කලින් කතාවේ හැටියට රංගි යන්න ගියායින් පස්සේ මං ටික ටික සාමාන්‍ය තත්වයෙන් ජීවිතේ ගෙනිච්චයි කිව්වනේ..එයිට පස්සේ ඕං කාලය වේගයෙන්ම ගලා ගියා...මං වෙන වෙන ආදර හුට පටවල පැටලුනා..එක එක රස්සාවල් කරන්ට තියා ගත්තා... ඔය කතාව සිද්ධ උන කාලෙට අවුරුදු පහකට විතර පස්සේ දවසක් උදා උනා... අර චිත්තර පටිවල එක පාරට දර්ශනේ වෙනස් වෙන්නේ..යටින් දාන්නේ වසර පහකට පසුව කියලා..ආන්න එහෙම සීන් එකක්...
එතකොට මං තුමා උඩින් යන හමුදාවේ වැඩ කොරන කාලේ... කිසිම අවුලක් නැතිව මෙන්න මෙහෙම ජීවත් වෙද්දී තමා හිටි හැටියේ පියාණන් වහන්සේ ලෙඩ ඇඳට වැටුනේ... සරීරයේ පැත්තක් පණ නැති වෙලා යන රෝගේ... එයින් පස්සේ උන්දැව එහෙ මෙහෙ වෙද හෙදකං වලට එක්ක යන්ට උවමනා උන හින්දා අතේ තිබුන ගාන වියදං කරලා එහෙං මෙහෙං රෝල් කරලා ගෙදරට තුන් රෝද රථයක් ගන්ට කටයුතු කොලා... එහෙම තියෙද්දී මෙන්න එක පාරටම අම්මටත් ඒ අසනීපේම වැළඳුනා... දැන් අම්මයි තාත්තයි දෙන්නම ලෙඩ ඇඳේ... තාත්තා අසනීප උනාට උන්දැගේ කටයුතු කරගෙන යන්න ඒ හැටිම අවුලක් නොවුනත් අම්මා අසනීප උනහම තත්වය ටිකක් අමාරු උනා..මලයට උයන්න කරන්න තේරෙන්නේ නැහැ... පියාණෝ එක රෝහලක ඉද්දී මෑණියෝ තව රෝහලක නවත්තපු අවස්ථා හිටං උදා උනා.. ඔන්න ඔහොම වෙලාවක එක වෙලාවක කර කියා ගන්න දෙයක් නැති උන වෙලාවක් ආවා.. ඒ තමා මට නිවාඩු නැහැ...මල්ලිට දෙතැනක ඉන්න හැටියක් නැහැ... අම්මට උයන්න කරන්න බැරි තත්වේ හිටි හින්දා කවුරු හරි ගෙදර ඉන්න ඕන උනා උදව්වට... තාත්තා ඒ වෙනකොට රෝගල්ගත කරලා...
මේ වෙලාවේ තමා මැණියන් වහන්සේගේ නැගණියන් වහන්සේ කෙනෙක් ගැන සිහියට එන්නේ..උන්දෑ ඔය කොයි කාටත් උදව් උපකාර කරගෙන ඉන්න කෙනෙක්... හැබැයි එක එක කාලෙට ඉන්න තැනක් හොයාගන්න ලේසි නැහැ.. තමුන්ගේ කියලා ගෙයක් ඒ වෙනකොට හරියටම නොතිබුන හින්දා කවුරු හරි නෑදෑ කෙනෙකුගේ ගෙදරක උන්දලට උදව් වෙවී ඉන්න එකයි කරන්නේ... ඉතිං මේ අවස්ථාවේ හොයා බලනකොට යාන්තං ඉන්න තැන ආරංචි කරගෙන එහෙ ගියා...
හරි පුංචි අම්මා කියාපු තැනේ හිටියා... හැබැයි ඒ විතරක් නෙවෙයි තවත් කෙනෙක් එහෙ හිටියා... ඒ තමා රංගි... අපි දෙන්නා ඒ වෙද්දී හරියටම අවුරුදු පහක් දැකලා කතා කරලා තිබුනේ නැහැ... හැබැයි එදා එක පාරට දැක්ක හැටියේ දෙන්නටම කතා කරගන්න ලේසි උනේ නැහැ... අනික් ගියේ වෙන කාරණාවකට නෙව...
