මං මුලින්ම කිව්වනේ අපේ අය හරි පුදුම මිනිස්සු කියලා... කතාව කියලා අහවර කරන්නත් කලියෙන් අර ඉංගිරිසි ටීචර් පටලෝගෙන වැඩේට..හා හා ඒකෙන් කාරි නැහැ..අර කිව්වත් වගේ අපේ මිනිස්සු පුදුම ජාතියක් තමා...
කොහොමින් හරි කොළඹ ගියා කියමුකෝ... ඒක පට්ට වාත කේස් එකක්.. උදේ හතර හමාරට විතර ඇහැරගෙන මහ පාන්දරින්ම බස්වල ගාටගෙන ගිහිල්ලා ආයේ හවස හතරට විතර ගෙදරට කඩං පාත් වෙන සීන් එකක් තමා මට සෙට් උනේ... මුල්ම මාස කිහිපය පාසල් වෑන් රථයක ගියා උනාට ඒ වියදම තාත්තට දරන්න අමාරුයි කියලා තේරුන හින්දම මං ඉක්මනටම බස්වලට හුරු උනා... ඊ ළගට සීසන් එක තියං සීටීබී එනකල් අහසට වැඳ වැඳ හිටිය කාලේ... ඒවා ගැන කතා කරන්න ගියොත් තව කියන්න ජාති අපමණයි... සීසන් ටිකැට් එකත් නිදහස් අධ්‍යාපනයේම කෑල්ලක් කියලයි මට හිතෙන්නේ.. එහෙම බැළුවම අර මේ ටිකේ කෑ ගහන විමල් ගොයියා කියන්නැහේ ඔය සීයට ගානින් මනින්න බැරි කොච්චර දේවල් තියේද..? හැබැයි ඉතිං සීසන් එකක් අරං ප්‍රයිවට්වල යන්න වීමේ අභාග්‍යත් ඒ හා එක්කම එන කතාවක්... අපි ඒවා අල්ලලා දාමු...
දුප්පත් දරුවෙක් හැටියට මටත් රජයෙන් ලැබෙන ශිෂ්‍යත්ව ආධර මුදල ලැබුනා... මුල්ම කාලේ ඒක රුපියල් 100යි... මේ කියන්නේ 1989 වගේ... ඒ කාලේ සීසන් එකත් රුපියල් 57යි.. ඒ කියන්නේ රුපියල් සීය ගත්තම සීසන් එකනං ගත්තෑකි... ඒත් අවුලකට තිබුනේ ඔය 100වත් හම්බ වෙන එකේ පිලිවෙලක් තිබුනේ නැති කමනේ... මාසයක් ගානේ ඕක නියම විදියකට හම්බ වෙනවනං ඒකේ පොඩි හරි සහනයක් තියෙනවා.. ඒත් ඒක හම්බ වෙන්නේ අවුරුද්දක් විතර එකට එකතු උනාම...සමහර විට එයිටත් වඩා කාලෙකින්.. ඔහොම ගිහිල්ලා අවුරුදු තුන හතරකින් විතර ඔය ආධාර මුදල වැඩි උනා රුපියල් 60 කින්.. ඒ කියන්නේ රුපියල් 160ක් උනා... ඒ රුපියල් 60 වැඩි කලේ ප්‍රේමදාස මහත්තයා විසින්... ඒත් එයින් පස්සේ අර කාලෙකින් හම්බ වෙවී තිබුන මුදලත් නැති උනා... ඔය අස්සේ ප්‍රේමදාස උන්නැහේ මැරුණා..විජේතුංග උන්නැහේ ආවා... ආධාර මුදල් තාමත් නැහැ...අන්තිමට ආවා මැඩොං... බඩුම තමා 160 මුදල කෙලින්ම 240ක් කලා... මුලින්ම අර පරණ එකතු වෙලා තිබුන හිග මුදලෙන් බාලයක් විතර ලැබුනා.. එයින් පස්සේ ටිකක් විතර ඕක ක්‍රමවත්ව ගෙවුනා උනත් තවත් අවුරුද්දක විතර සල්ලි මට එන්න තියෙනවා මං හිතන්නේ.. ඒ තමා නිදහස් අධ්‍යාපනයෙන් මට හිමි උන ශිෂ්‍යාධාර වල කතාව...
ඊ ළඟට පාසල් ගාස්තු..පහසුකම් ගාස්තු.. සහ අමතර මුදල් එක්කාසු කිරීම්... මේ ගැනනං මං අමුතුවෙන් කියන්න ඕන නැහැ..මගේ පාසලට ගිය අය වගේම කොළඹ පාසල් ගිය බොහෝමයක් දරුවන්ට ඒ ගැන අවබෝධය ඇති... ගමේ ඉස්කෝලෙදී අවුරුද්දටම රුපියල් 3ක් වගේ ගෙවුව මට එක පාරටම අවුරුද්දකට රුපියල් සීයකට එහා ගිය පහසුකම් ගාස්තුව වගේම මාසයක් ගානේ මොන මඟුලකට හරි කියලා එකතු කරන රුපියල් පණහ හැට ආදී වියදං දරාගන්න එක් ලේසි උනේ නැහැ... බාටා දෙක දාං ඉස්කෝලේ ගිය මට කොළඹ යද්දී එහෙම පුළුවන් උනේ නැහැ කියන එකයි ඒ හැම දෙයක්ම සල්ලි කියන එකයි අමුතුවෙන් කියන්න ඕනයෑ...
ඔය කාලේ වෙද්දී අපේ පවුලේ ස්ථීර ආදායම උනේ අම්මා රට ඉඳන් එවන රුපියල් 2500 තමා... ඒකෙන් අපි තුන් දෙනෙක් කාලා ඇදලා ඉන්න ගමන් නඩුවක් කියන්නත් තිබුනා... තාත්තට අමුතුවෙන් කීයක්වත් හොයන්න යන්න විදියක් තිබුනේ නැහැ අපි දෙන්නෙකුගේ වැඩත් එක්ක... එහෙම තියෙනකොට මාසෙකට සැරයක් මොන හේතුවක් හරි කියලා ඉස්කෝලෙන් මුදල් ඉල්ලනකොට ඒකේ අමාරුව දන්නේ අපි විතරයි...
අපේ ඉස්කෝලේ හය වසරේ ඉඳන් ඉහලට එක් වසරක් සඳහා පංති දහයක් විතර තිබුනා... ඒ පංති වැඩි හරියක්ම පහේ ශිෂ්‍යත්වෙන් සමත් වෙලා ආව ළමයි හිටියේ... අපේ පංතියේ හිටිය ළමයි 40 හම එහෙම අය... ඒ 40න් ළමයි තුන්දෙනයි හිටියේ ශිෂ්‍යාධාර මුදල් ලැබෙන.. එයින් එක ළමෙක් අපි තරමට අමාරු පවුලක නෙවෙයි.. ඒ හින්දා ඒ හැටි ගානක් නොදැනුනත් මටයි අනිත් ළමයටයි පුදුම දුකක් විඳින්න වෙලා තිබුනේ මේ එකතු කරන අමතර මුදලත් එක්ක... පංතියේ හිටිය අමතර පංතියකට නොගිය එකම ළමයි දෙන්න උනෙත් අපි දෙන්නා... ඒ වගේම කාලෙකට ටික කාලෙකට පස්සේ ඉස්කොලේ සමාජසේවා අංශයෙන් ආධාර ලබන ගොඩටත් ගියේ අපි දෙන්නා... සමාජ සේවා අංශය මගින් සීසන් එක ගන්න සල්ලි දෙන්න ගත්තම ඒකෙන් මට ලැබුනේ තරමක සහනයක්... සපත්තු ගන්න මුදල් දෙන කතාවක් කිව්වත් ඒකනං ලැබුනේ නැහැ... අර සීසන් එකේ සල්ලි ගන්නත් දෙතුන් වතාවක් රස්තියාදු වෙන්න උනා... සමාජ සේවා අංශය නැතත් අඩුම ගානේ අපි වගේ ශිෂ්‍යත්වය සමත් වෙලා ආධාර යටතේ ඉගෙන ගන්න පාසල් එන දරුවන්ගෙන් පාසල් ගාස්තු පහසුකම් ගාස්තු වැනි අමතර මුදල් එකතු නොකරන තත්වයකටවත් පාසලේ ප්‍රතිපත්තියක් තිබුණනං කොයි තරං හොඳද කියලා මට ඒ දවස්වලත් හිතුන දෙයක්.. අඩුම ගානේ මේක ලිව්වට පස්සෙවත් ඒක දකින කවුරු හරි පාසල් සංවර්ධන සමිතියකදී හරි ඔය ටික කියලා අදටත් මගේ මට්ටමේ ඉඳන් ඉගෙන ගන්න දරුවන්ට ඒක ලොකු උදව්වක් වෙයි...
මා නොදැක්ක ඒ පුර හඳ උන්ට හරි දකින්න බැරියෑ...
ඇත්තටම එක එක වියදං කියාගෙන එන මුදල් එකතු කිරීම් වල හැටියට පාසල් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයද කියලා දහ පාරක් හිතන්න මට වෙලා තිබුනේ... මට හොඳට මතක තියෙන අවස්ථා කිහිපයක් තියෙනවා ඔහොම එකතු කරපු මුදල් ගෙවන්න හැටියක් නැතිව මං ඉස්කෝලේ නොගිහින් හිටිය දවස් ගැන... එයින් හොඳටම මතකයක් තියෙන එකක් තමා එක පාරක් පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ හිටිය ක්‍රීඩකයෙක්ගේ මල්ලි අසනීප වෙලා ඒ වෙනුවෙන් සිදුකල සැත්කමක් වගේ දේකට හැමෝගෙන්ම මුදල් එකතු කරපු අවස්ථාව... ඒක ගෙවාගන්න විදියක් නැතිව මං දවස් දෙකක් පාසල් නොගිහින් හිටියා... ඒත් එක්කම ආවේ සති අන්තය හින්දා දවස් හතරකින් පස්සේ බොහෝම අමාරුවෙන් හොයා ගත්ත රුපියල් පණහත් අරං ගිහිං තමා යංතං බේරුනේ... ඒවා පිං අතේ වැඩ තමා... මං ඒකට මොනවත් කියන්නේ නැහැ..ඒත් ඒ මුදල හොයා ගන්න ඒ වෙලේ තිබුන අමාරුව දන්නේ මමනේ... ඒ මුදලින්වත් ඒ මල්ලිව බේරගන්න උනේ නැහැ... මල්ලිට වියදං කරලා ක්‍රිඩකයාගේ පවුලේ අයත් ඇත්තටම හුඟක් අමාරුවේ වැටිලා හිටියේ.. දැන්නං දෙයියනේ කියලා මෑන් හොඳ තත්වෙකින් ඉන්නවා.
ඊ ළඟට කියන්න තියෙන්නේ මං සෞන්දර්ය විෂය හැටියට සංගීතේ තෝරාගත්ත කතාව...
මට උපතින්ම චිත්‍ර ඇඳීමේ හැකියාවක් ආසාවක් තිබුනා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි... සංගීතේ ගැන එහෙම ආසාවක් මට තිබුනේ නැහැ... නැටුම්වලට කිසිම හැකියාවක් තිබුනේත් නැහැ... කොහොම හරි මට හය වසරෙදි තෝරගන්න තිබුනා සෞන්දර්ය විෂයක් හැටියට ඔය විෂයන් තුනෙන් එකක්... මං කල්පනා කලා...
නැටුම්...මලාට කරන්න ඇහැකි දෙයක් නෙවෙයි..මට කවදාවත් තාලෙකට පාදයක් තියන්න හැකියාවක් තිබුන එකෙක් නෙවෙයි... ඒක අදටත් එහෙමයි... නැටුමට ඕන කරන රිද්දමයක් මං ගාව නැහැ... සංගීතේ ගැන ඒ හැටි උනන්දුවක් ඇත්තෙත් නැහැ... සිංදුනං කියනවා උනාට ඒවා ටිකක් විතර කතන්දර මිසක් තාලයක් ඇති ඒවා නෙවෙයි කියලත් මං දන්නවා... අනිවාර්යයෙන්ම කැමැත්ත චිත්‍ර තමා..ඒත්... විෂයන් තුනෙන් වැඩිම වියදම දරන්න වෙන්නේ චිත්‍රවලට... මාසයකට චිත්‍ර පොත් කීයක් ඉවර වෙයිද..? දිය සායම්...? පාට කූරූ... පින්සල්...චිත්‍ර අදින පැන්සල්...? ඕවා ඒ හැටි දේවල්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්..ඒත් ගෙදර ආර්ථිකේ ගැන මට තිබුණ අවබෝධෙත් එක්ක මං දන්නවා ඕක ගෙදරට ලොකු බරක් කියන එක... අවසානෙදී මං තීරණය කලා සංගීතේ කරන්න... කොපි පොතක් අරං සංගීත කාමරේට ගියාම ඔය දෙන නෝට් එකක් ලියං..කියන සිංදුවකට අග අල්ලං ඉන්න බැරියෑ... ඔහොමයි මං සංගීතෙට යොමු උනේ...
ඊ ළඟට ටියුෂන්...
මං කොළඹ ඉස්කෝලෙට යද්දි කිසිම විදියකින් ටියුෂන් ගියේ නැහැ කියලා මං මුලින්ම කිව්වනේ... අමාරුවෙන් හරි යන්න හදපු ඉංග්‍රිසි පංතියේ දොරත් මට වැහුනු කොට ආයේ මට වෙන යන්න පංතියක් ඒ අහල පහලක තිබුනේ නැහැ... එක අතකින් මං යන එන වෙලාවල්වලට අනුව මට ටියුෂන් යන්න වෙලාවක් නැහැ... එක හමාරට ඉස්කෝලේ ඇරිලා සීසන් එක හින්දා සීටීබී එනකල්ම තැපලා අන්තිමට ගෙදර එද්දී හවස තුන හමාර හතර වෙලා හැමදාම... ඔය වෙලාවට කොහේද පංති...? තිබුණත් මට කෝ සල්ලි..?
