කලින් ලිපියෙන් මං කිව්වනේ රංගිගේ මීයා කපපු කතාව... දැන් තමා ඔන්න රංගිගෙයි මගෙයි ඊ ළග කතාව ආරම්භ වෙන්නේ... එතකොට අපි ලොකු ළමයි... ලොකු කිව්වට ඉතිං ලොකුමත් නැහැ..හරියටම කිව්වොත් මං ඕ ලෙවල් කරලා ප්‍රතිඵල එනකල් ගෙදර ඉන්න කාලේ... ඒ කියන්නේ වයස අවුරුදු 16ක් 17 වගේනේ නේද..?
මං ඕ ලෙවල් කරනකොට රංගි ඒ ලෙවෙල් කරලා අහවරයි... හැබැයි විභාගේ කොට උඩ... ඒ හින්දා එයාත් ගෙදර... ඔන්න ඕක තමා මේ කතාව ආරම්භ උන කාලය...
අමුතුවෙන් කියන්න ඕනයෑ... ඕ ලෙවල් ලිව්වට පස්සේ කොල්ලෝ කියන්නේ ලණුව ලිහාපු හරක් වගේනේ... මමත් ඉතිං එයින් වැඩි වෙනසක් උනේ නැහැ... දහ අතේ ඇවිඳිනවා.. කීය කීය හරි හොයනවා... ඔහොම දවස් ගෙවීගෙන යනකොට මෙන්න අපේ මෑණීයන් වහන්සේ දවසක් මහ ගෙදර ගියා... මහ ගෙදර තියෙන්නේ ඉතිං අර මට හතුරුකං කරපු හාදයගේ ගෙවල් කිට්ටුව... ඉතිං මෑණියන් වහන්සේ තනියම ගියත් ආවේ තනියම නෙවෙයි... තව කෙනෙකුත් එක්කාසු කරගෙන..ඒ තමා මගේ නෑනා පොඩ්ඩ..රංගි...
කවදාවත් නැතිව රංගි විතරක් අපේ ගෙදර ආවේ මොකද කියලා මෑණියන් වහන්සේගෙන් විමසපුවාම උන්දෑ කිව්වේ අපූරු කතාවක්...
"ඒ පැත්තේ කොල්ලෙක් රංගි පස්සේ එන්න අරං මෙයාට පංතියකටවත් යන්න විදියක් නැහැ.. ඒ හින්දා සීයා (මෑණියන්ගේ පියාණෝ..) කිව්වා රංගිව ටික දවසක් මෙහෙ තියාගන්න කියලා.."
හා ඉතිං මගෙ මොකද... මොනවා උනත් නෑනා පොඩ්ඩනේ..එළවන්නයෑ... එහෙම හිතාගෙන මං නිකං හිටියත් වේලපහම මං නීති රීති මතක් කලා.. ඒ තමා කිසිම ආකාරයකින් මගේ වැඩවලට ඇඟිළි ගැසීම..මගේ කාමරයට යෑම ඒම තහනම්... ඒ නීතිය ඉතිං රංගිට විතරක් නෙවෙයි අපේ ගෙදර හැමෝටම පොදු නීතියක් ඒ දවස්වල... මං කොහේ හරි ගියත් යන්නේ කාමරේ වහලා යතුර අරං... මට හිතුනොත් තමා කාමරේ අස් කරන්නේ අතු ගාන්නේ.. එහෙම නැත්තං ඒක ඔහේ පාළු බංගලාව වගේ ඔහේ තියෙනවා... මගේ වැඩ මං තනියම කරගන්න පුරුදු වෙලා හිටිය හින්දා ආයේ කවුරුවත් ඕකට එබෙන්න උවමනාවක් තිබුනේ නැහැ. අනිත් එක එබෙන්න දීලා කොහොමද... කාමරේ බිත්ති පුරාම රවීනා තන්දන්..ජුහී චව්ලා..මධුරි ඩික්සිත්... අනූ අගර්වාල්..මම්තා කුල්කර්නිලා පදිංචි වෙලා...එහෙම එකට අරයට මෙයාට එබෙන්න දෙන්නේ කොහොමද..?
අනිත් වැදගත්ම නීතිය තමා රෑ නවයෙන් පස්සේ ටීවී බැලීම සම්බන්ධව...
ඔය කාලේ වෙනකොට මං කවදාවත් රෑ නවයට කලින් ටීවී බලනවා අඩුයි..ටී වී බලනවා තියා ගෙදර ඉන්නෙත් එහෙමත් දවසක තමා... හැම තැනම රස්තියාදු ගහලා රෑ නවයට කිට්ටු වෙන්න ගෙදර ඇවිත් එහෙමම ගේ පිටි පස්සට ගිහින් ෂවර් එක ඇර ගත්තා නෑවා ආවා..තියෙන දෙයක් බෙදා ගත්තා කෑවා... තව කවුරුවත් කන්න නැත්තං වළං ටිකත් හෝදලා දාලාම වැඩ අහවර කලා... එයින් පස්සේ කෙලින්ම ටීවී එක ළගට... ඒ කාලේ ඉතිං සිරස එකේ හිටු කියලා ඉංගිරිසී කතා යනවා සිංහලෙන් අකුරු දදා... එව්වත් හරි ජාති එව්වා... එයිට කලින් තිබුනු ජාතිකෙයි අයිටීඑන් එකෙයි වගේ නෙවෙයි හිටි හැටියේ කොටු කොටු දාන මට්ටමේ ඒවා... ඒත් ඉතිං හැම වෙලේම කොටු කොටුත් නැහැනේ... ඒ හින්දා කුල්මත් දෑසින් බලං ඉන්න ඇහැකි කතා තමා යන්නේ.. ඒ අතරට හින්දි චිත්‍රපටි...
අපරාදේ කියන්න බැහැ අපේ ගෙදර උදවිය නවෙන් පස්සේ දොයි... ඉතිං මට එයින් පස්සේ ටීවී එක ලියා දීලා වගේ තමා... සමහර විට තදබල රූපරාමු සහිත කතා යන දවස්වලට මං කෙලින්ම ටීවී එක රැක් එක පිටින්ම තල්ලු කරං යනවා කාමරේටම... නවෙන් පස්සේ මගේ උනාට නවයට කලින් මං ගෙදර අය බලන කිසිම වැඩසටහනකට බාධා කරන්න යන්නේ නැහැ... එයාලා බලන එකක් මටත් හිතුනොත් බලනවා... නැත්තං නිකං ඉන්නවා... අන්න ඒ හින්දා ඔය නීතියත් තදින්ම ක්‍රියාත්මක වෙන්න ඕන කියලා මං කල් ඇතිවම ප්‍රකාශ කලා...
ඔන්න දැන් නීති රීතී කියවා අවබෝධ කරවා දීලා ගිවිසුම් ප්‍රාකාරව රංගිත් සාමකාමීව ගෙදර ඉන්නවා... අම්මටත් දුවලා නැති හින්දා රංගිට බොහොම ආදරෙයි... මමයි මල්ලියි ගෙදර ඉන්නවා අඩු හින්දා දෙන්නත් එක්ක මළු ලිහාගෙන යහතින් ටික දවසක් ගෙවිලා ගියා... ඔන්න ඔහොම ඉද්දී තමා ගෙදර තත්වය ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තේ...
අපේ මල්ලිගේ වගේම මගෙත් පුරුද්දක් තිබුනා අම්මා දිග සැටියේ වාඩි වෙලා ඉන්නවනං දුවලා ගිහින් එකේ නිදාගෙන උකුලෙන් ඔළුව තියං ඔළුව අතගාව ගන්ට... ඉස්සර උන එකා දිනුං..අනිකට හුළං... ඔය වෙලාවට ඉතිං වැඩි වාසිය මල්ලිට... මං ගෙදර එන්න පරක්කු හින්දා හැමදාම මං එනකොට මල්ලි ස්ථානගත වෙලා ඉවරයි... ඉතිං ඔය සම්බන්ධව අවුල තියෙන කොට රංගි සිය කැමැත්තෙන් ඉදිරිපත් උනා මගේ ඔළුව අත ගාන්න...
