"දිගටම නයිට් ටික මං අඳින්නං සර්..ඩේ ඩියුටි උනත් කවර් කලෑකි..හැබැයි මට සිකුරාදා දවල්ට ඩියුටි දාන්න එපා... පල්ලි යන්න තියෙනවනේ..."
"හරි අංකල් එහෙම කරමු..."
ස්ථාන භාර නිලධාරීන් දෙන්නයි... විශේෂ ආරක්ෂක නිලධාරීන් දෙන්නයි... කණිෂ්ඨ ආරක්ෂක නිලධාරීන් තිදෙනයි.. කාන්තා ආරක්ෂක නිලධාරිනියයි ආදී වශයෙන් අට දෙනෙකුගෙන් සැදුම් ලත් ආරක්ෂක නඩේ දෙකට බෙදලා දවසක් ඇර දවසක් ඩියුටිය අදින්න ඕන..
ඒ කියන්නේ එක දවසක දවල් කාලයට ස්ථාන භාර නිලධාරියයි... විශේෂ ආරක්ෂක නිලධාරියයි.. කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියයි.. කාන්තා ආරක්ෂක නිලධාරිනියයි.. ඔතනින් ස්ථාන භාර නිලධාරී වරයා ආරක්ෂක මුර කුටිය තුල ලිපි ලේඛන කටයුතු හා අනිකුත් නිලධාරීන් මෙහෙයවීමත් කල යුතු අතරම කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියා ගේට්ටුව භාරව කටයුතු කරනවා... ගේට්ටුව ඇරීම.. වැසීම..පරීක්ෂා කර බලා වාහන හා පුද්ගලයින් ඇතුලට ගැනීමත් පිටතට යැවීමත් ඒ ගැන කෙටි සටහනක් පවත්වා ගෙන යාමත් ඔහු අතින් සිද්ධ වෙනවා... විශේෂ ආරක්ෂක නිළධාරියා යවන්නේ කොටස් දෙකක් වශයෙන් පවත්වාගෙන යන ආයතනයේ එක් කොටසක භාණ්ඩ පැටවුම් හා බෑම් පරීක්ෂා කිරීම සඳහා... ඒ පැත්තේ වාහන හතරක් අනිවාර්යයෙන්ම උදේ වරුවේ භාණ්ඩ පටවා ආයතනයෙන් එළීයට යැවිය යුතුයි... ඒ හින්දා ඒ වාහන හතරටම ප්‍රධාන ගබඩා වලින් පටවනු ලබන නිශ්පාදන ද්‍රව්‍ය පිළිබඳව පැහැදිලි සටහන් තැබීම සඳහා පොත් හතරක් නිකුත් කරලා තියෙනවා... ඔහු විසින් එම පැටවුම් සඳහන් කරලා වාහනයත් සමඟින් ආරක්ෂක මුර කුටිය අසලට ගෙනත් බාර දුන්නම ඒ වාහනයට අදාල ගේට්ටු අවසර පත් හී සඳහන් දේට පොතේ සටහන් භාණ්ඩ සමානදැයි සසඳලා බලලා ඒවාට පිටතට යාමට අවසර ලබා දීම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් කරනු ලබන්න ඕන... එතකොට කාන්තා අරක්ෂක නිලධාරිනිය අනිත් කොටසේ භාණ්ඩ පැටවුම් බෑම් පරීක්ෂා සඳහා සඳහා යෙදවෙනවා.. ඒත් අර කිව්ව ආකාරයටම තමා.. ඒ පැත්තේ තියෙන්නේ වාහන දෙකයි... එයිට අමතරව සේවක සේවිකාවන් උදේට ඇතුලට එන වෙලාවටත් හවසට පිටව යද්දිත් කාන්තා ආරක්ෂක නිලධාරිනිය හා විශේෂ කාර්ය බාර නිළධාරියාත් ගේට්ටුව අසල පිරිස පරීක්ෂාවට කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියට සහය වෙනවා... ඔය තමා දහවල් කාලයක වැඩ කෙනෙ හැටි...
දවල්ට එහෙම ඇදලා රෑට සුළු වෙනසක් සිද්ධ වෙනවා.. ඒ තමා කාන්තා ආරක්ෂක නිලධාරිනිය ඔෆ් වෙලා යන අතරේ කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් රාජ කාරියට එකතු වෙන එක...රෑට ඉතිං පැටවීම් බෑම් සිද්ධ වෙන්නේ ඉඳ හිටලා තමයි.. ඒත් පැයෙන් පැයට එක් ආරක්ෂක නිලධාරියකු ආයතනය වටා වූ කිලෝ මීටරයකට ආසන්න දුර පා ගමනින් බරීක්ෂාවෙහි යෙදෙමින් ගමන් ගන්න ඕන... ඒ අතර මග ඇති වේලාව සටහන් යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් ඔය වටය ගිහිං එන්නම පැය බාගෙකට වඩා කාලය යනවා... වටයක් ගිහිල්ලා ඇවිත් අදාල සටහන් තබා වතුර ටිකක් එහෙම බොන කොට ඊ ළග පැයේ ගමනට කාලය හරි... හවස හයේ සිට පසුවදා උදේ හය වෙනකල්ම පැයෙන් පැයට යන මේ ගමන තුන් දෙනාට බෙදලා දෙන්න ඕන...එක් කෙනෙක් හවස හයේ සිට රෑ දහය වෙනකල්... දෙවැන්න රෑ එකොළහේ සිට සිට පාන්දර දෙක වෙනකල්.. තුන් වැන්නා එතැන් සිට උදේ හය වෙනකල් ආදී වශයෙන්... ඒ වගේම අද පළමු වැනි වරය ගත්ත කෙනාට ඊ ළග දිනයේදී දෙවැනි වාරය හිමි වෙන්නේ.. එහෙම ආරක්ෂක මුර තුන දින තුනකදී තුන් දෙනාට සම සමව බෙදිලා යන්නයි සකස් කරලා තියෙන්නේ...
සාමාන්‍යයෙන් ස්ථාන භාර නිලධාරියයි.. විශේෂ කාර්ය භාර නිලධාරියයි.. ගේට්ටුවේ කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියයි යන තුන් දෙනා සම්පූර්ණ සේවා මුර දෙකක් එක දිගට අදිනවා.. ඒ කියන්නේ අද උදේ 7ට වැඩට ආවොත් පහුවදා උදේ 7 වෙනකල්... පැය දොළහේ මුර තමා තියෙන්නේ...එයින් දෙකක් අදිනවා කියන්නේ තනිකර දවසක්... කාන්තා ආරක්ෂක නිලධාරිනිය උදේ 7 සිට සවස 7 දක්වා.. එයින් පස්සේ තව එක් කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු රෑ 7ට වැඩට ඇවිත් පහුවදා උදේ 7ට ඔෆ් වෙන විදියටයි ක්‍රමේ හදලා තිබුනේ...
ඉතිං ඔය කලින් කියපු පැය 24ක් එක දිලට අදින තුන් දෙනා වගේ නෙවෙයි මේ රෑට විතරක් වැඩට එන ආරක්ෂක නිලධාරියාගේ කොටස... ඕකට හුග දෙනෙක් අකමැතියි.. මොකද හැමදාම රාත්‍රි රාජකාරි විතරක් කරන්න පුළුවන් කාටද..? අනික පැය 12ක සේවා මුරයකට එනවා කියන්නේ නිතර නිතර යන්න එන්න වීම නිසා ගමන් වියදම් වැඩි වීමක්... ඒ තමා නරක පැත්ත.. අනිත් පැත්තෙන් ගත්තම ඕකේ වාසිත් තියෙනවා.. ඒ තමා හැමදාම ගෙදරින් කෑම ගේන්න හැකි වීම..සාමාන්‍යයෙන් පැය 24ක් කරන කෙනෙකුට එක වේලක් හරි කඩෙන් කන්න වෙනවා.. ඒක ටිකක් අධික වියදමක්..ලැබෙන වැටුපත් එක්ක බැළුවම... නයිට් විතරක් කරන කෙනාට එහෙම වියදමක් නැහැ... අනිත් පැත්තෙන් වැඩ අඩු වීම.. දහවල් කාලෙකට ආයතනයේ වැඩ අධිකයි.. සමහර වෙලාවට උදේට කෑම එක කන්න ඉස්පාසුවක් ලැබෙන්නේ දවල් 11හ විතර වෙද්දී තමා.. ඒ තරමට වැඩ... රෑට විතරක් එන කෙනාට ඒ කචල් නැහැ ආවා මුර තුනෙන් එකක් වටේ ගියා... ඊට පස්සේ ස්ථාවරව මුරට දාලා තියෙන තැනක පැත්ත වැටිලා නිදි කිර කිර හිටියැකි.. කොයි වෙලේ හරි ස්ථාන භාර නිලධාරියා ඇවිත් බැළුවොත් ඇර වෙන වෙන්න කරදරයක් නැහැ...
සමහරු ඔය නයිට් කෙරුවාවට බොහෝම කැමතියි වගේම සමහරු පුදුම අකමැතියි... ඔය හින්දා මං ක්‍රමේ හදලා තිබුනේ නයිට් විතරක් කරන්නේ නැතිව කණිෂ්ඨ ආරක්ෂක නිලධාරීන්ගේ ඩියුටියත් කැරකෙන ක්‍රමයකට.. ඒ කියන්නේ සති දෙකක් පැය 24හේ ෂිෆ්ට් කලොත්..ඊ ළගට සතියක් නයිට් වැටෙන විදියට.. එතකොට කට්ටියටම සාධාරණව ඕක බෙදිලා යනවා...
ඒත් මේ ක්‍රමය දවසක් දෙකක් බලලා තේරුං ගත්ත අපේ අංකල් මට යෝජනාවක් කලා.. ඒ තමා උන්දෑ දිගටම නයිට් විතරක් අදින්නං කියලා... එතකොට මාසෙට තියෙන නයිට් ෂිෆ්ට් 30ම අංකල් තනියෙන් කලාම හරි... අංකල් කල්පනා කලේ වැඩ අඩුවෙනුත් ගෙදරින් කෑම එක අරං ඇවිත් කාලා වියදං නැතිව යෑමේ පහසුවත්... තමා.. ඒ විතරක් නෙවෙයි අංකල්ට කලින් තිබුන ක්‍රමය නිසා සිකුරාදා පල්ලි යන්න බැරි වෙන විදියට ඩියුටි වැටෙනවා කියලා සිකුරාදාවකට දවල් ඩියුටියක් තිබුනොත් කල් ඇතිවම රෝස්ටරේ බලලා අඩන්න ගන්නවා.. මුලදි මුලදී කොහොම හරි එහෙං මෙහෙං වෙනස් කරලා අංකල්ට සිකුරාදා නිවාඩ හදලා දුන්නා උනත් කල් යද්දී මේක සෑහෙන කරදරයක් වෙලා තිබුනේ... අනිත් අයගේ මොන උවමනාවකටවත් මේ සිකුරාදාව අංකල්ගේ කැමැත්තට පිටින් වෙනස් කරගන්න අමාරුයි... මාත් එක්ක විසඳගන්න බැරි උනාම කෙලින්ම හෙඩ් ඔෆිස් එකට කතා කරලා ඔපරේෂන් මැනේජර්ට කං කෙඳිරි ගානවා... එතකොට උන්නැහේ මට කෝල් කරලා මෙන්න මේක මොනවා හරි කරන්න බලන්න කියනවා... ආයේ ප්‍රශ්නේ මං ගාව...