ඒත් පංතියේ හිටිය හැමෝම වගේ පංති ගියා... අර මං කිව්ව මගේ ගොඩේම හිටිය ළමයයි මමයි විතරයි ටියුෂන්වලින් තොර ජීවීන් දෙන්නෙකුට හිටියේ අපේ පංතියේ... අඩුම ගානේ ඉංග්‍රීසි සහ ගණිතයටවත්... කෙනෙක් කියන්න පුළුවන් ටියුෂන් නැතිවට මොකද..ඉස්කෝලේ උගන්නන දෙයින් බැරියෑ කියලා ඉගෙන ගන්න.. බම්බුව තමා... අපිට පාඩමක් කියා දෙන්න ගුරුවරුන්ට ඕන උනෙත් නැහැ.. එහෙම ඕන උනත් ටියුෂන් ගිය එවුන් අපිට වඩා කඩාගෙන ඉස්සරහට යද්දී හැලිලා ඉන්න අපිව අරං ඉස්සරහට යන්න ගුරුවරුන්ට පුළුවන්කමක් තිබුනෙත් නැහැ.. ගුරුවරුත් ටියුෂන් වලින්ම අපි ගොඩ යනකල් බලං ඉන්නවා වගේ ඔහේ ඇවිත් පාඩං වැඩ කරගෙන ගියා... අපි දෙන්නා පංතියේ ඔහේ වැටිලා හිටියා.. මෙලෝ දෙයක් නොතෙරෙන ඉංග්‍රිසි පීරියඩ් එකේ හැමදාම නිදාගත්තා... ඒ මදිවට කොපි කිරිල්ල... මං මට පුළුවන් හැටියකට අච්චු පොත් කියෝලා විභාග ලියන්න ගියත් කොපි කරනවා කියන එක මට හුරු වැඩක් නෙවෙයි... ඒත් මුළු පංතියේම උන් විභාගේ දවසට එහෙං පිටිංම කොපි කරනවා ඉවරයක් නැතිව...
විස්වාස කරන්න... මං මහා පාවාදීමක් කල එකෙක්... ඒ හතේ පංතියේදී... මං විභාග කීපයක්ම කොපි නොකර කොහොම කොහොම හරි ලිව්වත් හැමදාම පංතියේ විසි පස් වැනියගෙන් එහාට වැටුනා... ඒත් මං දන්නවා ඒ මගේ උපරිමය වගේම සාධාරණ ලකුණු කියන එක... අන්තිමට මට කොපි කරන උන් එක්ක පුදුම තරහක් තිබුනේ..ගුරුවරු උනත් ඒ ගැන ඒ හැටි උනන්දුවකින් හෙව්වේ නැහැ... මේක කියවන අය අතරේ උනත් මං හිතන්නේ නැහැ කොපි නොකල උන් ඇති කියලා... ඒ හින්දා මේ කතාවෙදී මං කොපි කර අයගෙන් ලැබෙන ප්‍රතිචාර ඒ හැටි සලකන්නේ නැහැ..මොකද ජාතියක් හැටියට අපි මහා කොපි කාරයෝ වෙලා ඉද්දී එයින් පිටස්තර එකෙක්ගේ කතාවට එකඟ නොවෙන්න පුළුවන් හින්දා...
අවසානෙදී මට ඉවසලා ඉන්න බැරිම තැන එක විභාගයකදී මං පංතියේ උන්ට කිව්වා කොපි කරන්න එපා කියලා... ඒත් මං වගේ ඇඹිටිල්ලන් එකෙක් කියන කතාව කවුද අහන්නේ... උන් පොත් ඩෙස් යට තියං ලියන්නේ... වෙනම සංවිධාන ජාලයක්... බැරිම තැන මං එක දවසක් ඒ පාවාදීම කලා... විභාගේ උත්තර ලියලා ඉවර වෙන්න යද්දී මං අල්ලලා දුන්නා එහෙම පොත ඩෙස් එක යට හංගං උත්තර ලිව්ව එකෙක්ව... මුළු පංතියම වගේ මාත් එක්ක කේන්තියෙන් හිටියේ..එකෙක් දෙන්නෙක් හැර.. ඒ එකා දෙන්නත් මගේ ජාතියේම කොපි නොකරන කිහිප දෙනෙක් විතරයි...
අන්තිමට අහු උන ළමයගේ ලකුණු ටිකක් අඩු කලා ඇර වෙන කිසිම දෙයක් වෙනස් උනේ නැහැ... හැමදාමත් කොපි කිරීම එහෙමම තිබුනා... වරදකදී එයට හරියන දඩුවම නොලැබුනාම කවදාවත් ඒ වරද හදන්න බැහැ. ඒ වගේමයි ගොඩ දෙනෙක් වැරදි කරද්දී එයින් තැලෙන අපි වගේ හාල්මැස්සන්ට හඩක් නැහැ..කරන්න තියෙන එකම දේ අර ගොඩටම එකතු වෙලා යන අතට මැස්ස ගහන එක විතරයි... කාලයක් තිස්සේ පංතියේ වැඩි දෙනෙකුගේ වෛරයට මං ලක්වීම හැර කවදාවත් කොපි කිරීම නැවතුනේ නැති කොට සහ කොපි කිරීම් වලක්වන්න ගුරුවරු කිසිම උනන්දුවක් නොදක්වන කොට මං විතරක් කුමන කතාද...?
පස්සේ කාලෙක මං දහම්පාසල් ගුරුවරයෙක් හැටියටත් ප්‍රධානාචාර්ය වරයෙක් හැටියටත් වැඩ කරද්දී විභාගයකදී කොපි කරන්න උදව් කරන ගුරුවරු දහම් පාසලෙන් එලෝ ගත්තා වගේම ළමයින්ටත් ලෝභ නැතිව බින්දුව දීලා ප්‍රසිද්ධියේ අවවාද කිරීම් වගේම දෙමාපියන් දැනුවත් කිරීමත් සිද්ධ කලේ එකෙක්ගේ මානසික තත්වය කියලා වරදට දඩුවම් නොකලම අනිත් උන්ට වෙන අසාධාරනේ වලක්වන්න මට ඇත්තටම උවමනාවක් තිබුන හින්දයි... ඒත් මං අවබෝධ කරගත්ත දෙයක් තමා දෙමාපියන්ට වගේම ගුරුවරුන්ටත් උවමනාව තියෙන්නේ තමුන්ගේ ළමයි.. ගෝලයෝ..කොපි කරලා හරි උඩට එනවා බලන්න... ඒ හරහා තමන් කැපී පේන්න කියන කාරණය... ඒ හින්දා අම්මලා තාත්තලා වගේම ගුරුවරුත් මාත් එක්ක වෛර බැන්ඳා කියන එකත් මං දැනං හිටියා... ඒත් මට කරන්න පුළුවන් දේ නොකර ඉන්න මගේ කැමැත්තක් තිබුනේ නැහැ... සීයක් තරහා උනත් මට මොකද..? අද උනත් මේ බ්ලොග් අස්සේ මං මේ කියන වචනයක් ගානේ තරහා කාරයෝ ඇති වෙනවා මිස ඇති වෙන දෙයක් නැහැ කියලා දැන දැන උනත් මේ ටික උනත් ලියන්නේ ඒ වෙනුවෙන්...
ඔය වගේ කාරණා ගොඩක් උඩ ඇත්තටම ඉගෙනීම කියන දේ මගෙන් බොහෝම ඈතට ගියා කිව්වොත් හරි.. ඕවා ඔහොම වෙද්දී තව තවත් ප්‍රශ්න හින්දා ඉගෙනීමෙන් ඈත් වෙලා ඉගෙන ගන්න අතරෙම කීය කීය හරි හොයන්න යන මට්ටමට මම හුරු උනා අන්තිම කාලෙදී මංම හොයලා ගෙදරටත් දීලා මට පුළුවන් හැටියකට ඉස්කෝලේ ගියා හැර වෙන දෙයක් උනේ නැහැ... මේ ටික මෙහෙම ලිව්වේ..කාගෙන්වත් "අනේ පව් ඔයා" කියන ටික අහගන්න නෙවෙයි... මං මුහුණ දීපු තත්වය කණගාටු දායකයි තමයි.. ඒත් අවසාන ප්‍රතිඵලයට මම දැන් කැමතියි. මිනිස්සුන්ගේ දෛවය එකම පාරක ලියැවෙන්න ඕන කියලා මං හිතන්නේ නැහැ... සමහර විට ආර්ථික තත්වය හොඳ වීම මත හෝ... එළව එළවා පස්සෙන් දක්කන්න අය හිටියනං හෝ.. නිදහස් අධ්‍යාපනය සැබෑ නිදහස් හා සැමට සාධාරණ අධ්‍යාපනයක් උනානං හෝ අද වෙනකොට මාත් හුඟ දෙනෙක් ගමන් ගන්න කැමති හා උත්සහ දරණ මාවතේ ගමන් කරන්න තිබුණා... හැබැයි එහෙම උනානං මං දන්නවා මං මෙච්චර දවසක් ගමන් කල මාවතේ ගමන් කරන්න මට කවදාවත් වෙන්නේ නැහැ... මටත් හුග දෙනෙකුට වගේ පොදු කතාවක් තියෙන්න තිබුනා... ඒත් ඒ පොදු කතාවට වඩා අදටත් අයාලේ යන මේ ජීවිත ගමනට මං කැමතියි... එහෙම උන හින්දයි අදටත් මේ බ්ලොග් එකක් හරහා මං ලියන්න ටිකක් හරි එකතු කරං ඉන්නේ... කොටු වෙච්ච ජීවිතයක් ඇතුලේ නැතිව..සීමා වෙච්ච ලෝකයක් නැතිව මට ජීවත් වෙන්න හැකියාව තියෙන්නේ ඔය හැම දේම ඔය ආකාරයට සිද්ධ උන හින්දා... තව ඉස්සරහට මට ලැබෙන්න තියෙන දේ අපමණයි.. මං ඒ දේවල් කරා යනවා ඇර ඔය දේවල් ඇතුලේ හිර වෙලා නැහැ... ඒ හින්දා කිසිම ආකාරයකින් කාගේවත් අනුකම්පාවක් උවමනාවෙන් ලියන සටහනක් නෙවෙයි මේ... මොකද උවමනාවක් තියේනං මට දැන් උනත් පරක්කුවක් නැහැ උසස් අධ්‍යාපනයට... ඒත් මගේ පාර වෙනස් හින්දා ඉන්නවා මිස කාගෙවත් "අනේ අපොයි" බලාගෙන ඉන්නවා නෙවෙයි මේ...
ඒත් ඔය කොටුව ඇතුලේ හිර වෙන්න කැමති.. ඒ සඳහා දෙමාපියන්ගෙත් උවමනාව ඇති.. ආර්ථික ශක්තියක් නැති ඒත් හැකියාව ඇති දූ දරුවෝ රැසක් අදත් හෙටත් ඔය පාරේ යන්න බලං ඉන්නවා කියන දේ මං හොඳින්ම දන්නවා... මං නොගියට ඒ ළමයින්ට පාරක් තියෙන්න ඕන... ඒත්...
මේ සීයට හය ඒ සඳහාද කියන තැනයි මං ඉන්නේ... උසස් අධ්‍යාපනයට කලින් ප්‍රාථමික අධ්‍යාපනයේ වැට කඩුළු අහක් කරන්න කවුද සූදානම් වෙලා ඉන්නේ.. කෝ මට පේන.. මං වින්ඳ බාධක වලට උත්තර ඔය සීයට හය ඇතුලේ... උසස් පෙළ පාස් කරගන්නවා කියන්නේ ඇත්තටම ඒ වෙද්දී දරුවෙක් ශාරීරික මානසික වශයෙන් එක්තරා මට්ටමකට වර්ධනය වෙලා ඉන්නේ.. අම්මලා තාත්තලාගේ කිරි බබාලා නොවන ඕනම කෙනෙකුට ඒ වෙද්දී කීයක් හරි හම්බ කරන ගමන් ඉගෙන ගන්න බැහැයි කියලා හිතනවනං ඒක අම්මලා තාත්තලාගේ ප්‍රශ්නයක් සහ කකුල් දෙක හරියට පොළවේ ගහලා හිටගන්න බැරි දූදරුවන්ගේ ප්‍රශ්නයක්... රස්සාවල් කරන ගමන් මහන්සියෙන් ඉගෙන ගත්ත මිනිස්සු මං කියන කතාව තේරුම් ගනී... මගේ යටතේ සිකුරිටි ජොබ් කරන ගමන් කැළණි කැම්පස් එකේ ඉගෙන ගත්ත ළමයි හිටිය හින්දා මං දන්නවා උවමනාව ඇත්නම් ඒවා ඒ හැටි ගැටළු නොවන බව... එහෙම ඉගෙන ගත්ත එකා කිරි බබාලට වඩා ඉහළට යන වග උනත් මං අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැ...
සීයට හය නෙවෙයි සීයට සීයක්ම දුන්නත් මට ඇති ගැටළුවක් නැහැ..ඕනනං මේක කෘෂිකාර්මික හෝ කාර්මික රටක් නෙවෙයි අධ්‍යාපනික රටක් කියලා නම් කරලා හැම රටකටම උගතුන් බෙදා හරින්නවත් බැරියෑ...
සීයට හය පැත්තකින් තියලා කතා කලොත්...
ලංකාවේ ඇති ටියුෂන් කෙලිය නිදහස් අධ්‍යාපනයට බාධාවක් නෙවෙයිද..?
ඒකෙන් නැති බැරි ළමයින්ට අසාධාරණයක් වෙන්නේ නැද්ද..?
ඒක එහෙම නෙවෙයිනං පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විතරක් ඇයි මේ කට්ටිය ඔය තරම් විරුද්ධ වෙන්නේ..?
පාසල්වල කොපි කිරීම් හා විභාග වංචා ගැන ඇයි ගුරුවරුන් අලස ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ..?
එයින් අසාධාරණයක් වෙන්නේ නැද්ද..?
ඇයි ඔය සීයට හය ඉල්ලන උත්තමයින්ට එක පාරක්වත් ඔය ටියුෂන් කෙලියට එරෙහිව කතා කරන්න පණ නැත්තේ..තමුනුත් ඒකෙන් ගොඩ ගිය හින්දා ඒ ක්‍රමයේ ඇති වරද පේන්නේ නැතිවවද්ද..?
සීයට හය හම්බ උනාම ඔය අහපු ප්‍රශ්නවලට විසඳුමක් එහෙම ලැබෙනවද..?එහෙම නැත්තං ඕක දිනුවට පස්සේ ආයේ වතාවක් තව කට්ටියක් යන්න ඕනද පෙළපාලි ප්‍රාථමික අධ්‍යාපනයටත් සීයට 6ක් දියවු කියාගෙන..?
උසස් අධ්‍යාපනය ලබන්න මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය ගොඩ දාං ඉන්න එපැයි...
------------------------
පලි....
කෙටියෙන් කිව්වොත්...
ටියුෂන් තියෙනකල් පාසල් අධ්‍යාපනය හරියාකාරව සිදු නොවන වගත්. ටියුෂන් යන්නට හැකියාවක් නැති දරුවන්ට එතැනින්ම වරදින බවත්.. ඒ හරහා ටියුෂන් නැති කොට පාසල් අධ්‍යාපනය බල ගැන්විය යුතු බවත් අදහස් කර ඇත. මේ ටික මෙහෙම දැම්මේ ඔය කියන ටිකත් පටලෝගන්න අපේ "සම හරක් උගත් නූතන බබාලාට" බැරි වෙයි කියලා හිතුන හින්දා...
ඔය වගේ කාරණා ගොඩක් උඩ ඇත්තටම ඉගෙනීම කියන දේ මගෙන් බොහෝම ඈතට ගියා කිව්වොත් හරි.. ඕවා ඔහොම වෙද්දී තව තවත් ප්‍රශ්න හින්දා ඉගෙනීමෙන් ඈත් වෙලා ඉගෙන ගන්න අතරෙම කීය කීය හරි හොයන්න යන මට්ටමට මම හුරු උනා අන්තිම කාලෙදී මංම හොයලා ගෙදරටත් දීලා මට පුළුවන් හැටියකට ඉස්කෝලේ ගියා හැර වෙන දෙයක් උනේ නැහැ... මේ ටික මෙහෙම ලිව්වේ..කාගෙන්වත් "අනේ පව් ඔයා" කියන ටික අහගන්න නෙවෙයි... මං මුහුණ දීපු තත්වය කණගාටු දායකයි තමයි.. ඒත් අවසාන ප්‍රතිඵලයට මම දැන් කැමතියි. මිනිස්සුන්ගේ දෛවය එකම පාරක ලියැවෙන්න ඕන කියලා මං හිතන්නේ නැහැ... සමහර විට ආර්ථික තත්වය හොඳ වීම මත හෝ... එළව එළවා පස්සෙන් දක්කන්න අය හිටියනං හෝ.. නිදහස් අධ්‍යාපනය සැබෑ නිදහස් හා සැමට සාධාරණ අධ්‍යාපනයක් උනානං හෝ අද වෙනකොට මාත් හුඟ දෙනෙක් ගමන් ගන්න කැමති හා උත්සහ දරණ මාවතේ ගමන් කරන්න තිබුණා... හැබැයි එහෙම උනානං මං දන්නවා මං මෙච්චර දවසක් ගමන් කල මාවතේ ගමන් කරන්න මට කවදාවත් වෙන්නේ නැහැ... මටත් හුග දෙනෙකුට වගේ පොදු කතාවක් තියෙන්න තිබුනා... ඒත් ඒ පොදු කතාවට වඩා අදටත් අයාලේ යන මේ ජීවිත ගමනට මං කැමතියි... එහෙම උන හින්දයි අදටත් මේ බ්ලොග් එකක් හරහා මං ලියන්න ටිකක් හරි එකතු කරං ඉන්නේ... කොටු වෙච්ච ජීවිතයක් ඇතුලේ නැතිව..සීමා වෙච්ච ලෝකයක් නැතිව මට ජීවත් වෙන්න හැකියාව තියෙන්නේ ඔය හැම දේම ඔය ආකාරයට සිද්ධ උන හින්දා... තව ඉස්සරහට මට ලැබෙන්න තියෙන දේ අපමණයි.. මං ඒ දේවල් කරා යනවා ඇර ඔය දේවල් ඇතුලේ හිර වෙලා නැහැ... ඒ හින්දා කිසිම ආකාරයකින් කාගේවත් අනුකම්පාවක් උවමනාවෙන් ලියන සටහනක් නෙවෙයි මේ... මොකද උවමනාවක් තියේනං මට දැන් උනත් පරක්කුවක් නැහැ උසස් අධ්‍යාපනයට... ඒත් මගේ පාර වෙනස් හින්දා ඉන්නවා මිස කාගෙවත් "අනේ අපොයි" බලාගෙන ඉන්නවා නෙවෙයි මේ...
ඒත් ඔය කොටුව ඇතුලේ හිර වෙන්න කැමති.. ඒ සඳහා දෙමාපියන්ගෙත් උවමනාව ඇති.. ආර්ථික ශක්තියක් නැති ඒත් හැකියාව ඇති දූ දරුවෝ රැසක් අදත් හෙටත් ඔය පාරේ යන්න බලං ඉන්නවා කියන දේ මං හොඳින්ම දන්නවා... මං නොගියට ඒ ළමයින්ට පාරක් තියෙන්න ඕන... ඒත්...
මේ සීයට හය ඒ සඳහාද කියන තැනයි මං ඉන්නේ... උසස් අධ්‍යාපනයට කලින් ප්‍රාථමික අධ්‍යාපනයේ වැට කඩුළු අහක් කරන්න කවුද සූදානම් වෙලා ඉන්නේ.. කෝ මට පේන.. මං වින්ඳ බාධක වලට උත්තර ඔය සීයට හය ඇතුලේ... උසස් පෙළ පාස් කරගන්නවා කියන්නේ ඇත්තටම ඒ වෙද්දී දරුවෙක් ශාරීරික මානසික වශයෙන් එක්තරා මට්ටමකට වර්ධනය වෙලා ඉන්නේ.. අම්මලා තාත්තලාගේ කිරි බබාලා නොවන ඕනම කෙනෙකුට ඒ වෙද්දී කීයක් හරි හම්බ කරන ගමන් ඉගෙන ගන්න බැහැයි කියලා හිතනවනං ඒක අම්මලා තාත්තලාගේ ප්‍රශ්නයක් සහ කකුල් දෙක හරියට පොළවේ ගහලා හිටගන්න බැරි දූදරුවන්ගේ ප්‍රශ්නයක්... රස්සාවල් කරන ගමන් මහන්සියෙන් ඉගෙන ගත්ත මිනිස්සු මං කියන කතාව තේරුම් ගනී... මගේ යටතේ සිකුරිටි ජොබ් කරන ගමන් කැළණි කැම්පස් එකේ ඉගෙන ගත්ත ළමයි හිටිය හින්දා මං දන්නවා උවමනාව ඇත්නම් ඒවා ඒ හැටි ගැටළු නොවන බව... එහෙම ඉගෙන ගත්ත එකා කිරි බබාලට වඩා ඉහළට යන වග උනත් මං අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැ...
සීයට හය නෙවෙයි සීයට සීයක්ම දුන්නත් මට ඇති ගැටළුවක් නැහැ..ඕනනං මේක කෘෂිකාර්මික හෝ කාර්මික රටක් නෙවෙයි අධ්‍යාපනික රටක් කියලා නම් කරලා හැම රටකටම උගතුන් බෙදා හරින්නවත් බැරියෑ...
සීයට හය පැත්තකින් තියලා කතා කලොත්...
ලංකාවේ ඇති ටියුෂන් කෙලිය නිදහස් අධ්‍යාපනයට බාධාවක් නෙවෙයිද..?
ඒකෙන් නැති බැරි ළමයින්ට අසාධාරණයක් වෙන්නේ නැද්ද..?
ඒක එහෙම නෙවෙයිනං පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විතරක් ඇයි මේ කට්ටිය ඔය තරම් විරුද්ධ වෙන්නේ..?
පාසල්වල කොපි කිරීම් හා විභාග වංචා ගැන ඇයි ගුරුවරුන් අලස ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ..?
එයින් අසාධාරණයක් වෙන්නේ නැද්ද..?
ඇයි ඔය සීයට හය ඉල්ලන උත්තමයින්ට එක පාරක්වත් ඔය ටියුෂන් කෙලියට එරෙහිව කතා කරන්න පණ නැත්තේ..තමුනුත් ඒකෙන් ගොඩ ගිය හින්දා ඒ ක්‍රමයේ ඇති වරද පේන්නේ නැතිවවද්ද..?
සීයට හය හම්බ උනාම ඔය අහපු ප්‍රශ්නවලට විසඳුමක් එහෙම ලැබෙනවද..?එහෙම නැත්තං ඕක දිනුවට පස්සේ ආයේ වතාවක් තව කට්ටියක් යන්න ඕනද පෙළපාලි ප්‍රාථමික අධ්‍යාපනයටත් සීයට 6ක් දියවු කියාගෙන..?
උසස් අධ්‍යාපනය ලබන්න මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය ගොඩ දාං ඉන්න එපැයි...
------------------------
පලි....
කෙටියෙන් කිව්වොත්...
ටියුෂන් තියෙනකල් පාසල් අධ්‍යාපනය හරියාකාරව සිදු නොවන වගත්. ටියුෂන් යන්නට හැකියාවක් නැති දරුවන්ට එතැනින්ම වරදින බවත්.. ඒ හරහා ටියුෂන් නැති කොට පාසල් අධ්‍යාපනය බල ගැන්විය යුතු බවත් අදහස් කර ඇත. මේ ටික මෙහෙම දැම්මේ ඔය කියන ටිකත් පටලෝගන්න අපේ "සම හරක් උගත් නූතන බබාලාට" බැරි වෙයි කියලා හිතුන හින්දා...
1
ReplyDeleteකාලය වෙනස් වුණාට ඔය ටික ඔය විදිහටම අත් විඳින දරුවන් අදටත් ඇති. එයින් පන්නරයක් ගත නොහැකිව ජීවිතය අඩාල කරගන්නා අයත් එමට ඇති, මොකද එකම අත්දැකීමට වුණත් විවිධ අය මුහුණ දෙන්නෙ විවිධ විදිහට හින්දා.
Deleteකොපි කිරිල්ල ගැනනම් කතා කරලා වැඩක් නැහැ. අර කිව්වත් වගෙ ජාතියක් හැටියට අපි කොපි කිරිල්ල සහ තව බොහෝ වංචාවන් අනුමත කරන මානසිකත්වයක ඉන්නෙ. ඒවා අල්ලලා දෙන එකා තමයි වැරදි. කාලෙකට උඩදි, පශ්චාත් උපාධි විභාග ගැන කතා බහක නියැළෙමින් ඉද්දි, එතන හිටිය විශේෂඥවරයෙක්, (නිකම් නෙවෙයි, පශ්චාත් උපාධි විභාගවල පරීක්ෂකයෙක් ලෙසත් කටයුතු කරන කෙනෙක්, පෝයට සෝම හාමුදුරුවන්ගෙ පන්සලට ගිහින් සිල් ගන්න පින්වතෙක් වුණු කෙනෙක්,) ගත් කටටම කිව්වෙ, "ඉතින් මොකද, අපිත් කොපි කළා!" කියලා. ඒක ඒ තරමට ලැජ්ජා නොවිය යුතු ආඩම්බරයට හේතුවක් හැටියට තමයි මේ රට ගණන් ගන්නෙ.
ඒ වගේම අධ්‍යාපනය කියන තරම් නිදහස්ද කියන ප්‍රශ්නය. අපි ඉස්කෝලෙ යන කාලෙත් මට මතක විදිහට රුපියල් 12ක් වගෙ ගානක් ගත්තෙ පහසුකම් ගාස්තු විදිහට. ඒ ඇර වෙනත් මුදල් එකතු කිරීම් ඒ හැටි තිබුණෙ නැහැ. නමුත් විෂය බාහිර ක්‍රියා සඳහා අවශ්‍ය වෙන ඇඳුම් පැලඳුම්, සපත්තු, ක්‍රීඩා උපකරණ ආදී හැම දෙයක්ම තමන් වියදම් කරගෙන ගන්නට ඕන. කාලෙකදි විෂය බාහිර ක්‍රියාවක් කිරීම අනිවාර්ය කළහම ඇතැම් ළමයින් ඉන් අපහසුවට පත්වන්නට ඇති අනිවාර්යෙන්ම. සීසන් දුන්නා වුණත් ආණ්ඩුවෙ බස් රථ ඉතාම අඩු යුගයක, පළාතක ඉන් එතරම් පලක් වෙන්නෙත් නෑනෙ.
