මාරයාතුමා වන මංතුමා හැමදාම නාගන්නේ දේශපාලනේ කතා කොරන්ට ගෙහුන් නෙව... ඒත් ඉතිං සිංහලෙන් අන්තර් ජාලෙට එකතු වෙන උන්දලා අස්සේ මහින්ද අයියට සපෝට් කරන්න ඉන්න සැට් එක අල්පයක් වෙච්ච එකේ ඒ පැත්ත නියෝජනය කරන්න කවුරු හරි ඉන්ට එපෑ..හා නැද්ද මං අහන්නේ..? කස්ටිය මහ ලොකුවට කතා කරන්නේ පොරජාතන්තරේ ගැන උනත් මහින්ද අයියට සපෝට් කරන්න තියෙන අයිතිය පොරජාතන්තරේට අයිති නැති සීන් එකක් හින්දද කොහේද මංතුමාට මහින්ද අයියා කියලා ලියන්න ම යන්න ලියද්දිම සමහරු කලබොල වෙලා අහවරයි...
රනිල් අයියට හරි අපේ ෆොන්සේකා මහත්තයට හරි මුක්කුවක් ගහං උන්නනං මේ කරදර මොනවත් නැහැ අපිටත් හුරේ දාන්න හෙන සැට් එකක් හිටිනවා... රටේ ලෝකේ තත්තේ කොහොම උනත් අන්තර්ජාලේ තත්වේ එහෙමයි... ඒක නෙව මූණු පොත් පොජ්ජේ චන්දයක් තියන පරක්කුවට මහින්ද අයියා දෙකේ කොලේට වැටිලා රනිල් අයියලා අපේ ෆොන්සේකා මහත්තයලා එකෙන්ම දිනන්නේ... :D
කොහොමත් බලයේ ඉන්න කෙනෙකුට පක්ෂව ලියන එක ලේසි නැහැ.. මොකද උන්දලා නෙව වැඩ කරන්නේ.. වැඩ කොරන එකා අතින් තමා වැරදි සිද්ධ වෙන්නෙත්... ගෙදරට වෙලා බුදියන එකා අතින් කොහොමද වැරදි සිද්ධ වෙන්නේ.. ඕනනං නින්දෙන් අධෝ වාතයක් එහෙම යයි ඒවා කවුද ගණන් ගන්නේ නේද..?
වෙලාවකට මට හිතෙනවා රනිල් අයියා හරි අපේ ෆොන්සේකා මහත්තයා හරි දිනලා මහින්ද අයියා ගෙදර උන්නනං මට කොච්චර පහසුද කියලා.. එහෙමනං මටත් වෙන මොනවා නැතත් අත දිගෑරලා ලියන්ට තිබ්බා ලිවිල්ලක් පලු යන්ටම... ඔහෙලට කියන්ට මටත් ඔය ඕන මගුලක් ඕන පැත්තකින් අල්ලගෙන ලියන්ට හැකියාව තියේ කබරයි තලගොයි කරලාද..තලගොයි කබරයි කරලාද.. ගොරකා දඩමස්ද..දඩමස් ගොරකාද ආදී වසයෙන් හරෝලා... ඔව්වා මොන සිම්පොල් වැඩද.. ඒත් ඉතිං ඒ විදියට ලියන්ටනං ආණ්ඩුවට කඩේ ගෙහුන් බැහැ විරුද්ධ පස්සේම ඉන්න ඕන... මොකද ආණ්ඩුවට කඩේ යන ගමන් ලියන්ට වෙන්නේ විපස්සේ වැරදිනේ.. ඒත් ඉතිං ගෙදරට වෙලා බුදියං ඉන්න විපස්ස නායකයෙක් ගැන මොන උලව්වක් ලියන්ටද..? ඔන්න මෑන් පාරට බැහැලා මොනවා හරි වැඩක් කරනවනං මටත් තිබුනා අම්මා මෝ නැතිව ලියලා අරින්ට... ඒත් ඉතිං අපේ විපස්සනායක තුමා තමුන්ට වසරකට හිමිවන විමධ්‍යගත අරමුදල් වලින් කරන කියන දෙයක්වත් පේන්ට තියෙන එකක්යෑ... ඇත්තටම දැන් විපස්සයේ මංතිරිලාට විමධ්‍යගත අරමුදල් නොලැබෙනවාදවත් මංදා...
හා ඒකෙන් කාරි නැහැ ආයේ නාගන්න බලං කියන්ට ආව ටික කියලා දාමුකෝ...
කවුරුත් දන්නවනේ මේ දවස්වල උතුරු මැද පළාතේ හෙන ගේමක් යනවා කියලා... ඒ තමා මහ ඇමටි යුද්ධේ... උතුරේ යුද්ධේ අහවර කොලාට හපන් මේක අහවර කොරන එක... එක පැත්තකින් බෝටි අයියා... අනිත් පැත්තෙන් ඇස් ඇම් චන්දරේගේ මල්ලි... දෙපැත්තම තකට තක...
ඔතනින් බෝටි අයියා ගැන කිව්වොත් මෑන් වටින කියන හාදයෙක් සංධානේ පැත්තෙන් ගත්තම..මොකද අපිටත් මතකයි ඉස්සර උතුරු මැද පළාතේ අනුරාධ පුරේ දිස්තිරික්කේ උනත් සිරිලංකා පස්සේ ඇතුළු නඩේට දිනන්ට ලේසි නැහැ... ඒත් කොහොමින් හරි ඒ පැත්තේ බලේ අල්ල ගත්තායින් පස්සේ කාලයත් එක්කම ඒ පැත්තත් හරියට මේ අපේ දිස්තිරික්කේ වෙච්ච ගම්පහ දිස්තිරික්කේ වගේ සිරිලංකා එකට බර දිස්තිරික්කයක් බවට පත් කොරන්ට බෝටි අයියා සමත් උනා... එහෙම බැළුවම සිරිලංකා කාරයින්ට වගේම සංධානේ උන්දලාටත් බෝටි අයියාගේ කෙරුවාව අමතක කොරන්ට බැහැ... හැබැයි උන්දෑ ටිකක් විතර මහින්ද අයියට වඩා හිටපු මැඩොංට මුක්කුව ගහං හිටිය කතාවක් තියෙන හින්දා අපේ ලොකු අයියට මෑන් ගැන ඒ හැටිම විස්සාසයක් නැහැ වගෙත් පේන්ට තියෙනවා..විස්සසා පරමා ඥාති කියනවනේ...
