22 September 2012

ඇස් දෙකක් දුටිමි මම...

ලෝගුවෙන් වැසුන ඇස්..
සොයයි මොන මොනවදෝ...
නැති වෙච්ච දෙයක් වද..?
නොලැබිච්ච දෙයක්වද..?

බස් නැවතුමේ රැඳී.. 
සිටින්නේ මඟ බලා..
බස් රථය එන තෙක්ද..?
වෙන යමක් වෙනුවෙන්ද..?

අකීකරු නුඹෙ දෑස.. 
බොහොම ලොකු කතාවක...
අවට බලමින් නිතොර..
පෙම්බරෙකු සොයනවද..?

මෙතෙක් සමු නොවී ඇතී..
සෙනෙහසක් පතනවද..?. 
සිතන්නේ කුමක්දැයි..
සිතා ගනු නොහේ මට...

ඒ නිසා මම බලා.. 
සිටිමි ඔය ඇස් දිහා...
නිතර ඇස් දිවවෙනා.. 
ඉසවු දෙස සොය සොයා..

මගෙ ඇසුත් දිව ගියා
නුඹේ බැල්මත් සමඟ..
අවසනදි වැටහුනා.. 
බලන්නේ කුමක්දැයි..

නේක වෛවර්ණයෙන්..
දුහුල් සළු පිළි ඇඳන්..
මෝස්තර කැටයමින්.. 
සියොලගම සරසවා..

පාර දිග ඇඳී යන..
නුඹ වගේම තරුණියන්..
දෙස බලා නුඹ හිඳින..
වග මෙමට වැටහුනා...

උපතින්ම සිර කෙරූ.. 
මායිමෙන් කොටු කෙරුන..
කයක් ඇති මුත් නුඹට..
සිතට සිර ගෙයක් නැත..

කයින් මිදිලා දුවන..
සිතින් නුඹ අවට ලොව..
දකින්නට සැරසෙනා..
අයුරු ඇත පෙනෙන්නට...

ඒ නමුත් සිර ගෙයම..
උරුම බව දැනෙද්දී..
සිත යටින් වැලපෙනා..
ඇස් දෙකක් දුටිමි මම...

ලෝගුවෙන් වැසී ඇති..
මුත් ලොවට විවර වූ..
පැතුම් දැල් වී ඇතී..
ඇස් දෙකක් දුටිමි මම...

----------------------------------
පාන් බාගයයි පරිප්පු එකායි...ආ මෙන්න

48 comments:

  1. Replies
    1. මගේ කමෙන්ට් එක පෝස්ට් එකට කිසිදු අදාලත්වයක් නැත.

      Delete
    2. කුණුහබ්බයක්වත් කාටවත් කල අපහාසයක්වත් නෙවෙයිනේ.. අවුලක් නැහැ...

      Delete
    3. අපහාසය කියන එක සාපේක්ෂයි මම හිතන්නේ. අපහාසය කියන එක පුද්ගල බද්ධ දෙයක්. ඒක බුද්ධිමට්ටම, සංස්කෘතිය, ආගම, හැදිච්ච පරිසරය, දරණ දේශපාලන මතය ආදි එකි නොකී ගොඩක් දේවල් අනුව වෙනස් වෙනවා.

      උදාහරණයක් විදිහට කාට හරි මේ පෝස්ට් එකත් අපහාසයක් විදිහට ගන්න පුළුවන්. මුස්ලිම් කෙනෙක් මේ පෝස්ට් එක කියෙව්වොත් එයාට මේක අපහාසයක් විදිහට බලන්න පුළුවන්.

      දවසක් මට වත්තල පැත්තේ එකෙක් කිව්වා "මචන් මම වැල්ලේ, අපිට හු** කියන එක කුණු හරුපයක් නෙමෙයි. අපි සමහර වෙලාවට සාමාන්‍යෙන් කතා කරනකොටත් ඒවගේ වචනයක් පිට වෙන්න පුළුවන්. ඒත් තව එකෙක් ඒ වගේ වචනයක් පාවිච්චි කරන්නේ පට්ටම මළක් පැනපු වෙලාවක. එතකොට ඒකෙන් අපි දෙන්නා සංවේදනය කරන හැඟීම් වෙනස්"

      ඒක නිසා සරලවම මට කුණුහබ්බ සහ අපහාස ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. සාපේක්ෂයි.