දිග සැටිය මල්ලි අල්ලගන්න හින්දා මං පුරුදු වෙලා හිටියා ගෙදර තිබුන අඩි දෙකක් විතර පළල අඩි හතරක් විතර දිග මේසයක් වගේ හැඩයක් තිබුන ස්ටූල් එහෙක දිගෑදෙන්න..ඒකේ ඉහ පැත්තට ඇඳි පුටුවක් කිට්ටු කරලා කුෂන් ටිකක් දාගත්තම සාලේ මැද්දේ ඇඳක් හදා ගත්තා වගේ තමා...
ඔළුව අතගාවා ගැනීමේ තරඟයෙන් මල්ලි දිනලා මං ඥාව් වෙලා ඉන්කොට මෙන්න රංගි ඉදිරිපත් උනා...
"කෝ ඉන්නවා මං තමුසෙගේ ඔළුව අතගාන්න..."
හප්පද බව් බව්... හාකෝ... මල්ලි ටිකක් ඔරොප්පු උනාට මේ වැඩේට මටත් මොකද ඔළුව අතගෑවෙනවනං... ඒත් ඉතිං ටිකක් ගණන් උස්සලා තමා මං ඒකට ඉඩ දෙන්නේ...
"තමුසේ මගේ අම්මයෑ... ඔළුව අතගාන්න..."
"අම්මා මොකද නෑනා මොකද හප්පේ ලොකු මස්සිනා පොඩ්ඩගේ ලොකුකම..මෙන්න මෙහෙ එනවා" කියලා ඇඳලා අරං ඔන්න රංගි පටන් ගන්නවා මගේ ඔළුව මසාජ් කරන්න... හනෙ හප්පේ... ෂැප කනේ...
ඔන්න ඔහොම රංගි මාව ටික ටික ෂේප් කරගත්තා... මුලින් මුලින් වැඩි කතා බහක් නැතිව ගෑස් පිට හිටිය මං මොකාද එකා වගේ හීලෑ උනා කිව්වොත් තමා හරි...
ඔන්න දැන් ඉතිං ඔහොම ටික කලක් යද්දී අර නවයෙන් පස්සේ මට තනි අයිතියට ටීවී බැලීමත් නැති උනා... රංගි නිකංම ඒ නීතිය කඩලා දැම්මා... මටත් ඉතිං ඒ වෙනකොට වැඩි සද්දයක් දාන්න පුළුවන් කමක් තිබුනේ නැහැ.. මොකද නවය වෙනකල්ම ඔළුව අතගාවගෙන නවයෙන් පස්සේ එළවන්නයෑ...
අම්මලා අට හමාරට තියෙන කතා බලලා නවය වෙනකොට නින්දට යද්දී රංගි ඉතිරි වෙනවා මාත් එක්ක රෑට යන කතා බලන්න... ඔන්න ඔහොම ඉද්දී තමා අතිභයංකර දේ සිද්ධ වෙන්නේ... ඒ කියන්නේ 18+ කෑල්ල...
හා හා දෙකට කිස්ටුයි..තව ටිකෙන් මෙහෙට ලයිට් කපයි..එයිට කලින් මේක පෝස්ට් කරමු...
1
ReplyDeleteCommented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..එතකොට ඊලග කොටස 18+ එකක්ද?
Deleteලකී නිතරඟයෙන්...
Deleteඔව් ඒක එහෙම වෙන හැඩයි...
අපිට 18+ කෑල්ලත් දීපංකො විගහට.............
