටම ලස්සන තැනක් ..

    ReplyDelete
  18. ගහට කොළට සතා සීපාවට ආදරේ කරන මිනිස්සු හුගක් අඩුයි දැන්.. මේ වහේ තැන් ගැන දැනුවත් කරන එකට ගෝඩාක් ස්තුති

    ReplyDelete
  19. මාරෙ...තව ගොඩක් තැන් ඔය අවටම තියනවා.අලවල පැත්තේ අත්තනගල්ලෙන් හැරිල යන පාරෙත් මාර පොට් තියනවා.

    ReplyDelete
  20. මට නං වැඩි වෙනසක් දැනෙන්නෙ නෑ. මං ඉන්නෙ වයඹ පලාතෙ හින්ද වෙන්න ඇති. මේ පැත්තෙ ඉතින් වැඩිපුරම තියෙන්නෙ කැලෑ නෙව. ඒත් නිට්ටඹුවෙ මෙහෙම එකක් තියනව කිව්වාම නම් ටිකක් පුදුමයි.

    " කූඩැල්ලෝ නැහැ මේ පැතිවල... හැබැයි හොඳ හෙවණයි..සීතලයි... අද දවල් මෙහෙ කට්ටෙට පායද්දිත් මේක ඇතුලේ වැහි බීරිමක් වගේ..අඳුරුයි..තෙත් ගතියයි..."
    (මේක දැක්කාම නං "ටිං" ගාල වීදුරු එකට වදින සද්දෙ හීනෙං වගේ මතක් උනා.)

    ReplyDelete
  21. මෙතන විශේෂයෙන් බලන්න කියලා මොනවද තියෙන්නෙ අයියේ? ගස් විතරද? නැතිනම් වෙන මොනාහරි විශේෂ දෙයක් තියෙනවද?

    ReplyDelete
  22. මාහේන තියෙන්නෙත් ඔය හරියෙමද....බණ්ඩාරනායක උන්නැහේගෙ කතා පොතකුත් කියෙව්වා "මාහේනේ රීරි යකා" කියලා

    ReplyDelete
  23. ගහකොල පිරුණු නිස්කලංක තැනක් වගේ. යන්න ආස හිතෙනවා. ස්තුතියි තොරතුරු බෙදා ගත්තට.

    ReplyDelete
  24. අගෙයි මාරයෝ! ලස්සන පරිසරය, පින්තූර ටිකත් නියමයි.

    වැරදීමක් වෙලා වගේ ලියනකොට. :P
    "දන්න කියන තව කැලෑ කෑල්ලක් වැඩ පොල කිට්ටුව 'හිටියා'" නෙවෙයිද? :D

    ReplyDelete
  25. මාර ප්ලේස් එක ආ යන්න බලන්න ඕනි දවසක

    ReplyDelete
  26. මහත්මයා අළුත් අයට අත හිත දෙන අයකු ලෙස හඳුනාගත්තෙමි.

    මගේ බ්ලොග් අඩවිය වෙත පැමිණ අදහස් දක්වන්නේ නම් අගය කරමි.
    http://ithihaasaya.blogspot.com/

    ReplyDelete
  27. මාර ගමන් බිමන් ....

    ReplyDelete
  28. නිට්ටඹුව කියන්න පට්ට කැලයක් නේන්නම්. :P ඔය එළි වුණේ.

    ReplyDelete
  29. සන්ගබොදියට යඩි පැවිලියන් එකට ගියම කැලෙ හොද්ට පේනවා....

    හුගක් වෙලාවට නිට්ටබුවට වැස්සෙ නැතත් කැලේට වහිඅව මට පෙනිලා තියෙනවා....

    ReplyDelete
  30. අපිත් සමහරවිට ගේලඟ තියෙන දේවල් ගැන දන්නෙ නෑ. මමත් බන්ස් දවසක් ලංකාව පුරා ගිහින් ගෙදර ඇවිත් ගමේ අතරමන් වුනානෙ ගේ හොයාගන්න බැරුව. මහ රෑ. පාලමක් කඩාවැටිලා පාර වහලා අතුරු පාරකින් එව්වා. අලුත් ගෙවල්, කාපට් පාරවල්, මහ රෑ, ඔක්කොම එකතුවෙලා අතරමං වුනා ටික වෙලාවක් යනකොට.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  31. පොරව මාර කියන්නෙ උඹට මොකක් හරි සම්බන්ධයක් තියෙන එකක්ද?

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete