28 September 2012

නිදහස් අධ්‍යාපනයේ "මාරයා"

අපේ රටේ මිනිස්සු හරි පුදුම ජාතියක්... ඒ අය හරි වෙනස්.. ඔන්න ඔහොම ඇඩ් එකක් යනවා දං දැකලා තියෙනවා... හැබැයි ඒ මොකක් විකුණන්නද කියලනං හරි මතකයක් නැහැ.. මොකද මං ටී වී බලනවා හරි අඩු හින්දා... හේතුව මට ටීවී එකක් නැති වීම... ඒත් ඉතිං ඔය බැංකුවක පෝලිමක ඉන්න වෙලාවට බල බල ඉන්න එයාලා දාලා තියෙන ටීවී එහෙම ඉඳ හිට පේනවා.. ඒ වගේමයි සමහර කඩවලට ගියාම ඒවෑත් ටීවී තියෙනවා නෙව යන එන අයට බලන්න.. ආන්න එහෙම වෙලාවටත් ඒවා බැලෙනවා... එහෙම නැතිව පැය ගණන් බල බල ඉන්න ටීවී මට නැහැ... 

ඔය අයිටී එන් එකෙයි ජාතික රෑපවාහිනියෙයි නිව්ස් බලලා මං කතා කියනවා කියලා හිතං ඉන්න උදවියට කියන්න තියෙන්නේ ඔය එක රෙද්දක්වත් මට බලන්න වෙන්නේ නැහැ කියන එකයි... අයි ටී එන් එකේ නිව්ස් බලලා නැතිව ඇති මං හිතන්නේ අවුරුදු ගාණකින්.. අර මහින්ද අබේ සුන්දර ලොක්කා ලියන විමසුම පිටපත ගැන උනත් කියන්න තියෙන්නේ එච්චරයි... 

එතකොට සිළුමිණ..දිණමිණ... දිණමිණනං මං කියෙව්වා.. හැබැයි ඒ මෙයිට අවුරුදු පහලොහකට විතර ඉස්සර... ඒ මං දිණමිණ බලන්න ඇති ආසාවකට නෙවෙයි.. මං ඒ දවස්වල වැඩ කරපු විංකලේ කරගෙන ගිය බොහෝම දුරින් මහප්පා කෙනෙක් වෙ උන්දෑ  ගත්තේ දිණමිණ පත්තරේ වීම නිසා... ඒත් මුල තියෙන කාටුන් එකයි.. අන්තිමට තියෙන ක්‍රිඩා විස්තරෙයි කියෙව්වට පස්සේ ඒකේ තියෙන චිත්‍රකථාව බැළුවම මගේ දිණමිණ බැලීම අවසන්... මේ මෑතකදී දිණමිණ බැළුවේ දැනට අවුරුද්දකට විතර කලින් අපේ ඔබා අයියා මට එවපු ලින්ක් එකක් දිගේ ගිහින්... ඔබා අයියට දිණමිණේ ගිය නිව්ස් එකක් ගැන කාරණා වගයක් හොයා ගන්න ඕන වෙලා මට ඒ ලින්ක් එවලා තිබුන හින්දා ඒ ලිපි කිහිපය කියෝලා මං දන්න ටික හොයලා ඔබා අයියට කිව්වා එතැනින් ඒ දිණමිණ බැලිල්ලත් අහවරයි... 

හැබැයි තාමත් මං සිළුමිණක් නං ගන්නවා මාස හත අටකට සැරයක්... හැබැයි ඒ වෙන එහෙකට නෙවෙයි මොනවා හරි දැන්වීමක් හොයා ගන්න ඕන උනාම...  දැනට මාසෙකට විතර කලිනුත් එකක් ගත්තා.. ඒ ගත්තේ මගේ යාළුවෙකුට ගෙයක් හොයා ගන්න ඕන උන නිසා.. ඒකට උදව් කරන්න ඕන වෙලා... දැන්වීම් අතිරේකේ කියෙව්වට පස්සේ පත්තරේ අනිත් කෑලිවල තිබුනේ මොනවද කියලා මං තාම දන්නෙ නැහැ... ඒ මගේ සිළුමිණ කියවිල්ල...

ඔන්න ඔය වගේ කේස් හින්දා ආණ්ඩුවේ මාධ්‍ය කියන දේවල් අහන්න බලන්න මට වෙන්නේ නැහැ ඇත්තටම... ඕක තමා ඇත්ත තත්වේ..ඒත් හුඟ දෙනෙක් හිතන්නේ මං කතා කරන්නේ අයි ටී එන් එකෙන් ජාතිකෙන් නිව්ස් බලලා... මහින්ද අබේසුන්දරගෙන් බණ අහලා සිළුමිණ දිණමිණ  කට පාඩං කරලා කියලා හිතලා නෙව... මොනවා කරන්නද..? අපේ රටේ මිනිස්සු වෙනස් නෙව...

.............................................

මං මුළින්ම ඉගෙන ගත්තේ අපේ ගමේ තිබුණ ඉස්කෝලෙන්... දැන්නං ඒක ටිකක් ලොකු ඉස්කෝලයක් වගේ පේන්න තිබුණත් මං යන කාලේ බාලාංශ පංතියේ ඉඳලා එකොළහ වසරටම (ඒ දවස්වල උසස් පෙළ පංති තිබුනේ නැහැ එකේ..දැන්නං ඇති කියලා හිතෙනවා..ඒත් දන්නේ නැහැ) ළමයි හිටියේ පන්සීයකටත් අඩු ගානක්...  මුලිම කාලේ මට මතකයි පහසුකම් ගාස්තු කියලා අවුරුද්දකටම රුපියල් තුනක් වගේ ගාණක් තමා අය කලේ අපෙන්... ඒකනං ඒ හැටි ගාණක් උනේ නැහැ... බාලාංසේ ඉඳන් ඉහළට පංති එකින් එක සමත් වෙවී මං ඉගෙන ගත්තා... හැමදාම පංතියේ පළමුවැනියා... නිකං නෙවෙයි දෙවෙනියා එක්ක අති විශාල පරතරයක් තියාගෙන.... විභාගයකදී ගත යුතු මුළු ලකුණ ප්‍රමාණය අටසීයක් වෙද්දී මං එයින් හත්සිය හැටක් පන්නලා ගන්න මට්ටමේ හිටියා... දෙවෙනියා හැටියට හාමදාම ලකුණු ගත්තු ළමයා කොහොමත් ලකුණු හයසීයක් පන්නන්නේ නැහැ.. තුන් වැනියා හතර වැනියාගෙන් පස්සේ ඕනම ලමෙකුගේ ලකුණු ප්‍රමාණය තුන්සීයට අඩු වෙනවා... මේ කියන ටික කෙනෙකුට තේරුම් ගන්න අපහසු ඇති කියලා මං හිතන්නේ නැහැ...

ඔහොම ඉගෙන ගෙන යද්දී බාලාංසේ/පළමු වසර/දෙවැනි වසර/තුන්වැනි වසර හා හතර වැනි වසර කියන පංතිවල කවදාවත් අමතර පංති කියලා ජාතියක් අපිට තිබුනේ නැහැ... පස්වැනි වසරට එද්දී රටේ කල කෝලාහල තිබුණ කාලයක්...මතක ඇතිනේ ජේවීපී එකේ අයියලා පීඩිත පංතිය වෙනුවෙන් කල මහා අරගලය... ඒ අරඟළය එයාලා කලේ අපි වගේ දුප්පත් ළමයින්ගේ ජීවිත වඩා යහපත් කරවන අරමුණෙන්.. ඉතිං ඒ අරමුණ සාක්ෂාත් කරවමින් අපේ පැතිවලට වැඩි කරදරයක් නොවුනත් ඉඳ හිට පාසල වැහෙන්නනං ගත්තා.. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගය කටේ තියාගෙන... ඒ ගමන අපේ පංති භාර ගුරුතුමිය වෙච්ච ගණිතය ගුරුතුමියයි... සිංහල විෂය උගන්නපු ගුරුතුමියයි අපේ පංතියේ හිටිය ළමයි හැමෝටම එයාලගේ ගෙදරට එන්න කියලා නොමිලේ ඉගැන්නුවා... කවදාවත් තඹ සතයක්වත් අපෙන් අය නොකර... එහෙම ඉගෙනගෙන ඔන්න යංතං සිස්සත්වේ ලිව්වා... අපේ පාසලෙන් ඒ වෙනකොට දන්න කාලෙකින් කිසිම ළමයෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා තිබුණේ නැහැ... එයිට කලින් අවුරුදු ගානකට ඉස්සෙල්ලා ළමෙක් සමත් වෙලා තිබුනා කියලා මුලින් කතාව තිබුනට පස්සේ ආරංචි උන විදියට ඒ ළමයා පහේ ශිෂ්‍යත්වේ ලිව්වට පස්සේ දෙමවුපියන් විසින් අස් කරගෙන ගිහින් ප්‍රධාන න‍ගරයක විදුහලකට ඇතුලත් කරවලා තිබුණා.. ඒ හින්දා ප්‍රචාරය ගිහින් තිබුනේ සිස්සත්වෙන් ගියා කියලා උනත් ඒක වෙලා තිබුනේ ඔය ආකරයටයි කියලා පස්සේ ආරංචිය ලැබුනා... 

