03 September 2012

රංගි අක්කගෙ මීයා කෝ..?

නෑනා මස්සිනා කතන්දර ඉතිං කවුද නොදන්නේ..? මේකත් මේ නෑනා මස්සිනාලගේ කතාවක්...


රංගි කියන්නේ මගේ ඇවැස්ස නෑනා පොඩ්ඩ... හැබැයි මට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල්... ආයේ ඉතිං ඕවානං මොනවද නේද..? මයේ නැහැනේ ඔය අර බේධ මේ බේධ..ජාතිද ආගංද කුලද මලද ඔය මොනවත් නැහැ..ඉතිං වයස් බේධයක් විතරක් තියාගන්න ඕනයෑ... හැබැයි ඉතිං ලිංග බේධේනං සලකනවා.. (මොනවා උනත් මංගල රනිල් බලකායේ එකෙක් නෙවෙයි නෙව...)

හරි අපි දෙන්නගේ කතාව කියන්ට කලියෙන් අපි යං ටිකක් ඈත අතීතයට... හරි දැන් ඔන්න දැන් වර්ථමාන දර්ශනය බොඳ වෙලා යනවා..ඒ අතරින් මතු වෙනවා කළු සුදු රූප රාමු පෙළක්... රයිටෝ... හිතා ගතෑකිනේ...

එක්දහස් නවසිය අසූ ගණන්වල කිව්වම දැන් ඉතිං දෑහෙන කාලයක් නෙව...මං තුමාටත් දැන් 33ක් කම්මුතුයි.. ඒ කියන්නේ මේක සිද්ධ වෙලා දැන් දශක තුනක් විතර ගෙවිලා හමාරයි... දෑහෙන කාලයක් උනත් තාමත් යන්තං යන්තං මට මේ ෂීන් එක මතකයි...

ඔය කියන ෂීන් එක වෙනකොට වෙලාව හවස හයට කිට්ටුයි... කලුවර වැටුනා නොවැටුනා... මේ තමා අපේ ගෙදර අලි නාවන වෙලාව.. ඒ කියන්නේ ඉතිං තාත්තා අපි දෙන්නව..(මල්ලිවයි මාවයි) අල්ලලා ඇඟ හෝදවන වෙලාව... දවස තිස්සේම හැම තැනම නටලා නටලා නාවර පෙරාගෙන ඉන්න යක්ෂ පැටවු දෙන්නෙක්ව මේච්චල් කොරගෙන හෝදවන එක ලේසි වැඩක්යෑ ආයිබෝං... හැබැයි අපේ තාත්තා ඕකට ලේසි සිස්ටම් එකක් හදාගෙන හිටියා... ඒ තමා ළිඳ ගාව තියෙන ටැංකිය...

දැන්නං මොන ටැංකිද ලිං ගාව.. හැබැයි ඒ කාලේ ඉට්ටැයිල් එක තමා ගෙදරට වතුර ගන්න ළි‍ඳේ ළිං පඩියෙම පැත්තක පොඩි ටැංකියක් බඳින එක... ඕක ඉතිං අහවල් රාජකාරියටය කියලා නිශ්චිත එහෙකට හදන එකක් නෙවෙයි..එක එක්කෙනා එක එක විදියේ වැඩ ගත්තා ඕකෙන්.. සමහරු වතුර පුරෝලා රෙදි පොඟන්න දැම්මා..සමහරු ඒකට වතුර පුරෝගෙන පොඩි කෝප්ප වලින් නෑවා..තවත් අය වී පල් කලා..ආයේ සමහරු ඕකෙම මඩ පුවක් වලක් හදා ගත්තා..ඔන්න ඔය ආදී වශයෙන් ඔය ටැංකි වලින් එක එක දේවල් කෙරුණා...