අනිත් පැත්තෙන් ඇස් ඇම් ගොයියා... දන්න තරමින් මෑන් ලෝක අණ්ඩයා... ඒත් මහින්ද අයියට පස්සේ උදවියගෙන් මෙලෝ සපෝට් එකක් නැතිව ඉද්දී හුග දෙනෙක් මැඩොංගේ සාරි පොටේ එල්ලිලා ඉඳන් මහින්ද අයියගේ කකුලෙන් අදිමින් තිබුන වෙලාවක මහින්ද අයියා වෙනුවෙන් කතා කරන්ට හිටිය හා මැතිවරණ වලට මුදලින් ආධාර කොරන්ට හිටිය සැට් එකේ ඔය ඇස් ඇම් අයියත් හිටියා නෙව... ඔය සැට් එකේ හිටිය තව කිහිප දෙනෙක් තමා නිර්මල කොතලාවල..උපාලි ගුණරත්න..අළුත් ගමේ...සරණ ගුණවර්ධන.. වගේ උදවිය... මුලින්ම ජනාධිපතිවරණයට එන වෙලේ බර ගණනින් මහින්ද අයියට මුදල් ආධාර කල හා පක්ෂය ඇතුලේ කම්මෝ ගෝ චිකාගෝ කියලා කතා කරපු අය තමා ඒ... ඒ කාලේ ඔය බම්බු සිරිසේන අයියා එහෙම හිටියේ නැට්ට දෙපරැන්දේ ගහං..දැන්නං ඉතිං උන්නැහෙත් ලොරි ටෝක් දෙනවා තමා.. ඒත් ඒ දවස්සල මහින්ද අයියා කොහොමද රිලේ එක දිව්වේ කියලා දන්න කියන අපිට ඔව්වා මතකයි... ඉතිං මැඩොංට බයේ අනිත් උන්දලා ඉන්න කාලේ නිර්මල කොතලාවල වගේම ඇස් ඇම් ගොයියත් මහින්ද අයියා වෙනුවෙන් සිරි සඝ බෝ රඟ දක්කපු උදවිය... එහෙම බැළුවම ඇස් ඇම් කාරයා අණ්ඩයා උනත් මහින්දට මෑන්ව නොසලකා හැරලත් බැහැ...
ඔහොමයි දෙපැත්තේ තත්තේ... ඒත් මෙතැන තියෙන වැදගත්ම දේ තමා බෝටි අයියගේ මස් රාත්තල ඉල්ලීමේ කලාව.. පේනවනේ මේ දවස්සල උන්දෑ දෙන ටෝක්... "මහ ඇමති කම නොදුන්නොත් මං පයිනවා අනිත් පැත්තට.." ඔන්න පොරගේ ටෝක... ආන්න ඒ ටෝක තමා මංතුමාට වැදගත් උනේ...
ඔන්න කවුරු කොහොම කිව්වත් ලංකාවේ තියෙන නියම දේසපාලන මෙව්වා එක...
ලංකාවේ මේ තියෙන සිස්ටොං එකේ බලේ ගන්න එකනං ටොයිස් වැඩක්... හරියට උවමනාවක් නැති හින්දා මිස රනිල් අයියට හෙට උනත් ආණ්ඩුව තමන් අතට ගතෑකි... ඒත් සතියක් ආණ්ඩුව වැටෙන්නේ නැති වෙන්න ගෙනියනවා කියන එකනං පස්ට අමාරු කේස් එකක්... ඇයි එහෙම වෙන්නේ... එහෙම වෙන්නේ ඔන්න ඔය කියන මස් රාත්තලේ කතාව හින්දා...
මට මතක ඇති කාලේ ඒ කියන්නේ පේරේමදාස අයියා රජකරන කාලේ ඉදන් මැඩොං රජ කරපු කාලෙත් තොණ්ඩමොංගේ කොංග්‍රසෙයි අස්සොරොප්ගේ කොංග්‍රසෙයි දෙකට ඕන හැටියට තමා ආණ්ඩු නැටුවේ... ඒකට ඒ දවස්සල මිනිස්සු කිව්වේ නැට්ට විසින් බල්ලා නැටවීම කියලා... මොකද උන් දෙගොල්ල පැත්ත මාරු කලොත් ඕන ආණ්ඩුවක් වැස්ටියෑකි... ඒත් මහින්ද අයියා ආවට පස්සේ තමා ඒ තත්තේ ටිකක් වෙනස් උනේ.. කොටින්ම මහ තොණ්ඩොමොංගේ මුණුපුරු තොංඩොමොංට "අන්න දොර ඇරලා යනවනං එහෙමයි ඉන්නවනං එහෙමයි" කියන තත්තෙට කතා කරන්න මහින්ද අයියට පුළුවන් උනා... හකීම්ට උනත් ඒ සංතෑසියම තමා...
හැබැයි දැන් ආයෙමත් හකීම් කාරයා අඩව් අල්ලනවා එහෙං මෙහෙං... දැක්කනේ නැගනහිර කේෂ් එක... ඇත්තටම එහෙම බලේ ගන්නවට වඩා මංනං කැමති උනේ ටී ඇන් ඒ එකටම පළාත් සභාව කරගෙන යන්න දීලා ටිකක් බලං ඉන්න එකට... පුළුවන්නං හකීම් එක්ක දීග කාලා පෙන්නන්න කියලා ටී ඇන් ඒ එකේ ලොක්කට කියලා බලං හිටියනං අවුරුද්දක් ඇතුලත වැඩේ තරම බලා ගන්න තිබුනා... ඒත් ඒක කොලේ නැහැ නෙව.. එහෙමත් නැත්තං යූ ඇන් පී එකේ දයා ගමගේට කතා කොරලා ගනිං මහ ඇමතිකම කියලා හවුලකට ගියානං ඒකත් ඔය හකීම් කාරයා එක්ක දීග කනවට වඩා දාහෙං සම්පතයි... රනිල් අයියයි තිස්ස ගිරවනායක අයියයි ඉන්නකල් එහෙම වැඩක් ඇති වැඩක් කරන්න ලේසි නැහැ නෙව... උන්දලා දෙන්නා නෙව සුළු ජාතික කිය කිය පිස්සු නටලා තමුන්ට හිටිය මහ ජාතියේ චන්ද ටික හෝදං යන්ට ඇරලා බලං ඉන්නේ... මං හිතන්නේ නැහැ මං ඔය කිව්ව ආකාරයේ හවුලකට නැගනහිරදී ගියානං යූ ඇන් පීයට චන්දේ දුන්න නැගෙනහිර මිනිස්සුවත් ඒකට අකමැති වෙයි කියලා... ඒකෙන් මේකෙන් යූ ඇන් පියට උනේ ජාතික මට්ටමේ උන්න දයා ගමගේ වගේ දේසපාලකයෙක් ආයෙම පළාත් මට්ටමට ඇදලා දාපු එක විතරයි... අපරාදේ අම්පාරේ චන්ද ටික...