ඒත් මං ඒ අවුරුද්දේ ගමේ ඉස්කෝලෙන් විභාගේ ලියලා සිස්සත්තේ සමත් උනා... හරියටම කිව්වොත් අපේ ගමේ ඉස්කොලෙන් නියම විදියට සිස්සත්වේ සමත් වෙච්ච පළමු වැනියා වෙමින්...

ඔය සිස්සත්ව විභාගය ලියලා අහවර උනාට පස්සේ ආයෙත් ටික කාලයක් මං ගමේ ඉස්කෝලෙටම ගියා... ඒ විභාගේ ප්‍රතිඵල ලැබෙනකල් සහ ප්‍රතිඵල ලැබිලා හරියට ඉස්කෝලයක් ලැපබෙනකල්... විභාග ප්‍රතිඵල ලැබිලා මම සමත් වෙද්දී අසමත් උන අනිත් ළමයි ටික අතරින් කිහිප දෙනෙක් ඒ ඒ අයගේ දෙමාපියන් විසින් අස්කරගෙන තම තමන්ගේ පුළුවන්කම් වලට අනුව කොළඹ ඉස්කෝලවලටත් දාගත්තා.. ඒ ගොඩ දෙනෙක් නෙවෙයි ළමයි දෙතුන් දෙනෙක්... අනිත් ළමයි ටික සුපුරුදු විදියට ගමේ ඉස්කෝලෙම නැවතුනා... ඔය අතරෙදි තමා මුලින්ම මට ටියුෂන් කතාව අහන්න ලැබෙන්නේ... ඒ තමා අපේ පාසලේම හිටිය ඉංග්‍රිසිගුරුතුමිය විසින් පවත්වාගෙන ගිය ටියුෂන් පංතිය ගැන...

ඇය තරමක් අමුතු පන්නේ ගුරුවරියක්.. ගමේ පාසලේ සිටිය අනිකුත් ගුරුවරුන්ට වඩා තරමක් කැටයම් වැඩි.. උඩඟු ගති ලක්ෂණ පෙන්නුම් කරපු අයෙක්... ඇයගේ විෂය වූ ඉංග්‍රිසිය මැනවින් ඉගැන්වීමට දක්ෂ අයකු වූවත් පාසලේදී ඇය ඉගැන්වූයේ එපා වාහෙට හොඳි බෙදන සිල්ප ක්‍රමයකට අනුවයි... ඇගෙන් ඉගෙන ගන්නනං ඇයගේ පෞද්ගලික උපකාරක පංතියේ සිසුවෙක් විය යුතුමයි... එහෙම අයට හොඳින් කතා බස්කර උගන්වන ඇයම.. අනිකුත් අයට සලකන්නේ හොද්දේ තියෙන කරපිංචා ගානට... කොටින්ම සිය පාඩම ආරම්භ කරන විටම පංතියේ සිසුන්ට දුන්න ගෙදර වැඩ ඉස්කෝලෙදී බලන මට්ටමේ වැඩ ඇගේ තිබුනේ... අනිත් ළමයි ඉතිං කට ඇරං බලං ඉන්න ඕන මේ සිද්ධවෙන දේ දිහා... ඔය හින්දා අපේ තාත්තත් අමාරුවෙන් හරි කීයක් හරි දීලා මාවත් ඒ පංතියට යවන්න උත්සහ කලා.. ඒත්...

ඒත් නොයෙකුත් හේතු කියමින් ඇය ඇගේ පංතියට මාව ඇතුලත් කරගත්තේ නැහැ... මුලින්ම කිව්වේ ඒ පංතියට නිකං ඇතුළු වෙන්න බැහැ විභාගයක් තියලා ගන්නේ කියලා... අපේ තාත්තා මං ගැන දන්න හින්දා ආ ඒකට කමක් නැහැ කිව්වත් ඒත් එක්කම කියලා තියෙන්නේ මේ වෙනකොට පංතියේ සිසුන් ඕන ප්‍රමාණය බඳවගෙන අවසන්ය කියලා... ඔය වගේ ජිල්මාට් දාලා කොහොම හරි ඇය ඇගේ පංතියේ මට ඉඩක් දෙන්නේ නැති තැනට කටයුතු කලා.. ඇයි එහෙම උනේ... ඒකට හේතුව තමයි ඇගේ බාල දියණිය මට වඩා වසරක් බාල උනත් පොඩි කාලේ ඉඳන්ම අපේ පංතියට දාලා ඉගැන්වීම... ඇය වගේම තවත් එවැනිම ගුරුවරියකගේ දියණියක් නිසි වසරට අවුරුද්දක් කලින් ඉඳලා අපේ පංතියේ ‍ඉගෙන ගත්තා.. ඒ අනිත් ගුරුවරිය තමා අපිට සිංහල කියා දීපු ගුරු මැණියෝ... 

ඒ ගෑණු ළමයි දෙන්නම ඇත්තටම ඉගෙන ගන්නත් දක්ෂයි.. ඒත් කිසිම ආකාරයකින්වත් දෙන්නටම පංතියේ පළමුවැනියා වෙන්න කවදාවත් බැරි උනේ මං හින්දා... සිංහල ගුරුතුමිය මේ ගැන කවදාවත් හිත නරක් කරගත්තේ නැහැ වගේම ඇය අපි හැමෝටම එක වාගේ සැලකුවත් මේ කියන ඉංග්‍රිසි ගුරුතුමිය මාත් එක්ක තද වෛරයකින් සිටියා කියන එක පුංචි උනත් මගේ හිතට තේරිලා තිබුනේ... ඔය පංති වැඩෙන් ඒක සහ සුද්දෙටම තේරුනේ..මට ඉඩ නොතිබුණ පංතියේ මටත් පස්සේ තව සිසුන් ඇතුලත් කරගෙන සිටීම හරහා...

ඉතිං ඔය දේ හින්දා මට මූලිකම තැන් වලින් ඉංග්‍රිසිය අතෑරුනා කිව්වොත් නිවැරදියි...

එයින් පස්සේ කතාව මං මීළග කොටසින් කියන්නං... අමතක කරන්න එපා මේ ලිපියත් ලියැවෙන්නේ දැන් ප්‍රධාන මාතෘකාව වන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් 6% කියන කාරණයත් එක්ක කියන එක... මං කතා කරන්නේ ආණ්ඩුවේ මාධ්‍ය එක්ක නොවන බවත් මට කතා කරන්න වෙලා තියෙන්නේ මං අත් විඳපු දේ හරහා කියන එකත් උගත් මහත්තුරුන්ට ජුංඩක් හරි අවබෝධ කරවන්න ඕන නිසා කියන එකත් සිහි කරන්නයි මේ ලියන්නේ...

50 comments:

  1. එකම දෙයයි කියන්න තියෙන්නේ...
    කියාගෙන යන්න මාරයියේ...

    “බත් කන හරක් සහ ගොන්නු“ ටික මේ ගොඩට දාතෑකි ඔය මිනිහෙක්ගේ අධ්‍යාපනය සහ මානසිකත්වය කොරන රස්සාවෙන් මනින සම “හරක්“ කියනවා වගේ.....

    ReplyDelete
  2. Replies
    1. 3

      මෙහෙමයි හැමතැනම අධ්‍යාපනයට වෙන් කරන මුදල මදි කියන කතාව ඇත්ත. ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 2%කටත් අඩු ප්‍රමාණයක් අධ්‍යාපනයට යොදවන කොට, වෙනත් ලංකාව තරම් නොදියුණු රටවල් පවා ඊට වඩා වියදම් කෙරෙනවා.

      එතනින් එහාට අධ්‍යාපනය අවුල් කරන්න හිතා මතාම අධ්‍යාපන පරිපාලනය ක්‍රියා කරන බවත් පැහැදිලියි. ඒවා ගැන කතා කරනවානම් වෙනම පෝස්ට් එකක් දාන්න පුළුවන්.

      ඒ එක්කම මේ ආචාර්ය උදවිය 6% කතාව මේකට ගාව ගත්තේ අමු අමුවේ තමන්ට පඩි වැඩි වීමක් ඉල්ලන එකට අයිසින් පාරක් දා ගන්න. ඒකත් ඇත්ත. ඒත් ඒ අතර දැනට වඩා ඉහල වැටුප්/වරප්‍රසාද සහිත විදේශ රැකියා අවස්ථා ලබෙද්දීත් ලංකාවේ රැඳෙන පිරිසක් ඉන්නවා. යන්න කැමති පිරිසකුත් ඉන්නවා. ඒ අය රටේ තියා ගන්නත් ඕනි. ඉතින් ඔය බොරු වැඩ වලට නාස්ති කරන අති විශාල මුදල් ප්‍රමාණයෙන් (තමන්ගේ කොටස ගත්තට පස්සේ) කොටසක් අධ්‍යාපනයට වෙන් කරනවානම් රටට හොඳක් මිස නරකක් වෙන්නේ නැහැ. මේ ගැන මමත් ලිව්වා.

      මේ පෝස්ට් එකේ මාරයියා කියන කතාව ඇත්ත. ගුරු කම කරන අසත් පුරුෂයෝ ඉන්නවා. මගේ අත් දැකීම් ගත්තොත් පතෝල වගේ ගුරුවරු බහුතරයකුත්, අසත් පුරුෂ ගුරු හොරු යම් ප්‍රමාණයකුත්, ඊට අඩුවෙන් තමන්ගේ රාජකාරිය උපරිමයෙන් නියම ගුරුවරු කිහිප දෙනෙකුත් මට ලැබිල තියෙනවා. ඒ පැත්තෙන් දුකක් තියෙනවා, ඇත්ත.(පස්සේ කාලෙක ගුරුවරියක් සහේට ගත්ත එක වෙනම කතාවක්)

      නමුත් මේ 6% (හෝ ඊට අඩුවෙන්) වන වැඩි වීම/කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්. කලින් කියපු පුද්ගල වැරදි වෙනම පැතිකඩක්. වැඩි මුදලක් අධ්‍යාපනයට වෙන් වෙනවානම් ගුරුවරුන්ට , අධ්‍යාපන විද්‍යාව තවත් කියා දෙන්න අළුතින් වෙන් කරන මුදලකින් කොටසක් වෙන් කරන්නත් බැරි නැහැ. :)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සිංහල ගුරුතුමියගෙයි ඉංග්‍රීසි ගුරුතුමියගෙයි ආකල්පවල වෙනස ළමා මාර සිතට ඇති කළ බලපෑම අනුමාන කරන්න පුළුවන්. බලමු ඊලඟ කොටසත් කියවලා.

    ReplyDelete
  5. ඊළඟ කොටස කියවීමේ බලාපොරෙත්තුවෙන් සිටිමි

    ReplyDelete
  6. අපේ අම්මත් ඉංග්‍රීසි ගුරුවරියක්.එයා ඉස්කෝලෙදි විතරක් නෙවෙයි, ගෙදරදී පන්ති කලෙත් නිකන්. මං දැන් අම්මයි නංගියි එක්ක බෙහෙත් ගෙන්න ගියා. එතන හිටපු ඩොක්ටර් අම්මගේ ගෝලයෙක්. අනික ගමේ දුප්පත් ළමයෙක් ඒ වගෙ තත්ත්වයකට පත් වෙන්න ගොඩක් අඩු සම්බාවිතාවක් තියෙන්නේ. ඉතින් ඒ අයියා කියපු විදියටම අම්මලාගේ උපකාරය නිසා තමයි එයා ඒ තත්ත්වයේ ඉන්නේ.
    හැබැයි සමහර ගුරුවරු ඔයා කිව්වා වගෙ තමයි. අම්මලාගේ ඉස්කෝලෙත් හිටියා.

    (මූ ඉංගිරීසි ටීචර්ගේ කෙල්ලට ලයින් පාරක්වත් දාන්න ගියාද දන්නෑ.)

    ReplyDelete
    Replies
    1. //(මූ ඉංගිරීසි ටීචර්ගේ කෙල්ලට ලයින් පාරක්වත් දාන්න ගියාද දන්නෑ.)//

      මටත් හිතුනේ සීන් එක ඒක තමයි කියලා :D

      Delete
    2. AKM ඔයාගේ අම්මා වගේ ගුරුවරු අපිට නෙලැබුනේ අපේ අවාසනාවට

      Delete
  7. ඔහොම වෙන්ඩ මෙහෙම හේතුත් බලපානවා ඈ..........

    1. ඇය ගැහැනියක් වීම.
    2. අපේ ජාතියට උපතින්ම හුරුවන කුහක කම.
    3. ලංකාවේ ගුරු වෘත්තියට පිවිසෙන බහුතරයක් එහි පිවිසෙන්නේ වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ ආදී වෘත්තීන්ට පිවිසීමට ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකම් නැතිවීම නිසා 'දැං ඉතිං ටීචිං වත් යනවා ' න්‍යායට අනුව නිසා වෘත්තිය කෙරේ ඇල්මක් හෝ කැක්කුමක් නොමැති වීම.

    ReplyDelete
  8. මම නම් දවස පටන් ගන්නෙ දිණමින බලල... ඕකෙ දැන් යනව සයෝනා දෙවඟන කියල මරු චිත්‍ර කතාවකුයි(ඉස්සර සිත්තර, සත්සිරි පත්තර වල තිබුන ටෝගා, ස්පාටගස් වගේ එකක්), ෂර්ලොක් හෝම්ස්ගෙ දඩබල්ලා කතාව තමන්ගෙ වගේ ලියන කෙනෙක්ගෙ චිත්‍ර කතාවකුයි... ඒ ඇරෙන්න නම් වෙන එකක් බැලෙන්නෙ නෑ... ආ, ඉඳල හිටල ලග්න පළාපළ බලනෝ... :)

    ReplyDelete
  9. 6% දෙන්න ඕනි නෑ කියන අරමුණින් ලියපු ලිපිය ඉංග්‍රීසි මිස්ගේ පිටින් යවන එක නම් හරි මදි.....එතන 75%ක්ම කුහකත්වය.

    ReplyDelete
  10. ඊළඟ කොටසත් දාන්ටකෝ බලන්න.

    ReplyDelete
  11. අද මම ලියපු දේ උඹගේ ලිපියෙන් ත්වත් ඇත්ත වෙනවා. අපේ සමහර උන් ඇස් පනා පිට පෙනෙන සත්‍ය පිලිගන්න කැමති නෑනේ. ඔය කියන කාළේ තමයි ගුරුවරු උගන්වන එකෙන් හෙමිහිට ඉවත්වෙලා ගෙවල්වල ටියුෂන් පටන් ගන්න කාළේ...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ තමයි මල්ලි නැටුම් පටන් ගත්ත කාලෙ...

      Delete
  12. මේ පොස්ට් එක කියෙව්වට පස්සේ මටත් මකත් උණා අපේ නංගිට සහ මල්ලිට ශිස්‍යත්වෙදි ඉස්කෝලෙ පන්තියෙන් උණු අසාධරෙන කම්.

    ReplyDelete
    Replies
    1. අයියෝ, ස්පෙලින් මිස්ටේක් ගොඩායි :O

      Delete
  13. උඹ විමසුම බැලුවේ නැතිවුනාට කමක් නැ , මහින්ද අබේසුන්දර වලකජු ගහපු දවසක විමසුම ලියන්න සියලුම සුදුසු කම් උඹට තියනවා , ඌ සල්ලිවලට කඩේ යනවට වඩා ලස්සනට නොමිලේ කඩ යන එකාට කඩේ යනවට ගාණක් අතට ලැබුනොත් කොහොම නොලියයිද ?

    ReplyDelete
    Replies
    1. උඹට කියක් හම්බවෙනවද බං විපක්ෂෙට කඩේ යනවට ?
      මටත් කියහන්කෝ.. වැලේ වැල් නැතුව ඉන්නේ මේ දවස් වල...

      Delete
    2. ඒවා උඹට කියන්නේ නෑ , කොහොමත් උඹ මාරයත් එක්ක එකතු වෙලා ආණ්ඩුවටම කඩේ ගියා නම් ලේසියි , ගෙවීමුත් හොඳයි , ආරක්ෂාවත් වැඩියි !

      Delete
    3. නේ අගේ නැතුව කියපන්කො බං. මටත් තියෙනවා ඇට නැති දිවක්. ඇත්ත නැත්ත කරන්න පුළුවන් හැකියාවක්. රෙදි නැතුව රෙදි අපුල්ලන්න හැකියාවක්. ඔය ඔක්කොටමත් වැඩිය මට තියෙනවා අතීතය අමතක වීමේ රෝගේ.

      බට ලන්දේ ගහපු පොල් පරාල ඇන , සාම ගිවිසුම් ගහල හමුදා බුද්ධි අංශයේ සිය ගානක් පිස්තෝල කල්ලියට බිලි දුන්න හැටි .... ඇයි කිලිනොච්චි කියල මැදවච්චි ගිය හැටි .. තොප්පිගල මහ කැලෑවක් උන හැටි , එයිට කලින් ගම්උදා ගහල කෝටි ගණන් ධනය නාස්තිකරපු හැටි , සොත්ති උපාලිලා හුරතල් කරපු හැටි , ස්ත්‍රී දුෂකයන්ට සාම විනිසුරු පදවි දීපු හැටි , මහාචාර්යවරුන්ට කානුවල දාල ගහපු හැටි , එක රැයින් දහස් ගණනක් රැකියාවලින් දොට්ට දාපු හැටි , කලගෙඩි ලාම්පු සෙල්ලම් ....... ඇති... මට දැන් හති .... මේ මොකවත් මට මතක නෑ නේ!!!