ඉතිං අපේ ගෙදරත් ඔහොම ටැංකියක් තිබුනා කියමුකෝ... හැබැයි ඕක පුරෝන එක ලේසි නැහැ..වතුර පානට්ටු පණහක් විතර අඳින්න ඕන ඕක පුරෝ ගන්න... ඒත් තාත්තා මහන්සි නොබලා හවසට ඕකෙන් බාගයක් විතර පූරෝලා දෙනවා..ආන්න එතකොට මමයි මල්ලියි ඇඳන් ඉන්න කලිසං කොට ගලෝලා දාලා හෙළු බැල්ලෙන්ම ඕකට පයිනවා...අපි දෙන්නා බැහැ ගත්තම වතුර ලෙවල් එක ටැංකි කට මට්ටමට ටිකක් විතර කිට්ටු කරනවා.. එයින් පස්සේ දෙන්නා ඕකේ ජබු ගගහා ටිකක් හිටියට පස්සේ තාත්තා අපිව උස්සලා එළියට ඇදලා ඇගේ සබන් ගාලා අතුල්ලලා කුණු යවලා ළි‍ඳෙන් ඇඳ ගත්තු වතුර පනිට්ටු දෙකක් ඇඟට වත් කරනවා... ඊට පස්සේ ආයේ ටැංකියට පයිනවා... ඒත් දෙවෙනි වටේ වැඩි වෙලාවක් ඉන්න දෙන්නේ නැහැ...ආයෙම ගොඩට ඇඳලා දාලා වතුර දෙකක් වක්කරලා ගෙට දු‍වන්න කියනවා... ඉතිං ගෙට දුවලා ඇවිත් තුවායක් හරි අම්මගේ පරණ චීත්තයක් හරි අරං ඇඟ පිහිද ගන්නවා... ඕක තමා අලි නාවන ක්‍රමේ...

ඉතිං මේ කියන දවසෙත් අලි නාවන ටයිම් එක ආවා... හැබැයි එදා පොඩි වෙනසක් ගෙදර තිබුනා.. ඒ තමා අලින්ට අමතරව තව ඇතින්නියෙකුත් සිටීම.. ඒ තමා රංගි...

රංගි කියන්නේ අපේ මෑණීයන් වහන්සේගේ එක කුස උපන් සහෝදරයාගේ දෝණි... ඒ කියන්නේ මයේ නෑනා පොඩ්ඩ...ඔය තමා මං දැකලා තිබුන අපේ මෑණියැන්දෑගේ පාර්ශවයේ එකම නෑනණ්ඩි... තාත්තාගේ පාර්ශවයෙන් දුරින් නෑනලා උන කෙනෙක්වනේ මං අර  වංගියක් බැඳලා ඩිවෝස් කොලේ... මතකයිනේ...

හරි දැන් ඩිංගක් අපේ මෑණියන්ගේ සහෝදරාදීන් ගැනත් ටිකක් විස්තරයක් කරලා හිටිමුකෝ...

අපේ මෑණියන්ට සහෝදරයින් දෙන්නයි...
සහෝදරියෝ පස් දෙනයි...
ඒ කියන්නේ අම්මත් ඇතුළුව පවුලේ ළමයි ගාන අට දෙනයි...

අම්මා පවුලේ හතරවැනියා..ලොකුම සහෝදරයයි..දෙවැනි සහෝදරයයි..තුන්වැනියට අක්කයි එයින් පසුව අපේ අම්මා..අවසානෙට බාල සහෝදරියෝ හතර දෙනයි... ඔය ටික පිළීවෙලට කිව්වොත් මෙන්න මෙහෙමයි..

ලොකු මාමා
දෙවැනි මාමා
ලොකු අම්මා
අපේ අම්මා
කිරි පුංචි
බිසෝ පුංචි
සුදු පුංචි
චූටි පුංචි...

රයිටෝ...ඉතිං මට නෑනලා වෙන්නනං ඔය මාමලාට දෝණිලා ඉන්ට එපැයි.. ඔයින් ලොකු මාමාව මම කවදාවත් දැකලා නැහැ... උන්දෑ මම ඉපදෙන්න ටික කලකට කලියෙන් මියෑදිලා තියෙනවා..ඒ කියන්නේ මං කවදාවත්ම දැකලා නැහැ... මං ඔය උඩු රැවුල වවලා මැරයා පාට් එකට ඉන්නකොට අපේ පවුලේ අය කියන්නේ මං ලොකු මාමා වගේ කියලා තමා... මාත් එකම එක පොටෝ කෑල්ලක් උන්දැගේ දැකලා තියේ.. (කථාව ඇත්ත.. ලොකු මාමාත් මගේ වගේම නළු ලුක් එක තියේ..:P)

ලොකු මාමටත් එකම එක දුවෙක් ඉඳලා තියේ.. හැබැයි මාමා පිළිකාවකින් අකාලේ මියෑදුනාට පස්සේ මමා බැඳලා හිටිය නැන්දා ඒ දෝණීවත් අරං එයාලැයි මහගෙදර ගෙහුන් තියේ... ලොකු මාමා හිතුවක්කාරෙට කර ගත්ත විවාහයක් හින්දා අපේ මෑණියන්ගේ පියාණෝ මාමාව අතෑරලා හිටලා තියෙන්නේ... දිරවන්න බඩේ බත් නැතත් ඔය මෑණියන්ගේ පියාණෝ හෙනට තමුන්ගේ පෙළපත් නාමය ගැන ලොකු ටෝක් දුන්න හාදයා... අර නැන්දා අපේ මැණියන්ගේ පියානෝට ගැලපෙනවා මදි කියලා තමා එයාලව පවුලෙන් කැපිලා තියෙන්නේ... ආන්න ඒ හින්දා ඒ ලොකු නෑනව මට දකින්න උනේ නැහැ කවදාවත්..