ඉතිං ආයෙම ප්‍රධාන කතාවට ආවොත්... පේනවා නේද දැන් බෝටි අයියාගේ නාඩගම... උන්දෑ මේ කරන්නෙත් අර මං කලින් කිව්ව තොන්ඩොමොං අස්රොප් මොඩල් එකේ ගේමක්... "මට නුදුන්නොත් මං පයිනවා..." ඔච්චරයි කතාව... හැබැයි ඔය පොඩියට තිබුනට ඕක තමයි ආණ්ඩුව ඇතුලේ තියෙන හැබෑ කතාව... බෝටි අයියා විතරක් නෙවෙයි ඔය හුගාක් අයියලා ඉන්නේ ඔය මතේම තමා.. හෙට දෙන්නකෝ බලන්න මැරවින් අයියට පුකට පයින් පාරක්..අනිද්දා උදේ වෙනකොට මැරවින් අයියා නැද්ද කියලා බලන්න සිරිකොතේ මුරකාර අයියා ගේට්ටුව අරිනකල් පාරට වෙලා බලං... අනිත් අයියලත් බර ගාණක් ඔහොම තමා... අනික වැඩි හරියක් ඉන්නෙත් දෑත් සත්තිමත් කරන්න කියලා යූ ඇන්පියෙන් ආව උන්දලනේ... උන්දලා ඔක්කෝටම ඕන නැහැ එයින් එහෙකුට පස්සට පයින් දුන්න ගමන් අනිත් වාහෙලත් ඒ පහර තමුන්ට දුන්න සිග්නල් එකක් හැටියට බාර ගන්නවා ආයේ ඒකේ දෙකක් නැහැ... ඉතිං එහෙම තියෙනකල් මහින්ද අයියට ඕන හැටියට ඔය කියන තරමටම වංචාව දූසනය නැති කොරන්න ඇහැකිද...? හඳේ තමා ඉතිං...
අනික මෙහෙං එලෝන පරක්කුවට රනිල් අයියා බාර නොගෙන ඉන්නවද මෙහෙං පන්නන ඈයින්ව... මොන විකරද උන්දෑ මලුත් පුදලා ගන්නේ ඇතුලට... අද ඔය "අරූ හොරා මූ හොරා" කියලා කෑ ගැහුවට හෙට උදේට සිරිකොත ගාවට ආවොත් ඔය හොරු ඔක්කෝම නාවන්නෙත් නැතිව ගෙට ගන්නේ උන්දෑ... එතකොට ඔය දැන් මේවයේ හෝ ගාලා "අරකා මේකා හොරා" කියලා බයින උන්දලා රනිල්ට බනීද "හපෝ ඔය හොරු ගන්න එපා ඇතුලට " කියලා... වස්තරේ තමා.. ඔන්න එතකොට උන්දලා පටන් ගන්නවා පැන්න උන්දලගේ රෙදි අපුල්ලන්න...
වැඩිය ඕන නැහැ දැන් ඔය පස්ට යන්ට බැනුං අහන ඇස් බී සහ බන්ධුල ඩබල ගන්නකෝ... උන්දලා දෙන්නා හෙට පැන්නා කියමු විපස්සෙට... ආන්න එතකොට මොකද අපේ බුවාලා කියන්නේ...
"හප්පා ඇස් බී වගේ පරිණත දේශපාලන බුද්ධියකින් හෙබි නායකයෙක් තවත් ඉන්නවද රටේ..? එතකොට බන්ධුලගේ ආර්ථික විජ්ජා දැනුමට අබියෝග කල හැකි ගොබිලෙක් මේ ලෝක ධාතුවෙ වත් ඉන්නවද..?"
එදාට ඉතිං අපිට තියෙන්නේ ට්‍රයි කරලා කරලා කොහොම හරි පෂ්ෂ පැත්තෙන් හිනා වෙන්න තමා... ඔය වංගියක් විපස්සේ ඉඳලා බන්ධුල ගොයියා මේ පැත්තට පැනලා අර වෙළඳ ඇමටි කමද කොහේද අරං හෝ ගාලා අර සූත්තර මේ සූත්තර දදා බැනුං අහ අහ ඉන්න දවස්වලත් මං ඔහොම හිනා වෙන්ට සෑහෙන්න ට්‍රයි කොලා... ඇයි යකෝ මේකමනේ විපස්සේ ඉන්න කොට හෝ ගාලා ආර්ථික දර්ශන දැම්මේ අරක මෙහෙමහි මේක අරෙහෙමයි කිය කිය.. ඒත් මහින්ද අයියා මෑන්ටම අඩ ගහලා වැඩේ බාර දුන්නට පස්සේ මෑන්ට උන හරිය දැක්කම කාටද හිනා නොයන්නේ..? එව්වා තමා ආතල්ම වැඩ... දැන් අර ඒ වගේම කෑ ගහන හර්ෂ ගොයියටත් කතා කොරලා ඔය වගේ දෙයක් දෙන්න ඇහැකිනං ගන්න පුළුවන් ආතල් එක අච්චරයි මෙච්චරයි කියලා පමණ දක්කවන්න බැහැ පිංවතුනි ඈ...:D:D:D
ඉතිං ඔන්න ඔහොම තත්තයක් තියෙන සිරිලංකාවේ දේසපාලනය ගැන ලොරි ටෝක් නං දෙන්න බැරි කාටද..? කොහොම ටෝක් දුන්නත් බලේ ගත්තට පස්සේ ඔය කෝකත් එකයි.. අනික ඉතිං බලේ ගන්නෙත් හදෙන් ඇවිත් නෙවෙයිනේ..මේ අපි එක්කම ඉන්න උන්දලානේ... අපි නොදන්නවද අපේ උන්දලාගේ තරම... බලේ නැතිව ඉන්නකල් අවංකකම ගැන... පිරිසිදු කම ගැන කතා කරන කෝකා උනත් බලේ ගත්ත ගමන් කරන්නේ තමුන්ගේ ගෝනිය පුරෝන එක මිසක් වෙන දෙයක් නෙවෙයි... හා එහෙම නැතිව තමුන්ට කොරගන්නෙත් නැති... තමුන්ගේ හත්මුතු පරම්පරාවට කොරගන්නෙත් නැති.. තමන් යටතේ ඉන්න උන්ට පිල්ලි ගහන්න තියන්නෙත් නැති.. මලාට හොරයක් බොරුවක් වංචාවක් නොකරන... මේ රට හදන්නේ මෙහෙමයි කියලා පැහැදිලිව කියන්ට හැකි සහ ඒ කියන විදිය අවුලක් නැතිව කිරියාත්මක කොරන්ට ඇහැකි කොරමයක් වන අවංක දේසපාලඥයෙක් ඉන්නවනං එක නමක් කියමු බලන්න...
කණගාටුයි පින්වතුනි... මගේ දැනීමේ හැටියට එහෙම උන්නං නැහැ... මේ කොරමේ වෙනස් කරන්න ඔය තියෙන විදියෙන්නං බැහැ... මොකද මොකා ඒක කලත් එන්න වෙන්නේ චන්දෙන්නේ... කවුද ඉතිං තමුන්ට දෙයක් කොරලා දෙන්නේ නැති... තමුන්ගේ ළමයා හොර පාරෙන් ලොකු ඉස්කෝලෙකට දාගන්න තල්ලුවක් දෙන්නේ නැති... තමුන්ට ටෙන්ඩරයක් හොරාට පාස් කරලා දෙන්නේ නැති... සුදුසුකම් නොබලා ආයතනයක උසස් වීමක් දෙන්නේ නැති... තමුන්ගේ ළමයින්ට සුදුසුකම්වලට වඩා ඉහල රස්සාවක් දෙන්නේ නැති... තමුන් දැනට ඉන්න ආයතන වල කරගෙන යන හොර වංචාවලට ඉඩක් දෙන්නේ නැති එහෙකුට චන්දේ දෙන්නේ...?
එහෙම කරන පිස්සෝ ලංකාවේ ඉන්නවද... ඒකටත් කියන්න තියෙන්නේ මෑණියන්ගේ වස්තරේ කියලා තමයි... අපේ උන්දලා තමුන්ට කරන්න පුළුවන් ඔක්කෝම හොරකං කර කර අනිත් උන්ව හදන්න බණ කියන එවුවෝ වෙච්චි උන් පත් කරගන්නේ එහෙම නායකයෝ මිස අර තාම මෙලොවට පහල වෙලා නැති තුසිතයේ දිව සැප විදින බෝධිසත්ත නායකයින්වනං නෙවෙයි...
චන්දෙකින් ඒවා කරන්න බැහැ.. හැබැයි කරන වෙන විදියක්නං තියෙනවා... ඒකත් කියන්නද.. ඒ තමා විප්ලවේ... අර චන්ද නැතිව බලාත්කාරයෙන් ආණ්ඩුව අල්ලන කොරමේ... අර 71යි 89යි කොලේ.. ආන්න ඒක... හැබැයි ඒකෙන් මේක අල්ලන්න ඒකට මුල් කොර ගන්න පුළුවන් උන්දලා ගැන හිතන කොට ටිකක් හිනා යනවා නේද පින්වතුනි..?
හා දැන් තියේනං බාල්දි පනිට්ටු සබන් එහෙම අරං එන්ටලා... :D:D:D
:)
ReplyDeleteWisil ahuwa witharayi
ReplyDeleteමෙන්න මෙවුවටනේ අයියේ දේශපාලන විචාර කියන්නේ, සුපිරියටම ලියල තියනවා, ආය හොදන්න දෙයක් නෑ.
Deleteමේක ඔය පත්තර කතෘ කෙනෙක් දැක්කොත් දෙකක් නෑ උඹට දෙනවා තීරු ලිපියක් කරන්න "මාරයාගේ කොළම" කියලා. නරක නෑ නේ,
උඹ ඔතන නෙවෙයි මයෙ දෙයියො ඉන්න තිබ්බේ, හිටහන් ඔය අත්දෙක තවන්න කැවුම් ටිකක් හදන් එනකම්.
(මම දෙක වෙලා )
:) 3
ReplyDelete:) 4
ReplyDeleteහරි ... හරි .. මාරයියෙ. අපි ඉතිං ඔහේට කිව්වය ඒක එහෙම නෙවිය කියල. දාං බෝඩ් එකේ ඉත්තො දෙපැත්ත මාරුවෙනව වගේ ඔළුගෙඩි ටික පැත්ත මාරු වෙන එක විතරයි තමයි අපේ රටේ ආණ්ඩු මාරුවෙනකොට වෙන්නෙත්. අවසේස උන් ගැන කතා කරල වැඩක් නෑ, ඕකුන් ඔහොම්මයි. ඒ වුනාට අයියෙ, ලොකු අයියගෙ තියෙන්නෙ අමුතුම සිස්ටම් එකක්. මෙච්චර කාලෙකට හිටපු මොකෙක්වත් අත තියපු නැති හැම ලබ්බටම උන්දැ අතයි කකුලයි දෙකම තියල තියෙන්නෙ. පොඩ්ඩක් ඇස් ඇරල බලන්නකෝ උන්දැ කොයි තරම් වැරදි පූර්වාදර්ශ දීගෙන යනවද කියල. වැඩිය මොනවත් කියන්න ඕන නෑ, ඇස් තියෙන ඕන එකෙක්ට වෙන දේවල් පේනව. පරණ දේශපාලකයෙක් පත්තරේකට දීපු ඉන්ටවීව් එකකදි කියපු දෙයක් මෙතනට ඇඩ් කරන්නම්.
Delete“අපේ කාලෙ හිටිය දේශපාලකයො තක්කඩි හොරු, ඒත් දැන් ඉන්න එවුන්ට අලගුතියන්නවත් උන්ට බෑ“
වැඩක් කරන්නෙත් නැති කරන එකෙකුට කරන්න දෙන්නෙත් නැති හැම මගුලටම විරුද්දයි කියාගෙන ඉන්න අර රතුපාට මල්ලිලා ගැනත් කිව්වා නම් නියමයි. ඇත්තටම ප්‍රායෝගිකව කිසිම වැඩක් නොකර පොතේ තියරි වලින් කයිය ගහන එක කොච්චර ලේසිද ......
ReplyDeleteඅන්න කතාව :D
ReplyDeleteනියම පෝස්ට් එක මාරයෝ, සතියකට වතාවක් හරි මේ වගේ දෙයක් ලියනවනං අපූරුයි. බාල්දි පෙරලන්න, ඇනෝ පෝස්ට් දාලා මාරයට බනින්න හා නාවන්න මිනිස්සු හිටියත්, මේකෙ කිසි වැරැද්දක් නෑනෙ? එකම පක්ෂෙකට කොටුවෙලාම ඉන්න එකෙකුටනම් ඉතිං එහෙම හිතෙයි. ඒත් මම හිතන්නෙ මාරයා දකින හැටි හරි.