මිනිස්සු උනත් හැමදාම මෙහෙම දුවන්න කැමතියෑ.. අනික කාගේ හරි මගුලක් මරණයක් වගේ දෙයක් අපිට ඕන හැටියටම යෙදෙන්නේ නැහැනේ... ඒත් ඉතිං අංකල්ගේ මේ පල්ලි යෑම හින්දා වෙන කෙනෙකුට මලාට සිකුරාදාවක දවල්ට නිවාඩුවක් ගන්න පැරි මට්ටමේ අවස්ථා යෙදෙනවා... ඔහොම යද්දී තමා අනිත් අයටත් අංකල්ගේ පල්ලි කතාව ඇණයක් වේගන ආවේ...ඉතිං අංකල් සදා නයිට් අදින්න අහන පරක්කුවට මං කැමැත්ත දුන්නේ පුදුම සංතෝසෙකින්... ඇයි ඉතිං දැන් ආයේ කරදරයක් නැහැනේ...
ඔහොම ඉතිං ටික දවසක් ගියා... ඇත්තටම අංකල්ට නයිට් ඇදිල්ල ගේමක්ම නැහැ... හොඳ සනීපෙට ඕක කරං ගියා... හැබැයි ඔය අතරේ තව දේකට අංකල් ඉව ඇල්ලුවා.. ඒ තමා වැඩිපුර ඩියුටි ඇදිල්ල....
සාමාන්‍යයෙන් කවුරු හරි තමන්ගේ රාජකාරි දවසකට නිවාඩුවක් ගත්තම ඒක කවර් කරන්න වෙන්නේ වෙන කෙනෙකුට... සමහරුනං අනුන්ගේ ඩියුටියක් ඇදලා පස්සේ තමනුත් ඒකට හරියන්න නිවාඩුවක් ඇදලා අර කලින් නිවාඩු ගත්ත කෙනාට තමාගේ ඩියුටිය හුවමාරු කරලා දීලා මාසේ අන්තිමට ඩියුටි බැලන්ස් කර ගන්නවා.. ඒත් අපේ අංකල් කාරයා අනුන්ගේ ඩියුටියක් ඇද්දොත් මලාට ආයේ වෙන කෙනෙකුට ඒක හිලවු වෙන්න තියන්නේ නැහැ... නිවාඩු නැතිවම අදිනවා... ඔය කාරණාව හින්දා අපේ අය කැමැති උනේ නැහැ තමන් ගන්න නිවාඩුව අංකල් කවර් කරනවට... මොකද ආයේ ඒ ඩියුටිය වෙනුවට අංකල් නිවාඩුවක් අරං තමුන්ට වැරදුන ඩියුටිය කවර් කර ගන්න දෙන්නේ නැති හින්දා....
අපේ "සරා" (සරා ගැන මං ටිකක් කලින් කියලත් ඇති.. ඉඳිරියේදී තව කියතහැකි..) තමා මුලින්ම අංකල්ට ඕක ගැන බකට් එක ඇඳගෙන හිටියේ... "සරා" ට මොනවා හරි එහෙකට සිකුරාදාවක් නිවාඩු ඕන වෙලා තිබිලා අංකල් නෙවෙයි ඒකට පුංචි හරි හුවමාරුවක් දාගන්න කැමති උනේ... ඔය සිද්ධියෙන් පස්සේ "සරා" අංකල් ඉන්න තැන කතාවක් ඇඳුනොත් ඇදලා ගන්නවා සිකුරාදා පල්ලි යෑම ගැන... එතකොට නෝම්බි ඇල්ලිල්ල ගැන... මොකද අංකල් වගේම "සරා" ත් අවුරුදු ගාණක්ම සවුදියේ වැඩ කරලා ආව මෑන්... හොඳට එහෙ තොරතුරු දන්නවා... අංකල් වෙලාව අහු උන ගමන් පටන් ගන්නවා යහපත් මුසල්මානුවාගේ පාට් එක රඟ දක්වන්න.. "සරා" පටන් ගන්නවා ඒක පතුරු ගහන්න...
"අනේ යන්න අංකල් යන්න.. අපි නොදන්න ඔයාලගේ නෝම්බි... ඒ දවස්වල අපේ කාමරවලට ඇවිත් තමා නෝම්බි අල්ලන උන් ඔක්කෝම කන්නේ..කෑම ටික බේරගන්න විදියක් නැහැ...අනික තමා මෙහෙ ඉද්දී පල්ලියක් පළෘතේ නොයන උන් එහෙ ගිය ගමන් තොප්පි කෑල්ලකුත් දාං නෝම්බි කාලෙට ගිහින් පල්ලිවලට වෙලා නිදා ගන්න එක්.. උන් වැඩ නොකර ඉන්න මිසක් වෙන එහෙකට පල්ලි යනවා නෙවෙයි..."
ඔය වෙලාවට ඉතිං අංකලුත් අරින්නේ නැහැ... තමුන්ගේ භක්තිවන්ත ආගමික ඇඳහීම කෙරෙන හැටි ප්‍රකාශ කරනවා... සරත් ඒ වෙලාවට අරින්නේ නැහැ..හැරෙන තැපෑලට කියනවා
"හා බලමුකෝ අංකල් ඔයාගේ ඔය සිකුරාදා පල්ලි යෑමත් කී දවසද කියලා..?"
" හා බලමු..."
අංකලුත් සෙකන්ඩ් වෙන්නේ නැහැ...
හැබැයි ටික දවසක් යද්දී "සරා" නිවාඩුවක් ගන්නවනං ගන්නේ සිකුරාදාම අල්ලලා මිස වෙන දවසක එහෙම නෙවෙයි... මාත් කොහොම හරි අනිත් උදවියගෙන් කවර් කරලා ඒ නිවාඩුව දෙනවා... හැබැයි දැන් අංකල්ගේ හිතට හොඳ මදි මේක...
මොකද මෑන්ට කාගේ හරි ඩියුටියක් වැඩිපුර ඇඳ ගන්න විදියක් නැහැ.. මොකද "සරා" විතරක් නෙවෙයි "සෙනා"ත් (සෙනා ගැනත් කතා තියෙනවා පෝලිමක් ඉස්සරහට ඒවා කියඤ්ඤං) එහෙමම කරන්න ගත්ත හින්දා... දැන් කවුරුවත් සිකුරාදා ඇර වෙන දවසක නිවාඩුවක් නොගන්නම තරං.. ඒ කියන්නේ අංකල්ගේ ගොඩ වැඩි වීම වෙන්නේ නැහැ...
ඔහොම ඉන්නකොට දවසක් අංකල්ම මට කිට්ටුව දාලා කියනවා...
"සර්... මටත් ඔය වැඩිපුර වැටෙන කවුරු හරි නිවාඩු ගත්තම වැටෙන ඩියුටියක් දාන්න.."
"හා අංකල් මං බලන්නංකෝ... මේ අනිද්දත් එකක්නං තියේ.. ඒත් ඒක අංකල්ට දාලා බැහැනේ..."
"ඇයි ඇයි.. මොකද මට දාන්න බැරි..දාන්න දාන්න ඒක මට දාන්න..."
"දාන්නනං පුළුවන් අංකල්.. ඒත් ඉතිං සිකුරාදා අංකල්ගේ පල්ලි දවසනේ.. ආයේ ඕකට බාධා කරන්න හොඳ නැහැනේ..."
"ආ..ආ... සිකුරාදා නේද..?"
ටිකක් කල්පනා කරලා එහෙ මෙහෙ බලපු අංකල්...
"ඔන්න ඔහේ දාන්න සර්..මං ඊ ළග සිකුරාදා පල්ලි යන්නං.."
"කමක් නැද්ද අංකල්..?"
"කමක් නැහැ සර් කමක් නැහැ..."
මාත් ඉතිං කියපු විදියට වැඩේ කලා.. හැබැයි ඊ ළඟ සෙනසුරාදා දවල් වෙද්දී සරා අංකල් අහු උන ගමන් කිව්වේ...
"ඈ අංකල් දැන් සිකුරාදා පල්ලි නිවාඩුද..?"