ReplyDeleteසික් ඉතරක් හෙව්වොත් එහෙම එකක් තමා...
Deletem,daapn ikanata 18+ marayooooooooooo
ReplyDeletemara 18+
යකෝ මුංදලට 18+ කිව්වම පුදුම උනන්දුවක් නෙව...
Deleteඅප්පට සිරි. ඉස්සෙල්ල ටීවී එක කාමරේ, දැන් ටීවී එකයි නෑනයි දෙන්නම කාමරේ. හොඳට තියෙන්න ඇති.
ReplyDeleteඅර ඉබ්බා ගෙට එන මොකක්ද එක වගේ නේද..?
Deleteමාරයාගේ නරක පැත්ත එළිදක්වන්නට වගේ හදන්නේ
ReplyDeleteහරියටම හරි...
Deleteයකෝ මාරයෝ, මේ බ්ලොග් පොඩි එව්වොත් බලනවා.....! (ඒත් විගහට දාපන් 18+ කෑල්ල )
ReplyDeleteදැන් කවුද පොඩි එකා..හනේ බොලවු තොපිලා හිච්චි කාලෙම අහවල් එකේ තෙල් ගාගෙන මොනවද කොරාපු එකේ මෙව්වා මොනවද..ඈ..?
Deleteඅය්යෝ රසවත් හරියටම එනකොටම කට් කරල :D
ReplyDeleteඕං මෙයාලත් හොයන දේවල්...
Deleteචිකේ අපිට ලැජ්ජයි ඕං
Deleteඔය කිවුවට මූට එහෙම 18+ වැඩකොරන්ට බැරිවෙන්ට ඇති.. මට පේන්නෙ නෑනා පොඩ්ඩ මූට වඩා අමාරුකාරියක් පාටයි..
ReplyDeleteපලි: මධුරි ඩික්සිත්, රවීනා ටන්ඩන්, මම්තා කුල්කර්නි, ජුහී චව්ලා..!! ඇයි බොල ඔය සෙට් එකේ පූජා භාත්, මනීශා කොයිරාල & දිව්‍යා භාරතී හිටියෙ නැද්ද? තෝව එල්ලන්ට ඕන එහෙම නැත්තං.. ;)
අඩේ හිටියා හිටියා..කවුරු නැතත් මනීෂා නංගිවයි පූජා නංගිවයි හලලා කොහොමද...?
Delete@ bura, ඒක් චෝටි සි ලව් ස්ටෝරි.
Deleteචෝරි චෝරි චුප්කේ චුප්කේ...
Delete:)
Deleteඒක කවදද දාන්නෙ, එදාට මේ පැත්තෙ එන්නෙ නෑ මම නං!:P
ReplyDeleteඅම්මපා කියහං...
Deleteනෑනා පොඩ්ඩ ඔළුව අතගාන්න ඇත්තේ යටි අරමුණක් හිතේ තියාගෙන විය යුතුය. මස්සනාට කියලා ලියුම් කරදහි එහෙම තිබ්බද දන්නේ නැ මාරු කරවන්න.. ඊළඟ කොටස කවදද නිකුත් කරන්නෙ???
ReplyDeleteබලමු මොකද උනේ කියලා ඊ ළඟ කොටසින්ම... වැඩිය පරක්කු කරන්නේ නැහැ දැන් ලිපි ටික එයි ෂිං ෂිං ගාලා...
Deleteචැක් මේ උලව් ලයිට්!
ReplyDelete:)
Deleteඉක්මනටම 18+ කැල්ලක් බලන්න පුළුවන් වෙයි වගේ.. මාරේ අය්යේ ඒ කෑල්ල පෙන්නුවේ ටීවී එකේද නැත්නම් උබලා දෙන්නද ?
ReplyDeleteබලමු ඊ ළඟ එකෙන්ම කොහොමද කියලා...
Deleteමාර මචෝ....... ඔය කියන්න හදන්නෙ උඹේ මේ බ්ලොග් එකට නම (මාරයාගේ හෝරාව) හැදුන හැටිද බං.....