ReplyDeleteතව දෙයක්, එක වැඩි ඡන්දයකින් දිනුවොත් ඒක වලංගුයි, ඒත් මනාප සීයකින් විතර පැරදුනත් ඒක වලංගු නැත්තෙ ඇයි, පරාජය බාර ගන්නෙ නැත්තෙ ඇයි කියන එක තමා හිතාගන්න බැරි..
ඒ ශ්‍රී ලංකාවෙ හැටි වෙන්න ඕනෙ. :)
අද නං Quoting විතරයි... මොකද අමුතුවෙන් ඇතුලත් කරන්න කියලා දෙයටක් මට නං පේන්න නෑ.. ගෙදරට වෙලා වලං හෝදන මං වගේ ගෑණියෙක්ගේ හිතේ තියන විදියටම මේ ටික ලිව්ව එකට මාරයාට පිං.....
ReplyDelete////දැක්කනේ නැගනහිර කේෂ් එක... ඇත්තටම එහෙම බලේ ගන්නවට වඩා මංනං කැමති උනේ ටී ඇන් ඒ එකටම පළාත් සභාව කරගෙන යන්න දීලා ටිකක් බලං ඉන්න එකට... පුළුවන්නං හකීම් එක්ක දීග කාලා පෙන්නන්න කියලා ටී ඇන් ඒ එකේ ලොක්කට කියලා බලං හිටියනං අවුරුද්දක් ඇතුලත වැඩේ තරම බලා ගන්න තිබුනා..///
මාත් බලං උන්නේ මේක වෙයි කියලා...
////මේ රට හදන්නේ මෙහෙමයි කියලා පැහැදිලිව කියන්ට හැකි සහ ඒ කියන විදිය අවුලක් නැතිව කිරියාත්මක කොරන්ට ඇහැකි කොරමයක් වන අවංක දේසපාලඥයෙක් ඉන්නවනං එක නමක් කියමු බලන්න...
කණගාටුයි පින්වතුනි... මගේ දැනීමේ හැටියට එහෙම උන්නං නැහැ... මේ කොරමේ වෙනස් කරන්න ඔය තියෙන විදියෙන්නං බැහැ... /////
ඔය බණ තමයි මටත් කියන්න ඕනේ වෙලා තිබුනේ.... ඒත ඔය නං ගං සහ දේශපාලනේ ගැන මහා ලොකු දැනුමක් තේරුමක් නැති එකියක් විදියට මං කට ඇරියනං අමාරුවේ වැටෙන්න වෙන නිසා ලියන්න ගියේ නෑ ඇත්තටම....
මාරයියා දිගටම සිවුරෙ හිටියනං මේ ටික කියාගෙන ලක්ෂ ගානින් Views වැටෙන vou tube video එකක් කරන්න තිබුනා අම්මලා.... කොහෙද මූන්දැට සිවුර අතාරින්න හිතුනනේ....
උං ඕනේ ලබ්බක් කරගත්තට මටනං කිසි අවුලක් නැහැ.ඒත් ඒ යක්කු කොරන වැඩවලින් අපේ ජීවිතවලට බාදා වෙනකොට තමයි මළ පනින්නෙ.
ReplyDeleteකතාවනං පට්ට...
ReplyDeleteඅනේ මන්දා ඒත්...
++++++++++--
ReplyDeleteකියෙව්වෙමි. හිනා වුනෙමි.
ReplyDeleteටැග් එක තමා අපූරුම :-)
ReplyDeleteදන්න කෙනෙකුගේ ගෙදර මළ ගෙයක් වෙලා වතුපිටිවල ගියා. එතනදි මාරයාව මතක් වුණා. උව බලන්න මුලු ටවුම පුරාම ඇවිද්දා. ඒත් එහෙම එකෙක් ගැන එහේ කිසි එකෙක් දන්නේ නැ.මේ වන තුරු සයිබරයෙන් අඳුනගත් එකෙක්වත් මං හම්බවෙලා නැ. කතා කරල නෑ. ඉතින් හඳුනගන්න හිතාගෙනයි ගියේ. එහෙම එකෙක් එහෙ නම් නෑ.
ReplyDeleteකක්කුටු දිවයිනේ සමාජ යථාර්තය ඔය අපුරුවට කියල තියෙන්නේ
ReplyDelete:)
මාලපාරනේ
ReplyDeleteඅනික් අය ලියන ඒවා ගැන ෆැන්ටසියක ඉඳනුත් තර්ක දාලා සිඟිති ආතල් එකකුත් අරන් තියෙයි , ඒවා අමතක කරලා කාරණා කිහිපයක් කියන්න තියනවා
ReplyDelete01) තොණ්ඩාගේ පක්ෂේ දැන් කොහොමත් ඉස්සර බලේ නෑ , වතු ඡන්ද දෙකට තුනට කැඩිලා තියෙන්නේ , ඒ නිසාත් තුනෙන් දෙකකට වඩා ඉන්න නිසාත් ලෝක්කට බය වෙන්න දෙයක් නෑ
02) නැගෙනහිර ගැන කථාවට මාත් එකඟයි , දයාට මහ ඇමති කම දෙන්නම ඕනි නෑ සුලුතරයෙන් තියන ආණ්ඩුව පෙරලන්නේ නැති වෙන ගානට පොඩි එකඟතාවයක් දාගත්ත නම් හරි රනිල් එක්ක (කලු කෝපි කෝප්පෙක සාකච්ඡාවකින් ගොඩ දාගන්න තිබුනා ), හැබැයි ඉල්ලීම එන්න බලය තියන තැනින් , ආසන 4ක් විතරක් තියාගෙන යූඑන්පිය මොනව ඉල්ලන්නද ?