අංකල් නෙවෙයි ඒවට උත්තර බඳින්න ගියේ...එයින් පස්සේ අංකල්ගේ සුප්‍රසිද්ධ සිකුරාදා නිවාඩුව නැත්තටම නැති වෙලා ගියා... වැඩට ඇවිල්ලා මාස හතරක් පහක් විතර සිකුරාදට පල්ලි යනවා කියලා වැඩට ආවේ නැති මනුස්සයා එයින් පස්සේ රස්සාවෙන් අස් වෙනකල් අවුරුදු දෙකක් විතර දෙයියනේ කියලා සිකුරාදනං නිවාඩු ගත්තේ නැහැ... අපූරුවට ඩියුටි ඇඳ ඇඳ හිටියා... සල්ලි ලගදී දෙයියොත් අමතකවෙන එක ඒ හැටි අරුමයක් නෙවී නෙව...
---------------------------------
ආගමකට අපහාසයක් කලා නොව... ආගම අදහන්නකුගේ විපර්යාසයක් විස්තර කලා පමණි...
ඕක මාරයියේ මාත් හොඳට දැකලා තියෙන දෙයක්.. ඔෆිස් එකෙන් පැන ගන්න කම් විතරයි පල්ලිය මතක අපේ උන්දැලටටත්.. හි හි
ReplyDeleteඊට පස්සේ මොනා හරි කාලා අපිටත් මොනා හරි අරං එන නිසා අපිත් බාල්දි දාන්නේ නෑ.. අනිත් එක අපිටත් ඉතිං එදාට වැඩ අඩුයි..ෂිපින් වගේම මේන් ස්ට්‍රීට් කඩ කාරයොත් වැඩි හරියක් මුස්ලිම් නේ...
මාත් එක්ක එකට වැඩ කළ ආයතන වල, මා දන්නා මුස්ලිම් මිතුරෝ, ඔපිසියෙන් පැන්නෙ පල්ලිය බිල්ලට තියල.
ReplyDeleteහිරුගෙ කතාව ඇත්ත..
//ඊට පස්සේ මොනා හරි කාලා අපිටත් මොනා හරි අරං එන නිසා අපිත් බාල්දි දාන්නේ නෑ..//
අනේ සෑමෝ හිටහන්කෝ ඔහොමම , තව අවුරැදු 10ක් යන කොට අපිට වෙන දේත් බලයංකෝ
Deleteඅපේ තාත්තත් අරාබි රටක වැඩ කළා.තාත්තා ඒ ආගමට ගියා අයිස් ගහන්ඩ පුලුවං හින්දා.මොකද වැඩ කරන වෙලාවෙන් පැයක්ද කොහෙද දෙනවලු පොත කියවන්ඩ.ඒ වෙලාවට කාමරේට වෙලා චූන් එකේ සින්දුවක් දාගෙන ඉන්නවලු.
ReplyDeleteමචං දිනුක වරදවා හිතන්න එපා මචං උඹට මෙව්වා එකකට අහනවා නෙමෙයි.
Deleteකොන කපන් නැතූව ඔය ආගමට යන්න පුළුවන්ද බං.
අනේ බං වරදවානං හිතන්න එපා , මම මෙව්වා එකකට කියුවා නෙමෙයි . අටමා එහෙම නැ හරිද
බැහැ අටමෝ ..ඒක කපන එක අනිවාර්යයි ඒ ආගමේ හැටියට ..
Deleteඅංකල් ගැන මුලින් කථාව අහල ඉතුරු ටික කවදද දාන්නේ කියල බලාගෙන හිටියේ. ඇයි අංකල් බිස්නස් එකෙන් වැටුන විදිහ එහෙම දාන්නේ නැත්ද?
ReplyDeleteහැබැයි මම දන්න විදිහටනම් ඉස්ලාම් භක්තිකයෝ අනිත් ආගම්වලට සාපේක්ෂව ඔය වගේ වැඩ කරනවා අඩුයි. හැබැයි මෙයා ජා නිසා මේක අරුමයක්ම නෙමේ.
ජා නිසා ඇයි එහෙම කියන්නේ. අනේ ඔයත් වරදවා හිතන්න එපා.