      Delete
    4. මාලන්ගේ කතාවට කියෙව්වාම මට මතක් උනේ.......... මීට සෑහෙන කාලෙකට කලින් සඳරුලාගේ ගම් පළාතේ හාදයෙක්ට "තමුසේ" කියලා තව පොඩ්ඩෙං අලි වින්නැහියක් වෙනවා!

      Delete
    5. මේ කවිය මෙහෙම කියෙව්වොත්?

      සිවුරකින් වැසුන ගත..
      සොයයි මොන මොනවදෝ...
      .
      .
      .
      උපතින්ම නොවුනමුත්..
      මායිමෙන් කොටු කෙරුන..
      .
      .
      සිවුරකින් වැසී ඇති..
      මුත් ලොවට විවර වූ..
      පැතුම් දැල් වී ඇතී..
      ගිනියම් ගතක් දුටිමි මම...

      Delete
  2. පෙර කරපු පවක් වෙන්නැති ඔහොම වෙන්නේ

    ReplyDelete
  3. මාරයත් මාරම ලයින් තමා අල්ලන්නේ ...

    ReplyDelete
    Replies
    1. මේක මේ අද උදේ මීටර් වෙච්ච දෙයක්...

      Delete
  4. // ලෝගුවෙන් වැසුන ඇස් //

    වැරදියිනේ. ලෝගුවෙන් ඇස් වැසුනම පෙන්නෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඔය හැම එකම කයියෙන් කියන්ට ඇහැකිද අප්පා...

      Delete
  5. Replies
    1. පික්ෂුද..එය ෂුරක්ෂිතයි...

      Delete
  6. මේක කියෙව්වම පරණ ස්ටෝරියක් මතක් උනා... කියන්නම් නේ...

    අපේ ඉස්කෝලේ කෙල්ලෙක් හිටියා ෆාතිමා කියලා... යුනිෆොම් එකට අර කලිසමකුයි උඩින් දාන ෂෝල් එකයි දාගෙන උදේට ආවට පස්සේ ආයිත් ඒ ටික දාගන්නේ ගෙදර යනකොට තමා.. ඒක ගානක් නෑ නේ ගෑණු ඉස්කෝලෙ ඇතුලේනේ...
    ඕලෙවල් ඉවර වෙනකොට ඒකිව කසාද බන්දන්න හැදුවා ගෙදරින්... මේකි බෑම කිව්වා.. කවදාවත් මුස්ලිම් එකෙක් නම් බදින්නේ නෑ කියලා හිටියේ... අන්තිමට ක්‍රිස්තියන් කොල්ලෙක් එක්ක යාලුවෙලා, බැදලා රට පැන්නා... ඕලෙවල් අනා ගත්තා මට මතක විදියට... ඒකට ඕනේ උනේ මුස්ලිම් කමෙන් බේරෙන්න....

    මාරයියා දන්නවද... කුරාන් එකේ කොහෙවත් කියලා නැලු ගෑණු මූණ වහන්න ඕනේ කියලා.... ඒක කිව්වේ අපේ ඔෆිස් එකේ හිටපු අක්‍රමි කියලා එකෙක්.. හැබැයි ඌත් බැන්දට පස්සෙ ගෑණීව අපේ එකෙක්ටවත් පෙන්නුවේ නෑ.. හි හි.. අනිත් එක සෞදි කාරයෝ එහෙම ඉන්නේ අව්වෙනුයි හුළගෙනුයි බේරෙන්න...

    මට නම් ඔය ආගමත් එක්ක තියන්නේ දුකකට වඩා කේන්තියක්.....

    ReplyDelete
    Replies
    1. එයාලා එයාලගෙම හිත්වල වහල්ලු වෙලා.ඒකෙන් බේරෙන්න ඕනි කමක් නෑ ගොඩක්අයට.
      තමන්ගේ ඉරණම ඒක කියල හිතන්න පුරුදු වෙලා ඉන්නේ.
      හැබැයි මම දන්නා මුස්ලිම් යාලුවෝ ඉන්නවා එයාලගේ පවුල් වලින් එයාලට ඕනි තරම් නිදහස දීලා තියෙනවා.
      අනිත් එක මම දැකපු දෙයක් තමා සල්ලිකාර මුස්ලිම් පවුල් වල ඇය හොඳට අඳිනවා.සාමාන්‍ය,දුප්පත් පවුල් වල අය තමා ඔය විදිහට හිර වෙලා ඉන්නේ.

      Delete
    2. @හිරු...