03) බර්ටි ලොක්කා පනිනවා කියලා නැ නෙව , පොර කියන්නේ තනතුරු නැතුව ඉන්නවා කියල නේද ? බර්ටි හොරා වුනත් අට පාස් ගම් බට්ටෙකුට දෙනවට වඩා බර්ටිටම දෙන එක හොඳා , බර්ටියා පනියි කියලා නම් මම හිතන්නේ නෑ , හැබැයි පැන්නොත් ඒක බරපතල තත්වයක්
04) එස්.බී බන්දුල හෝ වෙනත් කෙනෙක් කරන වැඩේ මිසක් පුද්ගලයා ගැන විවේචනයක් තිබිය යුතු නෑ(එස්.බී ගෙ හැකර කට ගැන නම් තියෙන්න පුලුවන් ) , එතකොට එස්.බී දැන් වගේ නාගන්නේ නැතුව වැඩ කරනවා නම් අගය කරන්නත් පුලුවන්
05) පක්ෂ මාරුව කවුරු කොහොම කලත් වැරදියි , එක පැත්තකින් ඡන්දේ අරන් අනිත් පැත්තේ වාඩි වෙන එක අසික්කිතයි , තමන් අදාල පක්ෂෙ වැඩවලට විරුද්ධ නම් පාරිලිමෙන්තුව ඇතුලේ ස්වාධීනව ඉඳලා ඊලඟට ඡන්දයක් එනකොට අනිත් පැත්තට ගිහින් ඒ පක්ෂෙ අයගෙන් ඡන්ද අරන් එන්න පුලුවන් නම් ඒක තමයි හරි ක්‍රමේ , පක්ෂයෙන් ගිහින් වෙනත් පක්ෂයක් හදාගන්න එක ඔය දෙක අතරමැද තියන වැඩක්
තව දෙයක් - බන්දුල ආර්ථික විද්‍යා ව පාවිච්චි කරේ නූල් සුත්තර පෙන්නන්න හර්ෂ ගෙ කථා ජනප්‍රිය දේශපාලන පොරොන්දු , හෝ ප්‍රකාශ නෙවෙයි , මාරයට ඒවා තේරුම් ගන්න බැරි නම් සොරිම තමා !
ReplyDeleteතවත් දෙයක් - ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ඍජුව තීරණය වෙන්නේ ජනාධිපති මත , ජනාධිපති ගේ , මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ , මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපත්ති අවුල් නම් , ආර්ථික විද්‍යාඥයෙකුට වෙලඳ ඇමති කම දුන්නාය කියල කරන්න පුලුවන් අමුතු දේකුත් නෑ
Deleteමේ දවස් වල ජාලෙට එන්නේ දවස් එකහමාරයි සතියටම,,සේරම පෝස්ට් කියෝලා දැම්මා ඔන්න,,, දේශපාලනය අපි නම් රනිල් අංකල්ට විතරමයි ජන්දෙ දෙන්නේ ඔය මොන කතා කිවුවත්...
ReplyDelete[භාගෙට] කියෙව්වා..!
ReplyDeleteපොල්පිත්තක් කැපුවම හැක බත් වේලක් උයා ගන්න
අපි මැරුනම් බෑ පින්වත දවස් හතක් තියාගන්න
එකග නැතත් මේ පෝස්ට් එකට මම කැමතියි. තම තමන්ගේ ෆිල්ටර් වලින් පෙරන්නෙ නැතුව ඔහේ ගලාගෙන යන්න ඉඩහරිනවනම්, ඕක තමයි ඇත්ත.
ReplyDeleteසාධු! සාධු! සාධු!
ReplyDelete//රනිල් අයියට හරි අපේ ෆොන්සේකා මහත්තයට හරි මුක්කුවක් ගහං උන්නනං මේ කරදර මොනවත් නැහැ අපිටත් හුරේ දාන්න හෙන සැට් එකක් හිටිනවා...//
ReplyDeleteකතාවට එකඟයි. මේ ආණ්ඩුවෙන් කරපු දේවල් කීපයක් තියෙනවා.
ReplyDeleteතුන්වෙනි බලවේගයක් නැති කිරීම.
* ඉස්සර උනේ සන්ධානේ 48%, යූ.එන්.පී. 46% විතර චන්දෙ ගත්තොත් 5% විතර චන්දෙ ගත්තු තොණ්ඩාට හරි හකීම්ට හරි ඕනි විදියට 45% විතර චන්දදායකයෝ අමතක කරන එක. එක නැති කලා.
* ජවිපෙ දෙකට කඩලා ජානිපෙ හැදුවා. ඉතුරු උන කෑල්ලත් කඩලා දැම්මා.
විපක්ෂයක් නැති කිරීම.
* රනිල් සජිත් පිල් දෙකකට කලා.
දැන් ඉතින් "ඒ කන්දත් අපේ තමයි, මේ කන්දත් අපේ තමයි". ඒත් කරට කර විපක්ෂයක් නැතිකොට ඉන්න එවුන් පුරුදු වෙන්නේ මොකක් කලත් එකයි කියලා ඉහගෙනම කන්න. අපිට කරදරයක් නැත්නම්, රටට කරදරයක් නැත්නම් රක්ෂණය, ශ්‍රී ලන්කන් එයාර් එක විතරක් නෙවෙයි ඕනි එකක් තියා ගත්තාවේ. ඒත් රටේ ආර්ථික මර්මස්ථාන ටික එක තැනකට ඒකරාශී වෙනකොට, කවදා හරි දවසක රාජපක්ෂ පවුල කඩා වැටුනම මුළු රටම වැටෙනවා ගොඩ එන්න බැරි විදියටම.
---------
ලංකාවේ දේශපාලනේට අනුව උදවු කරපු එකාට තැන දෙන්න ගියාම සුදුසුකම් නැති, මැරයෙක්, හොරෙක් පළාතටම ලොක්කා වෙනවා. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තමයි එතකොට.
දේශපාලනය කියන්නෙත් හරියට අර " මෙලෝ රහක් නැති පතෝල " වගේ දෙයක් නෙ...
ReplyDeleteමාරය මල්ලි බලාපොරොත්තු වුන තරමට කට්ට්ය තවම සබන්,බාල්දි, වතුර ගෙනත් නෑ වගෙයි නේද?
ReplyDeleteසාධාරන විග්‍රහය....
[[රනිල් අයියට හරි අපේ ෆොන්සේකා මහත්තයට හරි මුක්කුවක් ගහං උන්නනං මේ කරදර මොනවත් නැහැ අපිටත් හුරේ දාන්න හෙන සැට් එකක් හිටිනවා...]]