ReplyDeleteඑහෙමමත් කියන්න බැහැ...
Deleteඊ ළඟ කොටසේ නෑන මස්සිනා ඩබල බලලා තියෙන්නේ TV එක නෙවෙයි , කන්නාඩියක් ළඟ ..
ReplyDeleteහික් හික්... එව්වා ඉස්සරහට...
Deleteතාම මෙයාලා අහුවෙනවානේ මෙයාගේ ගැට වලට......... බලං ඉන්න අන්තිමට කියයි මහජන බැංකුවේ එයිටීන් ප්ලස් ගිණුමක් ඕපන් කරලා දුන්නා රංගි අක්කා කියලා.... :D
ReplyDelete+++
Deleteහැබෑට ඒකත් ෂුවර් නෑ.....
Deleteඔන්න කිව්වා කතාවක්.. ෂික් ඉතරක්... එහෙමත් කරනවද මං...
Delete@රන්දිල් : 18+ තියෙන්නේ ලංකා බැංකුවේ. අපි(මහජන බැංකුව) ඔව්වට(18+) වලට සප් එක දෙන්නේ නෑනේ.
Deleteමාරයාගේ ලෝකය පුලුල් වීම නිසා දේශකයා යෝජනා කරන්නේ මාර වල් ක්‍රියා ලේබලය යටතේ ඉදිරිපත් කිරීම සුදුසු බවයි. 18+ ට අඩු අය මාරයා කොකටවු.
ReplyDeleteමාරයා එහෙම නෙමෙයි. ඔය මාර ගමන් ටික මෙන්න මේ ෆෝරම් එකට දාන්න. වැඩක් ගන්න අයට හරියට වටිනවා. ඩිංගං කොටලා බලන්න.
ලක් දසුන්
ලක් දසුන් එක දුවන්නේ කඩ්ඩෙන් නේද..? ඒකනේ අවුල...
Deleteමේකට වෙනම ලේබලයක් දාලා බැහැ මොකද මේ දුවන ජීවිතේ මගේ එකේම කෑලි තමා ඔය ටිකත්...
මෙයා හරියට ඉස්සර සතියකට සැරයක් ගිය නාට්ටියක් වගේ.... හොද තැනකට එනකං ඉදලා මතු සම්බන්ධයි දානවා...... ඉතිං ඉන්න ඕනේ ඊළඟ සතිය වෙනකම්.....
ReplyDeleteටීවී එකට දෙයියන්ගෙම පිහිටයි උනාද දන්නෑ.....
එහෙම නැතිව පුළුවන්ද අප්පා..ප්‍රේක්ෂක ජනතාවටත් හිතන්න යමක් තියන්න එපෑ... හා නැද්ද හොඳා...?
Deleteඅදනං උනේ ලයිට් කපන්න ආසන්න වීමම තමා... ටීවී එක අන්තිමට අපි දිහා බලං හිටියා කිව්වොත්...
කාමර වත් පිලිවෙත්නං අපරාදේ කියයන්න බෑ මං වගේමයි මාරයියා...
ReplyDeleteඅර 18+ එක අපි වගේ චූටි ළමයිංට කියවන්න පුළුවං වෙයි නේ????
චූටි ළමයි ඉතිං කියවන්නේම එව්වානේ...
Delete"තදබල රූපරාමු " මොනවද අප්ප ඒ
ReplyDeleteඑව්වා හරි සංකීර්ණ රූප රාමු මලයා...
Deleteඅනේ අම්මේ... මට එහෙම ඔහොම නෑනලා හිටියනම්..
ReplyDeleteඇයි ඔළුව මසාජ් කරගන්නද..?
Deleteලියන එකක් කොටු දාලා ලියන්ඩෝ.....
ReplyDeleteඑහෙනං ඉතිං ඊ ළඟ පෝස්ට් එක තනිකර කොටු රූල් කොළයක් වගේ වෙයි...