      බොහෝමත්ම ස්තූතියි දිගු කොමෙන්ටුවට සහ ඇතුලත් කතා වලට...
      ඇත්තටම ෆාතිමා ඕ ලෙවල් ඇණ ගත්තට පාඩුවක් නැහැ..ෆාතිමාගේ දරුවෝ කවදා හරි ඕලෙවල් සහ එයිට එහා ගිය දේවල් ගොඩ දාගනී ෆාතිමා කරපු දේ හින්දා...

      කුරානයක සිංහල පිටපතක් මට අහු උනේ නැහැනේ තාම.. මේ පාර පොත් ප්‍රදර්ශනේදී එකම එක මුස්ලිම් කඩයක් තිබුනත් එතනවත් එහෙම එකක් තිබුනේ නැහැ... කියවලාම බලන්න වටිනවා...

      ඔය හුඟාක් ඇදහිලි පුද පූජා හැම ආගමකම වගේ තියෙන්නේ පරිසරයත් එක්ක හැදුන දේවල්.. මෙයාලා ඇඳුමත් ඒකටම අල්ලලා ගන්න ඇති... දුකකට තරහකට වඩා අනුකම්පා කල යුතු පිරිසක්...

      Delete
    3. ආගමක් නිර්මාණය උනාම ඒ ආගම නිර්මාණය වුණු දේශයේ සංස්කෘතිය ගොඩක් බලපානවා.මුස්ලිම් ආගමේ පවතින්නේ මැද පෙර්දිග ගෝත්‍රික වාදී සංස්කෘතියක් අවාසනාවට ඒ පැරණි සංස්කෘතික ලක්ෂණ් ඉදිරියට ගෙන ඒමම ආගමික දෙයක් හැටියට පෙන්වීම නිසා අදටත් ගැහැණුන්ට මුහුණ වැසීම පවා අනිවාර්ය කරලා තියෙනවා.කුරානයේ කොතනක වත් එහෙම නෑ.
      ඇත්තටම මුලු මුහුණම යම් කාලයකදී වැසුවේ ආරාබීන් නෙවෙයි පර්සියාවේ මිනිසුන් ...එයට ගැහැණු පිරිමි කියා බේදයක්ද තිබුනේ නෑ.

      Delete
    4. මම කාලයක් වැඩ කලා මුස්ලිම් බොස් කෙනෙක්ගේ කම්පැණියක.... එතන ඉස්ලාම් ආගම විදි හතරකට අනුගමනය කරන අය හිටියා.... කට්ටියක් ගම්පොල පැත්තේ... අර මතකද කට්ටියක් වදියක් ගිහින් මරා ගත්තා.. අන්න ඒ මේ සෙට් එකක් තමයි... අනිත් සෙට් එක කොළඹ..... එතනදි තමයි මම මේ ආගම ගැන ගොඩක් දැන ගත්තේ...

      මේකත් දැන් බෙදිලා බෙදිලා ගිහිල්ලා තියෙන්නේ... එක එක කොටස් වලට... කට්ටියක් නමට මුස්ලිම්... ... කට්ටියක් සාමාන්‍ය විදියට ඉන්නවා ...කට්ටියක් බාගෙට සාමාන්‍යයි.. කට්ටියක් අන්තෙටම ගිහිල්ලා ඉන්නවා....

      කොහොම උනත් ඉස්ලාම් ආගම ගැන මගේ හැඟීම නම් ඒක ආගමක් නෙවෙයි කරුමයක් කියන එකයි... ගෑනුන්ට පිරිමින්ට දෙගොල්ලන්ටම...

      Delete
    5. @ මාරය අයියා
      කුරානය , එහි ඉගැන්වීම් විශ්වාස නොකරන්නන් හට දෙන්නේ නැහැ නේද ?
      එකයි මං හිතන්නේ ඒවා වෙළඳ පොලේ ගන්න නැත්තේ.
      මං වැරදි නම් දන්නා කෙනෙක් නිවැරදි කරන්න හොඳේ ....

      Delete
  7. මට මතක් වුනා නිලාර් එන්.කාසිම් ලියපු සින්දුවක්.
    "සලාම් කියාගෙන ගෙට එන
    ලසෝ ගිනි මැදින් සුජනින
    ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
    ෆර්දාවක සැඟව සිටින තාරකාවියේ"

    ReplyDelete
    Replies
    1. පුමුදි හිරුගේ කමෙන්ට් එක යටින් දාපු කමෙන්ටුවටත් එක්කම...