දැන් මේ කියන්නේ දෙවැනි නෑනා ගැන.. ඒ කියන්නේ අපේ පොඩි මාමාගේ දූ ගැන..පොඩි මාමාට පළවෙනි විවාහයෙන් දරුවෝ දෙන්නයි.. එයින් පළමු වැනියා පිරිමි දරුවෙක්... උන්නැහේ දැන් කුරුණෑගල පැත්තේ පැවිදි ජීවිතයක් ගත කරනවා.. දෙවැනියා තමා දූ හෙවත් දැනට මට ඉන්න වන්ඇන්ඔන්ලි නෑනාස්... ඔය ළමයි දෙන්නම හැදුනේ අපේ මෑණියන්ගේ මහ ගෙදර... ඒ කියන්නේ ෂීයා පප්පා ගාව... ඒකට හේතුව උනේ පොඩි මාමා තවත් විවාහයක් කරගෙන වෙනම පදිංචි වෙලා සිටීම...

ඔය කියන දවසේ අපේ ෂීයා පප්පයි..ආත්තම්මයි..තවත් කවුද කවුද වගේකුයි එක්කලා මේ ළමයි දෙන්නත් අපේ ගෙදර ඇවිත් හිටියේ.. ආන්න ඒ හින්දා දැන් මේ අලි නාවන අස්සෙම අලිච්චියොත් නාවන්න සැට් උනා... දැන් ඔන්න අර සුපුරුදු ආකාරයෙන් තාත්තා විසින් වතුර ටැංකිය පිරෙවුවා... මමයි මල්ලියි ගැලෙව්වා කලිසං කොට දෙක... පැන්නා ටැංකියට... ඔය අස්සේ රංගි අක්කා නොහොත් නෑනා පොඩ්ඩත් දුවං ඇවිත් මේකට බැස්සා...එයා ටැංකියට බැස්සෙත් අපි වගේම උනත්..මං එක පාරට දැක්කේ නැහැ සම්පූර්ණ තොරණේ විස්තරේ..මොකද ඒ වෙද්දී මං වතුරේ හිටු කියලා ජබු ගගහා හිටියේ...

ඔන්න එක පාරටම ඒ මාඤ්ඤමික මොහොත උදා උනා... අපි ටැංකියේ බිම වාඩි වෙලා වගේනේ හිටියේ.. එක පාරට රංගි අක්කා හිට ගත්තා... හුට්ටාරේ..හුට්ට පටාරේ...

මං දැකපු දෙයින් මාව කරකෝලා අතෑරියා වගේ උනා... ඒත් එක්කම ඒ දැක්ක දර්ශනය මහා හඩින් කෑ ගහලා මං රැස්ව සිටි හැමෝටම කිව්වා...

"රංගි අක්කගේ මීයා කපලෝ ඕ ඕ ඕ......"

-------------------------------------------------

ඔය ෂීන් එක අදටත් අපේ පවුලේ අයට හොඳට මතකයි වගේම ඒ දවස්වල හෙනට නැගලා ගියා පවුලේ කස්ටිය එක්කාසු උන දවසට... මුලින් මුලින්නං මට ගානක් නැති උනාට පස්සේ පස්සේ ලැජ්ජත් හිතුනා.. ආයේ ඉතිං මෑතක් වෙද්දී ඕක මටත් ගානක් නැතිව ගියා... ඔය වයසෙදී කවුද අප්පා ඕවා දන්නේ..?


109 comments:

  1. හික්ස් !! දැන් ඔය ගැන කියන කොට මාරයාට පොලොව පලාගෙන යන්න හිතෙනව ඇති නේ
    //මාඤ්ඤමික මොහොත // ඒ මොකද්ද හැබෑටම

    ReplyDelete
    Replies
    1. බොලේ මං එකද කොහෙද

      Delete
    2. මාඤ්ඤමික කියන්නේ මාඤ්ඤමික වෙනවට අප්පා...