කොහොම හරි එදා ගෙහුං පුංචි අම්මාට ගෙදර තත්වේ කිව්වට පස්සේ උන්දෑ පහුවදා එන්නං කියලා පොරොන්දු උනා.. ඒ කිව්වත් වගේ පහුවදා හවස් වෙද්දී ආවා..හැබැයි තනියම නෙවෙයි රංගිත් ඒ එක්කලා ඇවිත් තිබුනා... එදා තමා අපි දෙන්නට කාලෙකට පස්සේ කතා කරන්න හම්බ උනේ...
අවසානෙදී රංගිගෙන් දැන ගත්ත විදියට රංගිව බන්දලා දීලා තියෙන්නේ අර කලින් රංගි පස්සේ එනවයි කිව්ව හාදයටම තමා...මෑණියන්ගේ මෑණියෝ බොහෝම තදින් මෙයාව ආරස්සා කොල හින්දා මට පණිවිඩයක් එවා ගන්ට උනේ නැහැ කියලත් කියන්ට යෙදුණා නෙව.. ඔන්න ඉතිං ගොනා සහ තණකොල සේ මාත් ඒ හැම දෙයක්ම පිළි අරං ආයේමත් හිත් අමනාපයක් නැතිව හිටියා... අතීතේ අතීතෙටම යන්ට ඇරලා...
ඒත්...
පස්සෙන් පහුකාලෙක රංගිගේ කතාව දැනං උන්න අපි දෙන්නගේම සහෝදරියෙක්ගෙන් කතාවේ සම්පූර්ණ විස්තරේ දැන කියාගන්ට මට පුළුවන් කම ලැබුනා...
ඇත්තටම රංගි බැඳපු හාදයා නරක කෙනෙක් නෙවෙයි..තමුන්ගේම කියලා ජීවනෝපායක් කරගෙන හිටිය මනුස්සයෙක්.. අපේ ගෙදරට රංගිව ගේනකොට ඒ දෙන්නා අතරේ සම්බන්ධයක් තිබිලා තියෙනවා... පස්සෙන් එන හින්දා කරදරේ කියලා කියාපු කතා බොරු කෑලි... ගෙදරින් මේකට අකමැති හින්දා තමා අපේ ගෙදරට එවලා තිබුනේ.. ඒත් පස්සේ අපේ ගෙදරදී මාත් එක්ක පටලැවුන නිසා ආයෙම ගෙනිහින් දැම්මයින් පස්සේ ටික දවසකින් අර මනුස්සයා ගෙදරටම ඇවිත් වැඩිහිටියන්ට කිව්වට පස්සේ දෙපාර්ශවයේම කැමැත්ත මත තමා විවාහය සිද්ධ වෙලා තියෙන්නේ... වෙඩිමත් බොහෝම හොඳට ගන්න රංගි උත්සුක වෙලා තිබුනා... ඔන්න එහොමයි වෙලා තිබුනේ... අවසානෙදී අහක යන කරත්ත රෝදයක් මයේ බෙල්ල උඩින් ගමන් කලාට ඇර වෙන කිසිම දෙයක් වෙලා තිබුනේ නැහැ...
කොහොම උනත් මේ වන විට රංගි ඒ විවාහයත් නීත්‍යානූකූලවම අවසන් කරලා දෙවැනි විවාහයත් කරගෙන අවසානයි... කොහොමටත් රංගි විවහා උනාට පස්සේ විවහා උන මනුස්සයට වැඩි කාලයක් ගෙවන්න උනේ පිට රට... ඒ රංගිගේ මුදල් පසුපස හඹායෑමේ ආසාව ඉස්ඨ කරන්න ඕන හින්දා.. ඒත් අවසානෙදී ඔහුගෙන් වෙන් වෙන්න රංගි තීරණය කලා... කලා විතරක් නෙවෙයි වෙන් උනා..ඒ තීරණය ගන්න වෙලේ රංගිට රංගිගේ පාර්ශවයෙන් දැඩි විරෝධතා එල්ල උනා.. අඩුම ගානේ ඇවිත් ඉන්නවත් තැනක් නැති වෙලේ දික්කසාඳ කල මනුස්සයගේ මෑණියන්ම රංගිව බලා කියා ගත්තා... දෙවැනි විවාහයක් කරගන්නා තුරුම...