Deleteමම දන්න ජා පවුල් කීපයක් අපේ පැත්තේ ඉන්නවා. ඒ අය ආගමික චර්යාවන් වලට තියෙන කැප වීම සාපේක්ෂව අඩුයි. භක්තිය ගැන නම් අපිට කියන්න බෑ. ඇයි අපිට මනින්න පුළුවන් යෑ..
Deleteෂා ... මේකත් නරක නෑ. අපේ ආගමෙත් සතියට දවසක්වත් අනිවාර්යෙන් පන්සල් යා යුතු දවසක් තිබුණනං මරු. බලන්ට තිබ්බ එහෙනම් මාරයියත් භක්තිමත්ව නිවාඩු අරන් ගෙදරට වෙලා නිදාගන්න හැටි. :)
ReplyDeleteපන්සල් යනවට දීමනාවකුත් දුන්නනම්?
Delete+++++
Deleteඒ විතරක් මදි පන්සල් ආවේ නැත්තං බදින්ඩ ගියහමත් පොඩි සද්දයක් දාන්ඩ ඔන, රස්සාවලට යන කොට එහෙම චරිත සහතික නොදි ඉන්ඩ ඕන
Deleteමගේ අම්මියෝ .... ඒ ගමන උන්නාන්සෙල බිසිනොස් එකක් පටාන් ගනියි සහතික දෙන්ට.
Deleteකියලා වැඩක් නෑ ඉතිං ඔය භක්තිවන්ත ආගම ගැනනං..
ReplyDeleteඅනේ මන්දා ඔව්වා ගැනනම්...
ReplyDeleteඅසරණ අංකල් :P
ReplyDeleteඅන්කල් සල්ලි හින්ද පල්ලි නොගිහින් හිටිය.
ReplyDeleteබෞද්ධ අය සින්දු අහන්න ඕන හින්ද ආගම වෙනස් කරා
අන්කල් ට මල් තියන්න ඕනේ නේ :)
මෙන්න විසිල් එක
Deleteමාත් කාලයක් කැලණියේ සිකුරිටි ජොබ් එකක් කරා. අම්මෝ නයිට් ඩියුටි ගැන නම් කතා කරන්න එපා... හොද පෝස්ටුවක්.
ReplyDeleteඅයියෝ පල්ලි.
ReplyDelete+++++++++++++
Deleteප්‍රසා ++++++++++++++++++++
Deleteමමත් අදම හැරෙන්න ඕන ඒ ආගමට.
ReplyDeleteපල්ලි ගැන කතා නම් මගේ ලඟත් ගොඩක් තියෙනවා. ඉස්සරහට දාන්න ඕනේ... :D
ReplyDeleteපව් අංකල්. :)
ReplyDeleteකියන්න ගියොත් ගොඩක් දේවල් කියවෙන නිසා කෙටියෙන් කියන්නම්.
ReplyDeleteතමන් ගැන විතරක් හිතන ජාතියක්.
මාරයෝ උඹ මහා ජරා මිනිහෙක් බං , අර මනුඅස්සයාගේ දුර්වල තැන් බලලා අනිත් උන් එක්ක එකතුවෙලා ගැහුවානේ.
ReplyDeleteවිශේෂ ආරක්ෂක නිලධාරියයි.. කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියයි.. කාන්තා ආරක්ෂක නිලධාරිනියයි
ReplyDeleteමේ ඒ අක්කගේ නොම්මරය මට දියංකෝ , උන්දැගෙන් දැන ගත්ත හැකි උඹේ ඉතිහාසය භූගෝලය සියලු විස්තර එක්ක.
වාසියට හැරෙන උන් හෙම තැනම ඉන්නවනෙ
ReplyDeleteහේ හේ මර ෆන් එක මෙයාලගේ සේරම භක්තිය සල්ලි ඉස්සරහ නැති වෙනවා සේරම කරන්නේ තමුන්ගේ වාසියට
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅන්කල් සිකුරාදට තව තැනක ජොබ් එකක් කළාද දන්නේ නැහැ :P
Delete