      Delete
    3. ඔය වචනෙ කියන්නේ සමීර මල්ලියි, මාරයා අයියයි විතරයි.

      Delete
  2. Replies
    1. හහ් හහ් හහ්!

      Delete
    2. යන්තං අදනං ඉලක්කං හරි ගිහිං...

      Delete
    3. ඇයි අනේ ඔය ඊයෙ පෙරේදත් මම එක වෙලා තිබ්බෙ. මටනං ඕං ඉලක්කං වරදින්නෙ නෑ ඔය අනික් අයට වගේ

      Delete
  3. :D :D :D

    සිහිසුන් වෙලා හිටපු මාරයට නූල් බදින්නත් උනාලු..

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් ටිකක් බයත් හිතුවා..පස්සේ ආයේ මීයා කපපු තැන තුවාලේ තව ටිකක් හොඳට බැළුවා...

      Delete
  4. අඩේ අප්පේ...අර අක්කා බලන්න ඇති මොකක් කියනවාද කියලා.

    ReplyDelete
  5. මාර පෙළපතේ සියලු විස්තර අඩංගු වීම තමා වැදගත් ... :)
    බූක් මාක් එකක් දා ගන්න ඕනේ ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම..මේ ටික කියලා තිබ්බම ආයේ පවුලේ කතාවක් යද්දී මේතනට ලින්ක් එකක් දුන්නම ඇති...

      Delete
  6. ඕකනෙ කියන්නෙ බං. ඇත්ත කියන එකා තමයි කවදත් කුජීත.

    ReplyDelete
  7. අපෝ හරිම පෝරිසාදයෙක්නෙ .
    …දැන් කවුද කීවෙ අය්යට තියෙන්නෙ නළු ලුක් එකක් කියල , කන්නාඩි දාන එක්කෙනෙක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව්ව මේ ඔයාලගේ ඉරිසියාවට කියන කතා අපි ඔව්වට උත්තර දෙන්නේ නැහැ...

      Delete
  8. ඔය කියන ෂීන් එක වෙනකොට වෙලාව හවස හයට කිට්ටුයි... කලුවර වැටුනා නොවැටුනා...

    කළුවර වැටුන නොවැටුණු වෙලාවේ ඕක පැහැදිලිව පේන්න උවමනාවෙන්ම හොඳට බලන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. නොබලා කොහොමද..හොඳට බැළුවා..එදාමනේ මෙහෙම ෂීන් එකක් දැක්කේ...

      Delete
    2. ඕක තමා මාරයියේ කියන්නේ දිව බොරු කියන්නේ නෑ කියල (අතද මන්දා)

      Delete
    3. ආයේ ඉතිං බොරු මොටද.. මංනං දැන් උනත් ඔහොම ෂීන් එකක් දැක්කම උනන්දුවෙන් බලනවා... මං කිව්වේ අපි හොඳට දැන හදුනගන්න එපෑ නැද්ද මං අහන්නේ...?

      Delete
  9. තාත්තා ගෙදර අලි දෙන්න නාවපු විදිහ හරි අපුරුයි...

    ReplyDelete
    Replies
    1. ඔහොම නොකලනං කොහොම නාවන්නද හොර අලි...

      Delete
  10. සිරි රාවණ හත් දෙයියනේ? අම්මෝ මගේ ඉල ඇදුන...

    ReplyDelete
    Replies
    1. සිරි රාවණ හත් දෙයි..?සෑහෙන්න බොන්න ඕන පුරස්නයක්...කොහොමද හතක් උනේ..?

      Delete
  11. පට්ට! ආයෙ කියන්න දෙයක් නෑ හොඳට හිනා ආව.

    ReplyDelete
  12. දකින හැම දේම කියන්ඩ යන්ඩ එපා බං. නිසි අධ්‍යනයක් කරලයි ඒ ගැන ප්‍රකාශ නිකුත් කරන්න ඕනැ!:P
    .............