කොයි තරම් දේවල් වැඩිහිටි සමාජයට මග හැරෙනවද? කොයි තරම් දේවල් අධ්‍යාපනය සම්බන්ධයෙන්, ළමයින් සම්බන්ධයෙන් කෙරෙන්නට තියෙනවද? එහෙම තියෙද්දි අපේ මිනිස්සු ඉස්කෝලෙට එන අම්මලා සාරි ඇඳලද එන්නෙ වගේ විකාර හොය හොය ඉන්නවා.
කියවල මොනව හරි කියන්නං.
ReplyDeleteයකෝ 1989 2500/- න් කාල ඉන්න බැරිකොට දැන් කොහොමද එහෙම කරන්නෙ.
Deleteදුක් විඳල ඉගෙන ගන්න එකා කොහොමත් සල්ලි විසිකරල ඉගෙන ගන්න එකාට වඩා ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජන ගන්නව.
මතක නැද්ද බොට.. මාරයියා 2500ටත් අඩු වියදමින් කන හැටි දැමමේ !
Deleteඅඩෝ ඕක මට පුංචි කාලේම තේරුනා.. මම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පොඩි කාලේ ඉදලම සටන් කලා.. කොටින්ම ටියුශන් කියන දේ නිදහස් අධ්‍යාපනය ලොකුම බාධාවක් කියලා මම ඒ කාලේම දැනගත්තා.. මට පුලුවන් උපරිමේ මං කලා.. ඒක හරි සරලයි ටියුශන් යන්න දුන්න සල්ලි වලින් මන් ට්‍රිප් ගියා.. බලපන් මම ඔය මොකුත් සද්ද නැතුව ටියුශන් කාරයට දුන්න ගේම
ReplyDeleteසහතික ඇත්ත අයියේ,
ReplyDeleteහුගක් නම ලොකු පාසල් වල වෙන්නේ ඕකම තමයි.
මටත් මේ කඩ්ඩ මග හැරුන එකට ඔය සාදකේ සෑහෙන්න බලපෑවා
ඇත්තටම මේ පෝස්ට් එක ඇතුලේ අපිට හිතන්න දේවල් ගොඩාක් තියනවා...
ReplyDelete//සමාජ සේවා අංශය නැතත් අඩුම ගානේ අපි වගේ ශිෂ්‍යත්වය සමත් වෙලා ආධාර යටතේ ඉගෙන ගන්න පාසල් එන දරුවන්ගෙන් පාසල් ගාස්තු පහසුකම් ගාස්තු වැනි අමතර මුදල් එකතු නොකරන තත්වයකටවත් පාසලේ ප්‍රතිපත්තියක් තිබුණනං කොයි තරං හොඳද කියලා මට ඒ දවස්වලත් හිතුන දෙයක්.. අඩුම ගානේ මේක ලිව්වට පස්සෙවත් ඒක දකින කවුරු හරි පාසල් සංවර්ධන සමිතියකදී හරි ඔය ටික කියලා අදටත් මගේ මට්ටමේ ඉඳන් ඉගෙන ගන්න දරුවන්ට ඒක ලොකු උදව්වක් වෙයි...//
මේ කතාවට මම 100% ක් එකගයි.
බොරු කියන්න ඕනි නෑනේ. මම 7 වසරට එනකල්ම කොපි කළා. ඒත් 7 වසරෙන් ඉහළට කොපි කලේම නෑ.
මට හැමතිස්සෙම හිතෙන දෙයක් තමයි මං ඇතුලු අද ඉගෙන ගන්න ළමයින්ට සැප පහසුකම් වැඩියි. ඒකයි පීවිතේ හරියට තේරුම් ගන්න බැරි...
මම කිසිම දේශපාලන කොණයකින් නොබැලුවෙමි...
Deleteහදිෂ්ෂියේ අප්පා මේ පැත්තට ආවේ... සියල්ල කියෝලම විස්තර ඇතුව කමෙන්ට් පාරක් දාන්නම්... මේ කමෙන්ටුව ඇවිත් ගියා කියලා කියන්ට...
ReplyDeleteහා හා හා මේවා මාරම කොමික් නේ. ගෙදර ටී වී තිබුනලු එත් සල්ලි නැහැලු.. ඔය කියන කලේ සාමාන්‍ය ගෙදරක වැඩට යන මනුස්සයෙකුත් රු 2500.00 ක් හෙව්වා අම්ම රට ඉදලත් එව්වේ 2500 ද එහෙමන් ඉතින් හිතල බලන්න දෙපාරක් ........... පවු අනේ මාරයා හරියට දුක් විදලා නේද ඇඩෙනවා අප්පා දැක්කම...........
ReplyDeleteමාරයා මේ සමස්ත කතිකාවම නියම තැනකට ඇදගෙන ආවා.
ReplyDelete"නිදහස් අධ්‍යාපනය සැබැවින්ම නිදහස්ද..?"
ඔන්න මිත්‍රවරුණි අපි හැප්පෙන්න ඕන කළු ගල.
ස්තූතියි මාරයා සිරාම තැනකට සංවාදය උස්සලා තිබ්බට.
මගේ මනාපය
Deleteමටත් හිතෙන හැටියට මේක තමා කතන්දරේ - මගෙත් මනාපය
Deleteඩබ් ඒ ඩබ් විජේවර්ධන ගේ පොඩිහිටියන්ට ආර්ථික නුවන නම් පොතේ 14 සහ 15 කතා වල මේ මාරයා කියන දේ වෙන්න හේතුව ආර්ථික විද්‍යාත්මකව ඉතා නිරවුල්ව පැහැදිලි කරලා තියනවා නිදහස් අධ්‍යාපනය සැබවින්ම නිදහස්ද එයින් ගුණාත්මක අධ්‍යාපනයක් සහතික විය හැකිද යන්න. මෙතන ඉන්න අදහස් දක්වන ය කී දෙනෙක් එඉක බලල තියනවද?
Delete@Udhitha Meegahathenna,
Deleteමාර කේස් එකනේ උදිත දැන් අපි සේරම වැඩ පැත්තකින් තියලා ඒ පොත කියවන්න ඕනේද..?
ඔයා කියවලා තියෙනවද කෆ්කාගේ නොසැලෙන හදවත..? මිලාන් කුන්දේරගේ මහල්ලා සහ මුහුද..? එතකොට පිල් කොලින්ස්ගේ ලූසින් මයි වර්ජිනිටි..?
මේකයි උදිත, මෙතන ගොඩක් දෙනෙක් ඔය පොත කියවලා නැතුව ඇති [මමනම් කියවලා නෑ]. ඒ වුනාට අපි වෙන පොත් කියවලා තියෙනවා. ඔයා කැමතිනම් ඔය පොතේ තිබ්බේ මොනවද කියලා අපිට කියන්න. එහෙම නැතුව අර පොත කියවලා තියෙනවද මේ පොත කියවලා තියෙනවද කියලා අහන එක මෝඩ කමක්.
++++
Delete@මාලන්: එහි කියා තියෙන්නේ නිදහස් කිව්වට මේකට වක්‍රකාරයෙන්ම ගෙවන්නේ මහජනතාව කියන එක. රජයෙන් කරන ඕනෑම දෙයෙක් වගේම මේකටත් මහජනතාවම තමා ගෙවන්නේ. නමුත් පාසල් යන ළමයින්ගේ දෙමාපියන් වෙනුවට මේ ගෙවීම කරන්නේ රටේ සියලුදෙනා දායක වෙනවා (නිදහස් අධ්‍යාපනයෙන් කිසිම වාසියක් හෝ සම්බන්ධයක් නැති පුද්ගලයන් පවා).
Deleteඒ වගේම මේ මොඩල් එකේ කොහොමත් ආවේණික දුර්වලතා තියෙනවා. ප්‍රධාන හේතුව ගුණාත්මක භාවය අඩු වීම. මොකද සිසුන් මේ මොඩලයේ පරිභෝජකයන් නෙමේ. ඔවුන් මෙහි ඵලය පමණයි. එහි පරිභෝජකයන් වන්නේ ඒ සිසුන්ව රැකියාවට ගන්න අය. නමුත් ඒ අයට අධ්‍යාපනයේ කොලිටිය වැඩි කිරීමට මැදිහත් වන්න බැහැ. සිසුන්ට එයට මැදිහත් වෙන්නත් බෑ. එවිට අධ්‍යාපනය දෙන අයම තමා කොලිටිය බලන්නෙත්. මෙය සාර්ථක ප්‍රතිපල දිගටම දිය හැකි ක්‍රමයක් නෙමේ.
උදාහරණයක් විදිහට විශ්ව විද්‍යාල සිසුන්ට තමන් කරන පාඨමාලාවේ ගුණාත්මක බාවය වැඩි කිරීමට හෝ එසේ කර වීමට කොතරම් හැකියාවක් තිබෙනවද?
ඔය වගේ දේවල් මගේ නම් තියෙන්නෙ කියල වැඩක් නැති කැටගරියෙ බන් :)
ReplyDeleteකට්ට කන උන්ට නිකං ගන්න දඟලන උන් දිරවන්නෙ නැතිකම විතරයි තියෙන්නෙ... හැබැයි කොයිදේත් නිකං ගන්න බලන් ඉන්න උන්ට ටිකක් මහන්සි වෙයන් කියන හරියට තමන්ව මරන්න එනව වගේ එකක් ;)
ඉස්කෝල වලදි මට නම් හොඳ ගුරුවරු කීපදෙනෙක්ම මුණ ගැහිල තියෙනව... ඒ අතරින් විශේෂ කෙනෙක් තමයි 7 වසරෙදි ගණිතය උගන්නපු ලලිත් තෙන්නකෝන් ගුරුතුමා... 6 වසරෙදි ලකුණු 30 ගානක් ගත්තු මට 7දි මුලු සෙක්ෂන් එකෙන්ම වැඩිම ලකුණු ගන්න පුළුවන් වුනේ ඒ සර්ගෙ තිබුන ඉගැන්වීමේ දක්ෂතාවය හින්ද...
"ඕක දිනුවට පස්සේ ආයේ වතාවක් තව කට්ටියක් යන්න ඕනද පෙළපාලි ප්‍රාථමික අධ්‍යාපනයටත් සීයට 6ක් දියවු කියාගෙන..?"
ReplyDeleteමේ ප්‍රශ්නෙන් පේන්නේ මාරයා නොමඟ ගිහින් ඉන්න බවයි :)
දැං මේ 6% ඉල්ලන්නේ උසස් අධ්‍යාපනේට විතරක් කියලා හිතන් ඉන්න එක මාර මුලාවක්. මේ 6% කියන්නේ ප්‍රාථමික ඉඳන් ප්‍රථම උපාධිය වෙනකන් සියල්ල වෙනුවෙන් රජය වෙන්කල යුතු වැය! අනික මෙතනදි කියන්නේ ඊලඟ අය-වැයේ ඉඳන් 6% ක් වෙන්කරන්න කියන එක නම් නෙවෙයි, රටේ අධ්‍යාපන වියදම ක්‍රමාණුකූලව ඉහලදැමීම සඳහා සැලසුමක් ඉදිරිපත් කරන්න කියන එකයි! අනික 6% කියන්නේ නිර්දේශයක් විතරයිනේ, ඒක අනිවාර්ය අගයක් නෙවෙයි!
දැං වෙමින් පවතින්නේ අධ්‍යාපන වියදම අවුරුද්දෙන් අවුරුද්දට අඩුවෙන එක මිසක් වැඩිවෙන එක නෙවෙයි... ඒකයි ගැටළුව!!! ගණන් හිලව් ටිකක් ඕනෙ නම්, දැං වෙන්කරලා තියෙන මුළු වැය 1.86% ක්, උසස් අධ්‍යාපනේට වෙන් වෙලා තියෙන වැය වෙනම බැලුවොත් 0.27% ක් විතරයි... මේ වැය 0.7% ප්‍රමාණෙක පවත්වාගෙන යන්න පුලුවන් නම් මේ රටේ උසස් පෙළෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන සියළුම සිසුන්ට රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් දෙන්න පුලුවන්!
ඉතිං ඔය මාරයා කියන ශිෂ්‍යාධාර, පාසැල් ගාස්තු ආදී හැම ගැටළුවකටම විසඳුම තියෙන්නෙ කොතනද කියන එක පැහැදිලියි....
This comment has been removed by the author.
Deleteඔබ ඔහොම කිව්වට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ
Deleteකැඳවුම්කරු සංජීව බණ්‌ඩාරල කරන සටන් වලට පාසල් අයත් නෑ ඒ වගේම පාසල් වල නොමිලේ අධ්‍යාපනය දෙන එක සියල්ලටම පාසල් අධ්‍යාපනය ලැබීමට තියන අයිතියට කවුරුත් විරුද්දත් නෑ. මෙතන යන්නේ වෙන ගේමක් නිදහස් අධ්‍යාපනය කියන වචනයට ඕනම අර්ථයක් දෙන්න පුලුවන් නිසා රටේ යම් පිරිසකට විතරක් බදුමුදල් වල අයිතිය පැහැර ගැනීම. හැමෝම වි.විධ්‍යාලයට යන්නේ නෑ නේ ඇයි හැමෝගෙම බදු මුදල් තෝරගත් පිරිසකට විතරක් දෙන්න ඕන? ඔයි සමස්ථ අධ්‍යාපනයට කතාව පොරු කවරයක් විතරයි
මෙහෙමයි, මගේ සම්බන්ධයක් අන්තරේට හෝ FUTA එකට නැති නිසා ඔවුන් සම්බන්ධ වගකීමක් මට නෑ! නමුත් ඔබ අන්තරේ සම්බන්ධයෙන් මතුකරන තර්කය බොරුවක්... ඔවුන්ගේ සටන් වලට පාසල් අයත් නෑ කියලා කොහේවත් කියලා නෑ වගේම ශ්‍රී ලංකාව තුල නිදහස් අධ්‍යාපනය කියනකොට අයත්වෙන්නේ කොතන ඉඳන් කොතනටද කියන එක සාමාන්‍යයෙන් ජනතාව දන්නවා.