අද වෙනකොට රංගි තමුන්ගේ දෙවැනි විවාහයට එළඹිලා කල් ගත කරනවා... අර මං කිව්ව ආකාරයට අපේ ගෙදරින් ගෙහුන් අවුරුදු පහකට පස්සේ රංගිව හම්බ උනාට පස්සේ ආයේ මට රංගි එක්ක කතා බහ කරන්න උනේ කීප දවසයි.. එයින් පස්සේ කලෙක මං මහණ වෙන්න කියලා ලෑස්ති උන වෙලේ කලින් කිව්ව පුංචි අම්මත් එක්කම මාව බලන්න රංගි ආවා.. ඒ ආවේ මගේ තීරණේ වෙනස් කරවන්න.. ඒත් මං මගේ ගමන ගියා... රංගි මාත් එක්ක අමනාප වෙලා ගෙදර ගියා... එයිටත් අවුරුදු හයකට විතර පස්සේ මං පැවිදි දිවියට ආයිබෝං කියලා ඉද්දී රංගිව මට ආයේ මුණ ගැහුණා... එතකොට එයා තමුන්ගේ දෙවැනි විවාහයට ලක ලෑස්ති වෙන කලේ... එයින් පස්සේ දැන්නං කාලෙකින් හම්බ වෙලා නැහැ.. ඒත් අදටත් ඉඳහිට කතා බහ කරලා දුක සැප විමසන්න උන්දෑ අමතක කරන්නේ නැහැ... මම උනත් එහෙමම තමා... දන්නවද අපි වැඩියම කතා කරන්නේ මොනවා ගැනද කියලා.. ඒ තමා ජ්‍යෝතිෂය ගැන... රංගිත් දැන් ඒ ගැන හඳාරනවා... ඉතිං අපිට දැන් කතා කරන්න උනාම ඒකට විෂය වෙන්නේ ඉර හඳ තාරකා ගැන තමා... ඔන්න ඔහොමයි කාලය කියන දේ අපිට සලකන්නේ...
රංගි දන්නවා මං බ්ලොග් ලියන වග.. ඒ වගේම ඒකේ මගේ ජීවිතේ ගැන ලියන වගත්... එයා ගැනත් ලියන්න හිතේ තිබුන බව..ආයේ කතා කල වෙලාවක මේ ලිව්ව දේවල් ගැනත් රංගිට කියන්න ඕන... ඒකිත් මේ වගේ වැඩවලට හෙනට කැමතියි... ආයේ ඉතිං පුදුම වෙන්න දෙයක් නැහැ ඒකි මගේ නෑනා නෙව...
------------------------------------------
ඔන්න ඔහොමයි රංගිගෙයි මගෙයි කතාව අවසන් වෙන්නේ... හැබැයි රංගිගේ කතාව ඉස්සරහට කොහොම දුවයිද කියලා මං දන්නේ නැහැ... මගේ කතාවත් එහෙමම තමා... අපි දෙන්නම දැන් වෙනම ගමනක.. ඒත් ඉඳහිට අතරමගදී අපේ පාරවල් එක ලඟින් යනවා...
පුහ්
ReplyDelete"අනික් ටික කොපි වෙලා නෑනෙ..මෙන්න ඉතිරිය " උඹේ පටට ටෝක් නේ මාරයියෙ.. අපි දෙන්නම දැන් වෙනම ගමනක.. ඒත් ඉඳහිට අතරමගදී අපේ පාරවල් එක ලඟින් යනවා..මේක මරු ටෝක
Deleteබොලේ අහක යන ඇක්සිඩන්ට් එකක් නෙව මාරයගෙ ඇඟේ හැපිලා තියෙන්නේ.ගෑනු තමයි ගෑනු.බඩගින්න එනකං කියලා පොඩි ස්නැක් එකකට මාරයව අරගෙන තියෙන්නේ
ReplyDeleteහ්හ්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteජීවිතේ ඔහොම තමා බන්
දිග ගමනක් . .
සමහර අය මඟදී හමුවෙලා ආයේ සදහටම වෙන් වෙනවා . .