Deleteඉන්දියාවට ලයිට් දෙන්න කතා කොරලා දැන් දවස ගානෙ ලයිට් කපනවා.. මාරයියට හරියට පෝස්ට් එකක් දාගන්නත් නෑ..
ReplyDeleteමේකත් නිකන් අර කතා වගේනෙ..
ඒත් ඉතිං ලිපිය හරි හමන් තැනකින් කඩා ගන්නත් එකෙන් පොඩි පහසුවක් ආවා..
Delete(පෙරළුන පිටට වඩා ආයේ වෙන මොන පිටද හොඳ මං අහන්නේ..?)
කමෙන්ටුව නෑ වගේ..
ReplyDeleteකපපු මීයා වැවිලද බැලුවද?
කමෙන්ටුව තිබ්බා..ස්පෑම් ගොඩට ගිහිල්ලා..මේ දවස්වල මොනවා හරි අවුලක් හින්දා කමෙන්ට් දහයකට එකක් වගේ ස්පෑම්වලට යනවා..සැරෙන් සැරේට ගිහිල්ලා ඒවා ආයේ මේ පැත්තට දාන්න වෙනවා..මං හිතන්නේ බ්ලොගර් මාමාලාගේ අවුලක් වෙන්ට ඇති...
Deleteමීයා නේද...?
ෂි..හ්.. ඔහොම නෑනලා මටත් හිටියනං....
ReplyDeleteමන් ලියනවා මාර නෑනගේ හෝරාව....
මාරය්යේ වැඩිය පරක්කු නොකර 18+ කෑල්ල දාල හිටියනං.......
ඔහොම නෑනලා හිටියනං මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්නත් බැහැ...
Deleteඉතුරු කොටසට බලන්න මමත් එන්නේ නෑ. මම තාම හිච්චි එකානේ.
ReplyDeleteහොඳ ළමයෙක්...
Deleteමගේ කාමරේ සම්බන්ධ නීති රීතිත් එහෙම තමා. දොර වහලා යන්නේ නැති වුණත් අන් අය ඇතුළු වීම වගේ දේවල් සපුරා තහනම් :D
ReplyDeleteඑහෙම නැතිව කොහොමද මලයා අපේ භෞමික අඛණ්ඩතාවයද මොකක්ද කියන එක ආරස්සා කොරගන්නේ...
Deleteඔය අපි හිතන එක තියේ නම් බැරිය.. ඒකයි මේ මාර අයියා මේක මෙතනින් නවත්තල තියෙන්නේ..
ReplyDeleteසෝක් පුතෙක්.. කිසි කරදරයක් නෑ... වළනුත් හෝදනවා...
මමත් එහෙම කාමරයක් ගැන හීන මැව්වා... මොන....?
දැන් මොකක්ද සුදා මල්ලි හිතුව දේ..?
Deleteහොඳම හරියෙන් නවත්තලානේ මං මේ කමිසේ අත් දෙකත් නවාගෙන ඉතුරු ටික කියවන්න ලැස්ති වුනේ චැහැ
ReplyDeleteඅත්දෙක නවාගෙන අර අහවල් එකක් කරන්නද ලෑස්ති උනේ..?
Deleteane marayoooooooo kiyahankooooooooooo anek seen ekaaaaa
ReplyDeleteකියනවා කියනවා..නොකියා කොහොමෙයි...
Deleteඈහ්.... මේකට කමෙන්ට් එකක් දැම්මා වගේ මතක. දැන් නෑ නෙ. කමක් නෑ.
ReplyDeleteමේකට නෙවෙයි නිසූ..කලින් එකට වෙන්න ඕන...
Deleteඊලඟ කොටසත් බලලම මොනා හරි කියඤ්ඤං
ReplyDeleteහාකෝ හාකෝ...