      ඒකම මදිද මචෝ උඹත් එක්ක එකට වැඩ කරන්න?? අනේ මාව ගනින්කෝ බං අගේ නැතුව :)

      Delete
    4. //සාම ගිවිසුම් ගහල හමුදා බුද්ධි අංශයේ සිය ගානක් පිස්තෝල කල්ලියට බිලි දුන්න හැටි .... //

      මෙන්න මේක ටිකක් ලොකු කථාවක් , කැමති නම් බලහන් සැටලයිට් නෝනා ගේ ආණ්ඩුවෙන් ආර්ථිකේ කොතනට දාල තිබුනේ , එහෙම තියාගෙන යුද්ධ කරන්න පුලුවන්ද කියලා , උඹට නම් හිතෙනවා නම් පුලුවන් කියලා මම පුදුම වෙන්නේ නෑ , මට දැන් නම් හිතෙන්නේ උඹට විමසුම ලියන්න දීලා සුමනදාසයගේ ජොබ් එක මාරයට දුන්නා නම් වඩා හොඳයි කියල ,

      ප.ලි- තොප්පිගල කියන්නේ කැලයක් තමයි , උඹ කියන්නේ කැලයක් නෙවෙයි කියලද

      Delete
  14. එතකොට මේ සේරම උඹ ලියන්නෙ දිණමිණ බලන්නෙ නැතිවද ? :D

    අර කිව්වත් වගේ උඹනං හැබෑ දක්ෂයෙක් :D

    ReplyDelete
  15. විමසුම බලන්නැතුවත් ඒකේ අදහස් ගෙඩි පිටිංම මාරයියගේ බ්ලෝගේ යන එකට වෙන්නැති ආසියාවේ ආස්චර්ය කියන්නේ....
    හි හි...
    ඇඩෙනෝ...

    ReplyDelete
  16. මාරයියේ කබරගොයා තලගොයා කරන්න ඕනෙම නම් කරන්න පුළුවන්. මංනං කියන්නේ ඔච්චර මහන්සි වෙන්න ඕනෙත් නෑ. එක පෝස්ට් එකෙන් ලියන්න තිබ්බා.

    මාත් ඔය දෙවැනි ඉස්කෝලෙටමයි ගියේ. ඒත් ශිෂ්‍යත්වයෙන්. මගේ පුංචි ඉස්කෝලෙන් වැඩිම ලකුණු අරං. විස්තරේ උඹේ විස්තරේ එක්ක වැඩි වෙනසක් නෑ. මටත් ඔය උඹ ලියන කථාව අනිත් පැත්ත සාධාරණ කොරල ලස්සනට ලියන්න ඇහැකි. ඒත් මක්කටැයි. ප්‍රභාකරන්ගේ භූතයා ශ්‍රී ල නි පෙ න් ජනාධිපති උනත් ඒකට විසිල් ගහන මාරයියට මම මොනව පැහැදිලි කොරන්නද නේද?

    තව එකක් කියන්න ඕන මං මේව එළිපිට කියන්නේ දේශපාලනේ වෙනස් වුනත් උඹ හිත හොද එකා විත්තිය මම දන්න නිසාත්, උඹ මේක පෞද්ගලිකව නොගන්න බව දන්න නිසාත්.

    ReplyDelete
  17. මටනං තියෙන ලොකුම ගැටලුව තමයි ඔය 6% කතාව එක පාරටම මතු වුනේ කොහොමද කියල. මම වැඩිය නිවුස් බල්ලන්නැති කෙනෙක් නිසා අහන්නේ දැන් දෙන්නේ 2%යි නම් ඉතුරු 4% ඉල්ලන්නේ අර ආචාර්යවරුන්ගේ පඩි සන වරප්‍රසාද වැඩි කර ගන්නද? එයාල ඉවරවෙනකොට අනධ්‍යන කාර්ය මණ්ඩලය පටන් ගන්නවා නේද? එතකොට මේක 8% වත් කරන්න කියල ලේබල් එල්ලන් ඉන්න අපේ කට්ටියට සිද්ද වෙනවා කියලයි මගේ අනුමනේ. දැන් ඔය 6%ක් නැතුවත් අඩුවක් නැතුව අධ්‍යාපනය දෙනවා නේද? මට අද හම්බ වුනා ඉන්දියන් ගෑනු ළමයෙක්. එයා කියන විදියට උසස් පෙළ සඳහා(කොලේජ්) ගෙවීම් නොකර ඉගෙන ගන්න බෑ. ඇත්තද කියන්න මන් දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. සුදික , ලෝකේ 99% රටවල උසස් අද්‍යාපනය ගෙවල ගන්න ඕනේ දෙයක්. අපේ මිනිස්සුන්ට එකත් නොමිලේම කරගන්න ඕන කම හින්ද නේ මේ කල කෝලාහල.

      හැම දේම නිකන් , නිකන් ... නිකන්. හැබැයි ඔක්කොම නිකන් දුන්න කියල උගත්තු බුධිමත්තු වැඩි වෙලා , දුෂණය නාස්තිය නැතිවෙලා රට දියුණුවෙන පාටකුත් නැහැ. මිනිසුන්ගේ පසුගාමී, කුහක , මිලේච්ච ආකල්ප වල වෙනසකුත් පෙන්න නැහැ. දවසින් දවස යන්නෙම අගාදෙට. ගෙවල ඉගන ගන්න ළමයි ඉන්න රටවල නම් පැහැදිලි සංවර්ධනයක් , දියුණුවක් පේනවා.

      කම්මැලි කාලකන්නි ජාතියකට මොනවා නිකන් දුන්නත් ඒක මකර කටට යාමක් විතරයි. දැන් මේකට "නිදහස් අද්යාපනයේ මහිමයෙන් ලංකාවේ සිදුවූ විස්මිත ආර්ථික හා සමාජීය දියුණුව... හෙවත් ලංකාව ලෝකයේ සුපිරි ආර්ථික බලවතා වීමේ කතා වස්තුව " මාතෘකාව යටතේ ලොරි ටෝක් දාල උත්තර දෙන්න එයි ද දන්නේ නැහැ.

      Delete
    2. //මටනං තියෙන ලොකුම ගැටලුව තමයි ඔය 6% කතාව එක පාරටම මතු වුනේ කොහොමද කියල. මම වැඩිය නිවුස් බල්ලන්නැති කෙනෙක් නිසා අහන්නේ දැන් දෙන්නේ 2%යි නම් ඉතුරු 4% ඉල්ලන්නේ අර ආචාර්යවරුන්ගේ පඩි සන වරප්‍රසාද වැඩි කර ගන්නද?//

      ඇත්තටම 6% එලියට එන්නේ ආචාර්ය වරුන්ගේ වැටුප් වැඩි කරගන්න අරගලයට ශිෂ්‍යිනුත් එකතු කරගෙන "නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මානුශීය මෙහෙයුමක්" ගෙනියන්න . ආචාර්ය වරුන්ට ගේ වැටුප් වැඩිකරපියව් කියල කැගහන්න පුලුවන් ආචාර්ය වරුන්ට විතරයි . 6%ක් දෙන්න කියලා කැගන්න අන්තරේටයි ජේවිපි කාරයින්ටයිත් පුලුවන් ,රාජ්‍ය අධ්‍යාපනය රැකදියව් කිව්වාම එජාපයටත් පුලුවන් . ඕක ඔතෙන්ට පත් කරගත්තේ සුදු බණ්ඩගේ අහංකාර කම . ආචාර්ය වරුන්ගේ වැටුප් වැඩි වීම සාධාරණ ඉල්ලීමක් , මොකද ඒ අයගේ සුදුසු කම් වලට සාපේක්ෂව ඉතාම අඩු වැටුප්කට දැනට සේවය කරන්නේ . ඒක පිලිඅරන් වැටුප් වැඩි වීම කලා නම් % ගණන් ගැන කථාවක් අවශ්‍ය වෙන්නේ නෑ , කැම්පස් වල කරදරයක් නැතුව උගන්වනවා , ප්‍රශ්න පත්තර ටිකත් බැලෙනවා , එහෙම වුනා නම් 6% ගැන කථාව අන්තරයේ සටන් පාඨයක් විතරයි .

      බොහෝ රටවල උසස් අධ්‍යාපනය දෙන්නේ මුදලට , ලංකාවෙත් මුදලට උසස් අධ්‍යාපනය ලබා දියු යුතුයි කියන ස්ථාවරයේ මාත් ඉන්නවා . හැබැයි තියන නිදහස් අධ්‍යාපනය නැති කරගෙන නෙවෙයි . සුදීකගේ ඉන්දියානු මිතුරියගෙන් අහල බලන්න එහෙ අඩු කුලයේ දුප්පත් කෙනෙක්ට උසස් අධ්‍යාපනයෙන් ඉහලට එන්න තියන අවස්ථාව කොයි වගේද කියලා , ආචාර්ය වරුන්ගේ වැටුප් වැඩි නොකර පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මොත් ඔවුන් නතර වෙන්නේ ඒවයේ , අනික් අතින් පෞද්ගලික විශ්ව විද්‍යාල දාන්න ඕනි හොඳ විනිවිද භාවයක් තියෙන්න , ගුණාත්මක රාමු එහෙම සකස් කරලා . එස්.බී ඕක කරනවා වගේ පෙන්නන ගමන් මාලඹේ වෛද්‍ය විද්‍යාලය ගැන කටයුතු කලේ සැක සහිත විදිහට , ඒකෙන් වුනේ ආණ්ඩුවෙන් නිකන්ම දියව් කියන මතවාදය දරන අයගේ උත්සහයන්ට පෝර වැටිච්ච එක . එස් බී වගේ රස්තියාදු කාරයෙක්ව නැතුව වැදගත් මනුස්සයෙක්ව දැම්මා නම් (අමුණුගම වගේ ) , ඔය ප්‍රශ්න දුර දිග යන්නේ නෑ , පෞද්ගලික විශ්ව විද්‍යාලත් ක්‍රමානුකූලව ඇති කරන්න පුලුවන් (දැනට තියන මුදල් ගෙවන තැන් වුනත් ක්‍රමානුකූල කරන්න පුලුවන් ) , විශේෂයෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල කථාව දොස්තර උපාධියත් එක්ක පටලවා ගත්තොත් නම් සොරි.කොම්

      Delete
    3. "සුදික , ලෝකේ 99% රටවල උසස් අද්‍යාපනය ගෙවල ගන්න ඕනේ දෙයක්. අපේ මිනිස්සුන්ට එකත් නොමිලේම කරගන්න ඕන කම හින්ද නේ මේ කල කෝලාහල"

      ලෝකයේ තියෙන රටවල් එකසිය අනූ ගණනකින් (නිශ්චිත ප්‍රමාණය විවාදිතය ) රටවල් 20කට වැඩි ප්‍රමාණයක නිදහස් අධ්‍යාපනය පවතී.

      http://en.wikipedia.org/wiki/Free_education#List_of_countries_with_free_post-secondary_education

      රටවල් 200 ක් කියලා ගත්තොත් ප්‍රථිශතය 10% කට වඩා වැඩිය.

      ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තෙක් පමණකි(පශ්චාත් උපාධි පාඨමාලා සඳහා මුදල් ගෙවිය යුතුය). එහෙත් නොර්වේ හා ස්වීඩනය ආචාර්ය උපාධිය දක්වාම නොමිලේ අධ්‍යාපනය ලබාදේ(ලෝකයේ ජීවත් වීමට සුදුසු රටවල් ශ්‍රේණිගත කිරීම් අනුව නොර්වේ 2 ද ස්වීඩනය 4 ද වේ).

      "හැම දේම නිකන් , නිකන් ... නිකන්. හැබැයි ඔක්කොම නිකන් දුන්න කියල උගත්තු බුධිමත්තු වැඩි වෙලා , දුෂණය නාස්තිය නැතිවෙලා රට දියුණුවෙන පාටකුත් නැහැ. මිනිසුන්ගේ පසුගාමී, කුහක , මිලේච්ච ආකල්ප වල වෙනසකුත් පෙන්න නැහැ. දවසින් දවස යන්නෙම අගාදෙට. ගෙවල ඉගන ගන්න ළමයි ඉන්න රටවල නම් පැහැදිලි සංවර්ධනයක් , දියුණුවක් පේනවා."

      උගතුන් හා බුද්ධිමතුන් වැඩිවීම දුෂණය වැඩිවීමට හේතුවක් ලෙස දැක්වීම බොළඳ තර්කයකි.මුදල් ගෙවා ලබන රටව්ල් පම්ණක් දියුණු වෙන බව පැවසීමද ඊටත් වඩා මෝඩ තර්කයකි.

      "කම්මැලි කාලකන්නි ජාතියකට මොනවා නිකන් දුන්නත් ඒක මකර කටට යාමක් විතරයි. දැන් මේකට "නිදහස් අද්යාපනයේ මහිමයෙන් ලංකාවේ සිදුවූ විස්මිත ආර්ථික හා සමාජීය දියුණුව... හෙවත් ලංකාව ලෝකයේ සුපිරි ආර්ථික බලවතා වීමේ කතා වස්තුව " මාතෘකාව යටතේ ලොරි ටෝක් දාල උත්තර දෙන්න එයි ද දන්නේ නැහැ."

      ලංකාව අඩුම් ගානේ මේ විදියටවත් තියෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා බවයි මගේ අදහස !

      දැන් මට කියනවද මේ වගේ තර්ක ගේන 'මහසොහොන් පිල්ලිය' සල්ලි ගෙවලද සල්ලි ගෙවලද ඉගෙන ගත්තෙ කියලා !

      දැන් එමු මාරයගේ පොස්ට් එකට, මාරයාගේ යටි අරමුණ"මගේ ඉංග්‍රීසි ගුරුතුමිය මට කෙණහිලිකම් කලා, ඒක නිසා නිදහස් අධ්‍යාපනයට 6% ක් වෙන් නොකල යුතුයි" යැයි කීමද?

      මේ කමෙන්ට් එක දාන මමත් මගේ 1 වසරෙ ගුරුවරියගෙන් "අපෝ ඕකට ඉගෙන ගන්න බෑ" කියලා අහපු එකෙක්. හැබැයි මම 5 වසරෙ ශිෂ්‍යත්ව විභාගෙන් සමත් වෙලා මාරයගේ සහෝදර පාසැලට ඇතුලත් වෙන්න ලැබුනා. මම ඒ පාසැලෙන් අස් වෙද්දි ඒ ගුරුවරියට වැඳලයි ආවේ !

      එක මකුණයි කන්නේ.
      කිමද සේරම මකුණො මරන්නේ.....

      Delete
    4. අයි ක්ලෝස් , ස්වීඩනය , ඩෙන්මාර්ක් , ප්‍රංශය , ජර්මනිය අද්‍යාපනය නිකන් දෙන්නේ උන්ට සල්ලි තියෙන නිසා. ( මං හම්බ කරා .. මං ළමයින්ට ඉගැන්නුවා. උඹලට මොකද ? ) ලංකාව ළමයින්ට උගන්නන්නේ ණයට අරගෙන. හිඟා කාල. ළමයි , ගුරුවරු වර්ජනය කරන්නේ , හිඟා කාල ණයට අරගෙන රට උකස් කරලා රටේ සම්පත් විකුණලා අපිට පිනට උගන්නපල්ලා. අපිට 6% දියල්ලා... එතකොට ඒක හරි ????

      ආණ්ඩුව ණයට අරන් ඕක කොහොම හරි දෙයි. ඊට පස්සේ ණයට හිලව් විදියට චීනේ හරි ඇමරිකාව හරි මන්නාරම් ද්‍රෝණියෙන් තෙල් ඉඩම් කීපයක් ඉල්ලා ගනියි.
      ලෝකේ කවුරුවත් පිනට දෙන්නේ නැහැ. ණයට කාල එතකොට නියව නියව උන්ට බැන බැන හිටපල්ලා. ලෝකේ කිසිම දෙයක් ණයට ලැබෙන්නේ නැහැ. කවුරු හරි ඒකට ගෙවනවා. දැන් නිදහස් අද්‍යාපනය ට ගෙවන්නේ අනාගත ලාංකිකයන් ඇපයට තියල. ලංකාවේ සම්පත් පිටරටවලට සුර ගන්න ඇරලා.එතකොට ඒක හරි ????

      "උගතුන් හා බුද්ධිමතුන් වැඩිවීම දුෂණය වැඩිවීමට හේතුවක් ලෙස දැක්වීම බොළඳ තර්කයකි." එහෙම එකක් මං කොහෙද බං කිව්වේ ? උඹට මෝල්ද ? :)

      "මුදල් ගෙවා ලබන රටව්ල් පම්ණක් දියුණු වෙන බව පැවසීමද ඊටත් වඩා මෝඩ තර්කයකි."
      මං කිව්වේ මේකයි. ඔක්කොම නිකන් දෙන හින්ද අපේ රටේ හරි විසාල ආර්ථික , බුද්ධිමය දියුණුවක් තියෙන්න ඕනේ නේ. හරි ආර්ථික දියුණුව පැත්තක දාන්න. අපේ රටේ ඉන්න නිදහස් අද්‍යාපනය ලබපු උගත් බුද්ධිමත්තු ලෝක ප්‍රසිද්ද පොත් ලියල , විද්‍යාත්මක සොයා ගැනීම් කරලා , නව මතයන් සොයාගෙන ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්න ඕනේ නේ. තමන්ගේ නිෂ්පාදන වලට පේටන්ට් බර ගානක් අරන් තියෙන ඕනේ නේ.

      අයින්ස්ටයින් ට සාපේක්ෂතාවාදය හොයාගන්න ගියේ පැන්සලකුයි , කොලේකුයි විතරයි . එහෙනම් විද්‍යාත්මක සොයාගැනීම් කරන්න සල්ලි ඕනේ කියල මෙතන බෙරිහන් දෙන්න එපා. (කරන්න කලින් කිව්වේ).

      අපේ උන් ලියන පොත් එකක් වත් ලංකාවෙන් පිට බලු බල්ලෙක් බලන්නේ නැහැ. සින්දුවක් ඇහුවොත් චිරපටියක් බැලුවොත් ඔක්කාරෙට එනවා. අඩු තරමින් වෙළඳ දැන්වීමක් වත් නැවුම් විදියකට හදා ගන්න බැහැ. ඉතින් මොනවාද තව කතා කරන්නේ කියල හිත ගන්න බැහැ.

      "දැන් මට කියනවද මේ වගේ තර්ක ගේන 'මහසොහොන් පිල්ලිය' සල්ලි ගෙවලද සල්ලි ගෙවලද ඉගෙන ගත්තෙ කියලා !"
      මතවාදයට හැකිනම් පහර ගසන්න. පුද්ගලිකත්වයට නෙවේ. මා හෝ ඔබ ඉගෙනගත්තේ කොහොමද කියන එක මතවාදීමය විමසුමකට අනවශ්‍යයි.