Delete"නිදහස් අධ්‍යාපනය කියන වචනයට ඕනම අර්ථයක් දෙන්න පුලුවන් නිසා"
ඉහත ප්‍රකාශයට අදාලව කරුණාකර ඔබ දන්නා අර්ථයන් ඉදිරිපත් කරන්න (මා මෙවැනි දෙයක් නොදන්නා නිසා...)
"හැමෝම වි.විධ්‍යාලයට යන්නේ නෑ නේ ඇයි හැමෝගෙම බදු මුදල් තෝරගත් පිරිසකට විතරක් දෙන්න ඕන?"
මම හිතන්නේ කන්නන්ගර මහත්තයලා නිදහස් අධ්‍යාපන පනත ගේනකොට ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් ප්‍රථම උපාධිය වෙනකන් ඒකට ඇතුලත් කලේ ඇයි කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් ඕක තේරෙයි නේද? රටේ හැම මට්ටමකම අයට හැකියාව තියෙනවනම් උසස් අධ්‍යාපනය දක්වා යන්න අවස්ථාව ලැබුනේ ඔය නිසා. ඔය අවස්ථාව නොතිබුනා නම් අපේ රට තාමත් අන්ත වැඩවසම් සමාජයක් තියෙන රටක්!!! වැඩිය ඕන නෑ මෑත ඉතිහාසයේ අපි විශ්වවිද්‍යාලෙ හිටපු කාලෙ ගත්තත්, අපේ බැච් එකෙන් බාගෙකටවත් අතින් ගෙවලා උපාධිය කරන්න හැකියාවක් තිබ්බෙ නෑ... අද මේ රට මේ තත්වයෙන් හරි තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධවෙන්න තමා!
අනික් අතට ඔය බදු ගෙවීම කියන්නේ චක්‍රීය ක්‍රියාවලියක්නේ... බදු මුදල් වැයකරලා නිෂ්පාදනය කෙරෙන උගතුන් ඉන්පස්සේ රැකියාවලට ගියාම නැවත බදු ගෙවන්නො වෙනව නේද? අද අපි ගෙවන බදු මුදලින් ඉගෙනගන්නා උගතුන් කවදා හෝ බදු ගෙවාවි අපේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්!
අවසාන වශයෙන් ඔය 6% ඉල්ලන්නේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයටම කියන සත්‍ය පිළිගන්නේ නැති කෙනෙකුට කියන්න දෙයක් නෑ...
//අද අපි ගෙවන බදු මුදලින් ඉගෙනගන්නා උගතුන් කවදා හෝ බදු ගෙවාවි අපේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්!//පොන්සි ස්කීම් නම් පිරමීඩ ආයෝජන වලදී නම් වෙන්නේ මෙයයි. සමාජවාදය ඇද වැටුනේ මේ චින්තනය නිසාය.
Delete"නිදහස් අධ්‍යාපනය කියන වචනයට විශ්ව විද්‍යාලත් අයිතියි නේද? පාසල් වල හැමට සමානව ප්‍රතිලාභ ලැබෙනවා මං පොඩ්ඩක්වත් විරුද්ධ නෑ එයට. උසස් පෙළ දක්වා රජයෙන් නොමිලේ අධ්‍යාපනය හැමෝටම සමව ලැබෙන එක සහ රජයේ විශ්වවිද්‍යාල වල සීමිතඉඩකඩ සදහා තෝරාගත් ටිකකට අනුන්ගේ සල්ලි වලින් විශ්වවිද්‍යාලයට යවන එක දෙකක්. ඒ මදිවට අනිත් අයට ඕනෑනම් යන්න පුද්ගලික විශ්වවිද්‍යාල දාන්නත් තහනම්. කැකිල්ලේ සටන් පාඨයක් නේද?
//අද මේ රට මේ තත්වයෙන් හරි තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධවෙන්න තමා!// උපකල්පනයකි. විශ්ව විද්‍යාල වලට මුදල් ගෙවා ඉගෙන ගන්නා රටවල අපිට වඩා අප්සට්ද?
මම ලිපියක්ම ලිව්වා මෙඉ ගැන ලින්ක් එක දැම්මට මාරයා තරහ නැත්නම්
http://udithame.blogspot.com/2012/09/blog-post_685.html
මාරයා.... ඔයාගෙ ලියවිල්ලට මම කැමතියි. ඒත් මේ අධ්යා්පන සටනේ මූලික දේවල්වත් ඔයා දන්නෙ නැහැනෙ. මේ ඉල්ලන්නෙ උසස් අධ්යා.පනේට විතරක් නෙවෙයි... සමස්ථ අධ්යා්පනේටමයි 6%.
ReplyDeleteඅපි හැමෝටම ආ මග ගැන දිග කතා ඇත .එහි නොයෙක් වැටීම් , නැගීම් , පෙරල්ලිම් , කුණාටු , ප්‍රීතිමත් තැනද ඇත .ඒවා මත අපේ ජීවිතයට විවිධ යහපත් අයහපත් බලපෑම් ද ඇත .එලෙසම අපේ වයස අප ජීවත්වන වට පිටාව අනුව ඒ දේවල් දරාගැනිමට අපි හැමෝටම එකම ශක්තිය නැත . ඒසේ බැලූවිට 6% ඉවත් කර මම මෙය ඔබේ කතාව ලෙස දකිමි . ඊට ගරු කරමි .කිව යුත්තේ තම අතීතය මතින් හා පුද්ගකික අත්දැකීම ඇසුරෙන්ම පමනක් එයට සීමා වී පමණක් ජීවිතය හෝ පොදු සමාජ ප්‍රශන දෙස අන්තගාමී කලකිරීම් , තරහ , ආවේග පිරි ඇසින් නොබලන ලෙසයි . මේ ලියන මටත් ගමේ පාසලේ සිට විශ්වවිද්‍යාලය වෙනකනුත් ඔහොම අමිහිරිම සටහන් පෙලක්ම ඇත .එහේත් එහෙම කියා අධ්යාපන ප්‍රතිසස්කරණ එපා,නිදහස් අධ්යාපනය එපා , යයි මම කියන්නේ නැත . ලාන්කික සමාජයේ අප්වර්ඩ් මොබිලිටි එසේත් නැත්නම් කුල ,මල ,ඉඩ ,කඩම ,මුදල් හදල් ඇති නැති වුන අතර සමාජ පරතරය නැති කරන්නට අධ්යාපනය අද වෙනකන් ලොකු මෙහෙයක් කල බව කිව යුතුය . ඔබ මුහුණ දුම් බොහෝ දෑ කරුණු ලෙස වටහාගතහොත් එහි ඇත්තේද අධ්‍යාපනයේ ගුනාත්මක බව පහල යාම , හැමටම අධ්‍යාපන අවස්තා ලැබීම හා එය ලඟාකරගැනීමට ඇති හැකියාව ගැන ඇති ගැටලුව . කාලයක් ඒවා විසඳා නැත .හැමදාම ලැබුනේ පැලැස්තර විසඳුම් ය .මට මතක ඇත්තේ 1989 අධ්යාපන ධවල පත්‍රිකාවේ සිට මේ දක්වා කල කී දෑ ය .
Deleteමේ අකුණු කුනාටු වලට එක වරක් පැරදුනි යයි ඔබ සිතනවා නම් එය මුලාවකි . ඉගෙනීමට ඔබ තාමත් ලැදිනම් , ඊට පමා නැත . ඔබ දක්ශකම් දක්වන යම් පැත්තකින් , ඔබ කැමති යම පැත්තකින් විධිමත් ඉගෙනීමක් ලබන්න ඔබට තාමත් ඉඩ ඇත .ඒ අවස්තාව ප්‍රයෝජනයට ගැනීම ගැන සිතීම ඔබට බාරය .මොකද මා දන්නා චතූෂ නම් යම් දක්ශකමක් ඇති කෙනෙකි .
මෙය කියවා නිදහස් අධ්යාපනයෙන් බිහිවූ බත් කන මෝඩ සම "හරක්" ලෙස මට බැන ගියාට මම අමනාප නොවෙමි :)
නැත්නම් කුල ,මල ,ඉඩ ,කඩම ,මුදල් හදල් ඇති නැති වුන අතර සමාජ පරතරය අවම කරන්නට ලෙස නිවැරදි විය යුතුය .
Deleteමටත් කියන්න තියෙන්නෙ අපේ TG උන්නැහෙ කියපු ටිකම තමයි.
Deleteකිව යුත්තේ තම අතීතය මතින් හා පුද්ගලික අත්දැකීම් ඇසුරෙන්ම පමනක් එයට සීමා වී පමණක් ජීවිතය හෝ පොදු සමාජ ප්‍රශ්න දෙස අන්තගාමී කලකිරීම් , තරහ , ආවේග පිරි ඇසින් නොබලන ලෙසයි .
මාරයගේ කොපි නොකිරීම ගැන නම් මට කිසිම සැකයක් නැහැ. මාරයත් එක්ක පොඩ්ඩක් හරි ඇසුරු කළ කෙනෙක්ට ඒක කිසිම සැකයකින් තොරව පිළිගන්න පුළුවන්. මම අද වෙනකන් කිසිම විභාගයක් කොපිකර නැහැ. මම ඒ ගැන බොහෝම ආඩම්බර වෙනවා. විශ්වවිද්‍යාලෙ ගුරුවරුන්ට මං ගැන තිබ්බ විශ්වාසෙ නිසා කෙදිනකවත් මාව පරීක්ෂා කරන් නැහැ විභාගෙට වාඩි වුනහම.
ReplyDelete6% ගැන ඔබේ කලින් ලිපියක මගේ අදහස කීවා.
පුද්ගලික විශ්වවිද්‍යාල ගැන නම් මගේ අදහස පිළිගත් ක්‍රමවේදයක් යටතේ රජයේ නියාමනය වන පුද්ගලික විශ්ව විද්‍යාල මෙරටට අවශ්‍ය බවයි.
ටියුෂන් කියන්නේ මහා පිළිලයක්. මුලින්ම කපා දමන්න ඕනෙ කරන ව්‍යසනයක්. අපේ ළමුන් රොබෝවන් කරන මේ මහා ව්‍යසනය පිටුදැකිය යුතුයි.
//පිළිගත් ක්‍රමවේදයක් යටතේ රජයේ නියාමනය වන පුද්ගලික විශ්ව විද්‍යාල මෙරටට අවශ්‍ය බවයි.//
Delete++++++++++++
01) 6% ඉල්ලන්නේ සමස්ථ අධ්‍යාපනයට බව තේරුම් ගැනීමට වත් නොහැකි තරමට උඹගේ සාමාන්‍ය බුද්ධිය මොට වුනේ අහවල් එකකින්ද කියා මා හත තේරෙන්නේ නැත
ReplyDelete02) පාසල් වල අය කරන පහසුකම් ගාස්තු පිලිබඳව ඔබ කථා කලත් , රුපියල් 50 60 වෙනුවට මුදල් ගෙවා ඉගන ගැනීමට සිදුවී නම් , ඔබ කියනා පරිදි ආර්ථික අහේනියකින් සිටිනා අයෙකුට පාසලකට ඇතුලු වීමටවත් ඉඩ ලැබේද
03) විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි ඇති බවක් දකින්නට නැත , පෞද්ගලික විශ්ව විද්‍යාල එපා යන්න , අන්තරයේත් තමන් පමණක් උසස් අධ්‍යාපනය ලැබිය යුතුයැයි සිතන ඇතැම් විශ්ව විද්‍යාල ශිෂ්‍යින්ගේත් සටන් පාඨයකි , නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල දැමීම තුල නිදහස් අධ්‍යාපනය හානි නොවීමට වග බලාගැනීම රජය සතුය
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
DeleteThis comment has been removed by the author.
Delete//6% ඉල්ලන්නේ සමස්ථ අධ්‍යාපනයට// ඒකම තමයි මං විරුද්ධ. හැමෝම පොදුවේ ප්‍රතිලාභ නොලබන විශ්ව විද්‍යාල මෙතැනින් අයින් කරනවානම් මං සපොර්ට්. අන්තරයේත් තමන් පමණක් උසස් අධ්‍යාපනය ලැබිය යුතුයැයි සිතන අය ගැන තමයි මං නම් කතා කරන්නේ. ඩබ් ඒ ඩබ් විජේවර්ධන ගේ පොඩිහිටියන්ට ආර්ථික නුවන නම් පොතේ 14 සහ 15 කතා කවුරුත් කියෙව්වා නම් මැනවි.
Deleteඔබතුමා කියන විදියට විශ්ව විද්‍යාල හැමෝටම ප්‍රතිලාබ ලබන තැනක් වෙන්නේ නැත්තේ අය කියන එක මට තේරෙන්නේ නෑ .මොකද පාසල් අධ්‍යාපනය ලබන හැමෝටම සමාන අවස්ථාවක් තියනවා තමන්ට හැකියාවක් සහ උනන්දුවක් තියනවනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න. ඒක සමස්ත අධ්‍යාපනයේ අංගයක් විතරය්. හැමෝටම මේකට යන්න පුළුවන් වුනානම් හොඳය්. එත් එහෙම කාලයක් දැන්ම එය් කියල හිතන්නත් බැරි උනත් අමාරුවෙන් හරි යන අය නිදහස් අධ්‍යාපනයෙන් හලලා දාන්න කියන ඒක කොච්චර දුරට හරිද කියල හිතන්න වෙනවා.