    චාලි මුදලාලිගේ ලිදෙත් ඔය විදිහෙ ටැංකි දෙකක් තිබුනා. එක ටැංකියකට වතුර පනිට්ටුවෙන් හලන්න පුලුවන් දුරින්, ඒ කියන්නෙ ලගම හදලා තිබුනා. ඒක පොඩියි. ඔය උඔ කියන රාජකාරි වලින් බාගයක් විතරයි ඒකේ කරන්නෙ. ඒ කියන්නෙ අපි නාන්නේ කරන්නෙ, හරක් වතුර බොන්නේ ඒ ටැංකියෙන්.:)

    අනිත් ටැංකිය ජාති ටැංකිය. ඒක මහ විසාල එකක්. සාමාන්‍යයෙන් ඒ කාලේ මං වගේ දෙකක් තුනක් ඇති. ඒක පිහිටලා තිබුනෙ ලිදට ටිකක් දුරින්. ඒකට වතුර පුරවන්නෙත් ජාති ක්‍රමේකට. ඒ ලිඳ ලග ඉදලා සිමෙන්තියෙන්ම පීල්ලක් හදලා තිබුනා ඒ ටැංකියට. චාලි මුදලාලිලාගේ වත්තෙ වැඩ කරන අය උදේ පටන් ගත්තම සෑහෙන වෙලාවක් අර පිල්ලට වතුර දාලා දාලා තමා ටැංකිය පුරවන්නෙ. ඒකේ කෙරෙන්නෙ පොල්අතු පොඟවන, මට්ටා තෙමන, මුදලාලිගේ නරක් ‍වෙන්න කිට්ටු කරලා තියෙන කොප්පරා හේදිලි වගේ ජිගිරිබිගිස් වැඩ.

    වැදගත් ම දේ ඔය එකක්වත් නොකෙරෙන වෙලාවට අර පීල්ලට වතුර දාලා පීල්ලෙ තියෙන පාසි පෙගුනට පස්සෙ පීල්ල දිගේ ලිස්සලා ටැංකිය ගාවට රූට රූට යමින් සෙල්ලං කරන්න තියෙන අවස්ථාව.

    ReplyDelete
    Replies
    1. ඕනවට වඩා අධ්‍යයනය කරන්න ගියොත් කියැවෙන්නේ හිතට ආව දේ නෙවෙයි වෙන අයගේ මතිමතාන්දර... අර මුළීන් හිතුන දේ අව්‍යාජයි..මෙව්වයි..:D

      පීල්ල දිගේ ලිස්සුව වගේ නෙවෙයි අර පොල් අතු ටැංකියට වැටිලා පෂ්ෂ පැත්තේ පොල් නාරටියක් ඇණුනනං...

      Delete
  13. මේ ටික කියන්න මොකටද අප්පේ මෙච්චර පරම්පරා විස්තරයක්.. මුල් ටික කියවද්දිම සීන් එක තේරුනා..

    ReplyDelete
    Replies
    1. පරම්පරා විස්තරේ කියාගෙන ආවේ ඉස්සරහට ලියන්න යන කතාවලට උපකාරයක් වශයෙන්... බලමුකෝ ඊ ළග කතා ටිකෙන් ඔය ටික ලිව්ව එක අහක යයිද කියලා.. :)

      Delete
  14. හ්ම්ම්ම්ම්ම් උඩු රැවුල වවන්න ඕනි නළුවෙක් වගේ පේන්න.. සහතික ඇත්ත !

    ReplyDelete
    Replies
    1. අම්මා ගහයි බැට් එකෙන්..... උඩු රැවුල වවන හැම එකාම නළුවෝ වෙනවද වෙනියෝ...

      Delete
    2. නැතුව නැතුව... නළුවො වගේ පේනවා !

      Delete
    3. මූ අහක යන බෝලෙට ගහලා ලකුණු ගන්න හදනවා නේද..?

      Delete
    4. එතකොට යට රැවුල වැවුවම මොකෙක් වෙනවද දන්නෑ.

      Delete
  15. හික් සිරාම සීන් එකක් නේ..බකස් හඩින්ම හිනා ගියා.. ඉස්සර අපිත් ඔහොම ලිඳ ගාව නෑව.. හැබැයි ටැංකියක් තිබ්බෙ නෑ.. කෙලින්ම බාල්දියෙන් ඇඳල තාත්ත ඔලුවට හලනවා.. ෂවර් එක වගේ ඉතින්...

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව්..ෂවර් වලින් කවදාවත් එහෙම සනීප වතුර පාරක් වැටෙන්නේ නැහැ අප්පා... ආයේ ඉතිං එහෙම නෑමක් කොහොම නාන්නද..?

      Delete
  16. සුපිරි !

    මාරයාට හොද කතා සැට් එකක් මතක් වෙලා :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ කිව්වා... මතක් වෙනවා ආයේ අමතක වෙනවා... හිටි හැටියේ මතක් උන වෙලාවට ලිව්වොත් ගොඩ යනවා...