      Delete
    5. ප්‍රයිවට් කැම්පස් යන්න ඕනි තරම් සල්ලි තියෙද්දී දෙපාරක් ඒ ලෙවල් කරලා කැම්පස් ගියේ රජයේ විශ්ව විද්‍යාලයකින් ලබන්න පුළුවන් පන්නරය සල්ලි දීල ගන්න බැරි බව දන්න නිසා. වාසනාවට ඒ දේ කියල දෙන්න මගේ දෙමාපියෝ බුද්ධිමත් උනා. එත් සමහර මිනිස්සු හිතන් ඉන්නේ ආණ්ඩුවේ කැම්පස් යන උන් දන්නෙ වර්ජන කරන්නයි අරගල කරන්නයි විතරයි කියල. ප්‍රයිවට් කැම්පස් වල ළමයින්ට පොවන දැනුමයි රජයේ ඒවායේ ළමයි හොයාගෙන ඉගෙනගෙන ලබන දැනුමයි අතර වෙනස අහසට පොළව වගේ කියල දන්නෙ ඒ දෙකටම ගිය මිනිස්සුයි කොම්පැනි වල ඉන්ටර්වීව් කරන අයයි විතරයි. ඒසී එකේ පුටු රත්කරන කුහකයින්ට ඔව්ව තේරෙන්නේ නෑ. තේරුම් ගන්න උවමනාවකුත් නෑ. මොකද තමන්ට බැරි නම් අනික් උන්ටත් බෑ කියලනේ හිතන්නේ.

      Delete
    6. {ප්‍රයිවට් කැම්පස් වල ළමයින්ට පොවන දැනුමයි රජයේ ඒවායේ ළමයි හොයාගෙන ඉගෙනගෙන ලබන දැනුමයි අතර වෙනස අහසට පොළව වගේ කියල දන්නෙ ඒ දෙකටම ගිය මිනිස්සුයි කොම්පැනි වල ඉන්ටර්වීව් කරන අයයි විතරයි.}

      දුකකට තියෙන්නෙ ලකියො ඒක දන්නෙ අපි විතරක් වෙච්චි එක නොවැ.

      Delete
    7. "අයි ක්ලෝස් , ස්වීඩනය , ඩෙන්මාර්ක් , ප්‍රංශය , ජර්මනිය අද්‍යාපනය නිකන් දෙන්නේ උන්ට සල්ලි තියෙන නිසා. ( මං හම්බ කරා .. මං ළමයින්ට ඉගැන්නුවා. උඹලට මොකද ? ) ලංකාව ළමයින්ට උගන්නන්නේ ණයට අරගෙන. හිඟා කාල. ළමයි , ගුරුවරු වර්ජනය කරන්නේ , හිඟා කාල ණයට අරගෙන රට උකස් කරලා රටේ සම්පත් විකුණලා අපිට පිනට උගන්නපල්ලා. අපිට 6% දියල්ලා... එතකොට ඒක හරි ????"

      ලංකාව අධ්‍යාපනය සඳහා වෙන් කරන්නේ ණයට ගත් මුදල් නොවේ. අපේ මිනිස්සුන්ගෙ සිගරැට්, අරක්කු වලින් ගන්නා බදු, වැට් බදු (තව විදේශ ශ්‍රමිකයන් එවන විදේශ විනිමය ) ආදියෙනි.

      GDP - Gross Domestic Product (දළ දේශීය නිශ්පාදනය)

      ලංකාව ණය ගත්තේ නැව් බලෙන් ගෙන්නාගන්න වරායවල් හදන්න, සැපට අධි වේගෙන් යන්න පාරවල් හදන්න (ඒකෙන් ලොකු කොමිස් කුට්ටි කඩා ගත හැකි නිසා) මිසක් අධ්‍යාපනයට වෙන් කරන්න නම් නෙවේ.

      “An investment in knowledge always pays the best interest”. Benjamin Franklin (දැනුම සඳහා කරන ආයෝජනය හොඳම ප්‍රතිලාභයයි).
      ඔබගේ ආර්ථික දැනුම පිළිබඳ අනුකම්පා කරමි.

      "ආණ්ඩුව ණයට අරන් ඕක කොහොම හරි දෙයි. ඊට පස්සේ ණයට හිලව් විදියට චීනේ හරි ඇමරිකාව හරි මන්නාරම් ද්‍රෝණියෙන් තෙල් ඉඩම් කීපයක් ඉල්ලා ගනියි.
      ලෝකේ කවුරුවත් පිනට දෙන්නේ නැහැ. ණයට කාල එතකොට නියව නියව උන්ට බැන බැන හිටපල්ලා. ලෝකේ කිසිම දෙයක් ණයට ලැබෙන්නේ නැහැ. කවුරු හරි ඒකට ගෙවනවා. දැන් නිදහස් අද්‍යාපනය ට ගෙවන්නේ අනාගත ලාංකිකයන් ඇපයට තියල. ලංකාවේ සම්පත් පිටරටවලට සුර ගන්න ඇරලා.එතකොට ඒක හරි ????"


      භූගෝල විද්‍යාව පිළිබද විශේෂඥයින් කියන විදියට නම් ලෝකේ ඕනෙම තැනක(පොළවේ යට ) තෙල් තියෙන්න පුළුවන් හැබැයි ඒ තෙල් ගන්න යන වියදම ලැබෙන ආදායමට අඩු නම් තෙල් තිබ්බත් වැඩක් නෑ. මන්නාරමේ තෙල් තිබ්බාට තාම ඒක ලාබද පාඩුද කියලා තාම කියන්න බෑ.
      අනෙක අධ්‍යාපනයට සල්ලි නොගත්තාට අලුතින් උපදෙන එකෙකුත් අවුරුද්දකට ඩොලර් 6000 කට වැඩිය දැනටමත් ණයයි.

      "උගතුන් හා බුද්ධිමතුන් වැඩිවීම දුෂණය වැඩිවීමට හේතුවක් ලෙස දැක්වීම බොළඳ තර්කයකි." එහෙම එකක් මං කොහෙද බං කිව්වේ ? උඹට මෝල්ද ? :)"

      "හැම දේම නිකන් , නිකන් ... නිකන්. හැබැයි ඔක්කොම නිකන් දුන්න කියල උගත්තු බුධිමත්තු වැඩි වෙලා , දුෂණය නාස්තිය නැතිවෙලා රට දියුණුවෙන පාටකුත් නැහැ".

      "මං කිව්වේ මේකයි. ඔක්කොම නිකන් දෙන හින්ද අපේ රටේ හරි විසාල ආර්ථික , බුද්ධිමය දියුණුවක් තියෙන්න ඕනේ නේ. හරි ආර්ථික දියුණුව පැත්තක දාන්න. අපේ රටේ ඉන්න නිදහස් අද්‍යාපනය ලබපු උගත් බුද්ධිමත්තු ලෝක ප්‍රසිද්ද පොත් ලියල , විද්‍යාත්මක සොයා ගැනීම් කරලා , නව මතයන් සොයාගෙන ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්න ඕනේ නේ. තමන්ගේ නිෂ්පාදන වලට පේටන්ට් බර ගානක් අරන් තියෙන ඕනේ නේ. "

      අනේ මන්ද උඹ වගේ මොලේ කුරුවල් වෙච්චි එකෙකුට උත්තර
      දෙන්නත් වුනානේ.

      මෙන්න මේ ටික කියලා වරෙන්කෝ.

      මහාචාර්ය මහාලිංගම්




      ආචාර්ය සිරිල් ඇන්ඩෘ පොන්නම්පෙරුම

      සේනක බිබිලේ

      අඩුම තරමේ උඹ දන්නවාද අත් ට්‍රැක්ටරය නිෂ්පාදනය කලේ ලංකාවෙ ආචාර්ය රේ ජයවර්ධන කියල ( අපේ දේශපාලුවන් නිසා ලංකාවට අහිමි වූ බුද්ධිමතෙක් )

      උඹට තම ඕනෙම නම් කියපන් තව කියවන්න ලින්ක් ටිකක් දාන්නම් ( මෙතන ගොන් තර්ක කරනවට වැඩිය ඒක උඹේ දැනුමටත් හොඳයි ).

      "අයින්ස්ටයින් ට සාපේක්ෂතාවාදය හොයාගන්න ගියේ පැන්සලකුයි , කොලේකුයි විතරයි . එහෙනම් විද්‍යාත්මක සොයාගැනීම් කරන්න සල්ලි ඕනේ කියල මෙතන බෙරිහන් දෙන්න එපා. (කරන්න කලින් කිව්වේ)".

      දැනට සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ(කොලේකුයි පෑනකිනුයි විතරයි ඕනෙ ) ඉතිරිව ඇත්තේ විශ්වය පිළිබ්ඳ පොදු න්‍යායක් ඉදිරිපත් කිරීම පමණි ( ලොවේ ඇති ඕනේම සංසිද්ධියක්, විශ්වය හැර දැනට භෞතික විද්‍යාවෙන් පැහැදිලි කල හැක. මේ සඳහා දැනට ලෝකයේ සිටින විශිෂ්ඨම භෞතික විද්‍යාඥයා (අයින්ස්ටයින්ට පසුව ) ලෙස සැලකෙන ස්ටීව් හොප්කින්ස් තවමත් උත්සාහ කරයී !