Deleteකෙනෙක් විශ්ව විද්‍යාලයට යන්නේ අනුන්ගේ බදු මුදලින්. ඔහු උපාධිය අරන් රට යන්නත් පුළුවන් නේද? පුද්ගලික ජීවිතයේදී ඔබ ඔබේ මුදල් කාට හරි නිකම් දෙනවද? රටේ බදු මුදල් නිකම් බෙදන්න පුළුවන් අනුන්ගෙන් අරගෙන තවෙකෙකුට දෙන නිසාද?
Delete// හැමෝටම මේකට යන්න පුළුවන් වුනානම් හොඳය්.// ඇයි හැමෝම වී ව්ද්‍යාල යන්න ඕනා? හැමෝම ධනවත් වෙන්න හැමෝටම එක සමාන දේවල්? ඕව වම්මුන්ගේ විකාර. මිනිසුන් කැමැති කෙනෙක් කැමැති කෙනෙක් වෙයි තමන්ගේ මහන්සියේ හැටියට.
උදිතගේ අදහස් වලට වෙසමුනිගෙන් වරම් ගත්ත VIP යකෙක් විදියට මමත් එකඟයි.
Deleteඑක්දහස් නමසිය හතලිස් ගණවල තිබ්බ ආර්ථික , සමාජීය ව්‍යුහයත් එක්ක නිදහස් අද්‍යාපනය ගැලපිල ගියත් දැන් පවතින තරඟකාරී වෙළඳපොල ආර්ථිකයත් එක්ක සැමට නිදහස් අද්‍යාපනය , සෞක්‍ය ප්‍රයෝගික නැහැ. අද්‍යාපනයට ධනය වියදම් කළ හැකි මද්යම පාන්තිකයන් සුළු පිරිසක් සිටි ඒ කාලයේ නිදහස් අද්‍යාපනය ප්‍රායෝගිකයි. මේකාලේ නෙමේ.
කෝටිපතියාගේ පුතාටත් , අන්ත දිලින්දගේ පුතාටත් සමව අද්යපනයට වෙන් කරන බදු මුදල් වෙන්ව යාමෙන් අගතියට පත් වෙන්නේ දිළිඳු අයමයි. ඒ ඔවුන්ට වෙන් විය යුතු ප්‍රතිපාදන , ඒවා නොලැබිය යුතු විශාල පිරිසක් අතර ව්‍යාප්ත වී යාමෙන් ඔවුනට ලැබෙන ප්‍රමාණය අවම වීම නිසයි. මේක නේද සබැ අසාධාරණය? මාරයටත් උනේ මේක නේද ?
හැබැයි ඒකට කවුරුවත් කතා කරන්නේ නැහැ. හැමෝම කැමති නිකන් ලැබෙනවට. ඕකට කියන්නේ කුහක ආත්මාර්ථකාමී කම කියල මිසක් වෙන මොකවත් නෙමේ.
අද්‍යාපනය පෞද්ගලිකරණය කරොත් මගේ යක් පැටවුන්ටත් මුදල් ගෙවා ඉගැන්වීමට මට සිදු වෙනවා අනිවාර්යයෙන්ම. නමුත් එහමයි කියා රටේ දියුණුවට රින ආකාරයෙන් බලපාන , මුදල් කාබාසිනියා කරන සැමට නිදහස් අද්‍යාපනය කියන සුදු අලියව ආත්මාර්ථකාමී ව පවත්වා ගැනීමට පුස් අරගල කිරීමට තරම් තරම් මේ යකා කුහක නැහැ.
මම කලිනුත් කියන්නේ හා නැවතත් කියන්න උත්සහ කරන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සමස්ත අධ්‍යාපනයේ කොටසක් හැටියට තියෙන්න ඕනේ කියන එක.
Delete//කෙනෙක් විශ්ව විද්‍යාලයට යන්නේ අනුන්ගේ බදු මුදලින්. ඔහු උපාධිය අරන් රට යන්නත් පුළුවන් නේද? පුද්ගලික ජීවිතයේදී ඔබ ඔබේ මුදල් කාට හරි නිකම් දෙනවද?//
මෙහෙම හිතුවොත් හැම කෙනෙක්ම පාසල් යන්නෙත් කාගේ හරි බදු මුදලින්නේ. පාසල් විතරක් ගිය කෙනෙක්ට පිටරට යන්න බැරිද? මෙහෙම තර්ක කරන්න ගියොත් නිදහස් අධ්‍යාපනය නවත්තන්න ඕන තැනට එනකන්ම මේ කතාව අරගෙන යන්න වෙනවා. අනිත් කාරණේ විශ්ව විද්‍යාලයකට යන්නෙත් අපේ රටේ ඉන්න කෙලින්ම හරි වක්‍ර ආකාරයකට හරි බදු ගෙවන මිනිස්සුන්ගේ දරුවෝ. කලිනුත් මම කිව්වා වගේ ඔවුන් එතනට යන්නේ හැමෝටම සමානව ලැබෙන අවස්ථාවලින් , තමන්ගේ මහන්සියෙන් උපරිම ප්‍රතිපලයක් ගත්ත හින්ද. එහෙම නැතුව කවුරුහරි ඒ අයට අමුතු වරප්‍රසාදයක් දීල නොවේ. එහෙම තත්වයකදී නිදහස්ව ලබාගත හැකි ප්‍රමාණයට සීමා දාන්න කාටවත් අය්තියක් තියනවද කියන එක ප්‍රශ්නයක්.
//හැමෝටම මේකට යන්න පුළුවන් වුනානම් හොඳය්//
මෙතැනදී මම කියන්න හදන්නේ ඕනෑකමක් හා සුදුසුකම් තියන හැමෝටම තෘතියික අධ්‍යාපනයක් ලබන්න තියනම් සුදුසු කියන එක. දැන් තියෙන්නේ එහෙම අයගෙනුත් සෑහෙන ප්‍රමාණයකට ඉඩ මදිකම හින්ද අවස්ථාවක් නොලැබීම. එහෙම නැතුව " වම්මුන්ගේ" කතාවක් නෙමේ. වමේ උනත් දකුණේ උනත් ගන්න යහපත් අදහසක් තියනවනම් ගැනීම වරද්දකුත් නෙමේ.
//මිනිසුන් කැමැති කෙනෙක් කැමැති කෙනෙක් වෙයි තමන්ගේ මහන්සියේ හැටියට.//
සහතික ඇත්ත - මෙහෙම වෙන්න දුප්පත්, මධ්‍යම පාන්තික දරුවන්ට තියන අවස්ථාව අහිමි වීම නවත්තන්න ඕනේ කියන එක තමයි මම ඉන්න මතය .
උදිත හා මහසෝනා ගේ කථාවල හරය ඇතුලේ මම එකඟ වෙන තැනක් තියනවා , අවුරුදු 50කට කලින් හදපු ක්‍රම වේද එහෙමම භාවිතා නොකර වෙනස් වෙන්න ඕනි කියන එක ගැන සැකයක් නෑ . නොමිලේ දෙන සෞඛ්‍යය සහ උසස් අධ්‍යාපනය ඒවා ලැබිය යුතු පිරිසටම ලැබෙන විදිහේ ක්‍රමයක් අත්‍යාවශ්‍යයි , එතකොට රෝහල් වල බේත් ටික නැති වෙලා කුලියක් මලියක් කරල ජීවත් වෙන මිනිහටත් ෆාමසියෙන් බේත් ගන්න සිද්ධ වෙන තත්වය නැති වෙනවා . උසස් අධ්‍යාපනය ගත්තත් එක ලකුණෙන් විශ්ව විද්‍යාලය මඟ හැරුණ දුප්පත් ලමයා ත්‍රිවිල් එලවත්දි ඒ ලකුණුම ගත්ත පොහොසත් ළමයා පෞද්ගලික උපාධියක් කරනවා (ලංකාවේ ඉඳගෙනම ) , නමුත් ඔය තත්වය වෙනස් වෙන්න ඕනි ක්‍රමානුකුලව නිසි වැඩපිලිවෙලක් ඇතුව , දැනට තියන දේත් නැති කරගෙන නෙවෙයි . එස්.බී ඔය වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරනවා වගේ පෙනුණ නිසා මාත් ඔය මතවාදය බ්ලොග් අවකාශය ඇතුලේ වීව්ධ තැන්වල සටහන් කලා , වාද කලා , ඒ සමහරක් වෙලාවකදි සමහරෙක් කීව දෙයක් තමයි "සෛද්ධාන්තිකව හොඳ වුනත් ප්‍රායෝගිකව කෙරෙනවද? " කියන එක . එදා එකඟ නොවුනත් දැන් එකඟ වෙන්න සිද්ධ වෙලා තියනවා .... අලුතෙන් ක්‍රම හැදෙන්නේ නැත්නම් තියන ක්‍රමය හෝ රැකගත යුතුයි !
Deleteඔව් බුවා එකටත් මොලේ තියෙන්න ඕනෑ ලංකාවවේ පුද්ගලික බස් දිහා බලන්න පුද්ගලික ඇටිකෙහෙල් වෙලා තියෙන්නේ
Deleteජීවිතේටම කොපිකර නැත . අපේ පන්තිවල ළමයින් නම් කොපිකල බවක් මට මතකම නැත . අවුරුදු කීපයක වෙනස ලොකු බව පෙනේ . ඉස්කෝලවල අනවශ්‍ය දේ වලට සල්ලි එකතු කිරීමට මන් නම් තරයේම විරුද්ධයි . ශිෂ්‍යත්වය පාස් වී කොළඹ ගොස් ලොකු ඉස්කෝලෙක කඩ්ඩ දන්නා ළමයින් අතර ඉගෙන ගත් මට තිබු ලොකුම ධනය ලිවීමට ඇඳීමට තිබු හැකියාවය ,.පොත් කියවීම අමතර ත්‍යාගයක් විය . අනෙක් අතට අනෙක් ළමයින් ළඟ කුමන විසිතුරු දේ තිබුනත් මටත් ඇත්නම් කියා නොසිතිමය . ඒ ලද හික්මීම අදටත් මට වටී.
ReplyDeleteශිෂ්‍යත්වයෙන් ලොකු ඉස්කෝලයකට යාම ලොකු ජයක් වුවද එතනින් එහාට ඉහ ගහගෙන ඉඳීම ලෙහෙසි නැත .
//ශිෂ්‍යත්වයෙන් ලොකු ඉස්කෝලයකට යාම ලොකු ජයක් වුවද එතනින් එහාට ඉහ ගහගෙන ඉඳීම ලෙහෙසි නැත .//කාටත් පොදුයි...........
Deleteගෙදරිං පිට ගිහිං පුදුම කට්ටක් කෑවෙ. මට හම්බවෙච්චි ඩබල් ප්‍රමෝෂන් එකත් එක්ක මට වැඩිමල් අයත් එක්ක හැප්පෙන්ට උනේ.
මේක නං 6% ඉල්ලීම් ගැන. වැටහීමක් ඇතිකර ගන්ට ඕනෑ අයට.
http://futa-sl.org/wp-content/uploads/2012/06/FUTA_Demands_Comprehensive_19_06_2012.pdf
කොරියාවෙ ටියුශන් තහනං.
Deleteමෙහෙ ඒක කොලොත් වෙන්නෙ උගත් දෙමාපියො රෑට රෑට තම දරුවන් ලං කරගෙන කතන්දර කියනව වෙනුවට පාඩම් උගන්නන එකයි.
මගෙ දරුවො ගියෙ පෞද්ගලික පාසැල්වලට. සාමාන්‍ය පෙලට ටියුශන් ගියෙ නැහැ. තාත්ත ගණිතය විද්‍යාවත් ආච්චි ඉංගිරිසිත් මම සිංහල බුද්දාගම සෞඛ්‍ය වගේ ඒවත් ගෙදර ඉගැන්නුව යමක් වැඩිපුර දැනගන්න අහපු වෙලාවට.
මම දන්න විදියට නං රජ්ජුරුවංනෙ බාල පුත් කුමර සාමාන්‍ය පෙල ඉගෙන ගත්තට පස්සෙ විදේසීය උසස් පෙලකට ලීවෙ. ඊටපස්සෙ රට ගියෙ විස්ස විද්ද්‍යාලෙට. ටියුශන් දෙන්ට ඇත්තෙ කවුද හැබෑට?
Deleteතාමත් උසස් පෙලට උත්තර ලියනකොට කොපි කිරීමේ ක්‍රමයක් රාජxxxx විද්යාලයේ තියෙනවලු කියල මගෙ මිතුරියකගෙ පුතෙකු කීවා වගෙ මතකයි. දැනීම වැඩි ළමයා ඔවුනට උපකාර නොකොලොත් අල්ලලා ගහන්ට තරමට ගැන්සිය සැරලු. ඉතිං කවුද ගුටි කන්ට කැමති? අපේ කාලෙනං කොපි කලේ නැත, සමහර විට මා හිටපු විදුහලේ එහෙම වෙන්ට ඇති ඒ කාලේ. දැං කොහොමද කියා සොයා බලන්ට වටී
Deleteදකුණු කොරියාවේ ටියුෂන් තහනම් උනත්, ඔවුන් තමා වැඩියෙන් ටියුෂන් ගන්නේ. මේ ගැන ලිපියක් මිට මාස කීපයකට පමණ පෙර දී ඉකොනොමික් සඟරාවේ අපුරුවට ලියල තිබුනා.