සමහර අය ආපහු මුන ගැහෙනවා . . .
ohoimatmaa ban marayye life eka ahaka yana karatta roada ape oluwa udin yanwa . karnana deyaka naha ban
ReplyDeleteමදැයි මේ කෙල්ලෝ තමා අප්පා
ReplyDeleteමේකත් නිකන් හරියට මෙගා කචල් එකක් වගේනේ.මුල හරියේ එල්ලන්න තියෙන සේරම තොරොම්බල් එල්ලලා අන්තිම වෙනකොට සේරම කෑලි ටික එකම කොටසකට පූට්ටු කරලා අධි ධාවන වේගෙන් දුවනවා.
ReplyDeleteදුක හිතෙනව....... කොච්චර හොදට කෙරවල වෙන්න තිබ්බ ජීවිත දෙකක්ද........ බුදු බන ඇත්තයි කියල මාරයට තේරුන නිසාද කොහෙද මහණ වෙලා තියෙන්නෙ
ReplyDeleteමාරය අයිය බේරුනා කියලයි මට නම් හිතෙන්නෙ......
ReplyDeleteජීවිතේ ගැන ගොඩක් අත්දැකීම් ඇති කෙනෙක් ලියන කතාවක්. ගතයුතු දෑ බොහෝ ය.
ReplyDeleteඑහෙම උනේ නැත්නම් අද මාරයෙක් කොයින්ද ?
ReplyDeleteඇදූම් මාරු කරනවාඅ වගේ කොල්ලේ මාරු කරන එක කෙල්ලොන්ට ඒ හැටි දෙයක් නෙවෙයි කියලා මං අත් දැකීමෙන් දන්නවා.උන් ගොඩක් වෙලාවට කරන්නේකාර රමීශා ලියනවා වනේ බාගෙට දොර ඇරලා තියන එක.අන්තිමට කොල්ලට උනත් එතකොට මුකුත් කියන්න බැහැ නෙ!
ReplyDeleteහම්ම්... මාරයියා අන්තිම ටික කියලා තියෙන්නේ බණක් කියනවා වගේයි... අනේ මන්ද...
ReplyDeleteදැං ඉතිං කට්ටිය එකතු වෙලා රංගිට බනියි.... ඒකෙත් වැරැද්දක් තියෙනවා කියලා හිතන්නත් බෑ... ඒත්......
හැම දේම වෙන්නෙත් හොඳට නේ ...
ReplyDeleteමට මතකයි පන්සල් කතාවෙදි නෑ කෙනෙක් හම්බුනා කිව්වෙ ඒ මෙයා නේද? අර තාත්තගෙ මරණෙ එහෙම කිව්වයි කිව්වෙ..
ReplyDeleteමේව අහනකොට ... අපි මේ පොඩි පොඩි දේවල් හිතට අරගෙන දුක් වෙන්නේ මොන මඟුලකට ද කියලා හිතෙනවා ...
ReplyDeleteහ්ම්ම්ම්..ජීවිතේ හැටි.
ReplyDeleteසිතූ දේ නොම වෙයි.නොසිතූ දේ සිදුවෙයි!
රංගි මාරයාගෙන් තමුන්ගේ වේල පිරිමහගත්ත එක විතරයි උනේ...එහෙම නේද?.ඔය කිව්වට ආයෙමත් ඉදලා හිටලා රංගිත් එක්ක කොටුවක් එහෙම පැන්නේ නැතෙයි....
ReplyDeleteඑහෙමලු ඒක උනේ ඈ.... කොහොම උනත් මට ඔය හරියට එන්ඩ කල් තියෙනවා
ReplyDeleteඔන්න ඔහොමලු උනේ නේද ? අද ලිපිය ටිකක් සීග්‍රගාමී වෙලා වගේ .
ReplyDeletehmmmmmmm apahu lan vei vage, maaarayat den ida hita hada gena katha kara kara 4tot gahanava nove :P
ReplyDeleteඅවසානය හිතුවට වඩා හොද වෙලා තියෙනවා... ඒ ගැන සතුටුයි
ReplyDeleteමම සිරාගෙ කාමරේ සිරා
අපි හැමෝගෙම ජීවිතේට එක එක අය එනවා යනවා ආයේ එනවා ආයේ යනවා ඕක තමා ජිවිතේ..