      Delete
  17. හක් හක් හා,,,,,, මේ පෝස්ට් එකනම් උඹේ පොපියුලර් පෝස්ට් වල උඩටම එනවා.. මටත් හිටියේ අක්කලා තුන් දෙනෙක්.. මටත් නිතරම ඔය ප්‍රශ්ණේ ආවා..ඒත් කාගෙන්වත් ඇහුවා කියලා මතකයක් නෑ...

    ReplyDelete
    Replies
    1. නිතර දකින කුකුළා නෙව...

      Delete
  18. aiyyo meeya..hina wela pana yanawa.kalin bande ara aiyawa wadagena giya kena neda?

    ReplyDelete
  19. ක්‍රොමොසෝම වල වෙනසනෙ අයියා........ ඕක කෑගහන්න දෙයක්ද !! :D

    ReplyDelete
    Replies
    1. ඔයානං කියයි..මංනේ දන්නේ මම බය වෙච්ච තරම..ඇයි වදේ කවුද දන්නේ ලොකු වෙනකොට එහෙම හැමෝගෙම මීයා කපනවද කියලා... එහෙම උනොත් මගෙ මීයටත් සොරි ඩොට් කොම්නේ..ඉතිං බය නොවී තියෙයිද..?

      මොකක්ද ඔය ක්‍රොමොසෝම කිව්වේ..අදයි ඇහුවේ...

      Delete
  20. ටැංකිය හදපු මුල් කාලේ ඕකට වැඩ තිබ්බට පස්සෙ පස්සෙ ඒකත් බල්ලටම ගියා.ඊට පස්සෙ අපිනම් ඒකෙ වෙල්මාළු ඇතිකළා.පරණ මතකයක් ඇවිස්සුවා...

    ReplyDelete
    Replies
    1. පස්සෙන් පහු කාලෙක මාත් ඕකේ මාළු හදන්න හැදුවා ඒත් හරි ගියේ නැහැ... පස්සේ වතුර මෝටර් කරන වෙලේ මම ඕක හිල් කරලා බට දාලා මෝටරේ ඒක ඇතුලේ හයි කරලා උඩින් වහලා දැම්මා...

      Delete
  21. හි හි.. කොල්ලා ඇත්තනේ කියලා තියෙන්නේ... පොඩි කාලේ මොනවද කියලා අගක් මුලක් නැති උනාට ඕවා හොදට පේනවා..... අම්මලා තාත්තලා අමාරුවේ වැටෙන්නේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම......

    ReplyDelete
    Replies
    1. හප්පා ඒ දවස්වල මට තිබුන ප්‍රශ්න... එකෙක් හිටියේ නැහැ ඒවට උත්තර දෙන්න... හැම කෙනාම බොරුනේ කියන තරමක් කිව්වේ...

      Delete
  22. පොඩි කාලේ මටත් තිබ්බ ලොකු ප්‍රස්නයක් තමා..

    ReplyDelete
  23. වස වැරද්ද මාරයෝ. හිකිස්...!

    ReplyDelete
    Replies
    1. වස වැරැද්ද කියන්නේ වසම වසයි...

      Delete
  24. කතාව නම් හරිම මාන්දමිකයි :D

    ReplyDelete
  25. අපේ අත්තලාගේ ගෙදරත් තිබ්බ ඔයින් ටැංකියක්.... ඒක නම් බට වලින් වතුර පුරවා ගන්න එකක්...
    මට නිකන් මැවිලා පේනවා.. මර අයිය කෑ ගහනවා.. රංගි අක්කා වට පිට බලනවා. මල්ලි උඩ බිම බලනවා.. මුට මොකද්ද උනේ කියල....
    ඇත්තටම මීයට මොකද උනේ...?...

    ReplyDelete
    Replies
    1. මීයට වෙච්ච දේ ඒ වෙනකල් කවුරුවත් දැනං හිටලා නැහැ නෙව... මං පෙන්නුවම තමා හැමෝම ඒ ගැන දැන ගත්තේ.. ඕං බලමු මං ඔය හැම දේම ගැන අවධානයෙන් ඉන්න හින්දා හොඳයි...

      Delete
  26. ඇති ඒක විතරක් දැක්කා....

    ReplyDelete
    Replies
    1. එයිට වඩා දකින්න දෙයක් තිබ්බේ නැහැනේ අප්පා... දකින්න ඕන දේ එතැන නැති උන එකනේ මං බය වෙන්න කාරණාව උනේ...

      Delete
  27. අඩේ එළ කථාව... රංගි අක්කා කෝ දැන් ?