Deleteමේවත් කියවන්න. ලිඳේ ඉන්න ගමන් ලියන්න එපා.
http://www.time.com/time/magazine/article/0,9171,2094427,00.html
http://jjtrenka.wordpress.com/2007/05/08/sth-korea-biggest-private-education-spender-among-oecd-nations/
තව දහසක් දේ කියවන්න දෙන්න පුළුවන්. ඒත් වැඩක් වෙයිද?
//ලිඳේ ඉන්න ගමන් ලියන්න එපා//
Deleteපටලගන්න එපා මාකීවේ "තහනම්" කියා පමණයි.ඒ තහනම ගැන කවුරුත් දන්නවා . නමට පමණයි.
මා ඒ රටේ වාසය කර තිබෙනවා. දරුවන් ඇති කොරියානු මිතුරු මිතුරියන් ඉන්නවා. ඔවුන් කරන කියන දේ අපට වටහා දී තිබෙනවා.
එහේ ළමයින් විශ්ව විද්‍යාලවල සියදිවි හානි කරගන්නවා පීඩනය වැඩිකමට.
පැහැදිලි කිරීම ගැන ස්තුතියි. ඒකෙන්ම පේනවා නේද සමාජ අවශ්‍යතාවයක්, නීති මගින් යටපත් කරලා නවතන්න හදන කොට එය, තව විදිහකට වඩාත් දරුණුවට මතු වෙනවා. වරදවා ගන්න එපා, දැන් ඔබේ දරුවන් පෞද්ගලික පාසල් ගියා කියල ඔබ කියනවා. මා ඒ ගැන ඇත්තටම සතුටුයි. මොකද ඔබට ඒ සඳහා ආර්ථික ශක්තියක් තියන නිසා. අප කරන්න ඕනේ ඔබ වගේ අය ගණන සමාජයේ වැඩි කිරීමයි. එතකොට මේ රජයේ පාසල් වලට තියන පීඩනය අඩු වෙනවා. දැනට තියන සම්පත් පවා, සමාජයේ වැඩි අවශ්‍යතාවයක් තියන සිසුන්ට දෙන්න පුළුවන්. නමුත් ඔබෙත් අනික් නිදහස් අධ්‍යාපනය රැක ගන්න කෑ ගහන කට්ටිය ගේත් එක සටන් පාටයක් තමා පෞද්ගලික උසස් අධ්‍යාපනය එපා කියන එක. මෙතන නම් පඩි අවුලක් තියනවා කවි කාරියේ. ඔබට පුළුවන් උනාට ඔබේ දරුවන් පිට රට යවලා උගන්වන්න, ඒ තරමටම මුදල් නැති, නමුත් දුප්පත් ද නොවන තවත් කාණ්ඩයක් රටේ සිටිනවා. ඔවුනට අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම අර පාද යාත්‍රාවට අදාළ නැහැ නේද? (කියන්න එපා 6% ක් කලොත් එහෙම වෙනවා කියා). අනික ඔබ වගේ කෙනෙක් ඔබගේ දරුවා මේ රජයේ සරසවියකට තේරුනත් නොයවන්න ඉඩ කඩ වැඩියි. මේ ලිංගික අතවර සහිත නවක වධය තියන සරසවියකට ඔබේ දුවණිය යවන්න දෙපාරක් හිතනවා නේද? අනික ඔය පෞද්ගලික පාසල් වලට යන සිසුන්ට උපෙන් පසු ලංකා අධ්‍යාපනයේ තියෙන්නේ බ්ලැක් හෝල් එකක් නේද? මා හිතන්නේ එක්කෝ දැනට තියන රජයේ විශ්ව විද්යාල මිශ්‍ර ක්‍රමයකට යන්න ඕනේ, නැත් නම් සම්පුර්ණයෙන් මුදල් ගෙවා උගන්වන සරසවි වලට ඉඩ දෙන්න ඕනේ. අර යාත්‍රා යන කට්ටියගේ මුළු ඉල්ලීම් මේකට එක ආරම්භයක් ලෙස ගන්න පුළුවනි. මේ සටනම රාජ්‍ය දේපොළ මංකොල්ල නොකන, පවුල් පාලනයකින් තොර යහපත් ප්‍රජාතන්ත්‍ර වාදී පාලනයකට යන්න පාර කපා ගන්නත් යොදා ගන්න පුළුවන්. ඒකට මේ "නිදහස්"අධ්‍යාපනයෙන් දැනට බිහි වෙලා ඉන්න පුර වැසියන්ගෙන් කි දෙනෙක් කැමති වේද කියන එක නම් අපට ඊළඟ චන්දයේදී ඔවුන් චන්දය පාවිච්චි කරන ආකාරයෙන් බලා ගන්න පුළුවන් කවි කාරියේ!
Delete@ කවිකාරි
Deleteතාමත් උසස් පෙලට උත්තර ලියනකොට කොපි කිරීමේ ක්‍රමයක් රාජxxxx විද්යාලයේ තියෙනවලු කියල මගෙ මිතුරියකගෙ පුතෙකු කීවා වගෙ මතකයි. දැනීම වැඩි ළමයා ඔවුනට උපකාර නොකොලොත් අල්ලලා ගහන්ට තරමට ගැන්සිය සැරලු. ඉතිං කවුද ගුටි කන්ට කැමති?
ඔහොම වෙච්ච දරුවෙක් මමත් දන්නවා, පුශ්න පත්‍රය තමන් ලග බොහෝ වේළාවක් නොතිබීම නිසා සමහරක් ප්‍රශ්න වලට උත්තර ලියන්න කාලය නැති වෙලා , සරසවී වරම් හිමි උනේ නැ . මිනිහා අහිංසක කොල්ලෙක් හන්දා ඇතිඋන කලකිරීම නිසා දෙවනි වරට පෙනී හිටියෙත් නෑ , දැන් ඌ ත් ඔහේ පාවෙනවා.
ලංකාවේ ඇති ටියුෂන් කෙලිය නිදහස් අධ්‍යාපනයට බාධාවක් නෙවෙයිද..?
ReplyDeleteඇත්තටම ලොකු බාධාවක්. ඒ වගේම පාසලේ වගකීම් හරි හැටි සිද්ධ නොවන අවස්ථා වල ටියුෂන් කෙලියේ වටිනාකමක් නැතිවත් නෙවෙයි. ටියුෂන් නැති කරන්න කලින් පාසැල් වල අධ්‍යාපනය හරි මගට ගන්න ඕනි. බැරි නැහැනේ.
ඒකෙන් නැති බැරි ළමයින්ට අසාධාරණයක් වෙන්නේ නැද්ද..?
නැති බැරි ළමයින්ට අසාධාරණයක් එළිපිටම වෙනවා. ඒත් කලින් කියපු හේතුව පාසලේ වගකීම් හරි හැටි ඉටු නොවෙන කොට, ටියුෂන් වෙළඳපළක් ගොඩ නැගෙන එකත් පුළුවන් එව්වෝ පාරිභෝගිකයෝ වෙන එකත් නවත්තන්න බැහැ.
ඒක එහෙම නෙවෙයිනං පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විතරක් ඇයි මේ කට්ටිය ඔය තරම් විරුද්ධ වෙන්නේ..?
පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන කොට, ඒවාට වැඩි පහසු කම් ලැබෙනවා වගේම හරියට කරනවානම් වැඩි ගුණාත්මක සේවයක් ලැබෙනවා. රැකියා වෙළඳපලට ගැලපෙන උපාධිලාභීන් බිහි වෙනවා. ඒක හොඳයි. ඒත් ඒ වෙන කොටත් අපේ රජයේ විශ්ව විද්‍යාල ඒ මට්ටමට දියුනු නැතිනම්, පාඨමාලා යල් පැනපු ඒවානම්,පාඨමාලා රැකියා වෙළඳපලට ගැලපෙන්නේ නැතිනම් ඒවාට ඇතුලත් වෙන , පුද්ගලික සරසවි වලට ඇතුලත් විය නොහැකි කොටසට, අඩු ගුණාත්මක තත්වයේ අධ්‍යාපනයක්, අඩු පුහුණුවක්, අඩු පිළිගැනීමක් ලැබෙන්නේ. අවසානයේ පුද්ගලික සරසවි වලින් එලියට එන අය එක්ක තරඟ කරන්න , රජයේ සරසවි වලින් එන අයට බැරි වෙනවා. අන්තිමට හොඳ රැකියා ලැබෙන්නේ මුදල් යහමින් වියදම් කරල ඉගෙන ගන්න අයට. එහෙම බැරි අයට ටිකෙන් ටික, උසස් අධ්‍යාපනයෙන් ඈත් වේවි. අන්තිමට ආයිමත් ඉහලට එන්නේ බලපුලුවන්කාරයෝ විතරයි. දුප්පත් එවුන් එකෙක් දෙන්නෙක් අමාරුවෙන් නැගිටියි. ඒත් හැමෝටම එහෙම බෑනේ..
පාසල්වල කොපි කිරීම් හා විභාග වංචා ගැන ඇයි ගුරුවරුන් අලස ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ..?
එයින් අසාධාරණයක් වෙන්නේ නැද්ද..?
පැහැදිලිවම අසාධාරනයි. මමත් කොපි නොකළ කෙනෙක් වගේම කොපි කරන්න සහයෝගය නොදීම නිසා සමහරු මාත් එක්කත් තරහ වෙලා තියෙනවා. කොපි කරන්න උදවු කරන එකත් , කරන එකත් දෙකම වැරදියි. අසාධාරණයි.
6% හෝ ඊට අඩුවෙන් කරන ප්‍රතිපාදන වැඩි කිරීමක් සමස්ථ අධ්‍යාපනයටම වෙන් වෙන්න ඕනි.
පෝස්ට් එක කියවලා ඉවරවෙනකොට මොකක් ගැන කොමෙන්ට් කරන්නද කියලා හිතාගන්න බැහැ.. මම හිතුවෙ ඉංග්‍රීසි ටීචගෙ දුව කතාව ශෝකාන්තයක් කරා රැගෙන යයි කියලා.. :)
ReplyDeleteමෙච්චරයි මට කියන්න තියෙන්නෙ.. දුර්වල හන්දා හෝ කිසියම් විශේෂ හේතු නිසා උපකාරක පන්ති ක්‍රමයක් සිසුවෙක්ට අවශ්ය වෙන්න පුලුවන්. නමුත් ටියුෂන් මාෆියාවක් නොතිබිය යුතුයි. පෞද්ගලික වි. වි. නම් රටකට ඕන..හැබැයි ජාත්යන්තරව පිලිගත් ප්‍රමීතින් වලට යටත්ව.
ඒ හැර ලංකාවේ ප්‍රාථමික අධ්යාපනය තවමත් හොඳ මට්ටමක තියනවා..( මට හිතෙන විදියට) අවශ්ය වෙන්නෙ දුෂ්කර පලාත් වලට නියමිත් යටිතල පහසුකම් ලබාදීම හා ගුරුවරුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම..කොටින්ම කිව්වොත් ගුරු දිනයේදී දරුවන්ගෙන් තෑගි බෝග ලබා සතුටු වෙන ගුරුවරයා , දරුවන්ගේ සාර්ථකත්වය දැක සතුටු වන්නෙක් බවට පත් කල යුතුයි.
සියලුම කාරණා වලට එකඟයි.මේ බ්ලොග් එක අවුරුදු එකහමාරක් විතර තිස්සේ කියෙව්වත් අද තමා පළවෙනි කමෙන්ට් එක දාන්නේ.අර ක්‍රිකට් ක්‍රීඩකයා මහේල ජයවර්ධන විය යුතු.
ReplyDeleteකවදාවත් කොපි කර ලකුණු අරන් නැත!
ReplyDeleteමාරයාගේ කතාව සංවේදියි. ටියුෂන් පන්තියේ කරන ව කියල ඉස්කෝලෙදි හරියට උගන්නන්නේ නැති ගුරුවරු මට හම්බෙලා නැතත් එහෙම අය ගැන මම අහල තියෙනවා. ඒ අතින් බලද්දී මට හම්බවුනු චන්ද්‍ර පෙරේරා මිස් වගේ මිස්ල කොච්චර උතුම්ද කියල හිතෙනවා! ඒ කාලේ චන්ද්‍ර මිස් ගේ සිංහල ක්ලාස් එක ගොඩක් ප්‍රසිද්ධයි. ඒත් මම සිංහල වලට ටියුෂන් ගියේ නැහැ. හැබැයි මිස් ඉස්කෝලෙදි කිසිම අඩුවක් නැතුව පාඩම් කියා දුන්න විතරක් නෙවෙයි හැම ලමෙක්ටම සමානව සැලකුව.
අපි හැමෝම මිනිස්සු නිසා අපේ පුද්ගලික අත්දැකීම් මත අපේ දෘෂ්ටිකෝණ වෙනස් වෙනවා. ඉතින් ඔයාට ටියුෂන් ලොකු වරදිකාරයෙක් විදිහට පේන එක සාධාරණයි. නමුත් ඔයාට එහෙම පෙනුන කියලම, ඒක නිවැරදි යි කියල කියන්නත් බැහැ.
ඔයා කරන්න කියන්නේ ටියුෂන් තහනම් කරන්න වගේ දෙයක් නම් ඒක කොච්චර ප්‍රායෝගිකද? අනිත් එක එහෙම නීති දාන්න කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී රටක? අනිත් අතට ඔයා පුද්ගලික විශ්ව විද්‍යාල කමක් නැහැ කියනවා නම්, එහෙනම් ටියුෂන් වලට විරුද්ධ වෙන හේතුව මොකද්ද? මොකද දෙකම එකයි. රජයෙන් දෙන දේ මදි උනාම, සල්ලි ගෙවල ඒක ගන්න පුළුවන් අය ගන්නවා.