      " දැන් මට කියනවද මේ වගේ තර්ක ගේන 'මහසොහොන් පිල්ලිය' සල්ලි ගෙවලද සල්ලි ගෙවලද ඉගෙන ගත්තෙ කියලා !"
      මතවාදයට හැකිනම් පහර ගසන්න. පුද්ගලිකත්වයට නෙවේ. මා හෝ ඔබ ඉගෙනගත්තේ කොහොමද කියන එක මතවාදීමය විමසුමකට අනවශ්‍යයි".


      මහසොහොන් පිල්ලිය කිව්වාම ඒක අන්වර්ථ නාමයක් ( ඒ පිටුපස සිටින පුද්ගලයා කවුරු වුවද මට ඵලක් නැත ). මෙතෙන්දි මම පහර ගැසුවේ මතවාදයට මිසක් පුද්ගලයාට නොවේ, මොකද නිදහස් අධ්‍යාපනයට කෙලවන්න හදන්නේ නිදහස් අධ්‍යාපනයෙන්ම පෝෂණය වූ සුළුතර පිරිසක් නිසාය.






      Delete
    8. GDP යනු කුමක් ද කියා මම දනිමි. සිගරට් , සුරුට්ටු බද්දෙන් රටක් ගෙනයාහැකි නොවේ. ලංකාවේ දශක ගණනක් තිස්සේ අයවැය පරතරය පියවන්නේ විදේශ නය වලිනි. මදක් අයවැය වාර්තා පරීක්ෂා කර බලන්න.

      මෙන්න ටිකිරි උදාහරණයක්. මිනිහෙක් දවසකට රපියල් 50 උපයයි. රුපියල් 10 ක කයි. රුපියල් 30 ක සිගරට් බොයි. රුපියල් 40 ක් ගෙදර වියදමට දෙයි. දැන් ඔහු රුපියල් 30 ක් ණයයි. කවුරුහරි ඇවිත් කිව්වොත් , ඔය සිගරට් බිම නැවැත්තුවොත් උඹට ණය ගන්න වෙන්නේ නැහැ නේ කියල මේ මෝඩ මිනිහා (ඔබ වගේ ) කියන්නේ "මං සිගරට් මිලදී ගන්නේ මං හොයන රුපියල් 50 නෝට්ටුවෙන් . ණය වෙන්නේ ගෙදෙට්ට දෙන්න වෙන හින්ද අමතර වශයෙන්"....

      මේ වගේ මුග්ධ තර්ක ඉදිරිපත් කරන ඔබ වගේ පොතේ ගුරුන්නාන්සේලා නිදහස් අද්යාපනයේ අතුරුපලයක් බව මට සැක නැත.

      "සැපට අධි වේගෙන් යන්න පාරවල් හදන්න"
      ඔබට වාහනයක් නැහැ වගේ. පව්.. ඒකයි කුහකව ද්වේශ සහගතව ලියල තියෙන්නේ.

      හම්බන්තොට වරාය දශක ගණනක් තිස්සේ විවිධ ආණ්ඩු විසින් , විවිධ ආර්ථික විශේසඥයන් විසින් සැදීමට සිතන් සිටි දෙයකි. එය උපහාසයෙන් දකින්නේ ඔබේ පාට කන්නාඩිය නිසා හෝ රටක ආර්ථික සංවර්ධනය කලයුතු ආකාරය ගැන අබමල් රේනුවන දැනීමක් නැති නිසාද ?

      “An investment in knowledge always pays the best interest .. when invested wisely on selected individuals. Blanket investments always yield poor outcome /interest" මහසොහොන් පිල්ලිය
      ඔබගේ සමාජීය හා ආයෝජන දැනුම පිළිබඳ අනුකම්පා කරමි.



      මං හිතුව වගේම ඔබ ලංකාවේ ප්‍රසිද්ධ බුද්ධිමතුන් කීප දෙනෙක් ගේ විස්තර දීල. ලින්කුත් දාල. හෙක් හෙක් හෙක්.

      සිරිල් පොන්නම්පෙරුම - උපත - 16/10/1923
      සේනක බිබිලේ - උපත - 13/02/1920
      මහලිංගම් - උපත - 1920 ගණන් වල

      පැටර්න් එක පේනවද ? මේ කවුරුවත් නිදහස් අද්යපනයෙන් බිහිවෙච්චි උගත්තු බුද්ධිමත්තු නෙමේ. ඔබ මේ දුන් උදාහරණ වලින් තවත් පෙන්නේ නිදහස් අද්යාපනයේ අසාර්ථකත්වය ම තමා. දැන් කොහෙද බිහිවෙන්නේ මේ වගේ අය ? ඔය දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ , නම් නිදහස් අද්යපනයෙන් බිහිවෙච්ච අම්බරුවෝ තමා. තව ලින්ක් එපා. පැත්තකට ගිහිල්ල පාට කන්නාඩි ගලවල පොඩ්ඩක් හිතල බලන්න.

      Delete
    9. "නිදහස් අධ්‍යාපනයට කෙලවන්න හදන්නේ නිදහස් අධ්‍යාපනයෙන්ම පෝෂණය වූ සුළුතර පිරිසක් නිසාය."
      නිදහස් අද්යපනයෙන් ප්‍රයෝජන ලැබූ අය එය කෙරෙහි අපැහැදි සිටීමෙන් හා නිදහස අද්යාපනයේ අගය ඔවුනට convince කිරීමට නිදහස් අද්‍යාපනය අසමත් වීමෙන් පැහැදිලි වන්නේත් නිදහස් අද්යාපනයේ අසාර්තකත්වයම නොවේද ?

      "ලොවේ ඇති ඕනේම සංසිද්ධියක්, විශ්වය හැර දැනට භෞතික විද්‍යාවෙන් පැහැදිලි කල හැක. "
      Dark matter, dark energy ?
      Reincarnation and its implications on psychicological analysis ?
      Pioneer anomaly ?
      Magnet monopoles
      etc ...

      ඔයත් තියෙන්නේ තව පැනකුයි , කොලේකුයි , ඔලුවකුයි (වැදගත්ම දෙය ) පාවිච්චි කරලා විසඳන්න පුළුවන් ගැටළු. තව ඕන නම් ලොරි බාගයක් ගැටළු දෙන්නම් නවීන භෞතික විද්‍යාවෙන් පැහැදිලි කල "නොහැකි" !. කෝ අපේ නිදහස් අද්යාපනයෙන් පල ලබපු බුද්ධිමත්තු රෑන? ආ ඒගොල්ලෝ තිසිස් කරන්නේ සර්ච් , රිප්ලේසේ ක්‍රමයට කොපි කැට් නේ!


      "මේ සඳහා දැනට ලෝකයේ සිටින විශිෂ්ඨම භෞතික විද්‍යාඥයා (අයින්ස්ටයින්ට පසුව ) ලෙස සැලකෙන ස්ටීව් හොප්කින්ස් තවමත් උත්සාහ කරයී"

      ඇයි අපේ නිදහස් අද්යාපනයේ ඵල ලැබූ විශිෂ්ට බුද්ධිමතුන්ට බැරිද මිනිහට උදව්වක් වත් දෙන්න. මිනිහා කරලා දෙනකම්ද කට බලියාගෙන බලන් ඉන්නේ ?


      "භූගෝල විද්‍යාව පිළිබද විශේෂඥයින් කියන විදියට නම් ලෝකේ ඕනෙම තැනක(පොළවේ යට ) තෙල් තියෙන්න පුළුවන් හැබැයි ඒ තෙල් ගන්න යන වියදම ලැබෙන ආදායමට අඩු නම් තෙල් තිබ්බත් වැඩක් නෑ. මන්නාරමේ තෙල් තිබ්බාට තාම ඒක ලාබද පාඩුද කියලා තාම කියන්න බෑ."

      මේ මොකද්ද බං මේ මොන්ටිසෝරි තර්කෙ. වෙළඳපොල ආර්ථිකය ගැන අබමල් රේණුවක දැනීමක් තියෙනවා නම් මෙහෙම කියන්නේ නැහැ උඹ. සියල්ල තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම මත. ටිකක් කලකින් කනිජ තෙල් ඒකකයක මිල වැඩි වෙලා එම මිල , ඒකකයක් පොළවෙන් උකහා ගැනීමට වයකලයුතු මිලට වඩා වැඩි උනාම එතකොට එය පොළවෙන් ලබා ගැනීම ලාභ (feasible) දායක වෙනවා. එතකොට මිනිසුන් එය ලබා ගන්නවා. දශක ගානකට කලින් උතුරු මුහුදේ යට තිබෙන තෙල් ගැනීම ලාභ දායක උනේ නැහැ. දරන්න වෙන මුලික ආයෝජන වියදම වැඩි නිසා. දැන් ඕන තරම් ඔයිල් රිග්ස් තියෙනවා උතුරු මුහුදේ.

      Delete
  18. මාරයාගේ මාර අදහස්. රටත් වටී.රටට වටී.