ReplyDeleteඕක මාරයියේ වයසේ වැරැද්ද මිසක් ඔය දෙන්නාගේ වැරද්දක් නෙවෙයි. පහු වෙනකොට තේරෙනවා වැරද්දක් කියලා. ඒත් සුන්දර වැරද්දක්. වයසින් පරිනත වෙද්දී ලැබෙන සතුටට වඩා වෙනත් දෙයක් ඔය වයසේදී තියෙනවා කියලා මට හිතෙනවා. දැන් xxx එකක් බලනවට වඩා දෙයක් ඒ කාලේ tv එකේ හින්දි ෆිල්ම් එකක් බලලා ලබා ගත්තා කියලා කිව්වොත් මන් වැරදිද?
ReplyDeleteඒ ඇවිලිච්චි ගින්න මතුපිටින් නිවුනත් තාම හුළඟක් හමනකොට ඇවිලෙන වගක් පේනවා මාරයියේ... එහෙම නැතත් අඩුම ගානේ පසුතැවිමක්වත් නැතුවා වෙන්න බෑ මොකද මේ වගේ දෙයක් උනාම එහෙම වෙනවා හැබැයි පාලනය කරගත්තෑකි...
ReplyDeleteනිමාව නම් හොඳා. මම හිතුවේ කොටු පැනිල්ල නවතින එකක් නැති වෙයි කියලා. බලාගෙන ගියාම මාරයා තරමක් දුරට හරි හිතලා තියෙන හැඩයි..රංගි දෙවෙනි විවාහයෙන්වත් නවතීද ?
ReplyDeleteකවද හෝ සසර කතර අතරමගකදී.......
ReplyDeleteදුටුවා ඔබ මට අමතක නොවන තැනකදී....
එහෙමද මන්ද..?
සුභ පතන්නද.. දුකයි කියන්නද
මට කියන්න මුකුත් හිතෙන්නේ නෑනේ..
මහණ වෙන්නම කලින් තණ්හා, රතී, රඟා ගෙන් රතී ඇවිත් වගේ :D
ReplyDeleteයකෝ මාරයියා කියන්නේ අත්දැකීම් බහුල බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙක්නේ ඈ....
ReplyDeleteආඩම්බරයි ආඩම්බරයි...
හෙනම සෝකාකූලයි.
ReplyDeleteපතාගෙන ආපු විදිය ජීවිතයේ විශාල භූමිකාවක් රඟ දක්වනව, ඒක වළක්වන්න බෑ.
ReplyDeleteදික්කසාද වුණ ලේලියවත් නවත්වගෙන බලාගත්ත එකෙන් පේනව, රංගිගේ පළමු විවාහයේ නැන්දම්මනම් හරිම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියල.
// රංගිගේ කතාව ඉස්සරහට කොහොම දුවයිද කියලා මං දන්නේ නැහැ... මගේ කතාවත් එහෙමම තමා... අපි දෙන්නම දැන් වෙනම ගමනක.. ඒත් ඉඳහිට අතරමගදී අපේ පාරවල් එක ලඟින් යනවා //
ReplyDeleteඅනේ මගේ කට මට මේ කපරාදු කරපු නැති බ්ලොග් ගල් බිත්තියේ උලාගන්ඩ හිතෙනවා
මාරයා මෙහම කියනව
ReplyDelete...දෙළුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්
...අහං ඉන්නනම් බෑ හිත රිදෙන කතාවක්
...හමු වෙන්නැති සංසාරේ දහස් වතාවක්
...හසුන් පතක ලියන්න හිත නිවන කතාවක්
එතකොට රංගි මෙහම කියනව
...අනේ මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න මගේ කූඩුවේ...
...ලියා ගී හදවතේ කිවිඳ මට හිරිහැර නොකරන් මෙසේ ...
මාරයා මෙහම කියනව
...වළාකුළක සඳ වී රෑ අහසේ ඉන්න
...බලා හිඳිම් රන් තරු කැට දෝතට ගන්න
...සදා කාලිකව ඇස් දෙක ළඟ නවතින්න
...සුවඳ රෝස මල මට චුට්ටක් ඉඩ දෙන්න
එතකොට රංගි මෙහම කියනව
...ඔබගේ සුලකළ අකුරු පෙළේ පැටලී...