ටියුෂන් කියන දේ ඇතිවෙන්නේ ඉල්ලුම නිසා. ඔයා කියන එය අනික් පැත්ත කරා නම් ටියුෂන් ඉබේම නැතිවේවි, හෝ අඩුවේවි. ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය සවිමත් කරා නම්.
අනිත් එක... පාසල් වල පන්තියක ළමයි 40 ක් විතර ඉන්නවා. ළමයි 40 ටම ලඟට ඇවිත් පාඩම් කියල දෙන්න ගුරුවරුන්ට අමාරුයි. ඉතින් එහෙම තියෙද්දී සමහර විෂයන්ට දුර්වල ළමයි එවවලට ටියුෂන් යන එකේ වැරැද්ද මොකද්ද? දුප්පත් ළමයින්ට යන්න බැහැ කියල හැම ළමයෙක්ටම යන්න බැරි වෙන්න ටියුෂන් තහනම් කරහම ඒ ප්‍රශ්නේ විසඳෙයිද? එතකොට ඉතින් කාටවත් නැහැ. නියම විසඳුම පාසල් අධ්‍යාපනයට තව පිරිවැය දෙන එක. ඉතින් එකටත් එක්ක තමා 6% ඉල්ලන්නේ :)
විශ්ව විද්‍යාල අධ්‍යාපනය රජය දිය යුතුයැයි කියන කෙනෙක් විට සැබැවින්ම ඉල්ලන්නේ රටේ බදු ගෙවන පුරවැසියන්ට ඔබගේ විශ්වවිද්‍යාල වියදම් ගෙවන ලෙසයි. එවිට "සම අයිතිය" කියන එක එතනට අදාළ නැද්ද? පොදු බදු මුදල් වලින් ඔබට නොමිලේ අධ්‍යාපනය දෙනකොට විශ්ව විද්‍යාලයට නොයන මට ඒ වෙනුවට නොමිළේ ලැබිය යුතු දෙය කුමක්ද?මම බදු ගෙවල ඔබේ අධයාපනයට උදව් කරන කොට මට මුකුත්ම නැද්ද? අධ්‍යාපනයේ සම අයිතිය කියන්නේ ඕකටද?උසස් පෙළ දක්වා රජයෙන් නොමිලේ අධ්‍යාපනය හැමෝටම සමව ලැබෙන එක සහ රජයේ විශ්වවිද්‍යාල වල සීමිතඉඩකඩ සදහා තෝරාගත් ටිකකට අනුන්ගේ සල්ලි වලින් විශ්වවිද්‍යාලයට යවන එක දෙකක්. ඒ මදිවට අනිත් අයට ඕනෑනම් යන්න පුද්ගලික විශ්වවිද්‍යාල දාන්නත් තහනම්. කැකිල්ලේ සටන් පාඨයක් නේද?
ReplyDeleteඔය නිදහස් අධ්‍යාපනය මගේ ළමයින්ට කවදාවත් ලැබුනේ නෑ බං
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මම හිතුවෙ ඩුඩ්ගෙ දුව පොඩිකාලෙ ගියෙ විසාකාවට කියල.
Deleteඒකටනං මොකද බං උඹ කෝටිපතියනේ , දරුවන්ගේ අධ්‍යපනනට මාසෙකට විසි තිස් දාහක් වියදං කරන එක මහලොකු වැඩක්ද
Deleteකියෙව්වෙමි.
ReplyDeleteටියුෂන් ගැන කිව්වාම මතක් උනේ...
ReplyDeleteමාත් ටියුෂන් ගියානේ... හැබැයි පොඩි කාලේ නම් ජොලියට වගේ.... ශිෂ්‍යත්වෙට මාස තුනක් ඉස්කෝලෙ ළඟම තිබුන විදුමිණ කියලා ක්ලාස් එකකට.... එකෙන් තමයි දෙමල වචන ටිකක් ඉගෙන ගත්තේ... ස්කෝලෙ දෙමල ටීචර් කෙනෙක් හිටියේ නෑ.. මං ගිය ඉස්කෝලේ 5 වසරට ඉංග්‍රීසි ඉගැන්නුවේ මුල්ලේගම කියලා ටීචර් කෙනෙක්... හරිම සැරයි... කියලා දෙන දේ ඉගෙන ගැණිමට වඩා බැනුම් නොඅහා ඉන්නේ කොහොමද කියලා තමයි හිතුවේ.... හි හි...
චිත්‍ර වලට නම් 6 ඉදලා ගියා... වෙන මොකදවත් හින්දා නෙවෙයි.. ගේ ළඟම බොහොම හොඳ චිත්‍ර ගුරුවරියක් හිටපු නිසා.. සෙනසුරාදා උදේට ඔතනට ගිහිල්ලා චිත්‍රයක් ඇඳලා ගෙදර එන එක සෙල්ලමක් වගේ...
ආයිත් ඉතිං ටියුෂන් ගියේ ඒලෙවල් වලට තමා... ඒකට නම් ඉතිං විශයයන් තුනටම ගියා...
කොපි කිරිල්ල... මටත් කොපි කිරීම නම් අල්ලන්නේ නෑ... හැබැයි මම කොපි කරලා තියෙනවා... ළඟ ඉන්න එකාගෙන් නෙවෙයි.. පොතෙන්... හැබැයි ලොකු විභාග වලට නෙවෙයි.. මාසකට සැරයක් දෙන ඇගයීම් වලට.....
ටියුෂන් කියන්නේ ළමයින්ට වදයක්... ඒත් ඉස්කෝලෙදි සිලබස් එක කවර් කරගන්න පාසල් කාලය මදි වෙන බොහෝ වෙලාවල් තියෙනවා... අපිට හිටපු ගමන් සෙනසුරාදාත් ඉස්කෝලෙ දැම්මා සමහර වෙලාවට...
හැබැයි ඉතිං සද්භාවයෙන් දරුවන්ට ආදරයෙන් උගන්නන ගුරුවරු ඉන්නේ ටික දෙනයි.... ඒකයි ඇත්ත... ගොඩක් දෙනා පීරියඩ් එක ඉවර වෙනකම් බලං ඉන්නේ.. ඒ මගේ අත්දැකීම...
11 දි අපේ පන්තියට විද්‍යාව ගුරුවරියක් නැති උනා... අසනීයකට රෝහල් ගත වෙලා... මාස හයක් ඒ ගුරුතුමියගේ සටහන් ලියාගෙන අපි තනියෙන් ඉගෙන ගත්තේ.. මේ කොළඹ ගෝතමී බාලිකාවේ.. පන්තියේ ළමයි 45 ම එකතු වෙලා විභාගෙට පාඩම් කලේ... අපි එකෙක් වත් ටියුෂන් ගියේ නෑ ඒ විශයයන් වලට... 45ම ඕ ලෙවල් පාස්...
ඉගැන්නිල්ල හරියට කරනවා නම් ටියුෂන් යන්න ඕනේ නෑ... ඒත් උගන්නන්නෙ නැත්තම් ඌ ටියුෂන් ගිහිල්ලා හරි ගොඩ යන්න ඕනේ....
ඔය තමන්ගේ ටියුෂන් ක්ලාස් එකට එන්නේ නැති ළමයින්ට ඉස්කෝලෙදි කැපිල්ල දාන එක බොහොම නම ගිය ප්‍රසිද්ධ අයත් කරනවා... සංගීත ටීචර් කෙනෙක් ඉස්කෝලෙටම ඒලෙවල් මියුසික් කරපු ළමයි තුන්දෙනාට ඉගැන්වීම ප්‍රතික්ෂෙප කලා එයාගේ ක්ලාස් එකට ආපු නැති නිසා.. ඒත් කොළඹ ලොකු බාලිකාවක.... හි හි....
මේ මාරයාගේ කතාව පමණක් නොවේ. ගැමි පාසල්වලින් නගරයේ සුපිරි පාසල් වලට පැමිනෙන්නට වරම් ලබන දිළිදු ගැමි දරුවන් බහුතරයකගේ කතාවයි.
ReplyDeleteදෙවනුව මාරයා 6% පිළිබදව දක්වන අදහස් වලට නම් එකඟ නොවෙමි.
කියෙව්වා..
ReplyDeleteමුකුත් අදහසක්නං නෑ..
මං පටන්ගත්ත සංවාදය උදිත , TG වගේ අය අය දිගටම කරගෙන යන ඒකට සතුටුයි
ReplyDeleteසැමට නිදහස් අද්‍යාපනය කියන්නේ තනිකර සිදු අලියෙක්. අද්‍යාපනය, සෞක්‍යය සම්පුර්ණයෙන් ආණ්ඩුවේ පාලනයෙන් නිදහස් කරලා අඩු අදායම් ලබන අයට වෙනම සුභසාධන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි යන මතයේ තමයි මං ඉන්නේ. අපේ පන්තියේ ලක්ෂ ගණන් මුදල් සොයන ව්‍යාපාරිකයාගේ පුතාටත් මට මතකයි ආහාර මුද්දරේ ලැබුණා. මේවා තනිකර අමන වැඩ.
නිදහස් අද්යාපනයෙන් බිහි කරන්නේ තනිකර පුස්සෝ. සේනක බිබිලේ , සිරිල් පොන්නම්පෙරුම , මහලිංගම් වගේ අයගේ නම් කියාගෙන හනුමෝ වගේ පෙරලගෙන ආවට අවට ඔවුන් සියල්ලන්ම නිදහස් නොවූ අද්යාපනයේ ඵලයන්.
සියලු විශ්ව විද්‍යාල පෞද්ගලික කරලා දක්ෂයින්ට ශිෂ්‍යත්ව, ශිෂ්‍ය ණය ආධාර සහ ගාස්තුව දරා ගත නොහැකි පුද්ගලයන් සදහා මුල්‍යමය උපකාර පමණක් ලබා දීම සාර්ථකයි.
Deleteඋඹ උ/පෙ නොකලේ මොකද කියලා මම හිත හිතා හිටියේ දැන් ඒ ප්‍රශ්නයට පිලිතුරැ ලැබුනා
ReplyDeleteමම නම් කොපි කළා. පුළුවන් වෙලාවට අනිත් උන්ටත් කියල දුන්න. අනික් උන් කොපි කරල තමන්ට වඩා උඩ යන එක දරාගන්න බැරිද,,,,?
ReplyDeleteරටක් දියුණු කරන්නට වඩාත් බලපාන්නේ උසස් අධ්‍යාපනය විදයා හා තාක්ෂණ අංශ වලින් දියුණු කිරීම. ප්‍රාථමික හා ද්විතීක අංශත් දියුණු කරන එක වටින්නෙ නැහැ කියන්නෑ. මාරයාගේ කතාවෙන්ම කියනව එවැනි අග හිග කම් තිබුනේ තවත් එක් අයෙකුට පමණයි කියා. එනම් අග හිගකම් අඩු සියල්ල උසස් අධ්‍යාපනය දක්වා නොයන/නොතේරෙන බව පැහැදිලියි. එසේ තේරුන පුද්ගලයන්ගෙන් රටට නිහඩවම උනත් දැනෙන ලෙස වැඩක් කිරීමට උසස් අධ්‍යාපනයට මුදල් වැඩිපුර දීම අත්‍යාවශ්‍ය දෙයක්. වි.වි සහ කාර්මික තාක්ෂණ ආයතන ඇත්තේ ළමයින්ට උගැන්වීමටම නොවන බව (ඒවාට ගියත් නැතත්) බහුතරයක් දෙනා දැනගත් යුතුයි.
මමනම් කොපිකලේ නෑ කිවොත් බොරු ,සමහර වෙලාවට එකක් දෙකක් අහගත්තා .පාවලදෙන්න ගියෙනෙහැඅ .ටියුෂන් කරපු එකෙක් නේද දැන් අද්යාපන ඇමති වෙලා ඉන්නේ .මරුනේද .
ReplyDelete1980 වැඩවර්ජනය සංවිදානය කරපු එකල දැන් ඒවා කලද වත් දන්නේ නැති ගානට ඉන්නේ ,ශ්‍රීලංකා නිදහස් පක්ෂේ එඋන්ට ඕව තේරෙන්නේ නෑ ,1970 ඉඳන් 1977 වෙනකම් අපි වින්ද දුක දන්නේ අපි
විතරයි .අයෙත් යන්නේ ඒ යුගයටමතමා .
හප්පේ අපේ ඉස්කෝලෙ තිබ්බ එක එක ගාස්තු. මතකද දීපු රිසිට්. සමහර එව කලු පාටය, සමහර ඒවා සුදු කොළේ මැරූන් පාටින් තියෙන ඒවාය. ඔන්න ඔය වගේ රිසිට් හත අටක්ම හම්බු වෙනවා අපිට. ශිෂ්‍යත්වෙ පාස් වෙලා ගම් වලිං අපු සමහර ළමයින්ට ඔය ප්‍රස්නෙ බලපානවා. මාත් ඉතිං ඕකට ගියෙ 6 වසරෙං නෙව.
ReplyDeleteඇයි බං හැමදාම ඉස්කෝලෙ ඇරෙන වෙලාවට පුංචි බොරැල්ලට එන්නෙ KW72 ඒ දවස් වල?? මොකටෙයි ප්‍රයිවට් වල ගාටන්නෙ? (අපේ ටකරං ස්කූල් බස් එක) පස්සෙ කාලෙක ඒක ලටෙක් එකක් වෙලා පොල් කට්ටා මාතලී උනා. පස්සෙ ඒක බට ඇඩ් එකක් ගහපු ග්‍රේට් වෝල් එකක් උනා. ඉං පස්සෙ නිට්ටඹුවෙ පොදු පාසල් එකට මාරු උණ නිසා වැඩිය යැවුණෙ නෑ...