      //මම දැකපු දෙයක් තමා සල්ලිකාර මුස්ලිම් පවුල් වල ඇය හොඳට අඳිනවා.සාමාන්‍ය,දුප්පත් පවුල් වල අය තමා ඔය විදිහට හිර වෙලා ඉන්නේ.//
      ඇත්ත කතාව... මෙතැනත් ඒ දේම පේන්න තිබුනා... මම මෙයිට කලින් වතාවක් හැදුනුම්පත හදන්න ගිය වෙලාවක දැකපු ළමයෙක් ගැන මම ලියපු කතාවක් මේ...
      ඒ සඳත්රාමලාන්


      ඒ වගේ තැන් හුඟක් මට අහු වෙලා තියේ ප්‍රමුදි කිව්ව කාරණාව ඇත්ත වග තේරෙන්න... හැබැයි නැගනහිර පළාතේ කරපු සංචාරයකදී මං දැක්ක හුගාක්ම දිළිඳු මට්ටමේ මුස්ලිම් අය ජීවත් වන කලාපවල අපේ අය තරමටවත් ඇඟ වැසෙන්න ඇඳුම් නැති ළමයින්වත් මං දැක්කා...

      Delete
    2. සහෝදරයා ඔයාල දන්නේ නැති උනාට බහුතර හම්බයෝ ඔය කටින් කියන දේ කරන්නේ නැහැ නිලාර් කාසිම්ගේ නැඟී ඉන්නෙත් වහගෙන තමයි අයිය දෙන කතා ගෙදරට නැහැ බයිලා

      Delete
  8. ඔය සිරගෙයින් මිදෙන්න කොයිතරම් අය සිහින මවනව ඇත්ද..?

    ReplyDelete
    Replies
    1. ඒ හීන හිත ඇතුලෙම මියැදිලා ගිය කොයි තරම් අය ඉන්න ඇද්ද?ඉන්නවද?ඉඳීවිද..?

      Delete
  9. පාන් පරිප්පු විතරද? බිත්තර නැද්ද?

    ReplyDelete
    Replies
    1. අද උදේට ඔය මදෑ බං... දවල්ට බැරියෑ බත් එක්ක...

      Delete
  10. පැරණි සහෘදයෙකු ගේ ආගමනය...

    ReplyDelete
    Replies
    1. ඌ මැරිලා නැහැ..ඒත් නිතර දැකලා ඌගේ කරමලේ සුදු වෙනවට වඩා කොහොමත් කරමලේ සුදු එකාව පෙන්න පෙන්න ඉන්න එක දිගු කාලීන ආයෝජනයක් නෙව...:D

      Delete
  11. පාන් කන්ඩ ගියා නම් පාන් නොකා කෙල්ලො දිහා බලන් ඉන්නෙ.... සිකේ ලැජ්ජාවෙ බෑ.. අපි වගේ ආදර්ශමත්ව හැදෙන්ඩකෝ අප්පා..

    ReplyDelete
    Replies
    1. අපි වගේ ආදර්ශමත්ව..? ඈ...

      අනේ අයියා එහෙමනං නැතිවට කමක් නැහැ...:D:D:D

      Delete
    2. හුහ්.. නරක් වෙලා තියෙයි...බලන්ඩ දැන් අපි පොත් ප්‍රදර්ශනේ ගියා..පාඩුවෙ පොත් අරන් ගෙදර ආවා..ආන් ඒ වගේ හැදෙන්ඩයි කියලයි කියන්නෙ..
      කෙසේ වෙතත්..පද බැඳුම නම් නියමයි..නිරීක්ෂනය සහ නිගමනය විශිෂ්ඨයි...

      Delete
  12. ආගමකට නිගා කරන්න හොඳ නෑ. ඒත් මුන්ගේ කෘර වැඩපිළිවෙල නම් අනුමත කරන්නෙත් නෑ.
    කාන්තාරයේ කුසුම පොත කියවන්නකෝ .මුන්ගේ හැටි දැනගන්න.

    ReplyDelete
    Replies
    1. මං කියවලා තියෙනවා... ආගමට නිගා කිරීමක් නෙවෙයි මේක ඇවිල්ලා මනුස්සය කොටසකට දුන්න අසාධාරණ දඩුවමක් ගැන කතාවක්...

      Delete
  13. මේකට මම ලයික්ය... මමද ජීවිතයේ එක්වරක් මුස්ලිම් එකියකට ලව් කර ඇති තරම් විදෙව්වෙමි.