ReplyDeleteමමනම් ශ්‍රී රාවණ රජතුමාට මුක්කුවක් ගහගෙන ඉන්නෙ. ඒ නිසා ඇනෝලගෙන් කරදර අඩුයි. මුක්කුවක් කියන්නෙත් හෙළ වචනයක්. එහි පද නිරුක්තිය බැලුවොත්
මුක්=මුක්කම්
කු=කුහක
වක්=වක්තෘ
ඇනෝලා බ්ලොක් කරගනින් මාරයා වගේ එතකොට කරදර මොකුත්ම නෑ
Deleteමාරයගේ දේශපාලන දැක්ම මොනවා උනත් මේ කතාවට මං එකගයි. මහින්ද මහත්තයගේ වැරදි තියෙනවා, ඒක නැහැයි කියන්න බැහෑ. ඒකට 80%ක්ම වග කියන්න උන්දෑ වටේ ඉන්න ගොබිලෝ ටික. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට වෙන විකල්පයක් නැති එක. 'උන්නා හැටියට මලා මදැයි' කියන්නා වගේ අපිටත් වෙන්නේ මෙහෙමම ඉන්න තමයි
ReplyDelete20%ක් විතරක් වැරදි කියන්නේ එච්චරම ගාණක් නැනේ නේද ? අනික වටේට ඉන්න අය කරන වැරදි වලට මහින්ද මාමා මොනව කරන්නද ?
Deleteමාරයාණෙනි,
ReplyDeleteඅපි මේ යමින් ඉන්නේ අඳුරු කාලයකට [මම කතා කරන්නේ ලයිට් කපලා අඳුරේ ඉන්න එක ගැන නෙමෙයි]. ඉස්සරහට තව අඳුරු වේවි. ඉතාම වේගයෙන් රට ඩවුන්ද පල්ලම් යනවා.
ලංකාවේ වීරයෝ මැරිලා [හුටා..!]
උන් මැරෙන්න ගත්තේ පෘතුගීසි ලංකාවට ආපු කාළේ ඉදලා. ඊටපස්සේ ලන්දේසි ඉන්ග්‍රීසි එක්ක සටන් කොරන්න ගොහින්; 71, 88 පොල්පිති විප්ල්ව; 80 මුළ ඇතිවුන යුද්ධය නිසා සිංහල දෙමළ රටට ආදරය කරපු හොඳට ගට තියෙන රටට ආදරය කරපු "ඇල්පා මේල්ස්ලා" නැති වෙලා ගියා සහ ඕන කමින් නැති කෙරුවා [මේ ගැන "අන්සතු දිනපොත" බ්ලොග් එකේ ගිය "වීරයෝ මැරුන රටක නිදහස් අධ්‍යාපනය" ලිපියේ විස්තර කෙරෙනවා]
මහින්ද මාමි කියන්නේ ලංකාවේ ජන හදවත් හොඳින්ම කියවපු මනුස්සයා. එයාට තියෙන්නේ පට්ටම පට්ට පොලිටිකල් මොළයක් [ඒක තමන්ගේ බලය තබා ගැනීම ගැනීමට විතරක් භාවිතා කරන එකයි අවුල]. එයාට ලංකාවේ ඡන්දේ දෙන බහුතරයේ [රටේ බහුතරය සහ ඡන්දේ දාන බහුතරය වෙනස්. ටැබූ මේ ඡන්දේ දෙන බහුතරය ගැන සිරාවට ලියලා තිබ්බ මහින්ද මාමි දිනපු වෙලාවේ දාපු "ජැක්සන් ඇතනීලඟේ ජයග්‍රහණය සහ අපේ පරාජය" ලිපියේ] නාඩි රිද්මය හොඳට තේරෙනවා.
මාලක සිල්වා නාඩගම බලන්න.
1. මාලක ගිහින් මේජර්ගේ ඔළුව පලනවා
2. මාලක ධාතු වදින්න යනවා, නාමලුත් යනවා, හිරුණිකත් යනවා. පත්තර වලින් ඒකට පට්ට පබ්ලිසිටි එකක් දෙනවා
3. මාලක බාර වෙනවා
4. මාලක බඩු එක්ක ගත්තු ෆොටෝස්, එයාගේ කාර්, තව ගොන් පාර්ට් වල ෆොටෝස් එකම දවසේ ගොසිප් සයිට්ස් වල යනවා [උන්ට තේරෙන්නේ උන් කන්නේ ලණුවක් කියලා]
5. මේජර් කියනවා මාලක සහ රොහාන් ගැහුවේ නෑ කියලා
6. සංජීව බණ්ඩාරව අත් අඩංගුවට ගන්නවා
මේ සිද්ධි ටිකෙන් මහින්ද මාමි මිනිස්සුන්ගේ යටි හිතට සිරා මැසේජ් එකක් දෙනවා. "මම කරන්නේ මට ඕන දේ, හැබැයි රටේ තාම නීතිය තාම සමාන්‍ය මිනිස්සුන්ට තියෙනවා. ඒකනිසා උබලා වැඩිය නටන්න එපා". මිනිස්සුන්ට ඒක තේරෙනවා. ටික දවසක් කෑගගහා ඉන්න මිනිස්සුන්ට ඒක හිමීට ඔළුවට යනවා.
තව තියෙනවා කියන්න. කම්මැලි පස්සේ ලියන්නම්.
"හහ් ආ... කකුලට වෙන්න
හහ් ආ... ඔළුවට වෙන්න
හහ් ආ... ඉණටම වෙන්න
හහ් ආ... ඇඟටම වෙන්න
ඉර උඩ නටලා මොනවා හරි වෙන්න..."
ප.ලි: මෙච්චර ලියපු එකේ මේ ටිකත් ලියන්නම්. අවංකවම කිව්වොත් පුද්ගලිකව මහින්ද මාමි ඉන්න එක මට හොඳයි. අනිත් කාරණේ මම දැනට ඉන්නේ ලංකාවේ නෙමෙයි [ඇයි වදේ ලංකාවේ ඉන්න උඹලට මහින්ද මාමි හොඳනම් මේ අහක ඉන්න අපිට තියෙන අමාරුව මොකක්ද්ද..?]. ලංකාව එක්ක මගේ දැනට තියෙන්නේ ගණුදෙනු දෙකයි 1. මගේ අම්මයි තාත්තයි තාම ජීවත් වෙන්නේ ලංකාව වීම 2. නිදහස් අධ්‍යාපනය
"ඔයා නිසා හඬලා මගේ ඇසුත් රිදුනා
තරහා වෙලා හැරගියදා පාළුවේ උන්නේ...
වේදනා දැනුනේ...
ටුරුරු රු රු රු..."
අහ්..අමතක වුනානේ. කවුරු හරි කියන්න පුළුවන්,
Delete"ඇයි අපේ මහින්ද මාමි, එයා වීරයෙක්නේ..?" කියලා.