    ReplyDelete
  19. සමහරු කියනවනේ මේ ජී.ඩී.පි එකෙන් 6% කියන එක පරණ එකඟතාවක් කියලා. නැහැ වැරදි. ඒ එකඟතාවට ඇවිත් තියෙන්නේ 2009, බංගලාදේශයේ ඩකා නුවරදි. ඒකට දකුණු ආසියාවේ අධ්‍යාපන ඇමතිලයි, වෙනත් ඉහලම නිළධාරීනුයි සහභාගි වෙලා තියෙනවා.

    එහෙම වෙන් කරන එකේ අරමුණ තමයි, අධ්‍යාපනය ලඟා කරගන්න බැරි දුප්පත් දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන එක.

    කියවලා බලන්න, පහතින් දැක්වෙන්නේ යුනෙස්කෝ එකෙන් ගහපු පොතකින් උපුටා ගත්තු කොටසක්.

    UNESCO, Reaching the Unreached in Education in Asia-Pacific to Meet the EFA Goals by 2015 a Commitment to Action
    ----------------------------------------------------------------

    (quote) South-Asia’s Mid-Term Policy Review Conference was held from 16-19 June 2008 in Kathmandu,Nepal. Following the May 2009 EFA Coordinators meeting reported in this document, the SouthAsian countries decided to make “reaching the unreached” the theme of the Second MinisterialMeeting of South Asia EFA Forum in Dhaka, Bangladesh (13-14 December 2009).

    At this meeting, "ministers" and high level government officials representing eight South Asian countries agreed to step up their efforts to eliminate illiteracy from the sub-region by 2015.

    Participants from Bangladesh,India, Sri Lanka, Pakistan, Nepal, Maldives, Bhutan and Afghanistan discussed the inclusion of out-of-school children from the most marginalized sections of society and the mobilization of resources for education.

    As part of the meeting, the "Dhaka Declaration" was formulated where countries committed to allocate 6% of their GDP for education. (/quote)

    UNESCO, Reaching the Unreached in Education in Asia-Pacific to Meet the EFA Goals by 2015 a Commitment to Action

    ReplyDelete
  20. 6% වැඩක් නෑ බං. ඔන්න ඔය උඹේ ඉස්කෝල කාලෙ කතාව ලියාගෙන යං.

    ReplyDelete
  21. නිදහස් අධ්‍යාපනය නැති රටවල පී.එච්.ඩි කරන ගමන් ටීචින් ඇසිස්ටන් කමක් අරගෙන ටියුෂන්,රෙජිස්ට්‍රේෂන් ෆීස් ගෙවාගෙන, කුලියට ඉන්න තැනක් හොයාගෙන, තුන් වේලම කඩෙන් කකා, සෙනසුරාදට හොදට බීල ජෝලිත් කරලා ඩොලර් තුන් හාරසීයක් ඉතුරු කරගන්නත් පුළුවන්.
    අනෙක් කාරණාව ඔය රටවල සල්ලි දීල ඉගන ගත්තට ප්‍රතිලාබ වැඩියි. රිසර්ච් කරන්න සල්ලි හම්බ වෙනව. දිගුකාලින ණය දෙනව. කරන වැඩේට වටිනාකමක් ලැබෙනවා. ඇත්තට ගත්තොත් බටහිර රටවල අධ්‍යාපනය අපට වඩා නිදහස්. අන්තිමට ඩොලර් හත් අට දහාක ජොබක් සෙට් වෙනව.
    මෙහේ ඩයල් හිතාන ඉන්නෙ එහේ පොරවල් සල්ලි නැතුව ඉගෙනෙ ගන්නෙ නෑ කියල.

    ReplyDelete
  22. ආචාර්ය වරු ස්ට්‍ර්යික් කොරති. ලමයි ගෙවල් වලට යති .. අපි පව් ඔ‍යි... මලක් කඩන්නවත් නෑ

    ReplyDelete
  23. රටක් ගොඩ නගන්නේ ඒ රටේ ගුරුවරු. හැබැයි අද හැමෝම වෛද්‍යවරු ඉංජිනේරුවෝ වෙන්න කතා කරනවා මිසක් ගුරුවරයෙක් වෙනන හිතන්නේ නෑ. අද ගුරුවෘත්තියට පිවිසෙන බහුතරයක් එක්කෝ වෙනත් රැකියාවක් හොයාගන්න බැරිවුන අය, සමහරු 2 වෙද්දි ගෙදර යන්න ඕනේ අය එහෙමත් නැත්නම් රජයේ රැකියාවක්ම හොයන අය. උගන්වන්න ආසාවෙන් ගුරුවරු වෙන්නේ අතලොස්සක් විතරයි. මේ හින්දමදෝ දිනෙන් දින ගුරුවරුන්ගේ ගුණාත්මක භාවය අඩුවෙනවා කියන හැගීමක් මට ඇතිවෙලා තියෙනවා. මේක පිටුපස්සේ තියෙන ප්‍රධාන සාධකය වැටුප හා වරප්‍රසාද. රටක් විදිහට අපි ගුරුවරුන්ට සළකනවා මදි. මේ හින්දම අද පිරිමි පාර්ශවය ගුරුවෘත්තියට පිවිසින්නේ හරිම අඩුවෙන්. මේ අවාසනාවන්ත තත්වය අද විශ්ව විද්‍යාල කරා පැතිරෙමින් පවතිනවා. ලංකාවටම විවි ආචාර්යවරු ඉන්නේ 5000ක් විතර. මේ අයට පඩි වැඩි කරන්න 1.8% ඉදන් 6% දක්වා අධ්‍යාපනයට වෙන් කරන්න ඕනේ නෑ. මේ 6% එක ළමයෙක් වෙනුවෙන් කරන වියදම වැඩි කිරීම. අද රටේ වෙලා තියෙන්නේ කොමිස් ලැබෙන අංශ වලට පමණක් වියදම් කිරීම මිසක් රටේ හෙට දවස වෙනුවෙන් වියදම් කිරීම නෙමෙයි.

    ReplyDelete
  24. මට වුනේ ඔකේ අනිත් පැත්ත, අපේ ඉංග්‍රිසි ටිච නම් හරිම හොඳයි,සමාජ අධ්‍යනය,විද්‍යාව,ඉලෙක්ට්‍රොනික්,සංගීතය වගේ විෂයන් උගන්නපු ගුරුවරු හරිම හොඳයි, ගණිතය උගන්නපු ටිච හරිම වසයි කැන්ටිමේ ඉන්නව දැක්කොත් කොසුපොල්ලකින් පිට මැද්දටමදෙනව, එත් උගන්නකොට හැමොටම සමානව හොඳින් ඉගැන්නුව බැරි වුනොත් ගනන හදන ක්‍රමය තෙරෙනකම් වෙනවෙනම ලමයිට හොඳින් කියලදුන්නා- ගනන් බැරි ලමයිට සැර වැර කලෙත්නැහැ, නමුත් සිංහල උගන්නපු ටිච හරිම කුහකයි, අහංකාරයි.... අනික මගෙ තාත්තා යුධ හමුදාවේ නිලදාරියෙක් නිසා එ දවස්වල මාව ගනන් ගත්තේ කුලියට මිනිමරන්නකුගෙ පුතෙක් ගානට.... හැබැයි මමයි පන්තියේ යාළුවොයි ටිචව සතපහකට ගනන් ගන්නෙ නැහැ, මට කිව්වා ඔලෙවල් සිංහල ෆෙල් වෙයිකියල,එත් මම C සාමර්තයක් අරගත්තහම ටිචට තරු පෙනුනා හැබැයි දැන්නම් පාර තොටකදි දැක්කත් ටිචම පැනල කතාකරනව, සැපදුක අහනව, මමත් කෙටි පිලිතුරු දිල ඉක්මනින්ම මාරුවෙනව...

    ReplyDelete
  25. ගුරුවරුන්ගේ පඩියෙන් 6%ක් අඩුකරලා පොලිස් නිළධාරින්ට දෙන්න ඕන

    ReplyDelete
  26. මේකේ comment එකක් ලියන පලවෙනි පාරද මන්ද. උඹ වගේම මමත් මම ගිය මොනරාගල වදිකුඹුර ඉස්ස්කොලේ සිස්සත්තේ පාස් වෙච්ච පළවෙනිය. ටියුෂන් ගිහිල්ලත් නැහැ. උඹේ පන්තියේ හිටපු අර කෙල්ලෝ දෙන්නා වගේ මගේ තාත්තත් ප්රින්සිපල් කෙනෙක් වෙච්ච නිසා අවුරුදු දෙකක්ම කලින් පන්තියට දාල තිබුන. වෙනස තමයි සිස්සතතේ පාස් වෙච්ච එකම එකාත් මමම වෙච්ච එක. වෙනස අංක දෙක: උඹ සිකුරුට්ටේක්‌ වෙලා (නරකට කිව්වා හෙම නෙවෙයි ඕන්) ඉන්දෙදි මම ඇමරිකාවේ ආණ්ඩුවේ Health Policy ලියන තැනට ආපු එක.

    හෙට ආයෙත් Green Card ලොතරැයිය පටන් ගන්නවා. http://travel.state.gov/visa/immigrants/types/types_1322.html
    කැමති එවුන් දාපල්ලා. උදවු ඕනනම් email එකක් එවපල්ලා. සල්ලි එපා. තැන්කු එකක් විතරයි ඕන.

    ReplyDelete