    ReplyDelete
  14. මැරයෝ හැට් ඕෆ් එලම කවි පන්තිය මුස්ලිම් ලන්දකගේ ආගම විසින් බලෙන් යටපත් කරපු හැඟීම් ගැන හොඳටම කියල තියනවා ස්තුති සහෝදරයා

    ReplyDelete
  15. අඩෝ.... තෝ අපේ කෑලි වලට සෙම දාන්න. එව්වා කොහෙද ඩෝ, දැක්කනේ ඊයේ අපි ඇමරිකාවටත් දුන්නා. තිහාරිය පැත්තේ එහෙම එන්න එපා. ආවොත් කොන කපලා යවන්නේ

    ReplyDelete
  16. කාන්තාරයේ කුසුම කතාව මගේ සිහියට ආවා මේක දැක්කම.

    ReplyDelete
  17. බහුතරයක් ගරුකරන, විශ්වාසකරන දේවල් අපි විශ්වාස නොකලත්, ගරු නොකරත් ඒවට ගරහන එකනම් වැරදියි, මම කියන්නෙ ඔය මේ දවස්වල ඇමරිකන් ෆිල්ම් එකක් නිසා ඇතිවෙල තියෙන ප්‍රශ්නෙ වගේ විකාර නම් මහ පිස්සුවක්, අනවශ්‍ය වැඩක්. අපි අකමැති නම් ඒ ගැන නොතකා සිටීම තමයි හොඳම දේ.

    මාරය අයිය කියන සිද්ධිය ඇත්තටම සංවේදී සිදුවීමක්. සමහර අයට ඔය හිරගේ (ඔවුන් සිතන හැටියට) කඩාගෙන යන්න අවශ්‍යතාවය තියෙනව. තවත් සමහර අය භක්තිමත්ව ඒ සියළුදේම ඉවසා සිටිනව. ඒක තමයි ලෝක ස්වභාවය. හැමදේම සාපේක්‍ෂයි. අපිට විකාරයක් විදියට පේන දේම ඔවුන්ට හොඳයි, ක්‍රමය රැකගෙන පවත්වගෙන යන්න දිවි හිමියෙන් කටයුතු කරන්නෙත් ඒ ක්‍රමයෙන් පීඩාවට පත්වෙන මිනිස්සුමයි. ඉතිං අපිට පාන්යැ ! :)

    ReplyDelete
  18. කලිනුත් මේ වගේ සීන් එකක් තිබුණා නේද? අර සෙකුරිටි පෝස්ට් එක ළඟට ආපු පර්දාවක් ගැන. මාරයා ගේ ඩයරියේ එහෙම කේස් එකක් ගැන තිබුණා මට මතකයි.

    ReplyDelete
  19. ඒ අයගෙන් සමහරක් අයට එව්වා හිර ගෙවල්ම නෙවෙ. කුතුහලයට බලන අය ගොඩයි ඒ සමාජයෙත්.
    නේක වෛවර්ණයෙන්, දුහුල් සළු පිළි ඇඳන්,මෝස්තර කැටයමින්, සියොලගම සරසවා ගන්න බැරිව කොටු වෙලා ඉන්න සිංහල කාන්තාවොත් ඉන්නවා නේද?! සෑම සිංහල කාන්තාවකටම ලංකාවෙ ඕනෑම තැනක තමුන්ට කැමති අයුරකින් සැරසිලා යන්න පුළුවන්ද?!. එහෙම බලනකොට, එක එක මානසීක මායිම්, කොටු වීම් වලට හසුවෙලා නේද අපේ සමහරු ජීවත් වෙන්නෙත්?!

    ReplyDelete
  20. මම මේ පද පේළි ටික කියවන්න කලින් නිමිත්ත කියෙව්වා, කතාව යස අගේට තේරුනා. නිර්මාණය නම් උපරිමයි.