Deleteඉතුරු ටිකත් ලිව්වනම් ලැයිට් ගිය වෙලාවේ කරුවලේම බලන්න තිබ්බා...පේන්නෙ නැති නිසා ලැජ්ජ හිතෙන්නෙත් නෑනෙ....
ReplyDeleteඒකත් හොඳ කොරමේ... අර සමහර අය බය හිතෙන ෆිල්ම් බලද්දී ඇස් දෙක අත් දෙකින් වහගෙන ඇඟිළි අස්සෙන් හොරෙන් බලන්නැහේ...
Deleteහොඳ වෙලාවට ලයිට් කපන්නේ.නැත්නම් අපි නරක් වෙනවා.!බොලා කොච්චර හොඳ උනත් අපි හිතන්නෙම නරක විදිහට නොවැ.
ReplyDeleteඇයි මාරෙ තවම ලයිට් කපනවද බං.
කපනවා කපනවා..තාමත් කපනවා.. ඒ ටයිම් එක අල්ලලා හොඳ නින්දක් දානවා...
Deletemata nam hithenne edath light kapalada kohedo
ReplyDeleteහපොයි නැත..එදා ලයිට් තිබුනා හොඳටම...
Deleteනෑනා ඔලුව ඇත මසාජ් කරද්දී නඩුව පැරදුනේ නැතෙයි ? හරි ශෝක් අම්මල.
ReplyDeleteනඩුව පරදින්නේ නැතිව... නඩුව පරාදයි එකෙන්ම...
Deleteමේ විදුලිබල මණ්ඩලෙ එවුන්ගේ @&%$#$
ReplyDeleteමාරයෝ ඉක්මනට ඉතුරු ටික ඕනේ ඈ
දෙඤ්ඤං දෙඤ්ඤං..නොදී කොහොමෙයි...
Deleteවැදගත්ම කොටස ඊළග එකනේ.. ඒක බලලම ඉමු... :)
ReplyDeleteහා හා...
Deleteහ්ම්ම්... ඊළඟ පොස්ට් එකට කෙල හලන් බලන් හිටියට මූ ලියන්නේ වෙන කුනුහබ්බයක් යකෝ !
ReplyDeleteමටත් නිකමට හිතෙනවා එහෙම වෙයිද කියලත්, මාරයා කට්ටියව ෆෝම් කරල තියෙන විදියට....
Deleteයකෝ මේ සරත් අයියලා වගේ නිවී සැනසුන උදවියත් හිතං ඉන්න දේවල් ඈ...
Deleteබය වෙන්න එපා මියුරු දෙනවා කිව්වොත් දෙනවම තමා..ආයේ ඉතිං බොරු පොරොන්දු නැහැ අපි ගාව...
දැන් නම් මාර කුතුහලයක් තියෙන්නේ අෆ්ෆා මේ ඉතුරු ටික අහගන්න...:D
ReplyDeleteආතල් කථාවක්නෙ දොරේ.... දාන්නකො සුනංගු නොවී ඊළග කෑල්ලත්...
ReplyDeletehoda welawata mata sinhala font penne ne.
ReplyDeleteHikz
කොල්ල සරමක් ඇඳක් හිටියානම් උඩින්ම හිතා ගත්තැකි වෙන දේ... ගැටළුව තියෙන්නේ ඊට පස්සේ වෙච්ච දේ..
ReplyDeleteඕනයා නිතරම කියන කතාවක් මතක් වුනා..
අන්ඩර් ද බුරිය...
ඒජ් ඊස් නොට් අ බැරියර්...
මාරයා වෙතටයි,
ReplyDeleteකතා කාර අපේ මාර මාරයා
කතාව මගකින් අහවර කොරලා
කස්ටිය එති බලති ඔරවති යති
සොයති සිත ඉල්ලන දේ..
ගැම්ම බහින්ට පෙර පොට්ට මීටරේ
දාපාං මාරෝ විගහට ලියලා
+18 මාරයා ලගදීම
ReplyDelete