    ReplyDelete
    Replies
    1. එයාද..? එයා ගැන කතාව තාමත් ලියැවෙනවා.. ඒ කියන්නේ එයා අදටත් මගේ එක කතාවක්...

      Delete
  28. හුට්ටාරේ..හුට්ට පටාරේ...

    මරේ මරු

    අපේ ලොකූ කෙල්ල දවසක කියනවා

    " තාත්තියෝ මල්ලිලාට තියෙන්නේ චූ කූරක් නේද "

    ඔය අවයව හින්දා වෙච්ච වැඩක් මෙන්න

    http://atampahura.blogspot.com/2012/04/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. කෙල්ලට යමක් කමක් තේරෙන හැඩයි...

      Delete
  29. හිහිහී.... :) මම නම් පොඩි කාලේ දවසක් අපේ අම්මාගෙන් ඇහුව්වලු ඇයි අම්මේ පිරිමි ළමයින්ට වැඩිපුර කෑල්ලක් තියෙන්නේ අපිට නැත්තේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඇතුවත් බැරි..නැතුවත් බැරි වැඩිපුර කෑල්ල... තිබුනනං කියයි අම්මේ මේක හින්දා තියෙන වදයක් කියලා...

      Delete
  30. ඒ කාලෙනෙ ඉන්න තිබුනේ. අයිඩොන්ට් නෝ වයි.

    ReplyDelete
  31. පියාණන් වහන්සේ ඔළුවට ඇද බාපු ටොක්කේ විස්තරේ කිව්වේ නෑනෙ :-)

    ReplyDelete
    Replies
    1. හපොයි අපේ පියාණෝ කටින් මිස අතින් පයින් ගැහිලි නැහැ...

      Delete
  32. නෑනා පොඩ්ඩ ඇහුවළු.

    කෝටු මොටෝ මලේ - සූ කලන්නනේ...
    බෝල මොටෝ - ඉට්ටයිල් එකටනේ...

    ReplyDelete
    Replies
    1. ඉට්ටයිල් තමා ඉතිං යන්තං හරි පාරක් වැදුන වෙලේට...

      Delete
  33. මම හිතුවේ අර බ්ලොග් ලියන රංගි අක්කා කියලා නෙව.පුංචි කාලේ මාරයා හරි අහිංසකයි නෙව.

    ReplyDelete
    Replies
    1. දැන් කියලත් වෙනසක් නැහැ අපි හරි අහිංෂක.. ඇල්වතුරත් නිවලයි බොන්නේ...

      Delete
  34. අපේ ගෙදර හිටපු පූසි පැටව් දැම්මා. ඔන්න ඉතින් අපේ ගෙදරට ආපු ඇන්ටි කෙනෙක් පැටව් උස්ස උස්ස "මූ බැළලියක්" "මූ ගඩ්ඩේක්" කිය කියා කියෝනවා. ඉතින් එයා ගිය ගමන් මන් අම්මගෙන් අහපු ප්‍රශ්නෙ තමයි

    "කොහොමද අම්මේ පූස් පැටව් උස්සලා එහෙම කියන්නෙ? අනේ කියන්නකෝ"

    අම්මප මුන්ටත් තියෙන ප්‍රශ්න.

    ReplyDelete
    Replies
    1. මටත් ඉස්සර හෙන ප්‍රශ්නේ ඔය සත්තුන්ව කොහොමද හදුන ගන්නේ කියලා...

      Delete
  35. හිනා වෙලා පණ යනවා බොල :ඩ්

    ReplyDelete
  36. මාරයා අයියා! එකෙන්ම මේක මං කියෝපු එලම කතාවක්! ලකුණු 100යි!

    ReplyDelete
  37. අපේ ගෙදර ටැංකියේ මං ඒ ලෙවල් කරන කාලෙ පරිසර පද්ධතියක් හැදුවා. එතනින්ම ටැංකියේ වැඩ ඉවරයි. ලිදෙන් ඇදගෙන නාන තරම් සැපයක් කොහෙද ෂවර් වල.

    ReplyDelete
    Replies
    1. පරිසර පද්ධතියක් හදන්න නෙවෙයි ඉබේම උනත් හැදෙනවා ඕක සුද්ධ නොකර තිබ්බොත්... හප්පා එතකොට ඉතිං පොල් ලෙල්ලක් දෙකට කපලා සුද්ධ කරහංකෝ පණ යනකල්...