    ඔය කළු ලෝගුව වගේම ලෝගුවට වැහිලා ඉන්න අයගේ අදහස් විවිධයි. කුරාණයේ ලෝගුව පොරවාගනිව් කියලා නෑ කියන්න බෑ. එහෙම එකක් කුරාණයේ (24:31 හා මට මතක හැටියට තවත් තැනක) ලියවිලා තියෙනවා. දැඩි ආගමික භක්තියක් හින්දා ලෝගුවත් පොරවාගෙන අතට පයට කළු මේසුත් දාගෙන ඇස්දෙකවත් නොපෙනෙන තරමට වහගත්තු පිරිසක් ඉන්නවා. ඒ අය ගොඩක් වෙලාවට "මුතව්වා" පවුල් වල අය. (මුතව්වා කියන්නෙ රැවුල වවාගෙන ඉන්න, ආගම හරියටම අදහනවාය කියන අය)
    තවත් පිරිසක් ඉන්නවා සාමාන්‍ය විදිහට මූණ වැහෙන්ට ලෝගුව ඇඳගෙන අතට,පයට මේස් එහෙම නොදාගෙන. තවත් කොටසක් ලෝගුව ඇදගෙන, ඔළුව විතරක් වහනවා මූණ පේන විදිහට. සමහරක් ස්ව කැමැත්තෙන් ඕක අඳිනවා. තවත් සමහරක් ගෙදර අයට බයේ, අනික් අය අඳින හින්දා හා පාරේ බැහැලා යන්ටනම් (සවුදි අරාබියේ)ඕක අනිවාර්‍ය හින්දා අඳිනවා. තමන් ලස්සනයි කියල හිතන අය, ඒ ලස්සන අනික් අයට පෙන්නන්න ඕනේ කියලා හිතන අය, හා අනෙකුත් ආගම්වලට අයත් අය නිදහසේ ඇඳලා පැළදලා ඉන්නවා දැකලා ඔය ලෝගුව හින්දා හිතින් දුක් වෙන අයත් ඉන්නවා. (මෙය මගේ අදහසක් එහෙම නෙවෙයි,ඔය ලෝගුව ගැන කතාකරන්න ගිහින් අරාබි තරුණියක් කියපු අදහසක්) තමන් කැතයි කියලා හිතන අය, ගොඩක් කළු අය {සවුදි අරාබියේ මුල් පදිංචිකරුවෝ කළුයි. (බදුවි කියලා කියනවා,Bedouin)}. ඒ අයට ඕක වරප්‍රසාදයක්, ඒ හමේ පාට වහගන්න.
    අනික අරාබියේ උනත් රටෙන් රටට ඕක අඳින විදිහ වෙනස්, පෙනුම වෙනස්, කියන නමත් වෙනස්. ආගම නිසා හෝ කාන්තාරයේ දැඩි රස්නය හා දූවිල්ල නිසා ඔය ලෝගුව පොරවා ගත්තා උනත්. ඒ මිනිස්සු හිතින් දුක් වෙනවා ඇති කියන එක තමා මගෙත් අදහස.

    ReplyDelete
  21. මහින්ද චන්ද්‍රසේකර මහත්තයා " පාට පාට සමනළියන් පැලලි වැටෙන් දකිනා - හීන වඩන නෙත් ගොමුවේ කඳුලු මලක් පිපුනා" කියල කිවුවෙත් මේ වගේ දෙයක් දැකලා වෙන්න ඇති...

    ReplyDelete
  22. මටත් මේ ගැන නම් ලියන්න අනන්ත හිතිලා තියෙනව . අහක යන ලෙඩ දාගන්නේ මොකටද කියල හිතුන . මැලේසියාවේ උද්‍යානයකදී දැක්ක සම්පුර්ණයෙන් වහගත්තු[ මැලේසියන් ජාතිකයෝ නම් එච්චර වහන්නේ නැහැ . මේ අය නිවාඩුවට මැද පෙරදිග පැත්තෙන් ආ අය ] බිරිඳ ගේ කරට අත දාගෙන ඈ දෙස ප්‍රේමනීය ලෙස බලාගෙන අයිස්ක්‍රීම් එකක් කන තරුණ සැමියෙක් . . .කෙල්ලගේ ඇස් විතරයි පෙනුනේ . ඇස් වලින් අයිස්ක්‍රීම් කන හැටි එයා දන්නේ නැතුව ඇති ,.මට ඉතින් හිතිච්ච දේවල් ආයේ මේකේ ලියන්නේ කොහොමද . අම්මපා ඕවගේ මිනිහෙක් බැන්දට වඩා හොඳ නැද්ද ගඟක මුදක පැන්න නම් .

    ReplyDelete
  23. අනිත් ආගම් වල මිනිස්සුන්ගෙ නිදහස, ඇඳුම් පැළඳුම් ගැන අනුකම්පා වෙන මිනිස්සු බොහෝම ඉන්නවා...... එයාලා ට අනුකම්පා කරන්න කලින් තමන්ගෙම ආගමේ, ජාතියේ මිනිස්සු නිදහස් ද, නිවහල් ද කියලා හොයලා බලන්න ඕනෙ.

    ReplyDelete