ආච්චිගේ රෙද්ද තමයි. මිනිහා තරම් බය ගුල්ලෙක් ලෝකෙවත් නැතුව ඇති. තුනෙන් දෙකක බලයක් තිබිලත් බයයි. ගස් වලට වදිනවා, ගල්වලට වදිනවා, බෝල කරකවනවා, කඩු හොයනවා.
හයියෝ මොකටද අප්පා ඔහොම ජීවත් වෙලා.
මේ ලඟදි අර සුමනදාස අබේගුණවර්ධනගේ ඉන්ටර්විව් එකක් කියෙව්වා, ඒකේ හැටියට පොර තමයි ආණ්ඩුව රන් කරන්නේ. මිනිහ කියන දවසට තමයි මැතිවරණ තියන්නේ, මිනිහා කියන දවසට තමයි පාර්ලිමේන්තුව විසුරවන්නේ.
මෙහෙමත් ගොන් රටක්..!
//"මම කරන්නේ මට ඕන දේ, හැබැයි රටේ තාම නීතිය තාම සමාන්‍ය මිනිස්සුන්ට තියෙනවා. ඒකනිසා උබලා වැඩිය නටන්න එපා"//
Delete:D
//මේ ලඟදි අර සුමනදාස අබේගුණවර්ධනගේ ඉන්ටර්විව් එකක් කියෙව්වා, ඒකේ හැටියට පොර තමයි ආණ්ඩුව රන් කරන්නේ. මිනිහ කියන දවසට තමයි මැතිවරණ තියන්නේ, මිනිහා කියන දවසට තමයි පාර්ලිමේන්තුව විසුරවන්නේ. //
අපී එහෙනම් මිනිහව ජනාධිපති කරමු , එක්කො නාකි සුමනෙට වඩා තරුණ මාරයා හොඳා සුමනෙගේ සාස්තරේ මිනිහත් දන්නව නෙව . අපි මාරයවම ජනාධිපති කරමු !
+++++++++++
Deleteමම දන්නා විදියට නම් මුන් දෙන්නම ලෝක අන්ඩයෝ.
ReplyDeleteතව දෙයක් ඇස්. එම්. චන්දරේ මහින්ද අයියට උදව් කල පලියට , එයාගේ මල්ලිට මහා ඇමටි කම දෙනවනම්, මහින්ද අයියත් අර හැමෝම වගේ තමා ගැන විතරක් හිතන , ජහ මනය ගැන නොහිතන කෙනෙක් බව පැහැදිලියි.
අනේ මන්ද උඹ තනියම නාපන් මලේ . මට නම් දැන් ඔය හැම එකාම පේන්න බැහැ . යුද්ධේ ඉවර වෙලා රට ටිකක් කෙලින් වෙයි කියල හිටිය . මේ ක්‍රමේ ම හරියන්නේ නැහැ . අපේ රටවල විප්ලව කරන්නත් බැහැ . අනික ඒ විප්ලව කල කාලේ ඉවරයි .. සිංගප්පුරුව වගේ කරන්න හදපු එකත් හබක් වුනානේ .කොමියුනිස්ට් දේශපාලනයක් වුනත් මෙහෙ ඉන්න ඇමති ලගේ අධ්‍යාපන සුදුසුකම් දැක්කම අපේ අය මතක් වෙලා දුක හිතෙනවා . දුෂණ නැතුව නෙමේ . ඒ වුනාට ගන්න රටට හොඳ තීරණ දැක්කම . අනෙක් අතට අපේ වගේ ප්රජාතන්ත්රවාදී , සමාජවාදී මෙව්වා එකක් තියෙන කොට එව්වා වගේ තීරණ ගන්නත් බැහැ .
ReplyDelete//අපේ වගේ ප්රජාතන්ත්රවාදී , සමාජවාදී මෙව්වා එකක් තියෙන කොට එව්වා වගේ තීරණ ගන්නත් බැහැ .//
Deleteයුරෝපය , ඇමරිකාව , කැනඩාව, දකුණු කොරියාව, ජපානය , ඕස්ට්‍රේලියාව, නවසිලන්තය , මේවායේ ප්රජාතන්ත්රවාදය උපරිමයෙන්ම තියාගෙන ඔය යස අපුරුවට තීරණ අරන් වැඩ කටයුතු කරගෙන යන්නේ
මන් කිව්වේ ඒ ප්රජාතන්ත්රවාදය ගැන නෙමේ බුවා අපේ එක ගැන . මෙච්චර පක්ෂ ගොඩකුයි ඇමතියෝ රැලකුයි එක්ක පාර්ලිමේන්තුවක් කොහෙද තියෙන්නේ .
Deleteඅපේ තියෙන්නේ ප්රජාතන්ත්රවාදයේ විකෘති ස්වරූපයක්නේ ,
Deleteලොක්ක පිරිසිදුයි. වටේ ඉන්න එවුන් තමයි ගම කන්නෙ! එහෙමද?
ReplyDeleteමම නං කියන්නෙ වටේ ඉන්න උදවිය එහෙමකට කන්නෙ නෑ. මාලක සිල්ව, දුමින්ද සිල්ව, මර්විය වගේ එවුන් ටිකක් කේස් දාගන්න එක හරි. ඒව නිවැරදි වියයුතු කේස්. නමුත් හෝටල්ගානෙ ගිහිල්ල ගුටි ඇනගන්නෙ නැති පුත්තු කරන වැඩ තමයි අපේ සර්වාංගෙට කෙලින්ම බලපාන්නෙ. කරුමෙ කියන්නෙ බහුතරයකට ඒව පේන්නෙ නෑ.
//නමුත් හෝටල්ගානෙ ගිහිල්ල ගුටි ඇනගන්නෙ නැති පුත්තු කරන වැඩ තමයි අපේ සර්වාංගෙට කෙලින්ම බලපාන්නෙ. කරුමෙ කියන්නෙ බහුතරයකට ඒව පේන්නෙ නෑ.//
Delete++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
වදින තැනකට වදින්න නියමෙට ලියලා තියෙනවා....
ReplyDeleteනියම පෝස්ට් එක මාරෙ අයියා... (මම මේ කල්පනා කලේ මේක කලින් අහුවුනේ නැත්තෙ මොකෑ කියලා )
ReplyDeleteලංකාවේ බිම් මට්ටමේ ඉන්න ඡන්දදායකයන්ගේ සීතුවිලි වල හැටි මාරයාගේ මේ පෝස්ට් එකෙන්ම පේනවා. මොනතරම් අමන වැඩ කළත් ආයෙත් ඒ ඒ අයම ඡන්දෙන් දිනන එක පුදුම වෙන්න දේකුත් නැහැ මේ දිහා බැලුවම.
ReplyDelete