      Delete
  38. නියම කතාව බං.
    උඹ කෑගැහුවට පස්සෙ උඹලයි මලයට ඊට වැඩිය මාඤ්ඤමික වෙන්න ඇති.

    උඹට බැරිද අර බුද්ධියට කියල මේකට චිත්‍රයක් ඇඳගන්න. හැබැයි ඉතිං තැං කීයකට කියල කොටු දාන්නද?
    එක්කො ඒක ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. අනවශ්‍ය යෝජනා විතරක් කරන්න එපා..මේක ඇන්දොත් මංතුමා හෙලුවැල්ලෙන්නෙව..අනිත් උන්නං කෝම උනත් එකයි..ඒත් මං...

      Delete
  39. අපේ ලිඳෙත් ඔය වගේ පැත්තකින් ටැන්කියක් තියෙනවා. අපි නම් ඒකෙ මාලු ඇති කරනවා.

    ReplyDelete
    Replies
    1. හුඟාක් ටැංකිවලට අන්තිමට සිද්ධ වෙන දේ තමා...

      Delete
  40. අපිත් ඉස්සර 4 විතර වෙද්දී ඇඟ සෝදලා හෙම ගෙට එන්නේ ළමා ගී ..හඳ වගේ ළමා වැඩසටහන් අහන්න . අපෝ ළමයි හෝදන එක අලි නාවනවා වගේ තමයි . එක්කෝ උන්ට ඕන නැහැ . හැබැයි වතුරට දැම්මම ගන්න බැහැ . ඔය අවයව සම්බන්ධ ප්‍රශ්න නම් ඉතින් ඕන නැහැ .අපේ එව්වෝ නම් පීනන්න ඇඳුම් මාරු කරද්දී කොල්ලෝ කෙල්ලෝ එකට දැකල මගෙන් ඕව අහන්න ආවේ නැහැ . උන් උන්ම ප්‍රශ්නේ විසඳ ගන්න ඇති . මේ ලඟදි මගෙ යාලුවෙක්ගෙ අවුරුදු 3 කොලුවා අය්යට කිව්වලු අය්යේ ගැහැණු ළමයි පිපි දාන්නේ බඩෙන් කියල .

    ReplyDelete
    Replies
    1. පුදුමයි බනියා ඔය සම්බන්ධව ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් නොකලා කිව්වමත්...

      Delete
  41. අපේ දුව කියන එක කියලා මොකට ළමයාව අපහසුතාවට පත් කරනවද කියලා හිතලා ඔන්න ඔහේ මෙන්න මං ගියා..... :)

    ReplyDelete
    Replies
    1. ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති කිරීම සම්බන්ධව මාගේ විරෝධය...

      Delete
    2. මාරයා සමග එකඟ වෙමි

      Delete
    3. උඹ ඔය මං කියපු එහෙකට එකඟ උනාමද මංදා...

      Delete
  42. (කථාව ඇත්ත.. ලොකු මාමාත් මගේ වගේම නළු ලුක් එක තියේ..:P)

    හියැක් හියැක් හියැක් හූ..................

    (බඩ කොර වී)

    ReplyDelete
  43. /*--වෙලාව හවස හයට කිට්ටුයි... කලුවර වැටුනා නොවැටුනා... මේ තමා අපේ ගෙදර අලි නාවන වෙලාව----*/

    මරේ මරු

    ReplyDelete
  44. maraya niyama heluwek. podi kale indalama heluwa gana hondata adyanaya karala thiyenwa
    ko meepalane meeya.

    ReplyDelete
    Replies
    1. හෙළුව කිව්වම ඇගේ ලේ කුපිත වෙනවා ආයිබෝං... රාවණ සිද්ධම්..!

      Delete
  45. ඔයිං ගියා මදෑ....

    අම්මේ මාරයා ගම්පහ ඉදන් ජාඇලට යන්න පැලියගොඩ නුවර පාරේ ඇවිත් මීගමු පාරේ ගිහින්නේ....

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න උනේ ඊ ළඟ කතාවලදී වංගු නැතිව කෙලින් යන්න පහසුකම හදා ගන්න ආයිබෝං...

      Delete
  46. What a funny story!I think u are a modern andare and thank u for keeping us entertained.I like to give comments in Sinhala but the problem is my Sinhala typing is very very slow.

    ReplyDelete
  47. මරයා තැපිලයි කියල ඇහුවෙ නද්ද

    අර ගෑල්ලමයට,, විලිලැජ්ජවෙ සන්තොසෙ බැරිවෙන්න ඇති

    ReplyDelete