...ගැළවීමක් නැත යෞවනයට මිහිරී...
...ආළය පිළිබඳ සිතුවිළි ළය වැතිරී...
...විඳවමි තනිවම ඔබට සාප කරමී...
මාරයා මෙහම කියනව
...සිඹින තරම් පා යුග සෙනෙහසට තුරුල් වී
...පිපුනු මලෙන් ආදරයේ සුවඳ ගිලිහුණි
...වඩින්න දේවතාවියේ සිතෙහි ඉඩ ඇති
...බලන්න රත්තරං දෑස ඔබටමයි හිමි
එතකොට රංගි මෙහම කියනව
...කිරුළු දරන්නට කිවි රජයෙහි මනරම්...
...විරචිත කව් ගී කිවිඳිනි ඇති දැන්නම්...
...යෞවනියන් හට කවියෙන් දී දඬුවම්...
...ලබනා බුහුමන් ඔබහට වෙයි නොතරම්...
ප:ලි: හෙළයෙක් වීම අඩම්බරයක්නම් මෙය Share කරන්න
//ඇයි ගහකමල් පිපිලා තිබෙන්නේ ඇයිද නොදන්නෙමී//
Deleteකියන්න හිතෙන් නැද්ද
පතාගෙන ආව විදිහට කියනවනේ හැම දේම..
ReplyDeleteපතාගෙන ආපු විදිහටලු ඔතාගෙන යන්නෙ....
Deleteදෙන්නටම දැන් තරු පෙනිලා...
ReplyDeleteගැන ගැන ඉන්න එකයි ඇත්තේ :D
පාර එක ලඟින් ගියාට කමක් නෑ ගොයියෝ වැරදි තැනින් එහෙම පාර පනින්නේ නෑ ඕං!
ReplyDeleteඅන්න,
Deleteමමත් ඒකට එකඟයි
මහන කම අතැරියාට ඒ කාලේ කතන්දරයක් දාන එක හොදයි නේද?
ReplyDeleteජය !
ලංකාවෙන් රොකට් එකක් යවන දවසට බොලා දෙන්නටත් බැරියැයි ඔය ග්රහලෝකෙකටවත් යන්න.
ReplyDeleteකතා සෙට් එකම එක දිගට කියෝගෙන ආවා...
ReplyDeleteබලාගෙන ගිහාම මාරයියට තියෙන්නේ මාර ස්ටෝරියක් ඈ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔය කොමෙන්ට් එක ඒ පැත්තෙත් දාල තිබ්බ. පැහැදිළිවම මඩක් කියල පේන නිසා අනුමත කළේ නෑ. ඔය මඩ කොමෙන්ට් එක වැටුනේ මාරයා හිරුණිකා ගැන ලියපු ලිපියට. දේශපාලන මතවාද නිසා පුද්ගලික ජීවිතයට මඩ ගැසීම හරිම කැත පුරුද්දක්.
ReplyDeleteසමාවෙන්න, මේක ඊළඟ පෝස්ට් එකට දාන්න ඕනැ කොමෙන්ටුවක් වැරදිල මේකටයි දාල තියෙන්නෙ
Deletehttp://ctkumara.blogspot.com/2012/09/blog-post_9.html
අනේ මන් දන්නේ නෑ මොනවා වෙන්න යනවද කියලා.......
ReplyDelete90% genu chapalai banz, badagini welawata onama thenakin kanawa. Eth pennanne 1ma thenakin kanawa kiyala. Eka unge modakama ban, kawadawath awanka sathutak labanna be. Ehema dawal nisa kollo windawanawa. E modakama nisa nemei. Awanka kama nisa.
ReplyDelete90%gena witharai man kiwwe. Piriminge chapalakam ne kiyalath man kiwwe ne onna.
මුලින් කොස් වල තිබ්බ රසය නෑ.. කලබලෙන්, ඉවර කරන්න ඕන නිසා ඉවර කරලා වගේ..
ReplyDelete*පෝස්ට් හොදේ..
Deleteඔතනින් කිරිල්ලවලට ගිහින් 138/1 බස් එකගනින්. යන්න ඕනෙ තැනිංම බහින්න ඇහැකි.
ReplyDeleteටියුබ් ලයිට් ඇත්තන්ට
138/1, කිරිල්ලවල - කොටුව.